Showing 289–312 of 1380 results
Price
Shop
Padu Aba | පඩු අබා

පෙරවදන
ඉතිහාසය කියන්නේ මානව ශිෂ්ටාචාරයේ උරුමය. ඒක අතීත උරුමයක් නෙමෙයි අනාගත උරුමයක්.
නමුත් සනීභූත මේ ඉතිහාසය ලියැවී ඇති තැන්වලින් පෙළින් පෙළ කණින්න වෙනවා. ඒ වගේම නටඹුන්ව ඇති බිම් පෙදෙස් සළකුණු හොයමින් තව තවත් කණින්න වෙනවා. පාවිච්චි වෙන බස ඇතුළෙන් වදනින් වදන කණින්න වෙනවා චර්යා ජනශ්‍රැති ඇතුළෙන් තේරුම් හොයමින් තණින්න වෙනවා. ඉතිහාසය සැබවින් දිගහැරෙන්නේ මේ සියලු මංපෙත් එකට කණින කල පමණයි.
ඒ වගේම ඒ කැණීමේදී අපේ දෘදෘෂ්ඨිවාදයන් ඇතුළෙනුත් කණින්න
සිද්ධ වෙනවා. අපි දරණ මතිමතාන්තර අතර ගැටෙමින් කණින්න
සිද්ධ වෙනවා. අපේ වර්තමානය ඇතුළෙන් ගැඹුරට කණින්න සිද්ධ
වෙනවා.
ඉතිහාසය කියන්නෙ අතීතය නෙමෙයි. අනාගතයෙ ඉඳන් අතීතය කියවන ආකාරයයි.
අවාසනාවට ලංකාවේ අපිට මුණ ගැහෙන්නේ අතීතකාමීව අතීතය මතම වැළලෙන ඉතිහාස කියවීමක්. ඒ වෙනුවට අපි වර්තමානයේ දරණ අදහස්වල ඉතිහාසය සොයාගෙන ගියොත් අපිට මුණගැහෙනවා අනාගතය දක්වා වැටෙන ඉතිහාසයේ මාවතක්.
අපිට කියා දුන් රේඛීය ඉතිහාසයේ බොහෝ මංපෙත් වහලා දාලා තියෙනවා. සමහර විට මහාවංශයේ ලියවුණු තැන් පවා වසන් කරමින් ඉතිහාස කියවීම කරනවා. ඒ හැම වසන් කිරීමක් පිටුපසම දේශපාලනයක් තියෙනවා.
අපි අපේ පැරණි ඉතිහාසය කියවීමේදී ඒ රජවරුන්, බිසෝවරුන්, යක්ෂ, නාග, රාක්ෂ ආදී මිනිසුන් ආලය කළ හැටි, ශෘංගාරය විඳි හැටි, හැගීම් මත මෙහෙයවුණු හැටි අමතක කරනවා. ප්‍රකට ඉතිහාස සියවීමේදී අපිට මුණගැහෙන්නේ සෙ රණය කළ අතීතයක කාඩ්බෝඩ් මිනිස්සු.
නමුත් ශෘංගාර වංශයක කතාවක් වූ අපේ ඉතිහාසයෙන් සෙක්ස් ඉවත් වෙන්නේ අහම්බ මග හැරීමක් නිසා නෙමෙයි. ඒ වික්ටෝරියානු සහ ඉනුත් ඔබ්බට බ්‍රාහ්මණ දෘෂ්ටිවාදයන් කරන බලපෑමේ තරම කිසයි. අපි ඒ අභීත මිනිස්සුන්ගේ ජීවිත අපේ සදාචාරයෙන් කප්පාදු කරනවා.
සුජිත් අක්කරවත්ත එක ඉතිහාසයේ පරිච්ඡේද අතර ඇවිදින්න.
බුද්ධ ඉඩක් ලැබෙන්නෙ චරිත දිසානායක පටන් ගත්ත ව්‍යාපෘතියක්
හින්ද, ඒ ව්‍යාපෘතිය අතරමග නතර වෙනවා. ඒත් සුජිත් ඒ කියපු
