Showing 553–576 of 1347 results
Super Reader Week Sale
📚 Super Book Readers Weekly Sale Alert! 🚀 Immerse yourself in a world of literary treasures at [YourWebsite.com]. 🌈 Uncover thrilling stories, heartwarming tales, and more, all at irresistible prices! 🎉 Don't miss out—explore now and let the reading adventures begin!
Shop
කඩවර | Kadawara – Hard Cover

උඹට බෑ මයේ අවසරය නැතිව මැරෙන්ටන්වත්. මං උඹව උස්සාන ඇවිත් වෙදකම් නොකළා නම් මෙලහකටත් උඹ තනිපංගලමේ අර ගුබ්බෑයමට වෙලා මියැදිලා. අන්න ඒකයි මම උඹව මෙහෙට ගෙනැව්වේ. උඹේ හිතුවක්කාරකම් අඩු වෙනකන්ම උඹව මයෙ පැලට ගෙන්නගන්ට නෙවෙයි මම උන්නේ. ඒත් දැන් මට කොරන්ට දෙයක් නෑ සුදුමැණිකෙ. උඹට මගේ පැලේ වසන්ට වෙනවා. හැබැයි එකක්… උඹ අර කලින් උන්න හිතුවක්කාර, මේ කඩවරව තඹේකට මායිම් නොකරන, බයක් කියන එකක් ගෑවිලාවත් නැති පරණ සුගන්දි වෙනකන් මම උඹට අතක් තියන්නෙ නෑ. මයෙ කඩවර අප්පච්චි පල්ලා, මම උඹට අත තියන්නැ. සිහියක් නැතිව මේතන දපලා ඉන්න උඹයි. මට අකමැතිව උන්න උඹයි දෙන්නාම මට එකයි. උඹ දැන් මේ මයෙ ළඟ ඉන්නෙත් උඹවත් නොදැන නෙව. කවදහරි උඹ ගුණ වෙලා උඹේ කැමැත්තෙන් උඹව මයෙ ලඟට එන්ට ඕනේ. ඒකයි උඹයි මායි අතර හැමදාම තිබුණ වචනෙ… ස්ථිරයි. ඒ වචනෙ උඹ මැරුණත් එහෙමයි. හොදින් හරි, නරකින් හරි, එක පාරකට හරි උඹ මයෙ ළඟට එන්ට ඔනේ. ඔව්, උඹ එනවාමයි… අනිවාර්යයෙන්ම උඹ දවසක මයෙ ළඟට එනවාමයි…
කඩා වැටෙන තරුවක් | Kada watena Tharuwak

හැර ගිය නමුත් බඹරුන් මල් පැණිද ගෙන
මලකට සතුටු වන්නට හැක සුවඳ ගැන
කවියෙකු උරන වන්නේ නැත කිසිම දින
කවියක තවර ගත්තා මිස අහිමි පෙම
කඩොල් ඇත්තු | Kadol Aththu

කතන්දර හා පින්තූර 01 | Kathandara Ha Pinthura 01

මම චිත්‍ර ශිල්පියෙක්.
කුඩා කාලෙ ඉඳල මම අතින් අඳින්න පුරුදු වුණා. දකුණු අතින් ලියන්න ඉගෙන ගත්තා. ලියන්න ඕනෑ දකුණු අතින් විතරමයි. දැන් මම කතන්දරයක් ගැන හිතන කොට දකුණු අතේ පෑන. වම් අතේ පැන්සලය නැත්නම් පින්සල. ඒක හුඟක් පහසුයි. දකුණු අතින් කතන්දරය ලියනවා. ඒ අතර වම් අතින් විනෝදමත් විහිළු චිත්‍ර අඳිනවා.
බාගදා අනික් අතට වෙන්නත් පුළුවන්. ඉස්සරවෙලා වම් අතින් චිත්‍ර අඳිනවා. ඊට පස්සෙ දකුණු අතින් ඒකට ගැලපෙන කතන්දරය
ලියනවා. මෙන්න මෙහෙම මගේ පුංචි මිතුරන්ට මගේ දෑතින් ගන්නා විනෝදමත් කතන්දර හා හිත් පින්තූර දෙන්න මම මහන්සි ගන්නවා.
මේ පොත කියවන කොට මෙහි චිත්‍ර ඔබ බලනවා ඇතැයි මම හිතනවා. මගේ වීරයන්ට ආදරය කරතැයි මම හිතනවා. මගේ කතා වලින් ඔබ විනෝද වෙනවා විතරක් නෙමෙයි, ඒවා ගැන මොනව හරි හිතන්න, අඳින්න කරන්න ඔබට පුළුවන් වෙතැයි මම හිතනවා. බාග වෙලාවට ඔබ සන්තෝසෙන් නිකම්ම හිනාවෙන්න විතරක් පුළුවන්!
කතන්දර හා පින්තූර 02 | Kathandara Ha Pinthura 02

