Showing 553–576 of 1380 results

Shop

ඈන් 5 / Ann 5

රු360.00
or 3 X රු120.00 with

ඈන් 8 / Ann 8

රු495.00
or 3 X රු165.00 with

ඉකිගායි / Ikigai

රු630.00
or 3 X රු210.00 with

ආතතිය අවම කර, යහපත් ශරීර සෞඛ්‍යයෙන් යුක්තව ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමට ජපන් ඉකිගායි ක්‍රමය මග සළසයි. – The Times

ජිවිතයට නව ප්‍රවේශයක් සපයන කෘතියකි. – Sunday Times

ජීවිතය නව මාර්ගයකට පරිවර්තනය කිරීමට සහ එමගින් සතුටින් දිගු කල් ජීවත් වීමට ඉකිගායි ක්‍රමය ඉවහල් වේ. – ELLE

ඉකිගායි | Ikigai

රු585.00
or 3 X රු195.00 with

මට අවශ්‍ය දිගු කාලීනව ජීවත් වන්නටද? ඒ නැත්නම් ඊට වැඩි අර්ථයක් ගැන සිතනවාද? සමහර අය තමන්ට අවශ්‍ය දේ ගැන දනිති. ඒ වාගේම ජීවත් වන්නට ආසාවක් ද ඇත. තව අය අවුළක් තුළ කරදර විඳිති. ඇයි ඒ?

අපේ සාකච්ඡාවේ එක්තරා තැනකදී ඉකිගායි නම් වු ගුප්ත වචනය මතු වී ආයේය. මේ වචනය රළුවට හැම විට කාර්යයක යෙදීමේ සතුට නම් අර්ථය දෙයි. එසේම එයට සංකේත මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර කිරීම යන අදහස දිය හැකි වුවත් ඊට එහා යන බවක්ද පෙනේ. ඒ සමඟම ජපන් ජාතිකයන්ගේ – විශේෂයෙන්ම ඔකිනාවා දුපත් වැසියන්ගේ – දීර්ඝකාලීන ජීවිතය තේරුම් කරන වචනයක්ද වෙයි. එහි ජීවත්වන මිනිසුන් හැම ලක්ෂයකටම සියයට 24.55 ක් වයස සියය පැන්නූ අය වෙති. එය ලෝකයේම වැඩි ජීවිත කාලයක් ගතකරන මිනිසුන්ගෙන් ඉහළම ප්‍රතිශතයයි. දකුණු ජපානයේ මේ කියන දූපතේ ජීවත්වන අය ලෝකයේ වැඩිම ආයු කාලයක් භූක්ති විඳින අය වන්නේ කෙසේද යන්න ගැන අධ්‍යයනය කරන්නෝ ඊට සාමාන්‍ය හේතූන් වන පෝෂ්‍යදායි ආහාර වේල, එළිමහනේ ගතකරන ජීවිතය, හරිත තේ සහ අර්ධ උෂ්ණ කලාපීය දේශගුණය වැනි කරුණු අතරට, ඔවුන්ගේ ජීවිත හැඩගස්වන ඉකිගායි ද හේතුවන බව විශ්වාස කරති.

ඉටි කුටිය විනිවිදිමි | Iti Kutiya Winiwidimi

රු810.00
or 3 X රු270.00 with

සිතෙන් සිත හැඳින එක්වන, කාලයේ අනේකාකාර කුණාටුවලට හසුවී, ගසාගෙන ගොස් තැන තැන රැදුන, නර පණු රැළකි.

ඔවුහු අතීත අනාගත කාල තලවල විපරීතව මංමුලාව සරති.

ගැටෙති. පොරකති. මියෙති. වැළලුණ රහස්වල පීඩනයට හසුව මිරිකෙති. හුදකලාව ම අහම්බෙන් පැමිණ, කලුවර තැනෙක හිඳගත් එකෙකු, සිය සිත පතුල කැණ ආලෝක පුංජ්යක් අහුලා, වැළලූ පැටලුමක පොටක් පාදයි.

