Showing 289–312 of 1347 results

Shop

ROAD TO SUCCESS | දියුණුවේ මාවත

රු540.00
or 3 X රු180.00 with

මනුෂ්‍යයෙකුගේ සාර්ථකත්වය යනු කුමක්ද? එය අත්කර ගත හැක්කේ කෙසේද? සතුට සාර්ථකත්වයේ ලකුණක් නොවන්නේ ද ? යන කාරණා ගැන මෙම ග්‍රන්ථය කරුණු විග්‍රහ කරයි.

ජීවිතයේ අරමුණු, ආත්ම විශ්වාසය, ආරම්භක ක්‍රියාකාරීත්වය, පරිකල්පනය, උනන්දුව, ආත්ම සංයමය, පෞරුෂය හා තවත් බොහෝ කාරණා පිළිබඳව මෙම ග්‍රන්ථය කරුණු කාරණා ඉදිරිපත් කරයි.

මෙහි ඇති විශේෂ ලක්ෂණය වනුයේ මෙහි විග්‍රහයට භාජනය වන සෑම මාතෘකාවක්ම පැහැදිලි කිරීම සඳහා කතුවරයාගේ ජීවිතයේ අත්දැකීම් ඉදිරිපත් කිරීම හා ඔහු තම රටේ විශේෂ පුද්ගලයන් හමුවී ලබාගත් සත්‍ය තොරතුරු ඇතුළත් කිරීමය.

මොහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වී ඇත්තේ කම්කරුවෙකු වශයෙන් වැඩ කල ගල් අඟුරු පතලේ වැඩිහිටි කම්කරුවෙකු මොහු ගැන කී අනාවැකියකි.

Sabhyathwa Rajya | සභ්‍යත්ව රාජ්‍ය

රු1,080.00
or 3 X රු360.00 with

නූතන විද්වතුන් අතර ගැඹුරු හා පුළුල් සංවාදයට ලක්වූ මාතෘකාවක් වන ‘ සභ්‍යත්ව රාජ්‍ය සංකල්පය පිළිබඳ නවතම විවරණයක් මෙම කෘතියේ අඩංගු වේ.

සහාත්ව රාජ්‍ය ආදී බෞද්ධ ආණ්ඩුක්‍රම සංකල්පයක්ය යන වඩාත්ම නවත මතයක් මෙම කෘතිය තුළින් එහි කතුවර බන්දුපාල ගුරුගේ මහතා ඉදිරිපත් කරයි.

ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාව තුළදී සභ්‍යත්ව රාජ්‍ය සංකල්පය කරළියට රැගෙන ආවේ ආචාර්ය ගුණදාස අමරසේකරයන් විසිනි. ඉන් අනතුරුව මෙම සංකල්පය සඳහා බිහි වූ වඩාත්ම විචාරාත්මක කෘතිය මෙය වේ.

මනුෂ්‍යයාගේ මනස කෙළවරක් නැති ධන තෘෂ්ණාවෙන් අවුල්කර අහේතුකව ඔවුනොවුන් මරා ගන්නා ශෝකාන්තය කෙළවර කර ගැනීමේ මග පැදි ඇත්තේ, සිය සභ්‍යත්ව රාජ්‍යය තුළිනැයි යන මතය කතුවරයා විසින් වඩාත් විද්‍යාත්මක හා දාර්ශනික පසු බිමක් සහිතව පුළුල් විමසුමකට හසු කරයි.

Sadam samaga ma parisula | සදාම් සමඟ මා පාරිසුලා

රු467.50
or 3 X රු155.83 with

ජිනාගේ නිවසට මා කැඳවූයේ හරුට්ගේ පෙලඹවීමක් අනුව බව මා තේරුම් ගත්තේ පසුවය. හරුට්ගේ ගනුදෙනුකරුවන් වූයේ බැග්ඩෑඩ්හි ඉහළ පංතියට අයත් ප්‍රභූවරුන් ය. සදාම් හුසේන් සුඛෝපභෝගී ජිවිතය ප්‍රිය කළ, තරුණ කෙල්ලන් කෙරේ නොසන්සිඳෙන ආශාවකින් පෙළෙන අයෙකු බව හරුට් දැන සිටියේ ය. සමහර විට මා වැනි හුරු බුහුටි කෙල්ලන් ඔහුට සොයා දීම හරුට්ට පැවරී තිබුණා විය හැක. ඉරාකය ඉතා ඉක්මනින් යකඩ ග්‍රහණයකට මැදි කර ගන්නා බලගතු මිනිසා ඇසුරු කිරිමෙන් ලෝකයේ සියලු ප්‍රතිලාභ අයත් කරගත හැකි බව ඔහු දැන සිටියේ ය. එම රාත්‍රියේ හරුට්ගෙන් සදාම් හුසේන්ට ලැබුණු තෑග්ග මා ය.

Sake Suwanda | සකේ සුවඳ

රු1,147.50
or 3 X රු382.50 with

THE SCENT OF SAKE Joyce Lebra

සකේ සුවඳ  පරිවර්තනය

මානෙල් ජයන්ති ගුණසේකර

ගැහැණියට පා තැබීමට තහංචි පැනවූ

ලෝකයක් ජයගන්න නිහඬ අරගලයක යෙදුණු

එඩිතර ගැහැනියකගේ කතාව.

