Showing 409–432 of 1432 results
Shop
Vintage Journal

නවතනු නොහැකි ගමනක්!
දිනකදී යාවි තුරුපතක්
ගසකට ‘එක පතක්’
ලෙසින් සිතුවත් මොහොතක්
තරු පතකට ‘ගහක්’
යළි හමුනොවෙන
එක ඇත්තක්!
Virupa – විරූපා

තම කුසින් වැදූ කුඩා දියණියට යකින්නකටත් වඩා අන්ත පීඩාකාරී ලෙසින් දරුණු වධ හිංසා පමුණුවමින් ඉතා අමානුෂික අයුරින් සැලකූ කෲරත්වය ඉහවහා ගිය මවකගේ ම්ලේච්ඡ පිළිවෙතත්, නිරන්තර වධ බන්ධන නිසා අතිශය පීඩාවට හා කම්පාවට පත් අසරණ දැරියකගේ ශෝකාන්තයත් සියොළඟ ලොමු ඩැහැ ගැන්වෙන ලෙසින් රචිත අනුවේදනීය කතාවයි ‘විරූපා’.
සම්මානනීය පරිවර්තක චන්ද්‍රශ්‍රී රණසිංහ විසින් පරිවර්තිත ‘විරූපා’ කෘතියෙන් දිගහැරෙන්නේ ස්ත්‍රීත්වයේ කොතග මිණ වන් පරමෝදර මාතෘත්වය මලින කරමින් එයට නිගරු වන චර්යාවකින් යුත් කෲර ගැහැනියකගේ ක්‍රියා කලාපයත්, එබඳු අමානුෂික මවකට දාව උපන් තිර අදිටනින් සහ නොපසුබස්නා දිරියෙන් කටයුතු කර සමාජයේ මුදුන් පෙත්තට නැඟගත් දිරිය දියණියක් අතීතය දෙසට හැරී බලමින් පවසන තම අනුවේදනීය ජීවිත කතාවත් ය.
ඇදහිය නොහැකි මනඃකල්පිත ප්‍රබන්ධයක් ලෙස හැඟී ගිය ද, එය අප වසන මිනිස් සමාජය තුළම සැඟවුණු ඇතැම් ජුගුප්සාජනක පැතිකඩවල් නිරුවත් කර දක්වන්නා වූ හද සසල කරවන සත්‍ය කතා පුවතකි.
සෑම ගැහැනියක විසින්ම අනිවාර්යයෙන්ම කියවිය යුතු Constance Briscoe ගේ UGLY ස්වයංලිඛිත චරිතාපදානයේ සිංහල පරිවර්තනය ‘විරූපා’ ඔබේ පාඨක රුචිය නව මානයකට රැගෙන යන අනුවේදනීය වෘත්තාන්තයකි.
Vishishtathvayata Maga – විශිෂ්ටත්වයට මග

අප තුල සිටින මහා යෝධයා අවදිකර ගැනීමට උපදෙස් දීම සදහා ඉදිරිපත් කරන ලදී
Wada Bari Dasa 1- Kusum Puraye waanayo | වැඩ බැරි දාස ගැන කතා 1 – කුසුම් පුරයේ වාමනයෝ

Wada Bari Dasa 11 – Mi Pani Palastharaya | වැඩ බැරි දාස ගැන කතා 11 – මී පැණි පැලැස්තරය

Wada Bari Dasa 12 – Aluth Yaluwo | වැඩ බැරි දාස ගැන කතා 12 – අලුත් යාළුවො

Wada Bari Dasa 2 – Sangitha Karayek Una Hati | වැඩ බැරි දාස ගැන කතා 2 – සංගීත කාරයෙක් උන හැටි

Wada Bari Dasa 3 – Chithra shilpiyek Wunu Hati | වැඩ බැරි දාස ගැන කතා 3 – චිත්‍ර ශිල්පියෙක් වුණු හැටි

Wada Bari Dasa 4 – Kawi Liyapu Hati | වැඩ බැරි දාස ගැන කතා 4 – කවි ලියපු හැටි

Wada Bari Dasa 6 – Daksa Pala | වැඩ බැරි දාස ගැන කතා 6 – දක්ස පාල

Wada Bari Dasa 7- Guwan Gamanata Sudanam Wima | වැඩ බැරි දාස ගැන කතා 7 – ගුවන් ගමනට සුදානම් වීම

