Showing 577–600 of 1347 results

Shop

කාවා | Kaawaa

රු990.00
or 3 X රු330.00 with

එහේ රෑට ඇවිදින එක මාර ආතල් වැඩක්.

රෑ එහෙම යද්දී කීප තැනකින් චූටි කොට කලිසම් ඇඳ ගනිපු, එහෙමත් නැත්නම් ඇඟෙන් හතරෙන් එකක් විතරක් මොකක් හරි පොඩි රෙදි කෑල්ලකින් වහගත්තු ලස්සන ගෑනු ලමයි අපිට කතා කරනවා, අපි කාලෙක ඉඳන් දන්නවා වගේ. වැරදිලා හරි ඒ කෙනෙක් දිහා බැලු වොත් දුවගෙන ඇවිල්ලා අතේ එල්ලෙනවා අපිත් එක්ක අවුරුදු ගනනක ප්‍රේම සම්බන්ධයක් තිබිලා අද ගෙදරින් කැමැත්ත දුන්නා වගේ. එකෙන් අමුතුම ලල් එකක් තියෙන්නේ. එච්චර සුදු කෙල්ලෙක් මගේ අතින් ඇල්ලු වමද කොහෙද?

කැමූ සිතුවිලි | Camu Sithuwili

රු840.00
or 3 X රු280.00 with

මැයි 27 වෙනිදා නිකුත් වේ.

මගේ මුළු සිරුරින්ම ජීවත් වීමත් මගේ මුළු හදවතින්ම සාක්ෂි දරන්නට හැකිවිමත් මට ඇති.”

ඇල්බෙයා කැමූ ඇල්ජීරියාවේදී දිළිඳු බවේත් හිරු එළියේත් ලෝකයක් තුළ ඉපදුණේය. එය ඔහුගේ සියලු නිර්මාණ පුරා පැතිරි පවතී. මේ නව එකතුව තුළ කැමුගේ අතිශය පුද්ගලික ස්වයංචරිතාපදාන රචනා වෙළුම් තුනක් වෙයි. ඔහුගේ පළමු පොත කණපිට සහ හොඳ පිට ඔහුගේ පවුලත්,කම්කරු පෙදෙසක ගෙවුණු ඔහුගේ බාල වියත් විස්තර කරයි. සරණ මංගල්‍යය හිරුගේ, භූමියේ සහ මුහුදේ සරාගී බව ප්‍රීතියෙන් සමරයි. ගිම්හානය ඇල්පියර්ස් සහ ඔරාන් නගරත් ස්වභාව ධර්මය සහ අනන්‍යතාවයත් පුරා පැතිරෙයි. කාව්‍යමය සහ භාවයමය මේ රචනා කැමූ පිළිබඳවත් පිවිතය කෙරෙහි ඔහුගේ වන ආදරය පිළිබඳවන් අපේ අවබෝධය පොහොසත් කරයි

කැමේලියා | Camellia

රු877.50
or 3 X රු292.50 with

බල්ලො මිනිස්සු වගේ කතා කරන්න පුරුදු වුණා නම් උන් ඔච්චර හොඳ වෙන්නෙ නෑ කියලත් මතක තියාගන්න. එහෙනං උන් ඔයාව හපා කන්නේ වලිගෙ වනලා

“මං කැමතියි වැවිලිකාරයෙක් විදිහට ඡන්දෙට ඉදිරිපත් වෙන්න. දැන් මගෙ ඇගේ දුවන්නෙ ලේ නෙමෙයි තේ – ජෙෆ්‍රි

“මට තේ වතුරෙන් දැනෙන්නේ අප්‍රසන්න රසයක් සහ කුයිලයක් පමණි. එය රළු මුඩු නූගත්කමේ දුගඳ ලෙස ද විටෙක භීතියේ බයාදුකමේ කහට ලෙස ද නැතිනම් වැලපීමේ තිත්ත හෝ යටහත් වීමේ ඇඹුල ලෙස පමණක් මට දැනේ

කැමෙලියා

අශ්වයෙකුට ආදරය කරන්නාට වේගයට බිය වීමට අයිතියක් නැත.

