Showing 529–552 of 1369 results
Price
Shop
ආදරය සහ නිදහස් වීම | Adaraya Saha Nidahas weema

තමන් තදින් ම ආදරය කරන කවුරුන් හෝ ඉන්නවා නම් තමන්ට අහිමි වෙයි කියලා බය නම්, කරන්න ඕනෙ හොඳ වන්නේ ඔහු හෝ ඇය සමඟ කවදාවත් විවාහ නොවී සිටීම.
මම එහෙම කියන්නේ හේතුවක් ඇතුව.
මිනිසුන්ට වඩා පහසු තමන්ට ළඟින් ම ඉන්න අයට ආදරය කරන්න නෙවෙයි – දුරින් ඉන්න අයට ආදරය කරන්න. ඒක මිනිස් ඉතිහාසය පුරා ම තහවුරු වුණු සත්‍යයක්.
ඒ කියන්නේ, අල්ලපු ගෙදර ඉන්න මනුස්සයාට ආදරය කරනවාට වඩා අපට ලේසියි ඇෆ්ගනිස්තානයේ සහ සිරියාවේ ඉන්න සරණාගතයන්ට ආදරය කරන එක.
තමන් ගේ ළඟම ඉන්න කෙනාට ආදරයෙන් සළකනවාට වඩාම ලෙහෙසියෙන් ටෙලිනාට්‍යයක, චිත්‍රපටියක, නවකතාවක ඉන්න චරිතයකට ආදරය කරන්න පුළුවන්.
තමන් ගේ ගේ ඇතුළට එන පොඩි පොඩි සතුන් මරන කෙනෙකුට වුණොත් යාල හරි විල්පත්තුවේ හරි ඉන්න කොටියෙකුට, අලියෙකුට, උරගයෙකුට ආදරය කරන්න පුළුවන්.
ඒකට හේතුව අපි ඇත්තට ම ආදරය කරන්නේ සැබෑවට ම ඉන්න මනුස්සයෙකුට නොවෙයි ඔහු හෝ ඇය වටේට ගොඩනගපු කිසියම් ෆැන්ටසියකට වීම …
ආදරයේ භාෂා | Aadaraye Bhasha

විවාහකයන් දුරස් කරවන “ආදරයේ භාෂා 5” සංකල්පය මුල් වරට ලොවට ඉදිරිපත් කළේ ද, ආචාර්ය ගැරී චැප්මන් විසිනි.
එකිනෙකා ගේ හැඟීම් හා අවශ්‍යතාවන් වටහා ගෙන අඹු සැමියන්ට සදාතනිකව දැඩි ආදරයකින් බැඳී සිටීමට බොහෝ ප්‍රයෝජනවත් වන කරුණු රැසක්ම මෙම ග්‍රන්ථයට ඇතුළත් වන්නේ, සැබෑ ජීවිත උදාහරණයට ද ගනිමිනි. එයට අමතරව දරුවන්ගේ හැගීම් හා අවශ්‍යතා මැනවින් තේරුම් ගෙන. ඔවුන් යහපත් මාපියන්ගේ ආදරයෙන් බැදුණු වැඩිහිටියන් බවට පත් කිරීමට අවශ්‍ය කරුණු ද මෙහි ඇතුළත් වේ. එහෙයින් මෙම “ආදරයේ භාෂා ග්‍රන්ථය”, ආදරය කිරීම සම්බන්ධයෙන් අළුත් හැදැරීමක් ඔබට වැටහෙනු ඇත.
ආදරෙයි උතුරන්න | Aadarei Uthuranna

අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න
ලියා යමි ගැඹුරු තැන් ආදරේයි උතුරන්න
හමා යන සුලගකින් මගේ නම විමසන්න
තබා ගිය පනිවුඩෙන් ආදරෙද පවසන්න
ආමන්ඩ් | Almond

“Intense and moving…a phenomenal book that deserves a wide audience among readers.”
The Wall Street Journal
පාට කඩදාසි වල වාක්‍ය කිහිපයක් ලියූ අම්මා ඒවා වඩා ලොකු කොළයක ඇලවූවාය. ඇය බිත්ති පුරා ඒවා එල්ලුවාය.
ඔයා ළඟට කාර් එකක් එද්දි – අයින් වෙන්න නැත්නම් ඈතට දුවන්න.
මිනිස්සු ඔයාට හුගක් ළං වෙද්දි – එයාලගේ හැප්පෙන්න නැති වෙන්න එයාලට ඉඩ දෙන්න.
අනිත් අය හිනා වෙද්දි – අනෙක් අතට එයාලා එක්ක හිනා වෙන්න. පහලින් මෙසේ ලියා තිබිණි.
මුණේ ඉරියව් වලට, අනිත් පුද්ගලයා පෙන්වන ඉරියව්වම පෙන්වන්න උත්සාහ කරන්න.
අවුරුදු හතක් වූ මට අල්ලා ගැනීමට බැරි තරම් මෙය මදක් බරපතල වැඩි විය.
ආරිය සිංහබාහුගේ මරණය | Ariya Sinhabhahuge Maranaya

