Showing 361–384 of 1380 results

Shop

Sinhala Pamanai : Volume 1 | සිංහල පමණයි : 1 වෙළුම

රු520.00
or 3 X රු173.33 with
සිංහල පමණයි වූ කලි, ලංකාවේ භූ දර්ශය තුළ ජනතාවගේ ද ඔවුන් පිළිබඳ කතාන්දර වල ද ඔවුන්ගේ හුරු පුරුදු, චාරිත්‍ර වාරිත්‍ර හා මනෝ වෘත්තීන්හි ද පමුදු වසා දැමීමේ තාවකාලික ප්‍රතිකර්මයකි. එය අනේකත්වයේ අධ්‍යාත්මය යි. ඇසගේ කෘතිය යුගයේ ආකල්පවලින් වෙළා ගැනීමට නියමිත ව තිබූ සෙයක් පෙනෙන්ට තිබෙන පටුබුද්ධිකත්වයේ අතිමහත් තර්ජනය මධ්‍යයේ මේ අනේකත්වය ආරක්ෂා කිරීමට දරන ලද නිර්භීත ප්‍රයත්නයකි. සිංහල පමණයි වූ කලි, ජාතියේ තරුණයන් මුහුණ දී සිටින කනගාටුදායක ඉරණම පිළිබඳ මෙන්
ම දෙමළ හා සිංහල ත්‍රස්තවාදයේ උපත පිළිබඳ කතාන්දරය යි.

Sinhala Pamanai : Volume 2 | සිංහල පමණයි : 2 වෙළුම

රු520.00
or 3 X රු173.33 with
සිංහල පමණයි වූ කලි, ලංකාවේ භූ දර්ශය තුළ ජනතාවගේ ද ඔවුන් පිළිබඳ කතාන්දර වල ද ඔවුන්ගේ හුරු පුරුදු, චාරිත්‍ර වාරිත්‍ර හා මනෝ වෘත්තීන්හි ද පමුදු වසා දැමීමේ තාවකාලික ප්‍රතිකර්මයකි. එය අනේකත්වයේ අධ්‍යාත්මය යි. ඇසගේ කෘතිය යුගයේ ආකල්පවලින් වෙළා ගැනීමට නියමිත ව තිබූ සෙයක් පෙනෙන්ට තිබෙන පටුබුද්ධිකත්වයේ අතිමහත් තර්ජනය මධ්‍යයේ මේ අනේකත්වය ආරක්ෂා කිරීමට දරන ලද නිර්භීත ප්‍රයත්නයකි. සිංහල පමණයි වූ කලි, ජාතියේ තරුණයන් මුහුණ දී සිටින කනගාටුදායක ඉරණම පිළිබඳ මෙන්
ම දෙමළ හා සිංහල ත්‍රස්තවාදයේ උපත පිළිබඳ කතාන්දරය යි.

Siragatha Nowu Sithuwili | සිරගත නොවූ සිතුවිලි

රු225.00
or 3 X රු75.00 with

මෙහි එන පද්‍ය නිර්මාණයන්ගෙන් තුනෙන් දෙපංගුවක් පමණ ලිය වුනේ හැත්තෑවේ දශකයේ මුල් භාගයේ දී මා සිරගතව සිටියදීය. එයිනුදු වැඩි ප්‍රමාණයක් හැමන් හිල් බලකොටු සිර ගෙදර දී ලියවිනි. 1971 අප්‍රේල් වන විට උත්සන්න වූ රාජ්‍ය මර්දනය විමුක්ති පෙරමුණ රාජ්‍ය බලය අරමුණු කළ සන්නද්ධ විසින් ජනතා විරෝධය පෑමක් බවට පමුණුවා එම හැඩහුරුව ලෙයින් හා යකඩින් මර්දනය කරනු ලැබීය.

Sisiraye Mada – සිසිරයේ මැද

රු637.50
or 3 X රු212.50 with

Isabel Allende විසින් රචිත In The Midst of Winter ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.

