Showing 49–72 of 96 results
Price
Average rating
දේශපාලන - Political
Samajeeya Vidya Paryeshana Yojanavaliyak Liveema – සමාජීය විද්‍යා පර්යේෂණ යෝජනාවලියක් ලිවීම

SINGAPPURU KATHAWA – සිංගප්පුරු කතාව

ශ්රී ලංකාව දේශපාලන, ආර්ථික හා සංස්කෘතික වශයෙන් නිවහල් දේශයක් කරා යන ගමනක් ආරම්භ කැර ඇති මේ මොහොතේ, මෙරට ගැන ආදරයක් දක්වන සෑම දෙනා ම ලී ක්වාන් යූ ගේ ”සිංගප්පූරු කථාව” නමැති මෙම චරිතාපදානය අනිවාර්යයෙන් කියැවිය යුතු ය. මෙහි පිටපතක් ශ‍්‍රී ලංකාවේ සෑම පුස්තකාලයක ම තිබිය යුතු බව ද අවධාරණය කරනු කැමැත්තෙමි.
මහාචාර්ය වෝල්ටර් මාරසිංහ
Sri Lankawa : Ithihasaye Sabyathwaya | ශ්‍රී ලංකාව : ඉතිහාසයේ සභ්‍යත්වය

Thiyunu Asipathaka Sewana Yata / Mage Aragalaya

ඇය උපන්නේ සාමාන්‍ය ගැහැනු දරුවෙකුට හිමි සියලු සිහින උරුම කරගෙනය. එහෙත් ඇගේ තරුණ වියේදී උතුරේ ඇති වෙමින් තිබූ සමාජ දේශපාලනික වාතාවරණය විසින් ඇය බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය කරා තල්ලු කරනු ලැබූ අතර ඇය එල් ටී ටී ඊ සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන්නේ ඒ අනුවය.
Unge Sadacharaya Ha Apage Sadacharaya | උන්ගේ සදාචාරය සහ අපගේ සදාචාරය

Wawniya Aragalaya | වව්නියා අරගලය

1971 අප්‍රේල් 5 වැනි දා සිට අගෝස්තු 19 වැනි දා දක්වා සිදු වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම රාජ්‍ය විරෝධී නැඟිටීම පිළිබඳ මතක සටහන්
Yahapalanaye Deshapalana Darshanaya | යහපාලනයේ දේශපාලන දරශනය

යහපාලනය හා අයහපාලනය අතර වෙනස හඳුනා ගැනීමේදී ජනතා අවධානය යොමු විය යුතු මූලික ප්‍රශ්න පිලිබඳ පැහැදිලි විග්‍රහයක් මෙහි අඩංගු වේ. මෙම පොත රචනා කර තිබෙන්නේ විශේෂයෙන්ම, විෂය පිලිබඳ සාස්ත්‍රීය දැනීමක් නොමැති පාඨකයන්ට ඒ ගැන අවබෝධයක් ලබාදීමේ අරමුණ පෙරදැරි කරගෙනය. ඒ අනුව, පාරිභාෂික වචන භාවිතය හැකි තරම් අවම කර නිරවද්‍යතාවයට හානියක් නොවන පරිදි සරල භාෂා විලාශයකින් රචනා කර තිබේ.
yanki wiki haa api | යැංකි විකී හා අපි

