Showing 673–696 of 1380 results

Shop

චිත්‍රාල් | Chithral

රු1,020.00
or 3 X රු340.00 with

හදවත් වලින් එකිනෙකා හා ඉතා තදින් බැඳුනු මිනිසුන් පවා

ශාරීරිකව එතරම් නොගැලපෙන අවස්ථා බොහෝය.

 

ශාරීරිකව පූර්ණ ලෙස එකිනෙකාගෙන් තෘප්ත වන මිනිසුනුත්

හදවත් වලින් ඉතා දුරස් වීමටද ඉඩ ඇත.

 

ශරීරයෙන් මෙන්ම සිතුම් පැතුම් වලින්ද එකිනෙකා පෑහෙන්නෝ

හමු වීම පවා සැමරීමට වටිනා තරම් කරුණක් බව

ඔවුන්ට වෙන් වන්නට සිදුවනා තෙක් ඔවුහුමවත් නොදන්නෝය.

චීන බසට අත්වැලක් | Cheena Basata Athwalak

රු450.00
or 3 X රු150.00 with

චීන බස හදාරනු රිසි සැම වෙනුවෙන් විධිමත්ව, සරල බසින් සම්පාදනය වූ මෙම කෘතිය විද්‍යාර්ථීන්ට මෙන්ම සංචාරක ව්‍යාපාරයේ නිරතවන්නන්ට වඩා වැදගත් වනු ඇත.

චේ ගේ පෙම්වතියෝ – අරගලයක ප්‍රේම රිද්ම | Rhythm of love in a revolution

රු675.00
or 3 X රු225.00 with

අනස්ටෝ චේ ගුවේරා, විමුක්තිවාදී දේශපාලන ඉතිහාසයේ සදානුස්මරණීය පරිච්ඡේදයකි. අසහාය විප්ලවවාදියෙකු සහ වික්‍රමාන්විත ගරිල්ලා නායකයෙකු ලෙස ඔහුගේ ජීවන ප්‍රවෘත්තිය ඉතා ප්‍රකටය. එහෙත්…. ඔහු සම්බන්ධයෙන් මෙතෙක් හරි හැටි හෙළි නොවූ කුහුල දනවන තවත් තොරතුරු බොහෝමයකි. මාධ්‍යවේදී සාගරිකා දිසානායක, ‘චේ ගේ පෙම්වතියෝ නම් මෙම කෘතියෙන් චේ ගුවේරා ගේ අප්‍රකට ජීවිතයේ අතිශයින් ම සංවේදී සහ අනුවේදනීය දොර කවුළුවක් විවර කර ඇත. චේ ගුවේරා සමග ප්‍රේමයෙන් බැඳුණු කාන්තා චරිත හතරක් ඇසුරුකොට ගනිමින් අරගලයක ප්‍රේම රිද්මය සිංහල පාඨක ලෝකයට හඳුන්වා දීමට කතුවරිය ගෙන ඇති උත්සාහය ප්‍රශස්තය.

චොකොහොලික් හීන | Chocoholic Heena

රු935.00
or 3 X රු311.67 with

ජීවිතේට හමුවෙන්න ඔනේ චොක්ලට් වලට ඇබබැහි වුණු, චොක්ලට් වගේ මිනිස්සු…

වයිට් චොක්ලට වගේ බෙදාගන්න පුළුවන් මිල්ක් චොක්ලට් වගේ රස විඳින්න පුළුවන් ඩාර්ක් චොක්ලට වගේ නැවුම් හොට් චොක්ලට් වගේ උණුසුම්

දුක සතුට දෙකේදී ම ළගින් ඉන්න, චොකොහොලික් මිනිස්සු…

ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය | Janadipathi Dhurayen Ma Nerapime Kumanthranaya – Gotabaya Rajapaksha

රු1,620.00
or 3 X රු540.00 with

2019 නොවැම්බර් මාසයේදී තමන් ජනාධිපති ලෙස තේරී පත්වූ මොහොතේ සිටම ඇතැම් විදේශීය හා දේශීය පාර්ශ්ව තමන් බලයෙන් පහ කිරීමට මාන බලමින් සිටි බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනාවරණය කර තිබේ.
ඔහු නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ජනාධිපතිධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය නමින් එළිදක්වන මෙම කෘතියෙන් ඒ කරුණු හෙළි කරණ බවයි.

