Showing 409–432 of 1323 results
Super Reader Week Sale
📚 Super Book Readers Weekly Sale Alert! 🚀 Immerse yourself in a world of literary treasures at [YourWebsite.com]. 🌈 Uncover thrilling stories, heartwarming tales, and more, all at irresistible prices! 🎉 Don't miss out—explore now and let the reading adventures begin!
Shop
අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය 2 | Adamayage Athmarakshaka Padhathiya 2

මේ වනවිට ශෙන් චිංච්‍යු, ලුඔ බිංහට ද්‍රෝහී වී තෙවසරකි. එසේම, ඔහුගේ එම ‘නැසීගිය’ ශිෂ්‍යයා, මරණයෙන් නැවත පැමිණ සිය බලය තහවුරු කිරීමටද තවත් දෙවසරක් ඉතිරිව ඇත. නොඑසේ නම්, අඩුම තරමේ එය සිදුවිය යුතුව තිබුණේ එලෙසිනි.
කෙසේ නමුත්, ශෙන් චිංච්‍යු එක්තරා අද්භූත වසංගතයක් පිළිබඳව විමර්ශනය කරමින් සිටින අතරතුර වටහාගනු ලැබුවේ, තමාගේම ක්‍රියාවන් හේතුවෙන්, මුල් නවකතාවේ පථය වෙනස් වී, ලුඔ බිංහ නිසි කාලයට වඩා බොහෝ පෙරාතුවම නැවත පැමිණ සිටින බවයි. ශෙන් චිංච්‍යුගේ අතිදක්ෂ පලා යාමේ සැලැස්මද තවම සූදානම් නැත. එයටත් වඩා බරපතළ කරුණ නම්, ශෙන් චිංච්‍යුට තවදුරටත්, සිය ශිෂ්‍යයාගේ ක්‍රියා පිළිබඳව පුරෝකථනය කළ හැකි නොවීමයි.
නොවෙනස්ව පැවැති එකම දේ වූයේ, ලුඔ බිංහගේ කෝපය තවමත්, ශෙන් චිංච්‍යු වෙතම යොමුව පැවැතීම පමණි. නමුත්, එය පෙනෙනවාටත් වඩා දරුණු කෝපයක් වන සේය. කෙසේ වුවද, ශෙන් චිංච්‍යුට මෙම වියවුල නිවී සැනසිල්ලේ බේරුමක් කරගැනීමට තරම් කාලයක් ඇතිවාද නොවේ. හෙතෙම විගසින්ම ක්‍රියාත්මක නොවූයේ නම්, ඔහුගේ ඉරණම මරණයටත් වඩා දරුණු වනු ඇත.
අධිරාජ්‍යවාදය – ධනවාදයේ ඉහලම අවධිය | Adhirajyawadaya – dhanawadaye ihalama awadhiya

අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් ද සමාජ අයිතියක් ද? | Adyapanaya welanda bhandayk d?

“වැඩ කරන ජනතාවට දැනුම අවශ්‍ය හෙයින් ඔවුහු දැනුම සඳහා පිපාසයෙන් පෙළෙති. වැඩ කරන ජනයාගෙන් දහයෙන් නවයම විමුක්තිය සඳහා අරගලයේදී දැනුම ආයුධයක් බවත් ඔවුන්ගේ පරාජයන්ට හේතුව අධ්‍යාපනය නොමැතිකම බවත් දැන් සෑම දෙනාට, ඇත්ත වශයෙන්ම අධ්‍යාපනයට ප්‍රවේශ වීමට ඉඩ සැලසීම තමන්ට භාර වූ කටයුත්තක් බවත් අවබෝධ කරගෙන සිටිති.”
අනුන්ගේ ලේ | Anunge Le

මෙම නවකතාව මුල වරට ප්රකාශයට පනවන්නේ දෙවැනි ලෝක යුද්ධය අවසාන වීමෙන් පසුව ගොඩනැගුණු සමාජ්, සන්දර්භයෙදී ය. එදා සිට අද දක්වාම බහුමානීය පාඨක පරිකල්පන, රසාංකුර ප්රබෝධයට පත් කළ, ආස්වාදනීය පොතකි
අඳ වාදකයා / ada wadakaya

