Showing 529–552 of 1347 results
Super Reader Week Sale
📚 Super Book Readers Weekly Sale Alert! 🚀 Immerse yourself in a world of literary treasures at [YourWebsite.com]. 🌈 Uncover thrilling stories, heartwarming tales, and more, all at irresistible prices! 🎉 Don't miss out—explore now and let the reading adventures begin!
Shop
උඩරට ගිවිසුම්පත සහ ශ්‍රී වික්‍රම රාජසිංහ චරිතය / udarata giwisumpatha saha sri wickrama rajasinghe charithaya

උත්තම නිහඬතාවය | Uththama Nihandathawaya

අප නිහඬතාව නැමැති මනසින් සවන් දෙන්නේ නම් පක්ෂින්ගේ සෑම නාදයක්ද, සුළඟට ළෙල දෙන තුරු ලතාවන්ගේ සෑම කෙඳිරිම් හඬක් ද අපට යමක් කියනවා ඇත. මේ සියල්ලක්ම අපට කියන්නේ කුමක්ද ? අර්ථ ගන්වන්නේ කුමක්ද? ඔබ කතාබහින් තොරව සවන් දීම කළ යුතු බව නොවේද ? කතාවට වඩා සවන් දීම ඔබේ ජිවිතයට අර්ථයක් ගෙන එයි.
උත්තර දේවී | Uththara Devi

උත්පත්ති | Uthpaththi

ඒ රැය ගෙවී පසුදා අවදි වූ ඔහු, ජනේල තිරපට අතරින් පැති මිදුලත්, ඉන් එහා තෙමුණු ගහ කොළත් දෙස බලා සිටිනා බිසෝ දෙස නෙත් යොමු කොට සිටියේ, පළමු වරට දුටු ප්‍රතිමාවක් දෙස බලා ඉන්නා දරුවෙකුගේ විස්මයෙනි. ජනේල කූර අල්ලා ගන්නට එසවුණු ඇගේ අත් දණ්ඩ යටින් දුහුල් රෑ ඇඳුම විනිවිද ඈ කය ස්වප්නමය අයස්කාන්තියකින් ඔහු දෑස් වසග කළ ද, ඒ හා සමග ඇතුළාන්තය කලඹා එන දරුණු සුළි කුණාටුවක හෝ හඬින් ඔහු භයංකර ලෙස තැති ගත්තේ ය. සැමියා තමා දෙස බලා ඉන්නා බවක් ඕ නොදත්තා ය. ඔහුගේ හද ගැස්මේ වේගය ද, හතිය ද ඇයට නොදැනිණි. ඔහුගේ මුවින් කිසියම් වේදනාවක කෙඳිරියක් පිටවෙනු සමග තිගැස්සී හැරී බැලූ ඇගේ මුව ඈයිනි.
එකෝමත් එක දවසක | Ekomath Eka Dawasaka

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක් සහ ගී පද රචිකාවක් ද වූ දයා ද අල්විස් විසින් ඉරිදා ලක්බිම පුවත්පතේ ‘රිද්ම’ අතිරේකය සඳහා වසර තුනකට අධික කාලයක් තිස්සේ ලියන ලද ‘එකෝමත් එක දවසක’ තීරු ලිපි මාලාවේ එකතුවක් ලෙස මෙම කෘතිය සම්පාදනය වී තිබේ. මේ කෘතියෙහි ඇත්තේ බොහොමයක්ම ලේඛිකාවගේ පෞද්ගලික ජීවිත අත්දැකීම්ය. ගැහැනියක ලෙස ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ඇය සිය අත්දැකීම් ඔස්සේ විස්තර කරයි. මෙම කෘතියෙහිම දිගුවක් ලෙස ‘එකෝමත් එක දවසකට පස්සේ ’නමින් තීරු ලිපි එකතුවක් ද ඇය කෘතියක් ලෙසින් සම්පාදනය කොට තිබේ.
එකෝමත් එක දවසකට පස්සේ | Ekomath Eka Dawasakata Passe

මට හිතෙනවා
අහසයි පොළොවයි
යාළුවෝ දෙන්නෙක් කියලා
කොයිතරම් ඈත් වුණත්
ඒ දෙන්නා යාළුවෝ
අහස කියන දේ තමයි
පොළොව අහගෙන ඉන්නේ
පොළොව ඉල්ලන දේ තමයි
අහසින් ලැබෙන්නේ
ඈතයි ඈතයි කියලා
කවුරු කිවුවත්
අහසට පොළොව තරම්
ගැළපෙන වස්තුවක්
වෙන කොයින්ද
එක්ස් | X

