Showing 25–48 of 1295 results

Shop

Alibaba Jack Ma – අලිබාබා ජැක් මා

රු680.00
or 3 X රු226.67 with

චීනය රටක් වශයෙන් ගත් කල අතීතයේ සිට ම යුද ගැටුම්, ස්වාභාවික ව්‍යසන, ආර්ථික අවපාතයන් ට නොඅඩුව මුහුණ දුන් රටක් වේ. නමුත් ඒ සෑම අවස්ථාවක දී ම අවස්ථා කළමනාකරණයෙන් යුතුව එම අභියෝගයන්ට මුහුණ දෙමින් නැගී සිටීමේ හැකියාව චීනයට තිබුණි. එහි නූතනවාදී උදාහරණය අලි බාබා නම් අන්තර්ජාල ව්‍යවසායකය නිර්මාණය කල ජැක් මා බවට ලොව ම පිළිගෙන තිබේ. මා ඕ සේතුංගේ මහා පා ගමනින් බිහිවු චීන විප්ලවීය සමුහාණ්ඩුව නව ගෝලීය විද්‍යුත් වාණිජ්‍ය අරගලය තුළින් ගොඩ නැගුණු අන්තර්ජාල විප්ලවීය ව්‍යවසායකත්වයේ පුරෝගාමි චරිතය ඔහු නොවුණත්, අද වන විට එහි බලවත් නායකත්වය ඔහුට හිමි ව තිබේ. 80 දශකයේ සාර්ස් වසංගතයේ දී මුඛ ආවරණ පළැඳගෙන නිවෙස්හි සිට කටයුතු කරමින් ඒ බිඳ වැටීම් සහිත අභියෝගය ඔහු ජය ගත්තේ කෙසේද? ඒ වෙනුවෙන් ඔහු යොදාගත් උපාය උපක්‍රම මෙිානවා ද? “අලි බාබා -ජැක් මා චීනයේ ඉන්ටර්නෙට් ආර්ථික විප්ලවය” නම් මේ කෘතිය ඒ ආකාරයේ අභියෝග ජය ගැනීම වෙනුවෙන් ලියවුණ අත් පොතකි.

Aluyam Sihinaya

රු255.00
or 3 X රු85.00 with

මෙම කෙටි කතාවලදී තමිලිනි දක්වන ලේඛන කුසලතාව ඇගේ තියුණු අසිපතක සෙවණ යට කෘතියෙහි හමුවන කුසලතාවටත් වඩා තරම්ය.. අවංක රචනයේදී ප්‍රබන්ධයත් සැබෑවක් සේ පෙනෙන අතර , සැබෑම කතාවත් මනරම් ප්‍රබන්ධයක් සේ පෙනේ…

Amapen Soyannee – අමාපැන් සොයන්නී

රු425.00
or 3 X රු141.67 with

ලොව පුරා මිලියන 3 කට වඩා අලෙවි වූ භාෂා 18 කට පරිවර්තනය වූ කමලා මාකන්දයාගේ ජනප්‍රිය නවකතාවවේ පරිවර්තනයයි.

America – ඇමෙරිකා

රු403.75
or 3 X රු134.58 with

ග්‍රීන්කාඞ් අතැතිව අමෙරිකාවට ඇතුළු වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික පවුලක් වටා ගෙතුණු, සතුට, සැනසුම, තෘප්තිය හඹා යන අතර,ඒ මායාකාරී පැවැත්ම තුළම ප්‍රයෝගකාරී රැවටිලි සහගතව ගිලී ගිය අභ්‍යන්තර ජීවන සත්‍යයේ දේශාටනය මූර්තිමත් කරන මෙම නවකතාව 2018 ස්වර්ණ පුස්තක අවසාන වටය සඳහා නිර්දේශ විය.

Amuthu Kemak | අමුතු කෑමක්

රු170.00
or 3 X රු56.67 with

ළමා මනස හඳුනාගත් ඇයටම  පොතක් ආවේණික වූ චිත්‍ර කලාවකින් කුඩා දරුවන්ගේ සදාතනික වීරවරිය බවට පත්වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ළමා කතා එකතුව  

 