කළු අශ්වයා

කැළලිකාරයෝ | Kalalikarayo

රු1,080.00
or 3 X රු360.00 with

තුවාල සුවපත් වුවද ඒවාගේ කැළලි හා සම්බන්ධ මතකය සමග පොර බැදීම ජීවිත කාලයක් පවතින බව කියන මේ කතාව බාහිර හා අභ්‍යන්තරික සේම ඒකපුද්ගල හා සාමූහික කැළලි සමග සාමය ඇති කර ගැනීමට තැත් කරන චරිත සමූහයක් වටා ආඛ්‍යානමය ජීවිත ජාලයක් වියයි. ඒ ඔස්සේ ආදරය, විවාහය, ලිංගිකත්වය හා දේශපාලනය ඒකපුද්ගල මිනිසා හා සාමූහික මිනිසා එකට බැඳලන සංකීර්ණ විලාස ගවේෂණය කරයි.

කීඩෑවෝ ඇවිල්ලා | Keedewo Awilla

රු675.00
or 3 X රු225.00 with

අන්තර්ගතයේ අවශ්‍යතාව හා වැදගත්කම යළිදු තහවුරු කරමින්, තමාට අවනතව ගිය කිංකර බසක් විස්මිත පරිමාවකින් යුතුව භාවිතයට ගනිමින්, දල්වන ලද ආලෝක පුංජයෙන් ආ දිවිමග එළි පෙහෙළි කෙරෙන සාංදෘෂ්ටික භාවයෙන් යුතුව එම අංග ත්‍රය සමවාය කොට ජනිත කෙරෙන හිත පුරවා දමන විමතිය හෙවත් තිගැස්ම මගින් උපන් රසය තහවුරු කර ගනිමින්ම. බලපෑමකින් තොරව පශ්චාත් නවීන ලක්ෂණ හෝ අධියථාර්ථවාදී සලකුණු සිය නිර්මාණය කෙරෙහි ජනිත වන්නට හැරීමෙන් නැවත වරක් සිංහල කෙටිකතාව වෙත පාඨකයා ආදරයෙන් බඳවා ගනිමින් කේන්ද්‍රාභිසාරී චලනයක පරම නිෂ්ඨාව අත්පත් කරගත් කෙටිකතා සංග්‍රහයකි කීඩෑවෝ ඇවිල්ලා.

2004 ගොඩගේ සාහිත්‍යය සම්මාන උළෙලේ හොඳම සාහිත්‍යය කෘතීන් අළලා කළ ඇගයීම් සංග්‍රහයෙනි

කුක්කු මයෙ අම්මගෙ කතාව | Kukku maye ammage kathawa

රු1,020.00
or 3 X රු340.00 with

පුංචි කාලෙ ‘අම්මා කුක්කු… අම්මා කුක්කු…’ කිය කියා පොඩි උන් අම්මලගෙ තන් දෙකේ එල්ලෙන්නෙ ජීවිතයේ ලබන පරම සතුට ලබනවා වගේ. පොඩි උන්ට මොනවද තේරෙන්නෙ… නෑ… පොඩි උන්ට තමා ගොඩක් දේවල් තේරෙන්නෙ. පුංචි කාලෙ හිතට වදින දේවල් තමා මුළු ජීවිතයක් පුරාවටම හක්කලං කොරන්නෙ…
දන්නවද… අපේ අම්මා මට ‘කුක්කු’ දුන්නෙ නැහැ.

අම්මෙක්ගෙ දෙතනකට හිර වෙලා පුංචි පැටියෙක්ට ඕනෙ බඩ පුරවගන්න විතරක්ම නෙවෙයි. එතන තමයි පැටියගෙ ලෝකය… එතන තමයි පැටියගෙ උණුහුම… ආදරය, ආරක්ෂාව වැඩිපුරම දැනෙන තැන‍…
ඒත්… පුංචි කාලෙ මට ඒ උණුහුම, ආදරය අම්මගෙන් ලැබුණෙ නැහැ!
පුංචි කාලෙ ‘කුක්කු’ කිව්වම පොඩි උන්ට මතක් වෙන්නෙ අම්මෙක්ගෙ ආදරය පිරුණු ලේ කිරට හැරවිච්ච මව් කිරි… ඒත් ලොකු වුණාම ‘කුක්කු’ කිව්වහම අපිට මතක් වෙන්නේ ගැහැනියකග‍ෙ පිරිපුන් දෙතනක්. ලොකු වෙද්දි අපිට මොකක්දෝ වෙනවා බං!
අපි කතන්දරයක් කියවමුද? හැබැයි මේක මගේ කතාව නෙවේ…
මයෙ අම්මගෙ කතාව

කුර හඬෙකි වියැකෙන | Kura handeki wiyakena

රු1,445.00
or 3 X රු481.67 with

2023 ස්වර්ණ පුස්තක සම්මානිත නවකතාව.

