Showing 25–48 of 1322 results

Shop

Adisi Nadiya – අදිසි නදිය

රු935.00
or 3 X රු311.67 with

මායාරූපී ප්‍රබන්ධ, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය, දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා ‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි. එසේම මානවවාදී ධීරවීර පුද්ගලයන් හා අදූරදර්ශී අධිපතිවාදී පාලකයින් අතරෙදී පවත්නා නිරන්තර අරගලය ද ‘අදිසි නදී’ දැලේ නිරූපණය වෙයි.

Alibaba Jack Ma – අලිබාබා ජැක් මා

රු680.00
or 3 X රු226.67 with

චීනය රටක් වශයෙන් ගත් කල අතීතයේ සිට ම යුද ගැටුම්, ස්වාභාවික ව්‍යසන, ආර්ථික අවපාතයන් ට නොඅඩුව මුහුණ දුන් රටක් වේ. නමුත් ඒ සෑම අවස්ථාවක දී ම අවස්ථා කළමනාකරණයෙන් යුතුව එම අභියෝගයන්ට මුහුණ දෙමින් නැගී සිටීමේ හැකියාව චීනයට තිබුණි. එහි නූතනවාදී උදාහරණය අලි බාබා නම් අන්තර්ජාල ව්‍යවසායකය නිර්මාණය කල ජැක් මා බවට ලොව ම පිළිගෙන තිබේ. මා ඕ සේතුංගේ මහා පා ගමනින් බිහිවු චීන විප්ලවීය සමුහාණ්ඩුව නව ගෝලීය විද්‍යුත් වාණිජ්‍ය අරගලය තුළින් ගොඩ නැගුණු අන්තර්ජාල විප්ලවීය ව්‍යවසායකත්වයේ පුරෝගාමි චරිතය ඔහු නොවුණත්, අද වන විට එහි බලවත් නායකත්වය ඔහුට හිමි ව තිබේ. 80 දශකයේ සාර්ස් වසංගතයේ දී මුඛ ආවරණ පළැඳගෙන නිවෙස්හි සිට කටයුතු කරමින් ඒ බිඳ වැටීම් සහිත අභියෝගය ඔහු ජය ගත්තේ කෙසේද? ඒ වෙනුවෙන් ඔහු යොදාගත් උපාය උපක්‍රම මෙිානවා ද? “අලි බාබා -ජැක් මා චීනයේ ඉන්ටර්නෙට් ආර්ථික විප්ලවය” නම් මේ කෘතිය ඒ ආකාරයේ අභියෝග ජය ගැනීම වෙනුවෙන් ලියවුණ අත් පොතකි.

Aluyam Sihinaya

රු255.00
or 3 X රු85.00 with

මෙම කෙටි කතාවලදී තමිලිනි දක්වන ලේඛන කුසලතාව ඇගේ තියුණු අසිපතක සෙවණ යට කෘතියෙහි හමුවන කුසලතාවටත් වඩා තරම්ය.. අවංක රචනයේදී ප්‍රබන්ධයත් සැබෑවක් සේ පෙනෙන අතර , සැබෑම කතාවත් මනරම් ප්‍රබන්ධයක් සේ පෙනේ…

Amapen Soyannee – අමාපැන් සොයන්නී

රු425.00
or 3 X රු141.67 with

ලොව පුරා මිලියන 3 කට වඩා අලෙවි වූ භාෂා 18 කට පරිවර්තනය වූ කමලා මාකන්දයාගේ ජනප්‍රිය නවකතාවවේ පරිවර්තනයයි.

America – ඇමෙරිකා

රු403.75
or 3 X රු134.58 with

ග්‍රීන්කාඞ් අතැතිව අමෙරිකාවට ඇතුළු වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික පවුලක් වටා ගෙතුණු, සතුට, සැනසුම, තෘප්තිය හඹා යන අතර,ඒ මායාකාරී පැවැත්ම තුළම ප්‍රයෝගකාරී රැවටිලි සහගතව ගිලී ගිය අභ්‍යන්තර ජීවන සත්‍යයේ දේශාටනය මූර්තිමත් කරන මෙම නවකතාව 2018 ස්වර්ණ පුස්තක අවසාන වටය සඳහා නිර්දේශ විය.

