Showing 697–720 of 1347 results
Super Reader Week Sale
📚 Super Book Readers Weekly Sale Alert! 🚀 Immerse yourself in a world of literary treasures at [YourWebsite.com]. 🌈 Uncover thrilling stories, heartwarming tales, and more, all at irresistible prices! 🎉 Don't miss out—explore now and let the reading adventures begin!
Shop
දිස්පරයු | Disparue

2019 වසරේ ජූනි මස 12 වැනිදා උදෑසන පැරිස් නගරයේ 13 ප්‍රදේශයේ පොලිසියට ලැබුණු ඇමතුමකි. වැඩි දුරක නොපිහිටි, ජේම්ස් ජොයිස් උද්‍යානයේදී තම තුන් හැවිරිදි දියණිය අතුරුදන් වුණු බව ඇමතුම දුන් මිනිසා කියා සිටියේය. තත්පර පනස් හතරක කාලයකට මිනිසාගේ දෙනෙත් පියවී තිබුණු මොහොතේ, දරුවා අතුරුදන්ව ඇති බව පොලිසිය සොයාගත්හ. කෝසල සමරසිංහගේ එකම දියණිය තාදි, ඒ අයුරින් අතුරුදන් විය.
තත්පර පනස් හතරක කාලයක් තුළ ඇය අතුරුදන් වූයේ කෙසේද?
දින දෙකක් පුරාවට දිගහැරෙන, තාදි සොයා යාමේ මෙහෙයුමයි මේ… පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ ප්‍රධානී, නතාලි මුණියේ සහ ඇගේ කණ්ඩායම ‘තාදි සමරසිංහ අබිරහස’ කෙසේ විසඳනු ඇත්ද?
දුවකගේ කඳුළු | Duwakage Kandulu

සුරංගී ට දුක හිතුණා. අකුරු පේළියක් පත් ඉරු මතට කඩා වැටුණා. අකුරු පේළි මත ඇහැ යවනා අපටත් ඒ දුක දැනුණා. ජීවිතය නම් මේ යැයි සිතුණා.
දුවට කියන කතාවක් | Duwata kiyana kathawak

දේශපාලන ආර්ථිකය පිළිබඳ දැනුම සමාජගත නොකළහොත් ජනතාවට සිදු වන්නේ සුරාකෑමට සහ ආර්ථික විෂමතාවට ගොදුරු වී පීඩිතව රූපවාහිනි තිරවල ඊනියා ආර්ථික විශේෂඥයන්ගේ ගැඹුරු නොතේරෙන වාක්‍ය ඛණ්ඩ දෙස බලා සිටීමටයි.
මෙම අර්බුදයට විසඳුම් සෙවීය හැක්කේ වැඩකරන ජනතාව, කම්කරුවන්, ගොවීන්, ධීවරයන් ආර්ථිකය මෙහෙය වීම සඳහා සක්‍රීයව සම්බන්ධ වීමෙනි. ඒ සඳහා දේශපාලන ආර්ථිකය සම්බන්ධයෙන් පොදු ජනයා ප්‍රවීණත්වය ලබා ගැනීම අත්‍යවශ්‍ය පුර්ව කොන්දේසියයි.
දෙයියන්ගේ ඇතා | Deiyange Etha

දහනව වන සියවසේ මුල් භාගය වන විට ලක්දිව රජ කිරීමේ වරම පැවතියේ ඉන්දියානු නායක්කර් වංශය නොහොත් වඩුග පෙළපත වෙතය. එම වකවානුවේ මෙරට මුහුදුබඩ පළාත් පාලනය කරන ලද්දේ ඉංග්‍රීසීන් විසිනි. වඩුග ආධිපත්‍යයෙන් සිංහලේ ගලවාගැනීම උදෙසා ඇහැළේපොළ අදිකාරම් යුද ප්‍රකාශ කරන්නට කැස කවමින් සිටියේය. අනෙක් අතට, සෙංකඩගල පුරය ආක්‍රමණය කරන්නට උනන්දුවෙන් සිටි ඉංග්‍රීසීන්ගේ අතකොලුවක් ලෙස සැලකුණු ඇහැළේපොළ පාර්ශ්වය වනසා දැමීම සඳහා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිඹුරුපත් සකසමින් සිටියේය. මේ දෙපාර්ශ්වයම පෙනී සිටියේ එකිනෙකාගෙන් ‘රට-ජාතිය ගලවා ගැනීමේ’ යුග මෙහෙවර සඳහාය.
අළු යට ගිනි පුපුරු මෙන් රදලයන් අතර යුද්ධයක් ඇවිළීමට හේතු කාරණා මතුවෙමින් පවතින අතරතුර, ඇහැළේපොළ අදිකාරම් යටතේ පැවති සබරගමුවේ එක් ගම්මානයකට දළ ඇතෙක් කඩා වැදුණේය.
මේ ඒ හස්තියා පිළිබඳ කතාවයි.
දෙයියෝ තමයි දන්නේ | Deiyo thamai Danne

