Showing 649–672 of 1347 results

Shop

ජීවිතය වෙනස් කරන කතා 1 | Jeewithaya Wenas Karana Katha 1

රු720.00
or 3 X රු240.00 with

ඔබගේ ජීවිතයට පිරිිසිදු ඔක්සිජන් ස්වල්පයක් මුසුකරන මෙම අපූරු කතා සහ අදහස් එකතුව විටෙක සිනහවෙන්ද, විටෙක ආදරයෙන්ද, විටෙක බුද්ධියෙන්ද, තවත් විටෙක අසීමිත බලාපොරොත්තුවෙන්ද ඔබේ ජීවිතය පුරවනු ඇත.

ජීවිතය වෙනස් කරන කතා 2 | Jeewithaya Wenas Karana Katha 2

රු720.00
or 3 X රු240.00 with

සිහින ආදරය සහ වේදනා ඔබේ ජීවිතය අංශක 180 කින් වෙනස් කරයි.එම ජීවන වෙනස සාර්ථක කරගන්න අවශ්‍ය ජවය ශක්තිය සහ ධෛර්යය අසීමිතව එන්නත් කරන මෙම අපූරු කතා එකතුව ආදරයෙන් දැනුමෙන් බුද්ධියෙන් සුසුමින් කදුළින් සහ සහ හසරැල්ලෙන් පිරුණු රසවත් පානයකි.

ජීවිතය වෙනස් කරන කතා 3 | Jeewithaya Wenas Karana Katha 3

රු675.00
or 3 X රු225.00 with

මේ ජීවන චාරිකාවේදී, සමහරවිට වැටෙයි. වැටුණාම රිදෙයි. රිදුනාම ඇඬෙයි. ඒත් ආයෙත් අමාරුවෙන් නැගිටලා ඉදිරියටම පියවර තබන්න සිද්ධ වෙයි. වැටිවැටි නැගිටමින් ජීවිතයට තේරුමක් දෙන්න ජීවත් වෙන සැමට මේ අපූරු කතා ජීවිතය ශක්තිමත් කරන තහනම් නොවන උත්තේජකයක් වනු ඇත.

ජීවිතය වෙනස් කරන කතා 4 | Jeewithaya Wenas Karana Katha 4

රු675.00
or 3 X රු225.00 with

ජීවිතය කියන්නේ මොහොතින් මොහොත නිර්මාණය වන විශ්වීය නිර්මාණයක්. ඉතිං නිර්මාණයත්
නිර්මාණකරුවොත් ඔබම තමයි. අගනා සිතිවිල්ලෙන් සෞම්‍ය දැනීමෙන් පරිපූර්ණ හැඟීමෙන් සහ පූර්ණ විශ්වාසයෙන් එය පුරවා ගන්න මේ කතා අහුර ඔබට හදවතින්ම උදව් කරයි.

ජීවිතයෙන් මාස හයක් | Jeewithayen Masa Hayak

රු1,485.00
or 3 X රු495.00 with

“ඔයාගේ උරහිසට ඔළුව තියාගත්තාම දන්නෙම නැතිව නින්ද ගියා.” සෙව්වන්දි කීවාය.
සිසිල පහව ගොස් ඇති කීම වීදුරුවෙන් දෙතොල් තෙමාගෙන තත්පර ගණනක් මදෙස බලා සිටින ඇය. ‘අපි දෙන්නට බය වෙන්න කිසි දෙයක් නැහැ නේද? ‘ යනුවෙන් ඇසුවේ මා කිසි දිනක නොදුටු දුකක් මුහුණට මවා ගනිමිනි. දුක, සන්තාපය ඇගේ මුහුණට ගැළපෙන හැඟීම් නොවේ. යම් හෙයකින් නිහාරා සොයා ගියෝතින් මා අසලි සිටින සුන්දර්යගේ මුහුණ අච්චුස්සහ වනු නියතය. සිත කඩා වැටෙනු ස්ථිරය.
“බය වෙන්න කිසි දෙයක් නැහැ. හැම දෙයක්ම හොදට සිද්ධ වෙනවා.” මහි පිළිතුරු දුන්නෙයි. “ඇයි ඔයා මාව බඳින්නෙ?” ඇය ඇසුවාය.
ඒ ප්‍රශ්නයට දිය හැකි පැහැදිලි හා සාධාරණ පිළිතුර, ‘මම ඔයාට ආදරේ හින්දා’ යැයි කීම වුණත්, පිටි මහාපුරුදු පිළිතුරක් සෙව්වෙමි. මෙතෙක් සවන් දුන් ගීතයක වදනක් මතකයට නැඟාගන්නට උත්සාහ කඳුයි. එවැන්නක් හමුනොවුණු තැනු සිතට පැමිණි අදහස් ගොන්නක් මෙසේ වදන්ගත කරන්නට මට හැකි විණ.
“මම ඔයාව බඳින්නේ මගේ ජීවිතේට ඔයාව ඕනෑ හින්දා නෙමෙයි.
ඔයා නැතිව මට ජීවත්වෙන්න බැරි හින්දා. ඒක, ඌ මට ගහනවා, මට ඌ ගහනවා වගේ කතාවක් නේද? විවාහයයි, මරණ යයි කියන්නෙ එක හා සමාන දෙයක්. හරියට බැලුවොත් මේ දෙකම ජීවිතේට ලැඛෙන්නේ එක වතාවයි. ඒත් සමහර වාසනාවන්තයෝ විවාහයෙන් පස්සෙ කීප වතාවක්ම ඉපදෙනවා. මට හිතෙන්නේ මමත් ඒ වගේ වාසනාවන්තයෙක් වෙයි.” මම කීමි. “මේ ජීවිතේ කෙටියි. ඒත් අපි දෙන්නා එක් වුණාට පස්සෙ අපිට පුළුවන් දිගු ජීවිතයක් ගතකරන්න.“