කෙනෙකුගේ මුළු ජීවිත කාලය පුරාම මතකයේ රැඳෙන පරිදි ඉතා දරුණු අන්දමින් ඇමරිකා එක්සත් ජනපදයේ බෲක්ලින් ප්‍රාන්තයට හමාගිය හිම කුණාටුව පැවති කාලය තුළ එකිනෙකට වෙනස් චරිත හිමි තිදෙනකු අතර සදාකාලික මිතුදමක් ගොඩනැගුණි. එමෙන්ම තම ජීවිතය අතනිකඩව නිහඬව ගෙනගිය හැටවන වියේ පසුවූ මානව හිමිකම් පිළිබඳ විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු වූ රිචඩ් බෝමාස්ටර් සහ හැට දෙවැනි වියේ පසු වූ චිලී ජාතික විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙක් වූ ලුසියා මාරාස් සහ ඒවන විට ඇමරිකාවේ විසූ නීතිවිරෝධී සංක්‍රමණික චිලී ජාතික තරුණ කාන්තාවක් වූ එව්ලින් ඔටෙගා ඇති කරගත් මිතුදම ය. ඒ සමග ජීවිතයේ පසු භාගයේ දිවි ගෙවූ ඉහත කී මහාචාර්යවරයා සහ කථිකාචාර්යවරිය අතර සදාතනික ආදරයක් ගොඩ නැගිණි.

Sivil Samajaya | සිවිල් සමාජය

රු315.00
or 3 X රු105.00 with
 සිවිල් සමාජය ‘ යන්න අප රටේ දේශපාලන සාකච්ඡාවේ තිබෙන විවාදාත්මක තේමාවකි. රාජ්‍ය නොවන සංවිධා නවල දේශපාලන ක්‍රියාකාරිත්වය නිසා මේ විවාදය තවත් තියුණු වී තිබේ.
ඒ අතර සිවිල් සමාජ සංවිධාන අප රටේ සමාජ ජීවිතයේ ක්‍රියාකාරි අංශයක්ද වී තිබේ මානව අයිතිවාසිකම්. ස්ත්‍රී අයිතිවාසිකම්, සුළුජන අයිතිවාසිකම්, ග්‍රාමීය සංවර්ධනය, සංවර්ධනයට මහජන සහභාගීත්වය හා සමාජ සුභ සාධනය යනාදී ක්‍ෂේත්‍ර රාශියක සිවිල් සමාජ සංවිධාන ක්‍රියාකාරීව සිටිති.
සිවිල් සමාජය’ දේශපාලන න්‍යායේද වැදගත් සංකල්පයකි එය යුරෝපීය දේශපාලන චින්තනයේ 17 වැනි සියවසේ පටන් වර්ධනය වූවකි.
දේශපාලන න්‍යායේ සංකල්පයක් හැටියට මෙන්ම සමාජ දේශපාලන භාවිතාවේ ක්‍ෂේත්‍රයක් හැටියටද ‘සිවිල් සමාජය ගැන ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට පාඨකයාට ආධාර කිරීම මේ පොත් පිංචේ අරමුණයි.

Siyalu da Sandaha Nyayak | සියලු දෑ සඳහා න්‍යායක්

රු252.00
or 3 X රු84.00 with

STEPHEN HAWKING
The THEORY of EVERYTHING

විශ්වයේ ආරම්භය, අවසානය සහ

සියලු දෑ සඳහා න්‍යායක්

පරිවර්තනය ලක්ෂ්මන් ටී. බී. ඉලංගකෝන්

මෙම කෙටි පොතෙහි සුප්‍රසිද්ධ විද්‍යාඥ ස්ටෙපන් හෝව්කින්ගේ සම්මානනීය දේශනා පෙළක් අන්තර් ගත වේ. ඔහු මෙම දේශනා වලින් සංකීර්ණ සහ අතිශය ගණිතාත්මක අදහස් කිහිපයක් සරල එමෙන්ම සිත් ගන්නා සුළු ආකාරයෙන් එතරම් විද්‍යා අධ්‍යාපනයක් නොමැති පාඨකයනට ද තේරුම් ගැනීමට හැකි වන පරිදි ඉදිරිපත් කිරීමට උත්සහ කරයි. ඔහු කෙටියෙන් එහෙත් මනස්කාන්ත අන්දමින් ඇරිස්ටෝටල්, ඕගස්ටයින්, නිව්ටන්, අයින්ස්ටයින්, හබල් සහ ෆ්රීඩ්මෑන් ගේ විශ්වය පිළිබද අදහස් අපට පැහැදිලි කරයි. ඉන්පසු ඔහු බිග් බෑන්ග්, අඳුරු ආගාධ සහ අවකාශය / කාලය අපට පැහැදිලි කර මෙම අදහස් විශ්වය සදහා එක්සත් න්‍යායක් ගොඩ නැගීමට යොදා ගත හැක්කේ කෙසේ දැයි පරීක්ෂා කරයි.

