Showing 625–648 of 1415 results

Shop

කල්පනා ලෝකවාදය සාහිත්‍ය කලා හා මාක්ස්වාදය | Kalpana lokawadaya sahithya kala ha makswadaya

රු427.50
or 3 X රු142.50 with

ධනවාදය ලෝක ශ්‍රම විභජනයක් හා ලෝක වෙළඳ පොළක් මතු නො ව සත්තකින් ම ලෝක සාහිත්‍යයක් හා කලාවක් ද නිපදවීය. ඒ සමඟ ම මේ ලෝක එකමුතුව ධනවාදය යටතේ තම ප්‍රතිපක්ෂය සමඟ යෙදී සිටින මාරක අරගලයක් ලෙසින් විනා ග්‍රහණය කළ තො හැකි ය. ම්ලේච්ඡතම මට්ටම් කරා උත්සන්න කරනු ලබන ජාතික පීඩනය, වෙළඳ හා ආයෝජන බිම් සදහා අධිරාජ්‍යවාදීන් අතර සිදු වන කුරිරු තරග හා යුද්ධ, කම්කරු පන්තිය හා ගොවි ජනතාව තම නිෂ්පාදිතයේ ප්‍රතිඵල වලින් බලාත්කාරයෙන් ඈත් කර තැබීම හා අනෙක් අතට පුද්ගලයාගේ නිදහස මෙම සමස්තයෙන් පරිබාහිරය යන මායාව නිපදවීම සරච්චන්ද්‍ර නො දක්නා ඒ අනෙක් පැත්ත යි. මානුෂික අවශ්‍යතාවල, හැකියාව හා රුචිකත්වවල විශ්ව ව්‍යාපී භාවය සාක්ෂාත් වීමට මේ දෙවනු කී සියල්ල බාධකව සිටී. ඒ නිසාම විශ්ව රුචිකත්වය මෙකී භේදයන්ට හා බන්ධනයන්ට එරෙහි අරගලයක් ලෙස මිස වෙනත් ආකාරයකට ග්‍රහණය කළ නො හැකි ය. එසේ නම් මේ යුගයේ සාහිත්‍ය – කලාවන් අගය කිරීමේ මිම්ම බවට පත් වන්නේ මෙම ප්‍රතිවිරෝධය ජය ගැනීමටත් එමගින් මානුෂික පරිපූර්ණත්වය හා සුසංවාදය සාක්ෂාත් කර ගැනීමටත් මිනිස් වර්ගයාට පවත්නා උවමනාව හා ඒ සඳහා ඔවුන් ම දරන ප්‍රයත්තය නො වේ ද? මෙලෙසින් ලෝක විප්ලවය මේ සාහිත්‍ය – කලාවන් විචාරය කිරීමේත් ඒවා ම මිනිසා සඳහා උපුටා ගැනීමේත් එක ම මානය බවට පත් නො වන්නේ ද?

කංසා සංවර්ධන මණ්ඩලය | Cannabis Development Board

රු4,250.00
or 3 X රු1,416.67 with

කංසා පිළිබඳ පළමු ග්‍රන්ථය වූ ත්‍රෛලෝක්‍යවිජයා සම්පාදනයට වසර 4ක් ගත විය. එය සමාජ ගත කළේ 2017 අගෝස්තු 1 වැනිදා ය. දෙවැනි ග්‍රන්ථය වූ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන කංසා ප්‍රතිපත්තිය සම්පාදනය අවසන් කළේ වසර 2019 දී ය. විද්‍යාත්මක පර්යේෂණ ලිපි 537ක තොරතුරු පදනම් කරගෙන සම්පාදනය කළ තෙවන ග්‍රන්ථයේ අඩංගු වන්නේ කෘෂි ආර්ථික බෝගයක් ලෙස ප්‍රයෝජන ගත හැකි කංසා පුනර්ජීවනය සඳහා අවශ්‍ය නව පනත් ත්‍රිත්වය සහ කංසා ආර්ථිකය කළමනාකරණය කරන කංසා සංවර්ධන මණ්ඩලය පිළිබඳව ය. මේ සඳහා වසර 4ක් ගත විය. මෙම ග්‍රන්ථය මගින් කංසා සංවර්ධන මණ්ඩලයේ ව්‍යවස්ථාපිත ලේඛනය සහ සිංහල භාෂාවෙන් සම්පාදනය වූ විද්‍යා සාහිත්‍යමය කංසා විෂය නිර්දේශය හඳුන්වා දෙයි.

ආචාර්ය වසන්ත සේන වැලිඅංග

කළු පැහැති කුඩා පොත | Kalu pahathi kuda potha

රු738.00
or 3 X රු246.00 with

මේ කවි ලියා අවසන් කර
එයම ලියූ කළු පෑනෙන්
ඝන කළුවර රෑ අහසෙහි
කළු පැහැයෙන් තිතක් තබා
එයින් අසමි

සුවිසල් වූ විශ්වය මැද
කළු පැහැති කුඩා තිත
තරම්වත් වේද මම?

