Showing 313–336 of 1323 results
Super Reader Week Sale
📚 Super Book Readers Weekly Sale Alert! 🚀 Immerse yourself in a world of literary treasures at [YourWebsite.com]. 🌈 Uncover thrilling stories, heartwarming tales, and more, all at irresistible prices! 🎉 Don't miss out—explore now and let the reading adventures begin!
Shop
Sherlock Holmes | බ්‍රික්ස්ටන් වීදියේ අබිරහස

දොස්තර ජෝන්, එච්. වොට්සන් ලන්ඩනයට පැමිණියේ
ඇෆ්ගනිස්තානයේ සිටය. ඔහුට හමුවූ අපූරු නවාතැන් සහයා ෂර්ලොක් හෝම්ස් ය. හෝම්ස් නමැති අග්‍රගන්‍ය රහස් පරික්ෂකවරයා ගේ වික්‍රමයන් ලොවට අනාවරණය වීම ඇරැඹුණේ උක්ත හමුවීම සමගිනි. පාළු නිවෙසක් ඇතුළත තිබී හමුවූ ඇමෙරිකානුවකුගේ මළ සිරුරකි. ඇත්තෙන්ම එය ස්වභාවික මරණයක්ද? මිනීමැරුමක්ද? මළ සිරුර අසලින් හමුවූ රන් මුදුවේ පසුබිම් කතාව කුමක්ද අත් අඩංගුවට පත්වනු පිණිසම අපරාධකරු හෝම්ස්ගේ නිවෙස ඇතුළට පිවිසියේ කෙසේද?
Sherlock Holmes | ලප සහිත පටියේ අභිරහස සහ තවත් කතා

අනුමාන කළේ කොයි විදිහට වුණත්, මහත්මයා කීව කරුණු සේරම ඇත්ත” කත කීවා ය. “මම ගෙදරින් ආවේ හයටත් කලින්, දුම්රියපොළට ආවේ හයයි විස්සට, පළවෙනි කෝච්චියෙන් වෝටර්ලූ ආවා, මට මේ පීඩාව තවත් දරා ගන්න බැහැ සර්, මෙහෙම ගියොත් මට වැඩි දවස් නොගිහින් පිස්සු හැදේවි. මට උදව් ඉල්ලන්න කිසි ම කෙනෙක් නැහැ. ඉන්න එකම කෙනා මගේ පෙම්වතා, ඒ අහිංසකයටත් මට උදව් කරන්න පුළුවන්කමක් නෑ. මිසිස් ෆ්‍රින්ටොෂ් කියන්නෙ මගේ යෙහෙළියක්, එයා කරදරේ වැටිච්ච වේලාවක සර් එයාට උදව් කළ හැටි මට කියලා තිබුණා. අනේ සර්, කරුණාකරල මට උදව් කරන්න. සර්ගේ සේවයට ගෙවන්න තරම් මුදලක් මේ වෙලාවේ මගේ අතේ නැහැ, ඒත් මාසෙකින් දෙකකින් මගේ ආර්ථික ප්‍රශ්න කෙළවරක් වේවි. ඊට පස්සේ මම නොවරදවා ගෙවන්නම්.”
Sherlock Holmes Wikramanwitha Athdakeem | වික්‍රමාන්විත අත්දැකීම්

Sherlock Homes | ගෝමේද කිරීටයේ අබිරහස

ශ්රීමත් ආතර් කොනන් ඩොයිල් සිය මනස් පුතු ෂර්ලොක් හෝම්ස් චරිතය අළලා ලියූ නවකතා ගණන හතරකි. කෙටිකතා ගණන පහස් හයකි. මෙම කෘතියේ කෙටිකතා අතරින් පහත සිංහල පරිවර්තන ඇතුළත් වෙයි.
* THE ADVENTURE OF THE BERYL CORONET + ගෝමේද කිරීටයේ අබිරහස
* THE STOCK BROCKER’S CLERK – අපූරු සහෝදරයෝ
* THE YELLOW FACE – කහ පැහැති මුහුණ
* THE GREEK INTERPRETER – ග්‍ර්‍රීක භාෂා පරිවර්තකයා
* THE CROOKED MAN – වක ගැසුණු මිනිසා
ලොව විශිෂ්ටතම රහස් පරීක්ෂකවරයා ෂර්ලොක් හෝම්ස් එම අභිරහස් විසඳූ ආකාරයන් මෙම කෘතියෙන් විස්තර වෙයි.
Shishtacharayan Athara Gatuma | ශිෂ්ඨාචාරයන් අතර ගැටුම

