jeevithaye oil pallam | ජීවිතයේ ඔයිල් පැල්ලම්

රු637.50

or 3 X රු212.50 with

or 3 X රු 212.50 with Koko Koko

Description

ලංකාව’ වටහා ගැනීමට වුවමනා නම් බයිං ඇන්ඩ් සෙලිං දෙස බලන්න.

ලංකාවේ රථවාහන සමග බැඳුණු බයිං ඇන්ඩ් සෙලිං ඇතුළු අනේකවිධ සේවා හා නිෂ්පාදන කර්මාන්ත ඔස්සේ ගොඩනැගී ඇති වෛවර්ණ සංස්කෘතිය තවමත් බොහෝ දෙනෙකුට හරියාකාරව ගෝචර වී ඇති බවක් නොපෙනේ. ඉඳහිටක පළවන පුවත්පත් වාර්තාවක පළවන හිතලුවක් (සහ දාර පචයක්) දෙකක් හැරෙන්නට, ඒ සංස්කෘතියේ වර්ණ රටා හසුකර ගන්නා යමක් ලියැවෙන්නේ කලාතුරකිනි. මේ සම්බන්ධයෙන් 2016 වසරේ සිට මා ගනිමින් සිටින උත්සාහය ගැන මගේ පාඨකයන් යම්තාක් දුරකට දන්නා නිසාත්, මීට පෙර මා පළ කළ පොත්පත් වල ඒ සම්බන්ධයෙන් ලියා ඇති නිසාත්, ඒවා නැවත මෙහි ලියා ඔබ වෙහෙස වන්නට අදහස් නොකරමි.

කෙසේ වුවත් තවමත් බොහෝ දෙනෙකු මේ සජීවී, සක්‍රීය සංස්කෘතික ලක්ෂණ දකින්නේ කාර්මික ඇසකින් පමණි. එහෙත් 2005 වසරේ සිට 2010 වසර දක්වා වාහන සමග සාමාන්‍ය මට්ටමින් ඔට්ටු වී, 2010 සිට ඉදිරියට මුළු හදවතින්ම ගුස්ති ඇල්ලූ මම, මේ සංස්කෘතික ලක්ෂණ ලංකාවේ පොදු ලක්ෂණ වන, වංගු ආර්ථිකය, තක්කඩි දේශපාලනය, සාමාන්‍යකරණය වූ ප්‍රචණ්ඩත්වය සහ කුහක ලිංගිකත්වය ආදිය සමග නිරන්තරයෙන් හැප්පෙමින් ‘පොලිෂ්’ වන ආකාරය මැනැවින් අත්වින්දෙමි; තවමත් අත්විඳිමින් සිටිමි.

ඒ ‘අත්විඳීම’ ඔබ සමග බෙදා ගන්නට ඇති හොඳම ක්‍රමය නවකතාව බවට මට කිසිම සැකයක් නොවීය.
මගේ ප්‍රථම නවකතාව වූ ‘වයර් පොටක සෞන්දර්යට උණුසුම් ප්‍රතිචාරයක් ලැබීමත් සමග, COVID- 19 වසංගතය හමුවේ එළඹුණු දීර්ඝ ලොක්ඩවුන් කරණය නිසා ලැබුණු විවේකයේදී, දශකයකට අධික කාලයක් පුරා මගේ මතකයේ එක පිට එක ගොඩගැසෙමින් තිබූ සිතිවිලි නවකතාවක් බවට හැරවීමට මට හැකි විය.

වාහන සහ ඒ හා බැඳුණු කර්මාන්තයන් සම්බන්ධයෙන් මට අත්දැකීම් ටොන් ගණනින් ලබා ගැනීමට මග පැදූ නහුතයක් මිනිසුන් ඇති බැවින්, ඔවුන්ට වෙන වෙනම ස්තූති කිරීමේ හැකියාවක් නැත. ඒ නිසා ඔවුන් හැම දෙනාටම පොදුවේ මගේ ස්තූතිය හිමි වේ. කෙසේ නමුත්, වාහන බලන්නට ගිය ගමන් වලදී මෙන්ම වාහන අලුත්වැඩියා කරගන්නට දැරූ උත්සාහයන් වලදී නොයෙක් ‘ජරා වැඩ ‘ කිරීමට උත්සාහ කළ සියලුම දෙනාට හදවතින්ම ස්තූතිවන්ත වෙමි. ඔවුන් තරම් මගේ ජීවිතය පෝෂණය කරන පිරිසක් තවත් නැත.

පැවතුණු තත්ත්වය හමුවේ පවා පොත ප්‍රකාශනය සඳහා ඉතාමත් උනන්දුවෙන් භාරගත් සහ ඒ වෙනුවෙන් බොහෝ වෙහෙසුණු සයුර ප්‍රකාශන සමාගමේ නිලන්ත ගමගේට මගේ විශේෂ ස්තූතිය පුද කරමි. ඊට අමතරව, පොතේ අනෙකුත් කටයුතු සඳහා නන් අයුරින් දායක වූ, හරේන්ද්‍ර යසස් ඇතුළු සියලු දෙනා මෙහිදී ආදරයෙන් සිහිපත් කළ යුතු ය.

දැනට එපමණකි….

තරිඳු ශ්‍රී ලොකුගමගේ

Related Books

Bohemiyan Daruwo / Bohemian Girls

රු630.00
or 3 installments of රු210.00 with

Colombo – කලම්බො

රු1,402.50
or 3 installments of රු467.50 with

කොලපාට ඇස් – kola paata as – May December Romance

රු1,360.00
or 3 installments of රු453.33 with

Customer Reviews

0 reviews
0
0
0
0
0

There are no reviews yet.

Be the first to review “jeevithaye oil pallam | ජීවිතයේ ඔයිල් පැල්ලම්”

Your email address will not be published. Required fields are marked *