කුකුළු පැටවා සහ තාරා පැටවා, දඟකාර පූසා ඇතුළු ඔබ ආස කරන චරිත නිමවූ සුප්‍රසිද්ධ කතන්දර කියන්නාගේ අනෙකුත් වීරයන් හමුවන්න විශාල සිතුවම් පිරිණු කුඩා වික්‍රමාන්විතයන්, 1952 සිට පොඩිත්තන් විසින් කියවා රසවිඳි ප්‍රියතම කාටූන් චරිත සහිත යහ ගුණ කියාදෙන බුද්ධිමත් කතන්දර.
පරිවතනය – තාරක ලියනාඩෝ විපුලගුණ
කදිර දිව්‍යරාජ | Kadira Divyaraja

ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට මාලාවෙහි ධාරා දෙකකට අයත් නිර්මාණ දකින්නට ලැබේ. පළමු ධාරාවට අයත් වන්නේ පොඩි මල්ලි’ ‘සිරිබෝ අයියා සරුංගලේ සුදු සෙවණැලි ක්ෂීර සාගරය කැලඹිණ වැනි විචාරක පැසසුමට පාත්‍ර වූ චිත්‍රපටය. සිරිබෝ අයියා 1981 වර්ෂයෙහි තිරගත වූ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස ද සුදු සෙවණැලි. 2002 වර්ෂයෙහි තිරගත වූ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස ද ජනාධිපති සම්මාන දිනා ගත්තේය.
දෙවන ධාරාව වනාහි blockbuster චිත්‍රපට හෙවත් මහාකෘතිය. ඔහු ඒ චිත්‍රපට නිර්මාණය කළේ යම් අරමුණක් උදෙසා ද ඒ අරමුණ තුළ ඔහු උපරිම මට්ටමෙන් සාර්ථකත්වය ලැබී ය. ‘කුස පබා’ (2012), ‘පත්තිනි’ (2016), යශෝධරා (2018), විජයබා කොල්ලය (2019). ඒ ඒ වර්ෂ වල වැඩිම ආදායම් ලබමින් box office වාර්තා බිඳ හෙළීය. ඒ අතුරින් යශෝධරා’ හැර සෙසු චිත්‍රපට සම්භාව්‍ය සිනමාව වෙනුවෙන් පෙනී සිටි විචාරකයන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ නිර්දය ගර්හාවට සහ අවමානයට පාත්‍ර විය.
කදිර දිව්‍ය රාජ ද යථෝක්ත දෙවන ධාරාව නියෝජනය කළ චිත්‍රපටයකි. එය 2023 වර්ෂයෙහි වැඩීම house full දර්ශන වාර සංඛ්‍යාව සහිත ව දින 100 ක් ප්‍රදර්ශනය වූ එකම චිත්‍රපටය වූ අතර සිංහල සිනමා ඉතිහාසයෙහි වැඩීම ආදායම් වාර්තා සහිත චිත්‍රපට කිහිපය අතරට ද එක් විය.
කන්නකී හෙවත් පත්තිනි සහ කෝවලන් හෙවත් වීරමුණ්ඩ | Kannaki hewath paththini saha kowalan hewath weeramunda

