Showing 601–624 of 1347 results
Super Reader Week Sale
📚 Super Book Readers Weekly Sale Alert! 🚀 Immerse yourself in a world of literary treasures at [YourWebsite.com]. 🌈 Uncover thrilling stories, heartwarming tales, and more, all at irresistible prices! 🎉 Don't miss out—explore now and let the reading adventures begin!
Shop
ඛලීල් ජිබ්රාන් මුනිවරයා | Khalil Gibran Muniwaraya

මව්පියෝ සහ දරුවෝ…?
“නුඹලාගේ දරුවෝ නුඹලාගේ දරුවෝ නො වන්නාහ.
ඔවුන් වනාහි ජීවාත්මයා තුළ තමන් කෙරෙහි පවත්නා තෘෂ්ණාවේ පුදරුවෝ වන්නාහ
ඔවුන් නුඹලා මගින් පැමිණිය ද, නුඹලා වෙතින් පැමිණෙන්නෝ නො වන්නාහ.
ඔවුහු නුඹලා සමග දිවි ගෙවන්නෝය; එහෙත් ඔවුහු නුඹලාට අයත් නො වන්නාහ.
නුඹලා ඔවුන් වෙත පරිත්‍යාග කළ යුතු වන්නේ මෙත්තා කරුණාව වීනා නුඹලාගේ සංකල්ප නම් නො වන්නේය;
මක්නිසාදයත්, ඔවුන් වෙත ඔවුන්ගේ ම පරිකල්පනා ඇත්තේය.
ඔවුන්ගේ සිරුර මිස ඔවුන්ගේ අධධ්යාත්මයන් නුඹලාගේ නිවෙස් හි රැඳවිය යුතු නො වන්නේය;
ඒ. ඔවුන්ගේ අදහස් හෙට දවස නම් නිටසෙහි ලැගුම්ගෙන සිටින බැවිණි.
හෙට දවස නම් වන එම නිවෙස නුඹලාට සිහිනෙනුදු දැක බලාගත නො හැකි වන්නේය.
ගඟ අද්දර | Ganga Addara

මේ ඔරුව හයිය නෑ නංගිවත් අරන් යන්න. මම ලොකු වෙලා හදන්නම්කෝ ඔරුවක්. එතකොට නංගිවත් අරන් එගොඩටම යන්න පුළුවන්……
ගජගා | Gajaga

“උඹට හැමදාම ඔහොම ඉන්න පුළුවන්ද”
“ඇයි බැරි?.. මම දැන් ඒකට හැඩ ගැහිලා ඉන්නෙ.”
“උඹගෙ ජීවිතේට පිරිමියෙක් ඕනැ නැද්ද?”
“ගෑනියෙකුට ජීවිතේ ගැට ගහගන්න ඕනැ
පිරිමියෙක් නෙවෙයි බං…හොඳ හයිය හිතක්…
ඔය හුඟක් ගෑනු ගොඩ ගිහින් තියෙන්නෙ උන්ගෙ
මිනිස්සු හින්දා නෙවෙයි… උන්ගෙ හිත් හයිය හින්දා…
මටත් දැන් තියෙන්නෙ හුඟක් හයිය හිතක්…
මට පුළුවන් තනියම මේ දරුවත් එක්ක
ජීවිතේ ගොඩ දාගන්න.”
“ඒ වුණාට පිරිමියෙක් එක්ක කාලයක් ජීවත්වෙලා
පුරුදු වෙච්චි ගෑනියෙකුට තනියම ජීවත් වෙන එක
ටිකක් අමාරුයි.”
“මම ආය කසාදයක් බඳින්නෙ නෑ.”
“කවුද බං කසාද මඟුලක් ගැන කිව්වෙ.”
“එහෙනං.?”
“උඹ ඒක හිතා ගනින්.”
ගණිත විනෝදය | Ganitha Winodaya

මෙම පොත කියවීම සඳහා අංක ගණිතය හා මූලික ජ්‍යාමිතිය ඇතුළුව ගණිතය පිළිබඳ සුළු අවබෝධයක් පමණක් පාඨකයාට තිබීම සෑහේ. මෙහි එන ගැටලු සුළු සංඛ්‍යාවක් පමණක් විසඳීමේ දී මුලික ගණිතමය සමීකරණ පිළියෙල කිරීමට හා ඒවා විසඳීමට සිදු වේ. ඒ කෙසේ වෙතත් මෙම පොත මිශ්‍ර ප්‍රහේලිකා හා ගණිතමය ක්‍රීඩාවේ පැටළිලි සහගත සූත්‍රවල සිට, ගැණීමේ හා මිනිමේ ව්‍යවහාරික එමෙන් ම ප්‍රයෝජනවත් ක්‍රම දක්වා වූ විවිධ ආකාරයේ ගැටලු වලින් සමන්විතය.
ගම්මුලාදෑනි වතගොත | Gammuladani Wathagotha

