Showing 457–480 of 1412 results
Shop
අතිපූජ්‍ය දලයි ලාමා මාහිමි හෘදයාංගම උපදේශ | Herdayangama Upadesha

හෘදයංගම උපදේශ’ නමින් මණ්ඩාවල පඤ්ඤාවංස හිමියන් විසින් සිංහලට නගන ලද පූජනීය දලයි ලාමා මාහිමියන්ගේ මේ වටිනා උපදේශ ග්‍රන්ථය ප්‍රංස බසින් එළිදුටු, උන්වහන්සේගේ තවත් එක් කෘතියකි. මෙය දාර්ශනික ග්‍රන්ථයක් නොවේ. එහෙත් බුද්ධිමතුන්ටත්, සාමාන්‍ය පාඨක ජනතාවටත් එක සේ ප්‍රයෝජනවත් වන මෙය බොදු, කිතුනු, හින්දු, මුස්ලිම් ආගමික බෙදීමකින් තොර ව, අනේකවිධ දෝමනස්සයන්ගෙන් සිත නිරවුල් කොට, සැහැල්ලු ලෙස දිවි ගෙවන්නට හැම දෙනාට ම මග කියාදෙන මාහැඟි ග්‍රන්ථයකි.
බෞද්ධ හා බෞද්ධ නොවන ලෝකයේ විවිධ රටවල ජනතාවගේ අති මහත් ගෞරවයට පාත්‍ර වී සිටින අති පූජ්‍ය දැලයි ලාමා මාහිමියන් වහන්සේ, පුද්ගල ජීවිතය, පැවැත්ම හා මරණය සම්බන්ධයෙන් ලෝකයේ විවිධ පුද්ගලයන් නඟන, නොයෙක් ප්‍රශ්න වලට සිනහමුසු මුහුණින් යුතුව පිළිතුරු දෙති. ඔබ අතට පත් වන මෙම කෘතිය සැකසී ඇත්තේ ද එසේ උන්වහන්සේ වෙත නගන ලද විවිධ ප්‍රශ්න වලට සැපයුණු පිළිතුරු අනුසාරයෙනි. මෙහි එන විග්‍රහයන් බෞද්ධ දෘෂ්ටිය මත පදනම් ව නව ලෝකයේ ජීවන ගැටලු මැනවින් තෝරුමි ගනිමින් චතුමා විසින් සපයන ලද ඒවා ය. ප්‍රීතියෙන් යුතු ට මධ්‍යම ප්‍රතිපදාව තුළ හිඳිමින් ලෝක වාසීන්ගේ අනේකවිධ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නට එතුමන් තුළ ඇති අපුරු හැකියාව නිසා ම බටහිර ලෝකයේ පමණක් නොව ලතින් අමරිකානු රටවලත්, ඉන්දියාට ප්‍රමුඛ පෙරදිග රටවලත් උන්වහන්සේගේ හඬ නින්නාද දෙමින් පවතී.
අතිශය අභ්‍යන්තර පරීක්ෂණය / athishaya abyanthara parikshanaya

අතිශය අභ්‍යන්තර පරීක්ෂණය
මෙම ළිඳ එතරම් ගැඹුරු නොවන එකක් බව නිළධාරීන් විසින් සිදු කරනු ලැබූ අනුමානය නිවැරදි විය අඩි විස්සක් පමණ හැරීමෙන් අනතුරුව කොන්ක්‍රීට් කෑලි අතරින් එහි පතුල දැකගත හැකි විය. ළිඳ වටා ඉදිකර තිබූ ආධාරකයේ කොටස ළිඳ තුළ එකිනෙක වැටී තිබුණි. එම කැබැලි ඉවත් කිරීමෙන් අනතුරුව ජලය දැකගත හැකි විය. ළිඳෙහි ඇතුළත බිත්ති මත බැඳි තිබු පාසි මත ප්ලප් ශාක රෝපණය වී තිබුණි. විශාල කොන්ක්‍රීට් කණුවක් ඉවත් කිරීමෙන් අනතුරුව ළිඳ තුළ අත්භූත දෙයක් තිබෙන අයුරු සේවකයෝ දුටුහ.
කැණීමේ කටයුතු නතර කරන ලෙස නල්ලෙනාදන් සහ ගන්දේවත්ත සංඥා කළහ. ශක්තිමත් ලණු යොදා ගනිමින් පුද්ගලයෝ දෙදෙනෙක් ළිඳ තුළට බැස්සහ.
“මෙතන මනුස්සයෙක් පණ පිටින් ඉන්නවා..!”
අත්හරින්න හිත හදන්න / Ath harinna hitha hadanna

