Showing all 2 results

අපරාධ - Crime, ත්‍රාසජනක - Suspense and Thriller, නවකතා - Novel, රහස් පරීක්ෂක සහ අබිරහස් - Detective and Mystery

දිස්පර‍යු | Disparue

රු1,575.00
or 3 X රු525.00 with

2019 වසරේ ජූනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය. තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදන්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය තාදි, ඒ අයුරින් අතුරුදන් විය.

තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද?

දින දෙකක් පුරාවට දිගහැරෙන, තාදි සොයා යාමේ මෙහෙයුමයි මේ… පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානී, නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම ‘තාදි සමරසිංහ අබිරහස‍’ කෙසේ විසඳනු ඇත්ද?

යක්ෂයා අපාගත වෙයි | Yakshaya Apagatha wei

රු1,190.00
or 3 X රු396.67 with

රසල් හා ඩැල්රින් ඉන්ග්‍රම් අඹු සැමියන් දෙදෙනාම රැකියා විරහිතය. එසේම ඉඳුම් හිටුම් පවා අහිමි වී යන අවස්ථාවක මැතිව් පීරිස් නම් පුජකවරයා විසින් රැකියා ලබාදී, වාසය සඳහා පූජක නිවසද ලබා දෙයි. ඔවුන්ට මුලින් හැඟුණේ එය වෙස්වලාගෙන පැමිණි ආශිර්වාදයක් විලසිනි. එහෙත් වැඩි කලක් ගත වීමට පෙර රසල් මුහුණ දෙන්නේ බරපතළ, එසේම මාරාන්තික රෝගයකටය. පූජකවරයා නොවන බව රසල් තේරුම් ගන්නා විට ඔහු ප්‍රමාද වූවා වැඩිය. ඔහු ගොදුරක් බවට පත්වෙයි.

පුරුද්දට මිනී මරන්නෝ එකකින් හෝ දෙකකින් එම පුරුද්ද නතර නොකරති. මෙවර මරණයට පත්වන්නේ පූජකවරයාගේම බිරිඳය. මේ සියල්ලම සිදු වන්නේ කොළඹ ප්‍රසිද්ධ පූජක නිවසක් තුළය. සමහර විට ප්‍රථම වතාවට මෙවැන්නක් මුළු ලෝකයෙන්ම සිදුවුයේ ශ්‍රී ලංකාවේ විය හැකිය. ඔවුන් මරණයට පත් කරන්නේ සූක්ෂම ආකාරයෙන්, සීතාගතනොහැකි, එමෙන්ම එකාකාර නොවූ අලුත් පන්නයකට නොවේද?