Showing 577–600 of 1380 results

Shop

එකෝමත් එක දවසකට පස්සේ | Ekomath Eka Dawasakata Passe

රු765.00
or 3 X රු255.00 with

මට හිතෙනවා
අහසයි පොළොවයි
යාළුවෝ දෙන්නෙක් කියලා
කොයිතරම් ඈත් වුණත්
ඒ දෙන්නා යාළුවෝ
අහස කියන දේ තමයි
පොළොව අහගෙන ඉන්නේ
පොළොව ඉල්ලන දේ තමයි
අහසින් ලැබෙන්නේ
ඈතයි ඈතයි කියලා
කවුරු කිවුවත්
අහසට පොළොව තරම්
ගැළපෙන වස්තුවක්
වෙන කොයින්ද

එක්ස් | X

රු720.00
or 3 X රු240.00 with

මේ අතරවාරයේ.. …

විල්කින්ස් චීන්නුන්ට ශාප කළේය. එවිටම මොකක් දෝ මහා වෙනසක් ඔහුගේ ගතට දැනුණි. සියල්ල සිදු වූයේ එක්වරම බැවින්, ඔහුට සිය දර්ශණ පථය සෙමෙන් ධාවනය වන සිනමා පටයක් මෙන් මැවී පෙනුණි.

යානය තුළ දැනුණු බර ගැන හැඟීම පහව ගොස් සැණෙකින් ඔහුට ශූන්‍ය ගුරුත්වය දැනෙන්නට විය. ඉන්පසු, එවිටම, ඔහුට සිය යානය මෙන්ම, ඔහුගේ හිස හරවමින් බැලූ බැලූ අත ගමන් කරමින් තිබුණු සියලුම යානා ද, වැහි පොද සේ පහළට ඇද හැළෙන අයුරු දිස් වූයේය… පෙනෙනෙ පෙනෙන අත සියලුම ගොඩනැගිලි, වැලි මාලිගාමෙන් දුහුවිලි නංවමින් පහළට කඩා හැළෙන අයුරු, සිය ඇස් අදහාගත නොහැකිව හේ බලා

සිටියේය.

ඉක්බිතිව ඔහුගේ ලෝකය එකවරම කළුවර විය.

ඒ පොත නොහොත් සර්පයා මැරීම | E potha nohoth sarpaya marima

රු1,275.00
or 3 X රු425.00 with

හුදෙකලා වූ, දුර්වල, ක්ෂුද්‍ර අල්පමාත්‍රික ‘මම’ පමණක් පැවතුම් පථයක සකස් වී කාලයට නතු වූ සේක. එවිටම විඥානය ජනනය වූ සේක. එවිටි මා හට කතා කරන්නට හැකි වූ සේක.
එවිටම ආලෝකය නිවී ගිය සේක.
ඒ අන්ධකාරය ජනනය වූ සේක.
ඒ අන්ධකාරය, ආලෝකය යැයි සිතෙන තරමටම
මා මුග්ධ වී ගිය සේක.

ඒ සමනලුන් මියගියේ මා නමින් නම් | E samanalun miya giye ma namin nam

රු493.00
or 3 X රු164.33 with

සර්ව බලධාරී දෙවියන් වහන්සේ මම වෙමි.

සම්‍යයක් සම්බුද්ධ මම වෙමි.

එසේ වුව ඒ සමනලුන් මිය ගියේ මා නමින් නම් ?

එතැන් සිට ඔබ මට සාතන් නමින් අමතන්න.

එතැන් සිට ඔබ මට දෙව්දත් නමින් අමතන්න.

මා මරා ඔවුන් ජීවත් කරවන්න.

එවිට, සර්ව බලධාරී දෙවියන් වහන්සේ මම වෙමි. සම්‍යයක් සම්බුද්ධ මම වෙමි.

ඒක අමුතු කතාවක් | Eka Amuthu Kathawak

රු1,080.00
or 3 X රු360.00 with

ලංකාවෙ ගමක තමන්ගෙ පාඩුවේ ජීවත්වුණ කොල්ලෙක්ව, හදිස්සියෙම පැහැරගෙන යන්න වුවමනා වුණේ කාටද?