Sri Lankawa : Ithihasaye Sabyathwaya | ශ්‍රී ලංකාව : ඉතිහාසයේ සභ්‍යත්වය

රු400.00
or 3 X රු133.33 with
මෙම කෘතිය ලංකාව ජනාවාස වීම ආරම්භ වීමේ සිට 1948 නිදහස ලැබීම දක්වා වන දර්ඝ කාලපරිච්ඡේදය තුළ ලංකාවේ සමාජ දේශපාලනයේ සිදුවූ පරිණාමය අළලා ලියන ලද්දකි. ඒ අනුව එය පූර්ව නූතන යුගය හා නූතන යුගයේ සියවසක් තරම් කාල පරිච්ඡේදයක් අළලා සමාජ දේශපාලනයේ ඇති වූ පරිණාමය හා එහි ගතික ලක්ෂණ අළලා ලියවුණු පොතක් වශයෙන් සැලකිය හැකිය.

Sri Lankawe Aparadha Nithiya | ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය | තැත්කිරීම අනුබල දීම හා පොදු චේතනාව

රු855.00
or 3 X රු285.00 with
ශ්‍රී ලංකාවේ අපරාධ නීතියේ සාපරාධී වගකීම පිළිබඳ මූලධර්ම අළලා මහාචාර්ය පී. එල්. පීරිස් විසින් ලියන ලද General Principles of Criminal Liability in Ceylon – A Comparative Analysis නම් කෘතියේ තැත් කිරීම, අනුබල දීම, පොදු චේතනාව හා අවසානය යන අවසාන පරිච්ඡේද හතරේ සිංහල පරිවර්තනයයි මේ.

Sulanga Nuba Saha Mama | සුළඟ නුඹ සහ මම

රු900.00
or 3 X රු300.00 with

දැන්නම් ඉතිං පණ දෙන්න තමයි කතාව.. ඒකට ඉස්සර…”

ඇය තොල් උල්කර ඇද පැද කීවාය. ශෘංගාරාත්මක පැසුණු ගැහැනු බැල්මක්ද හෙළුවාය. ඉලන්දාරියා අන්ද මන්ද විය.

“ඉස්සර මොකද…?”
“මතකම නෑ… ආපු දවසේ ඉඳලා මට දුන්න වදයක්…”
“තාම හරියට වද දෙන්න පටන් ගත්තෙ නෑ…”
“ඇයි…?˜

ඔහු ඇගේ කන්පෙති මත අප කාටත් හොරාට අනේකවාරයක් මෙසේ
රහස් තැබුවේය. ගහකොළ සුළඟ පවා නොඇසූ ඒ රහස් දැන් කොහෙ
කොහේ ඇත්දැයි අපි නොදනිමු….