ඔහු පවසන්නේ, තමන් ජනාධිපතිධූරයෙන් නෙරපා හැරීමේ දේශපාලන ව්‍යාපාරය, නිදහස ලැබීමෙන් පසු මැතිවරණ ප්‍රතිඵල මත සාමකාරී බල හුවමාරු පමණක් අත්විද තිබූ ශ්‍රී ලංකාවේ දේශපාලනයට නව මානයක් එක්කර ඇති බවයි.

එම නිසා 2022 සිදුවීම් මේ රටේ දේශපාලන අනාගතයට බරපතළ නිශේදනාත්මක ආනිසංස ඇති කරන කාරණයක් බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

මෙහි අන්තර්ගතය වන්නේ ජාත්‍යන්තර අනුග්‍රහය සහිත පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමක් පිළිබඳව සෘජු අත්දැකීමක් බව ඔහු සඳහන් කරයි

 

 

මේ පොත පෙර මුදල් ගෙවීම් සදහා පමනක් ලබා දෙන බව කරුනිකව සලකන්න. එබැවින් පහත අප ආයතනයේ ගිනුම් අංකයට මුදල් බැරකර recipt පත අපට inbox කරන්න. ඉන් පසු ඔබේ ඇනවුම සකස් කිරීම සිදු වේ.
Rasakatha (Pvt) Ltd,
Sampath Bank
Borella Super Branch 021810005561

ජමිලා | Jamila

රු720.00
or 3 X රු240.00 with

රුසියානු තානාපතිතුමාගෙන්

විශ්ව සාහිත්‍ය තුළ රුසියානු සාහිත්‍යයට හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි. විශේෂයෙන්ම රුසියානු සාහිත්‍ය ශ්‍රී ලාංකිකයන් අතර මහත් ජනප්‍රියතාවක් ඉසිලීමට සමත් වූ සාහිත්‍ය කලාවක් වේ.

දශක ගණනාවක් පුරා රුසියානු සාහිත්‍යයට ආදරය හා ගෞරව කරන ශ්‍රී ලාංකික ජනතාවට රුසියානු හා සෝවියට් සාහිත්‍ය කෘති සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කිරීම හරහා ඒවා දිගු කාලයක් පුරා අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබුණි. මෙම පරිවර්තනය මොස්කව්හිදී, දේශීය පරිවර්තකයින්ගේ සහයෝගයෙන් සිදුකරන ලදී. මෙම දැවැන්ත සාහිත්‍ය සංස්කෘතික ව්‍යාපෘතිය වර්තමාන කාලයේදී මන්දගාමී වී තිබුණ ද කොළඹ රුසියානු මන්දිරයේ ‘රුසියානු සාහිත්‍ය කවය’ මගින් එය නැවත පණගැන්වීමට ගත් උත්සාහය මගින් රුසියානු සාහිත්‍ය සඳහා කැපවූ ශ්‍රී ලාංකික රසිකයන් අතර නැවත උනන්දුවක් උද්දීපනය කිරීමට සමත්ව ඇත.

රුසියානු සාහිත්‍ය කවය මොස්කව්හි මුද්‍රණය කර ඇති සාහිත්‍ය කෘති, සිංහලයට පරිවර්තනය කර නැවත ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරමින් සිටී. මෙම කෘතිවල ගුණාත්මක බව ඉහළ නංවා සාධාරණ මිලකට විශාල පාඨක පිරිසකට ඒවා ලබා දීම ඔවුන්ගේ අරමුණයි. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ අධ්‍යාපන, විද්‍යාත්මක සහ සංස්කෘතික සහයෝගීතා අංශය හරහා කොළඹ රුසියානු මන්දිරයේ සහය ඇති, මෙම ව්‍යාපෘතිය ඉතා උතුම් කාර්යයක් වන අතර එය සාර්ථක කර ගැනීමට මාගේ සියලු උපකාර ලබා දීමට කැමැත්ත පළකර සිටිමි.