මනුෂ්‍ය සමාජය සමග යම් සංකීර්ණ භාෂාමය හා ආඛ්‍යානමය සම්භාෂණයක යෙදෙමින් සමාජය, ජීවිතය හා පැවැත්ම පිළිබඳ සියුම් අර්ථ ජනිත කිරීමෙහි කැමැති ලේඛක ලේඛිකාවන් කෙටිකතාව සලකන්නේ නිර්මාණ ශක්තියේ ප්‍රාබල්‍යය අනුව හැඩගැසී ඕනෑම මොහොතක අලුත් මුහුණුවරකින් මතුවිය හැකි සාහිත්‍ය විධියක් ලෙසය. කෙටිකතාවට දරාගත නොහැකි අදහසක්, තේමාවක්, චරිතයක් හෝ අන්තර්ගතයක් නැත. එහෙත් එය එසේ වන්නේ කෙටිකතාකරුවා දීප්තිමත් අදහස් ඇති තියුණු සිතන්නෙකු වන අතරම කතා කීමෙහි ශිල්පය හා කලාව බුහුට් ලෙස භාවිත කරන ව්‍යූහමය පරිකල්පන ශක්තිය ඇත්තෙකුද වන විටය. ප්‍රින්ස් සේනාධීර අපගේ පැවැන්මෙහි ගැඹුරුම ස්ථාන දකින නිරීක්ෂණ ශක්තියත්, ඒ ස්ථාන ගැන ගැඹුරු සිතිවිලි සිතන බුද්ධිමත්කමත්, පැවැත්ම ගැන නිරීක්ෂණ සහ සිතිවිලි කතා කලාව සමග මුසු කරන ප්‍රතිභා ශක්තියත් ඇති කෙටිකතාකරුවෙකි. කියන දෙය සහ කියන විධිය යන දෙක අතර අර්ථකාරක අන්තර්ක්‍රියාව තම කතා තුළ පිහිටුවන්නට සමත් රචකයෙකි. කෙටිකතා කලාව සමග ජීවිත කාලයක් පොරබදන්නට ඇති කැමැත්තද ඔහුට ඇති බව පෙනෙන්නේ අර සියලූ ගුණ අතින් වර්ධනය වන ගමනක සිය තෙවන කතා සංග්‍රහය දක්වාම ඔහු පැමිණ ඇති බැවිනි.
ආර්ථික කුලී ඝාතකයෙකුගේ පාපොච්චාරණය – ARTHIKA KULI GATHAKAYEKUGE PAPOCHCHARANAYA

ආලවන්ත ජේත්තුකාරයා / Alawantha jeththukaraya

අප්‍රමාදව ගැලපෙන මානලියක් තෝරාගත යුතු යයි වේල්සයේ කුමාරයා විසින් කරන ලද යෝජනාව ප්‍රතික්ෂේප කළ රොතිං හැමි සාමිවරයා අමනාපයෙන් මෙන් පිටවී ගියේ විභූතියෙන් යුතු තම ගම්බද මාලිගාව වෙතය. ඒකාධිපති අදහස් තිබු මේ ආලවන්තයාට සුරින් හා මෙල්ටන් හමුවන්නේ තම වතුයාය තුළ කැලෑවේ අසුපිට සවාරියක් යමින් සිටියදීය. ඒ අවස්ථාවේ ඇය බලවත් සිත් වේදනාවෙන් පසුවූයේ සල්ලාල පියගේ ණය බරින් නිදහස් වීම සඳහා තම කර නොඇඹු වටිනා අශ්වයා, ‘මර්කරි’ වෙන්දේසි කිරීමේ අවස්ථාවට මුහුණ දී සිටි නිසාය. මේ දෛවෝපගත හමු වීම සූරින්ගා යොමු කළේ දහ අට වැනි සියවසේ ජෝතිමත් ලන්ඩන් සමාජය වෙතය. කෙසේ නමුත් එහිදී මුහුණු දීමට සිදු වූ සිදුවීම මාලාව ඇය රැගෙන ගියේ නිව්ගේට් සිරගෙදර භීෂණය වෙතය. අවසානයේ තමා පටලැවී සිටි ද්‍රෝහිකම් හා පවාදීම් ජයගන්නා ඈ සැබෑ ආදරය සොයාගත්තාය.
ආලෝකයේ රණකාමියාගේ අත්පොත | Alokaye Ranakamiyage Athpotha

