Showing 769–792 of 1433 results

Shop

දෙවැනි ගැහැනිය / Deweni Geheniya

රු1,350.00
or 3 X රු450.00 with
2022 ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටය සඳහා නිර්දේශිත මියුසස් කෘති ද්විත්වයෙන් එකකි.

“මම යනවා.” ඇගේ සැමියා කීවේය.

මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධිරාජ්‍යයක සැරිසරයි; ගමන් බිමන් යයි. වස ගත කරයි. ඇයත් සමඟ නින්දට යයි.

ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.

තවත් අයුරකින් මේ ප්‍රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකිය.

අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය.

මේ, ඒ කතාවයි…

දෙවොලක ඉරණම | Dewolaka Iranama

රු1,258.00
or 3 X රු419.33 with

ඒ ක්‍රිස්තු වර්ෂ 6 වැනි ශත වර්ෂයයි. ඒ වන විට ඊජිප්තු භූමිය පුරා ක්‍රිස්තියානි ආගම පැතිරි තිබිණි. පුරාණ ආගමික චාරිත්‍ර ඉටු කරනු ලැබුවේ, ‘ෆිලේ’ පුජනීය දිවයිනේ පිහිටි ඉපැරණි දෙවොලේ පමණි.

ෆිලේහි රූමත්, තරුණ, ප්‍රධාන පූජකවරිය වූ අයිසිස් තම ප්‍රජාවගේ ආත්ම විශ්වාසය රැකගනිමින්, ඔවුන්ට ජීවය දෙමින් දෙවොල රැක ගැනීමට කැප වී සිටියාය. දෙවොලේ ප්‍රධාන පූජක වූ සැබ්නි හා එක්ව, බල සම්පන්න බිෂොප්, තියඩෝර්ට එරෙහිව නැගී සිටින්නට ඇය ක්‍රියා කළාය.

එහෙත්, ඊජිප්තු භුමියේ උතුරේ සිට දකුණ දක්වාම නැගී එන විරෝධය හමුවේ ෆිලේ දෙවොල මත පතිත වන භීෂණය දිනෙන් දින උග්‍ර විය. සැම අතින්ම දෙවොලට එල්ල වූයේ දැඩි බලපෑමකි. තම ප්‍රජාවත් සැබනිත් සමඟ එක්ව එම අභියෝගයන්ට මුහුණ දෙන අයිසිස්ට දෙවොලෙහි ඉරණම වෙනස් කළ හැකි වේද?

ධර්මෝන්මාදයෙන් ඔද වැඩුණු පිරිසකගේ හිංසනයට ලක්වන අයිසිස් ඇතුළු ෆිලේ ප්‍රජාවට අත්වන ඉරණම කුමක් විය හැකි ද? ඒ වෘත්තාන්තය අසන්නට පා තබන්න, පුජනීය දිවයිනේ පිහිටි සිල් දෙවොල තුළට ! අදටත් අලංකාරව, සැදැහැතියන් සනහන ෆිලේ දෙවොල තුළට!

දෙසිතක පිපි මල් / Desithaka pipi mal

රු855.00
or 3 X රු285.00 with

“ලීනා සෑන්ඩ් කාසල් එකක් හදන්නෙ නැද්ද?”
“.”
“ඇයි?”
“රැල්ලක් ආව ගමන් ඒවා මුහුදට හේදිලා යනවා.
” පරෙස්සමෙන් හැදුවොත් එහෙම වෙන්නෙ නෑ.*
” වැල්ලෙ මොන පරෙස්සමක්ද අංකල්? හිටිගමන් මහා හයියෙන් රැල්ල ගහනවා.”
” ඔව්. ජීවිතෙත් එහෙම තමයි ලීනා.*
” මං ඔයාට දරුවෙකුට වගේ ආදරෙන් කියන්නෙ. මොකද ඔයා හොඳම හොඳ ළමයෙක් නිසා. ජීවිතේ ඒ වගේම විවාහය කියන දේවල් හරියට අපි වැල්ලෙ හදන වැලි මාළිගා වගෙයි. අනපේක්ෂිත විදියට ප්‍රශ්න එනවා. ඔයා තවම පුංචි ළමයෙක්. අවබෝධෙන් ජීවිතේට මුහුණ දෙන්න ඕන.”

