Showing 721–744 of 1347 results
Super Reader Week Sale
📚 Super Book Readers Weekly Sale Alert! 🚀 Immerse yourself in a world of literary treasures at [YourWebsite.com]. 🌈 Uncover thrilling stories, heartwarming tales, and more, all at irresistible prices! 🎉 Don't miss out—explore now and let the reading adventures begin!
Shop
නවීන ගුණසේන – ෆිලිප් ලෝක සිතියම් පොත

සිතියම්කරණය පිළිබඳ ලෝක පූජිත, වර්ෂ 1834 දී එක්සත් රාජධානියේ ආරම්භ කළ, ජෝර්ජ් ෆිලිප් සමාගම, බ්‍රිතාන්‍ය රාජකීය තාරකා විද්‍යා සංගමය සමග එක්ව ප්‍රකාශයට පත් කෙරෙන Philip Modern Atlas හි සිංහල සංස්කරණය, ‘නවීන ගුණසේන – ෆිලිප් ලෝක සිතියම් පොත’ ලෙස මෙසේ ඔබ අතට පත් වෙයි. මෙය ඉංග්‍රීසි බසින් පළ වූ Philip Modern Atlas හි 100 වැනි සංස්කරණයේ සිංහල අනුවාදය වන අතර අතර ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව සමග යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකා සිතියම් රැසක් ද මෙහි අන්තර්ගත වේ. පිටු 184කින් සමන්විත මෙය දේශපාලන, භෞතික, දේශගුණ, තේමා සිතියම්, ජනගහනය, භූමි පරිභෝජනය, වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය, බලශක්තිය, ධනය වැනි විවිධ මාතෘකා යටතේ වෙන් වෙන් වශයෙන් විස්තර කෙරේ. විශේෂයෙන් තේමා සිතියම්වල දී යමහල් ක්රියාකාරීත්වයේ සිට ජනගහන ප්රවණතා දක්වා සාකච්ඡා කෙරේ. නවීන චන්ද්‍රිකා ඡායාරූප ඔස්සේ ලෝකය, පරිසරය සහ වෙනස්වන නාගරීකරණය ඔස්සේ සිදු කෙරෙන විශ්ලේෂණ පාසල් සිසුන්ගේ සිට විශ්ව විද්‍යාල සිසුන් දක්වා අතිශයින් ප්‍රයෝජනවත් ය. පරිශීලනය කරන්නාට පහසු වනු පිණිස සිතියම් පොතේ ප්‍රධාන මාතෘකා බෙදා දැක්වීම සඳහා වෙන් වශයෙන් වර්ණ තේමාවන් භාවිත කොට තිබේ. එමෙන්ම සිතියම් අධ්‍යයනයේ දී අතිශයින් වැදගත් වන පරිමාණය, අක්ෂාංශ සහ දේශාංශ, සිතියම් ප්රක්ෂේපණ සහ භූගෝලීය තොරතුරු පද්ධතිය (Geographical Information Systems – GIS) පිළිබඳව ද ප්‍රාමාණාත්මක හැඳින්වීමක් මෙහි අන්තර්ගත ය.
නා ගස උඩ | Na gasa uda

වැවේ අනිත් කෙළවරේ තවමත් මාළුන්ට මාන බලන කොකෙක් දිහා මම බලාගෙන හිටියා. ඌ එක එල්ලේම වැවේ මාළු දිහා බලාගෙන ඉන්නවා. තව තැනක දියකාවෙක් එකපාරටම වතුර යටට ගිහින් ඊට ටික දුරකින් මතු වෙලා අහසට පියාඹගෙන ගිය හැටි මට මහා පුදුමයක් වුණා. දියකාවාට එහෙම වතුර යටට ගිහින් උඩට එන්න පුළුවන් වූණාට අම්මට එහෙම වතුර යට ගිහින් උඩට එන්න බැරිව ගියා. එකපාරටම අම්මා ජබු ගහන සද්දෙ වැඩි වුණා. ඒ සද්දෙට මාළුන්ට මාන බල බල හිටිය කොකත් කලබල වෙලා ඉගිල්ලිළා ගියා.
නාරි සුඛ | Nari Sukha