ස්නේහයේත්, මානව දයාවේත් කදුළු, ළතෙත් හදවත් හි තැවරෙයි.

නොවෑවෙන ළසෝ සිත් ගල් වී අවසඟව ගොස් ගොළු වෙයි. ඒ මැදින් ගලා යන ජීවිතේ ගංගාව, නිවෙන සැනහෙන මුව දොරක් කොහිද විමසයි.

ඉඩෝරයේ කුසුමක් | Idoraye Kusumak

රු2,040.00
or 3 X රු680.00 with

මං නොහිතා නොබලා කරපු දෙයින් ඔයාගෙ හිත මෙච්චර රිදෙයි කියලා මම පොඩ්ඩක්වත් හිතුවෙ නෑ.. ඔයාගේ හිත බිඳිලා යයි කියලා මට හිතුණා නම් එක්කො මං ඩිලාන් විදියටම ඔයාගෙ ජීවිතේ ඉන්නවා. නැත්නම් මං ඩිලාන් විදියටම අයින් වෙලා යනවා. එහෙමත් නැත්නම් එදා ඔයා අහද්දි මම කවුද කියලා මම ඔයාට කියනවා මං සචේන්ද්‍ර මහානාම කියලා..

ඉඩෝරයේ පිපි කුසුම / Idoraye pipi kusuma

රු882.00
or 3 X රු294.00 with

එම මොහොතේ මා සිටියේ අසිහියෙන් මෙනි. සිදුවන්නේ කුමක් දැයි මාහට මනා වැටහීමක් නොතිබුණි. මට හොද සිහිය එනවිට මා සිටියේ පිහිනුම් තටාකය මතට නැවතනැවත මතු වෙමින්, මගේ දිවි බේරා ගන්නට වෙර දරමිනි. මා මට හැකි අයුරින් මාව බේරා ගන්න යැයි වෙර යොදා කෑ ගැසුවා ම මතකය.
එහෙත් අවසානයේ මා ජල තටාකය තුළටම ගිලී යනු මට දැනුණි. ජලය මගේ පෙනහලු තුළට ඇතුළු වී. මගේ ආශ්වාස ප්‍රශ්වාසයද අඩපණ වී යනු මට හැගුණි. මම අපහසුවෙන් හුස්ම ගත්තෙමි. මට අධික සීතලක් හා භීතියක් දැනුණි. ඔව්, ඔබ සිතුවා නිවැරදිය. ඒ මොහොතේ මම මරණ බිය අත්වින් දෙමි. මගේ හෘදස්පන්දනය ද මන්දගාමී වී යනු මට හැගුණි. මොහොතකින් සියල්ල නිශ්චල වී මම මගේම නිසල සිරුර දෙස බලා සිටියෙමි. එහෙත් ඒ මොහොතකට පමණි. එක් වරම කිසියම් බලවේගයක් විසින් ජල තටාකය දෙබෑ කරගෙන මගේ සිරුර ඉහළට ඔසවාගෙන එනු මට හැගුණි.

ඉතිං මට සමාවෙන්න | Ithin Mata Samawenna

රු850.00
or 3 X රු283.33 with

බැරිම හින්දා කවමදාවත්
ආයෙ ඔබ වෙත හැරෙන්න
කිසිත් කියන්න බෑ ඉතිං මට,
“සමා වෙනු මැන! ” ඇරෙන්න
ජීවිතේ තව බොහෝ දුර ඇති
අතරමග බෑ මැරෙන්න
ඔබත් ඔහොමම මගදි හමුවන වංගුවක් ළග හැරෙන්න

ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට ? | Ithin kawiyani hodata ninda yanawa d raata

රු382.50
or 3 X රු127.50 with

යම් දිනෙක.
වසංගත කාලයද වියැකේවි:
කවි, ගීත ලියැවේවි
මල් පිපී හිනැහේවි, උණුහුමට හිරු එළිය පැතිරේවි

නම් නොදත් බොහෝ අය පිළිබඳව මතක සටහන් පවා නොරැඳේවි

බොහෝ හිස්තැන් අතර
ඇතැම් විට යම් දිනෙක
අප ද යළි කොහේ හෝ හමුවේවි; සමහර විට නොවේවි!