Anna Karenina Book 1

රු765.00
or 3 X රු255.00 with

Anna Karenina Book 2

රු765.00
or 3 X රු255.00 with

Answers from the heart / ඔබේ ප්‍රශ්නයට මගේ පිළිතුර

රු582.00
or 3 X රු194.00 with

Thich Nhat Hanh හිමියන්ගේ පිළිතුරු අවධානයෙන් කියවන විට පෙනී යන වැදගත් කාරණයක් වන්නේ ඕනෑම ගැටළුවකට විසඳුම් සොයන්නට බැහැරට යාමට පෙර ගැටළුවට වගකිව යුත්තේ තමන්ද යන්න සොයා බැලීම අවශ්‍යයෙන්ම කළ යුතු බව පෙන්වා දීමය. එතුමන්ගේ විසඳුම් බොහොමයකට පදනම වී ඇත්තේ බෞද්ධ පරිවයයන්ය. පිළිතුරු සෙවීමේදී අගතිගාමී හා පක්ෂග්‍රාහී නොවිය යුතු බව උන්වහන්සේ පෙන්වා දෙයි.

Apoiyawa | අපොයියාව

රු510.00
or 3 X රු170.00 with

අපොයියාව – මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
රජත පුස්තක සම්මානය 2021 – ප්‍රශස්තම යොවුන් නවකතාව

අපේ ප්‍රහේලිකාවට වචන පැමිණෙන්නේ ද හරියට මේ පාරවල් සතර ඔස්සේ අප අපේ ගෙදරට පිවිසෙනවා වාගේ ය. අත්තා වැනි සිනිඳු වචන කලින් පැමිණෙයි. අපි වැනි දශකාර වචන රංචු ගැසී පැමිණෙයි. අම්මා, කිරිඅම්මා වැනි ගැහැනු වචන ළග පාරවල්වලින් ඉක්මකින් අඩි තබා පැමිණෙන අතර තාත්තා වැනි ලොකු වචන රෑ බෝ වී පැමිණෙයි. කෙසේ නමුතේ රාත්‍රිය වන විට සැවොම ගෙදරට එකතු වෙති.

Aragalam | අරගලම්

රු1,125.00
or 3 X රු375.00 with

අරගලම් දෙමල බසටද නව වචනයක් එකතු කරන කතාවකි. හුදු මානුෂික හිමිකම් හා ගෞරවය පමණක් ප්‍රාර්ථනා කරන දෙමල තරුණියකගේ කතාවකි. ජාති – කුල – ආගම් බේද අභිබවා යන අපේ කාලයේ මහා හැරවුම් ලක්ෂය වන අරගලයක ආරම්භය ප්‍රභන්දයකට ගොනුවිමකි.

Athisakie

රු408.00
or 3 X රු136.00 with

Aththatama api track panapu ganu | ඇත්තටම අපි Track පැනපු ගෑනු

රු450.00
or 3 X රු150.00 with

මිනිස්සු stress වුනාම එක එක දේවල් කරනවා. එක එක විදිහට හැසිරෙනවා. සමහරු අඬනවා, නිදියනවා, අසීමිතව කෑම කනවා… ඔය වගේ විවිධ දේවල් කරලා stress එක නැති කර ගන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට මගේ ඔලුව පිරෙනවා. කරන්නෙ මොනවද කියලා හිතා ගන්න බෑ. ඒ වෙලාවට හිතට එන දේවල් හිතේ හැටියට ලියනවා. ඉස්සර මම, මම නෙමේ වගේ ලිව්වා. ඊට පස්සේ මම, මම විදිහටම ලිව්වා. ජීවිතේ සමහර කාල එනවා අපිට අපිව තනිවම දරාගන්න වෙන. ඒක ලේසි නෑ. මොකක් හරි ක්‍රමයක් අල්ල ගන්න ඕනා අපේ හිතට නිදහසක් සැහැල්ලුවක් ඇතිවෙන. මම අල්ල ගත්ත ක්‍රමය ඔහේ ලියන එක. හිතට එන දේවල් ඒ වෙලාවෙම phone එක අතට අරන් facebook එකේ කොටනවා. ඒ කියන්නෙ, මම ට්‍රැක් පැන්න වෙලාවට කළේ බුකියේ ලියන එක. මොකද ඇත්තටම මම ට්‍රැක් පැනපු ගෑනියෙක්,

Atomic Habits | දකින්න වෙනස්ව ජීවිතය

රු900.00
or 3 X රු300.00 with

ජීවිතයට ඵලදායී විශාල පුරුදු ගොඩනගා ගත හැක්කේ අප තුළ ඇති සියුම් පුරුදු දිනෙන් දින ස්ථිරසාර ලෙස වැඩි දියුණු කර ගැනීම තුළිනි. පුරුදු ගොඩනැගීම පිළිබඳ ලොව ප්‍රකට විශේෂඥයකු සේම ගත්කතුවරයකු ද වන ජේම්ස් ක්ලියර් විසින් මෙම කෘතිය සම්පාදනය කරන ලදී.

ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත සාර්ථක කර ගැනීමට ඉවහල් වූ Atomic Habits කෘතියේ සිංහල පරිවර්තනය ඔබට ඒ සදහා ප්‍රායෝගික උපාය මාර්ග පෙන්වා දෙයි.

Awalassana Amerikanuwa අවලස්සන ඇමරිකානුවා – The Ugly American Sinhala Translation

රු1,260.00
or 3 X රු420.00 with
” කෙසේවුවද සිය ජාත්යන්තර ප්රතිපත්තිය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් එදා මෙදා තුර නොයෙකුත් ප්රතිසංස්කරණ ගෙන ආවද, 2019දී මයිකල් මේයර් විසින් ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතට “Still ‘Ugly’ After All These Years- වසර ගණනාවකට පසුවත් අප තාමත් අවලස්සනයි” මැයෙන් ලියු ලිපියකින් පෙන්වා දී තිබුණේ ඇමරිකානු විදෙස් සේවය තවත් ලෙඩෙරර් සහ බර්ඩික් පැවසූ තැනින් ඔබ්බට විත් නොමැති බවයි. ප්රකාශයට පත්වී වසර හැට පහකට ආසන්න කාලයක් ගෙවී ගියද අදටත් මේ කෘතිය වලංගු වන්නේ එබැවිනි.
ඇමෙරිකානු ආධාර වූ ව්යාප්තීන්හි අරමුණු ද මෙම කෘතිය තුල දැඩිව විවේචනයට ලක් වී තිබේ. දශක 6-7 තිස්සේ ඇමෙරිකානු ආධාර ලැබූ බොහෝ රටවල් තාමත් පසුවනුයේ දරිද්රතාවයේ පහලම අඩියේ ය . (එයට හොඳම උදාහරණය ශ්රී ලංකාවයි) ජාතීන්ට ස්වාධීනත්වය සහ ආර්ථික සෞභාග්ය ඇතිකරගැනීමට ආධාර දීම වෙනුවට ඔවුන් තමන්ට අවනතභාවයේ රඳවා ගැනීම උදෙසා ඔවුන්ගේ පාලකයන්ට ලබාදුන් දොළපිදේනි වෙනුවෙන් අදටත් පීඩා වෙන ජාතීන් කොපමණද?”
“සර්කාන්හි වැසි සහිත කඳුකර පෙදෙස් වැසී ඇත්තේ සීඝ්රයෙන් වැඩෙන් සහ ඉතා ඝන තණකොළවලිනි. මෙම තණකොළ කෙතරම් රළු සහ එහි මූල ව්යුහය කෙතරම් සංකීර්ණ වීදියත්, වෙනත් යම් භෝග වගාවක් සඳහා භාවිතා කරනු පිණිස බිම සකස් කිරීමට ඒවා උගුල්ලා ඉවත් කිරීම ඉතා අසීරුය. කොල්වින් මෙම තණකොළ සාම්පලයක් පරීක්ෂණ සඳහා යවන ලදුව, එය ටෙක්සාස් හි සංවර්ධනය කරන ලද කෙටි පාද සහිත, කඩිසර ඉක්මනින් වර්ධනය වන ගව වර්ගයකගේ ආහාරය සඳහා යෝග්ය බව සොයා ගත්තේය.
සර්කාන් වැසියන්ට කිරි සහ එහි අතුරු නිෂ්පාදනය භාවිතාකිරීමට ඉගැන්විය හැකිනම් ,කිසි ලෙසකින් ප්රයෝජනයට ගත නොහැකි මෙකී භුමියේ ගව පාලනය සාර්ථක නොවන්නේ මන්ද?එසේම කිරි ආශ්රිත අතුරු නිෂ්පාදන සඳහා ආසියාවේ හොඳ වෙළඳ පොළක් ඇත.බටර් වලින් ගිතෙල් නිෂ්පාදනය කර ඉන්දියාවට අලෙවි කළ හැකි අතර,සර්කාන්හි ශිල්පින් සම් පදම් කර නිමි භාණ්ඩ බවට පත් කරනු ලබනු ඇත.
නමුත් මුලින්ම සර්කානුවන් කිරි වලට හුරු කළ යුතුව ඇත.
කොල්වින් මෙම කොටස තමා වෙතම පවරා ගත්තේය.ඔහු සර්කාන්හි පිටි කරන ලද කිරි විකුණුවේ ය. වසරකට පසු ටෙක්සාස් එළදෙනුන් පැමිණීමට පටන් ගත් විට, එය නැවුම් කිරි වෙළඳාමත් බවට හරවනු ලැබේ. ව්යාපාරය තහවුරු වී දුවන්නට ගත් පසු කොල්වින්, තම කොටස් විකුණා පිටව යාමට අදහස් කළේය.”