කෆ්කා මුහුදු වෙරළේ | Kafka Muhudu werale

රු1,980.00
or 3 X රු660.00 with

සුවිශේෂ චරිත දෙකක දෛවය ‘කෆ්කා මුහුදු වෙරලේ’දී පාඨකයාට මුණගැසෙයි. පහළොස් වියැති කෆ්කා තමුරා, ඔහුගේ පියාගේ අනිටු අනාවැකියත් අහිරි හැඟීමත් පෙරදැරිව ගෙදරින් පලා යයි. ලමා වියේ ඇති වූ රුදුරු කම්පනයක බිල්ලක් වන මහලු නකතා, එතෙක් කල් ගත කළ සරල දිවි පෙවේත උඩුයටිකුරු කරගනී, මේ දෙන්නාගේ සමාන්තර ගමන ත්රාසෝන්මාදයෙන් අනූනය.

බලලුන් මිනිසුන් සමඟ කතාබහ කරති. අහසෙන් මාළු කඩා හැලේ. දෙවැනි ලෝක යුද්ධයේ සිට වයසට නොගිය තරුණ හේවායෝ දෙන්නෙක් කැලේක සතුටින් වෙසත්, ඒ සියල්ල අතරේ, කුරීරු මිනිමැරුමක්, එහෙත් මිනිමරුවා සේම ඔහුගේ බිල්ලත්, නොවිසඳුණු ප්රහේලිකාවකි. ආශා ගවේෂණයේ සම්භාව්ය ආඛ්යානයක් වන ‘කෆ්කා මුහුදු වෙරළේ” මිත්යාමය වූත් සමකාලීන වූත් තහංචි ප්රශ් කරන අතරේ, පීතෘ ඝාතනය සහ මව කෙරෙහි වන ලිංගිකආලය අතර මායිම් ඉතා සියුම්ව පික්සයි. 

කාන්තාවන්ට පමණයි | Kanthawanta Pamanai

රු935.00
or 3 X රු311.67 with

පරිපූර්ණ ජීවිතයක් උදෙසා ගැහැනියකට අවශ්‍යම ද මිනිහෙක් ?

අඛිලන්ඩේශ්වරී, වයස අවුරුදු හතළිස් පහයි. ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපිකාරීනී. කිසි දිනෙක තමන්ට ම කියා ජීවිතයක් නොතිබුණු. සොයුරියාගේ, නැන්දණියගේ සහ පවුලට රැකවරණ සලසන්නියගේ භූමිකාව කරන්නට පැවරුණු ගැහැනියක්.

නමුදු වසේ වූයේ, සාම්ප්‍රදායික දෙමළ බ්‍රාහ්මණ වංශික ජීවිතයෙන් හා පෙර සඳහන් සියලු භූමිකාවන්ගෙන් මිදී, හුදෙකලාවෙන් සන්නද්ධව, මුහුද අද්දර පිහිටි කන්‍යා කුමාරී නගරය වෙත යන්නට කෝච්චි ටිකට්ටුවක් මිලදී ගන්නා තෙක් පමණයි.

කෝච්චියේ, කාන්තාවන්ට පමණක් වෙන් වූ අඟුළු ලෑ නිදන කුටිය තවත් ගැහැනුන් පස් දෙනෙක් හා බෙදා ගනිද්දී, ඔවුන් හඳුනා ගැනීමට අඛිලට ඉඩ කඩ සැලසෙනවා.

ජානකී, ආදරයට පාත්‍ර වූ බිරිඳ සහ අවුලට පත් වූ මව.

මාගරට් ශාන්ති; ඇයගේ අවශ්‍යතා හඳුනා ගැනීමට අසමත්, අසංවේදී මාන්නක්කාරයෙක් සහ අමු කවියක් වැනි පුරුෂයකු සමග විවාපත් රසායන විද්‍යා ගුරුවරීය.

ප්‍රභා දේවී; පිහිනුම් තටාකයක් නිසා ජීවිතය අලුත් මානයකට පා කර ගත්, පරිපූර්ණ දියණිය සහ බිරිඳ.

ශීලා, අනුනට නොතේරෙන දෑ සිය හැකියාව ඔස්සේ අවබෝධ කරගත් දහ හතර හැවිරිදි දැරීය.

මාරික් කොළොන්දු; එක් රාගී රැයක් මගින් විනාශ කර දැමූ අහිංසකත්වය.

