Showing 673–696 of 1347 results

Shop

තිත්ත තොල් | Bitter Lips

රු1,120.00
or 3 X රු373.33 with

 

ගෑණියෙකුගේ ආසාව මේ විදිහට විවෘත නෑ අරවින්ද. මං සුමේධ එක්ක ඉන්න ආසනං මං ඒක කොහොම හරි කරගන්නවා. ඒක ඔයාට නොදැනෙන්න කරන එකමයි එතනදි මගේ ආසාව වෙන්නෙ. ඊට පස්සෙ ඔයත් එක්ක ඉන්න හැම වතාවකදිම මං ඔයා දිහා බලලා දුක් වෙනවා. එතකොටයි මට ආදරේ හිතෙන්නෙ. ගෑණු ආසාව සෙක්ස්වලින් පටන් ගත්තත් ඉවර වෙන්නෙ ආදරෙන්.

තිස් වසරක දේශපාලනයෙන් බිදක් ( වෙළුම 1 ) | This Wasaraka Deshapalanayen Bindak Vol 1

රු360.00
or 3 X රු120.00 with

ටී අන්ද්‍රාදි මහතාගේ 1964 සිට 1994 දක්වා වූ දේශපාලන ජිවිතයේ අත්දැකීම් ඇසුරින් ලියවී ඇත. මෙය පෞද්ගලික අත්දැකීම් පෙළක් වුවත් ලංකා දේශපාලන ඉතිහාසය මතින් ඇවිද යාමක් බදුය. 

තිස් වසරක දේශපාලනයෙන් බිදක් ( වෙළුම 2 ) | This Wasaraka Deshapalanayen bindak Vol 2

රු360.00
or 3 X රු120.00 with

ටී අන්ද්‍රාදි මහතාගේ 1964 සිට 1994 දක්වා වූ දේශපාලන ජිවිතයේ අත්දැකීම් ඇසුරින් ලියවී ඇත. මෙය පෞද්ගලික අත්දැකීම් පෙළක් වුවත් ලංකා දේශපාලන ඉතිහාසය මතින් ඇවිද යාමක් බදුය.

තීරකයා ඔබයි | Don’t Say Yes When you want to say No

රු810.00
or 3 X රු270.00 with

ඔබ එදිනෙදා සමාජ ජීවිතයේදී මුහුණපාන ගැටලු කුමනාකාරද?

ඒ ගැටළු වලට ඇති විසඳුම් මොනවාද ?
පෞරුෂයෙන් හෙබි, සාර්ථක මිනිසකු ලෙස ඔබ ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද ?
අභියෝග ජයගන්නේ කෙසේද ?
කොටින්ම ඔබ ජීවිතයට මුහුණ දෙන්නේ කුමන ආකාරයකින්ද ?
මේ සියල්ල හුදු න්‍යායාත්මක කරුණු වලින් ඔබ්බට යමින්, සරල හා ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් සාකච්ඡා කිරීම මෙම කෘතියේ අරමුණයි.

තුමුල ප්‍රේමය | Thumula Premaya

රු855.00
or 3 X රු285.00 with

“මට ඔයාලව තම්බුණේ ෆස්ට් ඉයර් එකේ. එදා ඉඳන් විටින් විට මම ඔයාලව දැක්කා. ඔයාලා හැදෙන විදිහ අපි බලාගෙන හිටියා. ඔය ළමයින්ට දවසක කියන්න කතාවක් තියෙන්න ඕනි කියලා මම මේ පන්තියට ආව මුල්ම දවසෙම මම ඔයාලට කිව්වා. ඒ වගේම ඔයාලා හැමෝම ඒ කතාව අඩු වැඩි විදිහට තමන්ගේ ක්‍රමයකට හදාගත්තා.

හැබැයි… අදින් පස්සේ මම කියන ඒ කතාව මම වෙනස් කරනවා. නෙත්මි කියලා ළමයෙක් මේ කැම්පස් එකේ 2021/2022 බැච් එකේ හිටියා. අන්න ඒ ළමයා මේ කැම්පස් එකේ කළමනාකරණ පීඨයේ ඉතිහාසය අලුතින් ලියන්න උත්සාහ කළා. අන්න ඒ වගේ කතාවක් දවසක ඔයාලටත් තියෙන්න ඕන.