ව්ලදිමීර් කරලෙන්න්කොගේ ‘අඳ වාදකයා නම් මෙම කෘතිය රුසියන් බසින් සිංහලයට නඟා ඇත්තේ දැදිගම වින්සන්ට රුද්රිගු විසිනි 1929 ජුනි 25 දා කොළඹදී උපත ලැබූ හේ එක්දහස් නවසිය පනස් ගණන්වල ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උද්යෝගිමත් ක්‍රියාධරයෙක් විය.
1960 දී මොස් කව්හි ලුමුම්බා’ මිත්‍රත්ව සරසවියට ඇතුළත් වූ ඔහු එහිදී වෛද්‍ය උපාධිය හිමිකර ගත්තේය. අනතුරුව මොස්තහිම වෛද්‍ය සේවයෙහි නිරත වූ හේ තදනන්තරව සාහිත්‍ය හා සන්නිවේදන කටයුතු වල ද නියැළුණු අතර 1988 නොවැම්බර් 29 දා එහි දීම මිය ගියෝය.
රුසියානු හා සෝවියට සාහිත්‍ය කෘතින් සමම්භාරයක් රුසියන් බසින් සිංහලයට නැගීම මගින් එකී සාහිත්‍ය මෙහි ප්‍රචලිත කිරීමෙහි ලා ඔහු අතින් ඉටු වූ මෙහෙවර අගයමින් 2005 ඔක්තෝබර් 27 දා කොළඹ දී ඔහුගේ නමට ‘ලියෝ කොල්ස්ටෝයි’ සම්මානය පුදනු ලැබීය.
අපට කෙළවුනේ ඇයි? | Apita kela une ai?

මුල සිට අගටත් අග සිට මුලටත් ආරෝහණ අවරෝහණ ක්‍රමයට ප්‍රත්‍යවේක්ෂා කරන විට අපට වෙච්ච දේ ගැන කලකිරීමක්, අසහනයක් ඇතිවෙයි. වසර 70ක් පමණ, නැතිනම් දශක හතක විමසුම් පිරික්සුම් අත්දැකීම් සමාජ සංස්කෘතික, දේශපාලනික, ආර්ථික සන්දර්භය ගැන වැටහෙන නුවණින් ක්‍රියා කළ ප්‍රේම් දිසානායක නොකැළැල්, නොවක් සිතුවිල්ලෙන් ‘අපට කෙළ වුණේ ඇයි?’ යන පොත රචනා කොට ශ්‍රී ලාංකික පාඨක සමාජයට ඉදිර්පත් කරනුයේ පටු ලාභ අරමුණු – පරමාර්ථ සාධනය කර ගැනීමට නොවෙයි.
‛රස ලෙස කීමට වඩා යස ලෙස කිරීම හොඳලු” Better to act well than to speak sweetly යන්න අපේ පැරැණි කියමනකි.
පීඩිත ජනයා වෙනුවෙන් සටන් කිරීම හොඳ මානව භක්තිය ඇති ලේඛකයකුගේ යුතුකමකි. පීඩිත ජනයා රැක ගැනීම සඳහා ආණ්ඩුකාරයන්, නිලධාරීන්, ධනවතුන් ඇතුළු ප්‍රජා පීඩකයන් නිර්භය ලෙස විවේචනය කළ යුතුය.
ප්‍රේම් දිසානායක නම් සංවේදී, ගුණ නුවණැති පුරවැසියා මේ පොතෙන් සිදු කොට ඇත්තේ එබඳු සමාජ සත්කාරයකි. ප්‍රජාචාරයකි.
“සූර ලේඛකයා අතෙහිදී භාෂාව ඉතා තියුණු අවියක් වෙයි. වියරණය වූ කලී ඒ අවියෙන් හරඹ කොට තමාගේ අභිමතාර්ථය මුදුන් පමුණුවා ගැනීම සඳහා ලේඛකයාට උපකාර වන විධි සමූහයකි. අනිත් හැම විධි, සිරිත්, නීති මෙන් වියරණ රීති ද මනුෂ්‍යයා තමාගේ වුවමනාවන් අනුව වෙනස් කරයි. ඉවත දමයි. බිඳියි. වියරණය ධාතු කරඬුවක් නොව අප එකිනෙකාගේ වුවමනාවන් අනුව නැමිය යුතු, තැලිය යුතු, බිඳිය යුතු උපකරණයකි.” වසර 75කට පෙර මාර්ටින් වික්‍රමසිංහ මහ ගත්කතුවරයාණෝ පැවසූහ.
ඒ අනුව මේ පොත කියවා බලා පැත්තකට දැමීමට නොවේ, තමන්ගේ යුතුකම, වගකීම යථාවාදීව තථාකාරීව ක්‍රියාත්මක කළා දැයි හිතාමතා වැඩ කටයුතු කිරීම සඳහා මේ මොහොත බව දැන ගැනීමටයි. නිදන්නට අවදිවී වැඩ කිරීමටයි.
අපරාධ විද්‍යාවේ මූලධර්ම 1 / aparada vidyawe muladarma 1