ඔබ සිල්වත් නම්, ශික්ෂාවක් පිළිපදින්නේ නම්, ඔබට කිසිදු බියක් නොමැතිව ඕනෑම තැනකට යා හැකි වේ. ඔබේ ආශාවන් ඔබ පාලනය නොකරනු ලබන විට, ඔබ නැමෙන සුළු වෙයි. වෙනස්වන වාතාවරණයට යෝග්‍ය වන පරිදි ඔබට වෙනස් විය හැකි වෙයි. එය ඉන්ද්‍රියයන් පාලනය කර ගැනීමේදී අවශ්‍ය වන විශ්වාසය ගොඩ නගා ගැනීමට සහාය වෙයි. ඔබට අවශ්‍ය පරිදි ඔබේ ඉන්ද්‍රියයන් හික්මවා ගැනීමට හැකි වූ විට දැනෙන හැඟීම වචනයෙන් විස්තර කිරීම දුෂ්කරය. එමගින් ඔබ ලබන ස්වාධීනතාව ඔබේ ජීවිතයට ආලෝකයක් වෙයි.
අද්භූත බෝනික්කාගේ වියරුව | Adbhutha Bonikkage Wiyaruwa

අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය | Adhamayage Athmarakshaka Paddhathiya

ලුඔ බිංහ යනු අන්තර්ජාලයේ පළ වූ නවකතාවක සිටි අර්ධ අසුරයෙකි. ඔහුගේ බාල කාලය ඉතා දුක්ඛිත වූ අතර, අනතුරුව ඔහු මනු රාජධානිය මෙන්ම අසුර රාජධානිය ද සියතට ගෙන සිය ගණනක් වූ භාර්යාවන්ගෙන් යුතු අන්තඃපුරයක් ද සහිතව බොහෝ බලගතු අයෙකු බවට පත් විය.’
ශෙන් යුඇන් කියැවූ සාඩම්බර අමරණීය අසුරයාගේ ගමන්මග නම් නවකතාවේ සඳහන් වූයේ එලෙසයි. නමුත් එම නවකතාව කියවා අවසන් කර, එයින් ඇති වූ කෝපයත් සමග මියගිය ඔහු අනතුරුව කුඩා ලූඔ බිංහගේ කුරිරු ගුරුවරයා වූ ශෙන් චිංච්ඡුගේ ශරීරය තුළ නැවත උපත ලැබුවේය. ශෙන් චිංච්ඡු යනු අසමසම බලයක් සහිත ධ්‍යානවේදියෙක් වූ නමුත්, ඔහුගේ දෛවයේ ලියැවී තිබුණේ තමන් විසින් ප්‍රධාන චරිතයට සිදුකරන ලද අපරාධයන් සඳහා වන්දි ගෙවමින් දරුණු වධ හිංසාවලට ලක්ව මියැදීමටයි.
නව ශෙන් චිංච්‍යුට ඇත්තේ එකම අරමුණක් පමණකි. එනම් ලුඔ බිංහ බලය ලබාගැනීමට පෙර ඔහු තුළ තමා පිළිබඳව සුබවාදී හැඟීමක් ඇති කරවීමයි.
අධමයාගේ ආත්මාරක්ෂක පද්ධතිය 2 | Adamayage Athmarakshaka Padhathiya 2