අදින් පස්සෙ මම අලුත් ළමයින්ට කියන කතාව ඔය විදිහට වෙනස් වෙයි. ඒක එහෙම වෙන්නම ඕන. මොකද, නෙත්මි කරපු කැප කිරීම සාමාන්‍ය එකක් නෙවෙයි. එයා මෙතනට ආවෙ අයිලන්ඞ් රෑන්ක් ෆස්ට් වෙලා නෙවෙයි. ඒත් එයා මෙතනින් යන්නෙ අයිලන්ඩ් රෑන්ක් ෆස්ට් වුණ කෙනෙකුටවත් කරන්න බැරි වුණ වැඩක් කරලා.”

තෙත්සූයා නම් දුනුවායා | Thethsuya nam dunuwaya

රු552.50
or 3 X රු184.17 with

දුන්නෙන් ඉවතට යන හැම හීයක් ම හදවතේ මතකයක් ඉතිරි කරනවා.

එහෙම එකතු වුණු මතක ගොන්න ඔයාව වඩාත් ශූර දුනුවායෙක් කරාවි.

ත්‍රිකාල දණ්ඩන / Thrikala dandana

රු1,440.00
or 3 X රු480.00 with

බුදු හාමුදුරුවනේ යුද්ධය කොළඹට ගේන්න බැරි ඇයි? අපේ ගම්වල මිනිස්සු මිනිස්සු නෙමෙයි ද? පාලකයන්ට අපේ ගම් මායිම් ගම්, මිනිස්සු මායිම් ගම් වැසියෝ. අපි කාටද මායිම් වුණේ? අපි මායිම් ගම් වැටේ පෑමට එල්ලලා උන් කොළඹ රටේ සීත කාමරවල බාල් කනව, ත්‍රස්තවාදියෝ මෙහෙ නිරායුධ අහිංසක මිනිස්සු හිරිකනයි වගේ කපා කොටා මරා දමනව බෝම්බ ගහලා මස් වැදලි කඩාගෙන යනව. සමහර උන් අබ්බගාත වෙනව ජිව්තය බේරාගන්න උන් අනාථ කඳවුරු ඇතුළේ අපාදුක් විඳිනව ඔබ වහන්සේට ඒවා දිහා බලාගෙන ඉන්න පුළුවන් ද? යුද්ධය කොළඹට ගේන්න බැරි නම් නතර කරන්න බැරි ඇයි? කොළඹ රටේ මිනිස්සු මැරෙනවට මාත් කැමති නෑ. ඒත් යුද්ධය නතර වෙන්නේ කොළඹට ගියොත් විතරයි. ඒක ඔබ වහන්සේ කෙරෙහි මගේ හිතේ තියෙන විශ්වාසය තරම් මහා විශාල එකක්. වීරවිජය ගුණසේකර

ත්‍රිත්ව | Thrithwa

රු1,260.00
or 3 X රු420.00 with

ජීවිතය කියන්නේ රහස් ගොඩක් හංඟගෙන ජිවත් වෙලා මැලා යන එක නෙමේ ලුසී. මගේ ජීවිතයේ රහස් නැහැ. තියෙන හැම රහසක් ම මට හෙළි කරන්න පුළුවන්. මම ලෙස්බියන් මේ කතාව කියන්න කලින් මම ලුසීගෙන් ඒ ප්‍රශ්නෙ ඇහුවේ එහෙම කාන්තාවකගේ හැගීම් තේරුම් ගන්න පුළුවත් තවත් එවැනිම කාන්තාවකට විතරක් නිසා

“මට ඒ ගැන හරියට ම පිළිතුරක් දෙන්න බැහැ මිස් යශෝධා”