අපරාධ විද්‍යාවේ මූලධර්ම 2 / aparada vidyawe muladarma 2

අපරාධය සහ දඬුවම 2 / Aparadaya ha daduwama 2

ජයෝදර් දොස්තයෙව්ස්කිගේ ‘ අපරාධය සහ දඬුවම නම් කෘතිය රුසියන් බසින් සිංහලයට නඟා ඇත්තේ දැදිගම වින්සන්ට රුද්රිගු විසිනි. 1929 ජුනි 25 දා කොළඹදී උපත ලැබූ හේ එක්දහස් නවසිය පනස් ගණන්වල ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උද්යෝගීමත් ක්‍රියාධරයෙකු විය. 1960 දී මොස් කව්හි ‘ලුමුම්බා ‘ මිත්‍රත්ව සරසවියට ඇතුළත් වූ ඔහු එහිදී වෛද්‍ය උපාධිය හිමිකර ගත්තේය. අනතුරුව මොස් කව්හි ම රැඳී වෛද්‍ය සේවයෙහි නිරත වූ හේ තදනන්තරව සාහිත්‍ය හා සන්නිවේදන කටයුතු වල ද නියැළුණු අතර 1988 නොවැම්බර් 29 දා එහි දීම මිය ගියේය. රුසියානු හා සෝවියට් සාහිත්‍ය කෘතීන් සම්භාරයක් රුසියන් බසින් සිංහලයට නැගීම මඟින් එකී සාහිත්‍ය මෙහි ප්‍රචලිත කිරීමෙහිලා ඔහු අතින් ඉටු වූ මෙහෙවර අගයමින් 2005 ඔක්තෝබර 27 දා කොළඹ දී ඔහුගේ නමට ලියෝ කොල්ස්ටෝයි ‘ සම්මානය පුදනු ලැබිය.
අපූරු යාළුවෝ | Apuuru Yaluwo

අප ජීවිතයට විවිධ වයස්වලදී විවිධ වූ අභියෝගවලට මුහුණ දීමට සිදුවේ. එම අභියෝග ජයගැනීමට නම් මෙම නවකතාවේ සඳහන් වන ආකාරයට “ මොන දෙයක් කරන්න වුණත් විශ්වාසයක් තියෙන්න ඕනෑ එහෙම වුනොත් පරදින්නේ නෑ” යන්න. අප ජීවිතය තුලද තිබිය යුතුය යන හැඟීම අවදි කරන ආකාරයෙන් අභියෝගයක් ජයගැනීමට වෙර දරන තරුණයන් පිරිසක් වටා ගෙතුණු 1974 වසරේදී රාජ්‍ය සම්මාන දිනූ නවකතාවකි ලාල් ප්‍රේමනාත් ද මැල් ශූරීන්ගේ අපූරු යාළුවෝ.
අපේ පවුල ප්‍රීතිමත් / Family Wisdom / Ape pawula raththaran

ඇත්තටම අපට උවටැන් කිරීමක් අවශ්‍ය නෑ. අපේ කටයුතු අපටම කර ගන්න පුළුවන්.
ඒත් ඔබ කැමති නම් ඔබට ජීවිතය ගවේශෂණය කරන්න අප සමග රැඳී සිටින්න පුළුවන්.
හැබැයි තවත් එක් දෙයක් පවසන්න අවැසියි.
පවුල් ජීවිත ගත කරන ඔබ බොහෝ දෙනෙක් ආදරය කරන්න දන්නේ නැහැ.
ඒ වගේම ජිවිතයේ පුංචි පුංචි සතුට ඔබ අමතක කරලා.
ඔබ අප සමඟ මේ සුන්දර කඳු වැටියේ ජිවත් වෙන්න සුදානම් නම් ජිවිතයේ සැබෑ වූ නායකත්වය ඔබ හඳුනාගත යුතුයි.
ඔබ ගවේෂණය කළ යුතුයි.
අබාසත්ති | Abasaththi

