Showing 745–768 of 1347 results

Shop

නේත්‍රා | Nethra

රු1,620.00
or 3 X රු540.00 with

සිංහල භාෂාවේ සියලු ඉසව්වලින්, සියලු අවධීන්ගෙන් වචන තම මෙහෙයට කැඳවන කතුවරයා එමගින් සිංහල භාෂාවේ කාල අවකාශ මානයන් දිග් විජය කරයි. ඉංග්‍රීසි අරුමැසිවාදී කවීන්ගේ බස, භාරතීය අලංකාරවාදීන්ගේ, ධ්වනිවාදීන්ගේ යෙදුම්. පද සංඝටන සිහි ගැන්වීමට සමත් අපූර්ව භාෂා විලාසයක් නේත්‍රා තුළ දැකිය හැකි ය

නොනිමි නිමේෂයන් | Nonimi Nimeshayan

රු495.00
or 3 X රු165.00 with

“ආදරෙයි කිව්වාම රිදෙනවද?”

නන්දනී.

 

“අතෑරලා දාපු සමහර තැන්

හොල්මන් මන්දිර වගේ පෙනුණට

ඇතුළට ගියාම ආපහු එන්න

හිතෙන්නේ නැහැ”

ඇන්තනී

 

“සුනේත්‍ර ඉඳලා හිටලා ළං වෙන

ගෑනුන්ගෙන් මට පේන්නේ මාව”

නොම්බර 14 හැනන් වීදිය | Nombara 14 Hannon Weediya

රු1,120.00
or 3 X රු373.33 with

අගෝස්තු 14 වෙනිදා නිකුත් වේ.

 

මගෙන් කෙනෙක් ඇහුවා country side ජීවිතේ මොන වගේද කියලා. ඒක ඇත්තටම තුර්කි pide පාන් උඩින් ගම්මිරිස් ටිකක් ලුණු කුඩු ටිකක් ඉහළා, අලුත්ම එළකිරි ටිකක් දාපු බිත්තර සාරු වල පොගවලා, උඩින් තල ඇට ඉහළා, දෙපැත්ත රත් කරලා අරන් දුම් දාද්දි කන කොට, අල පෙති පෑන් ෆ්‍රයි කරලා උඩින් පාස්ලි ඉහළා රන්වන් පාටෙන් කරස් ගාලා හැපෙනකොට, සූරියකාන්ත ඇට, බැසිල් කොළ, ඔලිව් ඔයිල් දාලා හදපු උණු පාස්තා එකකට මොසරැල්ලා චීස් යහමින් කවලම් කරලා බේක් කරනකොට එන සුවඳට වගේම, මේ ඔක්කොම එක්ක පරණ පුටු හයක් තියන, ලිලී මල් පොකුරක් පෝසිලේන් ජෝගුවකට වෙලා හිනාවෙන, ලී මේසෙකට මේ ඔක්කොම දාලා උණු කැපවිනෝ කෝපි වක්කරන කොට එන සද්දෙට සමානයි.

“රොමානා ජිවත් වෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ පොඩි ගමක ” මේ තමයි මං දැන් අහන්ට ආසම වචන ටික. මේ වචන ටික ඇතුළෙ තියනවා මං ගැන හැමදේම !

රොමානා
නොම්බර 14
හැනන් වීදිය

පටු මඟෙහි කුඩා නිවහන | Patu magehi kuda niwahana

රු765.00
or 3 X රු255.00 with

19 වැනි සියවසේදී ස්කොට්ලන්තයේ සිට ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූ පවුලක පරම්පරා පහක් අළලා රචනා වූ Little House කතා මාලාවේ එක් පරම්පරාවක් වන්නේ චාලට් ය.

ඇය සුප්‍රකට ‘ලිට්ල් හවුස්’ කතා මාලාව ඇරඹූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණියයි.

ලෝරා ගේ පරම්පරාවේ ලිඛිත ව සටහන් වූ ඉතිහාසයත්, 19 වැනි සියවසේ ඇමරිකා එක්සත් ජනපදයේ සමාජය, සංස්කෘතිය සහ දේශපාලනය පිළිබඳ පර්යේෂණයකුත් පදනම් කරගනිමින් ලියැවුණු Charlotte Years හෙවත් වොලට්ගේ කතා මාලාව කෘති හතරකින් සමන්විතය.

පටු මඟෙහි කුඩා නිවහන’ යනු එහි දෙවැන්නයි.