Awasan Katayuthu Dilliyedi – අවසන් කටයුතු දිල්ලියේදී

රු1,317.50
or 3 X රු439.17 with

මං දන්නෙ කොහොමද? මෙයාලා මට මොනවත් කියන්නෙ නෑ… හැමෝම තම තමන්ගෙ වැඩ… ඔය ප්‍රෙර්නා… ගෙදර එන්නෙ යක්කු ගස් නගින වෙලාවට… ඇහුවම කියන්නෙ වැඩ ඇරිල එන වෙලාව කියල… කෙල්ලෙකුට ඔය හැටි රෑ වෙනකල් තියෙන වැඩ මොනවද? අනිත් කෙනා ගීතුගෙ දුව..! අල්ලපු කාමරේ ඉන්නෙ… ජංගියක් තංර කොට කලිසමක් ගහගෙන රවුං ගහනව! රමේෂ්වත්, ආදිත්‍යවත් ඒ කෙල්ලන්ව ආණ්ඩු මට්ටු කරන්න උනන්දුවක් නෑ… නීලම්… ඒ අනික් එක්කෙනා…! අර කෙල්ලට කවනව… කවනව… එළදෙනෙක් වගේ ආරනකම්ම! මේ ගෙදරින් මං ගැන බලන්නෙ අං අර බින්දු කෙල්ල විතරයි… ඒකිත් නැත්තං මං මෙලහටත් මැරිල..! වළලපු තැන්වල ගසුත් පැළවෙලා!!

Awasanaya Kumakda ? | අවසානය කුමක්ද ?

රු60.00
or 3 X රු20.00 with
ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය විශාල අර්බුදයකට ලක්ව ඇතැ’යි කිව හැකිය. ආණ්ඩු අර්බුද මහජනයාට හොඳින් හුරු පුරුදු වුවත් දේශපාලන ක්‍රමයේ අර්බුද මහජනයාට හුරුපුරුදු නැත . ආණ්ඩු අර්බුද සරලය. ඒ නිසා ඒවා තේරුම් ගැනීමටද පහසුය. දේශපාලන ක්‍රමයේ අර්බුද සංකීර්ණය. ඒ නිසා ඒවා තේරුම් ගැනීමටද එතරම් පහසු නැත. ආණ්ඩු අර්බුදයකදී අලුත් ආණ්ඩුවක් තේරී පත් විය හැකිය. එවැනි අර්බුදයක් පීඩාකාරී වන්නේ බලයෙන් ඇදවැටෙන පාලක පක්ෂයට පමණය. එහෙත් දේශපාලන ක්‍රමයේ අර්බුදයක් බලයේ සිටින පාලක පක්‍ෂය කෙරෙහි පමණක් නොව විරුද්ධ පක්ෂය කෙරෙහිද සමස්ත සමාජය කෙරෙහිද බලපායි. ඒ සියලු දෙනා ඒ මගින් විශාල අර්බුදයකට තල්ලු කළ හැකිය.
මෙම පොත් පිංච ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රමය මුහුණ දී තිබෙන අර්බුදය, ඒ අර්බුදය කෙරෙහි බලපා තිබෙන හේතු, එහි ගතිලක්‍ෂණ හා එය ගමන් කරමින් තිබෙන දිසාව ගැන ලියන ලද විවරණයක් ලෙස සැලකිය හැකිය.