“ඔහ්… කමෝන්! මේක සාමාන්‍ය පැහැරගැනීමක් නෙමෙයි…” මිනිහ නොයිවසිල්ලෙන් වගේ කිව්වා. “හේතුව සරලවම ඔයාට කිව්වොත්…”

“ඔව්..?”

“ඔයාව අරන් යන්නෙ කසාද බන්දන්න!”

“මොකක්?”

මට කකා හිටපු කෑම එක පිට උගුරෙ ගියා. රාහුල් ඉක්මනට නැඟිටල ඇවිත් මගේ පිටට තට්ටු කළේ වතුර බෝතලේ මූඩිය ඇරල මගේ අතට දෙන ගමන්.

“තෑන්ක්ස්…” එයාගෙ ආචාරශීලී ආගන්තුක සත්කාරය හමුවේ මට ස්තුති නොකර බැරිවුණා.

“මේක ටිකක් පිස්සු කතාවක් වගේ ඔයාට හිතුණත් මම පුදුම වෙන්නෙ නෑ… සමහරවිට ඔයා විශ්වාස කරන එකකුත් නෑ.”

කාටත් හොරෙන් ඉන්දියාවට අරන් ගියපු රුක්ෂාන්ට අන්තිමට මුහුණදෙන්න සිද්ද වුණේ හිතාගන්නවත් බැරි සිදුවීම් පෙළකට…

එයා හදිස්සියෙම මගේ දිහාට හැරුණා. ඒ ළඟින්ම ගමන් කරපු මම එයාගේ උරහිසේ හැප්පිලයි නතරවුණේ.

“අපි දෙයක් කරන්න යන්නෙ…”

එයාගේ ඇස් දෙකේ මෙතෙක්වෙලා තිබුණු මලානික ගතිය වෙනුවට අමුතු දීප්තියක් එකතුවෙලා තිබුණා.

“ම්ම්?”

“අපි එයාව උස්සනව!” අදිති කිව්වා.

ඒත් මං ආදරෙයි | Eth Man Aadarei

රු850.00
or 3 X රු283.33 with

කවදාහරි දාවසකදි මේ මගුල් කියවලා

ඔයාටත් හිතුනොතින් මම පිස්සෙකැයි කියා

අද වගෙම එදාටත් තියම් කවියක ලියා

පිස්සෙකුගේ ආදරේ තාම දන්නෑ ඔයා ”

ඔක්තෝබර් රුසියානු විප්ලවයේ කතාව | October rusiyanu viplawaye kathawa

රු1,266.50
or 3 X රු422.17 with

1917 යනු වික්‍රමාන්විත ක්‍රියා, අපේක්ෂා, ද්‍රෝහිකම්, ඇදහිය නොහැකි අහම්බ සිදුවීම්, යුද ගැටුම් හා සටකපට කූට ප්‍රයෝග, අභීත භාවය, බියගුලුකම හා මුග්ධ භාවය, පුරසාරම, වීර්යය හා ශෝකාන්තය යන සියල්ල එකම දාමයක්ව බැඳුණු වීර කාව්‍යයකි; එය උන්නතිකාමයේ සහ වෙනස්වීමේ යුගයකි; එය ඇස් නිලංකාර කරවන ආලෝකයේ, ශක්තියේ, අඳුරු සෙවණැලිවල යුගයකි; එය මහාමාර්ග, දුම්රිය මාර්ග සහ දුම්රිය පිළිබඳ යුගයකි.