මේ වනවිට ශෙන් චිංච්‍යු, ලුඔ බිංහට ද්‍රෝහී වී තෙවසරකි. එසේම, ඔහුගේ එම ‘නැසීගිය’ ශිෂ්‍යයා, මරණයෙන් නැවත පැමිණ සිය බලය තහවුරු කිරීමටද තවත් දෙවසරක් ඉතිරිව ඇත. නොඑසේ නම්, අඩුම තරමේ එය සිදුවිය යුතුව තිබුණේ එලෙසිනි.
කෙසේ නමුත්, ශෙන් චිංච්‍යු එක්තරා අද්භූත වසංගතයක් පිළිබඳව විමර්ශනය කරමින් සිටින අතරතුර වටහාගනු ලැබුවේ, තමාගේම ක්‍රියාවන් හේතුවෙන්, මුල් නවකතාවේ පථය වෙනස් වී, ලුඔ බිංහ නිසි කාලයට වඩා බොහෝ පෙරාතුවම නැවත පැමිණ සිටින බවයි. ශෙන් චිංච්‍යුගේ අතිදක්ෂ පලා යාමේ සැලැස්මද තවම සූදානම් නැත. එයටත් වඩා බරපතළ කරුණ නම්, ශෙන් චිංච්‍යුට තවදුරටත්, සිය ශිෂ්‍යයාගේ ක්‍රියා පිළිබඳව පුරෝකථනය කළ හැකි නොවීමයි.
නොවෙනස්ව පැවැති එකම දේ වූයේ, ලුඔ බිංහගේ කෝපය තවමත්, ශෙන් චිංච්‍යු වෙතම යොමුව පැවැතීම පමණි. නමුත්, එය පෙනෙනවාටත් වඩා දරුණු කෝපයක් වන සේය. කෙසේ වුවද, ශෙන් චිංච්‍යුට මෙම වියවුල නිවී සැනසිල්ලේ බේරුමක් කරගැනීමට තරම් කාලයක් ඇතිවාද නොවේ. හෙතෙම විගසින්ම ක්‍රියාත්මක නොවූයේ නම්, ඔහුගේ ඉරණම මරණයටත් වඩා දරුණු වනු ඇත.
අධිරාජ්‍යවාදය – ධනවාදයේ ඉහලම අවධිය | Adhirajyawadaya – dhanawadaye ihalama awadhiya

අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් ද සමාජ අයිතියක් ද? | Adyapanaya welanda bhandayk d?

“වැඩ කරන ජනතාවට දැනුම අවශ්‍ය හෙයින් ඔවුහු දැනුම සඳහා පිපාසයෙන් පෙළෙති. වැඩ කරන ජනයාගෙන් දහයෙන් නවයම විමුක්තිය සඳහා අරගලයේදී දැනුම ආයුධයක් බවත් ඔවුන්ගේ පරාජයන්ට හේතුව අධ්‍යාපනය නොමැතිකම බවත් දැන් සෑම දෙනාට, ඇත්ත වශයෙන්ම අධ්‍යාපනයට ප්‍රවේශ වීමට ඉඩ සැලසීම තමන්ට භාර වූ කටයුත්තක් බවත් අවබෝධ කරගෙන සිටිති.”
අනුන්ගේ ලේ | Anunge Le

මෙම නවකතාව මුල වරට ප්රකාශයට පනවන්නේ දෙවැනි ලෝක යුද්ධය අවසාන වීමෙන් පසුව ගොඩනැගුණු සමාජ්, සන්දර්භයෙදී ය. එදා සිට අද දක්වාම බහුමානීය පාඨක පරිකල්පන, රසාංකුර ප්රබෝධයට පත් කළ, ආස්වාදනීය පොතකි
අඳ වාදකයා / ada wadakaya

ව්ලදිමීර් කරලෙන්න්කොගේ ‘අඳ වාදකයා නම් මෙම කෘතිය රුසියන් බසින් සිංහලයට නඟා ඇත්තේ දැදිගම වින්සන්ට රුද්රිගු විසිනි 1929 ජුනි 25 දා කොළඹදී උපත ලැබූ හේ එක්දහස් නවසිය පනස් ගණන්වල ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උද්යෝගිමත් ක්‍රියාධරයෙක් විය.
1960 දී මොස් කව්හි ලුමුම්බා’ මිත්‍රත්ව සරසවියට ඇතුළත් වූ ඔහු එහිදී වෛද්‍ය උපාධිය හිමිකර ගත්තේය. අනතුරුව මොස්තහිම වෛද්‍ය සේවයෙහි නිරත වූ හේ තදනන්තරව සාහිත්‍ය හා සන්නිවේදන කටයුතු වල ද නියැළුණු අතර 1988 නොවැම්බර් 29 දා එහි දීම මිය ගියෝය.
රුසියානු හා සෝවියට සාහිත්‍ය කෘතින් සමම්භාරයක් රුසියන් බසින් සිංහලයට නැගීම මගින් එකී සාහිත්‍ය මෙහි ප්‍රචලිත කිරීමෙහි ලා ඔහු අතින් ඉටු වූ මෙහෙවර අගයමින් 2005 ඔක්තෝබර් 27 දා කොළඹ දී ඔහුගේ නමට ‘ලියෝ කොල්ස්ටෝයි’ සම්මානය පුදනු ලැබීය.
අපට කෙළවුනේ ඇයි? | Apita kela une ai?