“ගැහැනියක් පෙරුම්හලේ දොරෙන් ඇතුළට පා තැබුවොත් සකේ ඇඹුල් වෙන බවට පැරණි විස්වාසයක් තියෙනවා.”

“පිරිමියෙක්ට පුළුවනි අනියම් බිරියක් තබා ගන්න. ශේෂාවක් ලවා දරුවෙක් වුණත් හදා ගන්න. ඒ දරුවා පවුලේ උරුමකාරයා හැටියට නම් කරමින් ගෙදරට ගේන්න. නමුත් ගැහැනියක් අනියම් ඇසුරකට යොමු වුණොත් ඇයට ලැබෙන දඬුවම මරණය විය හැකියි.”

“ඒ තමයි සම්ප්‍රදාය රියේ….”

Sansakkari | සංසක්කාරී

රු1,080.00
or 3 X රු360.00 with
2022 ගොඩ⁣ගේ සාහිත්ය සම්මාන උළෙලේ විශිෂ්ටතම පළමු ප්රබන්ධ කෘතිය වෙනුවෙන් පිරිනැමෙන සම්මානය දිනාගත්
2022 ස්වර්ණ පුස්තක දීර්ඝ වටයටද තේරී පත්වූ නවකතාව

__________________________________________
“…කෙල්ල පණ මෙන් ආරක්ෂා කළේ කිරුළවත්, සිංහාසනයවත්, වස්තුවවත් නොවේ. ඇය දිවි හිමියෙන් ආරක්ෂා කළේ ඈ වස්තුව යයි සැලකූ පක්ෂපාතී බව, ළෙන්ගතුකම හා සෙංකඩගල අභිමානයයි.
හදවතේ උපදින ඒ හැඟීම් කිරුළට, සිංහාසනයට වඩා වැඩි තැනක, ඒ කියන්නේ පපුව තුළ රුවා රැක ගත්තේ ඩිංගිත්තී වගේ කෙනෙක් විතරයි…”
__________________________________________

Sanskruthika Deshabhimanaya saha Samaja Prathisanskarana | සංස්කෘතික දේශාභිමානය සහ සමාජ ප්‍රතිසංස්කරණ

රු64.00
or 3 X රු21.33 with
1904 වසරේ අප්‍රේල් සිට නොවැම්බර් මාසය තෙක් කාලය ඇතුළත ශ්‍රී ලංකාව සිසාරා අමද්‍යප සමිති සිය ගණනක් බිහිවිය.
බෞද්ධ, ක්‍රිස්තියානි ආගම් දෙකටම අයත් ආගමික දේශකයන් බීමත්කමේ දුක්මුසු විපාක ගැන කොතෙකුත් කනස්සල්ල පළකළ නමුදු ඇප කැපවීමකින් යුක්ත සංවිධානාත්මක ව්‍යාප්තියක් ඊට පෙර නොවීය. මෙම පොත 1904 ශ්‍රී ලංකාවේ අමධ්‍යප ව්‍යාපාරය ගැන ලියවුණ පොත කි.

Sapiens – සේපියන්ලා

රු1,620.00
or 3 X රු540.00 with

Sathkarika – සත්කාරිකා

රු595.00
or 3 X රු198.33 with

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ මෑත කාලීන යුගයක් පසුබිම් කරගත්, ස්ථර තුනක වෙසෙන චරිත තුනක් වටා ත්‍රිකෝණමිතික සන්දර්භයක පිහිටා රචිත සත්කාරිකා තුළින් ශ්‍රී ලංකේය සමාජ ව්‍යුහයේ එක් අදුරු ගැබක් වෙත තියුණු ආලෝක ධාරාවක් විහිදෙයි. එමගින් පාඨකයාගේ ජීවිත පරිඥානය පුළුල් කෙරෙයි. රසවත් කියැවීමක් හරහා ඔහු ලබන ගැඹුරු අත්දැකීම ජීවිත කාලය පුරාම මනසෙහි රැඳී නිනද වෙයි.

Sathuta | සතුට

රු360.00
or 3 X රු120.00 with

රසල් මෙම කෘතිය රචනා කළේ උගතුන් සඳහා නොවේ. ඔහුගේ පරමාර්ථය වූයේ අසතුට යනු බොහෝ දෙනෙකු මුහුණ දෙන ප්‍රායෝගික ගැටලුවක් බව පැහැදිලි කරදී සතුට ළඟාකරගත හැකි ආකාරය පිළිබඳ සාමාන්‍ය දැනීමට අදාළ පහසුවෙන් තේරුම් ගත හැකි ප්‍රායෝගික කරුණු කාරණා පාඨකයාට ඉදිරිපත් කර ජීවිතය සතුටින් ගතකිරීම සඳහා අනුගමනය කළ හැකි අත්දැකීම් හා නිරීක්ෂණ මගින් තහවුරු කරන ලද ක්‍රමවේදයක් හඳුන්වාදීමය.