දෙවන වේදිකාව / Dhewana Wedikawa

“කවුද ඒ?”
“අඳුනන කෙනෙක්. ‘
ඒ බව දන්නවා. අඳුනන්නේ නැත්නම් කතා කරන්නෙ නැහැනෙ.”
බිම වැටී තිබුණු නෙළුම් මල් අංජන දෙපයින් පාගා පොඩි කර
දැමුවේය.
” මම ගිහින් මල් ගෙන්නද?”
” ඔන නෑ. යමු ගෙදර. ”
” ඇයි වඳින්නෙ නැද්ද? ”
“ຫ”
“ຊາຜີ?”
* වන්දනා කරගෙන හිටිය පිළිමෙත් මට එරෙහි වෙලා හින්දා. මගේ ජංගම දුරකථනය නාද වන හඬ ඇසුණ ද එය අතට ගන්නට පවා මම බියවීමි.
” ගන්නෙ නැද්ද? සරෝජ් කතා කරනවා වෙන්නැති.”
බොහෝ වේලාවක් හඬ තැලූ දුරකතනය අනතුරුව නිහඬ විය.
” දැන් කොහේද යන්න ඕන?”
” ගෙදර.”
” කාගෙ ගෙදරද? ”
” අපේ ගෙදර. ”
“අපේ ගෙදර කිව්වේ දැන් ජිවත් වෙන ගේ නම් ඒක වැරදීමක්. ඒ මගේ ගෙදර. මම දුක් මහන්සි වෙලා මහා මුදල් කන්දරාවක් යට කරලා හදාගත්ත මගේ ගෙදර.”
දෙවරක් පෙරන ලද පිරිත් පැන් | Dewarak perana lada pirith pan

මුවහතෙන් නෙව නොපිටින් වුව පිහියකට මිනීමැරුමක් කරතැකි
ඊයම් බරු වගේ උනත් ප්‍රේමයත් කවියකින්. දෙවරක් පෙරුවැකි
දෙවැනි ගැහැනිය / Deweni Geheniya

“මම යනවා.” ඇගේ සැමියා කීවේය.
මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධිරාජ්‍යයක සැරිසරයි; ගමන් බිමන් යයි. වස ගත කරයි. ඇයත් සමඟ නින්දට යයි.
ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.
තවත් අයුරකින් මේ ප්‍රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකිය.
අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය.
මේ, ඒ කතාවයි…
දෙවොලක ඉරණම | Dewolaka Iranama

ඒ ක්‍රිස්තු වර්ෂ 6 වැනි ශත වර්ෂයයි. ඒ වන විට ඊජිප්තු භූමිය පුරා ක්‍රිස්තියානි ආගම පැතිරි තිබිණි. පුරාණ ආගමික චාරිත්‍ර ඉටු කරනු ලැබුවේ, ‘ෆිලේ’ පුජනීය දිවයිනේ පිහිටි ඉපැරණි දෙවොලේ පමණි.
ෆිලේහි රූමත්, තරුණ, ප්‍රධාන පූජකවරිය වූ අයිසිස් තම ප්‍රජාවගේ ආත්ම විශ්වාසය රැකගනිමින්, ඔවුන්ට ජීවය දෙමින් දෙවොල රැක ගැනීමට කැප වී සිටියාය. දෙවොලේ ප්‍රධාන පූජක වූ සැබ්නි හා එක්ව, බල සම්පන්න බිෂොප්, තියඩෝර්ට එරෙහිව නැගී සිටින්නට ඇය ක්‍රියා කළාය.
එහෙත්, ඊජිප්තු භුමියේ උතුරේ සිට දකුණ දක්වාම නැගී එන විරෝධය හමුවේ ෆිලේ දෙවොල මත පතිත වන භීෂණය දිනෙන් දින උග්‍ර විය. සැම අතින්ම දෙවොලට එල්ල වූයේ දැඩි බලපෑමකි. තම ප්‍රජාවත් සැබනිත් සමඟ එක්ව එම අභියෝගයන්ට මුහුණ දෙන අයිසිස්ට දෙවොලෙහි ඉරණම වෙනස් කළ හැකි වේද?
ධර්මෝන්මාදයෙන් ඔද වැඩුණු පිරිසකගේ හිංසනයට ලක්වන අයිසිස් ඇතුළු ෆිලේ ප්‍රජාවට අත්වන ඉරණම කුමක් විය හැකි ද? ඒ වෘත්තාන්තය අසන්නට පා තබන්න, පුජනීය දිවයිනේ පිහිටි සිල් දෙවොල තුළට ! අදටත් අලංකාරව, සැදැහැතියන් සනහන ෆිලේ දෙවොල තුළට!
දෙසිතක පිපි මල් / Desithaka pipi mal