මේ අතරවාරයේ.. …
විල්කින්ස් චීන්නුන්ට ශාප කළේය. එවිටම මොකක් දෝ මහා වෙනසක් ඔහුගේ ගතට දැනුණි. සියල්ල සිදු වූයේ එක්වරම බැවින්, ඔහුට සිය දර්ශණ පථය සෙමෙන් ධාවනය වන සිනමා පටයක් මෙන් මැවී පෙනුණි.
යානය තුළ දැනුණු බර ගැන හැඟීම පහව ගොස් සැණෙකින් ඔහුට ශූන්‍ය ගුරුත්වය දැනෙන්නට විය. ඉන්පසු, එවිටම, ඔහුට සිය යානය මෙන්ම, ඔහුගේ හිස හරවමින් බැලූ බැලූ අත ගමන් කරමින් තිබුණු සියලුම යානා ද, වැහි පොද සේ පහළට ඇද හැළෙන අයුරු දිස් වූයේය… පෙනෙනෙ පෙනෙන අත සියලුම ගොඩනැගිලි, වැලි මාලිගාමෙන් දුහුවිලි නංවමින් පහළට කඩා හැළෙන අයුරු, සිය ඇස් අදහාගත නොහැකිව හේ බලා
සිටියේය.
ඉක්බිතිව ඔහුගේ ලෝකය එකවරම කළුවර විය.
එලෝන් මස්ක් – අනාගතය වෙනස් කල මිනිසා | Elon Musk – Anagathaya Wenas Kala Minisa

ඒ පොත නොහොත් සර්පයා මැරීම | E potha nohoth sarpaya marima

හුදෙකලා වූ, දුර්වල, ක්ෂුද්‍ර අල්පමාත්‍රික ‘මම’ පමණක් පැවතුම් පථයක සකස් වී කාලයට නතු වූ සේක. එවිටම විඥානය ජනනය වූ සේක. එවිටි මා හට කතා කරන්නට හැකි වූ සේක.
එවිටම ආලෝකය නිවී ගිය සේක.
ඒ අන්ධකාරය ජනනය වූ සේක.
ඒ අන්ධකාරය, ආලෝකය යැයි සිතෙන තරමටම
මා මුග්ධ වී ගිය සේක.
ඒ සමනලුන් මියගියේ මා නමින් නම් | E samanalun miya giye ma namin nam

සර්ව බලධාරී දෙවියන් වහන්සේ මම වෙමි.
සම්‍යයක් සම්බුද්ධ මම වෙමි.
එසේ වුව ඒ සමනලුන් මිය ගියේ මා නමින් නම් ?
එතැන් සිට ඔබ මට සාතන් නමින් අමතන්න.
එතැන් සිට ඔබ මට දෙව්දත් නමින් අමතන්න.
මා මරා ඔවුන් ජීවත් කරවන්න.
එවිට, සර්ව බලධාරී දෙවියන් වහන්සේ මම වෙමි. සම්‍යයක් සම්බුද්ධ මම වෙමි.
ඒක අමුතු කතාවක් | Eka Amuthu Kathawak

ලංකාවෙ ගමක තමන්ගෙ පාඩුවේ ජීවත්වුණ කොල්ලෙක්ව, හදිස්සියෙම පැහැරගෙන යන්න වුවමනා වුණේ කාටද?
“ඔහ්… කමෝන්! මේක සාමාන්‍ය පැහැරගැනීමක් නෙමෙයි…” මිනිහ නොයිවසිල්ලෙන් වගේ කිව්වා. “හේතුව සරලවම ඔයාට කිව්වොත්…”
“ඔව්..?”
“ඔයාව අරන් යන්නෙ කසාද බන්දන්න!”
“මොකක්?”
මට කකා හිටපු කෑම එක පිට උගුරෙ ගියා. රාහුල් ඉක්මනට නැඟිටල ඇවිත් මගේ පිටට තට්ටු කළේ වතුර බෝතලේ මූඩිය ඇරල මගේ අතට දෙන ගමන්.
“තෑන්ක්ස්…” එයාගෙ ආචාරශීලී ආගන්තුක සත්කාරය හමුවේ මට ස්තුති නොකර බැරිවුණා.
“මේක ටිකක් පිස්සු කතාවක් වගේ ඔයාට හිතුණත් මම පුදුම වෙන්නෙ නෑ… සමහරවිට ඔයා විශ්වාස කරන එකකුත් නෑ.”
කාටත් හොරෙන් ඉන්දියාවට අරන් ගියපු රුක්ෂාන්ට අන්තිමට මුහුණදෙන්න සිද්ද වුණේ හිතාගන්නවත් බැරි සිදුවීම් පෙළකට…
එයා හදිස්සියෙම මගේ දිහාට හැරුණා. ඒ ළඟින්ම ගමන් කරපු මම එයාගේ උරහිසේ හැප්පිලයි නතරවුණේ.
“අපි දෙයක් කරන්න යන්නෙ…”
එයාගේ ඇස් දෙකේ මෙතෙක්වෙලා තිබුණු මලානික ගතිය වෙනුවට අමුතු දීප්තියක් එකතුවෙලා තිබුණා.
“ම්ම්?”
“අපි එයාව උස්සනව!” අදිති කිව්වා.
ඒත් මං ආදරෙයි | Eth Man Aadarei