පනාපුත්‍රගේ මතක වස්තුව | Panaputhrage Mathaka Wasthuwa

රු630.00
or 3 X රු210.00 with

පනාපුත්‍ර සූත්‍රය

JACK – කොස්, කොස් නම් පනාය

SON – පුතා නම් පුත්‍රය.
ANT – කුඹියා, කූඹියා නම් කුහුඹු ය.

HONE – පැණි, පැණි නම් පැණියාය.

පනා + පුත්‍ර + කුහුඹු + පැණියා.

පරිකර්ම | Parikarma

රු855.00
or 3 X රු285.00 with

පරිකර්ම වික්ටෝරියානු යුගයේ කතාවකි. වික්ටෝරියා රැජන ද සුළු චරිතයක් ලෙස වුව ද වැදගත් දායකත්වයක් දරන්නේ ඇය කෙරෙහි ද අපේ අදහස් සාධනීය වෙනසකට හසු කරමිනි. මේ කැන්ටබරියෙන් ආරම්භ වී, සිලෝන් හරහා විහිදෙමින්, යටත් විජිත යාන්ත්‍රණය ද අපේලෞකික තෘෂ්ණා ද ප්‍රශ්න කරන්නා වූ කෘතියකි.

පර්සෝනා | Parsona

රු1,062.00
or 3 X රු354.00 with

විලාසිතා ලෝකය තිර පසුබිම කරගෙන ලියවුන නවකතාවක්. චෙස් ක්‍රීඩාව ද, නොසැලෙන අරමුණක් වෙනුවෙන් ගමන් කරණා කානත්වක් ද වෙළඳ නාමයක්ද වටා ගෙතුනු සිතුවමකි.

පාතාල ලෝකයේ නීතිය | Pathala Lokaye Nithiya

රු425.00
or 3 X රු141.67 with

එක් චෞරයකු බිත්තියට තබා මුළු සිරුර පුරාම පරාල ඇණ ගසා වල්ලා තිබුණේය. ඔහුගේ මුහුණ සහ දෙනෙත් දුම්වැටි වලින් පුළුස්සා තිබූ අතර ශරීරයේ සෑම තැනම මුවහත් පිහියකින් තීරු තීරු ඉරි ඇඳ කපා දමා තිබිණි. ඔහු මිය ගොස් තිබුණේ අධික ලෙස ලේ වහනය වීමෙනි.

මිනිත්තු කිහිපයක් තුළ සිදු කළ ඒ මහා පරිමාණයේ කැසිනෝ මංකොල්ලයට චෞරයන් සිව් දෙනෙකු සහභාගි වූහ. හොර සංවිධානයේ නායක ෂේන් ලක්‍ෂ ගණනක මුදල් පිරවූ සම් බෑග් දෙකක් රැගෙන තමා බලාපොරොත්තුව සිටි පෙම්වතිය වෙත ගියේය.

බිහිසුණු අදිසි මිනීමරුවන් දෙදෙනකු මංකොල්ලයට සහභාගි වූ චෞරයන් එකිනෙකා ඝාතනය කිරීමට පටන් ගත් අතර, අවසානයේ ඉතිරි වූයේ ෂේන් පමණි.

ෂේන් ඉතා ශක්තිමත් සිරුරක් සහ දෙනෙතේ තියුණු බැල්මක් ඇති අතිදක්ෂ චෞරයෙකි. අපි මදුරුවකු මරා දමන්නාක් මෙන් මිනිසකු මරා දැමීම ඔහුට ඉතා ලෙහෙසි පහසු කාර්යයකි. ඔහු අතිශයින් බිහිසුණු මිනිසකු බව ඔහු ලුහුබැඳ ආ මිනීමරුවන් දෙදෙනා සිහිනෙකින් හෝ දැන නොසිටියහ.

