Showing 697–720 of 1369 results
Price
Shop
ටාර්සන් සහ ස්වර්ණමය සිංහයා / Tarzen Saha Swarnamaya Sinhaya

ඩයනා ඇගේ කඳුළු කතාව | Diana Her True Story

ඩයනා කුමරියගේ මරණයෙන් පසුව ඇය පිළිබඳව ලෝකය පුරා කළ කී කතා බහ සහ දක්වන ලද ප්‍රතිචාර තුළින් බොහෝ අය කීවේ ජීවත් වූ ඩයනාට වඩා මියගිය ඩයනා ලෝකය පුරා ජනතාවගේ සිත් සසළ කළ බවයි. ජිවත් වූ ඩයනාට වඩා මිය ගිය ඩයනා පිළිබදව ලෝකයා කතා බහ කළ බවයි.
ජීවත්ව සිටියදීත්, ලෝකයේ සියළු මාධ්‍ය මෙන්ම සියළු ජනකොටස් ද වැඩියත්ම කතාබස් කළ කාන්තාව ඩයනා ය. බොහෝ රටවල පුවත්පත්වලට ඉතා හොද අලුත් ප්‍රවෘත්ති සැපයීමට ඩයනා කුමරිය තරම් අවධානයට යොමු වූ වෙනත් කාන්තාවක් ලෝකයේ නොසිට් බවද කියනු ලැබේ.
ඩිකැමිරොන් හෙවත් දස දවස / dikamiron hewath dasa dawasa

තරගයේ වීරයා | Tharagaye Weeraya

ජිවිතයේ ඔබ නියැලෙන දෙයක තරගයේ වීරයෙක් වෙන්න බලපාන සියලු ක්‍රම සහ විදි එකින් එක හෙළි කරන ප්‍රබල උපක්‍රම වට්ටෝරුවක් වශයෙන් මෙම අගනා කෘතිය හැදින්විය හැක.
තවත් සින්ඩරැල්ලාවක් / Thawath sindarallawak

” අර සුද්දා උඹත් එක්ක කතා කරන්න කැමැතියිලු ” ටික වෙලාවකින් කාන්ති වෙත පැමිණි හෝටල් සේවකයා කී ය. ” තමුසෙ ලෑස්ති සුද්දාට මාව පංගාර්තු කරලා ගාණක් කොටා ගන්නදැ” යි ඇය ඇසුවේ නැත. ඇය ඔහු දෙස රවා බලා දිවගොස් සිය මිතුරියනට එක්වූවා ය. ” ඌ උඹට කැමති ඇති. පලයන් යකෝ. ගිහින් ගාණක් කොටාගෙන වරෙන්. උඹ කෙල්ලක් නොවෙයිනෙ. ඇරත් අපි හිඟන්නියොනෙ බං” රූපවතී කීවා ය. “ඉතින් උඹ පලයකො මට කියන්නෙ. උඹට ඕවා පුරුදුයිනෙ” කාන්ති දෙවුර ගස්සමින් කීවාය. “මේකි කතා කරන්නේ හරියට පත්තිනි අම්මා වගේ. ඌ මං දිහා බලන් නෑනෙ. බැලුවා නම් මං එක පයින් ගිහිල්ලා.”
තිත්ත තොල් | Bitter Lips

ගෑණියෙකුගේ ආසාව මේ විදිහට විවෘත නෑ අරවින්ද. මං සුමේධ එක්ක ඉන්න ආසනං මං ඒක කොහොම හරි කරගන්නවා. ඒක ඔයාට නොදැනෙන්න කරන එකමයි එතනදි මගේ ආසාව වෙන්නෙ. ඊට පස්සෙ ඔයත් එක්ක ඉන්න හැම වතාවකදිම මං ඔයා දිහා බලලා දුක් වෙනවා. එතකොටයි මට ආදරේ හිතෙන්නෙ. ගෑණු ආසාව සෙක්ස්වලින් පටන් ගත්තත් ඉවර වෙන්නෙ ආදරෙන්.
තිස් වසරක දේශපාලනයෙන් බිදක් ( වෙළුම 1 ) | This Wasaraka Deshapalanayen Bindak Vol 1

ටී අන්ද්‍රාදි මහතාගේ 1964 සිට 1994 දක්වා වූ දේශපාලන ජිවිතයේ අත්දැකීම් ඇසුරින් ලියවී ඇත. මෙය පෞද්ගලික අත්දැකීම් පෙළක් වුවත් ලංකා දේශපාලන ඉතිහාසය මතින් ඇවිද යාමක් බදුය.
තිස් වසරක දේශපාලනයෙන් බිදක් ( වෙළුම 2 ) | This Wasaraka Deshapalanayen bindak Vol 2

ටී අන්ද්‍රාදි මහතාගේ 1964 සිට 1994 දක්වා වූ දේශපාලන ජිවිතයේ අත්දැකීම් ඇසුරින් ලියවී ඇත. මෙය පෞද්ගලික අත්දැකීම් පෙළක් වුවත් ලංකා දේශපාලන ඉතිහාසය මතින් ඇවිද යාමක් බදුය.
තීරකයා ඔබයි | Don’t Say Yes When you want to say No