Wada Bari Dasa 9 – Guwane Piyabima | වැඩ බැරි දාස ගැන කතා 9 – ගුවනේ පියාඹිම

Wada Bari Dasa Gana Katha 5 – Gaman Giya Sati | වැඩ බැරි දාස ගැන කතා 5 – ගමන් ගිය සැටි

waduru Hadawatha | වදුරු හදවත

ළමා මනස හඳුනාගත් ඇයටම පොතක් ආවේණික වූ චිත්‍ර කලාවකින් කුඩා දරුවන්ගේ සදාතනික වීරවරිය බවට පත්වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ළමා කතා එකතුව
Waduru Udawwa | වදුරු උදව්ව

ළමා මනස හඳුනාගත් ඇයටම පොතක් ආවේණික වූ චිත්‍ර කලාවකින් කුඩා දරුවන්ගේ සදාතනික වීරවරිය බවට පත්වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ළමා කතා එකතුව
Wasilissath Oyath Mamath | වසිලිස්සත් ඔයත් මමත්

වසිලිස්සන් ඔයත් මමත්
රෑට නැති නුවණ – උදේට පහළ වෙන වග කියා
නිදාගන්නට ගිය නුවණක්කාර වසිලීස්සා,
කියන්නට පුළුවන්ද ඉතින්
පළමු හිරු එළියෙදී පහළ උණාද ඔයාට
ප්‍රේමය අත්හරින නුවණ?
හැකි උණාද – ඔහුව සොයා ගෙන නොගිහින්
ඒ පාළු පාර හැර වෙනත් මල් පිපෙන පාරක යන්න
තණකොළ පෙත්තෙකුගෙ තාලයට පැන පැන දුවද්දී
රුසියාවේ නගරයක ඔරලෝසු කණුවක කටු
නවතිනව නම් කියල හිතිලාම නැද්ද?
වෙලාවයි හුස්මයි දෙකම
ඔයාගේ ඇස් මානයෙන් ඔහු
හිනාවී ගිය වෙලාවට..
චරිතා ප්‍රවර්ධි බණ්ඩාර
Wassana Sihinaya | වස්සාන සිහිනය

ප්‍රේමයේ නිදහස හෙවත්
ස්වයංවරයට එරෙහි ව
පවතින ආර්ථික කොන්දේසි
ප්‍රශ්න කිරීමක් මෙන් ම
ප්‍රේමයෙන් ආතුරවීම උදෙසා
මිනිසා තුළ වන
මානවීය ලාලසාව මූර්තිමත් කිරීමක් ද
‘වස්සාන සිහිනය’ තුළ දැකිය හැකි ය.
Watukurulu Katha. Guy de Maupassant | වටුකුරුළු කථා. ගී ද මෝපසාං
රු275.00
සොඳුරු සෝබර හැඟුම් දනවන කෙටිකතා නිර්මාණ බෙහෙවින්ම අපට කියවන්නට ලැබී ඇත්තේ ගී ද මෝපසාං නම් වූ මහාලේඛකයාගේ ප්රබන්ධ වලිනි. මෝපසාංගේ කෙටිකතාවක් කියවා අවසාන වූ සැණින් ක්ෂණික, සුවබර වල්මත් වීමකට නතු වූවාක් වැනි ස්වභාවයක් අපේ සිතට දැනෙයි. කතාව මතු පිටින් ගලායන උත්ප්රාසය එක්වරම හඳුනාගන්නා අප, එහිම ගැඹුරේ වන අනුවේදනීය, හදරිදවන ස්වභාවය ග්රහණය කර ගන්නේ මඳ විරාමයකින් පසුව ය. මේ අපූර්වාකාර හැඟීම වඩාත් තීව්ර ලෙස දැනීයන්නේ ප්රංශ බසින් ම මේ කතා කියවන්නකුට විය හැකි ය. සිංහල පාඨකයාට බොහෝ විට කියවන්නට ලැබී ඇත්තේ ඉංග්රීසි බසට පෙරළී යළි සිංහලට නැගුණු (ගී ද මෝපසාංගේ) කතා ම වන හෙයින් මේ තත්ත්වය පරිපුර්ණ ලෙස ග්රහණය කරගත හැකිවී දැයි සැක සාංකාවක් ද පැනනගියි. බොහෝ විට එසේ සිතෙන්නේ වටු කුරුළු කථා වැනි කථා සංග්රහයක් කියවන විටදී ය. මණ්ඩාවල පඤ්ඤාවංස හිමියන් විසින් ‘වටුකුරු) කථා සිංහල භාෂාවට නගනු ලැබ එහි හේතුවයි. ඇත්තේ ඍජුව ප්රංශ බසින් ම වීම එහි හේතුවයි.