Showing 601–624 of 1380 results
Price
Shop
කන්නකී හෙවත් පත්තිනි සහ කෝවලන් හෙවත් වීරමුණ්ඩ | Kannaki hewath paththini saha kowalan hewath weeramunda

මුද්‍රා නාට්‍ය ශිල්පියෙකු, ජනකලා පර්යේෂකයෙකු, සාහිත්‍ය සම්මාන ලාභී ලේඛකයෙකු, නළුවෙකු, ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු ද වන සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායකයන්ගේ අඩසියවසන වේදිනා සත්‍රප්තිය වෙනුවෙන් ජනගත කෙරෙන “කන්නකි හෙවත් පත්තිනි සහ කෝවලන් හෙවත් වීරමුණ්ඩ ” කෘතිය වූ කලි නූතන ව්‍යවහාරයේ පත්තිනි දේවිය සහ වීරමුණ්ඩ දෙවියන් යනු දෙමළ මහා කාව්‍යයක් වූ සීලප්පදිකාරම් ග්‍රන්ථයේ සඳහන් කන්නකී සහ කෝවලන් යුවළ බව සාහිත්‍යමය මූලාශ්‍රය මගින් සහේතුකව සනාථ කෙරෙන පර්යේෂණ ග්‍රන්ථයකි.
ග්‍රන්ථයේ කතුවර සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක වූ කලී ශ්‍රී ලංකාවේ සකලවිධ ලලිත කලාවේදී (BFA) උපාධිධරයන් අතර ප්‍රථම පන්ති සාමථ්‍යයක් ලබාගත් ලලිත කලාවේදී උපාධිධරයා වීමත් ලංකාවේ හෝ විදේශයක දී පර්යේෂණ නිබන්ධයක් සඳහා ශාස්ත්‍රපති (MA) උපාධියක් ලබා ගත් ප්‍රථම ලලිත කලාවේදී උපාධිධරයා වීමත්, දර්ශනසූරි (Ph.D) උපාධිය ලත් ලංකාවේ ප්‍රථම වෘත්තීය නර්තන ශිල්පියා වීමත්, උඩරට නර්තන කලාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ධුරය ලත් ලංකාවේ ප්‍රථම හා එකම වෘත්තීය නර්තන ශිල්පියා වීමත් නර්තන කලාව හා තදනුබද්ධ විෂය ක්‍ෂේත්‍ර පිළිබඳ පර්යේෂණ කෘති විශාල සංඛ්‍යාවක් රචනා කර ඇති සුවිශේෂ ආචාර්යවරයෙකි. ඔහුගේ නවතම පර්යේෂණ ග්‍රන්ථය මෙය යි.
කඳුළු කුණාටුව | Kandulu Kunatuwa

ඉරගිනි මද්දහන ටෙලි වෘතාන්තයට පාදක වූ නවකතාව..
කමාන්ඩෝ පියසටහන් | Commando Piyasatahan

ලුතිනන කර්නල් සුනිල් පීරිස් ගේ කමාන්ඩෝ අත්දැකීම් තුළින් ලියැවී ඇති මෙම කෘතිය කොමාන්ඩෝ බලකාය පිළිබඳ ලේඛනයක් පමණක් නොව යුධ හමුදා ඉතිහාසයට එක් වූ නව දැනුම් සම්භාරයකි. මෙය යුධ කලාව අධ්‍යයනය කරන්නෙකුට මෙන්ම හමුදා ඉතිහාසඥයෙකුට ද හමුදා නිලධාරීන්ට හා සෙසු නිලයන් හට ද එක සේ වටිනා කියවුමකි. සමාජයේ ඕනෑම අයෙකු පරිශීලනය කළ යුතු නිර්මාණයකි.
කම්බිලි | Kambili

