Showing 49–72 of 1295 results

Super Reader Week Sale
📚 Super Book Readers Weekly Sale Alert! 🚀 Immerse yourself in a world of literary treasures at [YourWebsite.com]. 🌈 Uncover thrilling stories, heartwarming tales, and more, all at irresistible prices! 🎉 Don't miss out—explore now and let the reading adventures begin!
Price
Shop
BALLO BATH KATHI – බල්ලෝ බත් කති

සීඝ‍්‍ර ලෙස වෙනස් වන්නා වූ සදාචාර සම්මතයන් හා පුරුෂාර්ථයන් විසින් කලබැගෑනියට පත් සමාජයක බල ලෝභයෙන් බිහිසුණු වූ දේශපාලන සත්වයන් පිළිබඳ කියන බල්ලෝ බත් කති සමාජ විවරණයක් ද වෙයි. මිනිසා දේශපාලන සත්වයකු ලෙස හඳුන්වා දෙන ලද්දේ ශිෂ්ටාචාරයේ ඈත අතීතයේ දී ම ය. එහෙත් මේ සත්වයන් තිරිසනුන් බවට පත් කරන්නේ ක්ෂාදක අභිලාෂයන් විසිනි. කුමන්ත‍්‍රණ, ද්‍රෝහි ක‍්‍රියා, බෙලි කැපීම්, දුක්ගන්නාරාල කම් සහ පාවාදීම් මේ අභිලාෂයන් සාධනයේ ලා අවශ්‍ය අංගෝපාංගයන් බවට පත් ව ඇත. මේ අංගෝපාංගයන් නිසා ම දේශපාලන ලෝකය කෙනකුට මතක් කරන්නේ ෂේක්ස්පියර්ගේ මැක්බත් නාට්‍යයේ එන යක්දෙස්සියන්ගේ ගොජ දමමින් පැසවන කටාහයයි. පංති අරගලයේ එක් පරමාර්ථයක් විය යුත්තේ මේ පැසවන ස්වභාවය හඳුනාගෙන එය දේශපාලන භූමියෙන් ඉවත් කිරීම ය. මෙවැනි අංගෝපාංගයන්ගෙන් ලක්ෂිත පසුබිමක ජීවත්වන ගැහැනුන් සහ පිරිමින්ගේ මාර්ගයෙන් පංති අරගලයේ සැබෑව දෙස බලන කතුවරයා මිනිසාත් එහෙයින් ම සමාජයත් විග‍්‍රහ කිරීමෙන් නොනැවතී එය වෙනස් කළ යුතු බව ද කියයි.
Barack Obama | BARIGE SIHINAYA – බැරිගේ සිහිනය

‘බැරීගේ සිහිනය’ සකස් වී ඇත්තේ ඇමෙරිකාවේ පාලනය කළ 44 වැනි ජනාධිපති වන බරක් ඔබාමාගේ ජීවිත තොරතුරු සමඟය. ඔහුගේ පරමාදර්ශී චරිතයක් වූ මාටින් ලූතර් කිං ‘මට සිහිනයක් ඇත’ යයි වරෙක පවසා ඇත. එලෙසම බරක් ඔබාමාට ද සිහිනයක් තිබිණි. ඒ සිහිනය ඉතාමත් සරල විය. යහපත් පාලකයෙකු ලෙස, තම රටේ ජීවත් වන ජනතාවට යහපත් අවංක සේවයක් කිරීමට ඔහුට අවශ්‍ය විය. ඒ ඔහුගේ සිහිනයයි.
beera suwandethi hadu / බීර සුවදැති හාදු

මේ පොළව මත ජීවත් වන සියලු දෙනාගේම අරගලය බැඳෙන බැඳීම් අස්සේ සිරවීම සහ නොබැඳෙන තනිකම අස්සේ තනි වීමය. මේ අන්ත දෙක අතර ජීවිත පවත්වාගෙන යන්නට අරගල කරනවා මිසක මිනිස්සුන්ට ජීවත් වන්නට ඉස්පාසුවක් නැද්දැයි ඇලීෂා ඇසුවේ තමන්ගෙනි.
තනිකම ඇබ්බැහියකි. ජීවිතේ වෙන කිසිවකට ඇබ්බැහි නොවෙන අයට තනිකමට ඇබ්බැහිවීම පුදුමාකාර සැනසීමකි. වෙනත් කිසිදු සුවයක් වෙනුවෙන් ඒ සැනසීම අනතුරේ දාන්නට දේවන්ට සිතුණේ නැත.
අසම්පූර්ණත්වයෙහි ඇත්තේ සුන්දරත්වයකි. මිනිසුන් යමක් සම්පූර්ණ කරගන්නා තෙක් ඒ පිළිබඳව නොනිමි ආශාවකින් පෙළේ. ඒ ආශාවේ අපූර්වත්වය ඇත්තේ අසම්පූර්ණත්වය තුළය.
Bhana Kusum – බාණ කුසුම්