ඇය එසේ කියත් ම යශෝධා එකපිට එක දමා සිටි ඇයගේ දෙපා වෙන් කර ගත්තා ය. ඒවා පොළොවට සමාන්තරව තබා මඳක් මැත් කර ඉඳ ගත්තාය. ඇයගේ දෙපා අතරින් පෙනෙන ඇය ඇඳ සිටි සුදු පැහැ පෑන්ටිය දෙස බැලු ලුසීගේ දෙනෙත් තුළ දිලිසීමක් ඇති විය. කොළ පැහැ දෙනෙතට සූර්ය කාන්තිය වැටීමේ දී ඇති වෙන දිලිසීම මෙන් ඒවා දිලිසුනෙන් යශෝධා ඒ දෙනෙත් දෙස එක එල්ලේ ම මොහොතක් බලා සිටියා ය. ඉන් පසුව තම දෙපා යළිත් එකපිට එක දමා ගත් ඇය තවත් සියුම් සිනහවකින් මෙසේ පැවසුවා ය.

” මිසිස් ලුසී. මේක ටිකක් අමුතු කතාවක්,

දඩබ්බරයා | Dadabbaraya

රු360.00
or 3 X රු120.00 with

ප්‍රේමය යනු
එක් වූවන්ගේ රජ දැක්ම නොවේ ප්‍රේමය යනු
එක් නොවුවන්ගේ හදගැස්මයි…

දිබ්බචක්ඛු

රු585.00
or 3 X රු195.00 with

දිමි ගොටුවක නිරුවත් වෙමි / Dimi gotuwaka niruwath wemi

රු540.00
or 3 X රු180.00 with

මුගටි පවුලකි ඇදෙන මිටි පඳුරු යට      එබෙන

ගසක බෙන කළුවරක ළපටි කිචි බිචි       වදන

වඳුරු බුකු බුකු නැඟෙන රිකිලි අනැඟිලි  වනන

නලඟනකි තුරු වියන හරිත සළු පිලි        අදින

දිමි ගොටුවක නිරුවත් වෙමි | Dimi gotuwaka niruwath wemi

රු510.00
or 3 X රු170.00 with

මුගටි පවුලකි ඇදෙන මිටි පඳුරු යට  එබෙන

ගසක බෙන කළුවරක ළපටි කිචි බිචි  වදන

වඳුරු බුකු බුකු නැඟෙන රිකිලි අතැඟිලි වනන

නලඟනකි තුරු වියන හරිත සළුපිලි අදින

 

වසු පැටව් බුරුල්ලෙන් මීරි කිරි උරා බොන

අසමෝදගම් සුවඳ මා ළයට හාදු දෙන

රසඳුනකි වලිකුකුළු රැඟුම් ගෙමිදුලට එන

මට මොට ද දිවිසැරිය මෙවන් රස නොමැති තැන

දියුණුවේ මන්ත්‍ර | Diyunuwe Manthra

රු900.00
or 3 X රු300.00 with

භාතිය අර්ථනායක යනු මෙරට සිටින දක්ෂතම පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරුවෙකි. අභිප්‍රේරකවරයෙකි.ලේඛකයෙකි.එසේම ඔහු වසර 10 කට ආසන්න කාලයක් විද්‍යුත් මාධ්‍යයට ප්‍රවෘත්ති නිවේදකයෙකු, සංස්කාරකවරයෙකු සේම කළමණාකරණ ක්ෂේත්‍රයේ ද අත්දැකීම් ඇත්තෙකි. මාධ්‍යයවේදියෙකු ලෙස හඳුනාගනු ලැබූ භාතිය අර්ථනායක පසු කලෙක බොහෝ දෙනාගේ අවධානයට ලක් වූයේ ක්‍රීඩා අභිප්‍රේකවරයෙකු ලෙසය.පසුව ඔහු ක්‍රීඩාවෙන් උකහා ගත් ජවය, අලෙවිකරණයට, ව්‍යාපාර ක්ෂේත්‍රයට, අධ්‍යාපනයට අදාලව ඔහුගේ පුහුණු වැඩසටහන් තුළට ඇතුලත් කළේය. අති දක්ෂ දේශකයෙකු සහ පුහුණුකරුවෙකු ලෙස ඔහුගේ සේවය ලබාගෙන ඇති ආයතත්ත රැසකි. MAS, DIMO, AIA Insurance, Peoples Bank, CDE, Elephant Hoese, CIC, LB Finance වැනි ආයතන ඒ ඒ අතුරින් කිහිපයක් පමණි. මෙම ග්‍රන්ථයෙහි ඇතුළත් වන්නේ මව්බිම පුවත්පතෙහි බදාදා FT අභිරේකයට හාතිය විසින් රචනා කරන්නට යෙදුනු ලිපි පෙළක සංස්කරණය කරන ලද එකතුවකි. එය මව්බිම පාඨකයන් අතර සේම Motivation.lk පිටුවේ පරිශීලකයන් අතර ද මහත් සේ ජනප්‍රිය විය. මෙය ග්‍රන්ථයක් ලෙස එළි දකින්නේ එය කියවූ බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදිය. ජීවිතයේ සාර්ථකත්වය කරා මිනිසුන් නිතර කළ දේ ගැන මේ “දියණුවේ මන්ත්‍ර තුළ කථා බහට ලක් කෙරේ.