රුසියානු විප්ලවය ගැන අප කෙතෙක් නම් පොත් කියවා තිබේ ද? එසේ වුව ද ඒ විවාදාත්මක සිදුවීම් ජාලය පිළිබඳව ලියා ඇති අන් කවර පොතකට ද වඩා මේ කෘතිය සුවිශේෂී එකක් වන්නේ එය එම විප්ලවයේ අඳුරු අහුමුලු ද එළිය කරමින්, ඊට දායක සහ නායක වූ චරිත මැදහත් මනසකින් යුතුව විස්තර කරන නිසාම පමණක් නොවේ. ඒ සිදුවීම් මාලාව ශූර නවකථාකරුවකුගෙන් පමණක් බලාපොරොත්තු විය හැකි ආකාරයට පාඨක කුතුහලය ද අවුළුවමින් ඔහු ගොනු කරන විලාසය ද නිසාය. කුඩා දිය සීරාවක් ලෙස ඇරඹි ඔක්තෝබර් විප්ලවය නමැති මහෝඝය ඇළ, දොළ, දියකඳුරු, අතු ගංගා එකතු කර ගනිමින්, වන වදුලු, තුරු වදුලු, තැනි බිම් මැදින්, ගල් පර මතින් ගලා යන රඟ, අප හමුවේ නාටකීය ලෙසින් ඉදිරිපත් කරන ප්‍රබුද්ධ ශෛලිය ද නිසාය.

ඔතේලෝ / Otelo

රු225.00
or 3 X රු75.00 with

ඔබේ ඉරණම කුමක් විය හැකිද? / Discover your Destiny /Obe iranama kumak wiya hakida

රු720.00
or 3 X රු240.00 with

ඔබේ දැක්ම අත්දකින්න, ඔබේ උත්කෘෂ්ඨ අදහස් ක්‍රියාවට නංවන්න, ඔබේ හදවතේ නලියන සංගීතය අත්විඳින්න. ඔබේ සිතේ ජනිත වන ලස්සන ඔබේ සිතුවිලි සරසන අලංකාරය ආදී සෑම දෙයක්ම ඔබේ ලෝකය ගොඩනගනු ඇත.

ඔය රෙද්දෙන් බැස පලයන් මොනාලිසා | Oya redden basa palayan monalisa

රු600.00
or 3 X රු200.00 with

බලාපං අතරමංවෙලා ඒකි එක්ක දවසක්..

මොන ගඟ මැද්දෙත් තියනවා හබල් නැති ඔරුවක්..

කියාපන් ” අම්මෙ මට ඔළුවේ කැක්කුමයි ” වගේ දෙබසක්..

ගලෝගෙන කකුලක්, පේනකං ඉස්පිරිතාලයක්.

ඕකි ලේ පෙරාගෙන හබල්ගායි වරුවක්..

” අම්මා කියන්නෙම, ප්‍රේමයට කියන තවත් එක් සමාන පදයක්..”

ඔයයි මමයි තව දෙන්නයි | Oyai mamai thawa dennai

රු1,040.00
or 3 X රු346.67 with

මේ වගේ වෙලාවක කෙල්ලෙක්ට ට්‍රයි කරනව නම් මධ්‍යස්ථ බවකින් කෙල්ලගේ හිතේ ලියාපදිංචි වෙන්න ඕනේ. මොකද නැත්නම් කෙල්ල දැන ගන්නවා කොල්ලා එන්නේ පොල් පැළේ කන්න කියලා වැඩිපුර වැරදි කරලා තියෙන්නේ කෙල්ල වුණත් ඒ වැරැද්ද අතිශය සාධාරණ මානුෂික කරුණක් බවට තර්ක ගොඩනගන්න ඕනේ. මේ අතරේ සෙක්ස් වගේ දේවල් ගැන ගොඩක් ගැඹුරින් ඒත් සරල ව ‘මට ඕවා ගාණක් නෑ කියන්න වගේ අදහසුත් එකතු කරගැනීමේ අනිවාර්යයි. තමන්ට ඕනම දෙයක් තේරුම් ගන්න පුළුවන් කැපෑසිටි එකක් තියෙනවා කියලා කෙල්ලගේ හිතට එන්නත් කිරීමත් වැදගත් කවිකාර දඟකාර හිතුවක්කාරකම් ගෑවුණ වචන සාමාන්‍ය වචන දහයකට දෙකක්වත් යොදා ගැනීම අනාගතයට ප්‍රයෝජනවත්

