Purusha Shakthiya Wardhana Widhi | පුරුෂ ශක්තිය වරධන විධි

පුරුෂ ශක්ති වර්ධන විධි 100 කින් සමන්විත මෙම කෘතියෙහි ඒවා ඖෂධ විධි. චර්යා විධි. මානසික විධි, අභිචාර විධි, උපචාර විධි. පාන විධි. ආහාර විධි වශයෙන් ප්‍රභේද කොට දක්වා ඇත.
දේශීය වෙදකම. ආහාර රටාව, සංස්කෘතිය හා බැඳී ඇති චර්යාවන්ට අනුරූපව ඒවා විග්‍රහ කොට ඇති අයුරු ප්‍රශස්ථය.
අඹු සැමියන් අතර පැවතිය යුතු අන්‍යෝන්‍ය සුහදතාවය ශක්තිමත් කරමින්. කාය බලයෙන් යුක්ත සෞඛ්‍ය සම්පන්න ක්‍රියාවලියකින්, ජීවිතය විඳිමින් එය ජය ගැනීමට මෙම කෘතිය මග පෙන්වා ඇත.

Niyatha Wiwaranaya | නියත විවරණය

රජයක් සිය රට වැසියන්ට සලකන ආකාරය ඒ ඒ රටවල ස්වෛරි කාර්යභාරයක් බවත් ඒ සම්බන්ධයෙන් අන් රටවලට ඇගිලි ගැසිය නොහැකි බවත් හිට්ලර්ගේ මානව විරෝධී අමානුෂික අපරාධ හෙළිදරව් වන තෙක් ම අන්තර්ජාතික දේශපාලනයේ මුල් බැසගත් මතයක් විය. ආයෝන්තම සමාජයක් ගොඩ නැගීම සඳහා හිට්ලර් සහ ඔහුගේ සහචරයෝ යුදෙව් ගැහැනුන්, ළමෙයින් හා මිනිසුන් හයලක්ෂයක් මරා දැමුහ. මේ සා සහාසික ජනඝාතයක් වැළැක්වීමට ලෝකයා අසමත් වුයේ ඇයි? රජයක් සිය රටවැසියන් සම්බන්ධයෙන් ගනු ලබන කිනම් ක්‍රියාමාර්ගයක් වුවද රටක අත්තනෝමතික ස්වෛර්යත්වය තෙ තීරණය කළ හැකිද? අවසාන විග්‍රහයේදී ඇත්ත වශයෙන්ම ස්වෛරී විය යුත්තේ රටද? නැතහොත් මනුෂ්‍යාත්මභාවයද?
දේශ දේශාන්තරයන්ගෙන් පැමිණි විශිෂ්ට පුද්ගලයන් කණ්ඩායමක්මිනිසා මනුෂ්‍යයෙකු  වන්නේ කවර අනුල්ලංඝනීය අයිතිවාසිකම් නිසාදැයි නිර්ණය කිරීම සඳහා දෙවැනි ලෝක මහා යුද්ධය අවසානයේ දෙවසරක් පුරා කතිකාවක් පැවැත්වූහ. ඔවුන්ගේ තර්ක විතර්ක, කේවල් කිරීම් පිළිබඳ අපූරු තොරතුරු පමණක් නොව ඔවුන් විසින් අනුදත් ඒ අයිතිවාසිකම් පිළිබඳව ගත වූ දශක හය තුළ ලෝක මතය හැඩගැස්වී ඇති අයුරු ගැනත් කළ දැනුවත් විමසුමකින්ද මේ පොත පොහොසත්ය. 