ඇයට දැනුනේ තමාගේ ගෙල පිටුපසට තද වී ඇති ඔහුගේ අතෙහි උණුහුමය. කෙස් වැටියෙහි ඉසකෙයි ගස් අතරින් රිංගා ඇති ඔහුගේ ඇඟිලිවල පහසය. ඇගේ මුහුණ මතට වේගයෙන් වැටෙන ඔහුගේ හුස්මෙහි සුවඳය. මත් වීලාක් මෙන් ඇය කම්ඹිලි දෙසම බලා උන්නාය.
පිච්වීගේ සිතුවිලි දැන වුන් කම්බිලි ඔහුගේ ශක්තිමත් වම් අත පිච්චිගේ බඳ වටා යවා තදින් ඇයව තමාගේ සිරුරට තද කරගෙන ඇගේ උරහිසේ සිට ගෙල දිගේ කන දක්වාම තදින් සිපගන්නට විය. එක් ක්ෂණයෙන් ඇගේ සිරුරෙහි හිරිගඩු පිපීමට තරම් ඉහළට ගත් හුස්ම නැවතීමට තරම් කම්බිලිගේ ඒ සිපගැනීම ප්‍රබල විය. පිච්චි තවත් තදින් දැස් වසා ගත්තේ ඔහුගේ ඒ උණුසුම ඇයට තව තවත් විඳීමට ඇවැසි වූ නිසාවෙනි. ඔහුගේ දිගැටි ඇඟිලි පිච්චිගෙ ගත පුරා සිතුවම අඳිද්දී කම්බිලි බලා වුන්නේ දැස් වසාගෙන තදින් හුස්ම ගන්නා ඇය දෙසය. හිතයි ගතයි දෙකම ඇවිලුනු ගැහැනියක් මත් කිරීම කොහොමටත් පිරිමියෙකුට එකරම් අපහසු දෙයක් නොවේය. තිස් තුන් අවුරුද්දට ගිණිය නොහැකි තරමට ගැහැණුන්ගේ පහස විඳි කම්ඹිලිට මදයෙන් ඇවිස්සී ඇවිලී හුන් පිච්චීව තමාට නතු කරගැනීමට අමුතුවෙන් වෙහෙස වීමට වුවමතා වූයේ නැත.
කම්මැලි මොළේ | Kammali Mole

මතක තියා ගන්න. ලෝකයේ සාර්ථක මිනිස්සුන්ටත් තියෙන්නේ ඔබට වගේම මොළයක්. ස්ටීව් ජොබ්ස්, මාක් සකර්බර්ග්, එලොන් මස්ක්, ජේම්ස් කැමරන් වගේ අය ගැන හිතලා බලන්න. ඔවුන්ගේ මොළයේ ඔබේ මොළයට වඩා, ජීව විද්‍යාත්මක හෝ රසායන විද්‍යාත්මක වෙනස්කමක් නෑ. හැඩයත් බරත් හුඟාක් සමානයි. ඔවුන් කළේ තමන්ගේ මොළය හරියට තේරුම් අරගෙන උපරිමයෙන් පාවිච්චි කරපු එක විතරයි. ඉතින්, ඔබටත් පුළුවන්!
කර්මජ | Karmaja

කර්මජ රෝග වලට ප්‍රතිකාර නැත. ප්‍රේමය කර්මජ රෝගයකි. එම නිසා ප්‍රේමයට ප්‍රතිකාර….
අභිෂේකා විමලවීර
කල්පනා ලෝකවාදය සාහිත්‍ය කලා හා මාක්ස්වාදය | Kalpana lokawadaya sahithya kala ha makswadaya

ධනවාදය ලෝක ශ්‍රම විභජනයක් හා ලෝක වෙළඳ පොළක් මතු නො ව සත්තකින් ම ලෝක සාහිත්‍යයක් හා කලාවක් ද නිපදවීය. ඒ සමඟ ම මේ ලෝක එකමුතුව ධනවාදය යටතේ තම ප්‍රතිපක්ෂය සමඟ යෙදී සිටින මාරක අරගලයක් ලෙසින් විනා ග්‍රහණය කළ තො හැකි ය. ම්ලේච්ඡතම මට්ටම් කරා උත්සන්න කරනු ලබන ජාතික පීඩනය, වෙළඳ හා ආයෝජන බිම් සදහා අධිරාජ්‍යවාදීන් අතර සිදු වන කුරිරු තරග හා යුද්ධ, කම්කරු පන්තිය හා ගොවි ජනතාව තම නිෂ්පාදිතයේ ප්‍රතිඵල වලින් බලාත්කාරයෙන් ඈත් කර තැබීම හා අනෙක් අතට පුද්ගලයාගේ නිදහස මෙම සමස්තයෙන් පරිබාහිරය යන මායාව නිපදවීම සරච්චන්ද්‍ර නො දක්නා ඒ අනෙක් පැත්ත යි. මානුෂික අවශ්‍යතාවල, හැකියාව හා රුචිකත්වවල විශ්ව ව්‍යාපී භාවය සාක්ෂාත් වීමට මේ දෙවනු කී සියල්ල බාධකව සිටී. ඒ නිසාම විශ්ව රුචිකත්වය මෙකී භේදයන්ට හා බන්ධනයන්ට එරෙහි අරගලයක් ලෙස මිස වෙනත් ආකාරයකට ග්‍රහණය කළ නො හැකි ය. එසේ නම් මේ යුගයේ සාහිත්‍ය – කලාවන් අගය කිරීමේ මිම්ම බවට පත් වන්නේ මෙම ප්‍රතිවිරෝධය ජය ගැනීමටත් එමගින් මානුෂික පරිපූර්ණත්වය හා සුසංවාදය සාක්ෂාත් කර ගැනීමටත් මිනිස් වර්ගයාට පවත්නා උවමනාව හා ඒ සඳහා ඔවුන් ම දරන ප්‍රයත්තය නො වේ ද? මෙලෙසින් ලෝක විප්ලවය මේ සාහිත්‍ය – කලාවන් විචාරය කිරීමේත් ඒවා ම මිනිසා සඳහා උපුටා ගැනීමේත් එක ම මානය බවට පත් නො වන්නේ ද?
කංසා සංවර්ධන මණ්ඩලය | Cannabis Development Board