මුද්‍රා නාට්‍ය ශිල්පියෙකු, ජනකලා පර්යේෂකයෙකු, සාහිත්‍ය සම්මාන ලාභී ලේඛකයෙකු, නළුවෙකු, ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු ද වන සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායකයන්ගේ අඩසියවසන වේදිනා සත්‍රප්තිය වෙනුවෙන් ජනගත කෙරෙන “කන්නකි හෙවත් පත්තිනි සහ කෝවලන් හෙවත් වීරමුණ්ඩ ” කෘතිය වූ කලි නූතන ව්‍යවහාරයේ පත්තිනි දේවිය සහ වීරමුණ්ඩ දෙවියන් යනු දෙමළ මහා කාව්‍යයක් වූ සීලප්පදිකාරම් ග්‍රන්ථයේ සඳහන් කන්නකී සහ කෝවලන් යුවළ බව සාහිත්‍යමය මූලාශ්‍රය මගින් සහේතුකව සනාථ කෙරෙන පර්යේෂණ ග්‍රන්ථයකි.
ග්‍රන්ථයේ කතුවර සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක වූ කලී ශ්‍රී ලංකාවේ සකලවිධ ලලිත කලාවේදී (BFA) උපාධිධරයන් අතර ප්‍රථම පන්ති සාමථ්‍යයක් ලබාගත් ලලිත කලාවේදී උපාධිධරයා වීමත් ලංකාවේ හෝ විදේශයක දී පර්යේෂණ නිබන්ධයක් සඳහා ශාස්ත්‍රපති (MA) උපාධියක් ලබා ගත් ප්‍රථම ලලිත කලාවේදී උපාධිධරයා වීමත්, දර්ශනසූරි (Ph.D) උපාධිය ලත් ලංකාවේ ප්‍රථම වෘත්තීය නර්තන ශිල්පියා වීමත්, උඩරට නර්තන කලාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ධුරය ලත් ලංකාවේ ප්‍රථම හා එකම වෘත්තීය නර්තන ශිල්පියා වීමත් නර්තන කලාව හා තදනුබද්ධ විෂය ක්‍ෂේත්‍ර පිළිබඳ පර්යේෂණ කෘති විශාල සංඛ්‍යාවක් රචනා කර ඇති සුවිශේෂ ආචාර්යවරයෙකි. ඔහුගේ නවතම පර්යේෂණ ග්‍රන්ථය මෙය යි.
කඳුළු කුණාටුව | Kandulu Kunatuwa

ඉරගිනි මද්දහන ටෙලි වෘතාන්තයට පාදක වූ නවකතාව..
කමාන්ඩෝ පියසටහන් | Commando Piyasatahan

ලුතිනන කර්නල් සුනිල් පීරිස් ගේ කමාන්ඩෝ අත්දැකීම් තුළින් ලියැවී ඇති මෙම කෘතිය කොමාන්ඩෝ බලකාය පිළිබඳ ලේඛනයක් පමණක් නොව යුධ හමුදා ඉතිහාසයට එක් වූ නව දැනුම් සම්භාරයකි. මෙය යුධ කලාව අධ්‍යයනය කරන්නෙකුට මෙන්ම හමුදා ඉතිහාසඥයෙකුට ද හමුදා නිලධාරීන්ට හා සෙසු නිලයන් හට ද එක සේ වටිනා කියවුමකි. සමාජයේ ඕනෑම අයෙකු පරිශීලනය කළ යුතු නිර්මාණයකි.
කම්බිලි | Kambili