යහපාලනයේ ප්‍රකාශිත හා අප්‍රකාශිත දේශපාලන හැගවුම් භෞතික යථාර්තයට ගෙන ඒම මෙම රචනාවල කේන්ද්‍රීය උපක්‍රමික තලය බව වටහා ගත හැක. එහිදී කතුවරයා දෘෂ්ටිවාදීමය ආස්ථානයන්ට වඩා ප්‍රමුඛත්වය ලබා දෙන්නේ ප්‍රායෝගික බල දේශපාලන ගැටළු කෙරෙහිය. එක් අතකින් සුළු ජාතීන් හා මහ ජාතිය වශයෙන් පවතින කේන්ද්‍රීය රාජ්‍ය මූලික ප්‍රවර්ගයන් පිළිකෙව් කරන අතර, බෞද්ධ ස්වෝත්තමවාදය” ට එරෙහි වෙයි. වත්මන් මොහොත තුළ විවාදා සම්පන්න “ගෝටාගමනය’ පිළිබදව සාරධාර්මික ප්‍රවේශයකින් යුක්තව විචාරයට එළඹෙයි. එය සෘජුවම දේශපාලනික සදාචාරිමය ප්‍රවේශයක් තුළින් ආඥාදායකත්වය පිළිබඳ බල ව්‍යුහයට එල්ල කෙරෙන විචාරීය – පරික්ෂාත්මක ප්‍රහාරයකි. අනෙක් අතට ජාතික හා ජාත්‍යන්තර දේශපාලන තලයන් අතර පවතින සියුම් ව්‍යුහාත්මක සබැදියාව ද නිරීක්ෂණයට මෙම රචනා තුළින් අවකාශය සළසා තිබෙයි.
ආචාර්ය අතුලසිරි සමරකෝන් විවෘත විශ්ව විද්‍යාලයය
ජේෂ්ඨ කථිකාචාර්ය
Yapanaya Amhiri Athithaya Duralima Saha Idiri Dakma Walada Ganima | යාපනය අමිහිරි අතීතය දුරලිම සහ ඉදිරි දැක්ම වැලද ගැනීම
රු530.00
මේ පොතේ ඇරඹුම් ලක්ෂ්‍යය වන්නේ 1960 ගණන් වල මැද භාගයේ යාපන දිස්ත්‍රික්කයේ රජයේ දිසාපතිවරයා ලෙස ජයවීරයන් ලද අත්දැකීම් ය යාපනය යනු නිදහස් ශ්‍රී ලංකාවේ සිංහල හා දෙමළ ජාතිකත්වයන් දෙක අතර දික්ගැස්සුණු ජනවාර්ගික ගැටුමක් පැවති ප්‍රධාන භූමිය විය. මේ ගැටුමේ දෝංකාරයන් තවමත් අප ජන ජීවිතය පුරා ඇසෙනු ඇත. 1963 සිට 1966 දක්වා යාපනය තුළ සිය ධුර කාලය පුරා ඔහු ලබා තිබුණු අත්දැකීම්, මෙහි දී ඔහු දිගු ජිවිත කාලයක් පුරා මනැසින් ස්පර්ශ කර තිබූ වෘතාන්තයක් ලෙස ස්ථායී පදනමක් ලබයි.
අධිරාජ්‍යවාදය – ධනවාදයේ ඉහලම අවධිය | Adhirajyawadaya – dhanawadaye ihalama awadhiya

අපට කෙළවුනේ ඇයි? | Apita kela une ai?

මුල සිට අගටත් අග සිට මුලටත් ආරෝහණ අවරෝහණ ක්‍රමයට ප්‍රත්‍යවේක්ෂා කරන විට අපට වෙච්ච දේ ගැන කලකිරීමක්, අසහනයක් ඇතිවෙයි. වසර 70ක් පමණ, නැතිනම් දශක හතක විමසුම් පිරික්සුම් අත්දැකීම් සමාජ සංස්කෘතික, දේශපාලනික, ආර්ථික සන්දර්භය ගැන වැටහෙන නුවණින් ක්‍රියා කළ ප්‍රේම් දිසානායක නොකැළැල්, නොවක් සිතුවිල්ලෙන් ‘අපට කෙළ වුණේ ඇයි?’ යන පොත රචනා කොට ශ්‍රී ලාංකික පාඨක සමාජයට ඉදිර්පත් කරනුයේ පටු ලාභ අරමුණු – පරමාර්ථ සාධනය කර ගැනීමට නොවෙයි.
‛රස ලෙස කීමට වඩා යස ලෙස කිරීම හොඳලු” Better to act well than to speak sweetly යන්න අපේ පැරැණි කියමනකි.
පීඩිත ජනයා වෙනුවෙන් සටන් කිරීම හොඳ මානව භක්තිය ඇති ලේඛකයකුගේ යුතුකමකි. පීඩිත ජනයා රැක ගැනීම සඳහා ආණ්ඩුකාරයන්, නිලධාරීන්, ධනවතුන් ඇතුළු ප්‍රජා පීඩකයන් නිර්භය ලෙස විවේචනය කළ යුතුය.
ප්‍රේම් දිසානායක නම් සංවේදී, ගුණ නුවණැති පුරවැසියා මේ පොතෙන් සිදු කොට ඇත්තේ එබඳු සමාජ සත්කාරයකි. ප්‍රජාචාරයකි.
“සූර ලේඛකයා අතෙහිදී භාෂාව ඉතා තියුණු අවියක් වෙයි. වියරණය වූ කලී ඒ අවියෙන් හරඹ කොට තමාගේ අභිමතාර්ථය මුදුන් පමුණුවා ගැනීම සඳහා ලේඛකයාට උපකාර වන විධි සමූහයකි. අනිත් හැම විධි, සිරිත්, නීති මෙන් වියරණ රීති ද මනුෂ්‍යයා තමාගේ වුවමනාවන් අනුව වෙනස් කරයි. ඉවත දමයි. බිඳියි. වියරණය ධාතු කරඬුවක් නොව අප එකිනෙකාගේ වුවමනාවන් අනුව නැමිය යුතු, තැලිය යුතු, බිඳිය යුතු උපකරණයකි.” වසර 75කට පෙර මාර්ටින් වික්‍රමසිංහ මහ ගත්කතුවරයාණෝ පැවසූහ.
ඒ අනුව මේ පොත කියවා බලා පැත්තකට දැමීමට නොවේ, තමන්ගේ යුතුකම, වගකීම යථාවාදීව තථාකාරීව ක්‍රියාත්මක කළා දැයි හිතාමතා වැඩ කටයුතු කිරීම සඳහා මේ මොහොත බව දැන ගැනීමටයි. නිදන්නට අවදිවී වැඩ කිරීමටයි.
ආර්ථික කුලී ඝාතකයෙකුගේ පාපොච්චාරණය – ARTHIKA KULI GATHAKAYEKUGE PAPOCHCHARANAYA