ඉතිහාස කථා දිගින් දිගටම මට මතක් වෙනවා, ඒ ඉතිහාසයේ ඇතැම් පරිච්ඡේද සුජිත් එයාගෙ පොත්වල ලියනවා,
අපේ ජාන වංශයේ ඉතිහාසය පිළිවෙලින් සටහන් තැබූ ග්‍රන්ථයක් ගැටියෙන් අපිට උරුම වෙලා තියෙන මනා වංශය සුජින්ගේ අපූර්ව ඒක ශාස්ත්‍රීය, සාහිත්‍යමය හෝ විධිමත් එකක් කරනවා වෙනුවට කයිවාරුවක නිදහස ඇතුව, සීමා බැමි නැතුව, දිගින් දිගට කරගෙන යන වීඩියෝ පච්ජේද විදිහට සටහන් තැබීම ආරම්භ වෙන්නේ ඒ ආශාව නිසයි.
මේ පරිච්ඡේද අතර අපිට විවිධ රජවරුන් මුණගැහෙනවා. ද රජවරුන් විසින් කළ සුවිශේෂ දේ ඇසුරින් ඔවුන්ගේ සුවිශේෂ සිතීම මුණගැහෙනවා. ඒ දේවල් වර්තමානයේ අපි අත්විඳින තත්ව සමග අපූර්ව විදිහට සමපාත වෙනවා. මේ නිසා අපි තීරණය කළා මේ රජවරුන්ගේ පරිච්ඡේදයන් වෙන වෙනම් පොත් හැටියෙනුත් පළ කරන්න, වීඩියෝවක් නොබැලෙන අය අතරත් කතාබහ ඇති කරන්න.
මෙහි පළමු වෑයම විදිහට පණ්ඩුකාභය නොහොත් පඬුඅබා සිද්ධ වෙන්නෙ එහෙමයි. පණ්ඩුකාභය විසින් නිර්මාණය කළ අනුරාධපුර රාජ්‍යය අපි නැවත නැවත හැදෑරිය යුතු එකක්. විවිධත්වයට ඒ රාජයේ ඇතුලෙ දුන් ඉඩ විශ්මිතයි. කිසිවෙක් පිටමං නොවන රාජ්‍යයක් සියල්ලන් ඇතුළත් වෙන රාජ්‍යයක් පණ්ඩුකාභයට නිර්මාණය කරත්ත
අවශ්‍ය වෙනවා. එයා කාමයේ හැසිරෙනු පිණිස රාග දොවොලක් තනනවා. එහි විවෘතව එළි මහනේ රති කෙළියේ යෙදෙනවා. ලිංගයන් සහ යෝනි වන්දනාමාන කරනවා.
සියලු තොටමුන හරහා ලෝකයට විවෘත වෙළඳ පොලක් නිර්මාණය කරනවා බටහිර ග්‍රීසියෙන් පවා අපේ නගර සභාවලට නියෝජිතයන් පත් වෙනවා. අනුරාධපුරය ලෝක නගරයක් ලෙස නිර්මාණය කරනවා.
සිංහ. ශාක්‍ය, යක්ෂ සියලු ජාන මුහුව තැනෙන පඬු අබා ලංකා ඉතිහාසයේ සුවිශේෂ සංධිස්ථානයක් වෙනවා.
අපි අද අනුරාධපුරය කියලා දකින්නෙ පණ්ඩුකාභය විසින් නිර්මාණය කළ සියලු මිනිසුන්, සංස්කෘතීන් එකට මුහුවුණු. මේ මහා ගෝලීය නගරය නෙමෙයි. ඒ ලොතික නගරය යටපත් කරමින් ඉදිවුණු, ඒ මහා මිනිස් සංස්කෘතිය පූජා නගරයක් දක්වා පටු කළ වියළි නගරයක්. ඉතින් සුජිත් අක්කරවත්ත එක්ක අපි ඇත්තටම් කරන්නේ අනුරාධපුරයේ මේ ලෞකික නගරය යළි කැණීමක්.
චින්තන ධර්මදාස
Pannaraya | පන්නරය