Sathuta Genadena Piyawara Ata | සතුට ගෙනදෙන පියවර අට

රු495.00
or 3 X රු165.00 with

බුදුන් වහන්සේ ඉදිරිපත් කල ඉතා ගැඹුරු ඉගැන්වීමක් වන ආර්ය අෂ්ටාංගික මාර්‍ගය ගුණරතන හාමුදුරුවන් විමසා බලන්නේ දැඩි වෙහෙසක් දරමිනි.එකිනෙකක් ආර්ය සත්‍යක් පුහුණුව හා සම්බන්ද පැහැදිලි සුවිශේෂ යෝජනා සමග බැදුණු අරුත්බර නිදසුන් ගලපමින් ඉදිරිපත් කෙරෙන මේ පොත තෘප්තිමත් බවය අත්පත් කරගැනීමට බුදුන් වහන්සේ පෙන්වා  වදාළ මාර්ගය කෙරෙහි උනන්දුවක් දක්වන කාටත් ආශිරවාදයකි.

Sathwa Saha Shaka Wisheshayange Sambhawaya – සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්භවය

රු807.50
or 3 X රු269.17 with

මෙය ”සත්ත්ව සහ ශාක විශේෂයන්ගේ සම්භවය” යන ප්‍රකට ග්‍රන්ථය මානව සංහතියේ ප්‍රගමනය කෙරෙහි කෙබදු අති විශාල බලපෑමක් ඇති කලේද යන්න මෙම පොත පරිශීලනය කිරීම මගින් ලබා ගත හැකිය

selavi | සේලවී

රු720.00
or 3 X රු240.00 with

තේ වත්ත මුදුනෙදි දැරණියගලට ටිකක් නුහුරු තද හුළඟක් හමාගෙන ගියේ හිටි හැටියේ හයිය ගස්වල පවා මුදුන් හොළවමින්, තද කොළ පාට කොළත් බිම හෙළමින් හමාගෙන ගිය ඒ හුළඟ තුන්දෙනාගෙම අවධානය දිනා ගත්තා

නුරා ඒ හුළඟ ඇගේ දැවටිලා යද්දි ඇස් පියාගත්තා රාද්ගේ ඇස් මොහොතකට යොමුවුණා ඇස්පිය වුණු නුරා දිහාවට කපිල් හුළගේ සුවඳ විඳින්න පොඩි ඉස්පාසුවක් ගත්තා

SEX – Faculty Of Sex 01

රු720.00
or 3 X රු240.00 with

ආදරය පදනම් වෙන්න ඔ්න සෙක්ස් මත. ආදරයකට වඩා ප‍්‍රැක්ටිස් කරන්න ඔ්න ආශාව. සෙක්ස් කියන එක ඔය හිතන තරම් ලේසි කාරණාවක් නෙමෙයි. පිරිමි මේ කතාව එලියට කියන්නෙ නෑ. එහෙම කියනවා මං අහලා නෑ. පිරිමියෙකුට ගෑනියෙක් එක්ක සෙක්ස් කරලා විතරක් කායිකව ගන්න පුළුවන් තෘප්තියක් නෑ. එහෙම තියෙනවා නම් ඒ කෙනා සෑහෙන අසහනයකින් ඉන්න කෙනෙක් වෙන්න ඔ්න. සෙක්ස් කරලා ධාතු පහවෙලා ඉවර වෙද්දි සියදිවි නහගන්න තරමෙ හිස්කමක් එනවා. මේ හිස්කමට මූනදෙන්න අමාරුයි. එතනදි ඔ්න වෙනවා අනිත් මනුස්සයා එක්ක කතා කරලා හුවමාරු කරගන්න දෙයක්. ඒක ජීවිතෙන් කෑල්ලක් වෙන්න ඔ්න. ඒ මනුස්සයා කතා කරන්න දන්න, අපේ හැගීම් එහාට මෙහාට ෂෙයාර් කරගන්න දන්න කෙනෙක් නොවුනොත් සෙක්ස්වල තෘප්තියක් නෑ. ශරීරයක් බෙදාගන්නවා, කෙටි කාලීන අත්දැකීමක් බෙදාගන්නවා කියන කාරණාවට එහා පැවැත්මක් බෙදා ගන්නවා කියන තැනට යන්න පුළුවන් වෙන්නෙ ඔය ක‍්‍රියාවලියෙන්. ගෑනියෙක් එක්ක ලිවින්ග් ටුගෙදර් හරි කසාද ජීවිතේකදි හරි හම්බුවෙන වටිනාම දේ මේක. පේ‍්‍රමයත් එක්ක ෂෙයාර් කරගන්න තියෙන දේවල් අසීමිතයි. ඒ හැමදෙයක්ම සෙක්ස් මත පදනම් වෙන්නෙ නැති වුනාට සෙක්ස් හොඳට කරන මිනිහෙක් තමන්ගෙ පාට්නර් එක්ක හොඳට සුවපහසු වෙන්න දන්නවා.

-චින්තන ධර්මදාස-