Shree Wikara | ශ්රී විකාර

අපේ අප්පොච්චි කළා නං ඒක අපිත් කරන්න ඕනේ. අපේ දාර්සනික අහවල් උත්තමයා කියපු හින්දා ඒක අපිත් කරන්න ඕනෙ. අම්මෝ අවුරුදු දෙදාහක් තිස්සේ අපේ ආච්චිලා හාල් ගැරුවේ ඔය තැඹිලියෙන්, ඒක හින්දා ගල් වැලි නැති සබා ගේන්න බෑ. අපේ අහවල් ශුද්ධ වූ මෙව්වා එකට අගෞරවක් වෙන හින්දා අපිට ඔය සින්දුව කියන්න බෑ. අපේ අහවල් මෙව්වා එක කෙලෙසෙන හින්දා බෑ. අපි අවුරුදු දහඅට කෝටියක ඉඳන් ගොටුකොළ වැව්වා. මේක ගොටුකොළ පොළොව. දැන් අපිට කොම්පියුටර් හදන්න බෑ. අපේ අහවල් පූර්වප් ආදි මානවයගෙ ඉදන් එක්සත් මීහරකා පෙරමුණට ඡන්දෙ දුන්නෙ. ඒක හින්දා දැන් තොපිට දෙන්න බෑ. අපේ දේසපාලන ව්යාපාර අහවල් උත්තමයා අවුරුදු පන්දහකට කලිම් ලියපු පොතේ තියෙන්නෙ එහෙම, ඒක හින්දා උඹලා වැරදියි. ඌ තමයි හරි. එක හින්දා අපි හැමදාම මෙහෙම තමයි.
අපි අවුරුදු අහවල් ගාණක ඉඳන් රජතුමා එක්ක හිටියෙ. එයාගෙ අන්තඃපුරේට ගැනු ළමයි දුන්නට වංගෙඩියෙ දාලා කෙටුවත් අපිට ඕනෙ මහරජතුමා. ප්‍රජාතන්ත්‍රවාදය නිදහස අපිට එපා. බිලා බලා
SINGAPPURU KATHAWA – සිංගප්පුරු කතාව

ශ්රී ලංකාව දේශපාලන, ආර්ථික හා සංස්කෘතික වශයෙන් නිවහල් දේශයක් කරා යන ගමනක් ආරම්භ කැර ඇති මේ මොහොතේ, මෙරට ගැන ආදරයක් දක්වන සෑම දෙනා ම ලී ක්වාන් යූ ගේ ”සිංගප්පූරු කථාව” නමැති මෙම චරිතාපදානය අනිවාර්යයෙන් කියැවිය යුතු ය. මෙහි පිටපතක් ශ‍්‍රී ලංකාවේ සෑම පුස්තකාලයක ම තිබිය යුතු බව ද අවධාරණය කරනු කැමැත්තෙමි.
මහාචාර්ය වෝල්ටර් මාරසිංහ
Sinhala Pamanai : Volume 1 | සිංහල පමණයි : 1 වෙළුම

Sinhala Pamanai : Volume 2 | සිංහල පමණයි : 2 වෙළුම

Siragatha Nowu Sithuwili | සිරගත නොවූ සිතුවිලි

මෙහි එන පද්‍ය නිර්මාණයන්ගෙන් තුනෙන් දෙපංගුවක් පමණ ලිය වුනේ හැත්තෑවේ දශකයේ මුල් භාගයේ දී මා සිරගතව සිටියදීය. එයිනුදු වැඩි ප්‍රමාණයක් හැමන් හිල් බලකොටු සිර ගෙදර දී ලියවිනි. 1971 අප්‍රේල් වන විට උත්සන්න වූ රාජ්‍ය මර්දනය විමුක්ති පෙරමුණ රාජ්‍ය බලය අරමුණු කළ සන්නද්ධ විසින් ජනතා විරෝධය පෑමක් බවට පමුණුවා එම හැඩහුරුව ලෙයින් හා යකඩින් මර්දනය කරනු ලැබීය.
Sisiraye Mada – සිසිරයේ මැද