Amma Mata Kiya dun Gee | අම්මා මට කියා දුන් ගී

රු950.00
or 3 X රු316.67 with

මෙය මාලන් බ්‍රැන්ඩෝගේ කථාවයි. එය ප්‍රකාශයට පත් කිරීමට හේතුව ඔහුගේම වචන වලින් කියැවෙන්නේ මෙසේයි.

”මගේ ජීවිතය යනු පෞද්ගලික කාරණාවක් බවත්, ඒ ගැන දැන ගැනීම මගේ පවුලේ හා මා ආදරය කළ අය හැරුණු විට අන් කිසිවකුගේත් රාජකාරියක් නොවන බවත් මම සැමවිටම සිතුවෙමි. යම් දේශපාලන හෝ සදාචාරාත්මක ගැටලු පිළිබඳව මා කථා කළ ද, මගේ මෙන්ම මගේ දරුවන්ගේ ද සුබසිද්ධිය තකා නිහඬව සිටීමට මම සැම විටම උත්සාහ කළෙමි. එහෙත් 70 වන වියේ දී මගේ කථාව. මට හැකි පමණ හොඳින් කීමට මම තීරණය කළෙමි. ඒ අනුව මෙතෙක් මා පිළිබඳව පතුරුවා ඇති සියලු මිථ්‍යාවන් අතරින් සත්‍යය තෝරාගැනීමට මගේ දූ දරුවනට හැකියාව ලැඛෙනු ඇත.

අද වන විට මාලන් බ්‍රන්ඩෝ පිළිබඳව දුසිමකටත් වඩා පොත් ප්‍රමාණයක් ලියැවී ඇත. ඒ සියල්ල අසත්‍ය තොරතුරුවලින් ගහණය. ඒවා හුදු ආන්දෝලනයක් ඇතිකිරීම අරබයා ගොතනු ලැබූ අශ්ශීල ගණයේ ප්‍රවාද සේ සැලකිය හැකියි.”

අද, එනම්; සිය ප්‍රථම වේදිකා රංගනය ඉදිරිපත් කොට වසර 50කට පමණ පසු, අපේ යුගයේ විශිෂ්ටතම නළුවා සිය ජීවිත කථාව රොබට් ලින්ඩ්සේගේද සහාය ඇතිව ප්‍රකාශයට පත්කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස අසාමාන්‍ය ග්‍රන්ථයක් බිහි වී ඇත. ඇතැම් විට හාස්‍ය ජනක, ඇතැම්විට සංවේදී එමෙන්ම සිත් ඇඳබැද ගන්නාසුලු ආකාරයකින් හා විවෘතව හා අවංකව හෙතෙම සිය වෘත්තීය හා පෞද්ගලික ජීවිතය හෙළි කරයි. ඔහුගේ පැහැදිලි කිර්ම ඇතැම් විට කෝපාවිෂ්ට වූත්, අපහාසාත්මක වූත් එමෙන්ම විරුද්ධත්වය ප්‍රකාශ කරන්නා වූත් ස්වරූපයක් පිළිබිඹු කරයි.

කවර දාක හෝ බ්‍රැන්ඩෝගේ චිත්‍රපටයක් නරඹා රස විඳ ඇති ඕනෑම අයෙකුට මෙම පොත ඉමහත් වූ ආස්වාදයක් ගෙන එනු නොඅනුමානය.

Amuthu Kemak | අමුතු කෑමක්

රු170.00
or 3 X රු56.67 with

ළමා මනස හඳුනාගත් ඇයටම  පොතක් ආවේණික වූ චිත්‍ර කලාවකින් කුඩා දරුවන්ගේ සදාතනික වීරවරිය බවට පත්වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ළමා කතා එකතුව  

 

Anna Karenina Book 1

රු765.00
or 3 X රු255.00 with

Anna Karenina Book 2

රු765.00
or 3 X රු255.00 with

Answers from the heart / ඔබේ ප්‍රශ්නයට මගේ පිළිතුර

රු582.00
or 3 X රු194.00 with

Thich Nhat Hanh හිමියන්ගේ පිළිතුරු අවධානයෙන් කියවන විට පෙනී යන වැදගත් කාරණයක් වන්නේ ඕනෑම ගැටළුවකට විසඳුම් සොයන්නට බැහැරට යාමට පෙර ගැටළුවට වගකිව යුත්තේ තමන්ද යන්න සොයා බැලීම අවශ්‍යයෙන්ම කළ යුතු බව පෙන්වා දීමය. එතුමන්ගේ විසඳුම් බොහොමයකට පදනම වී ඇත්තේ බෞද්ධ පරිවයයන්ය. පිළිතුරු සෙවීමේදී අගතිගාමී හා පක්ෂග්‍රාහී නොවිය යුතු බව උන්වහන්සේ පෙන්වා දෙයි.

