Showing 577–600 of 1415 results

Shop

ඉරණම වෙනස් කරන කම්පන තරංග නීතිය | Iranama wenas karana kampana tharanga neethiya

රු722.50
or 3 X රු240.83 with

අද ලොව පුරා වෙසෙන මිනිසුන්ගේ නිබඳ අවධානයට ලක්ව ඇති විශ්ව ආකර්ෂණ විෂයෙහි පදනම වන්නේ අප තුළම ගොඩනගා ගත යුතු ඉහළ කම්පන තරංග මට්ටමයි. ඉහළ කම්පන මට්ටමක් ගොඩ නගා ගන්නා ආකාරය පිළිබඳව ලොව වෙසෙන විශිෂ්ටයන් ගේ මගපෙන්වීම් ගෙනහැර දක්වන මෙම ග්‍රන්ථය කම්පන තරංග සම්බන්ධයෙන් සිංහල බසින් ලියැවෙන පළමු කෘතියයි.

විශ්ව කම්පන තරංග පිළිබඳව සිංහල බසින් ලියැවෙන පළමු කෘතිය

ඉරණම වෙනස් කිරීමේ කලාව | Iranama Wenas Kirime Kalawa

රු720.00
or 3 X රු240.00 with

ඔබ ඉරණම විශ්වාස කරනවාද? පිළිගන්නවාද? නොසළකා හරිනවාද? එහෙමත් නැත්නම් ඉරණම ඔබට කැමති අයුරින් වෙනස් කරනවාද? සීමාවන්ට සීමා නොවී කළ නොහැක්ක රවටන්න උත්සාහ කරන විශ්වීය මිනිසුන් උදෙසා ඉරණමේ කලාව, විද්‍යාව සහ මිථයාව ඔස්සේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි බලපෑමක් කරන මෙම කෘතිය ඔබගේ ඉරණම වෙනස් කරන නවතම මෘදුකංගයයි.

ඉසිවරයා | Isiwaraya – The Prophet Kahlil Gibran

රු432.00
or 3 X රු144.00 with

Immortal Prophet of Lebanon යනුවෙන් විරුදාවලි ලද බලිල් පිබිබ්රාන් නම් දාර්ශනික ලේඛකයාගේ කෘති ලෝකයේ භාෂා ගණනාවකට පර්වර්තනය වී තිබේ. ඔහුගේ කෘති ඉංග්‍රීසි හා අරාබි භාෂා වලින් ලියැවී ඇත.

මෙය The Prophet යනුවෙන් ඉංග්‍රීසි පාඨකයින් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ පොතේ සිංහල පරිවර්තනයයි. කතාවක ස්වරූපයෙන් ඉදිරිපත් වුවත් ආදරය, විවාහය, දරුවන්, දුක සැප, අපරාධය හා දඬුවම, නීතිය, නිදහස කාලය, මරණ ආදි විවිධ මාතෘකා යටතේ දැක්වෙන ඉතා වටිනා දාර්ශනික අදහස් මෙහි දැක්වේ.

උත්තම නිහඬතාවය | Uththama Nihandathawaya

රු675.00
or 3 X රු225.00 with

අප නිහඬතාව නැමැති මනසින් සවන් දෙන්නේ නම් පක්ෂින්ගේ සෑම නාදයක්ද, සුළඟට ළෙල දෙන තුරු ලතාවන්ගේ සෑම කෙඳිරිම් හඬක් ද අපට යමක් කියනවා ඇත. මේ සියල්ලක්ම අපට කියන්නේ කුමක්ද ? අර්ථ ගන්වන්නේ කුමක්ද? ඔබ කතාබහින් තොරව සවන් දීම කළ යුතු බව නොවේද ? කතාවට වඩා සවන් දීම ඔබේ ජිවිතයට අර්ථයක් ගෙන එයි.