ඇයට දැනුනේ තමාගේ ගෙල පිටුපසට තද වී ඇති ඔහුගේ අතෙහි උණුහුමය. කෙස් වැටියෙහි ඉසකෙයි ගස් අතරින් රිංගා ඇති ඔහුගේ ඇඟිලිවල පහසය. ඇගේ මුහුණ මතට වේගයෙන් වැටෙන ඔහුගේ හුස්මෙහි සුවඳය. මත් වීලාක් මෙන් ඇය කම්ඹිලි දෙසම බලා උන්නාය.
පිච්වීගේ සිතුවිලි දැන වුන් කම්බිලි ඔහුගේ ශක්තිමත් වම් අත පිච්චිගේ බඳ වටා යවා තදින් ඇයව තමාගේ සිරුරට තද කරගෙන ඇගේ උරහිසේ සිට ගෙල දිගේ කන දක්වාම තදින් සිපගන්නට විය. එක් ක්ෂණයෙන් ඇගේ සිරුරෙහි හිරිගඩු පිපීමට තරම් ඉහළට ගත් හුස්ම නැවතීමට තරම් කම්බිලිගේ ඒ සිපගැනීම ප්‍රබල විය. පිච්චි තවත් තදින් දැස් වසා ගත්තේ ඔහුගේ ඒ උණුසුම ඇයට තව තවත් විඳීමට ඇවැසි වූ නිසාවෙනි. ඔහුගේ දිගැටි ඇඟිලි පිච්චිගෙ ගත පුරා සිතුවම අඳිද්දී කම්බිලි බලා වුන්නේ දැස් වසාගෙන තදින් හුස්ම ගන්නා ඇය දෙසය. හිතයි ගතයි දෙකම ඇවිලුනු ගැහැනියක් මත් කිරීම කොහොමටත් පිරිමියෙකුට එකරම් අපහසු දෙයක් නොවේය. තිස් තුන් අවුරුද්දට ගිණිය නොහැකි තරමට ගැහැණුන්ගේ පහස විඳි කම්ඹිලිට මදයෙන් ඇවිස්සී ඇවිලී හුන් පිච්චීව තමාට නතු කරගැනීමට අමුතුවෙන් වෙහෙස වීමට වුවමතා වූයේ නැත.
කම්මැලි මොළේ | Kammali Mole

මතක තියා ගන්න. ලෝකයේ සාර්ථක මිනිස්සුන්ටත් තියෙන්නේ ඔබට වගේම මොළයක්. ස්ටීව් ජොබ්ස්, මාක් සකර්බර්ග්, එලොන් මස්ක්, ජේම්ස් කැමරන් වගේ අය ගැන හිතලා බලන්න. ඔවුන්ගේ මොළයේ ඔබේ මොළයට වඩා, ජීව විද්‍යාත්මක හෝ රසායන විද්‍යාත්මක වෙනස්කමක් නෑ. හැඩයත් බරත් හුඟාක් සමානයි. ඔවුන් කළේ තමන්ගේ මොළය හරියට තේරුම් අරගෙන උපරිමයෙන් පාවිච්චි කරපු එක විතරයි. ඉතින්, ඔබටත් පුළුවන්!
කර්මජ | Karmaja

කර්මජ රෝග වලට ප්‍රතිකාර නැත. ප්‍රේමය කර්මජ රෝගයකි. එම නිසා ප්‍රේමයට ප්‍රතිකාර….
අභිෂේකා විමලවීර
කල්පනා ලෝකවාදය සාහිත්‍ය කලා හා මාක්ස්වාදය | Kalpana lokawadaya sahithya kala ha makswadaya