ඔබ එදිනෙදා සමාජ ජීවිතයේදී මුහුණපාන ගැටලු කුමනාකාරද?
ඒ ගැටළු වලට ඇති විසඳුම් මොනවාද ?
පෞරුෂයෙන් හෙබි, සාර්ථක මිනිසකු ලෙස ඔබ ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද ?
අභියෝග ජයගන්නේ කෙසේද ?
කොටින්ම ඔබ ජීවිතයට මුහුණ දෙන්නේ කුමන ආකාරයකින්ද ?
මේ සියල්ල හුදු න්‍යායාත්මක කරුණු වලින් ඔබ්බට යමින්, සරල හා ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් සාකච්ඡා කිරීම මෙම කෘතියේ අරමුණයි.
තෙත්සූයා නම් දුනුවායා | Thethsuya nam dunuwaya

දුන්නෙන් ඉවතට යන හැම හීයක් ම හදවතේ මතකයක් ඉතිරි කරනවා.
එහෙම එකතු වුණු මතක ගොන්න ඔයාව වඩාත් ශූර දුනුවායෙක් කරාවි.
තෝරගත් විශිෂ්ට සෝවියට් කෙටිකතා / thoragath wishishta souwiyat ketikatha

ත්‍රිකාල දණ්ඩන / Thrikala dandana

බුදු හාමුදුරුවනේ යුද්ධය කොළඹට ගේන්න බැරි ඇයි? අපේ ගම්වල මිනිස්සු මිනිස්සු නෙමෙයි ද? පාලකයන්ට අපේ ගම් මායිම් ගම්, මිනිස්සු මායිම් ගම් වැසියෝ. අපි කාටද මායිම් වුණේ? අපි මායිම් ගම් වැටේ පෑමට එල්ලලා උන් කොළඹ රටේ සීත කාමරවල බාල් කනව, ත්‍රස්තවාදියෝ මෙහෙ නිරායුධ අහිංසක මිනිස්සු හිරිකනයි වගේ කපා කොටා මරා දමනව බෝම්බ ගහලා මස් වැදලි කඩාගෙන යනව. සමහර උන් අබ්බගාත වෙනව ජිව්තය බේරාගන්න උන් අනාථ කඳවුරු ඇතුළේ අපාදුක් විඳිනව ඔබ වහන්සේට ඒවා දිහා බලාගෙන ඉන්න පුළුවන් ද? යුද්ධය කොළඹට ගේන්න බැරි නම් නතර කරන්න බැරි ඇයි? කොළඹ රටේ මිනිස්සු මැරෙනවට මාත් කැමති නෑ. ඒත් යුද්ධය නතර වෙන්නේ කොළඹට ගියොත් විතරයි. ඒක ඔබ වහන්සේ කෙරෙහි මගේ හිතේ තියෙන විශ්වාසය තරම් මහා විශාල එකක්. වීරවිජය ගුණසේකර
ත්‍රිත්ව | Thrithwa

ජීවිතය කියන්නේ රහස් ගොඩක් හංඟගෙන ජිවත් වෙලා මැලා යන එක නෙමේ ලුසී. මගේ ජීවිතයේ රහස් නැහැ. තියෙන හැම රහසක් ම මට හෙළි කරන්න පුළුවන්. මම ලෙස්බියන් මේ කතාව කියන්න කලින් මම ලුසීගෙන් ඒ ප්‍රශ්නෙ ඇහුවේ එහෙම කාන්තාවකගේ හැගීම් තේරුම් ගන්න පුළුවත් තවත් එවැනිම කාන්තාවකට විතරක් නිසා
“මට ඒ ගැන හරියට ම පිළිතුරක් දෙන්න බැහැ මිස් යශෝධා”
ඇය එසේ කියත් ම යශෝධා එකපිට එක දමා සිටි ඇයගේ දෙපා වෙන් කර ගත්තා ය. ඒවා පොළොවට සමාන්තරව තබා මඳක් මැත් කර ඉඳ ගත්තාය. ඇයගේ දෙපා අතරින් පෙනෙන ඇය ඇඳ සිටි සුදු පැහැ පෑන්ටිය දෙස බැලු ලුසීගේ දෙනෙත් තුළ දිලිසීමක් ඇති විය. කොළ පැහැ දෙනෙතට සූර්ය කාන්තිය වැටීමේ දී ඇති වෙන දිලිසීම මෙන් ඒවා දිලිසුනෙන් යශෝධා ඒ දෙනෙත් දෙස එක එල්ලේ ම මොහොතක් බලා සිටියා ය. ඉන් පසුව තම දෙපා යළිත් එකපිට එක දමා ගත් ඇය තවත් සියුම් සිනහවකින් මෙසේ පැවසුවා ය.
” මිසිස් ලුසී. මේක ටිකක් අමුතු කතාවක්,
දඩබ්බරයා | Dadabbaraya

ප්‍රේමය යනු
එක් වූවන්ගේ රජ දැක්ම නොවේ ප්‍රේමය යනු
එක් නොවුවන්ගේ හදගැස්මයි…