ඔවුන්ගේ ජීවිත ගැන අසමින්, ඒ ඒ ජීවිතයන්හි අතිශය පුද්ගලික සිදුවීම් ගැන සිතමින්, අඛිලා සෙවූයේ ඇගේ ජීවිතයට ගැට ගැසී තිබුණු ගැටලුවට විසඳුමක්: ගැහැනියකට තනිකඩව සිටිමින් තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකි ද? නොසේනම්, පරිපූර්ණ ජීවිතයක් උදෙසා ගැහැනියකට අවශ්‍යම ද මිනිහෙක් ?

කාල රේඛාව | Kala Rekhawa

රු600.00
or 3 X රු200.00 with

ජුලි 21 වෙනිදා නිකුත් වේ.

පෙම්වත : පෙම්පත් එවා සුළඟේ ගිය පසු
ජෑම් ගහ හෙවණට වී හඬන්නද මම
පටු වේවැල් පුටුවේ කිටි කිටියේ හිරවීගෙන
දෑත මුහුණේ ඔබාගෙන
පැරණි දල සේයා පට මතක, මතක් කරමින්
ගස්ස ගස්සා පටු උරහිස්
හඬන්නද? හඬනවා මෙන් හඟවන්නද?

පිළිතුරක් දෙන්න නොවෙහෙසන ඔබ පවා
ආතතියෙන් පුරවන්න
“ඒ පෙම්පත් මා ලියුවේ නොවේ”
කියන්නට නොපැකිලෙන ඔබ පවා තිගැස්වන්න

හඬන්නද මම?
ඔව්!! අර ජෑම් ගහ හෙවණටම වී

කාලයෙහි සංක්ෂිප්ත ඉතිහාසය | Kaalayehi Sankshiptha Ithihasaya | A Brief History Of Time Sinhala Translation

රු1,350.00
or 3 X රු450.00 with

 

https://www.youtube.com/watch?v=PguCUdB5gqU

කාලය ට ආරම්භයක් තිබුනේද? කාලයට ආපස්සට ගලා යා හැකිද? විශ්ව අපරිමිත වේද? නො එසේ නම් ඊට සීමාවන් පවතීද? මෙතෙක් ලොව පහළ වූ ඉතාමත් ඉහළ ගණයේ චින්තකයින් අතුරෙන් එක් මිනිසෙක් විසින් රචනා කරන ලද, අග‍්‍රගන්‍ය කෘතියක් ලෙස මුළු ලොවම සලකනු ලබන මෙම ග‍්‍රන්ථය තුළ අවධානට යෙමු වී ඇති සමහරක් ප‍්‍රශ්න මේවාය. සර්පිලාකාර මන්දාකිනි සහ තන්තු වාදය හරහා, මහා පිපුරුමක සිට කළු කුහර දක්වා පවතින අවකාශයෙහි මධ්‍ය හැරයෙහි තවමත් පවතින රහස් ගවේෂණය කිරීමට ප‍්‍රථමයෙන් නිව්ටන් සිටි අයින්ස්ටයින් දක්වා විහිදී ගිය විශ්වය පිළිබඳ උත්කෘෂ්ට න්‍යායන් සමාලෝචනය කිරීමකින් ග‍්‍රණ්ථය ආරම්භ වී ඇත. කාලය පිළිබඳ සංක්ෂිප්ත ඉතිහාසය අද දක්වා විද්‍යාත්මක සංහිතාවේ මූලිකත්වය දරමින් විශ්වය සහ එහි අරුමයන් සංක්ෂිප්ත සහ සුපැහදිලි ලෙස භාෂාව යොදා ගනිමින් ලක්‍ෂ සංඛ්‍යාත පාඨකයන් හට හඳුන්වා දීම අඛණ්ඩව සිදු කරයි.

