Showing 337–360 of 1347 results

Shop

Thama Depayin Nagee Sitinnee Keseda – තම දෙපයින් නැගී සිටින්නේ කෙසේද

රු323.00
or 3 X රු107.67 with

වෙළද පලේ දී ඔබ පසුකොට ඉදිරියට ගොස් බඩු මිලට ගැනීම සදහා පොර වැදීමට ඔබ ඉඩ දෙන්නෙහිද ? ඔබට නොදෙන ඔබ නොකැමැති බඩු මිලට ගන්නයි පොලබවන වෙළද සේවකයාට ඔබ යට වන්නෙහිද එසේනම් ඔබ දෙපයින් නැගී සිටිය යුතු කාලය දැන් එලබ තිබේ

Thanthra | තන්ත්‍ර

රු792.00
or 3 X රු264.00 with
තන්ත්ර යනු පැතිරී යාමයි. ඔබ උපරිම තත්වයට පැතිරී ගිය විට ඇති ස්වභාවය එයයි. ඔබගේ සීමාවන් හා පැවැත්මේ සීමාවන් තව දුරටත් වෙනස් නොවේ – එකම ය. එයට අඩු තත්වයකින් සෑහීමට පත් විය නොහැක. ඔබ විශ්වීය වන විට ඔබ ගෙදර ආවා වන්නේ ය. ඔබ සියල්ලම වන විට – ඔබ සියල්ල සමග එකක් වන විට, ඔබ විශ්වය තරම් දැවැන්ත බවට පත්වන විට, ඔබ තුළට සියල්ලම ඇතුළත් වන විට – ඔබ තුළ තරු ගමන් කරන විට, පෘථිවීන් ඔබ තුළ ඉපදී අහෝසී වී යන විට – ඔබ මෙම විශ්වීය ව්යාප්තිය අත්දකින විට කාර්යය අවසන් වේ. ඔබ (ආපසු) ගෙදර ආවෙහි ය. තන්ත්රයේ ඉලක්කය එය ය.
තන්ත්රය කියන්නේ, ඔබ සිටින්නේ කවර ආකාරයකින් වුවද, එය පිළිගන්න කියා ය. “ඔබ” යනු නානා මානයන්ගෙන් යුතු ශක්තීන්ගේ මහා ගූඪ බවකි. එය භාරගන්න, එම හෑම ශක්තියක්ම සමග ම ගැඹුරු සංවේදීතාවකින්, අවදිබවකින්, ආදරයකින්, අවබෝධයකින් යුතුව සැරිසරන්න. එවිට සෑම ආශාවක් ම එය ඉක්මවා යාම – උත්කර්ශනය කිරීම සඳහා යානයක් වනු ඇත. එවිට සෑම ශක්තියක්ම උදව්වක් වේ, මෙම ලෝකය නිවන බවට – නිපුණ තැනක් බවට පත්වේ, මෙම සිරුර පන්සලක් – ආශ්රමයක්, ශුද්ධ ස්ථානයක් බවට පත් වේ.

The 5 am Club / ස්වර්ණමය හෝරාව / Swarnamaya horawa

රු1,260.00
or 3 X රු420.00 with

ව්‍යවසායිකාව මේ මොහොතේ සිතුවේ ඇගේ ව්‍යාපාරික ලෝකය තුළ ඇය මුහුණපාන මේ අඳුරු කළු පැල්ලම් ඇය වෙතට විශේෂයෙන් ආ ආශිර්වාදාත්මක දේ බවය. එය ඇගේ ජීවිතය තවදුරටත් වර්ධනය කිරීමට ඉවහල් වන වටිනා අවස්ථාවක් බව ඇය තවදුරටත් සිතුවාය.
ව්‍යවසායිකාව ඉදිරියේ සිටින මේ අමුතු විචක්ෂණ ශීලී සහ අව්‍යාජ උපදේශකයා වන ස්ටෝන් රිලේ සිය හදවත ඔවුන් දෙදෙනා ඉදිරියේ විවර කළේය. තවදුරටත් ස්වර්ණමය හෝරාවේ හාස්කම් මගින් උදාකරගත නොහැකි සෞභාග්‍යය සහ එමගින් සිදු කළ හැකි වර්ධනීය ඵලදායිතාව ගැන කරුණු පැහැදිලි කරමින් සිටියේය.