දොන් කිහොතේ 1 | Don Quixote

රු1,665.00
or 3 X රු555.00 with

මීට සියවස් හතරකට පෙර ලියැවුණු ‘දොන් කිහොතේ’ නවකතාව තවමත් ස්පාඤ්ඤ සාහිත්‍යයේ මුදුන් මල්කඩ වශයෙන් සම්භාවනාවට පාත්‍ර වීම සුවිශේෂයි. එදා මෙදා තුර බිහි වූ වඩාත් විනෝදාත්මක වික්‍රම චාරිකාව වීමට අමතරව, අසරණසරණ ප්‍රේමය සහ වික්‍රමාන්විත පුරුෂාධිපති සාහිත්‍ය සම්ප්‍රදාය පිළිබඳ විශිෂ්ටතම හාස්‍යානුකරණය වශයෙන්ද මේ කෘතිය ලෝකය පුරා ප්‍රශංසාවට ලක්වෙයි. එසේම, ලෝකයේ සෑම සාහිත්‍ය ධාරාවක් කෙරෙහිම ඒ මගින් පතුරුවා ඇති බලපෑමත් අද්විතීයයි.

එයින් නිර්මාණාත්මක ආවේශය ලැබූවන් අතර, ලතින් ඇමරිකානු ස්පාඤ්ඤ සාහිත්‍යයේ දැවැන්තයන් වන ගබ්රියෙල් ගාර්සියා මාර්කේස් සහ මාරියෝ වර්ගාස් යෝසා සේම, ලෝකයේ වෙනත් සාහිත්‍ය කලාප නියෝජනය කරන ෆ්‍රාන්ස් කෆ්ලි, ගෝර් විදාල්, හරුකි මුරකාමි, ජෝසප් කොන්රඩ් සහ මිලාන් කුන්දේරා වැන්නෝද වෙති.

සිනමාවට නැඟී ඇති මෙම කෘතිය ලෝකයේ ප්‍රධාන භාෂා සියල්ලටත්, තවත් භාෂා හතළිහකට අධික සංඛ්‍යාවකටත් පරිවර්තනය වී තිබේ.

දොරකඩ දෙවොල | Dorakada Dewola

රු1,395.00
or 3 X රු465.00 with

අනිත්තෙක නාමලියො.. මේ එක තත්පරේකටවත් ජීවිතේ අංග සම්පූර්ණයි කියලා හිතන්ඩ එපා.මේ මනුස්ස ජීවිතේ වැරදෙන එවුවා අනන්තයි. කෙණෙහෙලිකම් මදිපුංචිකම්, සතුරු පීඩා අනන්තයි අප්‍රමාණයි. බුදු හාමුදුරුවන්ටත්… හින්දා අපහාස, කරදර තිබිබ්බ එකේ.. උඹල අපි කව්ද බං?

* නැන්දම්මට නම් කියන්ඩ බැරියැ… විදවලානෙ බලන්ඩ ඕනෙ..

” උඹ ඔය තාම තරුණ හින්දා ඔහොම කියන්නෙ තාම උඹේ තණ්හාව තියෙනවා ඩාවිතාට. ඔය පැටලෙන්නෙ අන්න ඒක හින්දා.. ඒත්.. මේ අපි වාගේ වයසට ගිහාම උඹටම තේරෙයි. ඔය පොර අල්ලලා තියෙන්නෙ කිසිම වැදගැම්මකට නැති කාර්යකට කියලා..

ධර්මසිරි සිනමාවලෝකනය | Dharmasiri Sinamawalokanaya

රු850.00
or 3 X රු283.33 with

වම් ඉවුරේ සිනමා ත්‍රිතත්වයෙන් අද්‍යතනයේ ජිවත්ව සිටින එකම සිනමාකරුවා ධර්ම සිරි බණ්ඩාරනායකයි.