හැම දෙනාටම මෙවැනි දේ කළ හැකි වන්නේ ය. එසේ ම, කිසිවකු තමා ආලෝකයේ රණකාමියා යැයි
නො සිතුවත් අපි සියල්ලෝ ම ආලෝකයේ රණකාමියෝ වන්නෙමු.
ඔහු සටහන් පොතේ හිස් පිටු දෙස බැලුවේ ය.
ස්ත්‍රිය නැවත වරක් මඳ සිනා නැඟුවා ය.
ආලෝකයේ රණකාමියා ගැන ලියන්න, ” ඕ කීවා ය.
දෙවියෝ අපට වචන වල වග කිව යුතු ස්වභාවය උගැන්වීම සඳහා නිහැඬියාව ප්‍රයෝජනයට ගනිති.
විවේකයේ අගය වටහා දෙනු උදෙසා හෙතෙම මිහන්සිය ප්‍රයෝජනයට ගන්නේ ය.
යහපත් සෞඛ්‍යයේ ආශිර්වාදය උගැන්වීම උදෙසා අසනීපය භාවිත කරන්නේ ය.
අපට ජලය ගැන උගැන්වීම උදෙසා දෙවියෝ ගින්න භාවිත කරන්නෝ ය.
වාතයේ අගය උගැන්වීම උදෙසා හෙතෙම පස භාවිත කරන්නේ ය.
දිවියේ අගය අපට කියාදීම සඳහා හෙතෙම මරණය ප්‍රයෝජනයට ගන්නේය.
ආසික්ලන්තය | Asiklanthaya

මා ඔබට කතාවක් පවසමි,
ඔබ මෙය විශ්වාස නොකරනු ඇත.
එය විශ්වාස කරන්නැයි
මට බල කරන්නේ ද නැත.
එහෙත් මෙය කියවන විට
” ඔබේ මනස හැකිතාත් විවෘත ව
තබා ගන්නැයි ”
පමණන් ඉල්ලා සිටිටින්, මට කතාව ආරම්භ කරමි.
මුතුමුදලිගේ නිශ්ශංක
ඇඩොල්ෆ් හිට්ලර් | Adolf Hitler

අවසානයේදී ජර්මානු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් හිසට වෙඩි තබාගෙන සිය දිවි නසා ගත්තේය. බටහිර ජනමාධ්‍ය ඒ මරණයත් ඊට සාපේක්ෂව මිත්‍ර පාර්ශ්වයේ යුද ජයග්‍රහණයත් උත්සවාකාරයෙන් වාර්තා කළේය. ඒ වාර්තා නිසාම මිනිසුන්ට යුද්ධය එපා විය. ඒ අතර එම සමාජ දේශපාලන කලිකලහයට හුරු වූ අයද වූහ. සිය දිවි නසා ගැනීමට පෙර ඇඩොල්ෆ් හිට්ලර් ආර්යයන්ගේ ප්‍රතිරූපයෙන් ඔසවා තැබූ මහා ජර්මානු වාදයේ පුරාවෘත්තය සහ දේශපාලනය සම්බන්ධයෙන් සියලු බලාපොරොත්තු අත්හැර තිබුණු බව අවසානය දක්වාම ඔහුගේ සේවය අත් නොහැර ගිය කාර්යාලයීය ලේකම්වරියක් සඳහන් කරයි. කෙසේ වුව ඒ තත්ත්වය ගොඩනැගෙන්නේ සිය සේනාධිනායකයන්ගේ පසුගාමී හැසිරීම් සහ පාවාදීම් හමුවේය යන්න හිට්ලර්ගේම පිළිගැනීම විය. ඉරණම විසින් තමාගේ ගමන තීන්දු කොට ඇතැයි ජර්මානු ආඥාදායකයා සිය කාර්යාලයීය ලේකම්වරිය හමුවේ ප්‍රකාශ කොට තිබේ.
ඇත්ත කියපන් ක්ලියෝපැට්‍රා | Atta Kiyapan Cleopatra