සියවස් දෙක හමාරක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන දැවමුවා ස්ත්‍රී පුතිමාවක් හරහා සිය අනන්‍යතාව සොයා යන තරුණියකුත්, දුරාතීතේ ඈත පිටිසර ගම්මානයක ප්‍රාදුර්භූත වන එහි ගුප්ත නිමැවුම්කරුවාත්, ඔහු හා පෙමින් බැඳෙන විප්ලවකාරී තරුණියකත් වටා ගෙතෙන බාණ කුසුම් දහ අට වැනි සියවසේ සිට වර්තමානය දක්වා ලංකාවේ සමාජ සංස්කෘතික සහ දේශපාලනික ඉතිහාසය පදනම් කරගෙන ලියැවී ඇති ප්‍රබන්ධ නවකතාවකි.
රාමුගත ජීවිතයට ඔබ්බෙන් පිහිටි මිනිස් ආශාවන් සහ පුද්ගල නිදහස පිළිබඳ කතිකාවකට දොරගුළු විවර කරන මෙම වියමන හරහා රාජ්‍යය සහ ආගම අතර ඇති අවියෝජනීය සම්බන්ධය හරහා ඓතිහාසිකව ගොඩනැගෙන සමාජ සංස්කෘතික බලපෑම සංවාදයට බඳුන් කරයි. කලාව, ජීවිතය, ලිංගික නිදහස, සදාචාර මිනුම් දඬු සහ ස්ත්‍රීත්වය වැනි තේමාවන් ඔස්සේ යුග දෙකක් හරහා ගලා යන නවකතාව විසින් යෝජනා කරනු ලබන්නේ සමාජයේ දකින්නට ලැබෙන අනේක විධ විවිධත්වය පිළිගැනීමේ විචිත්‍රත්වයයි.
Bindunu Bilinda – බිඳුණු බිලින්දා

ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද දැරියක පිලිබඳ හද කම්පා කරවන අමිහිරි සත්‍ය කතාව.
Bindunu Thal Ruka | බිදුණු තල් රුක

ශ්‍රී ලංකාවේ දැනට පවත්නා ජනවාර්ගික ගැටුම එකියනකට පටහැණි සිංහල සහ දෙමළ මතවාදී බලවේගයන් විසින් උසිගන්වනු ලැබුවකි. මුස්ලිම් ජනයා ඔවුනගේ කැමැත්තක් නැතිවම ඊට ඈඳාගෙන තිබේ. මේ ඛේදවාචකයට අවසානයක් දකින්නට නම් පළමුවෙන් අප කළ යූත්තේ මේ අධිපති මතවාද බුද්ධිමත් හා විචක්ෂණ ඒවා වශයෙන් පෙණුන ද එවා ඉදිරිපත් කරන්නවුන් උගත් යැයි පිළිගත්ත ද ඒ හා සම්බන්ධ වංචක ධර්මය තේරුම් ගැනීමයි.
Translation of ‘The Broken Palmyra’ by Rajan Hoole
Bio Karapu AL | බයෝ කරපු ඒලෙවල්

මට ඕනෙ දැං ඔයා එක්ක ස්නායුවක් දිගේ ගලන ආවේගයක් වෙන්න
ඔයාට ඉස්සෙල්ලාම දුවන්න දීලා
අල්ලන්න වගේ දුවගෙන එන්න
අපිට ඒ ගමං පුලුවන් කංකාල පේෂියක සෛල වෙන්න
කොයිතරම් දෙපැත්තට ඇදුණත්
ඩෙස්මසෝම අල්ලං ඉන්න විදිහ ගැන කියවන්න
අපේ ආදරෙත් ඒ වගේ නේද කියලා කොඳුරන්න
ඉතිං ඉක්මනට කියන්න මට ඔයා එතවද නැද්ද යන්න
Bio Karapu AL 3 | බයෝ කරපු ඒලෙවල් 3

සරසුලක් කම්පනය කර තබා ධ්වනිමාන පෙට්ටියක් මත සේතු එහෙ මෙහෙ කරන විටදි ආරෝහකය විසි වී යා හැක
ප්‍රාස්තාරික ක්‍රමයකට ගොස් ඔබට සංඛ්‍යාතය සොයා ගත හැක
කම්පනය වෙද්දි හදවත නොතබන්න හිතවත ජීවිතේ ආදරේ කම්බිය මත
ඔබට නොපෙනෙන තැනකට ළඟා වෙනු බැරි දුරකට කලු කුහරයක පතුළට ජීවිතේ විසි විය හැක!
Bodilima – බෝදිලිමා