අග‍්‍රගණ්‍ය භෞතික විද්‍යාඥයන් අතුරෙන් එක් අයෙකු ලෙස ලොවම පිළිගත් ස්ටීවන් හොකින් විසින් රචිත  නම් මාහැගි ග‍්‍රන්ථයෙන් සිංහල පරිවර්තනය කාලයේ  සංක්ෂිප්ත ඉතිහාසය නමින් දැන් ඔබ අතට  පත්ව ඇත. ප‍්‍රථමයෙන් මහා පිපුරමෙන් ආරම්භ වී සර්පිලාකාර තාරකා මණ්ඩල සිට තන්තු වාදය හරහා කළු කුහර තෙක් ගෙවී ගිය කාලය තුළ, අවකාශයෙහි මධ්‍ය හරයෙහි තවමත් රැදී සිටින, රහස් ගවේෂණය කරයි. ඉන් විද්‍යාත්මක න්‍යායන් සමාලෝචනය කරයි. ඉන් ඉක්බිති නිව්ටන් ගෙන් ආරම්භ වී අයින්ස්ටයින් දක්වා විහිදී යන විද්‍යාත්ම න්‍යායන් සමාලෝචනය කරයි. විද්‍යා පුනරුදයෙහි ආර්ම්භයෙහි පටන්, දර්ශනවාදීන්ගේ ද විද්‍යාඥයින්ගේ ද නිබඳ කුතුහලයට පාත‍්‍ර වූ කාලය ට ආරම්භයක් තිබුනේද? කාලයට ආපස්සට ගලා යා හැකිද? විශ්ව අපරිමිත වේද? නො එසේ නම් ඊට සීමාවන් පවතීද? මෙතෙක් ලොව පහළ වූ ඉතාමත් ඉහළ ගණයේ චින්තකයින් අතුරෙන් එක් මිනිසෙක් විසින් රචනා කරන ලද, අග‍්‍රගන්‍ය කෘතියක් ලෙස මුළු ලොවම සලකනු ලබන මෙම ග‍්‍රන්ථය තුළ අවධානට යෙමු වී ඇති සමහරක් ප‍්‍රශ්න මේවාය. සර්පිලාකාර මන්දාකිනි සහ තන්තු වාදය හරහා, මහා පිපුරුමක සිට කළු කුහර දක්වා පවතින අවකාශයෙහි මධ්‍ය හැරයෙහි තවමත් පවතින රහස් ගවේෂණය කිරීමට ප‍්‍රථමයෙන් නිව්ටන් සිට අයින්ස්ටයින් දක්වා විහිදී ගිය විශ්වය පිළිබඳ උත්කෘෂ්ට න්‍යායන් සමාලෝචනය කිරීමකින් ග‍්‍රන්ථය  ආරම්භ වී ඇත. කාලය පිළිබඳ සංක්ෂිප්ත ඉතිහාසය අද දක්වා විද්‍යාත්මක සංහිතාවේ මූලිකත්වය දරමින් විශ්වය සහ එහි අරුමයන් සංක්ෂිප්ත සහ සුපැහදිලි ලෙස භාෂාව යොදා ගනිමින් ලක්‍ෂ සංඛ්‍යාත පාඨකයන් හට හඳුන්වා දීම අඛණ්ඩව සිදු කරයි.

මෙම ග‍්‍රන්ථය දැරුවෙකුගේ විශ්මිත ලෝකය, ධීමතකුගේ ගේ නැණස සමග බැඳ තබයි.

ස්ටීවන් හොකින් ගේ මනස පිළිබඳව විස්මයට පත් වෙමින් ඔහුගේ විශ්වය තුළ සැරිසරමු. – සන්ඩේ ටයිම්ස් 

කාල් මාක්ස්ගේ ප්‍රාග්ධනය: කෙටි හැදින්වීමක් | Kal Maksge Pragdanaya Keti Hadinweemak

රු1,080.00
or 3 X රු360.00 with

අවසාන වශයෙන්, මිනිසුන් විසින් වෙන් කළ නොහැකි යැයි සැලකු සෑම දෙයක්ම හුවමාරු කිරීමේ, වෙළෙඳාම් කිරීමේ සහ අන්සතු කළ හැකි වස්තුවක් බවට පත් වු කාලයක් පැමිණියේය. එතෙක්, සන්නිවේදනය කළ නමුත් කිසි විටෙකත් හුවමාරු නොවූ, දුන් නමුත් කිසි විටෙකත් විකුණනු නොලැබූ, අත්පත් කරගත් නමුත් කිසි විටෙකත් මිලදී නොගක් – ගුණය, ආදරය, ඒත්තු ගැන්වීම, දැනුම, හෘදය සාක්ෂිය යනාදී සෑම දෙයක්ම, කෙටියෙන් තිවහොත්, වාණිජ්‍යය බවට පත් වූ කාලය මෙය විය. එය සාමාන්‍ය දූෂණයේ, විශ්වීය දඩබ්බරකමේ කාලයයි, නැතහොත් දේශපාලන ආර්ථිකය අනුව කතා කිරීමේ දී, සදාචාරාත්මක හෝ භෞතික වූ සියල්ල වෙළෙඳපොළ වටිනාකමක් බවට පත් වු سعد…

සුමන සිරි ලියනගේ

Karl Marx, Poverty of Philosophy p.12 පරිවර්තනය ධනුෂි පලිහේන

කාවා | Kaawaa

රු990.00
or 3 X රු330.00 with

එහේ රෑට ඇවිදින එක මාර ආතල් වැඩක්.