Apoiyawa | අපොයියාව

රු510.00
or 3 X රු170.00 with

අපොයියාව – මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
රජත පුස්තක සම්මානය 2021 – ප්‍රශස්තම යොවුන් නවකතාව

අපේ ප්‍රහේලිකාවට වචන පැමිණෙන්නේ ද හරියට මේ පාරවල් සතර ඔස්සේ අප අපේ ගෙදරට පිවිසෙනවා වාගේ ය. අත්තා වැනි සිනිඳු වචන කලින් පැමිණෙයි. අපි වැනි දශකාර වචන රංචු ගැසී පැමිණෙයි. අම්මා, කිරිඅම්මා වැනි ගැහැනු වචන ළග පාරවල්වලින් ඉක්මකින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි. කෙසේ නමුතේ රාත්‍රිය වන විට සැවොම ගෙදරට එකතු වෙති.

Aragalam | අරගලම්

රු1,125.00
or 3 X රු375.00 with

අරගලම් දෙමල බසටද නව වචනයක් එකතු කරන කතාවකි. හුදු මානුෂික හිමිකම් හා ගෞරවය පමණක් ප්‍රාර්ථනා කරන දෙමල තරුණියකගේ කතාවකි. ජාති – කුල – ආගම් බේද අභිබවා යන අපේ කාලයේ මහා හැරවුම් ලක්ෂය වන අරගලයක ආරම්භය ප්‍රභන්දයකට ගොනුවිමකි.

Athisakie

රු408.00
or 3 X රු136.00 with

Aththatama api track panapu ganu | ඇත්තටම අපි Track පැනපු ගෑනු

රු450.00
or 3 X රු150.00 with

මිනිස්සු stress වුනාම එක එක දේවල් කරනවා. එක එක විදිහට හැසිරෙනවා. සමහරු අඬනවා, නිදියනවා, අසීමිතව කෑම කනවා… ඔය වගේ විවිධ දේවල් කරලා stress එක නැති කර ගන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට මගේ ඔලුව පිරෙනවා. කරන්නෙ මොනවද කියලා හිතා ගන්න බෑ. ඒ වෙලාවට හිතට එන දේවල් හිතේ හැටියට ලියනවා. ඉස්සර මම, මම නෙමේ වගේ ලිව්වා. ඊට පස්සේ මම, මම විදිහටම ලිව්වා. ජීවිතේ සමහර කාල එනවා අපිට අපිව තනිවම දරාගන්න වෙන. ඒක ලේසි නෑ. මොකක් හරි ක්‍රමයක් අල්ල ගන්න ඕනා අපේ හිතට නිදහසක් සැහැල්ලුවක් ඇතිවෙන. මම අල්ල ගත්ත ක්‍රමය ඔහේ ලියන එක. හිතට එන දේවල් ඒ වෙලාවෙම phone එක අතට අරන් facebook එකේ කොටනවා. ඒ කියන්නෙ, මම ට්‍රැක් පැන්න වෙලාවට කළේ බුකියේ ලියන එක. මොකද ඇත්තටම මම ට්‍රැක් පැනපු ගෑනියෙක්,

Atomic Habits | දකින්න වෙනස්ව ජීවිතය

රු900.00
or 3 X රු300.00 with

ජීවිතයට ඵලදායී විශාල පුරුදු ගොඩනගා ගත හැක්කේ අප තුළ ඇති සියුම් පුරුදු දිනෙන් දින ස්ථිරසාර ලෙස වැඩි දියුණු කර ගැනීම තුළිනි. පුරුදු ගොඩනැගීම පිළිබඳ ලොව ප්‍රකට විශේෂඥයකු සේම ගත්කතුවරයකු ද වන ජේම්ස් ක්ලියර් විසින් මෙම කෘතිය සම්පාදනය කරන ලදී.

ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත සාර්ථක කර ගැනීමට ඉවහල් වූ Atomic Habits කෘතියේ සිංහල පරිවර්තනය ඔබට ඒ සදහා ප්‍රායෝගික උපාය මාර්ග පෙන්වා දෙයි.