උත්තර දේවී | Uththara Devi

රු720.00
or 3 X රු240.00 with
මෙම නව කථාවේ කථා නායිකාව ලෙස එන “දේවි” ඇයගේ කුඩා කාලයේදී ඇයටත් ඇගේ පවුලටත් අපකීර්ති කර කළු ජුලියේ ප්‍රතිඵලය ලෙස මුහුණපාන්නට වු සමාජ අසාධාරණයට එරෙහිව “පලිගැනීම ” මුලික අරමුණ කරගත්තාය. එම අරමුණ මුදුන්පත් කරගැනීම සඳහා LTTE සංවිධානයට බැඳුනු ඇය මරාගෙන මැරෙන බෝම්බකාරියක වූයේ ඇගේ ජීවිතයේ ඒකායන අරමුණ වූ පලිගැනීම සාර්ථක කර ගැනීම සඳහාය.
දේවිගේ සත්‍ය කථාවේ කොටසක් ඇතුළත් මෙම නව කථාව කියවන පාඨකයින්ට සමාජයේ පරම සතුරන් වූ LTTE සාමාජික සාමාජිකාවන් සමහරෙක් එම සාහසික තත්වයට පත්වීමට හේතු පාදක වූ කරුණු වලින් කොටසක් අවධාරණය කර ගැනීමට හැකිවනු ඇත.

උත්පත්ති | Uthpaththi

රු1,350.00
or 3 X රු450.00 with

ඒ රැය ගෙවී පසුදා අවදි වූ ඔහු, ජනේල තිරපට අතරින් පැති මිදුලත්, ඉන් එහා තෙමුණු ගහ කොළත් දෙස බලා සිටිනා බිසෝ දෙස නෙත් යොමු කොට සිටියේ, පළමු වරට දුටු ප්‍රතිමාවක් දෙස බලා ඉන්නා දරුවෙකුගේ විස්මයෙනි. ජනේල කූර අල්ලා ගන්නට එසවුණු ඇගේ අත් දණ්ඩ යටින් දුහුල් රෑ ඇඳුම විනිවිද ඈ කය ස්වප්නමය අයස්කාන්තියකින් ඔහු දෑස් වසග කළ ද, ඒ හා සමග ඇතුළාන්තය කලඹා එන දරුණු සුළි කුණාටුවක හෝ හඬින් ඔහු භයංකර ලෙස තැති ගත්තේ ය. සැමියා තමා දෙස බලා ඉන්නා බවක් ඕ නොදත්තා ය. ඔහුගේ හද ගැස්මේ වේගය ද, හතිය ද ඇයට නොදැනිණි. ඔහුගේ මුවින් කිසියම් වේදනාවක කෙඳිරියක් පිටවෙනු සමග තිගැස්සී හැරී බැලූ ඇගේ මුව ඈයිනි.

එකෝමත් එක දවසක | Ekomath Eka Dawasaka

රු1,350.00
or 3 X රු450.00 with

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක් සහ ගී පද රචිකාවක් ද වූ දයා ද අල්විස් විසින් ඉරිදා ලක්බිම පුවත්පතේ ‘රිද්ම’ අතිරේකය සඳහා වසර තුනකට අධික කාලයක් තිස්සේ ලියන ලද ‘එකෝමත් එක දවසක’ තීරු ලිපි මාලාවේ එකතුවක් ලෙස මෙම කෘතිය සම්පාදනය වී තිබේ. මේ කෘතියෙහි ඇත්තේ බොහොමයක්ම ලේඛිකාවගේ පෞද්ගලික ජීවිත අත්දැකීම්ය. ගැහැනියක ලෙස ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ඇය සිය අත්දැකීම් ඔස්සේ විස්තර කරයි. මෙම කෘතියෙහිම දිගුවක් ලෙස ‘එකෝමත් එක දවසකට පස්සේ ’නමින් තීරු ලිපි එකතුවක් ද ඇය කෘතියක් ලෙසින් සම්පාදනය කොට තිබේ.

එකෝමත් එක දවසකට පස්සේ | Ekomath Eka Dawasakata Passe

රු765.00
or 3 X රු255.00 with

මට හිතෙනවා
අහසයි පොළොවයි
යාළුවෝ දෙන්නෙක් කියලා
කොයිතරම් ඈත් වුණත්
ඒ දෙන්නා යාළුවෝ
අහස කියන දේ තමයි
පොළොව අහගෙන ඉන්නේ
පොළොව ඉල්ලන දේ තමයි
අහසින් ලැබෙන්නේ
ඈතයි ඈතයි කියලා
කවුරු කිවුවත්
අහසට පොළොව තරම්
ගැළපෙන වස්තුවක්
වෙන කොයින්ද

එක්ස් | X

රු720.00
or 3 X රු240.00 with

මේ අතරවාරයේ.. …

විල්කින්ස් චීන්නුන්ට ශාප කළේය. එවිටම මොකක් දෝ මහා වෙනසක් ඔහුගේ ගතට දැනුණි. සියල්ල සිදු වූයේ එක්වරම බැවින්, ඔහුට සිය දර්ශණ පථය සෙමෙන් ධාවනය වන සිනමා පටයක් මෙන් මැවී පෙනුණි.