මොස්කව්හි මුල්වරට ප්‍රකාශයට පත් කර ඇති මිනිසුන් අතර නැවත මුද්‍රණයට පත් කිරීම භාරගෙන ඇති ඇම්.ඩී. ගුණසේන සහ (පුද්ගලික) සමාගමට මාගේ කෘතඥතාව පළකර සිටිමි.

රුසියානු සාහිත්‍ය හා සංස්කෘතිය ගැන උනන්දුවක් දක්වන සියලුම දෙනාට රුසියානු භාෂාව ඉගෙන ගන්නා ලෙස මම ඉල්ලා සිටිමි. එවිට ඔවුන්ට මූලාශ්‍ර කෘති කියවා අධ්‍යයනය කර ඒවා ඔවුන්ගේ මව් භාෂාව වන සිංහල සහ දෙමළ භාෂාවට පරිවර්තනය කිරීමේ හැකියාවද වර්ධනය කර ගැනීමට හැකි වේ. ඉදිරියේදී නවතම සාහිත්‍ය කෘති රැසක් මෙම ව්‍යාපෘතිය යටතේ බිහිවනු ඇත. මේ වෙනුවෙන් අපගේ හෘදයංගම ශුභාශිංසන පිරිනමන්නේ ඉතාමත් සතුටිනි.

ලෙවන් සෙමියෝ නොවිච් ජගරයන් – විශේෂ සහ සම්පුර්ණ බලයැති තානාපති – ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා රුසියානු සම්පූර්ණ බලයැති තානාපති

ජමිලා/ jamila

රු315.00
or 3 X රු105.00 with

ජයතිස්ස සහ රොස්ලින් | Jayathissa Saha Roslin

රු630.00
or 3 X රු210.00 with

ජාතික නිදහස හා අනන්‍යතාව රැකගනු වස් සිය පන්හිඳ තියුණු අවියක් කොට ගත් පියදාස සිරිසේන සූරීන්ගේ ශ්‍රේෂ්ඨ ප්‍රබන්ධයකි. ජයතිස්ස සහ රොස්ලින් සරල භාෂා රිද්මයකින් සහ ලේඛන රීතියකින් කෘතිය නිමවා ඇත.

ජසින්ඩා | Jacinda

රු765.00
or 3 X රු255.00 with

ජසින්ඩා ආර්ඩන් ලෝකයේ රාජ්‍ය නායක නායිකාවන් මෙන්ම ලෝක ප්‍රජාව අතරේ සහ ලෝක නායකයින්ගේ කතාබහට ලක් වූ චරිතයකි. ඇය නවසීලන්තයේ 40 වැනි අගමැති ධූරය හෙබවූවාය. ලෝකය පුරා පැතිරී ගිය කොවිඩ් වසංගතය නවසීලන්තයේ පැතිරී ගිය අවස්ථාවේදී එය රට තුළ පැතිරී යෑමට නොදී පාලනය කර ගැනීමට ඇය දක්ෂ වූවාය. ඇය ඒ සඳහා යොදා ගනු ලැබූ ක්‍රම වේදය සෑම රටකටම ආදර්ශයක් වූවාක් මෙන්ම වසංගතය නිසා ඇති වු අභියෝග වලට ඇය මුහුණ දුන් ආකාරය කාගෙත් පුදුමයට ලක් විය.

මෙම ග්‍රන්ථයෙන් හුවා දක්වා ඇත්තේ ජසින්ඩා, යහපත් ලෙස රට පාලනය කරමින්, රටේ ජනතාවගේ ආදරය දිනාගත් ආකාරය සහ නවසීලන්තය යහපත් රටක් කරන්නට ඇය විසින් ගනු ලැබූ උත්සාහය පිළිබඳ කතාවයි. ඈ සිය ආත්ම ශක්තිය තුළින් රටට කළ දේ බොහෝය. එය මෙම ග්‍රන්ථයේ දවෙන සිද්ධින් වලින් පෙනී යයි.