රෑ එහෙම යද්දී කීප තැනකින් චූටි කොට කලිසම් ඇඳ ගනිපු, එහෙමත් නැත්නම් ඇඟෙන් හතරෙන් එකක් විතරක් මොකක් හරි පොඩි රෙදි කෑල්ලකින් වහගත්තු ලස්සන ගෑනු ලමයි අපිට කතා කරනවා, අපි කාලෙක ඉඳන් දන්නවා වගේ. වැරදිලා හරි ඒ කෙනෙක් දිහා බැලු වොත් දුවගෙන ඇවිල්ලා අතේ එල්ලෙනවා අපිත් එක්ක අවුරුදු ගනනක ප්‍රේම සම්බන්ධයක් තිබිලා අද ගෙදරින් කැමැත්ත දුන්නා වගේ. එකෙන් අමුතුම ලල් එකක් තියෙන්නේ. එච්චර සුදු කෙල්ලෙක් මගේ අතින් ඇල්ලු වමද කොහෙද?

කැමූ සිතුවිලි | Camu Sithuwili

රු840.00
or 3 X රු280.00 with

මැයි 27 වෙනිදා නිකුත් වේ.

මගේ මුළු සිරුරින්ම ජීවත් වීමත් මගේ මුළු හදවතින්ම සාක්ෂි දරන්නට හැකිවිමත් මට ඇති.”

ඇල්බෙයා කැමූ ඇල්ජීරියාවේදී දිළිඳු බවේත් හිරු එළියේත් ලෝකයක් තුළ ඉපදුණේය. එය ඔහුගේ සියලු නිර්මාණ පුරා පැතිරි පවතී. මේ නව එකතුව තුළ කැමුගේ අතිශය පුද්ගලික ස්වයංචරිතාපදාන රචනා වෙළුම් තුනක් වෙයි. ඔහුගේ පළමු පොත කණපිට සහ හොඳ පිට ඔහුගේ පවුලත්,කම්කරු පෙදෙසක ගෙවුණු ඔහුගේ බාල වියත් විස්තර කරයි. සරණ මංගල්‍යය හිරුගේ, භූමියේ සහ මුහුදේ සරාගී බව ප්‍රීතියෙන් සමරයි. ගිම්හානය ඇල්පියර්ස් සහ ඔරාන් නගරත් ස්වභාව ධර්මය සහ අනන්‍යතාවයත් පුරා පැතිරෙයි. කාව්‍යමය සහ භාවයමය මේ රචනා කැමූ පිළිබඳවත් පිවිතය කෙරෙහි ඔහුගේ වන ආදරය පිළිබඳවන් අපේ අවබෝධය පොහොසත් කරයි

කැමේලියා | Camellia

රු877.50
or 3 X රු292.50 with

බල්ලො මිනිස්සු වගේ කතා කරන්න පුරුදු වුණා නම් උන් ඔච්චර හොඳ වෙන්නෙ නෑ කියලත් මතක තියාගන්න. එහෙනං උන් ඔයාව හපා කන්නේ වලිගෙ වනලා

“මං කැමතියි වැවිලිකාරයෙක් විදිහට ඡන්දෙට ඉදිරිපත් වෙන්න. දැන් මගෙ ඇගේ දුවන්නෙ ලේ නෙමෙයි තේ – ජෙෆ්‍රි

“මට තේ වතුරෙන් දැනෙන්නේ අප්‍රසන්න රසයක් සහ කුයිලයක් පමණි. එය රළු මුඩු නූගත්කමේ දුගඳ ලෙස ද විටෙක භීතියේ බයාදුකමේ කහට ලෙස ද නැතිනම් වැලපීමේ තිත්ත හෝ යටහත් වීමේ ඇඹුල ලෙස පමණක් මට දැනේ

කැමෙලියා

අශ්වයෙකුට ආදරය කරන්නාට වේගයට බිය වීමට අයිතියක් නැත.

කළු අශ්වයා

කැළලිකාරයෝ | Kalalikarayo

රු1,080.00
or 3 X රු360.00 with

තුවාල සුවපත් වුවද ඒවාගේ කැළලි හා සම්බන්ධ මතකය සමග පොර බැදීම ජීවිත කාලයක් පවතින බව කියන මේ කතාව බාහිර හා අභ්‍යන්තරික සේම ඒකපුද්ගල හා සාමූහික කැළලි සමග සාමය ඇති කර ගැනීමට තැත් කරන චරිත සමූහයක් වටා ආඛ්‍යානමය ජීවිත ජාලයක් වියයි. ඒ ඔස්සේ ආදරය, විවාහය, ලිංගිකත්වය හා දේශපාලනය ඒකපුද්ගල මිනිසා හා සාමූහික මිනිසා එකට බැඳලන සංකීර්ණ විලාස ගවේෂණය කරයි.

