

නාසීන්ගේ නැගීම සහ බිඳවැටීම | Nasinge nageema saha bida wateema
- Book Publisher : Subhavi Publishers
ඔස්ට්‍ර්‍රියාවේ ධනවත් යුදෙව් පවුලක මෙහෙකාරියක ලෙස සේවය සළ මාර්තා නැමැති තරුණියක එහි යුදෙව් පවුලේ තරුණයකු අතින් දූෂණයට ලක්ව 1837 දී පුතකු වැදුවාය. ඔහු නමින් ඇලොයිස් නම් වූ අතර හෙතෙම ඇඩොල්ෆ් හිට්ලර්ගේ සීයා වූයේ ය.
ඇඩොල්ෆ් හිට්ලර් කුඩා කාලයේ ඉගෙනුම ලැබුවේ යුදෙව් සිසුන් සමඟිනි. එකල යුදෙව්වෝ යුරෝපය තුළ සමෘද්ධිමත් ජීවිත ගත කළේය. යුදෙව් සිසුන් හා සන්සන්දනය කිරීමේ දී හිට්ලර් ඉගෙනීමට ද පසුබට වූයේ ය. බුද්ධිමත් වූ ද, විශිෂ්ට වූ ද යුදෙව් සිසුන් සමග මානසික වශයෙන් හිට්ලර් විෂයෙහි ගැටුමක් නිර්මාණය වෙමින් පැවතියේය.
මෙකී හේතු කාරණා පසුකලෙක හිට්ලර් තුළ යුදෙව් විරෝධී පෞරුෂයක් ගොඩනැංවීමට හේතු වූයේ ය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ යුරෝපය පුරා යුදෙව් ජාතිකයින් ලක්ෂ හැටක් පමණ හිට්ලර් විසින් කුරිරු ලෙස ඝාතනය කරවීම ය.
හීනමානී මෙන්ම උන්මාදී පෞරුෂයකට හිමිකම් කියූ හිට්ලර් ස්වකීය ඉලක්ක ජයග්‍රහණය කරවනු සදහා ජර්මන් රාජ්‍යයේ බලයට ඉව ඇල්ලුවේ ය. ඉතා සියුම් කපටි ඥානයකින් හෙබි හෙතෙම උපක්‍රමශීලී ලෙස ජර්මනියේ බලය පැහැර ගත්තේ ය.
හිට්ලර් විසින් සිය දේශය ගලවාගනු ඇතැයි ඔවුහු විශ්වාස කළෝ ය. එහෙත් සමස්ත ජර්මන් ජනතාවගේ බලාපොරොත්තු බිඳ දමමින් හෙතෙම ජර්මනිය මතු නොව සමස්ත යුරෝපයම අමු සොහොනක් බවට පත් කළේ ය.
Description
Related Books
Jathyanthara Communistwadiya| ජාත්‍යන්තර කොමියුනිස්ට්වාදියා
රු260.00
Shreshta Octobar Viplawaya Newatha Kiyaweemak|ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය නැවත කියවීමක්
රු350.00
Customer Reviews
More Like This













Reviews
Clear filtersThere are no reviews yet.