ඔක්තෝබර් රුසියානු විප්ලවයේ කතාව | October rusiyanu viplawaye kathawa

1917 යනු වික්‍රමාන්විත ක්‍රියා, අපේක්ෂා, ද්‍රෝහිකම්, ඇදහිය නොහැකි අහම්බ සිදුවීම්, යුද ගැටුම් හා සටකපට කූට ප්‍රයෝග, අභීත භාවය, බියගුලුකම හා මුග්ධ භාවය, පුරසාරම, වීර්යය හා ශෝකාන්තය යන සියල්ල එකම දාමයක්ව බැඳුණු වීර කාව්‍යයකි; එය උන්නතිකාමයේ සහ වෙනස්වීමේ යුගයකි; එය ඇස් නිලංකාර කරවන ආලෝකයේ, ශක්තියේ, අඳුරු සෙවණැලිවල යුගයකි; එය මහාමාර්ග, දුම්රිය මාර්ග සහ දුම්රිය පිළිබඳ යුගයකි.

රුසියානු විප්ලවය ගැන අප කෙතෙක් නම් පොත් කියවා තිබේ ද? එසේ වුව ද ඒ විවාදාත්මක සිදුවීම් ජාලය පිළිබඳව ලියා ඇති අන් කවර පොතකට ද වඩා මේ කෘතිය සුවිශේෂී එකක් වන්නේ එය එම විප්ලවයේ අඳුරු අහුමුලු ද එළිය කරමින්, ඊට දායක සහ නායක වූ චරිත මැදහත් මනසකින් යුතුව විස්තර කරන නිසාම පමණක් නොවේ. ඒ සිදුවීම් මාලාව ශූර නවකථාකරුවකුගෙන් පමණක් බලාපොරොත්තු විය හැකි ආකාරයට පාඨක කුතුහලය ද අවුළුවමින් ඔහු ගොනු කරන විලාසය ද නිසාය. කුඩා දිය සීරාවක් ලෙස ඇරඹි ඔක්තෝබර් විප්ලවය නමැති මහෝඝය ඇළ, දොළ, දියකඳුරු, අතු ගංගා එකතු කර ගනිමින්, වන වදුලු, තුරු වදුලු, තැනි බිම් මැදින්, ගල් පර මතින් ගලා යන රඟ, අප හමුවේ නාටකීය ලෙසින් ඉදිරිපත් කරන ප්‍රබුද්ධ ශෛලිය ද නිසාය.

රු1,266.50

or 3 X රු422.17 with

Out of stock

Description

Related Books

Govipale Peraliya | ගොවිපලේ පෙරැළිය

රු225.00
or 3 installments of රු75.00 with

Wasara 7000ka Egypthuwa | වසර 7000ක ඊජිප්තුව

රු1,080.00
or 3 installments of රු360.00 with

සම්පිණ්ඩන-Sampindana

රු391.00
or 3 installments of රු130.33 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “ඔක්තෝබර් රුසියානු විප්ලවයේ කතාව | October rusiyanu viplawaye kathawa”

Your email address will not be published. Required fields are marked *