ජැෆ්නාදරය / Jafnadaraya

රු1,260.00
or 3 X රු420.00 with

ඇයි මම මගේ මංගල දින රාත්‍රියේ කාටත් නොකියා තානායමෙන් පැන ආවේ…? ඇයි මට මගේ නිත්‍යානුකූල සැමියා සමග මංගල රාත්‍රිය ගත කරන්නට නොහැකි උනේ…? මම මගේ නීත්‍යානුකූල සැමියා අත හැර ඇයි මම මගේ පෙම්වතා වන රමේෂ් සොයා මේ රාත්‍රියේ පැන යන්නේ…ඉ

ඒ ගියත් ඔහු මාව ආදරයෙන් පිළිගනීද…? වෙනකකුගේ නීත්‍යානුකූල බිරිඳ ලෙස අද දින නෑ හිතමිතුරන් ඉදිරියේ දිවුරුම් දුන් මාව, ඔහු පිළි නොගතතොත් මට මේ යන ගමනෙන් පසු මොනවා වේවිද?

අම්මා තාත්තා ඇතුළු අපේ හත් මුතු පරපුරේම මූනේ දැළි ගෑ මට ඔවුන්ගෙන් කවදා සමාවක් ලැබේවිද? හෙට දිනය වන විට මධුසමය සඳහා ගිය ඔවුන්ගේ ආදරණීය දියණිය, ඇයගේ සැමියා අත හැර තානායමෙන් පැනගිය කතාව ආරංචි වු විගස, ඔවුන් ජීවත කාලයටම මාව අපේ පරම්පරාවෙන් දුරස් කරන බවත් මට සාප කරන බවත් මට ඉර හඳ සේම පැහැදිලිය.

මගේ නීත්‍යානුකූල සැමියා අතහැර මගේ මංගල රාත්‍රිය ඔහු සමඟ ගත නොකර, මගේ ආදරණීය පෙම්වතා සොයා යන මේ ගමනේ තේරුමක් තිබේද? මම මේ යන ගමනේ ඔහු මාව පිළිනොගත හොත්… මගේ අනාගතය… මගේ ජිවීතය… මම යන මේ ගමනත් සමගම විනාශ වී යනවා නොවේද…? අහෝ… මට උන විපත්තියක්… නෑ… නෑ… මම මටම කරගත් විපත්තියක්… .අනේ දෙවියනේ… උත්තරයක් නැති ප්‍රශ්න ගොඩක මම හිරවි ඇති හැටි… මම මගේ දෙමව්පියන්ට, සැමියාට හා ඔහුගේ පරම්පරාවට කල මේ අසාධාරණයට, නවනින්දාවට කවදා මට සමාවක් ලැබේවිද…? අනේ දෙවියනේ… මම ඔවුන්ට මේ කල අපරාධයට මට සමාව දෙනු මැන…!

ජීවිතය යළි සොයාගැනීම | Jewithaya Yali Soyaganima

රු850.00
or 3 X රු283.33 with

තරගය මැදට පැනළා දුවන්නේ නැතිව, තරගයෙන් ඈත් වී නැවතී සිටින මිනිසුන්ට තමන් වගේම නැවතී සිටින තවත් අය හමුවෙනවා. එතකොට ඔවුන් අතර වෙන ම ‘සංඛ්‍යාතයක්’ සම්බන්ධතා ගොඩ නැගෙනවා. ඔවුන්ට අර තරගයට දුවන මිනිසුන් විහිළුවක් ලෙස පෙනෙන්න පටන් ගන්නවා. ඒ නැවතී සිටින අය ගේ ‘සංඛ්‍යාතය’ තරගයට දුවන අයගේ සංඛ්‍යාතයට ගෝචර වන්නේ නැහැ.

කදු තරණය කරන්නන්ට කඳු තරණය කරන්නන් හමුවෙනවා. කිමිදුම්කරුවන්ට තවත් කිමිදුම්කරුවන් හමුවෙනවා. අහිකුණ්ඨිකයන්ට තමන් වැනිම තවත් අභිකුණ්ඨිකයන් හමුවෙනවා. ඔවුන් හැමෝට ම තම තමන්ට අනන්‍ය සංඛ්‍යාත තියෙනවා. ඒ සංඛ්‍යාත අනුව එක ම රිද්මයකට අනුනාද වන අය එකට ගමන් කරනවා. ඔවුන් හොඳ ගමන් සගයන් වෙනවා.