මහනුවර මහ දිසාපතිවරයා වන ඉන්දික උඩවත්ත මහතා විසින් රචිත “ගම්මුලාදෑනි වතගොත” නම් ග්‍රන්ථය ප්‍රාදේශීය පරිපාලනයට අදාළ වටිනා ඉතිහාසය අපට සිහිගන්වන මා හැඟි ග්රන්ථයකි. බොහෝ දෙනෙකු දැන නොසිටියත් ප්‍රාදේශීය පරිපාලනය නමින් වර්තමානයේ ද ක්‍රියාත්මක වන්නේ අපේ ශිෂ්ටාචාරය ආරම්භයේ සිට සහශ්‍ර ගණනාවක් තිස්සේ විකාශය වෙමින් පැවත එන පාලක ක්‍රමය වේ.
අතීතයේ සිට ගම පාලනය, නායකයෙකුගේ මූලිකත්වයෙන් සිදු වන්නට ඇත. බ්‍රිතාන්‍යයන් විසින් 1833 මුළු රටම කොටස් පහකට බෙදා ආණ්ඩුවේ ඒජන්තවරු පස්දෙනෙක් පත්කර ඔවුන් යටතට ඓතිහාසික ග්‍රාමීය හා ප්‍රාදේශීය පාලනය භාරදුන් අතර, මේ ග්‍රාමීය පාලනය මුළු රටේම එක් තනතුරු නාමයකින්, එනම් ගම්මුලාදෑනි තනතුරු නාමයෙන් සිදු කිරීම බ්‍රිතාන්‍ය පාලකයින් සිදුකළේ 1941 අංක 11 දරණ HEADMEN CHANGE OF DESIGNATION ORDINANCE නම් වූ නීතියෙනි. එමගින් ගම්මුලාදෑනි යන තනතුරු නාමය ගමටත්, ප්‍රාදේශීය ආදායම් නිලධාරි තනතුරු නාමය ප්‍රාදේශීයවත් හඳුන්වා දෙන ලදි. කතුවරයා මේ පොතෙන් සාකච්ඡා කරන්නේ මේ ගම්මුලාදෑනි භූමිකාව පිළිබඳවයි. ගම්මුලාදෑනි ක්රමයේ සිට ග්‍රාම නිලධාරි ක්‍රමය දක්වා විවිධ මාතෘකා යටතේ මෙකී තනතුර පිළිබඳව අංග සම්පූර්ණ විග්‍රහයක් කිරීමට කතුවරයා සමත්ව ඇත.
මේ අනුව “ගම්මුලාදෑනි වතගොත” නම් වූ මෙම ග්‍රන්ථය රටේ ප්‍රාදේශීය පාලන ව්‍යුහයේ ඉතා වැදගත්වූ මෙතෙක් කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ ක්ෂේත්රයක් පිළිබඳව අංග සම්පූර්ණව කෙරුණු විග්‍රහයක් බව සඳහන් කරන අතරම මේ විග්‍රහය මැනවින් සිදුකිරීම පිළිබඳව ඉන්දික උඩවත්ත මහතාට ස්තූති කිරීමට ද කැමැත්තෙමි. මේ මාහැඟි ග්‍රන්ථය ප්‍රාදේශීය පරිපාලනයේ නියුතුවන සෑම අයෙකුම කියවිය යුතු ග්රන්ථයක් බව ද සඳහන් කරමි.
සුනිල් කන්නන්ගර
අම්පාර, රත්නපුර හා කොළඹ හිටපු මහදිසාපති.
ගරු කොන්සල්තුමා | Garu Konsal Thuma