Pasatahan Nethi Deviyo|පාසටහන් නැති දෙවියෝ

“ඔයාලගෙ ජනෙල් උස්සා ගන්න, සන්සුන් ව ඉන්න.”
“කොම්රාඩ්, ඇයි ඒ අයට එකතුවෙන්නේ නැත්තේ?” අම්මු වකෝගෙන් ඇසුවාය. “මම එළවන්නම්.”
චකෝ කිසිවක් නොකීවේය. ඔහුගේ හකුව පහළ මස් පිඬුවක් නැවුණේය. ඔහු සිය දුම්වැටිය විසිකොට කවුළුව වැසුවේය.
චකෝ, තමා මාක්ස්වාදියෙකැයි කියාගත්තෙකි. කම්හලේ වැඩ කළ ඇහැට කනට පෙනෙන ගැහැනුන් සිය කාමරයට කැඳවා කම්කරු අයිතිවාසිකම් හා වෘත්තිය සංගම් නීතිය පිළිබඳව දේශනා පවත්වන බව අඟවමින් ඔහු ඔවුන් සමග අනඟ කෙළියේ යෙදුණේය. ඔහු ඔවුන්ට ‘කොම්රාඩ්’ යැයි කතා කළේය. තමාට ද කොම්රාඩ්යැයි අමතන ලෙස තදින් ම කියා සිටියේය.
ඊට ඔවුහු මෝඩ ලෙස සිනාසුණහ.
Pasubata Weemata Kalak Nomatha | පසුබට විමට කලක් නොමැත

Pathme Palathen Hirikada Hamagena | පත්මේ පළාතෙන් හිරිකඩ හමාගෙන

පත් මේ පළාතෙන් හිරිකඩ හමාගෙන මිදුලේ වැටෙයි තෙත කඩමළු ඉරිගෙන
වැටකේ මලේ ගඟ පතුලට නැමීගෙන මැණිකේ නිදිද බලපන් හිත හදාගෙන
දුනුකේ මලයි මයෙ සක්විති විමානේ සුවඳේ ඉන්ට බෑ ගඟබඩ තුලානේ
දෙයියෝ අරන් ගිය දෝතළු පරාණේ කන්දේ පිපීයන් හඳ නැති කලාවේ
වැටකේ මලේ ගඟ පතුලට නැමීගෙන මැණිකේ නිදිද බලපන් හිත හදාගෙන
Peppermint | පෙපර් මින්ට් – Daily Love Dose

Daily Love Dose
මෙහි ඇති පරිවර්තිත සටහන් ද, මා විසින් ලියූ මගේම හදවතේ හැඟීම් ද යන සියල්ල ජීවිතයේ අඳුරුතම සෘතුවක වෙසෙන, නැවත ජීවිතයේ ආලෝකයක් සොයා ගැනීම උදෙසා vitamin, pain killers, antibiotic සහ energy boosters අවැසි සියල්ලන් වෙනුවෙනි.
Peppermint – Thought Notes
Pera Bhawayedi da Pem Kalemi | පෙර භවයේදී ද පෙම් කළෙමි

The Black Panther
Barbara Cartland
පෙර භවයේදී ද පෙම් කළෙමි
පරිවර්තනය එල් එස් එස් පතිරත්න
ග්වෙන්ඩොලින් ෂයක් ආර්යාව සර් ෆිලිප් චැලේ ප්‍රථම වරට හමුවන විට ඔහු අතිශය කඩවසම් බුද්ධිමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය. ඔහු දැකීමෙන් වික්ෂිප්ත බවට පත්වූ ඇයට දැනෙන්නට වූයේ අපූර්ව හුරු පුරුදු බවකි. එහෙත් ඇය මීට පෙර කිසිදින කිසිදු අවස්ථාවක ඔහු හමුව නොතිබිණි.
යාබද ගොඩනැගිලි දෙකක විනාඩි කීපයක් ඇතුළත සිදු වූ සර් ෆිලිප්ගේ එකම ආදරවන්තියගේ මරණය ග්වෙන්ඩොට්‍රින්ගේ උපත සමඟ කිසියම් ගුප්ත සබඳතාවයක් පැවතියේද? මේ අදහස හුදු අනුමානයක්ද? නැතහොත් එය ග්වෙන්ඩොලීන්ගේ කිසියම් පරිකල්පනයක් පමණක්ද?
මෙය පුනර්භවය පිළිබඳ කිසියම් ඉඟිකිරීමක්ද යන්න ප්‍රේම චමත්කාරයෙන් යුතු මේ කතාන්තරය තුළින් සොයාගත හැකිය.
Peralu Nawum Pasa I – පෙරළූ නැවුම් පස I