ධනවාදය ලෝක ශ්‍රම විභජනයක් හා ලෝක වෙළඳ පොළක් මතු නො ව සත්තකින් ම ලෝක සාහිත්‍යයක් හා කලාවක් ද නිපදවීය. ඒ සමඟ ම මේ ලෝක එකමුතුව ධනවාදය යටතේ තම ප්‍රතිපක්ෂය සමඟ යෙදී සිටින මාරක අරගලයක් ලෙසින් විනා ග්‍රහණය කළ තො හැකි ය. ම්ලේච්ඡතම මට්ටම් කරා උත්සන්න කරනු ලබන ජාතික පීඩනය, වෙළඳ හා ආයෝජන බිම් සදහා අධිරාජ්‍යවාදීන් අතර සිදු වන කුරිරු තරග හා යුද්ධ, කම්කරු පන්තිය හා ගොවි ජනතාව තම නිෂ්පාදිතයේ ප්‍රතිඵල වලින් බලාත්කාරයෙන් ඈත් කර තැබීම හා අනෙක් අතට පුද්ගලයාගේ නිදහස මෙම සමස්තයෙන් පරිබාහිරය යන මායාව නිපදවීම සරච්චන්ද්‍ර නො දක්නා ඒ අනෙක් පැත්ත යි. මානුෂික අවශ්‍යතාවල, හැකියාව හා රුචිකත්වවල විශ්ව ව්‍යාපී භාවය සාක්ෂාත් වීමට මේ දෙවනු කී සියල්ල බාධකව සිටී. ඒ නිසාම විශ්ව රුචිකත්වය මෙකී භේදයන්ට හා බන්ධනයන්ට එරෙහි අරගලයක් ලෙස මිස වෙනත් ආකාරයකට ග්‍රහණය කළ නො හැකි ය. එසේ නම් මේ යුගයේ සාහිත්‍ය – කලාවන් අගය කිරීමේ මිම්ම බවට පත් වන්නේ මෙම ප්‍රතිවිරෝධය ජය ගැනීමටත් එමගින් මානුෂික පරිපූර්ණත්වය හා සුසංවාදය සාක්ෂාත් කර ගැනීමටත් මිනිස් වර්ගයාට පවත්නා උවමනාව හා ඒ සඳහා ඔවුන් ම දරන ප්‍රයත්තය නො වේ ද? මෙලෙසින් ලෝක විප්ලවය මේ සාහිත්‍ය – කලාවන් විචාරය කිරීමේත් ඒවා ම මිනිසා සඳහා උපුටා ගැනීමේත් එක ම මානය බවට පත් නො වන්නේ ද?
කංසා සංවර්ධන මණ්ඩලය | Cannabis Development Board

කංසා පිළිබඳ පළමු ග්‍රන්ථය වූ ත්‍රෛලෝක්‍යවිජයා සම්පාදනයට වසර 4ක් ගත විය. එය සමාජ ගත කළේ 2017 අගෝස්තු 1 වැනිදා ය. දෙවැනි ග්‍රන්ථය වූ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන කංසා ප්‍රතිපත්තිය සම්පාදනය අවසන් කළේ වසර 2019 දී ය. විද්‍යාත්මක පර්යේෂණ ලිපි 537ක තොරතුරු පදනම් කරගෙන සම්පාදනය කළ තෙවන ග්‍රන්ථයේ අඩංගු වන්නේ කෘෂි ආර්ථික බෝගයක් ලෙස ප්‍රයෝජන ගත හැකි කංසා පුනර්ජීවනය සඳහා අවශ්‍ය නව පනත් ත්‍රිත්වය සහ කංසා ආර්ථිකය කළමනාකරණය කරන කංසා සංවර්ධන මණ්ඩලය පිළිබඳව ය. මේ සඳහා වසර 4ක් ගත විය. මෙම ග්‍රන්ථය මගින් කංසා සංවර්ධන මණ්ඩලයේ ව්‍යවස්ථාපිත ලේඛනය සහ සිංහල භාෂාවෙන් සම්පාදනය වූ විද්‍යා සාහිත්‍යමය කංසා විෂය නිර්දේශය හඳුන්වා දෙයි.
ආචාර්ය වසන්ත සේන වැලිඅංග
කළු පැහැති කුඩා පොත | Kalu pahathi kuda potha

මේ කවි ලියා අවසන් කර
එයම ලියූ කළු පෑනෙන්
ඝන කළුවර රෑ අහසෙහි
කළු පැහැයෙන් තිතක් තබා
එයින් අසමි
සුවිසල් වූ විශ්වය මැද
කළු පැහැති කුඩා තිත
තරම්වත් වේද මම?
කෆ්කා මුහුදු වෙරළේ | Kafka Muhudu werale