කෙටි කතාවක් ලිවීම කලාත්මක භාවනාවක් වන තරමට ආස්වාදයක් ලද හැකි කටයුත්තකි. එය නවකතාවක චරිත ගොඩනඟනවාට වඩා සියුම් මෙන් ම භාරදූර අභ්‍යාසයකි. මුල සිට අග දක්වා ම එක දිගට ගලා යන සිද්ධි හා චරිත කිහිපයක් නවකතාවක චිත්රණය කළ හැකි වුව ද, කෙටි කතා ලිවීමේ දී එවැනි නිදහසක් භුක්ති විඳිය නොහැකි ය. සැම කෙටි කතාවකින් ම අලුත් සිද්ධි දාමයක් නිරූපනය වෙයි; එකිනෙකට වෙනස් චරිත අප හා එක් වෙයි. ඒ මඟින් සාධූන් මෙන් ම සමාජයේ පවුකාරයන් ලෙස ගැරහුම් හා නින්දා ලබන අය වෙත ද එක සේ මෙත් සිත පැතිරවිය යුතු ය. ඒ නිසා ම කෙටි කතා රචනයේ දී ගෑනුන් ගේ ද පිරිමින් ගේ ද චරිත චිත්රණය කෙරිය යුත්තේ එක්තරා කලාත්මක ශික්ෂණයකිනි. මෙහි එන කතාවල චරිත, වරෙක සාධු ගුණ, දයානුකම්පාව, සන්තුෂ්ඨිය, ප්‍රහර්ෂය ස්පර්ශ කරන අතර තවත් වරෙක තරහව, දුෂ්ටත්වය, රකුස් ගති, සල්ලාලකම, බේබදුකම වැනි මානුෂික ගති පුරුදු වලින් ද හොබනේ වෙයි.
ඒ සියලු දෙනා ම අන්තිමේ දී මනුෂ්‍යත්වය නමැති එක ම කුලකයකට ඇතුල් කිරීමට මම මෙහි දී වෑයම් කළෙමි.
නාසීන්ගේ නැගීම සහ බිඳවැටීම | Nasinge nageema saha bida wateema

ඔස්ට්ර්රියාවේ ධනවත් යුදෙව් පවුලක මෙහෙකාරියක ලෙස සේවය සළ මාර්තා නැමැති තරුණියක එහි යුදෙව් පවුලේ තරුණයකු අතින් දූෂණයට ලක්ව 1837 දී පුතකු වැදුවාය. ඔහු නමින් ඇලොයිස් නම් වූ අතර හෙතෙම ඇඩොල්ෆ් හිට්ලර්ගේ සීයා වූයේ ය.
ඇඩොල්ෆ් හිට්ලර් කුඩා කාලයේ ඉගෙනුම ලැබුවේ යුදෙව් සිසුන් සමඟිනි. එකල යුදෙව්වෝ යුරෝපය තුළ සමෘද්ධිමත් ජීවිත ගත කළේය. යුදෙව් සිසුන් හා සන්සන්දනය කිරීමේ දී හිට්ලර් ඉගෙනීමට ද පසුබට වූයේ ය. බුද්ධිමත් වූ ද, විශිෂ්ට වූ ද යුදෙව් සිසුන් සමග මානසික වශයෙන් හිට්ලර් විෂයෙහි ගැටුමක් නිර්මාණය වෙමින් පැවතියේය.
මෙකී හේතු කාරණා පසුකලෙක හිට්ලර් තුළ යුදෙව් විරෝධී පෞරුෂයක් ගොඩනැංවීමට හේතු වූයේ ය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ යුරෝපය පුරා යුදෙව් ජාතිකයින් ලක්ෂ හැටක් පමණ හිට්ලර් විසින් කුරිරු ලෙස ඝාතනය කරවීම ය.
හීනමානී මෙන්ම උන්මාදී පෞරුෂයකට හිමිකම් කියූ හිට්ලර් ස්වකීය ඉලක්ක ජයග්‍රහණය කරවනු සදහා ජර්මන් රාජ්‍යයේ බලයට ඉව ඇල්ලුවේ ය. ඉතා සියුම් කපටි ඥානයකින් හෙබි හෙතෙම උපක්‍රමශීලී ලෙස ජර්මනියේ බලය පැහැර ගත්තේ ය.
හිට්ලර් විසින් සිය දේශය ගලවාගනු ඇතැයි ඔවුහු විශ්වාස කළෝ ය. එහෙත් සමස්ත ජර්මන් ජනතාවගේ බලාපොරොත්තු බිඳ දමමින් හෙතෙම ජර්මනිය මතු නොව සමස්ත යුරෝපයම අමු සොහොනක් බවට පත් කළේ ය.
නැන්දම්මාගේ ඩයරිය | Nendammage Diariya