”සහෝදරයාගේ පවුල හොඳ ගෑනියෙක් නොවෙයි.”
”මගේ පවුල ගැන සහෝදරයට තියෙන අමාරුව මොකක්ද?” යි මකාර් ඉවත බලාගෙන සෙමෙන් කීය.
”මට අමාරුවක් නැතිවට සහෝදරයට අමාරුවක් තියෙනවා. අද මම වෙන තැනකට යනවා. මට මේ වගේ දේවල් පෙන්නන්න බැහැ . සහෝදරයා වගේ වගකීමක් තියෙන ලොකු මිනිහෙක් ගෑනියෙක්ට යටත් වෙලයි ඉන්නේ. මට කිව්වා නේද තිමොපි පවුල තියාගෙන ඉන්නවය කියා. ?”
”මට කියන්නේ ගෑනිට ගහන්න කියලද?”
”ගහන්න ඕන නෑ . පාලනයක් තියෙන්න ඕනේ. මම කොමියුනිස්ට්කාරයකු වුණත් මට මේ වගේ දේවල් පෙන්නන්න බෑ …”
”සහෝදරයා කසාද බැඳලද?”
”නැහැ සහෝදරයාගේ පවුල දකිනකොට මට කසාද බඳින්න එපා වෙනවා.”
” තමාගේ බිරිඳ තමා සතු දේපොළ හැටියටද සලකන්නේ?”
Peralu Nawum Pasa II – පෙරළූ නැවුම් පස II

නින්ද යනවාත් සමගම ඔහුගේ ගති ගුණවලට එකඟව ඔහු තෘප්තියෙන් සිනාසුණේය.සොම්නසින් ඇස් කරකවා බලා නින්ද නමැති මීදුම්පටලය තුළින් කල්පණා කරන්නට විය.අද දුබ්ත්සොව්ගේ වාඩියේ කෑමට අළුත් බැටළු මස් තියෙන්න ඕනෑ. ඒ බව මගේ ඇටවලට දැනෙනවා.මට එකපාර මස් රාත්තල් හතරක් කන්න බැහැ. වැඩියි. රාත්තල් හතරක් කන්න පුළුවන් කිව්වෙ කල්පණා කරල නොවෙයි.අදහස් ප්‍රකාශ කරන්න ඉක්මන් උනා වැඩියි.රාත්තල් තුන හමාරක් නම් වැඩි නැහැ. ඇස් පිය ගහන්නෙ නැතිව කන්න පුළුවනි.මස් මේසයට ඇරල තිබුණොත් වරදින්නෙ නැහැ.ඒක කොහොම හරි සීයගෙ කටට යනව. ඒ ගැන සැක කරන්න දෙයක් නැහැ.
Piyasi Kawuluva – පියැසි කවුළුව