The Conspiracy – Gotabaya Rajapaksha

රු1,620.00
or 3 X රු540.00 with

මේ පොත පෙර මුදල් ගෙවීම් සදහා පමනක් ලබා දෙන බව කරුනිකව සලකන්න. එබැවින් පහත අප ආයතනයේ ගිනුම් අංකයට මුදල් බැරකර recipt පත අපට inbox කරන්න. ඉන් පසු ඔබේ ඇනවුම සකස් කිරීම සිදු වේ.
Rasakatha (Pvt) Ltd,
Sampath Bank
Borella Super Branch 021810005561

The Golden Gate Osho| ඇතුළාන්ත කථාව ඕෂෝ

රු585.00
or 3 X රු195.00 with

ලෝකයෙන් ගැලවී යනු වෙනුවට ඔබ, ඔබ තුළටම ගැලවී යන්න. ඔබ ලෝකය තුළ රැඳී සිටිය යුත්තේ ලෝකය යනු මහඟු අවස්ථාවක් වන නිසයි.

එය ඔබව නිරතුරුවම පිරික්සනු ලබන කෙම් බිමකි. ඔබ සිටින්නේ සැබෑ නිශ්චලත්වයකද, නැත හොත් එහි දණක් ගැඹුරට ද, එසේත් නැතහොත් එය ඕනෑම දෙයකින් බාධා වන විදියේ බලෙන් පනවා ගත් සංසිද්ධියක් ද යන්න උරගා බැලීමට එය ඔබට අවස්ථාව සළසා දෙයි.

The Law of Attraction / Akarshana nithiya / ආකර්ෂණ නීතිය

රු810.00
or 3 X රු270.00 with

ධනාත්මක සිතුවිලි ආදිය පවත්නා අයට වැඩි වශයෙන් හමුවන්නේ එවැනි අදහස් ඇති අයය.එවිට එවැන්නෝ සාරථක වෙයි.
සිතුවිලි ආදිය යන්නෙන් අදහස් කරනු ලබන්නේ හැඟීම්,විශ්වාස හා ක්‍රියාකාරකම් ද ඇතුලත් බවය.
මෙය සිදුවන්නේ අදාළ පුද්ගලයාගේ ශක්තියට අදාළ සංඛ්‍යාතය කම්පනය වීම සමග ඊට සමාන අය ආකර්ෂණය වන විටය. ආකර්ෂණය ඕනෑම ස්ථානයක දී සිදුවිය හැක. සිහින සැබෑ කර ගැනීමට සහ ජීවිතය ඉහළට ඔසවා තැබීමට ඔබට අවශ්‍ය නම්, මෙම කෘතිය එයට පිළිතුරයි.

