

කාල බන්ධන | Kala Bandana
- Book Language : Sinhala
- Page Count : 448
- Book Author : Lakshini Dilrukshi
- Book Publisher : Lakshi Publishers
අභිමන්ත්‍රාගේ කාමරය තුළ ඇය නොසිටි බැවින් මා වේගයෙන් තරප්පු පෙල බැස පහලට පැමිණෙන විටම මහා හඬක් නංවමින් අකුණක් පුපුරා ගිය අතර ඊටත් තත්පරයකට පමණ පසු මා හට ඇසුණේ සාරධා යටිගිරියෙන් නැගූ විලාප හඩකි.
ඒත් සමගම ඇය දෙසට දිව ගියේ සිදුවූයේ කුමක්දැයි සිතාගැනීමට නොහැකිවය. මා ඇය දෙසට කිට්ටු වූ විට දුටුවේ ඇය සුදුමැලි වූ මුහුණින් ගෙමිදුලේ කෙළවරක් දෙස බලා සිටින අයුරුය. නමුත් පැවති දැඩි අඳුර නිසාවෙන් එම ඉසව්වේ තිබූ කිසිවක් නොපෙනිණි.
“සාරා..” මා ඇය අමතන විට ඇය එක් අතකින් මාගේ අතින් අල්ලාගෙන අනෙක් අත දිගු කලේ ගෙමිදුලෙහි අදුරු කෙළවරක් දෙසටය. ඇය පෙන්වූ ඉසව්ව දෙස බැළුවද අදුර හා වර්ෂාව හේතුවෙන් මා හට කිසිවක් නොපෙනණි.
ඒත් සමගම නැවතත් උස් හඩින් අකුණක් පුපුරාගියේ පලාතම ඒකාලෝකමත් කරමිනි. එම ආලෝකයේ උදව්වෙන් මා හට ඇය පෙන්වූ ඉසව්ව පැහැදිලිව පෙනුණු අතර එවිට මා දුටු දසුන හේතුවෙන් මාද සාරධාගේ අත තද කොට අල්ලා ගත්තේ ඇය තවත් මා වෙත වාරු වන විටය.
මා දුටුවේ අභිමන්ත්‍රා වග මා හට හොඳින්ම විශ්වාසය. නමුත් අකුණෙහි ආලෝකයෙන් එක්වරම විශාල කළු පැහැති කොටියෙකුගේ ඡායාවක් ඇදී මැකී ගියේ යාන්තමින් පෙනෙණ නොපෙනෙණ මට්ටමට ය.
එම සත්ත්වයාගේ ස්වරූපය කොතරම් බිහිසුණු දැයි පැවසුවහොත් මා එම සත්වයාව දුටුවේ එක් නිමේෂයකට පමණක් වුවද එක්වරම ඇඳී මැකී ගිය එම ඡායාව දැකීමෙන් මා හට දැනුණේ කශේරුකාව ඔස්සේ විදුලි දහරාවක් ගමන් කරනවාක් මෙන් හැගීමකි. මොහොතින් ඇදී මැකී ගිය එම සත්වයා සිටි ස්ථානයේ ඉන්පසුව මා දුටුවේ ඇද හැලෙන මහා වර්ෂාව මධ්‍යයෙහි ඒ පිළිබඳ වගක් හෝ නොමැතිව සිටින අභිමන්ත්රාවය.
Description
Related Books
Customer Reviews
More Like This











Reviews
Clear filtersThere are no reviews yet.