නොදන්නා අතීතයක ඉඳන් තවලමක් ගව් යොදුන් දුර ගමන් කරන්නේ චාරිත්‍ර වාරිත්‍ර කැටුවය. මොවුහු අනුන්ගේ බත් පතක් රස ගන්වන ලුණු කැටයක් උදෙසා හත් අට මාසයක් අව්, වැසි, පිනි, නියඟ, ගංවතුර, සොර, සතුරු, මර බිය නොතකා, ලෙඩ දුක් නොසලකමින් කඳු හෙල්, ගංගා පසුකරමින්, දෙපයේ වීරියෙන් ඇවිද එති. රුදුරු වන සතුන් හා ගැටෙති. නපුරු විසකුරු සපුනට ගොදුරු වෙති. ඔවුන් ආපසු යන ගමනේ දී ද එබඳුම දුරක් ගෙවිය යුතුය. එබඳුම දුකක් අත්විඳිය යුතුය. බොහෝ විට ඔවුන් එනවා මිසක් ආපසු යන ගමනක් ගැන විශ්වාසය තබනු අසීරුය. එය හරියට මුහුදෙත්, අතුරෙත් යන ගමනක් වැනිය. ගිනි කාස්ටක අව්වේ හෙවණක හව්හරණයක් නැතුව රත්වුණු යවටක් බඳු ලුණු මිදුණු ලියැදිවලට බැස ගෝණිවලට ලුණු පැටවීම පණපිටින් අපාගත වන වැඩකි. මිදුණු ලුණු තට්ටුව යකඩ ඉණිවලින් ඇන කඩද්දී ලුණු කැට විසිරෙන්නේ බිඳුණු වීදුරු කැබලි වගේය. වාන් පතුල් දාගෙන හිටියත් යටි පතුල් කැපී ගලන ලෙයින් ධවල ලවණ තලාව රත් පැහැ ගනී. එවිට ලුණු කඩන, ගෝනිවලට අසුරන කම්කරුවන් පෙනෙන්නේ හරියට පන්සලේ විහාර මන්දිරයේ බිතු සිතුවම් තුළින් හමුවන අජාසත්ත පුතා විසින් පතුල් පළා ලුණු දමන බිම්බිසාර තාත්තලා වගේය. මේ හැම කුලීකාරයෙක්ම රජවරු වෙන්න. සියලු සුදුසුකම් සහිත බිම්බිසාර තාත්තලාය. එහෙත් සංසාරගත යම් කරුම දෝෂයක් නිසා මේ වගේ පණපිටින් අපාගත කුලී කුරක්කමකට, ලුණුත් එක්ක දියව යන කරුම ජීවිතයකට ඔවුහු ගොදුරුව සිටිති.

කොට කවි ශතකය | Kota Kawi Shathakaya

රු510.00
or 3 X රු170.00 with

ලියන කොට

බීපු කොට

ලිවර් එක

දිය කරයි..

 

ලියන කොට

ඇද්ද කොට

පපුව උඩ

හිර කරයි..

 