සුවිශේෂ චරිත දෙකක දෛවය ‘කෆ්කා මුහුදු වෙරලේ’දී පාඨකයාට මුණගැසෙයි. පහළොස් වියැති කෆ්කා තමුරා, ඔහුගේ පියාගේ අනිටු අනාවැකියත් අහිරි හැඟීමත් පෙරදැරිව ගෙදරින් පලා යයි. ලමා වියේ ඇති වූ රුදුරු කම්පනයක බිල්ලක් වන මහලු නකතා, එතෙක් කල් ගත කළ සරල දිවි පෙවේත උඩුයටිකුරු කරගනී, මේ දෙන්නාගේ සමාන්තර ගමන ත්රාසෝන්මාදයෙන් අනූනය.
බලලුන් මිනිසුන් සමඟ කතාබහ කරති. අහසෙන් මාළු කඩා හැලේ. දෙවැනි ලෝක යුද්ධයේ සිට වයසට නොගිය තරුණ හේවායෝ දෙන්නෙක් කැලේක සතුටින් වෙසත්, ඒ සියල්ල අතරේ, කුරීරු මිනිමැරුමක්, එහෙත් මිනිමරුවා සේම ඔහුගේ බිල්ලත්, නොවිසඳුණු ප්රහේලිකාවකි. ආශා ගවේෂණයේ සම්භාව්ය ආඛ්යානයක් වන ‘කෆ්කා මුහුදු වෙරළේ” මිත්යාමය වූත් සමකාලීන වූත් තහංචි ප්රශ් කරන අතරේ, පීතෘ ඝාතනය සහ මව කෙරෙහි වන ලිංගිකආලය අතර මායිම් ඉතා සියුම්ව පික්සයි.
කාන්තාවන්ට පමණයි | Kanthawanta Pamanai

පරිපූර්ණ ජීවිතයක් උදෙසා ගැහැනියකට අවශ්‍යම ද මිනිහෙක් ?
අඛිලන්ඩේශ්වරී, වයස අවුරුදු හතළිස් පහයි. ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපිකාරීනී. කිසි දිනෙක තමන්ට ම කියා ජීවිතයක් නොතිබුණු. සොයුරියාගේ, නැන්දණියගේ සහ පවුලට රැකවරණ සලසන්නියගේ භූමිකාව කරන්නට පැවරුණු ගැහැනියක්.
නමුදු වසේ වූයේ, සාම්ප්‍රදායික දෙමළ බ්‍රාහ්මණ වංශික ජීවිතයෙන් හා පෙර සඳහන් සියලු භූමිකාවන්ගෙන් මිදී, හුදෙකලාවෙන් සන්නද්ධව, මුහුද අද්දර පිහිටි කන්‍යා කුමාරී නගරය වෙත යන්නට කෝච්චි ටිකට්ටුවක් මිලදී ගන්නා තෙක් පමණයි.
කෝච්චියේ, කාන්තාවන්ට පමණක් වෙන් වූ අඟුළු ලෑ නිදන කුටිය තවත් ගැහැනුන් පස් දෙනෙක් හා බෙදා ගනිද්දී, ඔවුන් හඳුනා ගැනීමට අඛිලට ඉඩ කඩ සැලසෙනවා.
ජානකී, ආදරයට පාත්‍ර වූ බිරිඳ සහ අවුලට පත් වූ මව.
මාගරට් ශාන්ති; ඇයගේ අවශ්‍යතා හඳුනා ගැනීමට අසමත්, අසංවේදී මාන්නක්කාරයෙක් සහ අමු කවියක් වැනි පුරුෂයකු සමග විවාපත් රසායන විද්‍යා ගුරුවරීය.
ප්‍රභා දේවී; පිහිනුම් තටාකයක් නිසා ජීවිතය අලුත් මානයකට පා කර ගත්, පරිපූර්ණ දියණිය සහ බිරිඳ.
ශීලා, අනුනට නොතේරෙන දෑ සිය හැකියාව ඔස්සේ අවබෝධ කරගත් දහ හතර හැවිරිදි දැරීය.
මාරික් කොළොන්දු; එක් රාගී රැයක් මගින් විනාශ කර දැමූ අහිංසකත්වය.
ඔවුන්ගේ ජීවිත ගැන අසමින්, ඒ ඒ ජීවිතයන්හි අතිශය පුද්ගලික සිදුවීම් ගැන සිතමින්, අඛිලා සෙවූයේ ඇගේ ජීවිතයට ගැට ගැසී තිබුණු ගැටලුවට විසඳුමක්: ගැහැනියකට තනිකඩව සිටිමින් තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකි ද? නොසේනම්, පරිපූර්ණ ජීවිතයක් උදෙසා ගැහැනියකට අවශ්‍යම ද මිනිහෙක් ?
කාල රේඛාව | Kala Rekhawa