මෙහෙම සමාන සංඛ්‍යාතයකුන් යුතු දෙදෙනෙකු හමුවුණා ම ඔවුන් අමුතුවෙන් දැන හඳුනා ගන්නට කාලය වැය කළ යුතු වන්නේ නැහැ. ඒ වගේ ම අමුතුවෙන් එකිනෙකා ගේ කතාව පහදා දිය යුතු වන්නේ නැහැ. හරි සංඛ්‍යාතයට සුසර කළා ම රේඩියෝවේ සංගීතය ඇහෙන්න පටන් ගන්නවා වගේ ඒ සම්බන්ධතාව ක්ෂණිකව ම ගොඩනැගී ඉදිරියට ගලා යනවා.

ජීවිතය වෙනස් කරන කතා 1 | Jeewithaya Wenas Karana Katha 1

රු675.00
or 3 X රු225.00 with

ඔබගේ ජීවිතයට පිරිිසිදු ඔක්සිජන් ස්වල්පයක් මුසුකරන මෙම අපූරු කතා සහ අදහස් එකතුව විටෙක සිනහවෙන්ද, විටෙක ආදරයෙන්ද, විටෙක බුද්ධියෙන්ද, තවත් විටෙක අසීමිත බලාපොරොත්තුවෙන්ද ඔබේ ජීවිතය පුරවනු ඇත.

ජීවිතය වෙනස් කරන කතා 2 | Jeewithaya Wenas Karana Katha 2

රු675.00
or 3 X රු225.00 with

සිහින ආදරය සහ වේදනා ඔබේ ජීවිතය අංශක 180 කින් වෙනස් කරයි.එම ජීවන වෙනස සාර්ථක කරගන්න අවශ්‍ය ජවය ශක්තිය සහ ධෛර්යය අසීමිතව එන්නත් කරන මෙම අපූරු කතා එකතුව ආදරයෙන් දැනුමෙන් බුද්ධියෙන් සුසුමින් කදුළින් සහ සහ හසරැල්ලෙන් පිරුණු රසවත් පානයකි.

ජීවිතය වෙනස් කරන කතා 3 | Jeewithaya Wenas Karana Katha 3

රු675.00
or 3 X රු225.00 with

මේ ජීවන චාරිකාවේදී, සමහරවිට වැටෙයි. වැටුණාම රිදෙයි. රිදුනාම ඇඬෙයි. ඒත් ආයෙත් අමාරුවෙන් නැගිටලා ඉදිරියටම පියවර තබන්න සිද්ධ වෙයි. වැටිවැටි නැගිටමින් ජීවිතයට තේරුමක් දෙන්න ජීවත් වෙන සැමට මේ අපූරු කතා ජීවිතය ශක්තිමත් කරන තහනම් නොවන උත්තේජකයක් වනු ඇත.

ජීවිතය වෙනස් කරන කතා 4 | Jeewithaya Wenas Karana Katha 4

රු675.00
or 3 X රු225.00 with

ජීවිතය කියන්නේ මොහොතින් මොහොත නිර්මාණය වන විශ්වීය නිර්මාණයක්. ඉතිං නිර්මාණයත්
නිර්මාණකරුවොත් ඔබම තමයි. අගනා සිතිවිල්ලෙන් සෞම්‍ය දැනීමෙන් පරිපූර්ණ හැඟීමෙන් සහ පූර්ණ විශ්වාසයෙන් එය පුරවා ගන්න මේ කතා අහුර ඔබට හදවතින්ම උදව් කරයි.