ඉඳුදුන්න නැමුණු තැන | Indudunna Namunu Thana

රු495.00
or 3 X රු165.00 with

ඉඳු දුන්න නැමුණු තැන

අහස් ගඟ පසු කරන
මන්දාර පව් ඔබෙන්
ඉඳු දුන්න නැමෙන තැන
සුන්දරම තැන මෙතැන

නැඟ ගතිමි එහි තුඩට
නැරඹුයෙමි තරු ආර
සෙවූයෙමි ජීවිතය
ඔබේ ඇස් ප්‍රදීප්තව
අහසේ දිදුලනා’යුර

යශෝධාවට වඩා
යශෝධා ඒ ඔබය
දරා අත අහර පැස
විඳ දරා රිදුම් පෙළ
ඔබ හිඳී….
සයනයේ පාමුලක
විපිලිසර වතැතිව

නමුදු අප අතර දැන්
අවපස සඳ නැඟේ
ඒ අඩුව අතැරලා
ඉරු සඳුට හිස නමමු
එදාටත් වඩා අද
තැවුල් ගත් කුමරියනි.

ඉරණම වෙනස් කිරීමේ කලාව | Iranama Wenas Kirime Kalawa

රු675.00
or 3 X රු225.00 with

ඔබ ඉරණම විශ්වාස කරනවාද? පිළිගන්නවාද? නොසළකා හරිනවාද? එහෙමත් නැත්නම් ඉරණම ඔබට කැමති අයුරින් වෙනස් කරනවාද? සීමාවන්ට සීමා නොවී කළ නොහැක්ක රවටන්න උත්සාහ කරන විශ්වීය මිනිසුන් උදෙසා ඉරණමේ කලාව, විද්‍යාව සහ මිථයාව ඔස්සේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි බලපෑමක් කරන මෙම කෘතිය ඔබගේ ඉරණම වෙනස් කරන නවතම මෘදුකංගයයි.

ඉසිවරයා | Isiwaraya – The Prophet Kahlil Gibran

රු432.00
or 3 X රු144.00 with

Immortal Prophet of Lebanon යනුවෙන් විරුදාවලි ලද බලිල් පිබිබ්රාන් නම් දාර්ශනික ලේඛකයාගේ කෘති ලෝකයේ භාෂා ගණනාවකට පර්වර්තනය වී තිබේ. ඔහුගේ කෘති ඉංග්‍රීසි හා අරාබි භාෂා වලින් ලියැවී ඇත.

මෙය The Prophet යනුවෙන් ඉංග්‍රීසි පාඨකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ පොතේ සිංහල පරිවර්තනයයි. කතාවක ස්වරූපයෙන් ඉදිරිපත් වුවත් ආදරය, විවාහය, දරුවන්, දුක සැප, අපරාධය හා දඬුවම, නීතිය, නිදහස කාලය, මරණ ආදි විවිධ මාතෘකා යටතේ දැක්වෙන ඉතා වටිනා දාර්ශනික අදහස් මෙහි දැක්වේ.

උත්තම නිහඬතාවය | Uththama Nihandathawaya

රු675.00
or 3 X රු225.00 with

අප නිහඬතාව නැමැති මනසින් සවන් දෙන්නේ නම් පක්ෂින්ගේ සෑම නාදයක්ද, සුළඟට ළෙල දෙන තුරු ලතාවන්ගේ සෑම කෙඳිරිම් හඬක් ද අපට යමක් කියනවා ඇත. මේ සියල්ලක්ම අපට කියන්නේ කුමක්ද ? අර්ථ ගන්වන්නේ කුමක්ද? ඔබ කතාබහින් තොරව සවන් දීම කළ යුතු බව නොවේද ? කතාවට වඩා සවන් දීම ඔබේ ජිවිතයට අර්ථයක් ගෙන එයි.