“මට මැරෙන්ඩ ඇරපං මෝඩයා! ඇයි
මාව ගොඩගත්තේ? එහෙනං දැන් මගේ බෙල්ල මිරිකපං!”
“උඹ මැරියං ඔය බඩේ ඉන්න එකා ඉපදුණාට පස්සෙ, මිනී
නොමරා!”
“ඒ හින්දා තමා යකෝ මං මැරෙන්නේ! මට එපා ඒකා! මට එපා…! මට පිළිකුල්… මට මගේ සරුවාංගෙම පිළිකුල්…
” නැගිටපං ඔතනින්, ගමේ මිනිස්සු වටවෙන්ඩ කලින්!”
කෙල්ල නැගිට්ටේ නෑ. පෙරළිලා හිටියා. නිකං නෙමෙයි, පොළොවේ පස් කකා.
“මට යන්ඩ දිහාක් නෑ. මට යන්ඩ දි…හ…ක් නෑ! උන් මා…ව අල්ලා ගනී. අනේ දෙයියනේ…
කාගේ හරි බයිසිකලයක් එපිටහින් ගියා. ගෝපාල් දැක්කේ නෑ. සිරී…….ස් ගාලා සද්දේ ඇහුණා විතරයි.
ඔය මොකාහරි එකෙක් මේ හෙලුකුටු ගෑනි මෙහෙම ඉන්නවා දැකොත් ගෝපාල හිරෙන් මෙහා නවතින්නැ. එච්චර නම් බැරියෑ… මේකි! මේකිට මොකක් වෙයිද? මොකෙන් මොක වෙලා නවතීද?
අබ්දුල් වෙන්න කලින් | Abdul wenna kalin

අපිට පස්සෙන් පියාඹන උං
ආයෙ හිරවිය යුතුද කොටුවල
තටු කපපු දුක අපි වගේ උං
ආයෙමත් ලිය යුතුද පිටුවල
ගොරව ගොරවා බලං ඉන්නවා
තමයි වටේම අඳුරු කරුවල
එහෙව් විටකදි ගින්දරක් මිස
එලිය මදි දුර ඈත තරුවල
අමරණීයත්වයේ අම යුෂ | Amaraneeyathwaye Ama Yusha

‘අමරණීයත්වයේ අම යුෂ කෙබඳු ආකාරයේ නවකතාවක් ද?
එය ස්මරණයන් ස්පර්ශ කරන්නකි.
වසර දහසක් පමණ වූ කාල අවකාශයක් පුරා විහිද යන මෙම වශීකෘත ආඛ්‍යානය හරහා දිගහැරෙන්නේ යුරෝපයේත් එහි විසූ යුදෙව් ප්‍රජාවගේත් ඉතිහාස කතාවයි.
එය ඉතිහාස ඛණ්ඩයන්ගේ සන්තතිය හෙළිකර දෙමින් යුරෝපා ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරයි.
ආදිකාලීන සහ නූතන යුදෙව්වන්ගේ තොරතුරු ද සමඟින් යුරෝපා ඉතිහාසය තුළ ඔවුන්ගේ සහභාගිත්වයන්, වගවීම් සහ ගමන් මඟෙහි දිශානතිය හැඩගැස්වූ අයුරු ද කියාපායි.
‘අමරණීයත්වයේ අම යුෂ´ කෘතිය මුළුමනින්ම යුරෝපය පදනම්ව නිර්මාණය වූවක් වන අතර මනුෂ්‍යත්වයට ආවේණික දුක-සතුට, ජය-පරාජය, හාස්‍යය, ඛේදය සහ අනුරාගයද එහි නිසි පදමට සංගෘහිතව තිබේ.
අමාවක හස | Amawaka hasa

ඉතින් දකින්න ඕන කරපු දේ – මං ඇස් ඇරපු වෙලේ ඉඳන් හොයපු එකම රූපේ පරණ වලව්වේ ඉස්තොප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙන හඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදුන් ඈත බලන් ඉන්න කවුරුත් කියන පොඩ් නිළමේ…
මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑ.
ඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑ ඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිති වෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකට ආසාවෙන් හිර වෙලා
මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්ද ඔය උණුහුම දැන් ඇත්තටම විඳින කොට – මං අඬන්නදා හිනාවෙන්නදා පවිත්‍ර?
ඒ දෙකම එපා
එහෙනම්?
මේ විදිහටම ඉන්න පොඩි නිළමේ…