THE LOST WORLD | සැගවුණු ලෝකය රු1,980.00
or 3 X රු600.00 with
Back to products
Wrapping Papers රු100.00
or 3 X රු600.00 with

අසහාරා | Asahara

හිටපු යුධ හමුදා විශේෂ බලකා නිලධාරී, විශේෂ බුද්ධි අංශ ඒජන්ත, ලුතිනන් කර්නල් රංග ජයවර්ධන යෙදී සිටින මෙහෙයුම අතරමඟ නතර කර ආපසු කැදවන, ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ විමර්ශන බියුරෝවේ අධ්‍යක්ෂකවරයා, ඔහුට නව මෙහෙයුමක් බොර දීමට කටයුතු කරයි. පාළු වනාන්තරයක් තුළ තිබී අහඹු ලෙස හමුවන, වෙඩි වැදීමෙන් මරණයට පත්, විදේශිකයෙකුගේ බවට සැක කරන මළසිරුරක් පිළිබඳ පරීක්ෂණයක් රාජ්‍ය බුද්ධි අංශය වෙත පැවරීම තරමක් අසාමාන්‍ය සිදුවීමකි.

එහෙත්, රටේ මර්මස්ථාන රැසක සිතියම් අතැතිව මියගොස් සිටින එම විදේශිකයා රටට ඇතුළු වී ඇත්තේ ව්‍යාජ හේතු දක්වමින් බව හෙළිවීමත් සමග, ඔහු කිසියක් ත්‍රස්ත ක්‍රියාවකට සැරසුණු අයෙක්ද යන සැකය, ඔහුගේ මරණය පසු පස හඹා යන රංග ප්‍රමුඛ බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම තුළ ඇති වේ. තමා සතුව ඇති සීමිත තොරතුරු පසුපස හඹා යන ශූර බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායම, දැඩි අභියෝග හමුවේ අවසානයේ හෙළිකර ගන්නේ අති බිහිසුණු රහසකි.

න්‍යෂ්ටික සහ රසායනික ත්‍රස්තවාදය මානව වර්ගයාට එරෙහිව යොදා ගැනීමට පිඹුරුපත් සකස් කරන කුරීරු, අශුද්ධ ආගමික කල්ලියක් හා බැඳුනු, ලෝක ඉතිහාසයට අඳුරු මතකයක් එක් කළ එක් බිහිසුණු අතීත සිදුවීමක පසු ක්‍රියාදාමයක් පිටුපස හඹායන හිටපු යුධ විරුවා සහ ඔහුගේ සගයින් පිරිස, බිහිසුණු ත්‍රස්තයන්ගේ ම්ලේච්ඡ අරමුණු ව්‍යර්ථ කර දැමීමට සමත් වනු ඇත්ද?

නැතහොත් අවසානයේදී අධර්මය ජය ගනීද?

රු1,800.00

or 3 X රු600.00 with

or 3 X රු 600.00 with Koko Koko

Description

Related Books

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “අසහාරා | Asahara”

Your email address will not be published. Required fields are marked *