හංස විලක් (1980) තුන්වෙනි යාමය (1985) සුද්දිලාගේ කතාව (1985) බව දුක සහ බව කර්මය (1997) යනු සංඛ්‍යාත්මකව සිනමාකෘති

පහක් පමණක් වුවත්, එම සිනමාකෘති විසින් ශ්‍රී ලාංකික සිනමාව තුළ

ඇති කළ බලපෑම සහ කතිකාව සුළු පටු නොවේ.

එහෙත් ඔහුගේ එම සිනමාත්මක මැදිහත් වීම තරම් සිනමා සාහිත්‍යයක් ඔහුගේ සිනමාව වෙනුවෙන් නොලියවුණු නිසාම මෙම කෘතිය එම අඩුව පිරවීම ආරම්භ කරනු ඇත.

ධවල මෝහිනී | Dhawala Mohini

රු552.50
or 3 X රු184.17 with

දෛනික ජීවිතයේ ප්‍රායෝගික දොර කවුළු තුළින්ම අද්භූතත්වය පැන නගින බව ප්‍රංශ ජාතික හේනර් ලෆබ්රා කීවේය. අවිදග්ධ, හා ආවේගකාරී. මුග්ධ දේශපාලනයේ රෞදු හිංසන සඳහා කිසිදු කර්ම ණයක් නැතිවන ලෙස දේශපාලකයා ඊනියා ආගමේ පුද පිළිවෙත් හි ගැළෙයි. ගුප්තත්වය, අඳුර තුළින් පැන නගින නිසා කළ දේ පල දෙන්නේද අඳුරේදී විය හැකි යයි, බලවත්තු සිතති. ඒ නිසා ඔවුහු රාත්‍රිය ද ඒකාලෝක කරති. එවිට ඒ ගුප්ත කර්ම විපාකය, ඔවුන්ගේ ආලෝකය තුළම මතුවෙයි. ධවල මෝහිනී ඒ, ලොමු දැහැ ගන්වන වෘත්තාන්තයයි.

ධූමලාවණ්‍යාගාරය | Dhoomalawanyagaraya

රු382.50
or 3 X රු127.50 with

කොළඹ කොටුවෙ පස්ස පැත්ත ගිනි අරගෙන දුං දානවා

ටිකිරි කුමරු හිනා වෙවී අලුත් වෙඩිල්ලක් කොටනවා

ඉලක්කයට වෙඩි තිබ්බොත් ඉලක්කයක් නැතුව යනවා
ඕං ටිකිරො ඒක හන්දා මං අහකට වෙඩි තියනවා

ධ්‍යාන / Dyana / ද්‍යාන

රු360.00
or 3 X රු120.00 with

ඉංග්‍රීසි ජාතික පීටර් බෙට්ස්, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ උපාධිධරයෙකු වී සුළු කළකට පසු, අචාන් බ්‍රහ්මවංසෝ නමින් පැවිදි බිමට පිවිසියේය. අචාන් චා තෙරුන් වහන්සේ යටතේ ආරණ්‍ය භාවනා සම්ප්‍රදාය පිළිබඳ නව වසරක පුහුණුවක් ලද උන්වහන්සේ දැනට, ඕස්ට්‍රේලියාවේ බෝධිඤාන ආශ්‍රමයේ අධිපති ධූරය දරමින් උතුම් ආගමික හා සාමාජික සේවයක නිරතව සිටිති. උන්වහන්සේගේ දර්ශනයත්, ජනතා සේවයත් වෙනුවෙන් 2004 දී ජෝන් කර්ටින් පදක්කම ප්‍රදානය කරන ලදී.