කීඩෑවෝ ඇවිල්ලා | Keedewo Awilla

රු675.00
or 3 X රු225.00 with

අන්තර්ගතයේ අවශ්‍යතාව හා වැදගත්කම යළිදු තහවුරු කරමින්, තමාට අවනතව ගිය කිංකර බසක් විස්මිත පරිමාවකින් යුතුව භාවිතයට ගනිමින්, දල්වන ලද ආලෝක පුංජයෙන් ආ දිවිමග එළි පෙහෙළි කෙරෙන සාංදෘෂ්ටික භාවයෙන් යුතුව එම අංග ත්‍රය සමවාය කොට ජනිත කෙරෙන හිත පුරවා දමන විමතිය හෙවත් තිගැස්ම මගින් උපන් රසය තහවුරු කර ගනිමින්ම. බලපෑමකින් තොරව පශ්චාත් නවීන ලක්ෂණ හෝ අධියථාර්ථවාදී සලකුණු සිය නිර්මාණය කෙරෙහි ජනිත වන්නට හැරීමෙන් නැවත වරක් සිංහල කෙටිකතාව වෙත පාඨකයා ආදරයෙන් බඳවා ගනිමින් කේන්ද්‍රාභිසාරී චලනයක පරම නිෂ්ඨාව අත්පත් කරගත් කෙටිකතා සංග්‍රහයකි කීඩෑවෝ ඇවිල්ලා.

2004 ගොඩගේ සාහිත්‍යය සම්මාන උළෙලේ හොඳම සාහිත්‍යය කෘතීන් අළලා කළ ඇගයීම් සංග්‍රහයෙනි

කුක්කු මයෙ අම්මගෙ කතාව | Kukku maye ammage kathawa

රු1,020.00
or 3 X රු340.00 with

පුංචි කාලෙ ‘අම්මා කුක්කු… අම්මා කුක්කු…’ කිය කියා පොඩි උන් අම්මලගෙ තන් දෙකේ එල්ලෙන්නෙ ජීවිතයේ ලබන පරම සතුට ලබනවා වගේ. පොඩි උන්ට මොනවද තේරෙන්නෙ… නෑ… පොඩි උන්ට තමා ගොඩක් දේවල් තේරෙන්නෙ. පුංචි කාලෙ හිතට වදින දේවල් තමා මුළු ජීවිතයක් පුරාවටම හක්කලං කොරන්නෙ…
දන්නවද… අපේ අම්මා මට ‘කුක්කු’ දුන්නෙ නැහැ.

අම්මෙක්ගෙ දෙතනකට හිර වෙලා පුංචි පැටියෙක්ට ඕනෙ බඩ පුරවගන්න විතරක්ම නෙවෙයි. එතන තමයි පැටියගෙ ලෝකය… එතන තමයි පැටියගෙ උණුහුම… ආදරය, ආරක්ෂාව වැඩිපුරම දැනෙන තැන‍…
ඒත්… පුංචි කාලෙ මට ඒ උණුහුම, ආදරය අම්මගෙන් ලැබුණෙ නැහැ!
පුංචි කාලෙ ‘කුක්කු’ කිව්වම පොඩි උන්ට මතක් වෙන්නෙ අම්මෙක්ගෙ ආදරය පිරුණු ලේ කිරට හැරවිච්ච මව් කිරි… ඒත් ලොකු වුණාම ‘කුක්කු’ කිව්වහම අපිට මතක් වෙන්නේ ගැහැනියකග‍ෙ පිරිපුන් දෙතනක්. ලොකු වෙද්දි අපිට මොකක්දෝ වෙනවා බං!
අපි කතන්දරයක් කියවමුද? හැබැයි මේක මගේ කතාව නෙවේ…
මයෙ අම්මගෙ කතාව

කුර හඬෙකි වියැකෙන | Kura handeki wiyakena

රු1,445.00
or 3 X රු481.67 with

2023 ස්වර්ණ පුස්තක සම්මානිත නවකතාව.