Isabel Allende විසින් රචිත In The Midst of Winter ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.
කෙනෙකුගේ මුළු ජීවිත කාලය පුරාම මතකයේ රැඳෙන පරිදි ඉතා දරුණු අන්දමින් ඇමරිකා එක්සත් ජනපදයේ බෲක්ලින් ප්‍රාන්තයට හමාගිය හිම කුණාටුව පැවති කාලය තුළ එකිනෙකට වෙනස් චරිත හිමි තිදෙනකු අතර සදාකාලික මිතුදමක් ගොඩනැගුණි. එමෙන්ම තම ජීවිතය අතනිකඩව නිහඬව ගෙනගිය හැටවන වියේ පසුවූ මානව හිමිකම් පිළිබඳ විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු වූ රිචඩ් බෝමාස්ටර් සහ හැට දෙවැනි වියේ පසු වූ චිලී ජාතික විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක් වූ ලුසියා මාරාස් සහ ඒවන විට ඇමරිකාවේ විසූ නීතිවිරෝධී සංක්‍රමණික චිලී ජාතික තරුණ කාන්තාවක් වූ එව්ලින් ඔටෙගා ඇති කරගත් මිතුදම ය. ඒ සමග ජීවිතයේ පසු භාගයේ දිවි ගෙවූ ඉහත කී මහාචාර්යවරයා සහ කථිකාචාර්යවරිය අතර සදාතනික ආදරයක් ගොඩ නැගිණි.
Sivil Samajaya | සිවිල් සමාජය

Siyalu da Sandaha Nyayak | සියලු දෑ සඳහා න්‍යායක්

STEPHEN HAWKING
The THEORY of EVERYTHING
විශ්වයේ ආරම්භය, අවසානය සහ
සියලු දෑ සඳහා න්‍යායක්
පරිවර්තනය ලක්ෂ්මන් ටී. බී. ඉලංගකෝන්
මෙම කෙටි පොතෙහි සුප්‍රසිද්ධ විද්‍යාඥ ස්ටෙපන් හෝව්කින්ගේ සම්මානනීය දේශනා පෙළක් අන්තර් ගත වේ. ඔහු මෙම දේශනා වලින් සංකීර්ණ සහ අතිශය ගණිතාත්මක අදහස් කිහිපයක් සරල එමෙන්ම සිත් ගන්නා සුළු ආකාරයෙන් එතරම් විද්‍යා අධ්‍යාපනයක් නොමැති පාඨකයනට ද තේරුම් ගැනීමට හැකි වන පරිදි ඉදිරිපත් කිරීමට උත්සහ කරයි. ඔහු කෙටියෙන් එහෙත් මනස්කාන්ත අන්දමින් ඇරිස්ටෝටල්, ඕගස්ටයින්, නිව්ටන්, අයින්ස්ටයින්, හබල් සහ ෆ්රීඩ්මෑන් ගේ විශ්වය පිළිබද අදහස් අපට පැහැදිලි කරයි. ඉන්පසු ඔහු බිග් බෑන්ග්, අඳුරු ආගාධ සහ අවකාශය / කාලය අපට පැහැදිලි කර මෙම අදහස් විශ්වය සදහා එක්සත් න්‍යායක් ගොඩ නැගීමට යොදා ගත හැක්කේ කෙසේ දැයි පරීක්ෂා කරයි.
Sri Lankawa : Ithihasaye Sabyathwaya | ශ්‍රී ලංකාව : ඉතිහාසයේ සභ්‍යත්වය