ජීවිතය හා ග්‍රහයෝ | Jiwithaya Ha Grahayo

රු1,400.00
or 3 X රු466.67 with
මා ඉන්දියාවේ වෙදකම සම්බන්ධ කටයුතු කරන අතරම ජ්‍යොතිශ් ශාස්ත්‍රය ද ටිකක් ඉගෙන ගතිමි. එහෙත් එය ප්‍රසිද්ධ වශයෙන් භාවිතා කළේ නැත. මාගේ ගුණවත් භාර්යාවගේ මරණයෙන් මේ ශාස්ත්‍රයේ තිබෙන සත්‍යතාවය මට අවබෝධ විය. එම නිසා මෙතරම් උසස් ශාස්ත්‍රයක් අඳුරේ තිබෙන්ට හැරීම යුතු නැතැයි මට වැටහිණ. දැනට එහි පළ ලැබීමට බැරි තරමට මෙය ව්‍යාකූල වී තිබේ. මේ ශාස්ත්‍රය බොරුවක් හැටියට, නැත්නම් බොරුකාරයින්ගේ වෘත්තියක් හැටියට නවීන උගතුන් යයි කියනු ලබන අය පිළිගෙන සිටිත්.
ලෝකයේ කිසිම කලක, කිසිම රටක, කිසිම උගතෙකුට මෙය බොරු කළ නොහැකි විය. බොරු කිරීම පිණිසම ඉගෙන ගත් අය අන්තිමට එහි ගැත්තෝ වූහ. එම නිසා මෙය ඉගෙන ගෙන නියම පළ ලබනව දකින්ට කැමැත්තෙමි.
හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ
සිද්ධාලේප ඖෂධාලය, වල්පල – ඉමදුව,
28.11.1967

ජීවිතයෙන් මාස හයක් | Jeewithayen Masa Hayak

රු1,485.00
or 3 X රු495.00 with

“ඔයාගේ උරහිසට ඔළුව තියාගත්තාම දන්නෙම නැතිව නින්ද ගියා.” සෙව්වන්දි කීවාය.
සිසිල පහව ගොස් ඇති කීම වීදුරුවෙන් දෙතොල් තෙමාගෙන තත්පර ගණනක් මදෙස බලා සිටින ඇය. ‘අපි දෙන්නට බය වෙන්න කිසි දෙයක් නැහැ නේද? ‘ යනුවෙන් ඇසුවේ මා කිසි දිනක නොදුටු දුකක් මුහුණට මවා ගනිමිනි. දුක, සන්තාපය ඇගේ මුහුණට ගැළපෙන හැඟීම් නොවේ. යම් හෙයකින් නිහාරා සොයා ගියෝතින් මා අසලි සිටින සුන්දර්යගේ මුහුණ අච්චුස්සහ වනු නියතය. සිත කඩා වැටෙනු ස්ථිරය.
“බය වෙන්න කිසි දෙයක් නැහැ. හැම දෙයක්ම හොදට සිද්ධ වෙනවා.” මහි පිළිතුරු දුන්නෙයි. “ඇයි ඔයා මාව බඳින්නෙ?” ඇය ඇසුවාය.
ඒ ප්‍රශ්නයට දිය හැකි පැහැදිලි හා සාධාරණ පිළිතුර, ‘මම ඔයාට ආදරේ හින්දා’ යැයි කීම වුණත්, පිටි මහාපුරුදු පිළිතුරක් සෙව්වෙමි. මෙතෙක් සවන් දුන් ගීතයක වදනක් මතකයට නැඟාගන්නට උත්සාහ කඳුයි. එවැන්නක් හමුනොවුණු තැනු සිතට පැමිණි අදහස් ගොන්නක් මෙසේ වදන්ගත කරන්නට මට හැකි විණ.
“මම ඔයාව බඳින්නේ මගේ ජීවිතේට ඔයාව ඕනෑ හින්දා නෙමෙයි.
ඔයා නැතිව මට ජීවත්වෙන්න බැරි හින්දා. ඒක, ඌ මට ගහනවා, මට ඌ ගහනවා වගේ කතාවක් නේද? විවාහයයි, මරණ යයි කියන්නෙ එක හා සමාන දෙයක්. හරියට බැලුවොත් මේ දෙකම ජීවිතේට ලැඛෙන්නේ එක වතාවයි. ඒත් සමහර වාසනාවන්තයෝ විවාහයෙන් පස්සෙ කීප වතාවක්ම ඉපදෙනවා. මට හිතෙන්නේ මමත් ඒ වගේ වාසනාවන්තයෙක් වෙයි.” මම කීමි. “මේ ජීවිතේ කෙටියි. ඒත් අපි දෙන්නා එක් වුණාට පස්සෙ අපිට පුළුවන් දිගු ජීවිතයක් ගතකරන්න.“