ආර්ජන්ටිනාවේ ප්‍රාදේශීය නගරයක විප්ලවවාදීන් කණ්ඩායමක් විසින් එරටේ ‘ගරු කොන්සල්තුමා’ පැහැරගෙන යනු ලැබේ.
විප්ලවවාදීන්ගේ දේශපාලනයේ ගොදුරක් බවට පත්වන මේ කොන්සල්වරයා සහ තරුණ දොස්තර එදුවා රිදෝ ලාර් පිළිබඳව ලියැවුණු ඉංග්‍රීසි ජාතික ග්රැහැම් ග්‍රීන්ගේ මේ ප්‍රබන්ධය තුළ, මිනිස් හැඟීම් සහ චර්යාවන් අතර කෙරෙන අනවරත අරගලයක අපූරු ස්වභාවය මනාව නිරූපණය කෙරේ.
ගර්භාෂ යුද්ධය | Garbasha Yuddaya

ලංකාව දිගු කාලයක් තිස්සේ සංස්කෘතික දේශපාලනයක් ඉල්ලා සිටියත් ලංකාවට සෑම විටම අභ්‍යාස කරන්නට සිදු වූයේ සහ ශේෂ වූයේ අසංස්කෘතික දේශපාලනයකි. වෛද්‍ය සාෆි පිළිබද සිද්ධියේදී ද අසංස්කෘතික දේශපාලනය බල දේශපාලන උවමනාවක් වෙනුවෙන් තිරස්චීන ලෙස පරිහරණය වූයේය.
ප්‍රවීණ මාධ්‍යවේදී සහ මානව හිමිකම් ක්‍රියාධර නිමල් අබේසිංහ විසින් රචිත “ජාතිවාදය ඇවිස්සු ගර්හාස යුද්ධය” කෘතිය උක්ත කරුණ සාක්ෂි සහිතව ඔප්පු කරන අතර ලේඛකයා වෛද්‍ය සාෆි හරහා මතු වූ සමාජ කතිකාවත ප්‍රධාන සංරචක දෙකක් ඔස්සේ වර්ණිත කරනු දිසේ. පළමු වැන්න වන්නේ ඕනෑම කෘතියකට අවශ්‍ය කතාංග (anecdotal approach) ප්රවේශයයි. දෙවැන්න ලේඛකයා වෘත්තීයමය වශයෙන් නිමග්න ගවේෂණාත්මක ජනමාධ්‍ය (investigative journalism) ප්රවේශයයි.
කතාංග ප්‍රවේශය සඳහා ඔහු මෙම සිද්ධියේ අතීතය සහ වර්තමාන යථාර්ථය පිළිබඳව ලිවීමේදී ජාතක කතා සාහිත්‍යයේ න්‍යායික පරිකල්පන ලකුණ භාවිතා කරන අතර ගර්භාෂ යුද්ධයේ දේශපාලන දිශානතිය පිළිබඳ විමසීමේදී ජනමාධ්‍යයේ ගවේෂණශීලි ලකුණ අභ්‍යාස කරයි. සාෆි වෛදවරයා උධෘත කරගෙන සිංහල ජාතිවාදය විසින් ඇති කළ ගින්නෙන් සමස්ත සමාජයම පිළිස්සී යෑම මෙන්ම ඊට අනුබද්ධිත අගතිගාමී දේශපාලන රැල්ලට එ’ ගිණි ඉවහල් වූවා මිස තම අනෙකා පිළිබඳ එකී ප්‍රතිවිරෝධයෙන් සමාජ යහපතක් හෝ යුක්තියක් උදා වූයේ නැත.පුමාද වී හෝ එ’ ගිණි තුනී කළ යුතු බව තේරුම් ගත් සමාජයක් හැටියට සිංහල මහ ජාතිය මේ පිළිබඳව භාව විරේචනයක් කළ යුතුව ඇත. “ජාතිවාදය ඇවිස්සු ගර්භාෂ යුද්ධය ” කෘතිය මඟින් නිමල් අබේසිංහ එම වේදිකාව සිංහල සමාජයට තනා දී ඇති බවත් අවධාරණය කරයි.
ගලායන නදිය සේ | Like the flowing river