යානය තුළ දැනුණු බර ගැන හැඟීම පහව ගොස් සැණෙකින් ඔහුට ශූන්‍ය ගුරුත්වය දැනෙන්නට විය. ඉන්පසු, එවිටම, ඔහුට සිය යානය මෙන්ම, ඔහුගේ හිස හරවමින් බැලූ බැලූ අත ගමන් කරමින් තිබුණු සියලුම යානා ද, වැහි පොද සේ පහළට ඇද හැළෙන අයුරු දිස් වූයේය… පෙනෙනෙ පෙනෙන අත සියලුම ගොඩනැගිලි, වැලි මාලිගාමෙන් දුහුවිලි නංවමින් පහළට කඩා හැළෙන අයුරු, සිය ඇස් අදහාගත නොහැකිව හේ බලා

සිටියේය.

ඉක්බිතිව ඔහුගේ ලෝකය එකවරම කළුවර විය.

ඒ පොත නොහොත් සර්පයා මැරීම | E potha nohoth sarpaya marima

රු1,275.00
or 3 X රු425.00 with

හුදෙකලා වූ, දුර්වල, ක්ෂුද්‍ර අල්පමාත්‍රික ‘මම’ පමණක් පැවතුම් පථයක සකස් වී කාලයට නතු වූ සේක. එවිටම විඥානය ජනනය වූ සේක. එවිටි මා හට කතා කරන්නට හැකි වූ සේක.
එවිටම ආලෝකය නිවී ගිය සේක.
ඒ අන්ධකාරය ජනනය වූ සේක.
ඒ අන්ධකාරය, ආලෝකය යැයි සිතෙන තරමටම
මා මුග්ධ වී ගිය සේක.

ඒ සමනලුන් මියගියේ මා නමින් නම් | E samanalun miya giye ma namin nam

රු493.00
or 3 X රු164.33 with

සර්ව බලධාරී දෙවියන් වහන්සේ මම වෙමි.

සම්‍යයක් සම්බුද්ධ මම වෙමි.

එසේ වුව ඒ සමනලුන් මිය ගියේ මා නමින් නම් ?

එතැන් සිට ඔබ මට සාතන් නමින් අමතන්න.

එතැන් සිට ඔබ මට දෙව්දත් නමින් අමතන්න.

මා මරා ඔවුන් ජීවත් කරවන්න.

එවිට, සර්ව බලධාරී දෙවියන් වහන්සේ මම වෙමි. සම්‍යයක් සම්බුද්ධ මම වෙමි.

ඒක අමුතු කතාවක් | Eka Amuthu Kathawak

රු1,080.00
or 3 X රු360.00 with

ලංකාවෙ ගමක තමන්ගෙ පාඩුවේ ජීවත්වුණ කොල්ලෙක්ව, හදිස්සියෙම පැහැරගෙන යන්න වුවමනා වුණේ කාටද?

“ඔහ්… කමෝන්! මේක සාමාන්‍ය පැහැරගැනීමක් නෙමෙයි…” මිනිහ නොයිවසිල්ලෙන් වගේ කිව්වා. “හේතුව සරලවම ඔයාට කිව්වොත්…”

“ඔව්..?”

“ඔයාව අරන් යන්නෙ කසාද බන්දන්න!”

“මොකක්?”

මට කකා හිටපු කෑම එක පිට උගුරෙ ගියා. රාහුල් ඉක්මනට නැඟිටල ඇවිත් මගේ පිටට තට්ටු කළේ වතුර බෝතලේ මූඩිය ඇරල මගේ අතට දෙන ගමන්.