ජූලියා නැන්දා සහ තිර රචකයා | Julia nanda saha thira rachakaya

රු1,785.00
or 3 X රු595.00 with

මාරියෝ වර්ගාස් යෝසාගේ අතිවිශිෂ්ට, බහුස්ථර නවකතාව ලීමාවෙහි කතුවරයාගේ යෞවන කාලයේ සැකසී ඇත්තේ. දේශීය ගුවන් විදුලි නාළිකාවක ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙහෙස මහන්සිව රාජකාරී කරන්නා වූ මාරියවෝ නම් තරුණ සිසුවෙක් ලෙස ය. ඔහුගේ තරුණ ජීවිතය, පැමිණීම් දෙකක් නිසා භේදනය වේ.

පළමුවැන්හ, මෑතක දී දික්කසාද වූ සහ අවුරුදු දහතුනක් වැඩිමල් වූ ඔහුගේ ජුලියා නැන්දා සමඟ රහසිගත ප්‍රේම සම්බන්ධතාවයක් ආරක්ෂිත කිරීම ය. දෙවැන්න, ප්‍රේද්‍රෝ කැමාචෝ නම් උන්මාදික ගුවන්විදුලි පිටපත් රචකයෙකි. ඔහුගේ රසවත්, නින්දාසහගත සෝප් ඔපෙරා නගරයේ සවන් දෙන්නන්ගේ සිත් සසල කරවයි. සෙමින් උමතු වන්නා වූ පේද්‍රෝ තරුණ මාරිටෝව ඔහුගේ විශ්වාසවන්තයා ලෙස තෝරාගනී.

වෙන කවරදාටත් වඩා උද්‍යෝගිමත් පේද්‍රෝ කැමාචෝගේ කතාන්දර සමඟ මාරිටෝගේ ජීවිතය අන්තර්ග්‍රහණය කරමින් වර්ගාස් යෝසාගේ නවකතාව ඉතා දක්ෂ වියමනක හමුවේ.

ජෙරුසලෙම් දූවරුනි | Jerusalem duwaruni

රු850.00
or 3 X රු283.33 with

කුරුසිය කර තබා කල්වාරි ගිර තරණය කරන ජේසුස්ය. හැඬුම්, දෙඬුම්, විලාප තබමින් ජේසු තරුණයා පසුපස යන මිත්තණියෝය. අම්මලාය. සොයුරියෝය. දියණියෝය. ප්‍රේමයෙන් බැඳුණු ගැහැනුය. ස්ත්‍රී වළල්ලේ දෑත් අතරද,
ඔක්කේද, අතැඟිලි අගිස්සේද, වස්ත්‍ර කොන්වලද එල්ලී ගත් ළමා ළපටින්ය. අම්මාවරුන්ගේ කඳුළු ගැන කුහුල් සිත් ගත් විමසුම් සිඟිත් ඇස් බියෙන් තැති ගැන්වීය.

කුරුසය කර තැබූ තැන් සිට, නිහඬවම එය උසුළා ගමනේ යෙදුණු තරුණයා මුල්වරට සිය හඬ අවදි කළේ ඒ වැළපෙන ස්ත්‍රීන් වෙනුවෙනි.

“ජෙරුසලෙම් දූවරුනි. මා නිසා නොහඬන්ත. ඔබ සහ ඔබේ දරුවන් නිසාම හඬන්න. වඳ ස්ත්‍රීහුද කිසි කලෙක දරුවත් නො දැරූ කුසද, කිරි නොදුන් පියයුරුද භාග්‍යවන්ත යැයි පවසන දවස පැමිණෙන්නේය.”

