Showing all 2 results

Educational, Folk Story - ගැමි කතා, Literray, Religion, ඉතිහාසය - History, ඓතිහාසික ප්‍රබන්ධ - Historical Fiction, පරිසරය, පුරාණ ප්‍රවාද සහ ජන කතා - Mythology & Folk Tales, සංචාරක - Travel

ගම්මුලාදෑනි වතගොත | Gammuladani Wathagotha

රු1,440.00
or 3 X රු480.00 with

මහනුවර මහ දිසාපතිවරයා වන ඉන්දික උඩවත්ත මහතා විසින් රචිත “ගම්මුලාදෑනි වතගොත” නම් ග්‍රන්ථය ප්‍රාදේශීය පරිපාලනයට අදාළ වටිනා ඉතිහාසය අපට සිහිගන්වන මා හැඟි ග්‍රන්ථයකි. බොහෝ දෙනෙකු දැන නොසිටියත් ප්‍රාදේශීය පරිපාලනය නමින් වර්තමානයේ ද ක්‍රියාත්මක වන්නේ අපේ ශිෂ්ටාචාරය ආරම්භයේ සිට සහශ්‍ර ගණනාවක් තිස්සේ විකාශය වෙමින් පැවත එන පාලක ක්‍රමය වේ.

අතීතයේ සිට ගම පාලනය, නායකයෙකුගේ මූලිකත්වයෙන් සිදු වන්නට ඇත. බ්‍රිතාන්‍යයන් විසින් 1833 මුළු රටම කොටස් පහකට බෙදා ආණ්ඩුවේ ඒජන්තවරු පස්දෙනෙක් පත්කර ඔවුන් යටතට ඓතිහාසික ග්‍රාමීය හා ප්‍රාදේශීය පාලනය භාරදුන් අතර, මේ ග්‍රාමීය පාලනය මුළු රටේම එක් තනතුරු නාමයකින්, එනම් ගම්මුලාදෑනි තනතුරු නාමයෙන් සිදු කිරීම බ්‍රිතාන්‍ය පාලකයින් සිදුකළේ 1941 අංක 11 දරණ HEADMEN CHANGE OF DESIGNATION ORDINANCE නම් වූ නීතියෙනි. එමගින් ගම්මුලාදෑනි යන තනතුරු නාමය ගමටත්, ප්‍රාදේශීය ආදායම් නිලධාරි තනතුරු නාමය ප්‍රාදේශීයවත් හඳුන්වා දෙන ලදි. කතුවරයා මේ පොතෙන් සාකච්ඡා කරන්නේ මේ ගම්මුලාදෑනි භූමිකාව පිළිබඳවයි. ගම්මුලාදෑනි ක්‍රමයේ සිට ග්‍රාම නිලධාරි ක්‍රමය දක්වා විවිධ මාතෘකා යටතේ මෙකී තනතුර පිළිබඳව අංග සම්පූර්ණ විග්‍රහයක් කිරීමට කතුවරයා සමත්ව ඇත.

මේ අනුව “ගම්මුලාදෑනි වතගොත” නම් වූ මෙම ග්‍රන්ථය රටේ ප්‍රාදේශීය පාලන ව්‍යුහයේ ඉතා වැදගත්වූ මෙතෙක් කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ ක්ෂේත්‍රයක් පිළිබඳව අංග සම්පූර්ණව කෙරුණු විග්‍රහයක් බව සඳහන් කරන අතරම මේ විග්‍රහය මැනවින් සිදුකිරීම පිළිබඳව ඉන්දික උඩවත්ත මහතාට ස්තූති කිරීමට ද කැමැත්තෙමි. මේ මාහැඟි ග්‍රන්ථය ප්‍රාදේශීය පරිපාලනයේ නියුතුවන සෑම අයෙකුම කියවිය යුතු ග්‍රන්ථයක් බව ද සඳහන් කරමි.

සුනිල් කන්නන්ගර

අම්පාර, රත්නපුර හා කොළඹ හිටපු මහදිසාපති.

නුවරකලාවිය කෑඳෑකෝරළයේ ගැමි වෘතාන්ත | Nuwarakalaviya Kadakoralaye Gami Wruthantha

රු1,260.00
or 3 X රු420.00 with

විසිවන සියවසේ මැදභාගය තෙක්ම නුවරකලාවියේ උතුරුකරය ගැන කෙරි ඇත්තේ විධිමත් අධ්‍යයන කීපයක් පමණි. එම සියවසේම අවසාන දශක කිහිපය තුලදී ද යම් යම් අධ්‍යනයන් සිදුවී තිබීම ඉතා වැදගත් ය.

විසි එක්වන සියවසේ ආරම්භයත් සමග නව ලේඛක පරපුරක් බිහිවීමත් සමග ඔවුන්ගේ කුළුදුල් කෘති එළි දක්වමින් තම ලේඛන කාර්‍යයන් ඉදිරියට ගෙනයමින් සිටීම පැසසිය යුතුම ය.

පූජ්‍ය පිරප්පන්මඩුවේ පඤ්ඤාරතන හිමි සිංහල, පාලි, සංස්කෘත යන විෂයයන්ගේ ප්‍රවීණත්වයට පත්ව රාජකීය පණ්ඩිත උපාධිය ද සමත් වී, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ද, කැළණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ලබා තවද නිට්ටඹුව, සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව ද ලබා දැනට අ/කෑඳෑ කල්ලන්චිය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ධූරය දරයි.

උන්වහන්සේ විසින් වසර ගණනාවකදී ලැබූ අත්දැකීම් හා විවිධ අධ්‍යනයන් පරිශීලනය කිරීම ඇසුරෙන් රචනා කරන ලද මෙම ග්‍රන්ථය තුළින් නුවරකලාවියේ කෑඳෑකෝරලයේ ඓතිහාසික ගැමි සංස්කෘතියේ විවිධ පැතිකඩ ඔස්සේ කරන විවරණය අතිශයින් වැදගත් ය.