Showing 697–720 of 1380 results

Shop

ඩයනා ඇගේ කඳුළු කතාව | Diana Her True Story

රු675.00
or 3 X රු225.00 with

ඩයනා කුමරියගේ මරණයෙන් පසුව ඇය පිළිබඳව ලෝකය පුරා කළ කී කතා බහ සහ දක්වන ලද ප්‍රතිචාර තුළින් බොහෝ අය කීවේ ජීවත් වූ ඩයනාට වඩා මියගිය ඩයනා ලෝකය පුරා ජනතාවගේ සිත් සසළ කළ බවයි. ජිවත් වූ ඩයනාට වඩා මිය ගිය ඩයනා පිළිබදව ලෝකයා කතා බහ කළ බවයි.

ජීවත්ව සිටියදීත්, ලෝකයේ සියළු මාධ්‍ය මෙන්ම සියළු ජනකොටස් ද වැඩියත්ම කතාබස් කළ කාන්තාව ඩයනා ය. බොහෝ රටවල පුවත්පත්වලට ඉතා හොද අලුත් ප්‍රවෘත්ති සැපයීමට ඩයනා කුමරිය තරම් අවධානයට යොමු වූ වෙනත් කාන්තාවක් ලෝකයේ නොසිට් බවද කියනු ලැබේ.

ඩිංකි/ dinki

රු315.00
or 3 X රු105.00 with

තරගයේ වීරයා | Tharagaye Weeraya

රු1,125.00
or 3 X රු375.00 with

ජිවිතයේ ඔබ නියැලෙන දෙයක තරගයේ වීරයෙක් වෙන්න බලපාන සියලු ක්‍රම සහ විදි එකින් එක හෙළි කරන ප්‍රබල උපක්‍රම වට්ටෝරුවක් වශයෙන් මෙම අගනා කෘතිය හැදින්විය හැක.

තවත් සින්ඩරැල්ලාවක් / Thawath sindarallawak

රු720.00
or 3 X රු240.00 with

” අර සුද්දා උඹත් එක්ක කතා කරන්න කැමැතියිලු ” ටික වෙලාවකින් කාන්ති වෙත පැමිණි හෝටල් සේවකයා කී ය. ” තමුසෙ ලෑස්ති සුද්දාට මාව පංගාර්තු කරලා ගාණක් කොටා ගන්නදැ” යි ඇය ඇසුවේ නැත. ඇය ඔහු දෙස රවා බලා දිවගොස් සිය මිතුරියනට එක්වූවා ය. ” ඌ උඹට කැමති ඇති. පලයන් යකෝ. ගිහින් ගාණක් කොටාගෙන වරෙන්. උඹ කෙල්ලක් නොවෙයිනෙ. ඇරත් අපි හිඟන්නියොනෙ බං” රූපවතී කීවා ය. “ඉතින් උඹ පලයකො මට කියන්නෙ. උඹට ඕවා පුරුදුයිනෙ” කාන්ති දෙවුර ගස්සමින් කීවාය. “මේකි කතා කරන්නේ හරියට පත්තිනි අම්මා වගේ. ඌ මං දිහා බලන් නෑනෙ. බැලුවා නම් මං එක පයින් ගිහිල්ලා.”

තිත්ත තොල් | Bitter Lips

රු1,120.00
or 3 X රු373.33 with

 

ගෑණියෙකුගේ ආසාව මේ විදිහට විවෘත නෑ අරවින්ද. මං සුමේධ එක්ක ඉන්න ආසනං මං ඒක කොහොම හරි කරගන්නවා. ඒක ඔයාට නොදැනෙන්න කරන එකමයි එතනදි මගේ ආසාව වෙන්නෙ. ඊට පස්සෙ ඔයත් එක්ක ඉන්න හැම වතාවකදිම මං ඔයා දිහා බලලා දුක් වෙනවා. එතකොටයි මට ආදරේ හිතෙන්නෙ. ගෑණු ආසාව සෙක්ස්වලින් පටන් ගත්තත් ඉවර වෙන්නෙ ආදරෙන්.

තිස් වසරක දේශපාලනයෙන් බිදක් ( වෙළුම 1 ) | This Wasaraka Deshapalanayen Bindak Vol 1

රු360.00
or 3 X රු120.00 with

ටී අන්ද්‍රාදි මහතාගේ 1964 සිට 1994 දක්වා වූ දේශපාලන ජිවිතයේ අත්දැකීම් ඇසුරින් ලියවී ඇත. මෙය පෞද්ගලික අත්දැකීම් පෙළක් වුවත් ලංකා දේශපාලන ඉතිහාසය මතින් ඇවිද යාමක් බදුය. 

තිස් වසරක දේශපාලනයෙන් බිදක් ( වෙළුම 2 ) | This Wasaraka Deshapalanayen bindak Vol 2

රු360.00
or 3 X රු120.00 with

ටී අන්ද්‍රාදි මහතාගේ 1964 සිට 1994 දක්වා වූ දේශපාලන ජිවිතයේ අත්දැකීම් ඇසුරින් ලියවී ඇත. මෙය පෞද්ගලික අත්දැකීම් පෙළක් වුවත් ලංකා දේශපාලන ඉතිහාසය මතින් ඇවිද යාමක් බදුය.