Sulanga Numba Saha Mama 2 – සුළඟ නුඹ සහ මම 2

රු900.00
or 3 X රු300.00 with

උඩවලව කර්කශ අව් රශ්මියට යටින් බොරලු පාරේ නිරුවත් දෙපයින් ඇවිද ගිය මට අගනුවර කාපට් පාරවල් වෙල්වට් තරම් සිනිඳු වූ බව කිව යුතුය. ලෝකය අසුන්දර තැනක් යයි බොහෝ දෙනා මැසිවිලි නගද්දී මම එහි සුන්දරත්වය සොයා ගියේ ආදරයෙනි. සීතලෙන් ගල් ගැහෙන සුඛෝපභෝගී කාර්යාල පරිශ්රවලත්, ගිනි ගහන බොරළු පාරවල්වලත්, මට හැමදාම තිබුනේ වෙනසක් නොව ජීවිතය පිළිබඳ පාඩමකි. අව්වට යටින් නළල රැලි කරන් සෙමින් ඇවිද ගිය මම කිසිදාක වැස්සෙන් නොතෙමෙන්නට දිව ගියේද නැති බව මගේ ආදරණීයයන් දනියි.මිනිසුන් ගැන අවංකව ලිවීමෙන් මා ලබන ආනන්දය, කොතරම් සුන්දරද යත්,මියෙන්නට පෙර මියැදෙන මිනිසකුගේ හැඟීම ලියන්නට මම පතමි.
මා ලියන දෙය ලෝකයේ කොහේ හෝ සිට කියවන්නට කෙනෙක් ඇතැයි මම විශ්වාස කරමි. ඒ හිත ආදරයෙන් සිහිපත් කරමි. ඉතින් මේ අකුරු ඔබටය.රැගෙන යන්න..මේ පයට පෑගුණු බොරළු කැට මුතු පබලු වන කාලයයි.මා ලියූ අකුරක දිග මකනය නොදනියි..එහෙත් නුඹ හොඳින් දනියි…ආදරෙයි…
සමන් එදිරිමුණි

Thama Depayin Nagee Sitinnee Keseda – තම දෙපයින් නැගී සිටින්නේ කෙසේද

රු323.00
or 3 X රු107.67 with

වෙළද පලේ දී ඔබ පසුකොට ඉදිරියට ගොස් බඩු මිලට ගැනීම සදහා පොර වැදීමට ඔබ ඉඩ දෙන්නෙහිද ? ඔබට නොදෙන ඔබ නොකැමැති බඩු මිලට ගන්නයි පොලබවන වෙළද සේවකයාට ඔබ යට වන්නෙහිද එසේනම් ඔබ දෙපයින් නැගී සිටිය යුතු කාලය දැන් එලබ තිබේ

Thanthra | තන්ත්‍ර

රු792.00
or 3 X රු264.00 with
තන්ත්ර යනු පැතිරී යාමයි. ඔබ උපරිම තත්වයට පැතිරී ගිය විට ඇති ස්වභාවය එයයි. ඔබගේ සීමාවන් හා පැවැත්මේ සීමාවන් තව දුරටත් වෙනස් නොවේ – එකම ය. එයට අඩු තත්වයකින් සෑහීමට පත් විය නොහැක. ඔබ විශ්වීය වන විට ඔබ ගෙදර ආවා වන්නේ ය. ඔබ සියල්ලම වන විට – ඔබ සියල්ල සමග එකක් වන විට, ඔබ විශ්වය තරම් දැවැන්ත බවට පත්වන විට, ඔබ තුළට සියල්ලම ඇතුළත් වන විට – ඔබ තුළ තරු ගමන් කරන විට, පෘථිවීන් ඔබ තුළ ඉපදී අහෝසී වී යන විට – ඔබ මෙම විශ්වීය ව්යාප්තිය අත්දකින විට කාර්යය අවසන් වේ. ඔබ (ආපසු) ගෙදර ආවෙහි ය. තන්ත්රයේ ඉලක්කය එය ය.
තන්ත්රය කියන්නේ, ඔබ සිටින්නේ කවර ආකාරයකින් වුවද, එය පිළිගන්න කියා ය. “ඔබ” යනු නානා මානයන්ගෙන් යුතු ශක්තීන්ගේ මහා ගූඪ බවකි. එය භාරගන්න, එම හෑම ශක්තියක්ම සමග ම ගැඹුරු සංවේදීතාවකින්, අවදිබවකින්, ආදරයකින්, අවබෝධයකින් යුතුව සැරිසරන්න. එවිට සෑම ආශාවක් ම එය ඉක්මවා යාම – උත්කර්ශනය කිරීම සඳහා යානයක් වනු ඇත. එවිට සෑම ශක්තියක්ම උදව්වක් වේ, මෙම ලෝකය නිවන බවට – නිපුණ තැනක් බවට පත්වේ, මෙම සිරුර පන්සලක් – ආශ්රමයක්, ශුද්ධ ස්ථානයක් බවට පත් වේ.