“තෑන්ක්ස්…” එයාගෙ ආචාරශීලී ආගන්තුක සත්කාරය හමුවේ මට ස්තුති නොකර බැරිවුණා.

“මේක ටිකක් පිස්සු කතාවක් වගේ ඔයාට හිතුණත් මම පුදුම වෙන්නෙ නෑ… සමහරවිට ඔයා විශ්වාස කරන එකකුත් නෑ.”

කාටත් හොරෙන් ඉන්දියාවට අරන් ගියපු රුක්ෂාන්ට අන්තිමට මුහුණදෙන්න සිද්ද වුණේ හිතාගන්නවත් බැරි සිදුවීම් පෙළකට…

එයා හදිස්සියෙම මගේ දිහාට හැරුණා. ඒ ළඟින්ම ගමන් කරපු මම එයාගේ උරහිසේ හැප්පිලයි නතරවුණේ.

“අපි දෙයක් කරන්න යන්නෙ…”

එයාගේ ඇස් දෙකේ මෙතෙක්වෙලා තිබුණු මලානික ගතිය වෙනුවට අමුතු දීප්තියක් එකතුවෙලා තිබුණා.

“ම්ම්?”

“අපි එයාව උස්සනව!” අදිති කිව්වා.

ඒත් මං ආදරෙයි | Eth Man Aadarei

රු850.00
or 3 X රු283.33 with

කවදාහරි දාවසකදි මේ මගුල් කියවලා

ඔයාටත් හිතුනොතින් මම පිස්සෙකැයි කියා

අද වගෙම එදාටත් තියම් කවියක ලියා

පිස්සෙකුගේ ආදරේ තාම දන්නෑ ඔයා ”

ඔක්තෝබර් රුසියානු විප්ලවයේ කතාව | October rusiyanu viplawaye kathawa

රු1,266.50
or 3 X රු422.17 with

1917 යනු වික්‍රමාන්විත ක්‍රියා, අපේක්ෂා, ද්‍රෝහිකම්, ඇදහිය නොහැකි අහම්බ සිදුවීම්, යුද ගැටුම් හා සටකපට කූට ප්‍රයෝග, අභීත භාවය, බියගුලුකම හා මුග්ධ භාවය, පුරසාරම, වීර්යය හා ශෝකාන්තය යන සියල්ල එකම දාමයක්ව බැඳුණු වීර කාව්‍යයකි; එය උන්නතිකාමයේ සහ වෙනස්වීමේ යුගයකි; එය ඇස් නිලංකාර කරවන ආලෝකයේ, ශක්තියේ, අඳුරු සෙවණැලිවල යුගයකි; එය මහාමාර්ග, දුම්රිය මාර්ග සහ දුම්රිය පිළිබඳ යුගයකි.

රුසියානු විප්ලවය ගැන අප කෙතෙක් නම් පොත් කියවා තිබේ ද? එසේ වුව ද ඒ විවාදාත්මක සිදුවීම් ජාලය පිළිබඳව ලියා ඇති අන් කවර පොතකට ද වඩා මේ කෘතිය සුවිශේෂී එකක් වන්නේ එය එම විප්ලවයේ අඳුරු අහුමුලු ද එළිය කරමින්, ඊට දායක සහ නායක වූ චරිත මැදහත් මනසකින් යුතුව විස්තර කරන නිසාම පමණක් නොවේ. ඒ සිදුවීම් මාලාව ශූර නවකථාකරුවකුගෙන් පමණක් බලාපොරොත්තු විය හැකි ආකාරයට පාඨක කුතුහලය ද අවුළුවමින් ඔහු ගොනු කරන විලාසය ද නිසාය. කුඩා දිය සීරාවක් ලෙස ඇරඹි ඔක්තෝබර් විප්ලවය නමැති මහෝඝය ඇළ, දොළ, දියකඳුරු, අතු ගංගා එකතු කර ගනිමින්, වන වදුලු, තුරු වදුලු, තැනි බිම් මැදින්, ගල් පර මතින් ගලා යන රඟ, අප හමුවේ නාටකීය ලෙසින් ඉදිරිපත් කරන ප්‍රබුද්ධ ශෛලිය ද නිසාය.

ඔතේලෝ / Otelo

රු225.00
or 3 X රු75.00 with