උත්තර දේවී | Uththara Devi

රු720.00
or 3 X රු240.00 with
මෙම නව කථාවේ කථා නායිකාව ලෙස එන “දේවි” ඇයගේ කුඩා කාලයේදී ඇයටත් ඇගේ පවුලටත් අපකීර්ති කර කළු ජුලියේ ප්‍රතිඵලය ලෙස මුහුණපාන්නට වු සමාජ අසාධාරණයට එරෙහිව “පලිගැනීම ” මුලික අරමුණ කරගත්තාය. එම අරමුණ මුදුන්පත් කරගැනීම සඳහා LTTE සංවිධානයට බැඳුනු ඇය මරාගෙන මැරෙන බෝම්බකාරියක වූයේ ඇගේ ජීවිතයේ ඒකායන අරමුණ වූ පලිගැනීම සාර්ථක කර ගැනීම සඳහාය.
දේවිගේ සත්‍ය කථාවේ කොටසක් ඇතුළත් මෙම නව කථාව කියවන පාඨකයින්ට සමාජයේ පරම සතුරන් වූ LTTE සාමාජික සාමාජිකාවන් සමහරෙක් එම සාහසික තත්වයට පත්වීමට හේතු පාදක වූ කරුණු වලින් කොටසක් අවධාරණය කර ගැනීමට හැකිවනු ඇත.

උත්පත්ති | Uthpaththi

රු1,350.00
or 3 X රු450.00 with

ඒ රැය ගෙවී පසුදා අවදි වූ ඔහු, ජනේල තිරපට අතරින් පැති මිදුලත්, ඉන් එහා තෙමුණු ගහ කොළත් දෙස බලා සිටිනා බිසෝ දෙස නෙත් යොමු කොට සිටියේ, පළමු වරට දුටු ප්‍රතිමාවක් දෙස බලා ඉන්නා දරුවෙකුගේ විස්මයෙනි. ජනේල කූර අල්ලා ගන්නට එසවුණු ඇගේ අත් දණ්ඩ යටින් දුහුල් රෑ ඇඳුම විනිවිද ඈ කය ස්වප්නමය අයස්කාන්තියකින් ඔහු දෑස් වසග කළ ද, ඒ හා සමග ඇතුළාන්තය කලඹා එන දරුණු සුළි කුණාටුවක හෝ හඬින් ඔහු භයංකර ලෙස තැති ගත්තේ ය. සැමියා තමා දෙස බලා ඉන්නා බවක් ඕ නොදත්තා ය. ඔහුගේ හද ගැස්මේ වේගය ද, හතිය ද ඇයට නොදැනිණි. ඔහුගේ මුවින් කිසියම් වේදනාවක කෙඳිරියක් පිටවෙනු සමග තිගැස්සී හැරී බැලූ ඇගේ මුව ඈයිනි.

එකෝමත් එක දවසක | Ekomath Eka Dawasaka

රු1,350.00
or 3 X රු450.00 with

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක් සහ ගී පද රචිකාවක් ද වූ දයා ද අල්විස් විසින් ඉරිදා ලක්බිම පුවත්පතේ ‘රිද්ම’ අතිරේකය සඳහා වසර තුනකට අධික කාලයක් තිස්සේ ලියන ලද ‘එකෝමත් එක දවසක’ තීරු ලිපි මාලාවේ එකතුවක් ලෙස මෙම කෘතිය සම්පාදනය වී තිබේ. මේ කෘතියෙහි ඇත්තේ බොහොමයක්ම ලේඛිකාවගේ පෞද්ගලික ජීවිත අත්දැකීම්ය. ගැහැනියක ලෙස ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ඇය සිය අත්දැකීම් ඔස්සේ විස්තර කරයි. මෙම කෘතියෙහිම දිගුවක් ලෙස ‘එකෝමත් එක දවසකට පස්සේ ’නමින් තීරු ලිපි එකතුවක් ද ඇය කෘතියක් ලෙසින් සම්පාදනය කොට තිබේ.