”අද නම් මහ සවුත්තු දවසක්. අපේ ලේලි පොඩ්ඩ උඩප්පරං ගහගෙන පඬි පෙළේ එන්න ගිහින් අයිනේ තියලා තිබුණ මගේ මල් පෝච්චියට පයින් ගහලා. ඒක කුඩේ කූඩු දෙයියනේ පරම්පරා ගාණක් තිබුණ මල් පෝච්චිය. මම දීග එද්දී මෙහෙට ගෙනාවේ. මම කිව්වෙ මේකිගේ නම මනිෂා නිස්කලංකා වුණාට ගේ ඇතුළෙ ඇවිදින්නෙත් කතරිනා සුළි කුණාටුව වගේ. ඕකිගෙ ඇඟේ හැපුණොත් මාව විසික්කා වෙලා බිත්තියේ ඇලෙනවා. කොයි වෙලේවත් හෙමින් ගනක් නැ අන්තිමට අර පරම්පරා ගාණක් තිබුණු පෝච්චිය බිඳලා දැම්මා තියෙන කුලප්පුවට. පුතාට විතරක් නෙවේ. මේකිගෙන් මටත් අපලයිද කොහෙද”
නැවතුම් නැති ජීවිතේ | Nawathum Nathi Jeewithe

අතපය නැතිව ඉපැදුණු නික් සිය ජීවිතය ජය ගත් අන්දම පෙන්වා දෙමින් ලියූ පළමු පොත ‘සීමා නැති ජීවිතේ‘ ලොව පුරා අළෙවි වාර්තා තැබීය. මේ ඔහුගේ දෙවැනි පොත යි. සුබවාදී ආකල්ප හා ජීවිතය ජය ගැනීමේ මග පිළිබඳව දේශන පවත්වමින්, ලොව පුරා ආදරය හා භක්තිය බෙදා හදා දෙන නික් අපේ ජීවිත ජය ගැනීම සඳහා සිය අත්දැකීම් ගණනාවක් මේ පොත ඔස්සේ අපට පෙන්වා දෙයි. නොහැකියාවන් හැකියාවන් බවට ද, අසම්පූර්ණත්වය පරිපූර්ණත්වය බවට ද, පරාජයන් ජයග්‍රහණ බවට ද හරවා ගැනීමේ සූත්‍රයයි ‘නැවතුම් නැති ජීවිතේ‘.
නිකොලායි ගෝගොල් තොරාගත් කෙටි කතා / nikoloyi gogol thoragath keti katha

නිතිය යුක්තිය සහ අදිකරණය | Nithiya Yukthiya saha Adhikaranaya

නිදන් දූපත | Nidan Duupatha

මෙය විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ Treasure Island නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනයකි. නිධානයක් ඇති දූපතක සිතියමක් අතැතිව ඒ දූපතට ගමන් කරන තරුණයකු පිළිබඳ කතාවකි. නමුත් එකම ගැටලුව නම් නැවේ මුහුදු කොල්ලකරුවන් සිටීම සහ ඔවුන්ට නිධානය අවශ්‍ය වීමයි. තරුණයාට ඔහු සොයන නිධානය හමුවෙයිද? ඔහු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවේද?
නිදොස්මි නිදහස්මි | Nidosmi Nidahasmi

ගැහැනියකගේ දෑසින් කඳුළු ගලන්නේ එක සීමාවක් දක්වා පමණි. ඒ සීමාව විසින් ඈ දූවිලි තරම් අංශුවලට බිඳ දමන නමුත් එක මොහොතක් තුළ ඇයව පූර්ණව ප්‍රතිනිර්මාණය කරයි. නැවත ඇය කිසිදාක හඬා වැටෙන්නේ නැත.
සමාජය විසින් බලෙන් කරගැස්වූ සීමාවෙන්ද රාමුවෙන්ද හැඩයෙන්ද පිටවී, ගිනි පුපුරක් බවට පත්වූ ගැහැනියකගේ කතාවයි ‘නිදොස්මි! නිදහස්මි!’
මනෝහරී ජයලත් ස්වකීය නවකතා රචන අනන්‍යතාව වඩාත් ප්රභාවත් කරමින් රචිත මෙම කෘතිය ඇගේ පස්වන නවකතාවයි.
නිරුවත් වානරයා / Niruwath wanaraya