ඕෂෝ : භයිරව තන්ත්‍ර ආදරය හා ජීවිතය | Bahayirava Thanthra

රු585.00
or 3 X රු195.00 with

තන්ත්ර යනු විද්යාවක්, ඒ නිසා මතක තබා ගන්න, එය කොහෙත්ම හින්දු නොවෙයි. මෙම ක්රම වේද කිසිම ආගමික වතාවතක් ගැන සඳහන් නො කරන්නේ ඒ නිසයි. පන්සලක් අවශ්ය වන්නේ නෑ. ඔබයි පන්සල ඔබවන පන්සල හොඳටම සෑහෙයි. සියලුම පර්යේෂණ ඔබ තුළ සිදු වෙයි. ඇදහීමක් අවශ්ය නොවෙයි. අවශ්ය වන්නේ පර්යේෂණ සිදු කිරීමට අවශ්ය එඩිතර බව හා ධෛර්යය පමණයි. එහි සුන්දරත්වය නම් එයයි. කිසිම ආගමිකයකුට තම ආගම අතහරින්නට සිදු වන්නේ නැහැ. මහමදියානු. හින්දු. බෞද්ධ ආදී සෑම ආගමිකයකුටම තම ආගමේ අරුතෙහි ගැඹුරටම යාමට මේ හරහා හැකි වෙයි. මිනිසුන් කුමන ආගම තෝරා ගත්තත් ඔවුන්ගේ අරමුණු ඉටු කරනු ලබයි.

නිර්මල විද්යාවක් වන තන්ත්ර ඔබේ ආගම කොහෙත්ම ස්පර්ශ නොකරයි. තන්ත්ර පවසන්නේ ආගම යනු සමාජයීය කටයුත්තක් බවයි. ඔබව පරිවර්තනය කළ හැකි වන අතර පරිවර්තනයට විද්යාත්මක ක්රම වේදයක් අවශ්යයි. ඔබට ක්ෂය රෝගය වැනි ලෙඩක් වැළඳුන විට එය වාර්ගික හෝ ආගමික වශයෙන් ලෙඩාට කිසිම වෙනසක් සිදු නොකරයි. රෝගීනට විද්යාත්මකව ප්රතිකාර කළ යුතුයි. හින්දු හෝ මුස්ලිම් ක්ෂය රෝගය කියා යමක් නැහැ

කඩවර | Kadawara

රු2,070.00
or 3 X රු690.00 with

උඹට බෑ මයේ අවසරය නැතිව මැරෙන්ටන්වත්. මං උඹව උස්සාන ඇවිත් වෙදකම් නොකළා නම් මෙලහකටත් උඹ තනිපංගලමේ අර ගුබ්බෑයමට වෙලා මියැදිලා. අන්න ඒකයි මම උඹව මෙහෙට ගෙනැව්වේ. උඹේ හිතුවක්කාරකම් අඩු වෙනකන්ම උඹව මයෙ පැලට ගෙන්නගන්ට නෙවෙයි මම උන්නේ. ඒත් දැන් මට කොරන්ට දෙයක් නෑ සුදුමැණිකෙ. උඹට මගේ පැලේ වසන්ට වෙනවා. හැබැයි එකක්… උඹ අර කලින් උන්න හිතුවක්කාර, මේ කඩවරව තඹේකට මායිම් නොකරන, බයක් කියන එකක් ගෑවිලාවත් නැති පරණ සුගන්දි වෙනකන් මම උඹට අතක් තියන්නෙ නෑ. මයෙ කඩවර අප්පච්චි පල්ලා, මම උඹට අත තියන්නැ. සිහියක් නැතිව මේතන දපලා ඉන්න උඹයි. මට අකමැතිව උන්න උඹයි දෙන්නාම මට එකයි. උඹ දැන් මේ මයෙ ළඟ ඉන්නෙත් උඹවත් නොදැන නෙව. කවදහරි උඹ ගුණ වෙලා උඹේ කැමැත්තෙන් උඹව මයෙ ලඟට එන්ට ඕනේ. ඒකයි උඹයි මායි අතර හැමදාම තිබුණ වචනෙ… ස්ථිරයි. ඒ වචනෙ උඹ මැරුණත් එහෙමයි. හොදින් හරි, නරකින් හරි, එක පාරකට හරි උඹ මයෙ ළඟට එන්ට ඔනේ. ඔව්, උඹ එනවාමයි… අනිවාර්යයෙන්ම උඹ දවසක මයෙ ළඟට එනවාමයි…