“මේ ග්‍රන්ථය මීට වසර 10 කට පෙර මා අතට පත්වූයේ නම්, මගේ ජීවිතයේ තවත් බොහෝ ජයග්‍රහණ ලැබීමට හැකි ව තිබූ බව මට හැඟේ. මෙය කියවා පසෙක තැබිය යුතු පොතක් නොව, දිපතා එහි ලියා ඇති දේ භාවිතයට ගත යුතු පොතකි.”

චන්දන තිලකරත්න
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී

“භාතිය, අභිප්‍රේරණ විෂයේ දී දක්ෂ කථිකයෙකි. කතාවේ දී පමණක් නොව සිය ලිවීම්වල ද ඔහු ඒ විශිෂ්ඨත්වය පවත්වා ගෙන ඇති බවට ඔහුගේ ග්‍රන්ථ කදීම නිදසුනකි.”

චමින්ද වාස්
හිටපු ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් ක්‍රීඩක,

දිවිය දිවිය අමතයි | Diwiya Diwiya Amathai – Khalil Gibran

රු135.00
or 3 X රු45.00 with

ආත්මය…

දෙවියන්ගේ දෙවියා ආත්මය මැවීය. හෙතෙම එම ආත්මයෙහි සෞන්දර්යය තවරමින්, අරුණෝදයෙහි ගලායන සමීරයෙහි සෞම්‍යයක්, පුෂ්පයන් කෙරෙන් විහිදී යන සුමුදු සුගන්ධයත්, චන්ද්‍රකාන්තියෙහි මනෝහරත්වයත් ඊට ප්‍රදානය කළේය.

හෙතෙම එම ආත්මයට සොම්නසේ කුසළාන ප්‍රදානය කරමින් මෙසේ ප්‍රකාශ කළේය.

* ඔබ අතීතය අමතක කරමින්, අනාගතය අතහැර දමමින් විනා මෙම කුසලානෙන් පානය නො කරන්නෙහිය.