කංසා පිළිබඳ පළමු ග්‍රන්ථය වූ ත්‍රෛලෝක්‍යවිජයා සම්පාදනයට වසර 4ක් ගත විය. එය සමාජ ගත කළේ 2017 අගෝස්තු 1 වැනිදා ය. දෙවැනි ග්‍රන්ථය වූ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන කංසා ප්‍රතිපත්තිය සම්පාදනය අවසන් කළේ වසර 2019 දී ය. විද්‍යාත්මක පර්යේෂණ ලිපි 537ක තොරතුරු පදනම් කරගෙන සම්පාදනය කළ තෙවන ග්‍රන්ථයේ අඩංගු වන්නේ කෘෂි ආර්ථික බෝගයක් ලෙස ප්‍රයෝජන ගත හැකි කංසා පුනර්ජීවනය සඳහා අවශ්‍ය නව පනත් ත්‍රිත්වය සහ කංසා ආර්ථිකය කළමනාකරණය කරන කංසා සංවර්ධන මණ්ඩලය පිළිබඳව ය. මේ සඳහා වසර 4ක් ගත විය. මෙම ග්‍රන්ථය මගින් කංසා සංවර්ධන මණ්ඩලයේ ව්‍යවස්ථාපිත ලේඛනය සහ සිංහල භාෂාවෙන් සම්පාදනය වූ විද්‍යා සාහිත්‍යමය කංසා විෂය නිර්දේශය හඳුන්වා දෙයි.
ආචාර්ය වසන්ත සේන වැලිඅංග
කළු පැහැති කුඩා පොත | Kalu pahathi kuda potha

මේ කවි ලියා අවසන් කර
එයම ලියූ කළු පෑනෙන්
ඝන කළුවර රෑ අහසෙහි
කළු පැහැයෙන් තිතක් තබා
එයින් අසමි
සුවිසල් වූ විශ්වය මැද
කළු පැහැති කුඩා තිත
තරම්වත් වේද මම?
කෆ්කා මුහුදු වෙරළේ | Kafka Muhudu werale

සුවිශේෂ චරිත දෙකක දෛවය ‘කෆ්කා මුහුදු වෙරලේ’දී පාඨකයාට මුණගැසෙයි. පහළොස් වියැති කෆ්කා තමුරා, ඔහුගේ පියාගේ අනිටු අනාවැකියත් අහිරි හැඟීමත් පෙරදැරිව ගෙදරින් පලා යයි. ලමා වියේ ඇති වූ රුදුරු කම්පනයක බිල්ලක් වන මහලු නකතා, එතෙක් කල් ගත කළ සරල දිවි පෙවේත උඩුයටිකුරු කරගනී, මේ දෙන්නාගේ සමාන්තර ගමන ත්රාසෝන්මාදයෙන් අනූනය.
බලලුන් මිනිසුන් සමඟ කතාබහ කරති. අහසෙන් මාළු කඩා හැලේ. දෙවැනි ලෝක යුද්ධයේ සිට වයසට නොගිය තරුණ හේවායෝ දෙන්නෙක් කැලේක සතුටින් වෙසත්, ඒ සියල්ල අතරේ, කුරීරු මිනිමැරුමක්, එහෙත් මිනිමරුවා සේම ඔහුගේ බිල්ලත්, නොවිසඳුණු ප්රහේලිකාවකි. ආශා ගවේෂණයේ සම්භාව්ය ආඛ්යානයක් වන ‘කෆ්කා මුහුදු වෙරළේ” මිත්යාමය වූත් සමකාලීන වූත් තහංචි ප්රශ් කරන අතරේ, පීතෘ ඝාතනය සහ මව කෙරෙහි වන ලිංගිකආලය අතර මායිම් ඉතා සියුම්ව පික්සයි.
කාල රේඛාව | Kala Rekhawa