THE LOST WORLD | සැගවුණු ලෝකය

රු1,980.00
or 3 X රු660.00 with

“ඩයිනෝසරයෝ පෘථිවියේ බිහිවුණේ ට්‍රියාසික යුගයේ. ඒ කියන්නේ අවුරුදු මිලියන දෙසීයකට විතර කලින්. හැබැයි උන් ඉතා ම සාර්ථක ව පෘථිවිය පුරාම ව්‍යාප්ත වුණේ ජුරාසික සහ ක්‍රිටේසියස් කියන ප්‍රාග් ඓතිහාසික යුග සීමා අතර කාලයේදී. උන් අවුරුදු මිලියන එකසිය පනහක් තරම් ඉතා විශාල කාලයක් පෘථිවියේ ජීවත් වෙලා තියෙනවා. හැබැයි උන් ගේ හොඳම කාලය තමයි ක්‍රිටේසියස් යුගය. මේ යුගයේදී ඩයිනෝසර් වර්ග විසි එකක් පෘථිවියේ ජීවත් වෙලා තියෙනවා. කැමේරාසෝරස්, ෆැබ්රෝසරස්, වගේ ඩයිනෝසරයින් මේ කාලයේදී ඉතා ම ක්‍රියාකාරි ව ජීවත් වුණා. හැබැයි අවුරුදු මිලියන හැට පහකට කලින් කුඩා කණ්ඩායම් විදිහට හිටපු ඩයිනෝසරයෝ පෘථිවියෙන් වඳ වුණා.”

The Miracle Morning / ආශ්චර්‍යවත් හිමිදිරිය

රු720.00
or 3 X රු240.00 with

මෙම පොතේ කතුවරයා අසාමාන්‍ය හැකියාවක් ඇත්තෙකි. මගේ ජිවිතයටද මෙම අගනා කෘතිය මහත් පිටිවහලක් විය. ඔබේ ජීවිතයටත් වෙනසක් අවශ්‍ය නම් මෙම කෘතිය පරිශීලනය කරන්න. – ROBERT KIYOSAKI New York Times bestselling author

මෙය පොතකට වඩා වැඩි යමක් ඔබට සපයයි. ඔබේ ජීවිතය ප්‍රීතියෙන් පුරවා තබන්නට මෙම කෘතිය සමත්ය. – MEL ROBBINS New York Times bestselling author

THE SECRET

රු1,260.00
or 3 X රු420.00 with

උන ගෑණියෙක් කියන්නේ තමුසෙලා වගෙ මානසික අසහනකාරයින්ගෙ අතේ නැටවෙන සෙල්ලම් බඩුවක් නෙවෙයි. ගෑණු කියන්නේ රෝස මල් කියලා කියන පිරිමින්ටම අමතක වෙනවා රෝස මලෙන් කටු නියනවා කියලා. කටු මග ඇරලා පරිස්සමට මල නෙලාගන්න හැමෝටම බෑ. නමුසෙලා වගෙ උන්ට කොහොමත් බෑ මල තලන්න චීන තමුන් වගෙ උන්ට වෙන්නේ මේ වගෙ කටු ඇනගන්න විතරයි. එකක් මතක තියාගන්නවා නෙහාන් තහි උනත් සිංහ ධේනුවගෙ රැස් බහින්නේ නෑ. සිංහයෝ කවදාවත් සුනඛයෝ එක්ක නිදි වැදුනේ නෑ.

The Vendor Of Sweets – R.K.Narayan

රු855.00
or 3 X රු285.00 with

‘A MASTER OF CHEKHOVIAN IRONY NARAYAN’S MALGUDI IS A METAPHOR, NOT OF INDIA, BUT OF THE WORLD’ WASHINGTON POST

Jagan, the vendor of sweets, finds himself confronted by his estranged son Mali, who has returned to Malgudi with Grace, his American wife, and a grand plan for selling story-writing machines. What follows is a classic cross-generational battle between father and son. A man of Gandhian principles, Jagan cannot reconcile himself to Mali’s modern ways, but develops a fondness for Grace. Unable to find a place in the new world, Jagan decides to retire, only to learn that Mali has been arrested by the police and has deserted his wife.

Insightful and moving, The Vendor of Sweets is R.K. Narayan’s story of an India trying to find its own identity.

THEE HA THAA – තී හා තා

රු1,215.00
or 3 X රු405.00 with

Thiyunu Asipathaka Sewana Yata / Mage Aragalaya

රු476.00
or 3 X රු158.67 with

ඇය උපන්නේ සාමාන්‍ය ගැහැනු දරුවෙකුට හිමි සියලු සිහින උරුම කරගෙනය. එහෙත් ඇගේ තරුණ වියේදී උතුරේ ඇති වෙමින් තිබූ සමාජ දේශපාලනික වාතාවරණය විසින් ඇය බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය කරා තල්ලු කරනු ලැබූ අතර ඇය එල් ටී ටී ඊ සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන්නේ ඒ අනුවය.