වර්තමාන ශිෂ්ටාචාර සමාජයේ අප මෙහෙය වන බලවේගය වී ඇත්තේ අපේ වානර මුතුන් මිත්තන්ගෙන් ලැබුණු අමු සත්ත්ව හැඟීම් හා ආශාවන් ද?
කෙතරම් දියුණු මොළයක් තිබුණත් මිනිසා තවමත් හැසිරෙන්නේ දැනට ජීවත්වෙන කාමුක වානරයා ලෙසයි.
මිනිසාගේ සමාජීය චාරිත්‍ර, වාරිත්‍ර, හැසිරීම් රටා, ආලයෙන් බැඳීම්, හැඟීම් හා ලිංගික චර්යාව ආදී සියල්ල විමසුමකට ලක් කරන මෙය අපේ සිතුම් පැතුම් හා ආකල්පවල මූලික පෙරළියක් ඇති කළ හැකි ආකාරයේ ග්රන්ථයකි.
පිටකවරය – චන්දන වීරසිංහ
නිර්භීත සන්නාලියා සහ තවත් සුරංගනා කතා | Nirbhitha sannaliya saha thawath katha

නිල් නිවුන්නු | Nil Niwunnu

තමන් මොන එකකට එක් නිවුන් දැරියක් තියාගත්තාද?
දැන් එය විශාල ප්‍රශ්නයක් වී ඇත. එක් දැරියකගෙන් නම් නිදහස්ය.
අනෙක් දැරියගෙනුත් නිදහස්වීමට කාලය එළඹ ඇත.
ඇන්ජි වෑන් රථයේ පිටුපස කොටසේ බිම දැරියව හාන්සි කෙරුවාය.
අනතුරුව වෑන් රථයට නැග එය පණ ගන්වාගෙන ජැටියට යන පටු මාවත දිගේ ඉදිරියට පැදවූවාය.
එම පටු මාවත කෙළවර වන්නේ ජැටියෙනි.
මේ කාලයට එය වසා ඇත.
එය ආශීර්වාදයකි.
එතැන මුහුද දැඩි සේ ගැඹුරුය.
වෑන් රථය, මාවතේ කෙළවරට ආසන්න වෙත්ම තමන් රියදුරු අසුනෙන් පැන ගත යුතුය.
එවිට වෑන් රථය, දැරියත් සමගම මුහුදු පතුල සිප ගන්නවා ඇත.
වෑන් රථය වේගයෙන් මුහුද දෙසට ඇදී යයි. ඉතිරිව ඇත්තේ තත්පර ගණනකි.
ඇන්ජි වාහනයේ දොර විවර කරන්නට සැරසුණාය.
නිවෙමි, නැතිනම් මියෙමි | Niwemi, Nathinam Miyemi

පෙබරවාරි 11 වෙනිදා නිකුත් වේ.
සියුම් පපුවක් තිබේ නම්
හිස තියා නිවෙන්න
එහෙව් පපුවක් කොහෙද
නුඹේ ලඟ හැරෙන්න
නිවෙන්නට නුඹ නොමැති වූවොත්
දැවී යනවා ඇරෙන්න
විසඳුමක් වෙන දන්නේ නෑ මං
දැවෙන මගෙ හිත නිවන්න
එහෙම නැතිනම් හැකිය මට
මතක සයුරේ ගිලෙන්න
නිවෙන්නට නොව එවිට වෙන්නේ
අකාලේ ගිලී මියෙන්න
නුඹ නො ඒ නම් කියන්න | Numba no a nam kiyanna

තනිකමය කියන්නේ
ක්ෂීරපථයක පෙමක්
එක පුංචි තරුවකට දෙන එකය
මග හැරෙනු දැන දැනත්
මග බලන රැය හුඟක් දිග එකය
නුවරක සෙනෙහස | Nuwaraka Senehasa

චූටි පුතේ ඔය දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ මීගස් කැපුවොත් මරණ දණ්ඩනෙ ලැබුණා. පස්සෙ ඉතිං ඔය සුද්දෝ 1833 කෝල්බෘෘක් ප්‍රතිසංස්කරණවලින් පස්සෙ අපේ ම මිනිස්සු ලවා මීගස් කප්පවලා ඒවට අවසරත් දීල තියනවා.”
කිරිඅම්මා කියවාගෙන යයි.
”ඔය මී මල් පිපෙන කාලෙටයි ගෙඩි හැදෙන කාලෙටයි වවුලන්ට රජමඟුල් වගේ. චූටි පුතේ ඔය වවුලො වැඩිහරියක් ඉන්නෙත් ඔය මිගස්වලනෙ”
”……ඔය එක මී ගහකින් කුඹුරු අක්කරේකට පොහොර ගන්න පුළුවන් චූටි පුතා දන්නව ද? මේ මී ගහට කියන නම?”
”නෑනෙ කිරිඅම්මේ”
”ඕකට කියන්නේ ‘ජාතියේ පොහොර ගස’ කියලා. විශ්ව විද්‍යාලවල හිටියට මේවත් ජීවිතේට වැදගත් වෙන දේවල් චූටි මහත්තයෝ”
නුවරකලාවිය කෑඳෑකෝරළයේ ගැමි වෘතාන්ත | Nuwarakalaviya Kadakoralaye Gami Wruthantha