වයස අවුරුදු පහළොවේ දී මම අම්මාට මෙසේ කීවෙමි.
“මට ලේඛකයෙක් වෙන්න ඕනේ.”
“ඒත් ඔයාට කවදාවත් ලේඛකයෙක් මුණගැහිල තියෙනව ද? ඔයා කවදාවත් ලේඛකයෙක් දැකල තියෙනව ද?” “කවදාවත් නෑ, පින්තූරවල විතරයි.”
“ඉතින්, ඇත්තට ඒ මොකක් ද කියලා නොදැන ඔයා කොහොම ද ලේඛකයෙක් වෙන්නේ?”
අම්මාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙනු වස් සමීක්ෂණයක් කිරීමට මම තීරණය කළෙමි.
‛ගලායන නදිය සේ’ කෘතිය, ශ්‍රී ලංකාවේ මුල් වරට මුද්‍රණය වන පාවුලෝ කොයියෝගේ පුද්ගලික ආවර්ජනා සහ කෙටි කතා එකතුවකි. ප්රබලතම සමකාලීන ලේඛකයෙකු වන පාවුලෝ කොයියෝ අතින් ලියවුණු මේ කෘතිය සැබැවින් ම ජීවත් වීම යනු කුමක් ද යන්න විමසා බලයි. මේ කෘතියේ එන ආවර්ජනා සහ කෙටිකතා, ප්‍රඥාවේ සහ සංවේදනයේ වික්‍රමාන්විත කතාන්දර වෙයි. ඔහුගේ දර්ශනය බෙදා හදා ගනිමින් පාවුලෝ, මිණි කැට බඳු මේ උපමා කතා අතරින් ජීවිතයේ අරුත සොයා අප කැටුව යයි.
ගාසා තීරයේ ජන ඝාතනය | Gasa theeraye jana gathanaya

ඊශ්රායෙල පලස්තීන ප්‍රතිපත්තියේ ගාමක බලය වන මතවාදය නිවැරදිව හඳුනා නොගන්නේ නම් පලස්තීනුවන් හෝ යුදෙව්වන් හෝ අන් සියළු දෙනාම ආරක්ෂා වන්නේ නැත. ඊශ්‍රායෙලයේ ප්රශ්නය එහි යුදෙව් ආගම නොවේ. යුදෙව් ආගමේ මුහුණුවර කීපයක්ම ඇති අතර ඒ බොහොමයක් සාමයෙන් සහ සහජීවනයෙන් ජීවත් වීමට ශක්තිමත් පදනමක් සපයයි. යුදෙව් ආගමෙන් දැක්වෙන බහුත්ව අවකාශය විශේෂයෙන්ම පලස්තීනුවන්ට ලබා නොදෙන්නේ සයන්වාදයේ වාර්ගික ස්වරූපයයි. පලස්තීනුවන් කිසි විටෙකත් සයන්වාදී රාජ්‍යයේ සහ අවකාශයේ පාර්ශ්වයක් නොවනු ඇත. ඔවුන් දිගටම සටන් කොට අප පතන ආකාරයට බොහෝ විට සාමකාමීව, ජයගනු ඇත. එසේ නොවන්නේ නම් එය නිර්දය පලිගැනීමේ සුළි සුළඟක් මෙන් අරාබි සහ මුස්ලිම් ලෝකය පමණක් නොව මහ බලවතුන් වන එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ද ඇද බැඳ ගන්නා, අවසානයේ දී අප සියල්ලන්ම දවාලන මහා චණ්ඩ මාරුතයක් විය හැකිය.
ඉලාන් පෙපේ
ගෑනු දෙන්නෙක් | Ganu Dennek

අගෝස්තු 21 වෙනිදා නිකුත් වේ
මෙවන්ට ටික වෙලාවක් වැටිලා ඉන්ට ඇරලා මම නාන කාමරේට ගිහින් ශවර් එක ඇරියා. එහෙම්මම ශවර් එක යට හිටගෙන Bruce ගෙ I am on fire ප්ලේ වෙන්ට දැම්මා. මට ආයම වතාවක් තෙතම තෙත මේ ඇඟ අරන් ගිහින් මෙවන් ගෙ ඇග උඩට වැටෙන්නයි ඕන වෙලා තිබ්බෙ. ඇස් දෙක පියාගෙන මෙවන්ව මතක්කර ගත්තා. මං ඉවර වෙන්නෙ නැති ශෘංගාරයක නතර වෙලා ඉන්නෙ කියලා විතරක් මට තේරුණා.
එයා එන්ට පටන් ගත්තට පස්සෙ සාලෙට වගේම බැල්කනියටත් ලා එළියක් තියන බල්බි වැටුණා. මහ පාන්දරත් අපි දෙතුන් ගමන කෝපි බිබී බැල්කනියෙ වැටිලා හිටියා. ගෙදරදි අඩුවෙන් ඇඳුම් අඳින්ට පුරුදු උනා. එයා මගෙ ඇගේ හැම සියුම් රේඛාවක්ම දිහා පාඩුවෙ බලන් හිටියා. පපුවෙන් පහළට බේරෙන කොණ්ඩ කැරලි අස්සේ මූණ හංගන් හිටියා.
සිකුරාදා හවස මෙවන් එනවා කියලා මැසේජ් එක දකින කොට මගෙ ඇස් සතුටෙන් නටන්ට පුරුදු වෙලා හිටියා.
එහෙම සිකුරාදාවක,
“your face would look better between my legs..” කියලා මං මැසේජ් එකක් යැව්වා.
“babe, I swear I won’t stop until your neighbours know my name…’ ඉමෝජි ගොඩක් එක්ක පිළිතුරු ලැබුණා.
ගිනි අවි සහ ගිනි කෙලි – පාතාල ලෝකයෙන් බිදක් | GINI AWI SAHA GINI KELI- PATHALA LOKAYEN BIDAK