පාතාලයෝ | Pathalayo

රු720.00
or 3 X රු240.00 with
නීතියේ සහ නීතිය ක්‍රියාත්මක කරවන අයගේ නොයෙකුත් අඩු ලුහුඬුකම් හේතුවෙන් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය යම් ආකාරයක තර්ජනයකට ලක්වී ඇත. මත් කුඩු ජාවාරම්, සංවිධානාත්මක අපරාධ, කප්පම් ගැනීම් සහ ඉඩම් කොල්ල ආදිය මෙහිදී ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බව අද පැහැදිලි සත්‍යයක් වී ඇත. මේ සියල්ල සිදුවන්නේ විවිධ පාතාල කල්ලිවල නායකයන්ගේ සහ ඔවුන්ගේ අනුගාමිකයන්ගේ අභිමතය පරිදිය.
සමාජයේ ජීවත් වන සාමාන්‍ය පුරවැසියෙකු පාතාලයෙකු බවට පත්වීම්, පාතාලයේ රජෙකු වීම සහ ඔහුගේම රාජධානියක් ඇතිකිරීමත්. අවසානයේදී තවත් පාතාලයෙකු අතින් ඔහුගේ ඉරණම විසදීමත්, රාජධානිය බිඳවැටීමෙන් පසු ඔවුන්ගේ බිරින්දෑවරුන් මුහුණපාන ශෝචනීය තත්වයනුත් මෙහිදි අන්තර්ගතව ඇත.
සත්‍ය සිද්ධීන් සමුදායක් පාදක කොට ගෙන ලියා ඇති මෙම නව කථාව කියවන සියලුම පාඨකයින්ට පාතාලයේ ක්‍රියාකාරකම් ගැනත්, ඔවුන් සියලු දෙනාටම අත්වන අවාසනාවන්ත ඉරණම ගැනත් යම් ආකාරයක දැනුමක් ලබා ගැනීමට මෙම ග්‍රන්ථය උපකාරි වනු ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය / Parlimenthu manthriwarunge karyabaraya

රු427.50
or 3 X රු142.50 with

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය පිළිබඳ කතිකාවතක් නිර්මාණය වී ඇති පසුබිම තුළ කතුවරයා විසින් මෙම කෘතිය සම්පාදනයට යොමුවීම ප්‍රශංසනීය වේ. මැතිවරණයට ඉදිරි පත් වීමේ දී මන්ත්‍රීධුර අපේක්ෂකයෙකුට තිබිය යුතු සුදුසුකම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ කාර්යභාරය, පාර්ලිමේන්තු වරප්‍රසාද හා බලතල පිළිබඳව කෘතිය තුළ සඳහන් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කාර්යභාරය පිළිබඳ උනන්දුවක් දක්වන දේශපාලන විද්‍යාව හදාරන සිසු සිසුවියන්ගේ දැනුම, අවබෝධය පුළුල් කිරීමට මෙම කෘතිය ඉවහල් වේ. එසේම දේශ පාලනය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පුරවැසියන්ට ද ප්‍රයෝජනවත් වන කෘතියකි. මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සහ කාර්යභාරය සෝදා පාළු වන අවධියක මෙම කෘතියෙන් ඉදිරිපත් කරන කරුණු පිළිබඳ දැනගැනීම ප්‍රයෝජනවත්ය.

මෙහි කතුවරයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබා ඇති අතුල ප්‍රේමරත්න කෘතීන් කිහිපයක කතුවරයෙකි

පාස්කු කොමිෂන් වාර්තාව හා අපරාධකරුවන් වසන් කිරීම | Pasku koimishan warthawa ha aparadakaruwan wasan kireema

රු1,620.00
or 3 X රු540.00 with

මාරාන්තික වූ පාස්කු ඉරුදින ප්‍රහාරයේ අබිරහස කාලයේ වැලිතලා මඟින් වැසි යාමට ඉඩ දිය යුතුද? පොස්තු කොමිෂන් වාර්තා වලින් වැඩි කොටසක් දියවන්නා පාර්ලිමේන්තු දූපතට යා හැකි උදවියට සීමා වී ඇත. මේ වාර්තාව පවා කියවීමට අවසර තිබුණේ මහජන ඡන්දයෙන් දූපතට යා හැකි මංත්‍රීවරුන්ට පමණි. අපි ඒ වාර්තාව ජනගත කිරීමේ අභියෝගය බාරගත්තෙමු. ඒ පාස්කු ඉරුදින ප්‍රහාරය පිටුපස සැඟවී සිටින අපරාධකරුවන් සොයා යන ගමනේ එක් පියවරක් හැටියට ය. ඒ වෙනුවෙන් අපි තව බොහෝ ගවේෂණ කරමින් සිටිමු. ඒවා නුදුරු අනාගතයේදී ඔබ අතට පත් කරන්නෙමු. එතෙක් ඔබ යාවත්කාලීන වන්නට මේ වාර්තාව හා එයට ලියා ඇති හැඳින්වීම ලැදිව හදාරන මෙන් යුක්තිය පතන සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිමු. සත්‍යය වසන් කළ හැක්කේ කෙටි කලකටය. එය සදාකාලිකවම වසන් කළ නොහැකි බව අපරාධ කරුවන් මෙන්ම බලධාරීන් ද අවබෝධ කර ගත යුතුය.