නොදන්නා අතීතයක ඉඳන් තවලමක් ගව් යොදුන් දුර ගමන් කරන්නේ චාරිත්‍ර වාරිත්‍ර කැටුවය. මොවුහු අනුන්ගේ බත් පතක් රස ගන්වන ලුණු කැටයක් උදෙසා හත් අට මාසයක් අව්, වැසි, පිනි, නියඟ, ගංවතුර, සොර, සතුරු, මර බිය නොතකා, ලෙඩ දුක් නොසලකමින් කඳු හෙල්, ගංගා පසුකරමින්, දෙපයේ වීරියෙන් ඇවිද එති. රුදුරු වන සතුන් හා ගැටෙති. නපුරු විසකුරු සපුනට ගොදුරු වෙති. ඔවුන් ආපසු යන ගමනේ දී ද එබඳුම දුරක් ගෙවිය යුතුය. එබඳුම දුකක් අත්විඳිය යුතුය. බොහෝ විට ඔවුන් එනවා මිසක් ආපසු යන ගමනක් ගැන විශ්වාසය තබනු අසීරුය. එය හරියට මුහුදෙත්, අතුරෙත් යන ගමනක් වැනිය. ගිනි කාස්ටක අව්වේ හෙවණක හව්හරණයක් නැතුව රත්වුණු යවටක් බඳු ලුණු මිදුණු ලියැදිවලට බැස ගෝණිවලට ලුණු පැටවීම පණපිටින් අපාගත වන වැඩකි. මිදුණු ලුණු තට්ටුව යකඩ ඉණිවලින් ඇන කඩද්දී ලුණු කැට විසිරෙන්නේ බිඳුණු වීදුරු කැබලි වගේය. වාන් පතුල් දාගෙන හිටියත් යටි පතුල් කැපී ගලන ලෙයින් ධවල ලවණ තලාව රත් පැහැ ගනී. එවිට ලුණු කඩන, ගෝනිවලට අසුරන කම්කරුවන් පෙනෙන්නේ හරියට පන්සලේ විහාර මන්දිරයේ බිතු සිතුවම් තුළින් හමුවන අජාසත්ත පුතා විසින් පතුල් පළා ලුණු දමන බිම්බිසාර තාත්තලා වගේය. මේ හැම කුලීකාරයෙක්ම රජවරු වෙන්න. සියලු සුදුසුකම් සහිත බිම්බිසාර තාත්තලාය. එහෙත් සංසාරගත යම් කරුම දෝෂයක් නිසා මේ වගේ පණපිටින් අපාගත කුලී කුරක්කමකට, ලුණුත් එක්ක දියව යන කරුම ජීවිතයකට ඔවුහු ගොදුරුව සිටිති.

කොට කවි ශතකය | Kota Kawi Shathakaya

රු510.00
or 3 X රු170.00 with

ලියන කොට

බීපු කොට

ලිවර් එක

දිය කරයි..

 

ලියන කොට

ඇද්ද කොට

පපුව උඩ

හිර කරයි..

 

කොට කවි ලියන්නට

වින්ද දුක

දිග කවිම ලිව්ව නම්

ඉවරයි…

කොන්ත්‍රාත්තුව / Konthraththuwa

රු1,170.00
or 3 X රු390.00 with

“තාත්තගෙ වකුගඩු ඔපරේෂන් එකට ඉස්සෙල්ලා, තාත්තට වකුගඩුවක් දෙන්න කැමති කෙනෙක් හොයා ගන්න ඕනේ නේද..?” ” ඔව් මිස්… මිස්ට කියන්න අපේ තාත්තට ගැලපෙන විදිහේ වකුගඩුවක් හොයා ගන්න අපට හරි අමාරු උනා, ඒ නිසා අපි සිංහල පත්තරේක දැන්වීමක් දැම්මා, තාත්තට ගැලපෙන විදිහේ වකුගඩුවක් අවශ්‍යයි. දෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කෝල් එකක් දෙන්න කියලා…” “ඉතිං කවුරුත් කෝල් කලේ නැද්ද..? ” මිස්ට කියන්න… අපටත් පුදුමයි… විසිතුන් දෙනෙක් අපට කතා කලා… ඒ කතා කරපු මිනිස්සු ඔක්කොම සල්ලි වලට වකුගඩුවක් දෙන්න කතා කලේ…” “සල්ලි වලට..? “ඔව්… ඒ ගැන එක එක්කෙනා. එක එක ප්‍රශ්න කිව්වා ඒ ගොල්ලෝ වකුගඩුවක් දෙන්නට හේතුව… ” ඒ කිව්වේ…? “එක පිරිමි කෙනෙක් කතා කරලා කිව්වා. එයාගෙ දුවට මොකක්ද යුනිවර්සිටි එකක් කෝස් එකක් කරන්න ලක්ශ හයක් ඕනේලු, ඒ නිසා එයාගේ වකුගඩුවක් විකුනලා හරි ළමයට උගන්නන්න හදන්නේ කියලා… තව එක්කෙනෙක් කිව්වා, එයා හම්බ කරන් කන ත්‍රීවිල් එකේ වාරික ටික ගෙවා ගන්න බැරි නිසා වකුගඩුවක් සල්ලිවලට විකුනලා ඒක ගෙවාගන්න හදන්නෙ කියලා… තව කෙනෙක් කිව්වා, දරුවෙක්ගේ ඔපරේෂන් එකකට සල්ලි නැතුව වකුගඩුවක් විකුනලා ඒ සල්ලි වලින් ළමයගෙ ඔපරේෂන් එක කරන්න හදන්නෙ කියලා… තව හාමුදුරු නමක් කතා කරලා කිව්වා. දඹදිව වැදගෙන එන්න යන්න සල්ලි ටිකක් හොයා ගන්න ඕනේ. ඒ නිසා වකුගඩුවක් දෙන්න හදන්නෙ කියලා…

කොම්රේඩ් ලයනල් | Comrade Layanal

රු810.00
or 3 X රු270.00 with

මෙය තරුණයෙකුගේ කථාවකි. තරුණයෙකුගේ පමණක් නොව ජවිපෙ ක්‍රියාධරයෙකුගේද කථාවකි. එයටත් වඩා ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මග පෙන්වීමකට යටත්ව ජවිපෙ 2වැනි කැරැල්ලේදී එහි ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැගූ කැරලිකරුවෙකුගේ සත්‍ය කථාවකි.