දිව්‍යාශිංසන | Diwyashinsana

රු2,070.00
or 3 X රු690.00 with

සශ්‍රීක රාජ්‍යයක රජ කිරුළට එකම උරුමකරු වශයෙන් උපත ලබන ෂිඑ ලියාන් සිය සුන්දරත්වයත්, කාය ශක්තියත්, පවිත්‍රත්වයත් සම්බන්ධයෙන් චිරප්‍රසිද්ධ වූයේ විය. ඔහුගේ වසර ගණනාවක කැපවීමත්, පවර ගුණ හා ශ්‍රේෂ්ඨ ක්‍රියාකලාපයත් ඉතා ළාබාල වියෙහිදීම ඔහුට දේවත්වයට පත්වීමේ අවස්ථාව සලසාලන්නේය.
එහෙත් යමෙකු නැගුණේ නම්, ඔහුගේ ඇදවැටීමද වන්නේමය. එලෙසින්ම ඔහුද ඇදවැටුණේය. හේ ස්වර්ගයෙන් නෙරපා, මනුලොවට යළි පිටුවහල් කරනු ලබන්නේය.
මනුලොව දිවියෙන් අටසිය වසකට පසු, ෂිඑ ලියාන් තෙවැනි වරටත් දෙව් වරම් ලබන්නේ ස්වර්ග තලයට බොහෝ අලාභ හානි සිදුකොට, බොහෝ දෙවිවරුන්ගේ අමනාපයටත් කෝපයටත් පාත්‍ර වෙමිනි. දැන් මේ අලාභයන් පියවීමට නම්, ෂිඑ ලියාන් නැවතත් මනුෂ්‍ය තලයට යා යුතුය. ඉක්බිති මනුෂ්‍යයන්ට පීඩා ගෙන එන කෲර වූත් දුර්ජන වූත් භූතාත්මයන් විනාශ කර දැමිය යුතුය.ඔහුට සන් ලං නම් වූ විස්මයජනක ඥානයකින් හෙබි, අපූර්ව යෞවනයෙකු මුණගැසෙනුයේ ඔහුගේ මේ චාරිකාවන් අතරතුරදීය. ඔවුන’තර ගොඩනැගෙන්නේ ක්ෂණික මිත්‍රත්වයකි. එහෙත්, මතුපිටින් පෙනෙන තුරුණු, කෙළිලොල් ගති ස්වභාවය අබිබවා ගිය කිසියම් අබ්රහස් අනන්‍යතාවයක් හා අචින්ත්‍ය යටගියාවක් සන් ලං කෙරෙහි පවතින බව සුපැහැදිලිය. ඒ සැහැල්ලු මඳහස යට කවර නම් වූ කතා පුවතක් සැගව ඇත්තේද?

දිව්‍යාශිංසන 2 | Diwyashinsana 2

රු1,890.00
or 3 X රු630.00 with

සන් ලං නම් වූ මනබන්දනීය යෞවනයා වනාහි සියලු‍ ස්වර්ගීය දෙවිවරුන්ගේ අමනාපයට පාත්‍ර වූ, චතුර් මහා විපර්යාය නාමලාභී, කුප්‍රකට අසුර රජ හුආ චෙංම බව ෂිඑ ලියාන් සහතික කොටගත්තේය.

එහෙත් තවමත් කතාන්දරවල සිටින බිහිසුණු අසුරයාත් තමාට හමුවූ රක්ෂක ගුණයෙන් හෙබි සුහුරු, ආකර්ෂණීය යොවුන් තරුණයාත් අතර ගැළපීමක් දැකීමට ඔහු අපොහොසත් වී තිබිණි.

මේ අතර, අනපේක්ෂිත අනතුරු සංඥාවක් හේතුවෙන් භූතපුරය වෙත යාමට ෂිඑ ලියාන්ට මඟ හෙළි වේ. මළවුන්ගේ ලොවෙහි සියලු‍ භයංකාරයන් සහ ආශ්වාදයන් කැටි වූ මේ ජනාකීර්ණ පුරවර පෙදෙසෙහිදී, හුආ චෙංගේ නිජබිම වූත් බලප්‍රදේශය වූත් භූමියෙහිදීම ඔහු දැකගැනීමට ෂිඑ ලියාන්ට අවස්ථාව එළැඹේ. පළමුවරට, හුආ චෙංගේ සැබෑ ස්වරූපයද ඔහු අභියස නිරාවරණය වන්නේය.

එනමුත්, ඔවුන් අතර වූ සමීප බැඳීම සහ කුලුපගභාවය කොතෙක් වූවත්, පරිපූර්ණ කළ යුතු ක්‍රියාදාමයන්ද, හෙළි කරගත යුතු රහස්ද බොහෝය. එපමණක් නොව, ශතවර්ෂ ගණනාවක් පැරැණි, ෂිඑ ලියාන්ගේ අන්ධකාර අතීතයද නුදුරේදීම හෙළිවන ලකුණු පහළ වී ඇත්තේය.