ඒක තමයි හුගක්ම භයානක!
මිනිස්සුන්ට තමන් දැකපු හීන අමතක වෙනවා කියන්නේ,
තමන් ජිවත් වෙනවා කියල තමන්ටම අමතකව වෙලා කියන එක….
bodinkarayo | බෝඩින්කාරයෝ

Bohemiyan Daruwo / Bohemian Girls

නිර්ව්‍යාජ යෞවනත්වයෙන්, කුලූඳුල් අනුරාගයෙන් හා අසීමිත කුතූහලයෙන් ති‍්‍රමානීය වූ දැරියන් තිදෙනෙකු සතු පාසල් දිවියක නිමාවත්, මහා ව්‍යසනයක ඇරඹුමත්, එකී විපර්යාසය තුළින් උපන් වේදනාකාරී අතුරුඵල ඔවුන්ගේ ආධ්‍යාත්ම වෙනස් මඟකට රැගෙන ගිය අයුරුත් ගැන කියවෙන කතාවකිි
Bonikka | බෝනික්කා

ළමා මනස හඳුනාගත් ඇයටම පොතක් ආවේණික වූ චිත්‍ර කලාවකින් කුඩා දරුවන්ගේ සදාතනික වීරවරිය බවට පත්වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ළමා කතා එකතුව
BOX saha Thawath Katha | Box සහ තවත් කතා

වසර හය හතකට පෙර ලයනල් වෙන්ඩ්ට් ශාලාවේ පැවති දර්ශනයකදී ‘බොක්ස්’ කෙටි නාට්‍යය බැලීමෙන් මා ලැබූ ප්‍රවර්ගය සහ ආනන්දය මගේ මතකයේ අදත් විචිත්‍රව තියෙනවා, මට මතකයි නාට්‍යය අවසන් වුණු මොහොතේ මා ලගට දිව ආ කෘතහස්ත නාට්‍ය වේදිනියක්, දැක්කද සුනිල් අර අන්ඩර්ශඩ්ල්වෙයාර් එකේ ගිල් ? කියලා වැඩක් නැහැ. මාරයි.. මේ කොල්ලගේ ස්ත්‍රිප්ත එකයි අතයි දෙකම, උද්වේගයෙන් එකවර පැවැසුවා. මට ඇය සමග හොඳටම එකඟ වුණා. අපේ තරුණ නාට්‍ය කරුවන් අතර බුහුටි හා අපූර්ව නිර්මාණ කරුවෙකුගේ ආගමනය සිදුවෙනවා කියා මගේ මනසේ ලකුණු වුණා. වැදගත් කාරණය නම් මේ නාට්‍යකරුවා උසි සහකම්පනයෙන් යුතුව ලොට් දෙස බලන අතර, ඒ බැල්ම උඩ සිට පහළටම විශිෂ්ට මානවවාදී ගුණයෙන් පිරුණු එකක් බව පෙනීමයි.
නොබෝ කලකින් ‘ඩයිනෝසර් ප්‍රේමය’ විසින් නැවත වරක් මට අර උත්ප්‍රාසී සහනුකම්පන‍් බැල්ම මතක් කළා; ඔව්, බලනකොට එහි රචකයාත්, අර චාලක මයි!
ඔහුගේ නාට්‍ය කෘතීන් පහක් මුද්‍රණයෙන් පිටවෙන මේ මොහොතේ මෙන් සතුටු වන්නන් හා සුබපතන්නන් අතරු යම් නාට්‍ය සාහිත්‍ය කෘතිය නිසා බොහෝ අලුත් සහෘදයින් ඔහුට මුණගැසේවායි ප්‍රාර්ථනා කරන්නට කැමතියි.
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන
Budun Samaga Sancharayaka 1st book Osho | බුදුන් සමග සංචාරයක. පළමු කොටස