නකුල මුනි / nakula muni

රු2,025.00
or 3 X රු675.00 with

නමක් නැති මිනිසුන්ගේ සුසානය | Namak nathi minisunge susanaya

රු416.50
or 3 X රු138.83 with

ලූනු ගෙඩියක් වගේ පල්ලියේ කොත පෙනෙන,
ඒකටම වහංවුණු මුරුග ගති ඇති පොලිස් කූඩුවෙ ලකුණ කුදු දුරට නොපෙනෙන
ගමම හුරංකන අසමජ්ජාති ගම්පතියා
ජාතියයි ආගමයි යුද්දබටයොයි පෙන්නලා
රවට්ටං හරි, බයකරං හරි ඉන්න…

…මට එන්ඩ බැරි
ඔබ වෙසෙන කුඩා ගම…

නර්තන වාක් කෝෂය

රු3,600.00
or 3 X රු1,200.00 with

නවීන ගුණසේන – ෆිලිප් ලෝක සිතියම් පොත

රු2,475.00
or 3 X රු825.00 with

සිතියම්කරණය පිළිබඳ ලෝක පූජිත, වර්ෂ 1834 දී එක්සත් රාජධානියේ ආරම්භ කළ, ජෝර්ජ් ෆිලිප් සමාගම, බ්‍රිතාන්‍ය රාජකීය තාරකා විද්‍යා සංගමය සමග එක්ව ප්‍රකාශයට පත් කෙරෙන Philip Modern Atlas හි සිංහල සංස්කරණය, ‘නවීන ගුණසේන – ෆිලිප් ලෝක සිතියම් පොත’ ලෙස මෙසේ ඔබ අතට පත් වෙයි. මෙය ඉංග්‍රීසි බසින් පළ වූ Philip Modern Atlas හි 100 වැනි සංස්කරණයේ සිංහල අනුවාදය වන අතර අතර ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව සමග යාවත්කාලීන කරන ලද ශ්‍රී ලංකා සිතියම් රැසක් ද මෙහි අන්තර්ගත වේ. පිටු 184කින් සමන්විත මෙය දේශපාලන, භෞතික, දේශගුණ, තේමා සිතියම්, ජනගහනය, භූමි පරිභෝජනය, වෙළෙඳාම, සංචාරක ව්‍යාපාරය, බලශක්තිය, ධනය වැනි විවිධ මාතෘකා යටතේ වෙන් වෙන් වශයෙන් විස්තර කෙරේ. විශේෂයෙන් තේමා සිතියම්වල දී යමහල් ක්‍රියාකාරීත්වයේ සිට ජනගහන ප්‍රවණතා දක්වා සාකච්ඡා කෙරේ. නවීන චන්ද්‍රිකා ඡායාරූප ඔස්සේ ලෝකය, පරිසරය සහ වෙනස්වන නාගරීකරණය ඔස්සේ සිදු කෙරෙන විශ්ලේෂණ පාසල් සිසුන්ගේ සිට විශ්ව විද්‍යාල සිසුන් දක්වා අතිශයින් ප්‍රයෝජනවත් ය. පරිශීලනය කරන්නාට පහසු වනු පිණිස සිතියම් පොතේ ප්‍රධාන මාතෘකා බෙදා දැක්වීම සඳහා වෙන් වශයෙන් වර්ණ තේමාවන් භාවිත කොට තිබේ. එමෙන්ම සිතියම් අධ්‍යයනයේ දී අතිශයින් වැදගත් වන පරිමාණය, අක්ෂාංශ සහ දේශාංශ, සිතියම් ප්‍රක්ෂේපණ සහ භූගෝලීය තොරතුරු පද්ධතිය (Geographical Information Systems – GIS) පිළිබඳව ද ප්‍රාමාණාත්මක හැඳින්වීමක් මෙහි අන්තර්ගත ය.

