

Awi Bimaka Giniyama | අවි බිමක ගිනියම
- Book Author : Sujith Chaminda Edirisinghe
- Book Publisher : Author Publication, කතෘ ප්රකාශන
“තැන තැන බිම වැටී ඇති ගස්ලබු ගෙඩි දකිත්ම කෝපුල් හීන්අප්පුගේ උත්සාහය පිළිබඳ සෙසු අයට පැහැදිලි විය. කුසගිනි නිවාගන්නට ඔහු දැරූ ප්‍රයත්නය ගස්ලබු ගසේ ඉහළ සිට පහළට රක්ත වර්ණයෙන් සටහන් වූයේය. භට නිවාසයට ඔසවාගෙන ගිය ඔහුගේ සිරුර ඒ වන විටද ගැහෙමින් තිබිණ. සහයට පැමිණි හෙලිකොප්ටරය ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ ගොඩබැස්සවීමට නොහැකි වූයෙන් ගුවනේ නොපෙනී යන අයුරු කොකාවිල්හි සෙබල බලා සිටියහ. ඒ වනවිටද ලූතිතන් අලදෙනිය හීන්අප්පුගේ සුරත තදින් අල්ලාගෙන සිටියේය. මද්දහනේ අව රශ්මිය භට නිවාසයේ වහල විනි දැනෙන්නට විය. අවසානයේ සියල්ල ගිනියම් වූ මොහොතක කෝපුල් හීන්අප්පු තම සීතල සිරුර පමණක් සහෝදර සගයන්ට ඉතිරි කළේය.”
“මැදියමට ආසන්නවත්ම කොකාවල් සටනෙහි තීරණාත්මක මොහොත එළැඹියේය. ඉතිසන් අලදෙනිය යළි මාන්කුලම් වෙත කතාකරන්නට විය. ඔහුගේ ස්වරය සහමුලින්ම වෙනස්ව තිබිණ. හෙතෙම බෙහෙත් කම්පනයට පත්ව සිටියේය. කඳවුරෙහි තිබූ සියලු වෙඩිදුව්‍ය ඒ වනවිට අවසන්ව තිබූ අතර බරපතල තත්ත්වයේ තුවාල ලැබුවෝ 16 දෙනෙක්ද ඔහු සමග සංඥා මැදිරිය තුළ වූහ. එක් පසෙක බංකර් සියල්ල ද ගිනි ගනිමින් තිබිණි. සතුරන් අවි අමෝරා කඳවුරට කඩා වදින්නට ආසන්නය. එළඹෙන මොහොත කුමන ආකාරයේ වන්නේදැයි ඔහුට සක්සුදක් සේ පැහැදිලිය. කඳවුර වටා තැන තැන හුදෙකලාව සටන් වදිග තම සෙබළුන්ගේ නිරර්ථක උත්සාහය ඔහු දුටුවේය. ජීවිත පිළිබද තවත් කිසියම් හෝ බලාපොරොත්තුවක් එකී සෑම මුහුණකම සටහන්ව තිබුණි.
https://youtu.be/SlAGfgExk2c
Description
Related Books
GINI AWI SAHA GINI KELI- DESHAPALANA DADAYAMA

Nogan Girihisa Nethin Iwathata – නොගන් ගිරිහිස නෙතින් ඉවතට

Customer Reviews
More Like This













Reviews
Clear filtersThere are no reviews yet.