“මම මේ විදිහට ජීවත් වෙන්නෙ මම ඒකට කැමති නිසා. මම මෙහෙම ජීවත් වෙන්නෙ වෙනත් විදිහකට මම ජීවත් වෙන්න අකමැති නිසා. අනිත් මිනිස්සු ජීවිතය කියලා තේරුම් ගන්න දේ ගැන මට කිසිම වටිනාකමක් දැනෙන්නෙ නැහැ. මට උගුලකට අහුවෙන්න ඕන නැහැ. ජීවිතය කියන්නේ අඬුබඬු මහ ගොන්නක් තියෙන බූවල්ලෙක්. ඌට මිනිහෙක්ව හිර කර ගන්න ඕනෑ වෙන්නේ ඒ අඬුබඬුවලින් එකක් විතරයි. මාව හිර වෙන්නයි හදන්නෙ කියලා දැනුණ මුල් අවස්ථාවෙම මම ඒ අඬු කපලා දානවා. සමහර වෙලාවට ඒක හරිම වේදනාකාරියි. ඒත් වෙන කරන්න දෙයක් නැහැ. ඔබට මම කියන දේ තේරෙනවද?”
පියැසි කවුළුව- Skylight ( පිටුව113)
ජොසේ සරමාගෝ
පරිවර්තනය – සුභාෂිනී චතුරිකා
Piyasi kawuluwa – පියැසි කවුළුව

2011 ස්වර්ණ පුස්තක සහ ගොඩගේ සාහිත්‍ය සම්මාන අවසන් වටය සඳහා නිර්දේශිත වූ 2011 වසරේ විද්‍යෝදය සාහිත්‍ය සම්මානයෙන්පිදුම් ලැබූ නවකතාවකි. ශෝකාකූල වූ ද, හාස්‍යජනක වූ ද, උත්ප්‍රාසාත්මක වූ ද, විකාරරූපී වූ ද පරිකල්පනාත්මක යුගයක්වෙත අති සංවාදී මාවතක් ඔස්සේ ගමන් කරන වින්ටර් නමැති අපූර්ව පුද්ගලයකුගේ අසම්පූර්ණ චරිතාපදානයයි.
Piyen Piyawara Nagen Mudunata – පියෙන් පියවර නැගෙන් මුදුනට

සුප්‍රකට ලේඛක රොබින් ෂර්මාගේ The Greatness Guide – 2 කෘතියේ සිංහල පරිවර්තනයයි. මන බඳින සාර්ථකත්වයක් නිර්මාණය කර ගැනීමට, ජීවිතයේ සතුට විනෝදය උදාකර ගැනීමට, දුෂ්කර අවස්ථාවන්ට දිරිමත්ව මුහුණදීමට මෙම ග්‍රන්ථයෙන් ලැබෙන පිටුබලය ඉමහත්ය.
Politics, Debates and Discourses of State Reform in Sri Lanka

Prabhakaran Parajaya Kirima | ප්රභාකරන් පරාජය කිරීම

Prajathanthrawadaya Kumakda? Kageda? Ka sadahada? Kumatada? ප්රජාතන්ත්රවාදය කුමක්ද? කාගේද? කා සදහාද? කුමටද?

Premaya Saha Thawath Yakku|ප්‍රේමය සහ තවත් යක්කු. ගබ්‍රියෙල් ගාෂියා මාර්කේස්
රු250.00
ප්‍රභූ පවුලක උපත ලද අසමාන ඇවතුම් පැවතුම් ඇති දැරියක අනපේක්ෂිත ව්‍යසනයකට ගොදුරුවීම නිසා ස්වකීය ජීවිත ඉරණම දෙමව්පියන් විසින් ද සමාජයේ ආගමික හා සෙසු බල ආයතන විසින් ද අවසාන ප්‍රේමයේ මායාව විසින් ද විසඳා දෙන ආකාරය හද ප්‍රලය කරන පුවතක් ලෙස කතාවට නැගෙන “ප්‍රේමය සහ තවත් යක්කු” උපහාසය මෙන්ම සමාජ විචාරය ද මතු කෙරෙන නවකතාවක් ලෙස නම් කළ හැකිය. විචාරකයෝ මෙම නවකතාව ක්ෂුද්‍ර කතා පුවතක් ආශ්‍රය කරගත් සමාජය විනිවිදින මහා ශරීරයක් ඇති ප්‍රබන්ධයක් සේ හඳුන්වති
Purusha Shakthiya Wardhana Widhi | පුරුෂ ශක්තිය වරධන විධි

Raajya Prathisanskarana Monawada? Kumatada? Katada? – රාජ්‍යය ප්‍රතිසංස්කරණ මොනවාද? කුමටද? කාටද?