කොට කවි ලියන්නට

වින්ද දුක

දිග කවිම ලිව්ව නම්

ඉවරයි…

කොන්ත්‍රාත්තුව / Konthraththuwa

රු1,170.00
or 3 X රු390.00 with

“තාත්තගෙ වකුගඩු ඔපරේෂන් එකට ඉස්සෙල්ලා, තාත්තට වකුගඩුවක් දෙන්න කැමති කෙනෙක් හොයා ගන්න ඕනේ නේද..?” ” ඔව් මිස්… මිස්ට කියන්න අපේ තාත්තට ගැලපෙන විදිහේ වකුගඩුවක් හොයා ගන්න අපට හරි අමාරු උනා, ඒ නිසා අපි සිංහල පත්තරේක දැන්වීමක් දැම්මා, තාත්තට ගැලපෙන විදිහේ වකුගඩුවක් අවශ්‍යයි. දෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කෝල් එකක් දෙන්න කියලා…” “ඉතිං කවුරුත් කෝල් කලේ නැද්ද..? ” මිස්ට කියන්න… අපටත් පුදුමයි… විසිතුන් දෙනෙක් අපට කතා කලා… ඒ කතා කරපු මිනිස්සු ඔක්කොම සල්ලි වලට වකුගඩුවක් දෙන්න කතා කලේ…” “සල්ලි වලට..? “ඔව්… ඒ ගැන එක එක්කෙනා. එක එක ප්‍රශ්න කිව්වා ඒ ගොල්ලෝ වකුගඩුවක් දෙන්නට හේතුව… ” ඒ කිව්වේ…? “එක පිරිමි කෙනෙක් කතා කරලා කිව්වා. එයාගෙ දුවට මොකක්ද යුනිවර්සිටි එකක් කෝස් එකක් කරන්න ලක්ශ හයක් ඕනේලු, ඒ නිසා එයාගේ වකුගඩුවක් විකුනලා හරි ළමයට උගන්නන්න හදන්නේ කියලා… තව එක්කෙනෙක් කිව්වා, එයා හම්බ කරන් කන ත්‍රීවිල් එකේ වාරික ටික ගෙවා ගන්න බැරි නිසා වකුගඩුවක් සල්ලිවලට විකුනලා ඒක ගෙවාගන්න හදන්නෙ කියලා… තව කෙනෙක් කිව්වා, දරුවෙක්ගේ ඔපරේෂන් එකකට සල්ලි නැතුව වකුගඩුවක් විකුනලා ඒ සල්ලි වලින් ළමයගෙ ඔපරේෂන් එක කරන්න හදන්නෙ කියලා… තව හාමුදුරු නමක් කතා කරලා කිව්වා. දඹදිව වැදගෙන එන්න යන්න සල්ලි ටිකක් හොයා ගන්න ඕනේ. ඒ නිසා වකුගඩුවක් දෙන්න හදන්නෙ කියලා…

කොම්රේඩ් ලයනල් | Comrade Layanal

රු810.00
or 3 X රු270.00 with

මෙය තරුණයෙකුගේ කථාවකි. තරුණයෙකුගේ පමණක් නොව ජවිපෙ ක්‍රියාධරයෙකුගේද කථාවකි. එයටත් වඩා ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මග පෙන්වීමකට යටත්ව ජවිපෙ 2වැනි කැරැල්ලේදී එහි ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැගූ කැරලිකරුවෙකුගේ සත්‍ය කථාවකි.

මෙහි කථාවේ කථානායකයා ලයනල් රණසිංහය, ඔහු 1961 කුරුවිටදී ඉපිද හොරණ ජීවත් වූවෙකි. උසස් පෙළ හදාරමින් සිටියදී 1981 ජවිපෙට එක්විය. වෘත්තියෙන් හොරණ නගරයේ රටකජු වෙළෙන්දෙකි, පසුව 1986දී ජවිපෙ 2වැනි කැරැල්ලේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකුව ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකරලීමේ ජවිපෙ උපායමාර්ගික ගමන්මඟ අනුව එය ක්‍රියාවට නගමින් විජය කුමාරතුංග, කොළඹ සරසවියේ උප කුලපති, රහස් පොලිස් අධ්‍යක්ෂ සහ එජාප මහ ලේකම් ඇතුළු 41ක් ඝාතනය කළ අයෙකි.

ග්‍රන්ථයේ කතුවරයා වසර 1986 සිට 1990 දක්වා 60,000 ඝාතනය වූ ජවිපෙ 2වැනි කැරැල්ල පිළිබඳව සම්භාවනාවට පත්වූ ග්‍රන්ථ 2ක් සම්පාදනය කළ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මන් වික්‍රමරත්නය. ලයනල් උපන් සහ ජීවත්වූ නිවෙස්වලටද ඔහුගේ හිතවතුන් පමණක් නොව ලයනල් අත්අඩංගුවට ගත් සහ එම සිද්ධීන්වලට දායකවූ පොලිස් නිලධාරින්ද සොයා ගිය කතුවරයා ලයනල් විසින් ඝාතනය කරන ලද 41න් වැඩි පිරිසකගේ නිවෙස්වලට ගොස් එම පවුල්වල අයද හමුවිය.