TOXIC | ගර්භ විස

රු1,485.00
or 3 X රු495.00 with

සැප්තැම්බර් 15 නිකුත් වෙයි.

වර්ණ පිටු 08

කහ කිරිල්ලි ලොකු හුස්මක් ගන්න හැටි මං දැක්කා. ඒ එක්කම ආයෙමත් මෙහෙම ප්‍රශ්න කළා.
‘ ඒ මිනිහට ආදරේ නම් මොකටද ඒ මිනිහව මරන්නෙ…?’
ගැනියෙක්ට මිනිහෙක් මරන්න තියෙන්නෙ හේතු දෙකයි.
පළවෙනි එක දරා ගන්න බැරි තරම් එයා ඒ මිනිහට වෛර කරන එක…. දෙවෙනි එක දරා ගන්න බැරි තරම් එයා ඒ මිනිහට ආදරේ කරන එක….
කෙටි විරාමයකට පස්සෙ මං ආයෙමත් මෙහෙම කිව්වා.
දරා ගන්න බැරි තරම් මං එයාට ආදරේ කරන නිසා මට එයාව මරන්ඩ ඕන. මොකද එයා අයිති වෙන්න ඕන මට විතරයි..

Track Panapu Heenayata Crush Wenna | ට්‍රැක් පැනපු හීනයට ක්‍රුෂ් වෙන්න

රු540.00
or 3 X රු180.00 with

ට්‍රැක් පැනපු හීනයේ කොල්ලොත් හිටියා ලැජ්ජාවක් නැතුවම මත් වෙලා හිටියා

රතු වෙච්චි ඇස් කොණින් ඉඟි බිගි පෑවා සුළං පොදක් ගත දැවටෙදිදී සෙමෙන් කෙඳිරුවා

පතිවත බින්දා නින්දා කෙරුවා

ඇහැරුනා

අතරමැදි නින්දෙන් පති, මා අසලම ගොරවමින් සිටියා

Valentine’s Special Book Collection

රු4,237.50
or 3 X රු1,412.50 with

Velvet ප්‍රේමය | Velvet Premaya

රු680.00
or 3 X රු226.67 with

ලියන්න අහිමි වෙන්නම ඕන

මිනිස්සුන්ට ඇස් රිදෙනකල් අඬන්න, ආදරේ ඕනෙ. මිනිස්සුන්ට සැනසීමෙන් නින්ද යන්න, ආදරේ ඕනෙ. මිනිස්සුන්ට හදවතින් හිනාවෙන්න, ආදරේ ඕනෙ. මිනිස්සුන්ට අමුත්තක් ලියන්න, ආදරේ ඕනෙ. මිනිස්සුන්ට සනීපෙට ඇහැරෙන්න, ආදරේ ඕනෙ. මිනිස්සුන්ට නැවුම් දේ හිතන්න, ආදරේ ඕනෙ. මිනිස්සුන්ට කේන්තිය ඉවසන්න, ආදරේ ඕනෙ.

දැනෙන්න ඉඹින්න. නැටුම් බැරුවත් නටන්න. වියරුවෙන් වයන්න ආදරය ඕනෙ. පපුවට දැනෙන්න සින්දු කියන්න ආදරය ඕනෙ මිනිස්සුන්ට ලියන්න ආදරේ අහිමි වෙන්නම ඕන.

දන්නවද?

එහෙම හිතුවම ලෝකයේ වැඩියෙන්ම ඇත්තේ ආදරේ අහිමි වුණු මිනිස්සු. නැත්තං ලෝකෙට කොයින්ද මේ තරම් කවි පොත්?