ජුලි 21 වෙනිදා නිකුත් වේ.
පෙම්වත : පෙම්පත් එවා සුළඟේ ගිය පසු
ජෑම් ගහ හෙවණට වී හඬන්නද මම
පටු වේවැල් පුටුවේ කිටි කිටියේ හිරවීගෙන
දෑත මුහුණේ ඔබාගෙන
පැරණි දල සේයා පට මතක, මතක් කරමින්
ගස්ස ගස්සා පටු උරහිස්
හඬන්නද? හඬනවා මෙන් හඟවන්නද?
පිළිතුරක් දෙන්න නොවෙහෙසන ඔබ පවා
ආතතියෙන් පුරවන්න
“ඒ පෙම්පත් මා ලියුවේ නොවේ”
කියන්නට නොපැකිලෙන ඔබ පවා තිගැස්වන්න
හඬන්නද මම?
ඔව්!! අර ජෑම් ගහ හෙවණටම වී
කාලයෙහි සංක්ෂිප්ත ඉතිහාසය | Kaalayehi Sankshiptha Ithihasaya | A Brief History Of Time Sinhala Translation

https://www.youtube.com/watch?v=PguCUdB5gqU
කාලය ට ආරම්භයක් තිබුනේද? කාලයට ආපස්සට ගලා යා හැකිද? විශ්ව අපරිමිත වේද? නො එසේ නම් ඊට සීමාවන් පවතීද? මෙතෙක් ලොව පහළ වූ ඉතාමත් ඉහළ ගණයේ චින්තකයින් අතුරෙන් එක් මිනිසෙක් විසින් රචනා කරන ලද, අග‍්‍රගන්‍ය කෘතියක් ලෙස මුළු ලොවම සලකනු ලබන මෙම ග‍්‍රන්ථය තුළ අවධානට යෙමු වී ඇති සමහරක් ප‍්‍රශ්න මේවාය. සර්පිලාකාර මන්දාකිනි සහ තන්තු වාදය හරහා, මහා පිපුරුමක සිට කළු කුහර දක්වා පවතින අවකාශයෙහි මධ්‍ය හැරයෙහි තවමත් පවතින රහස් ගවේෂණය කිරීමට ප‍්‍රථමයෙන් නිව්ටන් සිටි අයින්ස්ටයින් දක්වා විහිදී ගිය විශ්වය පිළිබඳ උත්කෘෂ්ට න්‍යායන් සමාලෝචනය කිරීමකින් ග‍්‍රණ්ථය ආරම්භ වී ඇත. කාලය පිළිබඳ සංක්ෂිප්ත ඉතිහාසය අද දක්වා විද්‍යාත්මක සංහිතාවේ මූලිකත්වය දරමින් විශ්වය සහ එහි අරුමයන් සංක්ෂිප්ත සහ සුපැහදිලි ලෙස භාෂාව යොදා ගනිමින් ලක්‍ෂ සංඛ්‍යාත පාඨකයන් හට හඳුන්වා දීම අඛණ්ඩව සිදු කරයි.
අග‍්‍රගණ්‍ය භෞතික විද්‍යාඥයන් අතුරෙන් එක් අයෙකු ලෙස ලොවම පිළිගත් ස්ටීවන් හොකින් විසින් රචිත නම් මාහැගි ග‍්‍රන්ථයෙන් සිංහල පරිවර්තනය කාලයේ සංක්ෂිප්ත ඉතිහාසය නමින් දැන් ඔබ අතට පත්ව ඇත. ප‍්‍රථමයෙන් මහා පිපුරමෙන් ආරම්භ වී සර්පිලාකාර තාරකා මණ්ඩල සිට තන්තු වාදය හරහා කළු කුහර තෙක් ගෙවී ගිය කාලය තුළ, අවකාශයෙහි මධ්‍ය හරයෙහි තවමත් රැදී සිටින, රහස් ගවේෂණය කරයි. ඉන් විද්‍යාත්මක න්‍යායන් සමාලෝචනය කරයි. ඉන් ඉක්බිති නිව්ටන් ගෙන් ආරම්භ වී අයින්ස්ටයින් දක්වා විහිදී යන විද්‍යාත්ම න්‍යායන් සමාලෝචනය කරයි. විද්‍යා