Awi Bimaka Giniyama | අවි බිමක ගිනියම

රු1,080.00
or 3 X රු360.00 with

 

“තැන තැන බිම වැටී ඇති ගස්ලබු ගෙඩි දකිත්ම කෝපුල් හීන්අප්පුගේ උත්සාහය පිළිබඳ සෙසු අයට පැහැදිලි විය. කුසගිනි නිවාගන්නට ඔහු දැරූ ප්‍රයත්නය ගස්ලබු ගසේ ඉහළ සිට පහළට රක්ත වර්ණයෙන් සටහන් වූයේය. භට නිවාසයට ඔසවාගෙන ගිය ඔහුගේ සිරුර ඒ වන විටද ගැහෙමින් තිබිණ. සහයට පැමිණි හෙලිකොප්ටරය ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ ගොඩබැස්සවීමට නොහැකි වූයෙන් ගුවනේ නොපෙනී යන අයුරු කොකාවිල්හි සෙබල බලා සිටියහ. ඒ වනවිටද ලූතිතන් අලදෙනිය හීන්අප්පුගේ සුරත තදින් අල්ලාගෙන සිටියේය. මද්දහනේ අව රශ්මිය භට නිවාසයේ වහල විනි දැනෙන්නට විය. අවසානයේ සියල්ල ගිනියම් වූ මොහොතක කෝපුල් හීන්අප්පු තම සීතල සිරුර පමණක් සහෝදර සගයන්ට ඉතිරි කළේය.”

“මැදියමට ආසන්නවත්ම කොකාවල් සටනෙහි තීරණාත්මක මොහොත එළැඹියේය. ඉතිසන් අලදෙනිය යළි මාන්කුලම් වෙත කතාකරන්නට විය. ඔහුගේ ස්වරය සහමුලින්ම වෙනස්ව තිබිණ. හෙතෙම බෙහෙත් කම්පනයට පත්ව සිටියේය. කඳවුරෙහි තිබූ සියලු වෙඩිදුව්‍ය ඒ වනවිට අවසන්ව තිබූ අතර බරපතල තත්ත්වයේ තුවාල ලැබුවෝ 16 දෙනෙක්ද ඔහු සමග සංඥා මැදිරිය තුළ වූහ. එක් පසෙක බංකර් සියල්ල ද ගිනි ගනිමින් තිබිණි. සතුරන් අවි අමෝරා කඳවුරට කඩා වදින්නට ආසන්නය. එළඹෙන මොහොත කුමන ආකාරයේ වන්නේදැයි ඔහුට සක්සුදක් සේ පැහැදිලිය. කඳවුර වටා තැන තැන හුදෙකලාව සටන් වදිග තම සෙබළුන්ගේ නිරර්ථක උත්සාහය ඔහු දුටුවේය. ජීවිත පිළිබද තවත් කිසියම් හෝ බලාපොරොත්තුවක් එකී සෑම මුහුණකම සටහන්ව තිබුණි.

https://youtu.be/SlAGfgExk2c

 

Ayale Yana Jana Madya | අයාලේ යන ජනමාධ්‍ය

රු280.00
or 3 X රු93.33 with

රටේ මාධ්‍ය වල ඉතිහාසය ආශ්‍රයෙන් මාධ්‍ය වල පසුගාමිත්වය කෙරෙහි බලපා තිබෙන හේතු මේ කෘතියෙන් සලකා බලා තිබේ. ආණ්ඩුවෙත්, හිමිකරුවන් ගෙත් දැන්වීම් කරුවන්ගෙත් හෝ වෙනත් ආකාර වලින් එල්ල වන බලපෑම්වලට යට නොවී ස්වාධීන ලෙසත් නිර්භීත ලෙසත් ආචාර ධර්මානුකූලව හා වෘත්තීය පරිචයකින් ක්‍රියා කරන ජනමාධ්‍ය සංස්කෘතියක් ඇති කර ගැනීම රටේ ඉදිරි ගමනට අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබෙන්නේ යැ’ යි කිව හැකිය

තිබෙන අයහපත් හා අවලස්සන තත්ත්වයට බලපා තිබෙන හේතු තේරුම් ගැනීමෙන් තොරව යහපත් වෙනසකට මුල පිරිය නොහැකිය. මෙම කෘතියේ අරමුණ ලංකාවේ ජනමාධ්‍ය ඇද වැටී තිබෙන අයහපත් තත්ත්වය කෙරෙහි බලපා තිබෙන හේතු සොයා බලන අතර යහපත් වෙනසකට අවශ්‍ය දෘෂ්ටිමය වටාපිටාවක් ඇති කිරීමය.

Balalai Meeyai | බළලයි මීයයි

රු212.50
or 3 X රු70.83 with

ළමා මනස හඳුනාගත් ඇයටම  පොතක් ආවේණික වූ චිත්‍ර කලාවකින් කුඩා දරුවන්ගේ සදාතනික වීරවරිය බවට පත්වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ළමා කතා එකතුව