Awalassana Amerikanuwa අවලස්සන ඇමරිකානුවා – The Ugly American Sinhala Translation

රු1,260.00
or 3 X රු420.00 with
” කෙසේවුවද සිය ජාත්යන්තර ප්රතිපත්තිය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් එදා මෙදා තුර නොයෙකුත් ප්රතිසංස්කරණ ගෙන ආවද, 2019දී මයිකල් මේයර් විසින් ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතට “Still ‘Ugly’ After All These Years- වසර ගණනාවකට පසුවත් අප තාමත් අවලස්සනයි” මැයෙන් ලියු ලිපියකින් පෙන්වා දී තිබුණේ ඇමරිකානු විදෙස් සේවය තවත් ලෙඩෙරර් සහ බර්ඩික් පැවසූ තැනින් ඔබ්බට විත් නොමැති බවයි. ප්රකාශයට පත්වී වසර හැට පහකට ආසන්න කාලයක් ගෙවී ගියද අදටත් මේ කෘතිය වලංගු වන්නේ එබැවිනි.
ඇමෙරිකානු ආධාර වූ ව්යාප්තීන්හි අරමුණු ද මෙම කෘතිය තුල දැඩිව විවේචනයට ලක් වී තිබේ. දශක 6-7 තිස්සේ ඇමෙරිකානු ආධාර ලැබූ බොහෝ රටවල් තාමත් පසුවනුයේ දරිද්රතාවයේ පහලම අඩියේ ය . (එයට හොඳම උදාහරණය ශ්රී ලංකාවයි) ජාතීන්ට ස්වාධීනත්වය සහ ආර්ථික සෞභාග්ය ඇතිකරගැනීමට ආධාර දීම වෙනුවට ඔවුන් තමන්ට අවනතභාවයේ රඳවා ගැනීම උදෙසා ඔවුන්ගේ පාලකයන්ට ලබාදුන් දොළපිදේනි වෙනුවෙන් අදටත් පීඩා වෙන ජාතීන් කොපමණද?”
“සර්කාන්හි වැසි සහිත කඳුකර පෙදෙස් වැසී ඇත්තේ සීඝ්රයෙන් වැඩෙන් සහ ඉතා ඝන තණකොළවලිනි. මෙම තණකොළ කෙතරම් රළු සහ එහි මූල ව්යුහය කෙතරම් සංකීර්ණ වීදියත්, වෙනත් යම් භෝග වගාවක් සඳහා භාවිතා කරනු පිණිස බිම සකස් කිරීමට ඒවා උගුල්ලා ඉවත් කිරීම ඉතා අසීරුය. කොල්වින් මෙම තණකොළ සාම්පලයක් පරීක්ෂණ සඳහා යවන ලදුව, එය ටෙක්සාස් හි සංවර්ධනය කරන ලද කෙටි පාද සහිත, කඩිසර ඉක්මනින් වර්ධනය වන ගව වර්ගයකගේ ආහාරය සඳහා යෝග්ය බව සොයා ගත්තේය.
සර්කාන් වැසියන්ට කිරි සහ එහි අතුරු නිෂ්පාදනය භාවිතාකිරීමට ඉගැන්විය හැකිනම් ,කිසි ලෙසකින් ප්රයෝජනයට ගත නොහැකි මෙකී භුමියේ ගව පාලනය සාර්ථක නොවන්නේ මන්ද?එසේම කිරි ආශ්රිත අතුරු නිෂ්පාදන සඳහා ආසියාවේ හොඳ වෙළඳ පොළක් ඇත.බටර් වලින් ගිතෙල් නිෂ්පාදනය කර ඉන්දියාවට අලෙවි කළ හැකි අතර,සර්කාන්හි ශිල්පින් සම් පදම් කර නිමි භාණ්ඩ බවට පත් කරනු ලබනු ඇත.
නමුත් මුලින්ම සර්කානුවන් කිරි වලට හුරු කළ යුතුව ඇත.
කොල්වින් මෙම කොටස තමා වෙතම පවරා ගත්තේය.ඔහු සර්කාන්හි පිටි කරන ලද කිරි විකුණුවේ ය. වසරකට පසු ටෙක්සාස් එළදෙනුන් පැමිණීමට පටන් ගත් විට, එය නැවුම් කිරි වෙළඳාමත් බවට හරවනු ලැබේ. ව්යාපාරය තහවුරු වී දුවන්නට ගත් පසු කොල්වින්, තම කොටස් විකුණා පිටව යාමට අදහස් කළේය.”