කවදාහරි දාවසකදි මේ මගුල් කියවලා
ඔයාටත් හිතුනොතින් මම පිස්සෙකැයි කියා
අද වගෙම එදාටත් තියම් කවියක ලියා
පිස්සෙකුගේ ආදරේ තාම දන්නෑ ඔයා ”
ඔක්තෝබර් රුසියානු විප්ලවයේ කතාව | October rusiyanu viplawaye kathawa

1917 යනු වික්‍රමාන්විත ක්‍රියා, අපේක්ෂා, ද්‍රෝහිකම්, ඇදහිය නොහැකි අහම්බ සිදුවීම්, යුද ගැටුම් හා සටකපට කූට ප්‍රයෝග, අභීත භාවය, බියගුලුකම හා මුග්ධ භාවය, පුරසාරම, වීර්යය හා ශෝකාන්තය යන සියල්ල එකම දාමයක්ව බැඳුණු වීර කාව්‍යයකි; එය උන්නතිකාමයේ සහ වෙනස්වීමේ යුගයකි; එය ඇස් නිලංකාර කරවන ආලෝකයේ, ශක්තියේ, අඳුරු සෙවණැලිවල යුගයකි; එය මහාමාර්ග, දුම්රිය මාර්ග සහ දුම්රිය පිළිබඳ යුගයකි.
ඔබ වෙනුවෙන් තැවෙන්නේ කවුද? / Who will cry When you die? / oba wenuwen thawenne kawuda?

ඔබේ දියුණුව ඔබට අත්කර ගත හැකිව ඇත්තේ අන් අයගේද සහයෝගය ලබාගෙනය. ඔවුන් කෘතඥතා පූර්වකව සිහිපත් කිරීමට සුදුසු කාලයද මෙයම වෙයි. ඔබ සුදුසු අය වෙත සිතින් කෘතඥතාව දැක්වීමට කටයුතු කිරීම මගින් ඔබේ වී ගුණය වැඩි දියුණු කර ගැනීමට හැකිවනවා ඇත.
එම ගුණය ක්‍රියාවට නැගීමෙන් ඔබේ කටයුතුවලට අන් අයගේ සහයෝගය හා ආශිර්වාදය ලැබෙයි. එය ඔබට ලැබෙන මහත් වාසියකි.
ඔබේ ඉරණම කුමක් විය හැකිද? / Discover your Destiny /Obe iranama kumak wiya hakida

ඔබේ දැක්ම අත්දකින්න, ඔබේ උත්කෘෂ්ඨ අදහස් ක්‍රියාවට නංවන්න, ඔබේ හදවතේ නලියන සංගීතය අත්විඳින්න. ඔබේ සිතේ ජනිත වන ලස්සන ඔබේ සිතුවිලි සරසන අලංකාරය ආදී සෑම දෙයක්ම ඔබේ ලෝකය ගොඩනගනු ඇත.
ඔය රෙද්දෙන් බැස පලයන් මොනාලිසා | Oya redden basa palayan monalisa

බලාපං අතරමංවෙලා ඒකි එක්ක දවසක්..
මොන ගඟ මැද්දෙත් තියනවා හබල් නැති ඔරුවක්..
කියාපන් ” අම්මෙ මට ඔළුවේ කැක්කුමයි ” වගේ දෙබසක්..
ගලෝගෙන කකුලක්, පේනකං ඉස්පිරිතාලයක්.
ඕකි ලේ පෙරාගෙන හබල්ගායි වරුවක්..
” අම්මා කියන්නෙම, ප්‍රේමයට කියන තවත් එක් සමාන පදයක්..”
ඔයයි මමයි තව දෙන්නයි | Oyai mamai thawa dennai

