 
				
				
 
				
				
ගර්භාෂ යුද්ධය | Garbasha Yuddaya
- Book Language : Sinhala
- Page Count : 144
- Book Author : Nimal Abeysinghe
- Book Publisher : Author Publication
ලංකාව දිගු කාලයක් තිස්සේ සංස්කෘතික දේශපාලනයක් ඉල්ලා සිටියත් ලංකාවට සෑම විටම අභ්‍යාස කරන්නට සිදු වූයේ සහ ශේෂ වූයේ අසංස්කෘතික දේශපාලනයකි. වෛද්‍ය සාෆි පිළිබද සිද්ධියේදී ද අසංස්කෘතික දේශපාලනය බල දේශපාලන උවමනාවක් වෙනුවෙන් තිරස්චීන ලෙස පරිහරණය වූයේය.
ප්‍රවීණ මාධ්‍යවේදී සහ මානව හිමිකම් ක්‍රියාධර නිමල් අබේසිංහ විසින් රචිත “ජාතිවාදය ඇවිස්සු ගර්හාස යුද්ධය” කෘතිය උක්ත කරුණ සාක්ෂි සහිතව ඔප්පු කරන අතර ලේඛකයා වෛද්‍ය සාෆි හරහා මතු වූ සමාජ කතිකාවත ප්‍රධාන සංරචක දෙකක් ඔස්සේ වර්ණිත කරනු දිසේ. පළමු වැන්න වන්නේ ඕනෑම කෘතියකට අවශ්‍ය කතාංග (anecdotal approach) ප්රවේශයයි. දෙවැන්න ලේඛකයා වෘත්තීයමය වශයෙන් නිමග්න ගවේෂණාත්මක ජනමාධ්‍ය (investigative journalism) ප්රවේශයයි.
කතාංග ප්‍රවේශය සඳහා ඔහු මෙම සිද්ධියේ අතීතය සහ වර්තමාන යථාර්ථය පිළිබඳව ලිවීමේදී ජාතක කතා සාහිත්‍යයේ න්‍යායික පරිකල්පන ලකුණ භාවිතා කරන අතර ගර්භාෂ යුද්ධයේ දේශපාලන දිශානතිය පිළිබඳ විමසීමේදී ජනමාධ්‍යයේ ගවේෂණශීලි ලකුණ අභ්‍යාස කරයි. සාෆි වෛදවරයා උධෘත කරගෙන සිංහල ජාතිවාදය විසින් ඇති කළ ගින්නෙන් සමස්ත සමාජයම පිළිස්සී යෑම මෙන්ම ඊට අනුබද්ධිත අගතිගාමී දේශපාලන රැල්ලට එ’ ගිණි ඉවහල් වූවා මිස තම අනෙකා පිළිබඳ එකී ප්‍රතිවිරෝධයෙන් සමාජ යහපතක් හෝ යුක්තියක් උදා වූයේ නැත.පුමාද වී හෝ එ’ ගිණි තුනී කළ යුතු බව තේරුම් ගත් සමාජයක් හැටියට සිංහල මහ ජාතිය මේ පිළිබඳව භාව විරේචනයක් කළ යුතුව ඇත. “ජාතිවාදය ඇවිස්සු ගර්භාෂ යුද්ධය ” කෘතිය මඟින් නිමල් අබේසිංහ එම වේදිකාව සිංහල සමාජයට තනා දී ඇති බවත් අවධාරණය කරයි.
Description
Related Books
ගාසා තීරයේ ජන ඝාතනය | Gasa theeraye jana gathanaya

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය | Sri Lanka’s Easter Sunday Massacre

Customer Reviews
More Like This


 
	 
	
 
   
 
		 
		 
		 
		
Reviews
Clear filtersThere are no reviews yet.