පුනරුදයෙහි ආර්ම්භයෙහි පටන්, දර්ශනවාදීන්ගේ ද විද්‍යාඥයින්ගේ ද නිබඳ කුතුහලයට පාත‍්‍ර වූ කාලය ට ආරම්භයක් තිබුනේද? කාලයට ආපස්සට ගලා යා හැකිද? විශ්ව අපරිමිත වේද? නො එසේ නම් ඊට සීමාවන් පවතීද? මෙතෙක් ලොව පහළ වූ ඉතාමත් ඉහළ ගණයේ චින්තකයින් අතුරෙන් එක් මිනිසෙක් විසින් රචනා කරන ලද, අග‍්‍රගන්‍ය කෘතියක් ලෙස මුළු ලොවම සලකනු ලබන මෙම ග‍්‍රන්ථය තුළ අවධානට යෙමු වී ඇති සමහරක් ප‍්‍රශ්න මේවාය. සර්පිලාකාර මන්දාකිනි සහ තන්තු වාදය හරහා, මහා පිපුරුමක සිට කළු කුහර දක්වා පවතින අවකාශයෙහි මධ්‍ය හැරයෙහි තවමත් පවතින රහස් ගවේෂණය කිරීමට ප‍්‍රථමයෙන් නිව්ටන් සිට අයින්ස්ටයින් දක්වා විහිදී ගිය විශ්වය පිළිබඳ උත්කෘෂ්ට න්‍යායන් සමාලෝචනය කිරීමකින් ග‍්‍රන්ථය ආරම්භ වී ඇත. කාලය පිළිබඳ සංක්ෂිප්ත ඉතිහාසය අද දක්වා විද්‍යාත්මක සංහිතාවේ මූලිකත්වය දරමින් විශ්වය සහ එහි අරුමයන් සංක්ෂිප්ත සහ සුපැහදිලි ලෙස භාෂාව යොදා ගනිමින් ලක්‍ෂ සංඛ්‍යාත පාඨකයන් හට හඳුන්වා දීම අඛණ්ඩව සිදු කරයි.
මෙම ග‍්‍රන්ථය දැරුවෙකුගේ විශ්මිත ලෝකය, ධීමතකුගේ ගේ නැණස සමග බැඳ තබයි.
ස්ටීවන් හොකින් ගේ මනස පිළිබඳව විස්මයට පත් වෙමින් ඔහුගේ විශ්වය තුළ සැරිසරමු. – සන්ඩේ ටයිම්ස්
කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය: කෙටි හැදින්වීමක් | Kal Maksge Pragdanaya Keti Hadinweemak

අවසාන වශයෙන්, මිනිසුන් විසින් වෙන් කළ නොහැකි යැයි සැලකු සෑම දෙයක්ම හුවමාරු කිරීමේ, වෙළෙඳාම් කිරීමේ සහ අන්සතු කළ හැකි වස්තුවක් බවට පත් වු කාලයක් පැමිණියේය. එතෙක්, සන්නිවේදනය කළ නමුත් කිසි විටෙකත් හුවමාරු නොවූ, දුන් නමුත් කිසි විටෙකත් විකුණනු නොලැබූ, අත්පත් කරගත් නමුත් කිසි විටෙකත් මිලදී නොගක් – ගුණය, ආදරය, ඒත්තු ගැන්වීම, දැනුම, හෘදය සාක්ෂිය යනාදී සෑම දෙයක්ම, කෙටියෙන් තිවහොත්, වාණිජ්‍යය බවට පත් වූ කාලය මෙය විය. එය සාමාන්‍ය දූෂණයේ, විශ්වීය දඩබ්බරකමේ කාලයයි, නැතහොත් දේශපාලන ආර්ථිකය අනුව කතා කිරීමේ දී, සදාචාරාත්මක හෝ භෞතික වූ සියල්ල වෙළෙඳපොළ වටිනාකමක් බවට පත් වු سعد…
සුමන සිරි ලියනගේ
Karl Marx, Poverty of Philosophy p.12 පරිවර්තනය ධනුෂි පලිහේන
කාවා | Kaawaa

