



කාන්තාවන්ට පමණයි | Kanthawanta Pamanai
- Book Language : Sinhala
- Page Count : 351
- Book Author : Saman Athaudahetti
- Book Publisher : surasa
පරිපූර්ණ ජීවිතයක් උදෙසා ගැහැනියකට අවශ්‍යම ද මිනිහෙක් ?
අඛිලන්ඩේශ්වරී, වයස අවුරුදු හතළිස් පහයි. ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපිකාරීනී. කිසි දිනෙක තමන්ට ම කියා ජීවිතයක් නොතිබුණු. සොයුරියාගේ, නැන්දණියගේ සහ පවුලට රැකවරණ සලසන්නියගේ භූමිකාව කරන්නට පැවරුණු ගැහැනියක්.
නමුදු වසේ වූයේ, සාම්ප්‍රදායික දෙමළ බ්‍රාහ්මණ වංශික ජීවිතයෙන් හා පෙර සඳහන් සියලු භූමිකාවන්ගෙන් මිදී, හුදෙකලාවෙන් සන්නද්ධව, මුහුද අද්දර පිහිටි කන්‍යා කුමාරී නගරය වෙත යන්නට කෝච්චි ටිකට්ටුවක් මිලදී ගන්නා තෙක් පමණයි.
කෝච්චියේ, කාන්තාවන්ට පමණක් වෙන් වූ අඟුළු ලෑ නිදන කුටිය තවත් ගැහැනුන් පස් දෙනෙක් හා බෙදා ගනිද්දී, ඔවුන් හඳුනා ගැනීමට අඛිලට ඉඩ කඩ සැලසෙනවා.
ජානකී, ආදරයට පාත්‍ර වූ බිරිඳ සහ අවුලට පත් වූ මව.
මාගරට් ශාන්ති; ඇයගේ අවශ්‍යතා හඳුනා ගැනීමට අසමත්, අසංවේදී මාන්නක්කාරයෙක් සහ අමු කවියක් වැනි පුරුෂයකු සමග විවාපත් රසායන විද්‍යා ගුරුවරීය.
ප්‍රභා දේවී; පිහිනුම් තටාකයක් නිසා ජීවිතය අලුත් මානයකට පා කර ගත්, පරිපූර්ණ දියණිය සහ බිරිඳ.
ශීලා, අනුනට නොතේරෙන දෑ සිය හැකියාව ඔස්සේ අවබෝධ කරගත් දහ හතර හැවිරිදි දැරීය.
මාරික් කොළොන්දු; එක් රාගී රැයක් මගින් විනාශ කර දැමූ අහිංසකත්වය.
ඔවුන්ගේ ජීවිත ගැන අසමින්, ඒ ඒ ජීවිතයන්හි අතිශය පුද්ගලික සිදුවීම් ගැන සිතමින්, අඛිලා සෙවූයේ ඇගේ ජීවිතයට ගැට ගැසී තිබුණු ගැටලුවට විසඳුමක්: ගැහැනියකට තනිකඩව සිටිමින් තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකි ද? නොසේනම්, පරිපූර්ණ ජීවිතයක් උදෙසා ගැහැනියකට අවශ්‍යම ද මිනිහෙක් ?
Reviews
Clear filtersThere are no reviews yet.