ප්‍රේමයේ ඉරිතැළුම් වලට
සොයාගෙන නෑ සැත්කම්
නමුදු සදහට නුඹේ නමටයි
මේ පපුවේ වත්කම්
කාලයා විසින් විසඳාවි
රිදුම් දෙන සංසාර ගෙත්තම්
මම මක්කරන්නද
අපිට අපි හිමි නැත්නම්
හිනාව තියෙන දුරකට ඔයා දුවගෙන යන්න
මම බලාගෙන ඉන්නම්
ඇත්තටම අපි රෑට කන්නෙ මොනවද | Attatama Api Rata Kanne Monawa d

ඉන්නයි තිබුණෙ අපිට එක ගේක
කාටවත් නොකියම
පිංතූර නොමැතිව
එහෙනං සූට්කේසය අඬියට
එන්නෙ නෑ ලොකු මඟුල් පින්තූරය
ඇත්තටම ඒ මිදි ඇඹුල් | Aththatama E Midi Abul

ප්‍රේමයේ අවසන් කියවීම
ගහක යුතුකම මල් සැදීමය
මලින් අතු ඉති හැඩ කිරීමය
මිදෙන දා මල් අත්හැරීමය
සුසුම් පිටකර දරා ගැන්මය
ආදරේ කියන්නේම ඒකට
මලක කාරිය සුවඳ දීමය
සුවඳ දී නටුවෙන් මිදීමය
මිදී ගහ මුලටම වැටීමය
යළිත් ගහටම පොහොර වීමය ආදරේ කියන්නේම ඒකට
සඳ එළිය මල් පිබිදවීමය
යන්තමට මුදු පෙති සිඹීමය
ඉඳහිටක සුවදුක් ඇසීමය
අයිතියක් කිසිදා නොකීමය
ආදරේ කියන්නේම ඒකට
ඇත්තටම ඒ මිදි ඇඹුල් කවි පොත් කට්ටලය | Kavi poth kattalaya

ඇන්ස්ලම් – උරග සනුහරේ ක්ෂීරපායි ප්‍රේමවන්තයා | Anslam

සර්පයන්, කටුස්සන් හෝ ගෙම්බන්, මිනිසුන් තුළ ප්‍රියජනක හැඟුම් දනවන්නේ නැත. ‘ඔයා මෙයා’ කියමින් ඔවුන්ට ඇහෑලුම්කම පාන, වඩාගෙන සුරතල් කරන, විකාර පැවතුම් ඇති මිනිසකුට අත් වන්නේද ඒ ඉරණමය. ඒ මිනිසා ලෝ පතළ උරග හා උභයජීවී විද්‍යාඥයකු වුවද එහි වෙනසක් වෙතැයි සිතීම උගහටය.
එහෙත්, මේ කෘතියෙහි කථානායකයා වූ ඇන්ස්ලම් ද සිල්වාණන් සම්බන්ධයෙන් ජන සමාජයෙහි ප්‍රතිචාරය, ආශ්චර්යමත් ලෙස ඊට ඉඳුරාම පටහැනි විය. විස්මයෙන්ද, ත්‍රාසයෙන් හා වීරත්වයෙන්ද, හාස්‍යයෙන්ද පිරුණු මායා ප්‍රබන්ධයක ඊළඟ පරිච්ඡේදය කෙබඳු වනු ඇත්දැයි කුහුලින් පසුවන්නාක් මෙන්, සුවිසල් පාඨක සමූහයක් සතියක් පාසා ඔහු ගැන අප්‍රමාණ නොඉවසිල්ලකින් පසු වූ සමයක් තිබිණි. වැඩි ඈතක නොව. රැස නම් වූ මහගෙදර තරුණ කැරැල්ලේ හිස ගසා දමන්නට පෙර, 2019 වසරේදීය.
මේ ආශ්චර්යය කළේ, සරසවියේ අවසන් අධ්‍යයන වසරේදී සිය පළමු රැකියාව ලෙස ජනමාධ්‍ය වෘත්තියට පිළිපන් නදී මාණික්කගේ නම් ලේඛිකාවයි. කොරතුරු ගවේෂණයෙහි නිපුණත්වයද, මානව සබඳතා විෂයෙහි බුහුටිකමද නිර්මාණාත්මක ලේඛන කුසලතාවද, අරමුණ උදෙසා කැපවීමේ ගුණය හා සංස්කරණ පරිචයද මේ විස්කම සඳහා ඇය උපයෝගී කර ගත් මායාවී මෙවලම්ය.
චරිතාපදාන රචනා කලාවේ සාම්ප්‍රදායික සීමා මාඉම් කෙළිලොල් ලෙස බිඳ දමමින් අප්‍රමාණ නිදහසකින් සැරිසරන ඇය. ජනමාධ්‍ය කලාවේ වර්තමාන කාලයෙන් කතන්දර කීමේ ගුණයද, සම්මුඛ සාකච්ඡා කලාව, චාරිකා විත්ති රචනය යනාදී පුවත්පත් විශේෂාංග කරණයේ විවිධ ඉසව්වලට අයත් ශිල් පෝපක්‍රමද මෙම වෘතාන්තය ගොඩනැංවීම සඳහා නිර්මාණශීලී ලෙස භාවිත කරයි.
ලොව පුරා පර්යේෂණ වලින් හෙළි කරගත් උරග සහ උභයජිවී ලෝකයෙහි විස්මිත තතුද, ඇස්ලම් ද සිල්වා නම් ලෝක පූජිත විද්‍යාඥයා එම විෂය සඳහා කළ සම්ප්‍රදානයද, ඔහුගේ සමකාලීනයන් හා සිසු පරපුර පිළිබඳ තතුද මෙහි මැනවින් නිරූපිතය. එය එතෙකින් නිමි වන්නේ නැත. ජීවිතය යැයි නාමකරණය කළ සුලබ ආකෘති වලට සරදම් කරන, සාකල්‍යයෙන්ම විකල්ප අප්‍රමාණ මිනිසෙකුගේ ජීවමාන පිළිරුවක් එමඟින් විදාරණය වෙයි. පාඨක හදවත් එය ආදරයෙන් වැළඳගනු ඇතැයි සිතමි.
ඇල්බට්වරුද මනුෂ්‍යයෝය | Albertwaruda Manushshyoya