ගිනිගත් කඳු මුදුන / Ginigath Kadu Muduna / Wildfire at Midnight

” ඔයා කිව්වේ බේලාවන් උඩ කියලා නේ ද? ” ” ඔව්, එදා රෑ දොළහට විතර මිනිස්සු කීප දෙනෙක් එළියට ගිහින් තියෙනවා ස්කැවෙග් වේල පැත්තට. ඒ අය දැකලා තියෙනවා බිලාවන් මුදුනට බාගයක් විතර දුරින් ලොකු ගින්නක්. රෑට පේන දුර බලන කන්නාඩියකින් බැලුව ම දැකලා තියෙන්නේ. ඒක හරියට ගිනි මැලයක් වගේ තීරුවක් විදිහට පත්තුවෙන බව. ” ඔහු නැවතත් දිළිසෙන විල දෙස බැලුවේ ය. “එයාලා දැකලා තියෙනවා. උඩට මතුවුණු ලෑල්ලක් වගේ පළල ගල් තලාවක්. වේලුණු දර කෝටු, බර්ච්, හෙදර් වගේ ඒවා ගල් ලෑල්ල පුරාම අතුරලා තිබිලා, පිච්චිලා අළුවෙලා තිබුණලු. ඒ කළු ගැහිලා තිබුණ පැල්ලම උඩ උඩුබැලි අතට තිබිලා හමුවෙලා තියෙනවා හෙදර්ගේ මිනිය.” දෙවැනි එලිසබෙත් මහ රැජිණගේ අභිෂේක මංගල්‍යය සහ එඩ්මන්ඩ් හිලරි එවරස්ට් කන්ද තරණය කිරීම සිදුවූ කාලය පසුබිම් කරගෙන ලියැවී ඇති. විසි වැනි සියවසේ මැද භාගයේ, මහා බ්‍රිතාන්‍යයේ තිබු සමාජ තත්ත්වයන් සහ ජීවන රටාවන් ද පිළිබිඹු කරන මෙම කතාව කියවූ පසු, කන්ද මතබිලි පූජා පවත්වන ඝාතකයා කවුරුන්දැයි දැනගන්නට හැකි වනු ඇත
ගිමන් හරින දියඹ දිගේ | Giman Harina Diyamba Dige

“හොඳට මතක තිය ගනින් මචං.. ආය කවමදාවත් උඹට මේ මාතෘකාව මගේ එක්ක කතා කරන්න බැහැ… කතා කළොත් අර පරණ විදිහටම අපි තරහා වෙයි… හැබැයි අර කැම්පස් කාලේ වගේ නෙවෙයි ආය යාළුකම් නැහැ” ආකේත් පැවසුවේ තදිනි.
කොල්ලා අරන් මම යන කොට… කොල්ලට අවුරුදු දෙකක්වත් වෙලා නැහැ… මම්මි ඇහුවා මගෙන් දෙව්ව බලාගන්න මට තනියම පුළුවන්ද කියලා… මම පුළුවන් කිවා… ඇත්තටම නම් මට එයාව බලාගන්න බැහැ… පොඩි එකෙක් මම බලාගන්න දන්නේ නැහැ… එත් මම මම්මි ළඟ එයාව දාලා ගියේ නැහැ… ඇයි දන්නවද” පෘතුවි ඔහු දෙස බැලුවේය.
ඔය කතාව කියලා දවසක මට කසාදයක් කතා කරයි කියලා… දැත් මගේ කොල්ලට අවුරුදු හතරයි. කිරිසප්පයෙක් බලා ගත්ත මට මේකා කජ්ජක්ද… ඒකාට අම්මෙක් ඕන නැහැ… දෙන්නාටම හරියන්න මම ඉත්තවා
“උඹට කවුද ඉන්නේ”
“මට උඹලා ඉන්නේ… පවුලේ අය ඉන්නවා… මට ගෑනු ඕන නැහැ බං… මට ඕන ගෑනි මේ ලෝකේ නැත්නම්… මට වෙන ගෑනු මොකටද”
“එහෙම කෙනෙක් හිටියොත්… උඹට ඕන වෙයි කියලා දවසක සිතෙන කෙනෙක්” ඔහුට පිළිතුරු දීමට මත්තෙන් ආකේත්ගේ දුරකථනය හැඩ වුණේය.
අෂිකා… සෙබෙස්තියන් අංකල්ස් ඩෝර්ටර්’ එහි හැඳින්වීම ලෙස සටහන්ව තිබිණි.
මේ මගුලී මොකද මේ වෙලාවේ කතා කරන්නේ…” මිමිණූ ඔහු දුරකථනයට සම්බන්ධ වූවේය.
ගිම්හානයේ කතාවක් | Gimhanaye Kathawak