ඇඩොල්ෆ් හිට්ලර් | Adolf Hitler

අවසානයේදී ජර්මානු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් හිසට වෙඩි තබාගෙන සිය දිවි නසා ගත්තේය. බටහිර ජනමාධ්‍ය ඒ මරණයත් ඊට සාපේක්ෂව මිත්‍ර පාර්ශ්වයේ යුද ජයග්‍රහණයත් උත්සවාකාරයෙන් වාර්තා කළේය. ඒ වාර්තා නිසාම මිනිසුන්ට යුද්ධය එපා විය. ඒ අතර එම සමාජ දේශපාලන කලිකලහයට හුරු වූ අයද වූහ. සිය දිවි නසා ගැනීමට පෙර ඇඩොල්ෆ් හිට්ලර් ආර්යයන්ගේ ප්‍රතිරූපයෙන් ඔසවා තැබූ මහා ජර්මානු වාදයේ පුරාවෘත්තය සහ දේශපාලනය සම්බන්ධයෙන් සියලු බලාපොරොත්තු අත්හැර තිබුණු බව අවසානය දක්වාම ඔහුගේ සේවය අත් නොහැර ගිය කාර්යාලයීය ලේකම්වරියක් සඳහන් කරයි. කෙසේ වුව ඒ තත්ත්වය ගොඩනැගෙන්නේ සිය සේනාධිනායකයන්ගේ පසුගාමී හැසිරීම් සහ පාවාදීම් හමුවේය යන්න හිට්ලර්ගේම පිළිගැනීම විය. ඉරණම විසින් තමාගේ ගමන තීන්දු කොට ඇතැයි ජර්මානු ආඥාදායකයා සිය කාර්යාලයීය ලේකම්වරිය හමුවේ ප්‍රකාශ කොට තිබේ.
ඔක්තෝබර් රුසියානු විප්ලවයේ කතාව | October rusiyanu viplawaye kathawa

1917 යනු වික්‍රමාන්විත ක්‍රියා, අපේක්ෂා, ද්‍රෝහිකම්, ඇදහිය නොහැකි අහම්බ සිදුවීම්, යුද ගැටුම් හා සටකපට කූට ප්‍රයෝග, අභීත භාවය, බියගුලුකම හා මුග්ධ භාවය, පුරසාරම, වීර්යය හා ශෝකාන්තය යන සියල්ල එකම දාමයක්ව බැඳුණු වීර කාව්‍යයකි; එය උන්නතිකාමයේ සහ වෙනස්වීමේ යුගයකි; එය ඇස් නිලංකාර කරවන ආලෝකයේ, ශක්තියේ, අඳුරු සෙවණැලිවල යුගයකි; එය මහාමාර්ග, දුම්රිය මාර්ග සහ දුම්රිය පිළිබඳ යුගයකි.
කොල්ලකාරී ධනවාදයට එරෙහිව මාක්ස්වාදය | kollakari danawadayata erehiwa markswadaya

කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රය /kautilya artha shasthraya

ගිනි අවි සහ ගිනි කෙලි – පාතාල ලෝකයෙන් බිදක් | GINI AWI SAHA GINI KELI- PATHALA LOKAYEN BIDAK

තිස් වසරක දේශපාලනයෙන් බිදක් ( වෙළුම 1 ) | This Wasaraka Deshapalanayen Bindak Vol 1

ටී අන්ද්‍රාදි මහතාගේ 1964 සිට 1994 දක්වා වූ දේශපාලන ජිවිතයේ අත්දැකීම් ඇසුරින් ලියවී ඇත. මෙය පෞද්ගලික අත්දැකීම් පෙළක් වුවත් ලංකා දේශපාලන ඉතිහාසය මතින් ඇවිද යාමක් බදුය.