ජුලි 21 වෙනිදා නිකුත් වේ.
පෙම්වත : පෙම්පත් එවා සුළඟේ ගිය පසු
ජෑම් ගහ හෙවණට වී හඬන්නද මම
පටු වේවැල් පුටුවේ කිටි කිටියේ හිරවීගෙන
දෑත මුහුණේ ඔබාගෙන
පැරණි දල සේයා පට මතක, මතක් කරමින්
ගස්ස ගස්සා පටු උරහිස්
හඬන්නද? හඬනවා මෙන් හඟවන්නද?
පිළිතුරක් දෙන්න නොවෙහෙසන ඔබ පවා
ආතතියෙන් පුරවන්න
“ඒ පෙම්පත් මා ලියුවේ නොවේ”
කියන්නට නොපැකිලෙන ඔබ පවා තිගැස්වන්න
හඬන්නද මම?
ඔව්!! අර ජෑම් ගහ හෙවණටම වී
කාලයෙහි සංක්ෂිප්ත ඉතිහාසය | Kaalayehi Sankshiptha Ithihasaya | A Brief History Of Time Sinhala Translation

https://www.youtube.com/watch?v=PguCUdB5gqU
කාලය ට ආරම්භයක් තිබුනේද? කාලයට ආපස්සට ගලා යා හැකිද? විශ්ව අපරිමිත වේද? නො එසේ නම් ඊට සීමාවන් පවතීද? මෙතෙක් ලොව පහළ වූ ඉතාමත් ඉහළ ගණයේ චින්තකයින් අතුරෙන් එක් මිනිසෙක් විසින් රචනා කරන ලද, අග‍්‍රගන්‍ය කෘතියක් ලෙස මුළු ලොවම සලකනු ලබන මෙම ග‍්‍රන්ථය තුළ අවධානට යෙමු වී ඇති සමහරක් ප‍්‍රශ්න මේවාය. සර්පිලාකාර මන්දාකිනි සහ තන්තු වාදය හරහා, මහා පිපුරුමක සිට කළු කුහර දක්වා පවතින අවකාශයෙහි මධ්‍ය හැරයෙහි තවමත් පවතින රහස් ගවේෂණය කිරීමට ප‍්‍රථමයෙන් නිව්ටන් සිටි අයින්ස්ටයින් දක්වා විහිදී ගිය විශ්වය පිළිබඳ උත්කෘෂ්ට න්‍යායන් සමාලෝචනය කිරීමකින් ග‍්‍රණ්ථය ආරම්භ වී ඇත. කාලය පිළිබඳ සංක්ෂිප්ත ඉතිහාසය අද දක්වා විද්‍යාත්මක සංහිතාවේ මූලිකත්වය දරමින් විශ්වය සහ එහි අරුමයන් සංක්ෂිප්ත සහ සුපැහදිලි ලෙස භාෂාව යොදා ගනිමින් ලක්‍ෂ සංඛ්‍යාත පාඨකයන් හට හඳුන්වා දීම අඛණ්ඩව සිදු කරයි.
අග‍්‍රගණ්‍ය භෞතික විද්‍යාඥයන් අතුරෙන් එක් අයෙකු ලෙස ලොවම පිළිගත් ස්ටීවන් හොකින් විසින් රචිත නම් මාහැගි ග‍්‍රන්ථයෙන් සිංහල පරිවර්තනය කාලයේ සංක්ෂිප්ත ඉතිහාසය නමින් දැන් ඔබ අතට පත්ව ඇත. ප‍්‍රථමයෙන් මහා පිපුරමෙන් ආරම්භ වී සර්පිලාකාර තාරකා මණ්ඩල සිට තන්තු වාදය හරහා කළු කුහර තෙක් ගෙවී ගිය කාලය තුළ, අවකාශයෙහි මධ්‍ය හරයෙහි තවමත් රැදී සිටින, රහස් ගවේෂණය කරයි. ඉන් විද්‍යාත්මක න්‍යායන් සමාලෝචනය කරයි. ඉන් ඉක්බිති නිව්ටන් ගෙන් ආරම්භ වී අයින්ස්ටයින් දක්වා විහිදී යන විද්‍යාත්ම න්‍යායන් සමාලෝචනය කරයි. විද්‍යා පුනරුදයෙහි ආර්ම්භයෙහි පටන්, දර්ශනවාදීන්ගේ ද විද්‍යාඥයින්ගේ ද නිබඳ කුතුහලයට පාත‍්‍ර වූ කාලය ට ආරම්භයක් තිබුනේද? කාලයට ආපස්සට ගලා යා හැකිද? විශ්ව අපරිමිත වේද? නො එසේ නම් ඊට සීමාවන් පවතීද? මෙතෙක් ලොව පහළ වූ ඉතාමත් ඉහළ ගණයේ චින්තකයින් අතුරෙන් එක් මිනිසෙක් විසින් රචනා කරන ලද, අග‍්‍රගන්‍ය කෘතියක් ලෙස මුළු ලොවම සලකනු ලබන මෙම ග‍්‍රන්ථය තුළ අවධානට යෙමු වී ඇති සමහරක් ප‍්‍රශ්න මේවාය. සර්පිලාකාර මන්දාකිනි සහ තන්තු වාදය හරහා, මහා පිපුරුමක සිට කළු කුහර දක්වා පවතින අවකාශයෙහි මධ්‍ය හැරයෙහි තවමත් පවතින රහස් ගවේෂණය කිරීමට ප‍්‍රථමයෙන් නිව්ටන් සිට අයින්ස්ටයින් දක්වා විහිදී ගිය විශ්වය පිළිබඳ උත්කෘෂ්ට න්‍යායන් සමාලෝචනය කිරීමකින් ග‍්‍රන්ථය ආරම්භ වී ඇත. කාලය පිළිබඳ සංක්ෂිප්ත ඉතිහාසය අද දක්වා විද්‍යාත්මක සංහිතාවේ මූලිකත්වය දරමින් විශ්වය සහ එහි අරුමයන් සංක්ෂිප්ත සහ සුපැහදිලි ලෙස භාෂාව යොදා ගනිමින් ලක්‍ෂ සංඛ්‍යාත පාඨකයන් හට හඳුන්වා දීම අඛණ්ඩව සිදු කරයි.
මෙම ග‍්‍රන්ථය දැරුවෙකුගේ විශ්මිත ලෝකය, ධීමතකුගේ ගේ නැණස සමග බැඳ තබයි.
ස්ටීවන් හොකින් ගේ මනස පිළිබඳව විස්මයට පත් වෙමින් ඔහුගේ විශ්වය තුළ සැරිසරමු. – සන්ඩේ ටයිම්ස්
කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය: කෙටි හැදින්වීමක් | Kal Maksge Pragdanaya Keti Hadinweemak