නා ගස උඩ | Na gasa uda

රු990.00
or 3 X රු330.00 with

වැවේ අනිත් කෙළවරේ තවමත් මාළුන්ට මාන බලන කොකෙක් දිහා මම බලාගෙන හිටියා. ඌ එක එල්ලේම වැවේ මාළු දිහා බලාගෙන ඉන්නවා. තව තැනක දියකාවෙක් එකපාරටම වතුර යටට ගිහින් ඊට ටික දුරකින් මතු වෙලා අහසට පියාඹගෙන ගිය හැටි මට මහා පුදුමයක් වුණා. දියකාවාට එහෙම වතුර යටට ගිහින් උඩට එන්න පුළුවන් වූණාට අම්මට එහෙම වතුර යට ගිහින් උඩට එන්න බැරිව ගියා. එකපාරටම අම්මා ජබු ගහන සද්දෙ වැඩි වුණා. ඒ සද්දෙට මාළුන්ට මාන බල බල හිටිය කොකත් කලබල වෙලා ඉගිල්ලිළා ගියා.

නාරි සුඛ | Nari Sukha

රු702.00
or 3 X රු234.00 with

කෙටි කතාවක් ලිවීම කලාත්මක භාවනාවක් වන තරමට ආස්වාදයක් ලද හැකි කටයුත්තකි. එය නවකතාවක චරිත ගොඩනඟනවාට වඩා සියුම් මෙන් ම භාරදූර අභ්‍යාසයකි. මුල සිට අග දක්වා ම එක දිගට ගලා යන සිද්ධි හා චරිත කිහිපයක් නවකතාවක චිත්‍රණය කළ හැකි වුව ද, කෙටි කතා ලිවීමේ දී එවැනි නිදහසක් භුක්ති විඳිය නොහැකි ය. සැම කෙටි කතාවකින් ම අලුත් සිද්ධි දාමයක් නිරූපනය වෙයි; එකිනෙකට වෙනස් චරිත අප හා එක් වෙයි. ඒ මඟින් සාධූන් මෙන් ම සමාජයේ පවුකාරයන් ලෙස ගැරහුම් හා නින්දා ලබන අය වෙත ද එක සේ මෙත් සිත පැතිරවිය යුතු ය. ඒ නිසා ම කෙටි කතා රචනයේ දී ගෑනුන් ගේ ද පිරිමින් ගේ ද චරිත චිත්‍රණය කෙරිය යුත්තේ එක්තරා කලාත්මක ශික්ෂණයකිනි. මෙහි එන කතාවල චරිත, වරෙක සාධු ගුණ, දයානුකම්පාව, සන්තුෂ්ඨිය, ප්‍රහර්ෂය ස්පර්ශ කරන අතර තවත් වරෙක තරහව, දුෂ්ටත්වය, රකුස් ගති, සල්ලාලකම, බේබදුකම වැනි මානුෂික ගති පුරුදු වලින් ද හොබනේ වෙයි.

ඒ සියලු දෙනා ම අන්තිමේ දී මනුෂ්‍යත්වය නමැති එක ම කුලකයකට ඇතුල් කිරීමට මම මෙහි දී වෑයම් කළෙමි.

නාසීන්ගේ නැගීම සහ බිඳවැටීම | Nasinge nageema saha bida wateema

රු1,440.00
or 3 X රු480.00 with

ඔස්ට්‍ර්‍රියාවේ ධනවත් යුදෙව් පවුලක මෙහෙකාරියක ලෙස සේවය සළ මාර්තා නැමැති තරුණියක එහි යුදෙව් පවුලේ තරුණයකු අතින් දූෂණයට ලක්ව 1837 දී පුතකු වැදුවාය. ඔහු නමින් ඇලොයිස් නම් වූ අතර හෙතෙම ඇඩොල්ෆ් හිට්ලර්ගේ සීයා වූයේ ය.

ඇඩොල්ෆ් හිට්ලර් කුඩා කාලයේ ඉගෙනුම ලැබුවේ යුදෙව් සිසුන් සමඟිනි. එකල යුදෙව්වෝ යුරෝපය තුළ සමෘද්ධිමත් ජීවිත ගත කළේය. යුදෙව් සිසුන් හා සන්සන්දනය කිරීමේ දී හිට්ලර් ඉගෙනීමට ද පසුබට වූයේ ය. බුද්ධිමත් වූ ද, විශිෂ්ට වූ ද යුදෙව් සිසුන් සමග මානසික වශයෙන් හිට්ලර් විෂයෙහි ගැටුමක් නිර්මාණය වෙමින් පැවතියේය.