මේ වගේ වෙලාවක කෙල්ලෙක්ට ට්‍රයි කරනව නම් මධ්‍යස්ථ බවකින් කෙල්ලගේ හිතේ ලියාපදිංචි වෙන්න ඕනේ. මොකද නැත්නම් කෙල්ල දැන ගන්නවා කොල්ලා එන්නේ පොල් පැළේ කන්න කියලා වැඩිපුර වැරදි කරලා තියෙන්නේ කෙල්ල වුණත් ඒ වැරැද්ද අතිශය සාධාරණ මානුෂික කරුණක් බවට තර්ක ගොඩනගන්න ඕනේ. මේ අතරේ සෙක්ස් වගේ දේවල් ගැන ගොඩක් ගැඹුරින් ඒත් සරල ව ‘මට ඕවා ගාණක් නෑ කියන්න වගේ අදහසුත් එකතු කරගැනීමේ අනිවාර්යයි. තමන්ට ඕනම දෙයක් තේරුම් ගන්න පුළුවන් කැපෑසිටි එකක් තියෙනවා කියලා කෙල්ලගේ හිතට එන්නත් කිරීමත් වැදගත් කවිකාර දඟකාර හිතුවක්කාරකම් ගෑවුණ වචන සාමාන්‍ය වචන දහයකට දෙකක්වත් යොදා ගැනීම අනාගතයට ප්‍රයෝජනවත්
ඔව් මේක වින්ටේජ් ප්‍රේමයක් / ow meka vintage premayak

ඕෂෝ : භයිරව තන්ත්ර ආදරය හා ජීවිතය | Bahayirava Thanthra

තන්ත්ර යනු විද්‍යාවක්, ඒ නිසා මතක තබා ගන්න, එය කොහෙත්ම හින්දු නොවෙයි. මෙම ක්‍රම වේද කිසිම ආගමික වතාවතක් ගැන සඳහන් නො කරන්නේ ඒ නිසයි. පන්සලක් අවශ්‍ය වන්නේ නෑ. ඔබයි පන්සල ඔබවන පන්සල හොඳටම සෑහෙයි. සියලුම පර්යේෂණ ඔබ තුළ සිදු වෙයි. ඇදහීමක් අවශ්‍ය නොවෙයි. අවශ්‍ය වන්නේ පර්යේෂණ සිදු කිරීමට අවශ්‍ය එඩිතර බව හා ධෛර්යය පමණයි. එහි සුන්දරත්වය නම් එයයි. කිසිම ආගමිකයකුට තම ආගම අතහරින්නට සිදු වන්නේ නැහැ. මහමදියානු. හින්දු. බෞද්ධ ආදී සෑම ආගමිකයකුටම තම ආගමේ අරුතෙහි ගැඹුරටම යාමට මේ හරහා හැකි වෙයි. මිනිසුන් කුමන ආගම තෝරා ගත්තත් ඔවුන්ගේ අරමුණු ඉටු කරනු ලබයි.
නිර්මල විද්‍යාවක් වන තන්ත්ර ඔබේ ආගම කොහෙත්ම ස්පර්ශ නොකරයි. තන්ත්ර පවසන්නේ ආගම යනු සමාජයීය කටයුත්තක් බවයි. ඔබව පරිවර්තනය කළ හැකි වන අතර පරිවර්තනයට විද්‍යාත්මක ක්‍රම වේදයක් අවශ්‍යයි. ඔබට ක්ෂය රෝගය වැනි ලෙඩක් වැළඳුන විට එය වාර්ගික හෝ ආගමික වශයෙන් ලෙඩාට කිසිම වෙනසක් සිදු නොකරයි. රෝගීනට විද්‍යාත්මකව ප්‍රතිකාර කළ යුතුයි. හින්දු හෝ මුස්ලිම් ක්ෂය රෝගය කියා යමක් නැහැ
කට කතා | Kata Katha

