කොම්රේඩ් ලයනල් | Comrade Layanal

SKU 9789555045360 Category

මෙය තරුණයෙකුගේ කථාවකි. තරුණයෙකුගේ පමණක් නොව ජවිපෙ ක්‍රියාධරයෙකුගේද කථාවකි. එයටත් වඩා ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මග පෙන්වීමකට යටත්ව ජවිපෙ 2වැනි කැරැල්ලේදී එහි ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැගූ කැරලිකරුවෙකුගේ සත්‍ය කථාවකි.

මෙහි කථාවේ කථානායකයා ලයනල් රණසිංහය, ඔහු 1961 කුරුවිටදී ඉපිද හොරණ ජීවත් වූවෙකි. උසස් පෙළ හදාරමින් සිටියදී 1981 ජවිපෙට එක්විය. වෘත්තියෙන් හොරණ නගරයේ රටකජු වෙළෙන්දෙකි, පසුව 1986දී ජවිපෙ 2වැනි කැරැල්ලේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකුව ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකරලීමේ ජවිපෙ උපායමාර්ගික ගමන්මඟ අනුව එය ක්‍රියාවට නගමින් විජය කුමාරතුංග, කොළඹ සරසවියේ උප කුලපති, රහස් පොලිස් අධ්‍යක්ෂ සහ එජාප මහ ලේකම් ඇතුළු 41ක් ඝාතනය කළ අයෙකි.

ග්‍රන්ථයේ කතුවරයා වසර 1986 සිට 1990 දක්වා 60,000 ඝාතනය වූ ජවිපෙ 2වැනි කැරැල්ල පිළිබඳව සම්භාවනාවට පත්වූ ග්‍රන්ථ 2ක් සම්පාදනය කළ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මන් වික්‍රමරත්නය. ලයනල් උපන් සහ ජීවත්වූ නිවෙස්වලටද ඔහුගේ හිතවතුන් පමණක් නොව ලයනල් අත්අඩංගුවට ගත් සහ එම සිද්ධීන්වලට දායකවූ පොලිස් නිලධාරින්ද සොයා ගිය කතුවරයා ලයනල් විසින් ඝාතනය කරන ලද 41න් වැඩි පිරිසකගේ නිවෙස්වලට ගොස් එම පවුල්වල අයද හමුවිය.

මෙය ජවිපෙ 2වැනි කැරැල්ලේදී එයට එක්වූ ලයනල්ගේ පමණක් නොව ඉදිරිපෙළ සිටි ලයනල්ලාගේද කතාව විය හැකිය. මෙම ග්‍රන්ථය වර්තමානයට පමණක් නොව අනාගතයටද අලෝකය විහිදුවමින් ඝාතන සංස්කෘතියේ බිහිසුණු අන්ධකාරය දුරින් දුරු කරලීම සඳහා මානව දයාවට නැගූ උදාන ගීතයක් බඳුය.

රු810.00

or 3 X රු270.00 with

Out of stock

Description

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “කොම්රේඩ් ලයනල් | Comrade Layanal”

Your email address will not be published. Required fields are marked *