The 5 am Club / ස්වර්ණමය හෝරාව / Swarnamaya horawa

රු1,260.00
or 3 X රු420.00 with

ව්‍යවසායිකාව මේ මොහොතේ සිතුවේ ඇගේ ව්‍යාපාරික ලෝකය තුළ ඇය මුහුණපාන මේ අඳුරු කළු පැල්ලම් ඇය වෙතට විශේෂයෙන් ආ ආශිර්වාදාත්මක දේ බවය. එය ඇගේ ජීවිතය තවදුරටත් වර්ධනය කිරීමට ඉවහල් වන වටිනා අවස්ථාවක් බව ඇය තවදුරටත් සිතුවාය.
ව්‍යවසායිකාව ඉදිරියේ සිටින මේ අමුතු විචක්ෂණ ශීලී සහ අව්‍යාජ උපදේශකයා වන ස්ටෝන් රිලේ සිය හදවත ඔවුන් දෙදෙනා ඉදිරියේ විවර කළේය. තවදුරටත් ස්වර්ණමය හෝරාවේ හාස්කම් මගින් උදාකරගත නොහැකි සෞභාග්‍යය සහ එමගින් සිදු කළ හැකි වර්ධනීය ඵලදායිතාව ගැන කරුණු පැහැදිලි කරමින් සිටියේය.

The Conspiracy – Gotabaya Rajapaksha

රු1,620.00
or 3 X රු540.00 with

මේ පොත පෙර මුදල් ගෙවීම් සදහා පමනක් ලබා දෙන බව කරුනිකව සලකන්න. එබැවින් පහත අප ආයතනයේ ගිනුම් අංකයට මුදල් බැරකර recipt පත අපට inbox කරන්න. ඉන් පසු ඔබේ ඇනවුම සකස් කිරීම සිදු වේ.
Rasakatha (Pvt) Ltd,
Sampath Bank
Borella Super Branch 021810005561

The Golden Gate Osho| ඇතුළාන්ත කථාව ඕෂෝ

රු585.00
or 3 X රු195.00 with

ලෝකයෙන් ගැලවී යනු වෙනුවට ඔබ, ඔබ තුළටම ගැලවී යන්න. ඔබ ලෝකය තුළ රැඳී සිටිය යුත්තේ ලෝකය යනු මහඟු අවස්ථාවක් වන නිසයි.

එය ඔබව නිරතුරුවම පිරික්සනු ලබන කෙම් බිමකි. ඔබ සිටින්නේ සැබෑ නිශ්චලත්වයකද, නැත හොත් එහි දණක් ගැඹුරට ද, එසේත් නැතහොත් එය ඕනෑම දෙයකින් බාධා වන විදියේ බලෙන් පනවා ගත් සංසිද්ධියක් ද යන්න උරගා බැලීමට එය ඔබට අවස්ථාව සළසා දෙයි.

The Law of Attraction / Akarshana nithiya / ආකර්ෂණ නීතිය

රු810.00
or 3 X රු270.00 with

ධනාත්මක සිතුවිලි ආදිය පවත්නා අයට වැඩි වශයෙන් හමුවන්නේ එවැනි අදහස් ඇති අයය.එවිට එවැන්නෝ සාරථක වෙයි.
සිතුවිලි ආදිය යන්නෙන් අදහස් කරනු ලබන්නේ හැඟීම්,විශ්වාස හා ක්‍රියාකාරකම් ද ඇතුලත් බවය.
මෙය සිදුවන්නේ අදාළ පුද්ගලයාගේ ශක්තියට අදාළ සංඛ්‍යාතය කම්පනය වීම සමග ඊට සමාන අය ආකර්ෂණය වන විටය. ආකර්ෂණය ඕනෑම ස්ථානයක දී සිදුවිය හැක. සිහින සැබෑ කර ගැනීමට සහ ජීවිතය ඉහළට ඔසවා තැබීමට ඔබට අවශ්‍ය නම්, මෙම කෘතිය එයට පිළිතුරයි.