කඩා වැටෙන තරුවක් | Kada watena Tharuwak

රු425.00
or 3 X රු141.67 with

හැර ගිය නමුත් බඹරුන් මල් පැණිද ගෙන
මලකට සතුටු වන්නට හැක සුවඳ ගැන
කවියෙකු උරන වන්නේ නැත කිසිම දින
කවියක තවර ගත්තා මිස අහිමි පෙම

කඩොල් ඇත්තු | Kadol Aththu

රු720.00
or 3 X රු240.00 with
මෙම යුද ජයග්‍රහණයේ විශාලතම කොටසට හිමිකම් ඇත්තේ ඈත පිටිසර ගම් දනව්වල ජීවත්වන දිලිඳු දෙමාපියනට දාව ඉපදී නිසි කල වයස පැමිණි වහාම හමුදාවන්ට බැඳී තම රට ජාතිය සහ අනාගත පරම්පරාව වෙනුවෙන් සටන් කළ වීරෝධාර සෙබළුන්ටය, ඔවුන් අතරින් දස දහස් ගණනක් වීරෝධාර සෙබළුන් මව්බිම වෙනුවෙන් දිවි පිදූ අතර තවත් දස දහස් ගණනක් යුද්ධයේදී දරුණු ලෙස තුවාල ලබා පූර්ණ ආබාධිත තත්වයට පත්වූහ. රට ජාතිය වෙනුවෙන් අති උතුම් යුග මෙහෙවරක යෙදුණු මෙම දේශයේ දරුවන්ව, ඔවුන් ලබා දුන් නිදහස භුක්ති විඳින අපගේ රට වැසියන් බොහෝ දෙනෙකුට අද අමතක වී ඇති බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය.
මෙම නවකතාවේ කථා නායකයා ලෙස එන නාලක ජිනසේන ඇතුලු චරිත සියල්ලක්ම මනඃකල්පිත චරිත වුවද කථා නායකයා මුහුණ දෙන පීඩාකාරී ප්‍රශ්න සියල්ලම පාහේ මෙම ආබාධිත සෙබළුන් හට අප සමාජය තුළ මුහුණ පෑමට සිදුවූ ඒවා බව සඳහන් කළ යුතුය. මෙම ප්‍රශ්න මෙම නව කථාවට ඇතුළත් කිරීමෙන් කතුවරයා බලාපොරොත්තු වන්නේ පූර්ණ කාලීන ආබාධිත සෙබළුන් හට අප සමාජය තුළ අනුකම්පාවක් නොව, ගෞරවයක් ලබාදීමය.

කතන්දර හා පින්තූර 01 | Kathandara Ha Pinthura 01

රු2,125.00
or 3 X රු708.33 with

මම චිත්‍ර ශිල්පියෙක්.

කුඩා කාලෙ ඉඳල මම අතින් අඳින්න පුරුදු වුණා. දකුණු අතින් ලියන්න ඉගෙන ගත්තා. ලියන්න ඕනෑ දකුණු අතින් විතරමයි. දැන් මම කතන්දරයක් ගැන හිතන කොට දකුණු අතේ පෑන. වම් අතේ පැන්සලය නැත්නම් පින්සල. ඒක හුඟක් පහසුයි. දකුණු අතින් කතන්දරය ලියනවා. ඒ අතර වම් අතින් විනෝදමත් විහිළු චිත්‍ර අඳිනවා.