මෙය ජවිපෙ 2වැනි කැරැල්ලේදී එයට එක්වූ ලයනල්ගේ පමණක් නොව ඉදිරිපෙළ සිටි ලයනල්ලාගේද කතාව විය හැකිය. මෙම ග්‍රන්ථය වර්තමානයට පමණක් නොව අනාගතයටද අලෝකය විහිදුවමින් ඝාතන සංස්කෘතියේ බිහිසුණු අන්ධකාරය දුරින් දුරු කරලීම සඳහා මානව දයාවට නැගූ උදාන ගීතයක් බඳුය.

කොලපාට ඇස් – kola paata as – May December Romance

රු1,360.00
or 3 X රු453.33 with

ආරතී දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද May December Romance නවකතාව විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්යවරයෙකු සහ තරුණ විශ්ව විද්‍යාල සිසුවියක අතර ඇති වන සබඳතාවක් ප්‍රස්තුත කොට ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප්‍රේමණීය ප්‍රබන්ධයක අලුත් ආකෘතික සහ සන්දර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ. ලේඛකයෙකු සහ ලේඛිකාවක උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණ කථන ක්‍රමය එක මත එක ගැටෙන්නට සලස්වමින් චිත්තාභ්‍යන්තර ගැටුම් විවරණය කරන පර්යේෂණාත්මක කෘතියකි. භාෂාව උත්කෘෂ්ට රමණීය හැගීම් දනවන මෙවලමක් සේ භාවිත කරන මේ නවකතාවෙන් ප්‍රධාන චරිතයන්ගේ ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය, රාගය, අනුරතිය, සරාගී ආවේශයන් සහ ලාලසාවන් විවෘතව හෙළි දරව් කෙරේ. ආගමික, දේශපාලන, සමාජ විද්‍යාත්මක හා මනෝවිශ්ලේෂණිය කියැවීම් තුළ ද විවිධ මානයන් හරහා විමසීමෙන් මනුෂ්‍ය ජීවිතයේ සැඟවුණු මනෝ භාවයන් හාරා පාදා ගත හැකි ප්‍රේමණීය වියමනකි.

කොළඹ මතක | Kolanba Mathaka

රු1,080.00
or 3 X රු360.00 with

කුමුදුගේ වියමන විසින් අපට ඉතිහාසය සහ මතකයන් අතර වන වෙනස ගැන යම් ආලෝචනයක් ඇති කරවයි. ඉතිහාසය යනු යථකි (Real). එනම් අර්ථකථනයන් වෙනුවෙන් පෙනී සිටින අතරේම එහි අසමත්කමද දරා සිටින්නකි.

‘සැබෑ ඉතිහාසය’ යනු කුමක්ද යන පරීක්ෂාවන්ට විවිධ ආඛ්‍යානවේදයන් අතර වන කතිකාමය තරගය නොවැළැක්විය හැකි ලෙස මුණගැසෙන්නේ මෙ නිසාය.

ඒ අනුව ඉතිහාසය පිළිබඳ පුද්ගල හා සාමූහික මතකයන් යනුම ඉතිහාසමය යථාව ග්‍රහණය කරගැනීම සඳහා වන කතිකාමය ප්‍රවේශයකි. එවැනි මතක සාහිත්‍යයන් බොහෝ විට විධිමත් හා සංගත භාෂා අඩවියෙන් පිටස්තර විය හැකිය. විද්‍යාත්මක හා තාර්කික සිතීමට අනුව ප්‍රශ්නකාරී විය හැකිය. එහෙත් ‘හැමවිටම ඉතිහාසගත කිරීම’ සඳහා (‘Always historicize’ – Fredric Jameson) මෙම ‘මතක කැබලි’ තීරණාත්මක වැඩ කොටසක් ඉටුකරනවා පමණක් නොව අධිපති ඉතිහාස කතිකාවන්ගේ සීමාවන් හඳුනාගැනීමටත් ඉන් මර්දනය කෙරුණු අහුමුලු වෙත දීප්තිමත් ආලෝක ධාරාවන් එල්ල කිරීමටත් ඒවා අත්‍යවශ්‍ය වී ඇත. එහෙයින් මට අනුව කුමුදු විසින් සිදුකර ඇත්තේ තමන් විසූ ප්‍රදේශයක දිවි පෙවෙත ගැන සිතට නැගුණු මතකයන් ලියා තැබීමකට වඩා එක්තරා ලාංකේය යුග නිමේෂයක් ප්‍රදේශකරණය කිරීමකි (Territorialization). ස්ත්‍රී ආත්ම මූලිකත්වයට බර ඇයගේ කථන ප්‍රවේශය ඊට එක්කර ඇත්තේ හානියක් නොව අනිවාර්ය වාසියකි.