තීරකයා ඔබයි | Don’t Say Yes When you want to say No

රු810.00
or 3 X රු270.00 with

ඔබ එදිනෙදා සමාජ ජීවිතයේදී මුහුණපාන ගැටලු කුමනාකාරද?

ඒ ගැටළු වලට ඇති විසඳුම් මොනවාද ?
පෞරුෂයෙන් හෙබි, සාර්ථක මිනිසකු ලෙස ඔබ ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද ?
අභියෝග ජයගන්නේ කෙසේද ?
කොටින්ම ඔබ ජීවිතයට මුහුණ දෙන්නේ කුමන ආකාරයකින්ද ?
මේ සියල්ල හුදු න්‍යායාත්මක කරුණු වලින් ඔබ්බට යමින්, සරල හා ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් සාකච්ඡා කිරීම මෙම කෘතියේ අරමුණයි.

තුමුල ප්‍රේමය | Thumula Premaya

රු855.00
or 3 X රු285.00 with

“මට ඔයාලව තම්බුණේ ෆස්ට් ඉයර් එකේ. එදා ඉඳන් විටින් විට මම ඔයාලව දැක්කා. ඔයාලා හැදෙන විදිහ අපි බලාගෙන හිටියා. ඔය ළමයින්ට දවසක කියන්න කතාවක් තියෙන්න ඕනි කියලා මම මේ පන්තියට ආව මුල්ම දවසෙම මම ඔයාලට කිව්වා. ඒ වගේම ඔයාලා හැමෝම ඒ කතාව අඩු වැඩි විදිහට තමන්ගේ ක්‍රමයකට හදාගත්තා.

හැබැයි… අදින් පස්සේ මම කියන ඒ කතාව මම වෙනස් කරනවා. නෙත්මි කියලා ළමයෙක් මේ කැම්පස් එකේ 2021/2022 බැච් එකේ හිටියා. අන්න ඒ ළමයා මේ කැම්පස් එකේ කළමනාකරණ පීඨයේ ඉතිහාසය අලුතින් ලියන්න උත්සාහ කළා. අන්න ඒ වගේ කතාවක් දවසක ඔයාලටත් තියෙන්න ඕන.

අදින් පස්සෙ මම අලුත් ළමයින්ට කියන කතාව ඔය විදිහට වෙනස් වෙයි. ඒක එහෙම වෙන්නම ඕන. මොකද, නෙත්මි කරපු කැප කිරීම සාමාන්‍ය එකක් නෙවෙයි. එයා මෙතනට ආවෙ අයිලන්ඞ් රෑන්ක් ෆස්ට් වෙලා නෙවෙයි. ඒත් එයා මෙතනින් යන්නෙ අයිලන්ඩ් රෑන්ක් ෆස්ට් වුණ කෙනෙකුටවත් කරන්න බැරි වුණ වැඩක් කරලා.”

තෙත්සූයා නම් දුනුවායා | Thethsuya nam dunuwaya

රු552.50
or 3 X රු184.17 with

දුන්නෙන් ඉවතට යන හැම හීයක් ම හදවතේ මතකයක් ඉතිරි කරනවා.

එහෙම එකතු වුණු මතක ගොන්න ඔයාව වඩාත් ශූර දුනුවායෙක් කරාවි.

ත්‍රිකාල දණ්ඩන / Thrikala dandana

රු1,440.00
or 3 X රු480.00 with

බුදු හාමුදුරුවනේ යුද්ධය කොළඹට ගේන්න බැරි ඇයි? අපේ ගම්වල මිනිස්සු මිනිස්සු නෙමෙයි ද? පාලකයන්ට අපේ ගම් මායිම් ගම්, මිනිස්සු මායිම් ගම් වැසියෝ. අපි කාටද මායිම් වුණේ? අපි මායිම් ගම් වැටේ පෑමට එල්ලලා උන් කොළඹ රටේ සීත කාමරවල බාල් කනව, ත්‍රස්තවාදියෝ මෙහෙ නිරායුධ අහිංසක මිනිස්සු හිරිකනයි වගේ කපා කොටා මරා දමනව බෝම්බ ගහලා මස් වැදලි කඩාගෙන යනව. සමහර උන් අබ්බගාත වෙනව ජිව්තය බේරාගන්න උන් අනාථ කඳවුරු ඇතුළේ අපාදුක් විඳිනව ඔබ වහන්සේට ඒවා දිහා බලාගෙන ඉන්න පුළුවන් ද? යුද්ධය කොළඹට ගේන්න බැරි නම් නතර කරන්න බැරි ඇයි? කොළඹ රටේ මිනිස්සු මැරෙනවට මාත් කැමති නෑ. ඒත් යුද්ධය නතර වෙන්නේ කොළඹට ගියොත් විතරයි. ඒක ඔබ වහන්සේ කෙරෙහි මගේ හිතේ තියෙන විශ්වාසය තරම් මහා විශාල එකක්. වීරවිජය ගුණසේකර