Showing all 8 results
Price
Pragathi
Ganitha Vinodaya | ගණිත විනෝදය

මෙම පොත කියවීම සදහා අංක ගණිතය හා මුලික ජ්‍යාමිතිය ඇතුළුව ගණිතය පිලිබඳ සුළු අවබෝධයක් පමණක් පාටකයට තිබිම සෑහේ. මෙහි එන ගැටළු සුළු සංඛ්‍යාවක් පමණක් විසදීමේ දී මුලික ගණිතමය සමීකරණ පිළියෙල කිරීමට හා ඒවා විසදීමට සිදු වේ. ඒ කෙසේ වෙතත් මෙම පොත මිශ්‍ර ප්‍රෙහේලිකා හා ගණිතමය ක්‍රීඩාවේ පැටළිලි සහගත සුත්‍රවල සිට,ගැනීමේ හා මිනීමේ ව්‍යවහාරික එමෙන්ම ප්‍රයෝජනවත් ක්‍රම දක්වා වූ විවිධ ආකාරයේ ගැටලුවලින් සමන්විතය
Peralu Nawum Pasa I – පෙරළූ නැවුම් පස I

”සහෝදරයාගේ පවුල හොඳ ගෑනියෙක් නොවෙයි.”
”මගේ පවුල ගැන සහෝදරයට තියෙන අමාරුව මොකක්ද?” යි මකාර් ඉවත බලාගෙන සෙමෙන් කීය.
”මට අමාරුවක් නැතිවට සහෝදරයට අමාරුවක් තියෙනවා. අද මම වෙන තැනකට යනවා. මට මේ වගේ දේවල් පෙන්නන්න බැහැ . සහෝදරයා වගේ වගකීමක් තියෙන ලොකු මිනිහෙක් ගෑනියෙක්ට යටත් වෙලයි ඉන්නේ. මට කිව්වා නේද තිමොපි පවුල තියාගෙන ඉන්නවය කියා. ?”
”මට කියන්නේ ගෑනිට ගහන්න කියලද?”
”ගහන්න ඕන නෑ . පාලනයක් තියෙන්න ඕනේ. මම කොමියුනිස්ට්කාරයකු වුණත් මට මේ වගේ දේවල් පෙන්නන්න බෑ …”
”සහෝදරයා කසාද බැඳලද?”
”නැහැ සහෝදරයාගේ පවුල දකිනකොට මට කසාද බඳින්න එපා වෙනවා.”
” තමාගේ බිරිඳ තමා සතු දේපොළ හැටියටද සලකන්නේ?”
Peralu Nawum Pasa II – පෙරළූ නැවුම් පස II

නින්ද යනවාත් සමගම ඔහුගේ ගති ගුණවලට එකඟව ඔහු තෘප්තියෙන් සිනාසුණේය.සොම්නසින් ඇස් කරකවා බලා නින්ද නමැති මීදුම්පටලය තුළින් කල්පණා කරන්නට විය.අද දුබ්ත්සොව්ගේ වාඩියේ කෑමට අළුත් බැටළු මස් තියෙන්න ඕනෑ. ඒ බව මගේ ඇටවලට දැනෙනවා.මට එකපාර මස් රාත්තල් හතරක් කන්න බැහැ. වැඩියි. රාත්තල් හතරක් කන්න පුළුවන් කිව්වෙ කල්පණා කරල නොවෙයි.අදහස් ප්‍රකාශ කරන්න ඉක්මන් උනා වැඩියි.රාත්තල් තුන හමාරක් නම් වැඩි නැහැ. ඇස් පිය ගහන්නෙ නැතිව කන්න පුළුවනි.මස් මේසයට ඇරල තිබුණොත් වරදින්නෙ නැහැ.ඒක කොහොම හරි සීයගෙ කටට යනව. ඒ ගැන සැක කරන්න දෙයක් නැහැ.