විදර්ශන කන්නන්ගර

කෝටිපතියෙකු වීමට නම් / Secrets of the Millionaire Mind

රු540.00
or 3 X රු180.00 with

සාර්ථක වීම සිහිනයක් විය යුතු නැත. ඔබට අවශ්‍ය සියල්ල ලබා ගත හැකිය. යමක අවශ්‍යතාවය සහ එය සැබවින්ම ලබා ගැනීම අතර විශාල පරතරයක් ඇත. විශේෂයෙන් සාර්ථකත්වය ගැන කතා කරන විට, ඔබට සාර්ථක වීමට අවශ්‍ය නම්, ඔබ ඉක්මණින් ක්‍රියා කළ යුතුය. එහිදී ඔබට නව මගකට ළඟා විය හැකි වන පරිදි සාර්ථක දර්ශනයක් ඔබේ ජීවිතයට යෙදවීමට ඉගෙන ගනු ඇත. ධනවත් අය ජයග්‍රහණය කිරීමට මුදල් ක්‍රීඩාවේ යොදවති. දුප්පත් අය පරාජය නොවී සිටීමට මුදල් ක්‍රීඩා කරති. කාලය ව්‍යවසායකයින්ට ඇති ලොකුම වත්කම වන අතර හොඳ කියවීමක් අත්‍යවශ්‍ය වේ. එම ගැටළුව විසඳීම සඳහා මෙම කෘතිය ඉතා ප්‍රයෝජනවත් වේ. – T. Harv Eker

කෝපය ජය ගන්නේ මෙහෙමයි | Kopaya jaya ganne mehemai

රු935.00
or 3 X රු311.67 with

කෝපය මනුෂ්‍යත්වයේ ස්වාභාවික අංගයෙකි. එසේ වුවත් එය හසුරුවා ගැනීම බොහෝ අයට පහසු කාරියක් නොවේ.ඔබ එය හොඳින් හසුරුවන්නට අසමත් වන්නේ නම් ,ඔබ ගෙන් ඔබට සහ ඔබ අවට සිටින අයට සිදු වන හානිය ,පහසුවෙන් ඔබට නොපෙනෙනු ඇත. රොන් සහ පැත්, තම තියුණු පර්යේෂණ සහ වෘත්තීය අත්දැකීම් පාදක කර ගෙන ,එබඳු කෝප ශෛලි දහයක් මෙහි හදුන්වා දෙති.මිනිසුන් ගේ පොදු හැසිරීම් තුළ පහසුවෙන් හඳුනා ගත හැකි මේ නොයෙක් ශෛලිවල,දුබලතා පමණක් නොව ප්‍රබලතා ද ඇත්තේය. මෙහි එන නොයෙක් ස්වයං පිරික්සුම් සහ විවිධ උදාහරණ මගින් ඔබේ කෝපය කවර ශෛලියේ (හෝ ශෛලිවල ) එකක් දැයි හඳුනා ගන්නට මේ කෘතිය ඔබට මඟ පෙන්වයි.මේ පොතේ විස්තර කර ඇති නොයෙක් තාක්ෂණික ක්‍රම ,කෝපය සුවදායක ලෙස සහ ඵලදායක ලෙස ප්‍රකාශ කළ හැකි ආකාරය ඔබට පෙන්වා දෙයි.

කෝපි පාට ළමයි | Kopi Pata Lamai

රු855.00
or 3 X රු285.00 with

හැම කෙනෙකුගෙම ජීවිතය
සුන්දර වටපිටාවක
ශක්තිමත් ගසක පිපුණු
සුවඳ හමන
ආකර්ෂණීය පුෂ්පයක් නොවේ.
මොර සූරන වැහි
සුළි සුළං වලට හසුවී
කටුක සැඩ හිරු රැසින්
පීඩිතව
අහසටත් පොළොවටත්
උරුමයක් නැති
දෛවයේ සරදමින්
සැණෙකින් බිඳී විසිරී යන්නට පැමිණි
පෙන බුබුලක් වගේ
මේ ඔවුන්ගේ ජීවන අන්දරයයි…