ඉලංගංතිලක යනු ඇටවූ එකාට අමතක වී ගිය ක්ලේමෝ බෝම්බයක් වැනි එකෙකැයි විශ්වාසයක් මුදලාලි ඇල්බට් තුළ කාලයක පටන් පැලපදියම් වී තිබිණි. ඔහු ලේසියකින් කඩයට ආවේ නැත. ඒ වෙනුවට බඩු ගෙනයන්නට ආවේ, ඔහුගේ නිවසේ වැඩ කළ කමලා නම් දෙමළ ගැහැනිය හෝ එහි අලුත්වැඩියා හා නඩත්තු කටයුතුවලට ආ ගිය, කාගේත් හිත දිනාගත්, කොයි වැඩේටත් වැඩ්ඩෙකු ඌ උපුල් පමණි. මුදලාලි ඇල්බට් වරෙන් වර වහෙන් ඔරෝ ඉලංගංතිලකගේ අභ්‍යන්තර තොරතුරු පාදාගන්නට හැදූ අවස්ථාවලදී කමලා සිංහල හරියට බැරි බව අඟවා මඟහැර ගිය අතර, උපුල් තමන් අනුන්ගේ වටලප්පම්වලට තේ හැඳි නොගහන බව ඍජුවම හෙළි කළේය. ඒ නිසා මුදලාලි ඇල්බට් තුළ ඉලංගංතිලක සම්බන්ධයෙන් තිබුණේ මැරිච්ච ආච්චි සම්බන්ධයෙන් තිබෙන්නාක් බඳු ගෞරවය මුසු බියකි.
ඇහැළ මලට දම් පාටක් | Ehela Malata Dam Patak

“පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා.” පුස්තකාල උද්‍යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක දලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය.
පාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය.
“The tree of Paramee…!”
“මම පාරමී?”
“ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා ගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ කීවෙ.”
“ඒත් මේක හිටෙව්වෙ මම නෙමෙයිනෙ.”
“මේ ගහ හිටෙව්වෙ මම. එයාට නමක් දුන්නෙත්
මම.”
“කසුන්… ඔයාට මතකද මම ඉස්කෝලෙ හිටවපු ඇහැළ
ගහ? අපි ඒකට ඔයාගෙ නම තියමු.”
“ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි. අපැහැදිලි අමුතු මතකයක් වෙන්න.”
“ඇයි ඒ?”
“දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන…!”
ඈත අතීතයේ ලංකාවේ ලන්දේසී ආක්රමණිකයන්ගේ දින සටහන් හා වාර්තා