ගම පිහිටලා තිබුණේ උතුරු සිරියාවේ, තුර්කියට කිට්ටුව. ලෙයිලා හැම ග්‍රීෂ්ම සෘතුවක්ම ගත කළේ එහේ. ඇය එහි සුවඳ බැලූවා විතරක් තෙමේ, රසත් බැලුවා. ඇය එහි කථා දැනගෙන හිටියා. ඇය දන්නවා. එහි ජිවත් වෙන මිනිස්සුන්ට හදිසියේම පලා යන්න සිදු වුණොත් එයාලා කොහෙද එයාලාගේ ඇඳුම් බෑග් හංගලා තැබුවේ කියලා. ලෙයිලා ජර්මන් ජාතික මවකට සහ කුර්දි යෙසිඩ් පියෙකුට දාව ඉපදුණේ. ඇය මියුනික්වල උසස් විද්‍යාලයේ සිටියත් හැම ග්‍රීෂ්ම ඍතුවක් ම ඇය ගත කළේ ඇයගේ ආච්චිගේ සීයාගේ යෙසිඩ් ගමේ, අසාඩ් විසින් විනාශ කරන ලද අලෙප්පෝ වල අයිස් ත්රස්තවාදීන්ගේ මිනීමැරුම් ඇය රූපවාහිනියෙන් දකිනවා. ඒ අතර ම ඒ ගැන කිසිම දැනීමක් නැති ඇයගේ මිතුරන්ගේ මුහුණුත් ඇයට පෙනෙනවා. ලෙයිලට තීරණයකට එළඹෙන්න සිදුවෙලා.
ගීතයකින් ජීවිතය කියවමු / geethayakin jeewithaya kiyawamu

මගේ කොස් කොළ ඔටුන්න මුතු මැණික් රජ ඔටුන්නක් වූ ද දිලිසෙන දෙඇසින් සිනාසෙන්නට කෝ මගේ ළඟ තාත්තා….
ගුණසේන මහා සිංහල ශබ්දකෝෂය | Gunasena Maha Sinhala Shabadakoshaya

අද්විතීය හෙළ බසෙහි මහරු අරුත් කැටි කළ මහා වදන් කෝෂය හෙළ වදන් හි අරුත් පහදා දීම සඳහා වෙසෙසින්ම සකසා ඇත. මූලික වදන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් අරුත් ගන්වයි. ශබ්දකෝෂ විශේෂඥ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංගයන්ගේ සම්පාදනයකි.
ගුරු ගීතය | Guru Geethaya

පැවති සෝවියට් සමූහාණ්ඩුවට අයත් කිර්ගිසියාවේ උපන් ලේඛකයකු වූ චිංගීස් අයිත්මාතව් විසින් රචනා කරන ලද කිර්ගිස්තානයේ කුඩා ගම්මානයක් පසුබිම් වූ නවකතාවකි. මෙම කතාව ගෙතෙන්නේ දුයිෂෙන් නම් උද්යෝගිමත් නමුත් නුපුහුණු ගුරුවරයෙකු වටා වන අතර ඔහු ගැමියන්ට අධ්‍යාපනය සහ විප්ලවය පිළිබඳ දැනුම ලබා දීමේ අරමුණින් ඈත ගමකට පැමිණෙයි. ගම්වල ජීවත්වන ගතානුගතික ජනතාවගේ විරෝධයට ඔහු ලක් වුව ද, ඔහු මහත් කැපවීමෙන් තම අරමුණු ඉටු කරන්නට උත්සාහ දරයි. මෙය සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.