“ලීනා සෑන්ඩ් කාසල් එකක් හදන්නෙ නැද්ද?”
“.”
“ඇයි?”
“රැල්ලක් ආව ගමන් ඒවා මුහුදට හේදිලා යනවා.
” පරෙස්සමෙන් හැදුවොත් එහෙම වෙන්නෙ නෑ.*
” වැල්ලෙ මොන පරෙස්සමක්ද අංකල්? හිටිගමන් මහා හයියෙන් රැල්ල ගහනවා.”
” ඔව්. ජීවිතෙත් එහෙම තමයි ලීනා.*
” මං ඔයාට දරුවෙකුට වගේ ආදරෙන් කියන්නෙ. මොකද ඔයා හොඳම හොඳ ළමයෙක් නිසා. ජීවිතේ ඒ වගේම විවාහය කියන දේවල් හරියට අපි වැල්ලෙ හදන වැලි මාළිගා වගෙයි. අනපේක්ෂිත විදියට ප්‍රශ්න එනවා. ඔයා තවම පුංචි ළමයෙක්. අවබෝධෙන් ජීවිතේට මුහුණ දෙන්න ඕන.”
දොන් කිහොතේ 1 | Don Quixote

මීට සියවස් හතරකට පෙර ලියැවුණු ‘දොන් කිහොතේ’ නවකතාව තවමත් ස්පාඤ්ඤ සාහිත්‍යයේ මුදුන් මල්කඩ වශයෙන් සම්භාවනාවට පාත්‍ර වීම සුවිශේෂයි. එදා මෙදා තුර බිහි වූ වඩාත් විනෝදාත්මක වික්‍රම චාරිකාව වීමට අමතරව, අසරණසරණ ප්‍රේමය සහ වික්‍රමාන්විත පුරුෂාධිපති සාහිත්‍ය සම්ප්‍රදාය පිළිබඳ විශිෂ්ටතම හාස්‍යානුකරණය වශයෙන්ද මේ කෘතිය ලෝකය පුරා ප්‍රශංසාවට ලක්වෙයි. එසේම, ලෝකයේ සෑම සාහිත්‍ය ධාරාවක් කෙරෙහිම ඒ මගින් පතුරුවා ඇති බලපෑමත් අද්විතීයයි.
එයින් නිර්මාණාත්මක ආවේශය ලැබූවන් අතර, ලතින් ඇමරිකානු ස්පාඤ්ඤ සාහිත්‍යයේ දැවැන්තයන් වන ගබ්රියෙල් ගාර්සියා මාර්කේස් සහ මාරියෝ වර්ගාස් යෝසා සේම, ලෝකයේ වෙනත් සාහිත්‍ය කලාප නියෝජනය කරන ෆ්‍රාන්ස් කෆ්ලි, ගෝර් විදාල්, හරුකි මුරකාමි, ජෝසප් කොන්රඩ් සහ මිලාන් කුන්දේරා වැන්නෝද වෙති.
සිනමාවට නැඟී ඇති මෙම කෘතිය ලෝකයේ ප්‍රධාන භාෂා සියල්ලටත්, තවත් භාෂා හතළිහකට අධික සංඛ්‍යාවකටත් පරිවර්තනය වී තිබේ.
දොරකඩ දෙවොල | Dorakada Dewola

අනිත්තෙක නාමලියො.. මේ එක තත්පරේකටවත් ජීවිතේ අංග සම්පූර්ණයි කියලා හිතන්ඩ එපා.මේ මනුස්ස ජීවිතේ වැරදෙන එවුවා අනන්තයි. කෙණෙහෙලිකම් මදිපුංචිකම්, සතුරු පීඩා අනන්තයි අප්‍රමාණයි. බුදු හාමුදුරුවන්ටත්… හින්දා අපහාස, කරදර තිබිබ්බ එකේ.. උඹල අපි කව්ද බං?
* නැන්දම්මට නම් කියන්ඩ බැරියැ… විදවලානෙ බලන්ඩ ඕනෙ..
” උඹ ඔය තාම තරුණ හින්දා ඔහොම කියන්නෙ තාම උඹේ තණ්හාව තියෙනවා ඩාවිතාට. ඔය පැටලෙන්නෙ අන්න ඒක හින්දා.. ඒත්.. මේ අපි වාගේ වයසට ගිහාම උඹටම තේරෙයි. ඔය පොර අල්ලලා තියෙන්නෙ කිසිම වැදගැම්මකට නැති කාර්යකට කියලා..
ධර්මසිරි සිනමාවලෝකනය | Dharmasiri Sinamawalokanaya