මුල සිට අගටත් අග සිට මුලටත් ආරෝහණ අවරෝහණ ක්‍රමයට ප්‍රත්‍යවේක්ෂා කරන විට අපට වෙච්ච දේ ගැන කලකිරීමක්, අසහනයක් ඇතිවෙයි. වසර 70ක් පමණ, නැතිනම් දශක හතක විමසුම් පිරික්සුම් අත්දැකීම් සමාජ සංස්කෘතික, දේශපාලනික, ආර්ථික සන්දර්භය ගැන වැටහෙන නුවණින් ක්‍රියා කළ ප්‍රේම් දිසානායක නොකැළැල්, නොවක් සිතුවිල්ලෙන් ‘අපට කෙළ වුණේ ඇයි?’ යන පොත රචනා කොට ශ්‍රී ලාංකික පාඨක සමාජයට ඉදිර්පත් කරනුයේ පටු ලාභ අරමුණු – පරමාර්ථ සාධනය කර ගැනීමට නොවෙයි.
‛රස ලෙස කීමට වඩා යස ලෙස කිරීම හොඳලු” Better to act well than to speak sweetly යන්න අපේ පැරැණි කියමනකි.
පීඩිත ජනයා වෙනුවෙන් සටන් කිරීම හොඳ මානව භක්තිය ඇති ලේඛකයකුගේ යුතුකමකි. පීඩිත ජනයා රැක ගැනීම සඳහා ආණ්ඩුකාරයන්, නිලධාරීන්, ධනවතුන් ඇතුළු ප්‍රජා පීඩකයන් නිර්භය ලෙස විවේචනය කළ යුතුය.
ප්‍රේම් දිසානායක නම් සංවේදී, ගුණ නුවණැති පුරවැසියා මේ පොතෙන් සිදු කොට ඇත්තේ එබඳු සමාජ සත්කාරයකි. ප්‍රජාචාරයකි.
“සූර ලේඛකයා අතෙහිදී භාෂාව ඉතා තියුණු අවියක් වෙයි. වියරණය වූ කලී ඒ අවියෙන් හරඹ කොට තමාගේ අභිමතාර්ථය මුදුන් පමුණුවා ගැනීම සඳහා ලේඛකයාට උපකාර වන විධි සමූහයකි. අනිත් හැම විධි, සිරිත්, නීති මෙන් වියරණ රීති ද මනුෂ්‍යයා තමාගේ වුවමනාවන් අනුව වෙනස් කරයි. ඉවත දමයි. බිඳියි. වියරණය ධාතු කරඬුවක් නොව අප එකිනෙකාගේ වුවමනාවන් අනුව නැමිය යුතු, තැලිය යුතු, බිඳිය යුතු උපකරණයකි.” වසර 75කට පෙර මාර්ටින් වික්‍රමසිංහ මහ ගත්කතුවරයාණෝ පැවසූහ.
ඒ අනුව මේ පොත කියවා බලා පැත්තකට දැමීමට නොවේ, තමන්ගේ යුතුකම, වගකීම යථාවාදීව තථාකාරීව ක්‍රියාත්මක කළා දැයි හිතාමතා වැඩ කටයුතු කිරීම සඳහා මේ මොහොත බව දැන ගැනීමටයි. නිදන්නට අවදිවී වැඩ කිරීමටයි.
අපරාධ විද්‍යාවේ මූලධර්ම 1 / aparada vidyawe muladarma 1

අපරාධ විද්‍යාවේ මූලධර්ම 2 / aparada vidyawe muladarma 2

අපරාධය සහ දඬුවම 2 / Aparadaya ha daduwama 2

ජයෝදර් දොස්තයෙව්ස්කිගේ ‘ අපරාධය සහ දඬුවම නම් කෘතිය රුසියන් බසින් සිංහලයට නඟා ඇත්තේ දැදිගම වින්සන්ට රුද්රිගු විසිනි. 1929 ජුනි 25 දා කොළඹදී උපත ලැබූ හේ එක්දහස් නවසිය පනස් ගණන්වල ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උද්යෝගීමත් ක්‍රියාධරයෙකු විය. 1960 දී මොස් කව්හි ‘ලුමුම්බා ‘ මිත්‍රත්ව සරසවියට ඇතුළත් වූ ඔහු එහිදී වෛද්‍ය උපාධිය හිමිකර ගත්තේය. අනතුරුව මොස් කව්හි ම රැඳී වෛද්‍ය සේවයෙහි නිරත වූ හේ තදනන්තරව සාහිත්‍ය හා සන්නිවේදන කටයුතු වල ද නියැළුණු අතර 1988 නොවැම්බර් 29 දා එහි දීම මිය ගියේය. රුසියානු හා සෝවියට් සාහිත්‍ය කෘතීන් සම්භාරයක් රුසියන් බසින් සිංහලයට නැගීම මඟින් එකී සාහිත්‍ය මෙහි ප්‍රචලිත කිරීමෙහිලා ඔහු අතින් ඉටු වූ මෙහෙවර අගයමින් 2005 ඔක්තෝබර 27 දා කොළඹ දී ඔහුගේ නමට ලියෝ කොල්ස්ටෝයි ‘ සම්මානය පුදනු ලැබිය.
අපූරු යාළුවෝ | Apuuru Yaluwo