Sathuta Genadena Piyawara Ata | සතුට ගෙනදෙන පියවර අට

බුදුන් වහන්සේ ඉදිරිපත් කල ඉතා ගැඹුරු ඉගැන්වීමක් වන ආර්ය අෂ්ටාංගික මාර්‍ගය ගුණරතන හාමුදුරුවන් විමසා බලන්නේ දැඩි වෙහෙසක් දරමිනි.එකිනෙකක් ආර්ය සත්‍යක් පුහුණුව හා සම්බන්ද පැහැදිලි සුවිශේෂ යෝජනා සමග බැදුණු අරුත්බර නිදසුන් ගලපමින් ඉදිරිපත් කෙරෙන මේ පොත තෘප්තිමත් බවය අත්පත් කරගැනීමට බුදුන් වහන්සේ පෙන්වා  වදාළ මාර්ගය කෙරෙහි උනන්දුවක් දක්වන කාටත් ආශිරවාදයකි.

Okkoma Rajawaru? Okkoma Wesiyo? – ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ

මෙම කෘතිය රාජ්‍යය යන දේශපාලන සංකල්පය පිළිබදව ගැඹුරින් හැදින්වීමක් ලබා දීම පිණිස ය. උසස් අධ්‍යාපනය ලබන සිසුන්ටත් වෘත්තීය දේශපාලනඥයන්ටත් දේශපාලන වශයෙන් සවිඥානක පුරවැසියන්ටත් එකසේ ප්‍රයෝජනවත් කෘතියක් ලෙස මෙය හැදින්විය හැකිය.

Yathiwarayeku Se Sithanna – යතිවරයෙකු සේ සිතන්න

මෙය ඔබේ ජීවිතය වෙනස් කරන අපූරු ග්‍රන්ථයකි.වෙළෙඳපොළට නිකුත් වූ සැනින්ම ලොවපුරා මිනිසුන් මිලියන ගණනින් වැළඳගත් ජේ සෙත්ති විසින් රචිත මෙම ‘Think Like a Monk’ ග්‍රන්ථය වසර 2020 දී Amazon.com හා New York Times හි වැඩිම අලෙවියක් හිමි කරගත් පුද්ගල වර්ධන ග්‍රන්ථය බවට පත්විය.ජේ සෙත්ති තෙවසරක්ම භික්ෂුවක ලෙස මහණදම් පිරූවෙකි.සිතේ සාමකාමී බව වර්ධනය කිරීම හා ජීවිතයේ එදිනෙදා අරමුණ ජය ගැනීමට සිත පුහුණු කිරීමේ මඟ ජේ සෙත්ති විසින් ඔබට කියා දෙන්නේ තම යතිවර සමයේ හඳුනාගත් ජීවිතය වෙනස් කරන මූලධර්ම රැසකිනි.එහෙයින් මෙම ග්‍රන්ථයෙහි සඳහන් පුද්ගල වර්ධන මූලධර්ම ඔබේ ජීවිතය වෙනස් මඟකට යොමු කරවන්නකි.

Diyawadiyawata Vaiddyawarayek – දියවැඩියාවට වෛද්‍යවරයෙක්

දියවැඩියාව පිළිබඳව ලෝකයම මවිත කළ, සමීක්‍ෂණ සහ නව සොයාගැනීම් රාශියක් සිදු කළ, ලෝකප්‍රකට ජපානයේ ටෝකියෝ හි කොයියෝ විශ්වවිද්‍යාලයේ දියවැඩියා මධ්‍යස්ථානය භාරව කටයුතු කළ, ප්‍රවීණ මහාචාර්ය ඉසුමි ටකේයි සහ වෛද්‍ය චිරන්ත ජීවන් විසින් සම්පාදිත මෙම කෘතියේ දියවැඩියා රෝගය නිසි ලෙස හඳුනාගන්නා අයුරුත්, ඒ සඳහා නිසි උපදෙස් හා වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳවත් ඉතා සරලව ලිහිල් බසින් අදහස් දැක්වෙයි. නිසි අවබෝධය හා උපදෙස් නොමැතිකම නිසා දැනට සමාජයේ අතිශය බහුලව ව්‍යාප්ත වන මෙම රෝගය හේතුවෙන් ජීවිත අවදානමට ලක්වන විශාල රෝගීන් පිරිසකට මෙම විශේෂඥ මාර්ගෝපදේශ අත්පොත මහඟු අත්වැලක් සපයයි.