කට කතා කියපු ගමන් අපේ ඔලුවට එන්නේ ඕප දූප, සම්ප්‍රප්ඵලාප, ආරංචි, රාවයන් ඔය වගේ සෙට් එකක්! ඒත් මං හිතන්නේ කටකතා තමයි ශිෂ්ටාචාරෙ මුල් ගල කියලයි! ඇයි අපි එක එක දේවල් කරන්නේ. ඇයි දන්නවද? අපි කැමතියි අපි මේ, මේ දේවල් කළා කියල කයිවාරු ගහන්න. ඒව ගැන අනික් අයට කියන්න. ඒ මදිවට අපි එතනින් නවතිනවද? මොන පිස්සුද? අපි, අපි නොකරන, ඒත් අනිත් අය කරන ඒවා ගැන කතා කරන්නත් රුසියො! ඒක අපි ජීවිතවල කනව, බොනව, නිදාගන්නව වගේ අත්‍යාවශ්‍යම දෙයක්! ඒක නැනං අපිට ජීවත් වෙන්න බෑ.. බෑ වගේ!
කට කතා කියන දේ කපල, කොටල පරීක්ෂා කළොත් අපිට පේනව කටකතා කියන්නේ ම්ං මේ වගේ දෙයක් බව. ඒව ඇත්ත වෙන්නත් පුළුවන්. බොරු වෙන්නත් පුළුවන්.. බොහෝ වෙලාවට ඒවයෙදි කතාවෙන්නේ අනික් මිනිස්සු ගැන. ඒවා සමහර වෙලාවට කතා වෙන්නේ සාකච්ඡා ස්වරූපයෙන්..! සමහර වෙලාවට ඔහේ වල්පල් කියන ස්වරූපයෙන්! කට කතා ඉංග්‍රීසියට පරිවර්තනය කළොත් ඒ කිව්වෙ පදානුගතව, අපිට ලැබෙන්නේ මෙහෙම එකක්! “Mouth Stories!” පිස්සු නේ.. විකාරයක් වගේ නේද? හැබැයි ඉතිං ඒකෙ සියුම් ඇත්තකුත් නැතුව නෙවෙයි..! ඒ විදිහට පරිවර්තනය කළොත් ඒකෙන් කියවෙනවා මේ කියන්නේ කටින් කියන යම් ආකාරයක කතාවලට තමයි කියන එක. ඒ කිව්වේ කටයි, කතාවලයි අතරෙ තියෙන සම්බන්ධෙ පේන්න ගන්නව. ඒ අතින් බැලුවම සිංහල වචනෙ හරියට හරි! ඒක බොහොම සීරුවට, බරසාරෙට ඉංග්‍රීසිවලට පරිවර්තනය කළොත් එන්නේ මේ වගේ එකක්.
VERBAL STORIES
හැබැයි ඕකෙ ගැඹුරු, කෙලින්ම නොපෙනෙන සම්බන්ධෙකුත් තියනව! ඒ තමයි කටයි, මනසයි අතරෙ තියෙන සම්බන්ධෙ ! ආන්න ඒකට තමයි මගේ හිත ගියේ! මේ පොතේ එන හැම කතාවම මගේ මනස, මගේ කටට කොඳුරපුවා. එහෙමත් නැත්තං වෙනිං කටවල්වලින් මගේ මනසට කාන්දු වෙච්ච ඒවා. ඔය තොගේම මගේ කටින් පිටවෙන්න මම ඉඩ දුන්නේ නෑ. හැබැයි ඉතිං ඒක හරි අමාරු වැඩක්. ඇයි ඉතිං මනස ඒවයින් පිරිල පිපිරෙන්න වගේ! ඒ පාර මම කල්පනා කළා ඒවා අකුරු හරහා වමාරන්න! ලියන්න.. ලියන්න.. ලියන්න.. ලියල මනස හිස් කරගන්න!! හිස් කරගෙන, ඒ හිස් වෙච්ච තැන්වලට ඊට වඩා වැදගත් දේවල් පුරෝගන්න. ශ්‍රී ලංකාවෙ ඊ ළඟ ජනාධිපතිගෙ කේන්දරේ කොහොමද.. ඒකෙ තියෙන යෝග මොනවද වගේ දේවල් වලින්! ඒවනෙ මනසට වැදගත්!!
ආ.. තව වැදගත් දෙයක්. මං හිතන්නෙ කටකතා පතුරන එක මගෙ වගකීමක්! එහෙම නැතුව කොහොමද මේ ලෝකෙ පවතින්නේ?
එහෙනම් ඕං ජයම! ආතල් එකේ කියවන්නයි තියෙන්නේ!!