අප ජීවිතයට විවිධ වයස්වලදී විවිධ වූ අභියෝගවලට මුහුණ දීමට සිදුවේ. එම අභියෝග ජයගැනීමට නම් මෙම නවකතාවේ සඳහන් වන ආකාරයට “ මොන දෙයක් කරන්න වුණත් විශ්වාසයක් තියෙන්න ඕනෑ එහෙම වුනොත් පරදින්නේ නෑ” යන්න. අප ජීවිතය තුලද තිබිය යුතුය යන හැඟීම අවදි කරන ආකාරයෙන් අභියෝගයක් ජයගැනීමට වෙර දරන තරුණයන් පිරිසක් වටා ගෙතුණු 1974 වසරේදී රාජ්‍ය සම්මාන දිනූ නවකතාවකි ලාල් ප්‍රේමනාත් ද මැල් ශූරීන්ගේ අපූරු යාළුවෝ.
අපේ පවුල ප්‍රීතිමත් / Family Wisdom / Ape pawula raththaran

ඇත්තටම අපට උවටැන් කිරීමක් අවශ්‍ය නෑ. අපේ කටයුතු අපටම කර ගන්න පුළුවන්.
ඒත් ඔබ කැමති නම් ඔබට ජීවිතය ගවේශෂණය කරන්න අප සමග රැඳී සිටින්න පුළුවන්.
හැබැයි තවත් එක් දෙයක් පවසන්න අවැසියි.
පවුල් ජීවිත ගත කරන ඔබ බොහෝ දෙනෙක් ආදරය කරන්න දන්නේ නැහැ.
ඒ වගේම ජිවිතයේ පුංචි පුංචි සතුට ඔබ අමතක කරලා.
ඔබ අප සමඟ මේ සුන්දර කඳු වැටියේ ජිවත් වෙන්න සුදානම් නම් ජිවිතයේ සැබෑ වූ නායකත්වය ඔබ හඳුනාගත යුතුයි.
ඔබ ගවේෂණය කළ යුතුයි.
අබාසත්ති | Abasaththi

“මට මැරෙන්ඩ ඇරපං මෝඩයා! ඇයි
මාව ගොඩගත්තේ? එහෙනං දැන් මගේ බෙල්ල මිරිකපං!”
“උඹ මැරියං ඔය බඩේ ඉන්න එකා ඉපදුණාට පස්සෙ, මිනී
නොමරා!”
“ඒ හින්දා තමා යකෝ මං මැරෙන්නේ! මට එපා ඒකා! මට එපා…! මට පිළිකුල්… මට මගේ සරුවාංගෙම පිළිකුල්…
” නැගිටපං ඔතනින්, ගමේ මිනිස්සු වටවෙන්ඩ කලින්!”
කෙල්ල නැගිට්ටේ නෑ. පෙරළිලා හිටියා. නිකං නෙමෙයි, පොළොවේ පස් කකා.
“මට යන්ඩ දිහාක් නෑ. මට යන්ඩ දි…හ…ක් නෑ! උන් මා…ව අල්ලා ගනී. අනේ දෙයියනේ…
කාගේ හරි බයිසිකලයක් එපිටහින් ගියා. ගෝපාල් දැක්කේ නෑ. සිරී…….ස් ගාලා සද්දේ ඇහුණා විතරයි.
ඔය මොකාහරි එකෙක් මේ හෙලුකුටු ගෑනි මෙහෙම ඉන්නවා දැකොත් ගෝපාල හිරෙන් මෙහා නවතින්නැ. එච්චර නම් බැරියෑ… මේකි! මේකිට මොකක් වෙයිද? මොකෙන් මොක වෙලා නවතීද?