බුදුන් කියන්නේ නැහැ ආධ්යාත්මිකත්වය වටහා ගන්න කියා ඔහු කියන්නේ නොවැදගත් දේ කුමක්දැයි තේරුම් ගන්න කියායි. වෙනස වන්නේ මෙයයි. ඔහුගේ සමීප වීම බුද්ධිමය වශයෙන් කොතරම් තර්කාන්විත ද යත් ඔබව එහි වරදක්, සිදුරක් සොයා ගන්නට ඔහු ඉඩ නොතබයි.
“නොවැදගත් දේ” ඔහු සරලවම පවසයි.
භෞතික විද්යාඥයෙකුගෙන් විමසන්න බුදුන්ගේ භාෂාව ඔහුට වැටහෙයි. ඔහු කියයි. පරමාණුව විශ්ලේෂණය කිරීමෙන් අපි ඉලෙක්ට්රෝන කරා ආවා ඉලෙක්ට්රෝන යනු විදුලිමය අංශු පමණයි. බොහෝදුරට නොවැදගත් දේ. පදාර්ථය අතුරුදන්ව ගොසින්, ඇත්තේ බල ශක්තිය පමණයි. ඔබට එයට පදාර්ථය යැයි කිව නොහැකියි. එසේම ඉලෙක්ට්රෝන විශ්ලේෂණය කිරීමේදීත් ඔවුන් බොහෝ දුරට හිස් බවට – නොවැදගත් හිස් බවට පැමිණ සිටියි.
භෞතික විද්යාඥයා බෞද්ධ ප්රකාශයන්හි වචනාර්ථ තේරුම් ගනියි.
ඔබ කිසිවක් ම සොයාගත නොහැකි වන කෙළවරකට පැමිණි පසු ඔබ පැමිණ ඇත්තේ ඔබගේ ජිවනය වෙතටයි. ඔබගේ ජීවනය ස්තරයක් වගේ නොවෙයි. ජීවිතය යනු සරලවම අවකාශයයි; පිවිතුරු අවකාශයයි; සරලවම හිස් ස්වභාවයයි.
Budun Samaga Sancharayaka Osho 2nd book | ඕෂෝ : බුදුන් සමග සංචාරයක. දෙවන කොටස

BUSINESS TRICKS A-Z | මොළෙන් බිස්නස්

ඕනෑම පුද්ගලයෙකුට තම මොළය මෙහෙයවා තමන්ගේ ව්‍යාපාර කටයුතු වඩාත් හොඳින් සහ නිවැරදිව කරගෙන යාම සඳහා අවශ්‍ය කරුණු මෙම කෘතිය මගින් පෙන්වා දෙයි. තම මොළය මෙහෙයවා යම් යම් කරුණු තාර්කිකව සැසඳීමෙන් වඩාත් යහපත් හෙට දවසක් ගත කිරීමට අවශ්‍ය කරුණු මෙහි අඩංගු වේ.
Ceylon / ලංකාව

” කැරැල්ල අතරතුර භට පිරිස් නිතරම විශාල අනතුරුවලට ගොදුරු වූ අතර ඒ සෑම විටම ඔවුන් දැඩි වෙහෙසකට පත්විය. ස්වදේශිකයන් ඥානවන්තව විවෘත භූමියේ අප හා මුහුණට මුහුණ හමුවීමෙන් නිතරම වැළකී සිටියහ. ඔවුන්ගේ උපක්‍රමය වූයේ ඔවුන්ගේ ම විලාසිතාවකට (ක්‍රමයකට) කැලෑ සටන් ක්‍රම අනුගමනය කරමින් සටන් කිරීමයි. අපගේ ඒකාබද්ධ ආක්‍රමණශීලී ක්‍රම ඔවුන් ප්‍රවේශමෙන් මඟ හැරියේය. ඒ සඳහා ඔවුන් දැඩි සංවේදීතාවයකින් කටයුතු කළේය…..”
Chakra Saha Wishwa Shakthiya | චක්‍ර සහ විශ්ව ශක්තිය

Chakrawarthi – චක්‍රවර්ති

සුරස මුද්‍රාව යටතේ සූරියකුසුම, සඛී භාර්යා සහ මා යන පාඨක සම්මානයෙන් පිදුම් ලත් නවකතා නිර්මාණය කළ ප්‍රවීණ ලේඛක චූලාභය ශාන්ත කුමාර හේරත්ගේ නවතම නවකතාවයි චක්‍රවර්ති.
හෙළ රාජ්‍යක්වය දිනාගැනීමටත්, පවත්වාගැනීමටත් ඉවහල්වන රාජකීය රහසක් වසර දෙසීයකටත් අධික කාලයක් පැවැති පරම්පරා ගණනාවක් පුරා රැකගත් කුල කාන්තාවක පිළිබඳ කුතුහලය හා වීරත්වය පිරි අනුවේදනීය කතාවයි චක්‍රවර්ති. වංශකතා, සෙල්ලිපි, පුස්කොළපොත්, සන්නස්, ජනශ්‍රැති, ජනප්‍රවාද ඔස්සේ අතිශය චමත්කාරජනක ලෙස ගොඩනැගෙන මෙම රහස් කතාව පාඨකයා තුළ කුතුහලයත්, විමතියත්, සන්ත්‍රාසයත් ජනිත කරමින් ඔහුව ඉතිහාසයේ සොඳුරුතම මෙන්ම අඳුරුතම ඉසව්වන් කරා රැගෙන යන අතිරමණිය වෘත්තාන්තයකි.
විසල් වපසරියක් පුරා විහිදි යන ඵෙතිහාසික සිදුවීම් මාලාවකට සම්බන්ධ ”චක්‍රවර්ති” පාඨකයාට නවමු වින්දනයක් ලබාදෙන අතිශය තෘප්තිමත් අත්දැකීමක් වනු නිසැකය.
Che Guvera Boliviyanu dina potha | අර්නස්ටෝ චේ ගුවේරා බොලිවියානු දිනපොත