ජූලියා නැන්දා සහ තිර රචකයා | Julia nanda saha thira rachakaya

රු1,785.00
or 3 X රු595.00 with

මාරියෝ වර්ගාස් යෝසාගේ අතිවිශිෂ්ට, බහුස්ථර නවකතාව ලීමාවෙහි කතුවරයාගේ යෞවන කාලයේ සැකසී ඇත්තේ. දේශීය ගුවන් විදුලි නාළිකාවක ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙහෙස මහන්සිව රාජකාරී කරන්නා වූ මාරියවෝ නම් තරුණ සිසුවෙක් ලෙස ය. ඔහුගේ තරුණ ජීවිතය, පැමිණීම් දෙකක් නිසා භේදනය වේ.

පළමුවැන්හ, මෑතක දී දික්කසාද වූ සහ අවුරුදු දහතුනක් වැඩිමල් වූ ඔහුගේ ජුලියා නැන්දා සමඟ රහසිගත ප්‍රේම සම්බන්ධතාවයක් ආරක්ෂිත කිරීම ය. දෙවැන්න, ප්‍රේද්‍රෝ කැමාචෝ නම් උන්මාදික ගුවන්විදුලි පිටපත් රචකයෙකි. ඔහුගේ රසවත්, නින්දාසහගත සෝප් ඔපෙරා නගරයේ සවන් දෙන්නන්ගේ සිත් සසල කරවයි. සෙමින් උමතු වන්නා වූ පේද්‍රෝ තරුණ මාරිටෝව ඔහුගේ විශ්වාසවන්තයා ලෙස තෝරාගනී.

වෙන කවරදාටත් වඩා උද්‍යෝගිමත් පේද්‍රෝ කැමාචෝගේ කතාන්දර සමඟ මාරිටෝගේ ජීවිතය අන්තර්ග්‍රහණය කරමින් වර්ගාස් යෝසාගේ නවකතාව ඉතා දක්ෂ වියමනක හමුවේ.

ජෙරුසලෙම් දූවරුනි | Jerusalem duwaruni

රු850.00
or 3 X රු283.33 with

කුරුසිය කර තබා කල්වාරි ගිර තරණය කරන ජේසුස්ය. හැඬුම්, දෙඬුම්, විලාප තබමින් ජේසු තරුණයා පසුපස යන මිත්තණියෝය. අම්මලාය. සොයුරියෝය. දියණියෝය. ප්‍රේමයෙන් බැඳුණු ගැහැනුය. ස්ත්‍රී වළල්ලේ දෑත් අතරද,
ඔක්කේද, අතැඟිලි අගිස්සේද, වස්ත්‍ර කොන්වලද එල්ලී ගත් ළමා ළපටින්ය. අම්මාවරුන්ගේ කඳුළු ගැන කුහුල් සිත් ගත් විමසුම් සිඟිත් ඇස් බියෙන් තැති ගැන්වීය.

කුරුසය කර තැබූ තැන් සිට, නිහඬවම එය උසුළා ගමනේ යෙදුණු තරුණයා මුල්වරට සිය හඬ අවදි කළේ ඒ වැළපෙන ස්ත්‍රීන් වෙනුවෙනි.

“ජෙරුසලෙම් දූවරුනි. මා නිසා නොහඬන්ත. ඔබ සහ ඔබේ දරුවන් නිසාම හඬන්න. වඳ ස්ත්‍රීහුද කිසි කලෙක දරුවත් නො දැරූ කුසද, කිරි නොදුන් පියයුරුද භාග්‍යවන්ත යැයි පවසන දවස පැමිණෙන්නේය.”

” ඔහු පැවසූ දේ සත්‍යයක්. අදත් අපි හඬනවා අපේ දරුවන් වෙනුවෙන්, නිමාවක් ඒ කළට.. නිවනක් නෑ ඒ සුසුමට…”