පාළු දූපත | Palu Duupatha

රු540.00
or 3 X රු180.00 with

යොවුන් වියේ වීරත්වය

ත්‍රාසය හා කුතුහලය කැටි වූ

අපූර්ව නවකතාවක රසය

යොවුන් මනසට කැටුව එන මෙය

සාහිත්‍ය යෙන් විද්‍යා දැනුම සපයන

අපූර්ව නිර්මාණයකි.

පිදුරැ ගහේ විප්ලවය | Piduru Gahe Wiplavaya

රු432.00
or 3 X රු144.00 with

මෙම ග්‍රන්ථය ගොවිතැන ගැන පමණක් ලියවුණු එකක් ලෙස ගෙන බලන පාඨකයන් පුදුමයට පත් කරන්නේ ආහාරය, සෞඛ්‍යය, සමාජ හර පද්ධතීන්, මිනිස් දැනුමේ සීමාවන් යන විවිධ මාතෘකා ඇතුළත් වන බව දුටු විට ය. දාර්ශනික ග්‍රන්ථයක් ලෙස සිතා ග්‍රන්ථය කියවන අය පුදුමයට පත් වන්නේ, ජපන් ගොවිපලක වී, ශීත කාලයේ ධාන්‍ය, පැඟිරි සහිත පළතුරු ඇතුළත් වන ආකාරය දුටු විට ය. එක් ග්‍රන්ථයක එක් විශේෂිත දෙයක් පමණක් ඇතුළත් විය යුතුය යන අපගේ සාම්ප්‍රදායික අපේක්ෂාව නිසාම “පිදුරු ගහේ විප්ලවය” වැනි ග්‍රන්ථයක අගය කැපී පෙනේ. මෙම ග්‍රන්ථය වැදගත් වන්නේ, එය එක්වරම ප්‍රායෝගික හා දාර්ශනික වන නිසා ය. එය ගොවිතැන ගැන අමුතු උනන්දුවක් ඇති කරවන ග්‍රන්ථයක් වන්නේ එය ගොවිතැන ගැන පමණක් ලියවුණු ග්‍රන්ථයක් නොවන නිසා ය.

පින්තූර කතා | Pinthura Katha

රු1,487.50
or 3 X රු495.83 with

රුසියානු සුරංගනා කතා

පියාසර සමය | Piyasara Samaya

රු1,575.00
or 3 X රු525.00 with

තොමෝම දල්වාගත් කුඩා පහනක් අතැතිව සැඩ කුණාටු මැදින් පවා සිල නොනිවාගෙන ඒ දිගු ගමන ගොස් පැතූ පූජාසනය මත ඇය ආලෝක පූජාව පැවැත්වූවාය.

පරමාදර්ශයන් සමග ජීවිතයේ අරුත් ගොනු කළ ඔහුට අනියත ජීවන මංසලකදී අහම්බ සිලිලාරයක පහස මුණගැසිණි.

එයින් ඔහුගේ මුල් ජීවන අරුත් සසල වී ද?

පියෙද්රා ගගබඩ හිද මම වැළපුනෙමි | Piyedra Gagabada Hida Mama Walapunemi

රු810.00
or 3 X රු270.00 with

පිලාර් සතියක සංචාරයකදී ඇගේ අධ්‍යාත්මයේ වන වදුළු, ගිරි දුර්ග හා මංමාවත් පසු කරමින් සොඳුරු මිටියාවතකට පිවිසෙන්නීය. ළමා වියේ පටන් නොවෙනස් වූ ආදරයක් ද සමගින් ඈ හා සිටී. සොරියාවේ තණබිමිවලට එපිටින් විහිදී ගිය ලෝකයක් පිළිබඳ සිහින දුටු, කිසි තැනෙක නම සඳහන් නොවූ ඇගේ මිතුරා ඈ කැටිව යයි. විටෙක මග හැරී ගිය ද යළි යළිත් ඔවුහු ඔවුනොවුන් සොයා ගැනීමේ අසිරිය අත් විඳිති. කොයියෝගේ මේ කෘතිය පිලාර්ගේ ඒ අසිරිමත් සංචාරය පිළිබඳ කතාන්දරයි. එය තමන්ගේ සිහින, බලාපොරොත්තු සහ ආදරය සොයා යන්නියකගේ කතාන්දරයයි.