අර්නස්ටෝ චේ ගුවේරාගේ ‘බොලිවියානු දිනපොත 1968 සිට 2009 දක්වා වූ වසර 41 ක් තුළ ලොව විවිධ භාෂාවන්ගෙන් සංස්කරණයන් 330ක් ඉක්මවා ප්‍රකාශයට පත් වූ චිරප්‍රසිද්ධ කෘතියකි. 1967 ඔක්තෝබරයේ බොලිවියානු හමුදාවේ ග්‍රහණයට පත්ව, අමෙරිකානු මධ්‍යම ඔත්තු සේවයේ අනුදැනුම මත ඝාතනයට ලක් වූ මෙම අභීත විප්ලවවාදියාගේ උර මල්ලේ තිබී හමු වූ මෙය චේගේ අවසන් දිනපොත ලෙස ඉතිහාසයට එක්වේ.
මුල් සංස්කරණවලට ඇතුළත් නොවූ පිටු කිහිපයක්ද ඇතුළත්කොට ඔහුගේ බිරිඳ වු අලෙයිදා මාර්ච් විසින් සකස් කරන ලද වේව්ගේ බොලිවියානු දිනපොත ඇමෙරිකානු ආක්‍රමණික යුද්ධයෙන් හෙම්බත් වූ වියට්නාමයට අතහිත දීම සඳහා සමස්ත දකුණු අමෙරිකානු මහද්වීපය පුරා විප්ලවයක් දියත් කිරීමට වේ ගත් පරමාදර්ශී උත්සාහයේ අත්‍යන්ත උරුමය ලෙස කීර්තියට පාත්‍ර වී ඇත.
Chemistry of Love – විසිර යන ආදරයේ තුහීනයන්…!

“මම හිතන විදිහට මේ ලෝකෙ ගැලපෙන මිනිස්සු කියලා වර්ගයක් නැහැ. මිනිස්සු දෙන්නෙක් කියන්නේ දෙන්නෙක්. ඒ දෙන්නා හිතන විදිහ එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස්. අපිට Relationship එකක් ඕන වෙන්නේ සතුටින් ඉන්න වෙලාවට සතුටු වෙන්න, Sex ඕනෙ වුනාම Sex කරන්න විතරක් කියල ද? නැහැ… එහෙම නැහැ… මනුස්සයෙක්ට Relationship එකක් එහෙම නැත්නම් තමන්ව තේරුම් ගන්න පුලුවන් ගැඹුරු බැදීමක් ඕන වෙන්නේ තමන් වැටෙන වෙලාවට නැගිට්ටවන්න, තරහා ගියපු වෙලාවට සනසවන්න, දුකක් දැනුනාම කියලා හිත නිදහස් කර ගන්න, Attention ඕනෙ වුනාම Attention ගන්න, හුරතල් වෙන්න ඕනෙ වුනාම හුරතල් වෙන්න, ප්‍රශ්නයක් වුනාම උත්තරයක් හොයා ගන්න, අඬන්න හිතුනොත් තුරුලු වෙලා අඩන්න. කෙටියෙන් කිව්වොත් මේ අමාරු ජීවිතේ ගැට ගහ ගන්න හයියක් වෙන්න. අපිට Relationship එකක් ඕන වෙන්නේ දුක, සතුට වගේම ජීවිතෙත් බෙදා ගන්න. අපිට එහෙම දෙයක් කරන්න පුලුවන් අපිට ආදරේ කරන කෙනෙක් එක්ක Relationship එකක් පටන් ගත්තොත් විතරයි. ඒ වගේම Comfortable මනුස්සයෙක් එක්ක ජීවිතේ බෙදා ගන්න ලැබෙනවා කියන්නේ හරිම සනීප හැඟීමක්.”