විසිවන සියවසේ මැදභාගය තෙක්ම නුවරකලාවියේ උතුරුකරය ගැන කෙරි ඇත්තේ විධිමත් අධ්‍යයන කීපයක් පමණි. එම සියවසේම අවසාන දශක කිහිපය තුලදී ද යම් යම් අධ්‍යනයන් සිදුවී තිබීම ඉතා වැදගත් ය.
විසි එක්වන සියවසේ ආරම්භයත් සමග නව ලේඛක පරපුරක් බිහිවීමත් සමග ඔවුන්ගේ කුළුදුල් කෘති එළි දක්වමින් තම ලේඛන කාර්යයන් ඉදිරියට ගෙනයමින් සිටීම පැසසිය යුතුම ය.
පූජ්‍ය පිරප්පන්මඩුවේ පඤ්ඤාරතන හිමි සිංහල, පාලි, සංස්කෘත යන විෂයයන්ගේ ප්‍රවීණත්වයට පත්ව රාජකීය පණ්ඩිත උපාධිය ද සමත් වී, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ද, කැළණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ලබා තවද නිට්ටඹුව, සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව ද ලබා දැනට අ/කෑඳෑ කල්ලන්චිය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ධූරය දරයි.
උන්වහන්සේ විසින් වසර ගණනාවකදී ලැබූ අත්දැකීම් හා විවිධ අධ්‍යනයන් පරිශීලනය කිරීම ඇසුරෙන් රචනා කරන ලද මෙම ග්‍රන්ථය තුළින් නුවරකලාවියේ කෑඳෑකෝරලයේ ඓතිහාසික ගැමි සංස්කෘතියේ විවිධ පැතිකඩ ඔස්සේ කරන විවරණය අතිශයින් වැදගත් ය.
නූතන ලෝකයට පුරාතන දැනුම | Nuuthana lokayata purathana Danuma

Ancient Wisdom, Modern World’ නමැති මේ ග්‍රන්ථයේ කතුවරයාණන් වන්නේ ටිබෙට් දේශයේ ආගමික නායක අති උත්තම දලයි ලාමා වහන්සේය. දලයි ලාමා’ යනු ආගමික පදවි නාමයකි මෙතුමාට වයස අවුරුදු තුනේ දී අනාගත ලාමාවරයෙකු වශයෙන් තෝරා ගැනීමෙන් අනතුරුව, ටිබෙටයේ අගනුවර වන ලාසා නගරයේ පෝතලා ‘ නම් මන්දිරයට කැඳවාගෙන එනු ලැබ, ආගමික නායකත්වය සඳහා පුහුණු කිරීම් ලැබුවෙකි. ටිබෙට් දේශයේ දේශපාලන වෙනස්කම් සිදුවීම මත, වයස අවුරුදු දහසයේ දී මෙතුමන්ට ඉන්දියාවට සංක්‍රමණය වීමට සිදු විය. මේ දක්වා ඉන්දියාවේ ‘ධර්මසාලා’ නමැති ස්ථානයේ වැඩවසමින් එතුමාණෝ ආගමික හා සාමාජීය කටයුතු වල යෙදී සිටිති.
තමන් අදහන ආගම කුමක් වුවත්, මනුෂ්‍යත්වය අගයන මිනිසුන් විසින් කමන්ගේ එදිනෙදා ජීවිතය තුළ ක්‍රියාත්මක කළ යුතු සමාජ ආචාරධර්ම ගණනාවක් පිළිබඳව මේ පොතෙහි කියැවේ. ඒ සියල්ලක්ම බෞද්ධ ධර්මයෙහි ඉගැන්වෙන කාරණා ද වේ. අනෙකුත් වැදගත් ආගම් වල ද ඒ කරුණු අන්තර්ගත වී ඇත. මෙම සමාජ ආචාර ධර්ම මිනිසුන්ගේ පමණක් නොව, අන්‍ය සත්ත්වයන්ගේත් අජිවී ලෝකයේත් පැවැත්මට අවශ්‍ය වන කාරණා වෙයි.
ආගමික සංහිඳියාව වර්ධනය කිරීමට මෙන්ම, ලෝක සාමය සුරක්ෂිත කිරීම සඳහා ද මෙම ග්‍රන්ථයේ සඳහන් කාරණා බෙහෙවින් උපකාරී වනු ඇත.
නෙමිසිස් | Nemesis