” ඔහු පැවසූ දේ සත්‍යයක්. අදත් අපි හඬනවා අපේ දරුවන් වෙනුවෙන්, නිමාවක් ඒ කළට.. නිවනක් නෑ ඒ සුසුමට…”

ටීචර් | Teacher

රු720.00
or 3 X රු240.00 with

ඩයනා ඇගේ කඳුළු කතාව | Diana Her True Story

රු675.00
or 3 X රු225.00 with

ඩයනා කුමරියගේ මරණයෙන් පසුව ඇය පිළිබඳව ලෝකය පුරා කළ කී කතා බහ සහ දක්වන ලද ප්‍රතිචාර තුළින් බොහෝ අය කීවේ ජීවත් වූ ඩයනාට වඩා මියගිය ඩයනා ලෝකය පුරා ජනතාවගේ සිත් සසළ කළ බවයි. ජිවත් වූ ඩයනාට වඩා මිය ගිය ඩයනා පිළිබදව ලෝකයා කතා බහ කළ බවයි.

ජීවත්ව සිටියදීත්, ලෝකයේ සියළු මාධ්‍ය මෙන්ම සියළු ජනකොටස් ද වැඩියත්ම කතාබස් කළ කාන්තාව ඩයනා ය. බොහෝ රටවල පුවත්පත්වලට ඉතා හොද අලුත් ප්‍රවෘත්ති සැපයීමට ඩයනා කුමරිය තරම් අවධානයට යොමු වූ වෙනත් කාන්තාවක් ලෝකයේ නොසිට් බවද කියනු ලැබේ.

ඩිංකි/ dinki

රු315.00
or 3 X රු105.00 with

ණයානන්දය | Nayanandaya

රු810.00
or 3 X රු270.00 with

ආදරය කියන්නෙත් ණයක්. අපිට ලැබුණම ආපහු දෙන්න ඕනේ. අපි දුන්නම ආපහු ලැබෙන්නේ නැ. ජීවිතය කියන්නෙත් ඉල්ලන්නෙම නැතුව හම්බ වුණු ණයක්. ඒක ගෙවලම ඉවර කරන්න ඕන. සල්ලිවලින් ගත්ත ණය විතරක් නෙමෙයි ණය

මිනිස්සු කවුරුත් මාව සිරියස් ගත්තේ නැ. සල්ලිකාර විසේකාර ගැනියෙක් විදියටයි උන්ට මාව පෙනුණේ. ඔයාගේ ගෙදර ඇතුළේ ආදරේ පිරිලා තියෙනවා මම දැක්කා. ඒකයි මම එහේ ඇවිත් නතර වුණේ – විත්‍යා

ස්නෝ වයිට්ට්ට ආපහු රජ මාළිගාවට යන්න පුළුවන් වුණේ මැරිලා ඉපදුණාට පස්සේ. මටත් අලුත් ගෙදරකට යන්න වෙන්නේ එහෙමද? – සෙහස්

ළමයෙක් නිසා මගේ ජීවිතේ හොඳම කාලය විනාශ කරගන්න මට බැහැ – කල්පනී

තරගයේ වීරයා | Tharagaye Weeraya

රු1,125.00
or 3 X රු375.00 with

ජිවිතයේ ඔබ නියැලෙන දෙයක තරගයේ වීරයෙක් වෙන්න බලපාන සියලු ක්‍රම සහ විදි එකින් එක හෙළි කරන ප්‍රබල උපක්‍රම වට්ටෝරුවක් වශයෙන් මෙම අගනා කෘතිය හැදින්විය හැක.

තවත් සින්ඩරැල්ලාවක් / Thawath sindarallawak

රු720.00
or 3 X රු240.00 with

” අර සුද්දා උඹත් එක්ක කතා කරන්න කැමැතියිලු ” ටික වෙලාවකින් කාන්ති වෙත පැමිණි හෝටල් සේවකයා කී ය. ” තමුසෙ ලෑස්ති සුද්දාට මාව පංගාර්තු කරලා ගාණක් කොටා ගන්නදැ” යි ඇය ඇසුවේ නැත. ඇය ඔහු දෙස රවා බලා දිවගොස් සිය මිතුරියනට එක්වූවා ය. ” ඌ උඹට කැමති ඇති. පලයන් යකෝ. ගිහින් ගාණක් කොටාගෙන වරෙන්. උඹ කෙල්ලක් නොවෙයිනෙ. ඇරත් අපි හිඟන්නියොනෙ බං” රූපවතී කීවා ය. “ඉතින් උඹ පලයකො මට කියන්නෙ. උඹට ඕවා පුරුදුයිනෙ” කාන්ති දෙවුර ගස්සමින් කීවාය. “මේකි කතා කරන්නේ හරියට පත්තිනි අම්මා වගේ. ඌ මං දිහා බලන් නෑනෙ. බැලුවා නම් මං එක පයින් ගිහිල්ලා.”