එහේ රෑට ඇවිදින එක මාර ආතල් වැඩක්.
රෑ එහෙම යද්දී කීප තැනකින් චූටි කොට කලිසම් ඇඳ ගනිපු, එහෙමත් නැත්නම් ඇඟෙන් හතරෙන් එකක් විතරක් මොකක් හරි පොඩි රෙදි කෑල්ලකින් වහගත්තු ලස්සන ගෑනු ලමයි අපිට කතා කරනවා, අපි කාලෙක ඉඳන් දන්නවා වගේ. වැරදිලා හරි ඒ කෙනෙක් දිහා බැලු වොත් දුවගෙන ඇවිල්ලා අතේ එල්ලෙනවා අපිත් එක්ක අවුරුදු ගනනක ප්‍රේම සම්බන්ධයක් තිබිලා අද ගෙදරින් කැමැත්ත දුන්නා වගේ. එකෙන් අමුතුම ලල් එකක් තියෙන්නේ. එච්චර සුදු කෙල්ලෙක් මගේ අතින් ඇල්ලු වමද කොහෙද?
කැමූ සිතුවිලි | Camu Sithuwili

මැයි 27 වෙනිදා නිකුත් වේ.
මගේ මුළු සිරුරින්ම ජීවත් වීමත් මගේ මුළු හදවතින්ම සාක්ෂි දරන්නට හැකිවිමත් මට ඇති.”
ඇල්බෙයා කැමූ ඇල්ජීරියාවේදී දිළිඳු බවේත් හිරු එළියේත් ලෝකයක් තුළ ඉපදුණේය. එය ඔහුගේ සියලු නිර්මාණ පුරා පැතිරි පවතී. මේ නව එකතුව තුළ කැමුගේ අතිශය පුද්ගලික ස්වයංචරිතාපදාන රචනා වෙළුම් තුනක් වෙයි. ඔහුගේ පළමු පොත කණපිට සහ හොඳ පිට ඔහුගේ පවුලත්,කම්කරු පෙදෙසක ගෙවුණු ඔහුගේ බාල වියත් විස්තර කරයි. සරණ මංගල්‍යය හිරුගේ, භූමියේ සහ මුහුදේ සරාගී බව ප්‍රීතියෙන් සමරයි. ගිම්හානය ඇල්පියර්ස් සහ ඔරාන් නගරත් ස්වභාව ධර්මය සහ අනන්‍යතාවයත් පුරා පැතිරෙයි. කාව්‍යමය සහ භාවයමය මේ රචනා කැමූ පිළිබඳවත් පිවිතය කෙරෙහි ඔහුගේ වන ආදරය පිළිබඳවන් අපේ අවබෝධය පොහොසත් කරයි
කැමේලියා | Camellia

බල්ලො මිනිස්සු වගේ කතා කරන්න පුරුදු වුණා නම් උන් ඔච්චර හොඳ වෙන්නෙ නෑ කියලත් මතක තියාගන්න. එහෙනං උන් ඔයාව හපා කන්නේ වලිගෙ වනලා
“මං කැමතියි වැවිලිකාරයෙක් විදිහට ඡන්දෙට ඉදිරිපත් වෙන්න. දැන් මගෙ ඇගේ දුවන්නෙ ලේ නෙමෙයි තේ – ජෙෆ්‍රි
“මට තේ වතුරෙන් දැනෙන්නේ අප්‍රසන්න රසයක් සහ කුයිලයක් පමණි. එය රළු මුඩු නූගත්කමේ දුගඳ ලෙස ද විටෙක භීතියේ බයාදුකමේ කහට ලෙස ද නැතිනම් වැලපීමේ තිත්ත හෝ යටහත් වීමේ ඇඹුල ලෙස පමණක් මට දැනේ
කැමෙලියා
අශ්වයෙකුට ආදරය කරන්නාට වේගයට බිය වීමට අයිතියක් නැත.
කළු අශ්වයා
කැළලිකාරයෝ | Kalalikarayo