වම් ඉවුරේ සිනමා ත්‍රිතත්වයෙන් අද්‍යතනයේ ජිවත්ව සිටින එකම සිනමාකරුවා ධර්ම සිරි බණ්ඩාරනායකයි.
හංස විලක් (1980) තුන්වෙනි යාමය (1985) සුද්දිලාගේ කතාව (1985) බව දුක සහ බව කර්මය (1997) යනු සංඛ්‍යාත්මකව සිනමාකෘති
පහක් පමණක් වුවත්, එම සිනමාකෘති විසින් ශ්‍රී ලාංකික සිනමාව තුළ
ඇති කළ බලපෑම සහ කතිකාව සුළු පටු නොවේ.
එහෙත් ඔහුගේ එම සිනමාත්මක මැදිහත් වීම තරම් සිනමා සාහිත්‍යයක් ඔහුගේ සිනමාව වෙනුවෙන් නොලියවුණු නිසාම මෙම කෘතිය එම අඩුව පිරවීම ආරම්භ කරනු ඇත.
ධවල තල්මසාගේ කතා පුවත / dawala thalmasage katha puwatha

ධවල මෝහිනී | Dhawala Mohini

දෛනික ජීවිතයේ ප්‍රායෝගික දොර කවුළු තුළින්ම අද්භූතත්වය පැන නගින බව ප්‍රංශ ජාතික හේනර් ලෆබ්රා කීවේය. අවිදග්ධ, හා ආවේගකාරී. මුග්ධ දේශපාලනයේ රෞදු හිංසන සඳහා කිසිදු කර්ම ණයක් නැතිවන ලෙස දේශපාලකයා ඊනියා ආගමේ පුද පිළිවෙත් හි ගැළෙයි. ගුප්තත්වය, අඳුර තුළින් පැන නගින නිසා කළ දේ පල දෙන්නේද අඳුරේදී විය හැකි යයි, බලවත්තු සිතති. ඒ නිසා ඔවුහු රාත්‍රිය ද ඒකාලෝක කරති. එවිට ඒ ගුප්ත කර්ම විපාකය, ඔවුන්ගේ ආලෝකය තුළම මතුවෙයි. ධවල මෝහිනී ඒ, ලොමු දැහැ ගන්වන වෘත්තාන්තයයි.
ධූමලාවණ්‍යාගාරය | Dhoomalawanyagaraya

කොළඹ කොටුවෙ පස්ස පැත්ත ගිනි අරගෙන දුං දානවා
ටිකිරි කුමරු හිනා වෙවී අලුත් වෙඩිල්ලක් කොටනවා
ඉලක්කයට වෙඩි තිබ්බොත් ඉලක්කයක් නැතුව යනවා
ඕං ටිකිරො ඒක හන්දා මං අහකට වෙඩි තියනවා
ධ්‍යාන / Dyana / ද්‍යාන

ඉංග්‍රීසි ජාතික පීටර් බෙට්ස්, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ උපාධිධරයෙකු වී සුළු කළකට පසු, අචාන් බ්‍රහ්මවංසෝ නමින් පැවිදි බිමට පිවිසියේය. අචාන් චා තෙරුන් වහන්සේ යටතේ ආරණ්‍ය භාවනා සම්ප්‍රදාය පිළිබඳ නව වසරක පුහුණුවක් ලද උන්වහන්සේ දැනට, ඕස්ට්‍රේලියාවේ බෝධිඤාන ආශ්‍රමයේ අධිපති ධූරය දරමින් උතුම් ආගමික හා සාමාජික සේවයක නිරතව සිටිති. උන්වහන්සේගේ දර්ශනයත්, ජනතා සේවයත් වෙනුවෙන් 2004 දී ජෝන් කර්ටින් පදක්කම ප්‍රදානය කරන ලදී.
නමක් නැති මිනිසුන්ගේ සුසානය | Namak nathi minisunge susanaya

ලූනු ගෙඩියක් වගේ පල්ලියේ කොත පෙනෙන,
ඒකටම වහංවුණු මුරුග ගති ඇති පොලිස් කූඩුවෙ ලකුණ කුදු දුරට නොපෙනෙන
ගමම හුරංකන අසමජ්ජාති ගම්පතියා
ජාතියයි ආගමයි යුද්දබටයොයි පෙන්නලා
රවට්ටං හරි, බයකරං හරි ඉන්න…
…මට එන්ඩ බැරි
ඔබ වෙසෙන කුඩා ගම…