අවසාන වශයෙන්, මිනිසුන් විසින් වෙන් කළ නොහැකි යැයි සැලකු සෑම දෙයක්ම හුවමාරු කිරීමේ, වෙළෙඳාම් කිරීමේ සහ අන්සතු කළ හැකි වස්තුවක් බවට පත් වු කාලයක් පැමිණියේය. එතෙක්, සන්නිවේදනය කළ නමුත් කිසි විටෙකත් හුවමාරු නොවූ, දුන් නමුත් කිසි විටෙකත් විකුණනු නොලැබූ, අත්පත් කරගත් නමුත් කිසි විටෙකත් මිලදී නොගක් – ගුණය, ආදරය, ඒත්තු ගැන්වීම, දැනුම, හෘදය සාක්ෂිය යනාදී සෑම දෙයක්ම, කෙටියෙන් තිවහොත්, වාණිජ්‍යය බවට පත් වූ කාලය මෙය විය. එය සාමාන්‍ය දූෂණයේ, විශ්වීය දඩබ්බරකමේ කාලයයි, නැතහොත් දේශපාලන ආර්ථිකය අනුව කතා කිරීමේ දී, සදාචාරාත්මක හෝ භෞතික වූ සියල්ල වෙළෙඳපොළ වටිනාකමක් බවට පත් වු سعد…
සුමන සිරි ලියනගේ
Karl Marx, Poverty of Philosophy p.12 පරිවර්තනය ධනුෂි පලිහේන