තුවාල සුවපත් වුවද ඒවාගේ කැළලි හා සම්බන්ධ මතකය සමග පොර බැදීම ජීවිත කාලයක් පවතින බව කියන මේ කතාව බාහිර හා අභ්‍යන්තරික සේම ඒකපුද්ගල හා සාමූහික කැළලි සමග සාමය ඇති කර ගැනීමට තැත් කරන චරිත සමූහයක් වටා ආඛ්‍යානමය ජීවිත ජාලයක් වියයි. ඒ ඔස්සේ ආදරය, විවාහය, ලිංගිකත්වය හා දේශපාලනය ඒකපුද්ගල මිනිසා හා සාමූහික මිනිසා එකට බැඳලන සංකීර්ණ විලාස ගවේෂණය කරයි.
කිරන් දුපතේ සැගවුණු අභිරහස | Kiran Dupathe Sagawunu Abhirahasa

කීඩෑවෝ ඇවිල්ලා | Keedewo Awilla

අන්තර්ගතයේ අවශ්‍යතාව හා වැදගත්කම යළිදු තහවුරු කරමින්, තමාට අවනතව ගිය කිංකර බසක් විස්මිත පරිමාවකින් යුතුව භාවිතයට ගනිමින්, දල්වන ලද ආලෝක පුංජයෙන් ආ දිවිමග එළි පෙහෙළි කෙරෙන සාංදෘෂ්ටික භාවයෙන් යුතුව එම අංග ත්‍රය සමවාය කොට ජනිත කෙරෙන හිත පුරවා දමන විමතිය හෙවත් තිගැස්ම මගින් උපන් රසය තහවුරු කර ගනිමින්ම. බලපෑමකින් තොරව පශ්චාත් නවීන ලක්ෂණ හෝ අධියථාර්ථවාදී සලකුණු සිය නිර්මාණය කෙරෙහි ජනිත වන්නට හැරීමෙන් නැවත වරක් සිංහල කෙටිකතාව වෙත පාඨකයා ආදරයෙන් බඳවා ගනිමින් කේන්ද්‍රාභිසාරී චලනයක පරම නිෂ්ඨාව අත්පත් කරගත් කෙටිකතා සංග්‍රහයකි කීඩෑවෝ ඇවිල්ලා.
2004 ගොඩගේ සාහිත්‍යය සම්මාන උළෙලේ හොඳම සාහිත්‍යය කෘතීන් අළලා කළ ඇගයීම් සංග්‍රහයෙනි
කුක්කු මයෙ අම්මගෙ කතාව | Kukku maye ammage kathawa

පුංචි කාලෙ ‘අම්මා කුක්කු… අම්මා කුක්කු…’ කිය කියා පොඩි උන් අම්මලගෙ තන් දෙකේ එල්ලෙන්නෙ ජීවිතයේ ලබන පරම සතුට ලබනවා වගේ. පොඩි උන්ට මොනවද තේරෙන්නෙ… නෑ… පොඩි උන්ට තමා ගොඩක් දේවල් තේරෙන්නෙ. පුංචි කාලෙ හිතට වදින දේවල් තමා මුළු ජීවිතයක් පුරාවටම හක්කලං කොරන්නෙ…
දන්නවද… අපේ අම්මා මට ‘කුක්කු’ දුන්නෙ නැහැ.
අම්මෙක්ගෙ දෙතනකට හිර වෙලා පුංචි පැටියෙක්ට ඕනෙ බඩ පුරවගන්න විතරක්ම නෙවෙයි. එතන තමයි පැටියගෙ ලෝකය… එතන තමයි පැටියගෙ උණුහුම… ආදරය, ආරක්ෂාව වැඩිපුරම දැනෙන තැන…
ඒත්… පුංචි කාලෙ මට ඒ උණුහුම, ආදරය අම්මගෙන් ලැබුණෙ නැහැ!
පුංචි කාලෙ ‘කුක්කු’ කිව්වම පොඩි උන්ට මතක් වෙන්නෙ අම්මෙක්ගෙ ආදරය පිරුණු ලේ කිරට හැරවිච්ච මව් කිරි… ඒත් ලොකු වුණාම ‘කුක්කු’ කිව්වහම අපිට මතක් වෙන්නේ ගැහැනියකගෙ පිරිපුන් දෙතනක්. ලොකු වෙද්දි අපිට මොකක්දෝ වෙනවා බං!
අපි කතන්දරයක් කියවමුද? හැබැයි මේක මගේ කතාව නෙවේ…
මයෙ අම්මගෙ කතාව