බාගදා අනික් අතට වෙන්නත් පුළුවන්. ඉස්සරවෙලා වම් අතින් චිත්‍ර අඳිනවා. ඊට පස්සෙ දකුණු අතින් ඒකට ගැලපෙන කතන්දරය

ලියනවා. මෙන්න මෙහෙම මගේ පුංචි මිතුරන්ට මගේ දෑතින් ගන්නා විනෝදමත් කතන්දර හා හිත් පින්තූර දෙන්න මම මහන්සි ගන්නවා.

මේ පොත කියවන කොට මෙහි චිත්‍ර ඔබ බලනවා ඇතැයි මම හිතනවා. මගේ වීරයන්ට ආදරය කරතැයි මම හිතනවා. මගේ කතා වලින් ඔබ විනෝද වෙනවා විතරක් නෙමෙයි, ඒවා ගැන මොනව හරි හිතන්න, අඳින්න කරන්න ඔබට පුළුවන් වෙතැයි මම හිතනවා. බාග වෙලාවට ඔබ සන්තෝසෙන් නිකම්ම හිනාවෙන්න විතරක් පුළුවන්!

කතන්දර හා පින්තූර 02 | Kathandara Ha Pinthura 02

රු1,487.50
or 3 X රු495.83 with

කුකුළු පැටවා සහ තාරා පැටවා, දඟකාර පූසා ඇතුළු ඔබ ආස කරන චරිත නිමවූ සුප්‍රසිද්ධ කතන්දර කියන්නාගේ අනෙකුත් වීරයන් හමුවන්න විශාල සිතුවම් පිරිණු කුඩා වික්‍රමාන්විතයන්, 1952 සිට පොඩිත්තන් විසින් කියවා රසවිඳි ප්‍රියතම කාටූන් චරිත සහිත යහ ගුණ කියාදෙන බුද්ධිමත් කතන්දර.

පරිවතනය – තාරක ලියනාඩෝ විපුලගුණ

කදිර දිව්‍යරාජ | Kadira Divyaraja

රු855.00
or 3 X රු285.00 with

ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට මාලාවෙහි ධාරා දෙකකට අයත් නිර්මාණ දකින්නට ලැබේ. පළමු ධාරාවට අයත් වන්නේ පොඩි මල්ලි’ ‘සිරිබෝ අයියා සරුංගලේ සුදු සෙවණැලි ක්ෂීර සාගරය කැලඹිණ වැනි විචාරක පැසසුමට පාත්‍ර වූ චිත්‍රපටය. සිරිබෝ අයියා 1981 වර්ෂයෙහි තිරගත වූ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස ද සුදු සෙවණැලි. 2002 වර්ෂයෙහි තිරගත වූ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස ද ජනාධිපති සම්මාන දිනා ගත්තේය.

දෙවන ධාරාව වනාහි blockbuster චිත්‍රපට හෙවත් මහාකෘතිය. ඔහු ඒ චිත්‍රපට නිර්මාණය කළේ යම් අරමුණක් උදෙසා ද ඒ අරමුණ තුළ ඔහු උපරිම මට්ටමෙන් සාර්ථකත්වය ලැබී ය. ‘කුස පබා’ (2012), ‘පත්තිනි’ (2016), යශෝධරා (2018), විජයබා කොල්ලය (2019). ඒ ඒ වර්ෂ වල වැඩිම ආදායම් ලබමින් box office වාර්තා බිඳ හෙළීය. ඒ අතුරින් යශෝධරා’ හැර සෙසු චිත්‍රපට සම්භාව්‍ය සිනමාව වෙනුවෙන් පෙනී සිටි විචාරකයන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ නිර්දය ගර්හාවට සහ අවමානයට පාත්‍ර විය.

කදිර දිව්‍ය රාජ ද යථෝක්ත දෙවන ධාරාව නියෝජනය කළ චිත්‍රපටයකි. එය 2023 වර්ෂයෙහි වැඩීම house full දර්ශන වාර සංඛ්‍යාව සහිත ව දින 100 ක් ප්‍රදර්ශනය වූ එකම චිත්‍රපටය වූ අතර සිංහල සිනමා ඉතිහාසයෙහි වැඩීම ආදායම් වාර්තා සහිත චිත්‍රපට කිහිපය අතරට ද එක් විය.