මෙහි කථාවේ කථානායකයා ලයනල් රණසිංහය, ඔහු 1961 කුරුවිටදී ඉපිද හොරණ ජීවත් වූවෙකි. උසස් පෙළ හදාරමින් සිටියදී 1981 ජවිපෙට එක්විය. වෘත්තියෙන් හොරණ නගරයේ රටකජු වෙළෙන්දෙකි, පසුව 1986දී ජවිපෙ 2වැනි කැරැල්ලේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකුව ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකරලීමේ ජවිපෙ උපායමාර්ගික ගමන්මඟ අනුව එය ක්‍රියාවට නගමින් විජය කුමාරතුංග, කොළඹ සරසවියේ උප කුලපති, රහස් පොලිස් අධ්‍යක්ෂ සහ එජාප මහ ලේකම් ඇතුළු 41ක් ඝාතනය කළ අයෙකි.

ග්‍රන්ථයේ කතුවරයා වසර 1986 සිට 1990 දක්වා 60,000 ඝාතනය වූ ජවිපෙ 2වැනි කැරැල්ල පිළිබඳව සම්භාවනාවට පත්වූ ග්‍රන්ථ 2ක් සම්පාදනය කළ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මන් වික්‍රමරත්නය. ලයනල් උපන් සහ ජීවත්වූ නිවෙස්වලටද ඔහුගේ හිතවතුන් පමණක් නොව ලයනල් අත්අඩංගුවට ගත් සහ එම සිද්ධීන්වලට දායකවූ පොලිස් නිලධාරින්ද සොයා ගිය කතුවරයා ලයනල් විසින් ඝාතනය කරන ලද 41න් වැඩි පිරිසකගේ නිවෙස්වලට ගොස් එම පවුල්වල අයද හමුවිය.

මෙය ජවිපෙ 2වැනි කැරැල්ලේදී එයට එක්වූ ලයනල්ගේ පමණක් නොව ඉදිරිපෙළ සිටි ලයනල්ලාගේද කතාව විය හැකිය. මෙම ග්‍රන්ථය වර්තමානයට පමණක් නොව අනාගතයටද අලෝකය විහිදුවමින් ඝාතන සංස්කෘතියේ බිහිසුණු අන්ධකාරය දුරින් දුරු කරලීම සඳහා මානව දයාවට නැගූ උදාන ගීතයක් බඳුය.

කොලපාට ඇස් – kola paata as – May December Romance

රු1,360.00
or 3 X රු453.33 with

ආරතී දේවි මොහාන්දාස් සහ උපුල් ශාන්ත සන්නස්ගල විසින් ලියන ලද May December Romance නවකතාව විවාහක වියපත් ගෘහ නිර්මාණ ශිල්පී ආචාර්යවරයෙකු සහ තරුණ විශ්ව විද්‍යාල සිසුවියක අතර ඇති වන සබඳතාවක් ප්‍රස්තුත කොට ගත් නවකතාවකි. අතිශය රමණීය ශෘංගාරාත්මක සිදුවීම් බහුල ප්‍රේමණීය ප්‍රබන්ධයක අලුත් ආකෘතික සහ සන්දර්භ හැඩයක් මේ නවකතාවෙන් අත්හදා බැලේ. ලේඛකයෙකු සහ ලේඛිකාවක උත්තම පුරුෂ සර්වවේදී දෘෂ්ටිකෝණ කථන ක්‍රමය එක මත එක ගැටෙන්නට සලස්වමින් චිත්තාභ්‍යන්තර ගැටුම් විවරණය කරන පර්යේෂණාත්මක කෘතියකි. භාෂාව උත්කෘෂ්ට රමණීය හැගීම් දනවන මෙවලමක් සේ භාවිත කරන මේ නවකතාවෙන් ප්‍රධාන චරිතයන්ගේ ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය, රාගය, අනුරතිය, සරාගී ආවේශයන් සහ ලාලසාවන් විවෘතව හෙළි දරව් කෙරේ. ආගමික, දේශපාලන, සමාජ විද්‍යාත්මක හා මනෝවිශ්ලේෂණිය කියැවීම් තුළ ද විවිධ මානයන් හරහා විමසීමෙන් මනුෂ්‍ය ජීවිතයේ සැඟවුණු මනෝ භාවයන් හාරා පාදා ගත හැකි ප්‍රේමණීය වියමනකි.