Sri Lankawe Aparadha Nithiya | ශ්රී ලංකාවේ අපරාධ නීතිය | තැත්කිරීම අනුබල දීම හා පොදු චේතනාව

Sulanga Numba Saha Mama 2 – සුළඟ නුඹ සහ මම 2

උඩවලව කර්කශ අව් රශ්මියට යටින් බොරලු පාරේ නිරුවත් දෙපයින් ඇවිද ගිය මට අගනුවර කාපට් පාරවල් වෙල්වට් තරම් සිනිඳු වූ බව කිව යුතුය. ලෝකය අසුන්දර තැනක් යයි බොහෝ දෙනා මැසිවිලි නගද්දී මම එහි සුන්දරත්වය සොයා ගියේ ආදරයෙනි. සීතලෙන් ගල් ගැහෙන සුඛෝපභෝගී කාර්යාල පරිශ්රවලත්, ගිනි ගහන බොරළු පාරවල්වලත්, මට හැමදාම තිබුනේ වෙනසක් නොව ජීවිතය පිළිබඳ පාඩමකි. අව්වට යටින් නළල රැලි කරන් සෙමින් ඇවිද ගිය මම කිසිදාක වැස්සෙන් නොතෙමෙන්නට දිව ගියේද නැති බව මගේ ආදරණීයයන් දනියි.මිනිසුන් ගැන අවංකව ලිවීමෙන් මා ලබන ආනන්දය, කොතරම් සුන්දරද යත්,මියෙන්නට පෙර මියැදෙන මිනිසකුගේ හැඟීම ලියන්නට මම පතමි.
මා ලියන දෙය ලෝකයේ කොහේ හෝ සිට කියවන්නට කෙනෙක් ඇතැයි මම විශ්වාස කරමි. ඒ හිත ආදරයෙන් සිහිපත් කරමි. ඉතින් මේ අකුරු ඔබටය.රැගෙන යන්න..මේ පයට පෑගුණු බොරළු කැට මුතු පබලු වන කාලයයි.මා ලියූ අකුරක දිග මකනය නොදනියි..එහෙත් නුඹ හොඳින් දනියි…ආදරෙයි…
සමන් එදිරිමුණි
Thama Depayin Nagee Sitinnee Keseda – තම දෙපයින් නැගී සිටින්නේ කෙසේද

වෙළද පලේ දී ඔබ පසුකොට ඉදිරියට ගොස් බඩු මිලට ගැනීම සදහා පොර වැදීමට ඔබ ඉඩ දෙන්නෙහිද ? ඔබට නොදෙන ඔබ නොකැමැති බඩු මිලට ගන්නයි පොලබවන වෙළද සේවකයාට ඔබ යට වන්නෙහිද එසේනම් ඔබ දෙපයින් නැගී සිටිය යුතු කාලය දැන් එලබ තිබේ
Thanthra | තන්ත්ර

The 5 am Club / ස්වර්ණමය හෝරාව / Swarnamaya horawa

ව්‍යවසායිකාව මේ මොහොතේ සිතුවේ ඇගේ ව්‍යාපාරික ලෝකය තුළ ඇය මුහුණපාන මේ අඳුරු කළු පැල්ලම් ඇය වෙතට විශේෂයෙන් ආ ආශිර්වාදාත්මක දේ බවය. එය ඇගේ ජීවිතය තවදුරටත් වර්ධනය කිරීමට ඉවහල් වන වටිනා අවස්ථාවක් බව ඇය තවදුරටත් සිතුවාය.
ව්‍යවසායිකාව ඉදිරියේ සිටින මේ අමුතු විචක්ෂණ ශීලී සහ අව්‍යාජ උපදේශකයා වන ස්ටෝන් රිලේ සිය හදවත ඔවුන් දෙදෙනා ඉදිරියේ විවර කළේය. තවදුරටත් ස්වර්ණමය හෝරාවේ හාස්කම් මගින් උදාකරගත නොහැකි සෞභාග්‍යය සහ එමගින් සිදු කළ හැකි වර්ධනීය ඵලදායිතාව ගැන කරුණු පැහැදිලි කරමින් සිටියේය.