සොහොනෙන් එපිට සිට පැමිණි හසුනක්
එක් අවසාන අයැදුමක්
නොවිසඳිය හැකි අපරාධයක්
නොබෝදා මියගිය කෝටිපති ජේසන් රැෆල්ගෙන්
මිස් මාපල්ට ලිපියක් ලැබුණු විට, එයින් කුමක්
කළ යුතු දැයි ඇයට තේරුම් ගත නොහැකි විය.
ඇයගේ ගණන්හිලව් ගැන මනාව දැන සිටි ඔහු,
අපරාධයක් විසඳන ලෙස
ඇයට අභියෝග කළේය.
ඇය එය විසඳුවහොත් පවුම් 20,000ක් ඇයට
ලැබෙනු ඇත. එකම ගැටලුව වූයේ, අපරාධයට
අදාළ වූයේ කවුරුන්ද, එය සිදුවූයේ
කොතැනකදී ද, කවර දිනයකදී ද, යන කරුණු
සඳහන් නොවීමය. ජේන් මාපල් වික්ෂිප්ත වූවාය.
මිස්-මාපල් ගැන අඩු ලංසුවෙන්
තක්සේරු නොකළමනාය.
“ශ්‍රේෂ්ඨ ෂර්ලොක් හෝම්ස්ගේ හැකියාවනට
අභියෝගයක් – ගෙත්තම් කටුවකින් ලත් අපූරු
බලපෑම – ඒ සියල්ල එසේ තිබියදී ඇය වටා
සිටියවුන් ඇය ගැන සිදුකළ මන්ද තක්සේරුව –
ඇය තුළ තිබූ අදෘශ්‍යමාන සුපිරි චින්තන ශක්තිය
– මේ සියල්ලටම ඉහළින් ඇය ප්‍රදර්ශනය කළ
මානව ස්වභාවය පිළිබඳව හා එහි පවත්නා
සැඟවී ඇති ගාම්භීරත්වය…”
ලුසී ෆොලී
ඇයගේ නිසග ශක්තිය නම් හුදෙක් ඇය තුළ
පැවැති සර්ව සම්පූර්ණ කුසලතාවයි.
ඔබ්සර්වර් පුවත්පත…
නෙල්සන් මැන්ඩෙලා | Nelson Mandela

නෙල්සන් මැන්ඩෙලා 20 වන හා 21 වන සියවසේ ලෝක දේශපාලන ඉතිහාසයට එක්වන්නේ වර්ණභේදවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි අප්‍රිකානු ජාතික විමුක්තිය සඳහා වූ අරගලය තුළ විවිධ ස්වරූපයෙන් සිය බුද්ධිමය, දේශපාලන හා සංවිධානමය ශක්‍යතාව යොදා ගනිමින් අධිපතිවාදී ලෝක දේශපාලනයට අභියෝග කරමින්, ගෝලීය යුගයෙහි දකුණු අප්‍රිකාව තුළ නිදහස් ජාතික රාජ්‍යයක් ගොඩනගා ය ජාතික සංහිඳියාවේ හා සංවර්ධනයේ මාවතට යොමු කළ අද්වීතිය මානවවාදියෙකු ලෙසය. වාර්ගික, ජාතික හා සංස්කෘතික බහුවිධත්වයකින් යුත් දකුණු අප්‍රිකාවට පමණක් නොව ලෝකයේ බොහෝ රටවලට ආදර්ශයට ගත හැකි නව දේශපාලන සංස්කෘතියක සමාරම්භය සඳහා මාර්ගය විවෘත කළ සුවිශේෂී දේශපාලනඥයෙකු වූ නෙල්සන් මැන්ඩෙලාගේ එම දුෂ්කර වූද, නිර්භීත වූද, සාර්ථක වූද ප්රයත්නයට හේතු පාදක වූ පසුබිම, දර්ශනය, දැක්ම හා උපාය මාර්ග පිළිබඳ විවරණයක් තුෂානි බුළුමුල්ල නෙල්සන් මැන්ඩෙලා චර්තාපදානය කෘතිය මඟින් ඉදිරිපත් කර තිබේ.