මෙකී හේතු කාරණා පසුකලෙක හිට්ලර් තුළ යුදෙව් විරෝධී පෞරුෂයක් ගොඩනැංවීමට හේතු වූයේ ය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ යුරෝපය පුරා යුදෙව් ජාතිකයින් ලක්ෂ හැටක් පමණ හිට්ලර් විසින් කුරිරු ලෙස ඝාතනය කරවීම ය.

හීනමානී මෙන්ම උන්මාදී පෞරුෂයකට හිමිකම් කියූ හිට්ලර් ස්වකීය ඉලක්ක ජයග්‍රහණය කරවනු සදහා ජර්මන් රාජ්‍යයේ බලයට ඉව ඇල්ලුවේ ය. ඉතා සියුම් කපටි ඥානයකින් හෙබි හෙතෙම උපක්‍රමශීලී ලෙස ජර්මනියේ බලය පැහැර ගත්තේ ය.

හිට්ලර් විසින් සිය දේශය ගලවාගනු ඇතැයි ඔවුහු විශ්වාස කළෝ ය. එහෙත් සමස්ත ජර්මන් ජනතාවගේ බලාපොරොත්තු බිඳ දමමින් හෙතෙම ජර්මනිය මතු නොව සමස්ත යුරෝපයම අමු සොහොනක් බවට පත් කළේ ය.

නැන්දම්මාගේ ඩයරිය | Nendammage Diariya

රු900.00
or 3 X රු300.00 with

”අද නම් මහ සවුත්තු දවසක්. අපේ ලේලි පොඩ්ඩ උඩප්පරං ගහගෙන පඬි පෙළේ එන්න ගිහින් අයිනේ තියලා තිබුණ මගේ මල් පෝච්චියට පයින් ගහලා. ඒක කුඩේ කූඩු දෙයියනේ පරම්පරා ගාණක් තිබුණ මල් පෝච්චිය. මම දීග එද්දී මෙහෙට ගෙනාවේ. මම කිව්වෙ මේකිගේ නම මනිෂා නිස්කලංකා වුණාට ගේ ඇතුළෙ ඇවිදින්නෙත් කතරිනා සුළි කුණාටුව වගේ. ඕකිගෙ ඇඟේ හැපුණොත් මාව විසික්කා වෙලා බිත්තියේ ඇලෙනවා. කොයි වෙලේවත් හෙමින් ගනක් නැ අන්තිමට අර පරම්පරා ගාණක් තිබුණු පෝච්චිය බිඳලා දැම්මා තියෙන කුලප්පුවට. පුතාට විතරක් නෙවේ. මේකිගෙන් මටත් අපලයිද කොහෙද”

නැවතුම් නැති ජීවිතේ | Nawathum Nathi Jeewithe

රු1,125.00
or 3 X රු375.00 with

අතපය නැතිව ඉපැදුණු නික් සිය ජීවිතය ජය ගත් අන්දම පෙන්වා දෙමින් ලියූ පළමු පොත ‘සීමා නැති ජීවිතේ‘ ලොව පුරා අළෙවි වාර්තා තැබීය. මේ ඔහුගේ දෙවැනි පොත යි. සුබවාදී ආකල්ප හා ජීවිතය ජය ගැනීමේ මග පිළිබඳව දේශන පවත්වමින්, ලොව පුරා ආදරය හා භක්තිය බෙදා හදා දෙන නික් අපේ ජීවිත ජය ගැනීම සඳහා සිය අත්දැකීම් ගණනාවක් මේ පොත ඔස්සේ අපට පෙන්වා දෙයි. නොහැකියාවන් හැකියාවන් බවට ද, අසම්පූර්ණත්වය පරිපූර්ණත්වය බවට ද, පරාජයන් ජයග්‍රහණ බවට ද හරවා ගැනීමේ සූත්‍රයයි ‘නැවතුම් නැති ජීවිතේ‘.