Showing 865–888 of 1369 results

Shop

මගේ නම රතු | Mage nama Rathu

රු1,020.00
or 3 X රු340.00 with

ඉස්තාන්බුල් නගරය යි. වර්ෂයෙන් 1591 වැන්නයි. සීතලෙන් මිදුණු සිසිරයේ දින නවයකි. විවිධාකාර කථකයන් ගේ ආත්ම භාෂණ වැලකි. කතාවට ඇරඹුමක් දෙන්නේ ඝාතනය කර ළිඳක් පල්ලේ ” හෙළා තිබෙත මළමිනියකි. ‘මගේ වදන්වලින් හැකිනම් මා අල්ලාගන්නැයි කතාව කිමට එක්වන ඝාතකයා, පාඨකයාට අභියෝග කරයි. ලේ විලක් මැද මියයමින් සිටින සිත්තර ඇදුරෙක්ද, එක් අසිපත් පහරකින් කඳින් සිඳී බිම පතිත ඔළුගෙඩියක් ද පාඨකයා අමතා කතා කරති. ඊර්ෂ්‍යාව, වෛරය, සහෝදරත්වය හා පාවාදිම ද ආලය, රාගය, විරහව හා අංගවිකල ව යළි හමුවන අහිමි වූ ප්‍රේමය ද, පමුක් මායාවී ලෙස සලකා එක කලාලයකට වියයි. සිත්තරකරණය ඒ පශ්චාත් නූතන කලාලය මත විසුල විස්මිත වර්ණ රටා විසිතුරකි. ඔහු ගේ අග්‍ර කෘති මැද මහඟු රත්මිණක් සේ දිලෙන “මගේ නම රතු” ඔස්සේ නොබෙල් සාහිත්‍ය සම්මාන ලාහී ඔර්හාන් පමුක් මෙලෙසින් සිංහලයෙන් කියවන පාඨකයා හමුවට එන්නේ පළමු වතාවට ය.

මගේ පුංචි මාතාහාරි | Mage Punchi Mata Hari

රු200.00
or 3 X රු66.67 with

ස්වයං පීඩාකාමී,
මනෝ ආලෝලනයක, බුද්ධි කලම්බන රතියක
සරාගී භෂ්මාවශේෂ හා ප්‍රභාවශීලී ලාලාසාවක රන්සුණු එකලස්කරණයක්

පුංචි මාතාහාරියක ගේ දෙපාමුල තැබෙන කැලෑ මල් කලඹක්

කවි නිමිති දෙකක් කාව්‍ය පසුබිම් දෙකක් කාව්‍ය නායිකාවන් දෙදෙනෙක්.
එකම කවියෙක්. වසර දහඅටක පරතරයක්.
එකම කාව්‍යාත්මයක්.

පරමෝත්කෘෂ්ඨ ගැහැණියක
සොයා ගිය
ජීවන සැරිසරුවක් කවියන් කුකවියන් කරන ගැහැණියක ලඟ ඉසිඹුවක්.

මගේ පෙම්වතුන් එකොළහ | my eleven boyfriends

රු882.00
or 3 X රු294.00 with

මට ඉතිරිය සම්පුර්ණ කරන්න නොදී ඔහු මා සිප ගත්තේය.

එය බලහත්කාරකමත්, පිරිමිකමේ දඩබ්බර බවත් මුසුවූ සිප ගැනීමකි. මෘදු බවත්, දැඩි බවත් මුසු වූ සිපගැනීමකි. ආධිපත්‍යයත්, යටත් වීමත් මිශ්‍ර වූ සිපගැනීමකි. අනුමැතියත්, ප්‍රතික්ෂේපයත් හිමි වූ සිප ගැනීමකි. මාගේ මුහුණ දෙපසින් පිහිටුවා තිබූ ඔහුගේ ශක්තිමත් දෑත් යම්කිසි පාලනයක රළු බවකුත්, ආරක්ෂාවක හැගීමකුත් ගෙන ආවේය. ඔහුගේ හොඳින් වැඩුණු ශරීරය ඉදිරියේ මා පරඬැලක් මෙන් දියවී යනු මට දැණුනි. ඔහුගේ දැස්වලින් නිකුත් වූ සල්ලාල දීප්තිය ප්‍රථමයෙන් වැඩිවන ආකාරයත්, ඔහුගේ දෙතොල්වල තෙරපුම ක්‍රමයෙන් තීව්‍ර වන ආකාරයත් මට දැණුනි. මුලින් ඇති වූ මාගේ ප්‍රතික්ෂේපය පසුව අනුමැතියක් බවට පත්වන ආකාරය අත්විදමින් සිටි මම, එකී අනුමැතිය බලෙන් ඉවත් කරගෙන වහා පසකට වුණෙමි.

ඉන්පසු ඔහුට වේගවත් කම්බුල් පහරක්…

” තමුසෙට ලැජ්ජ නැද්ද?” මම කෝපයෙන් පැවසුවෙමි. ඒ පවසනා ගමන්ම මා කෝප ගත්තේ ඇයිදැයි සිතාගත නොහැකිව නන්නත්තාර වූවෙමි.

මචපුචාරේ අවාරේ | Machapuchare aware

රු765.00
or 3 X රු255.00 with

ජීවිතයේ ඇත්තේ අපමණක් සැරිසැරුම් පමණ ය. සීමා මායිම් ඇතිව හෝ නැතිව ලෝක ගෝලය පුරා භෞතිකව සැරීම ය.

සීමා මායිම් කිසිවක් නැතිව සිත් අබතුරින් සැරීම ය. ඒ අතර කාලය නම් මායාමය සත්තාව අප වටා ද, අප වසා ද, අප තුළ ද, අප අරමුණුකොට ද සරන්නේ ය. ඉදින් අපි සියල්ලෝ දැන හෝ නොදැන මහා සැරිසරක සරන්නෝ වෙමු.

කොහොමත් සරන එකේ, නොදැනුවත්ව නොව දැනගෙනම සැරුවාම වඩා හොඳ නොවේද? එසේ නම්, අනුන්ගේ සැරිසැරුම් කියවීමේත්, තමන්ගේ ම සැරිසැරුම් ලියා තැබීමේත් අරුත එයම වන්නට බැරිද?

මතක ශක්තිය වඩන විශිෂ්ටතම උපක්‍රම හා පරීක්ෂණ / Mathaka shakthiya wadana wishishtathama upakrama ha parikshana / The Best Memory Methods And Tests

රු1,080.00
or 3 X රු360.00 with

මතක ශක්තිය අපේ ජීවිතයේ සාර්ථකත්වයේ පදනමය. නමුත් එය ඉබේ වර්ධනය නොවන්නකි. එය විවිධ ප්‍රයෝග හා උපක්‍රම භාවිතයෙන් වර්ධනය කළ යුත්තකි. මනද යම් යම් දේ මතකයේ රඳවා ගැනීමට අපට විවිධ ප්‍රයෝග භාවිතා කළ හැකිය. නමුත් ඒවා අපේ මතකයට හුරුවන්නේ අභ්‍යාසයේ යෙදෙන තරමටය. මෙම ග්‍රන්ථයට මතක ශක්තිය වර්ධනය කර ගැනීමට අවශ්‍ය විවිධ පරීක්ෂණ විශාල ප්‍රමාණයක් ඇතුළත් වේ. ඒ සියල්ල කිහිප වරක්ම අභ්‍යාසයේ යෙදීමෙන් ඔබට කදිම ප්‍රතිලාභ ලැබිය හැකිය. එමෙන්ම මෙය අධ්‍යාපනය ලබන්නට සේම ජීවිතයේ සාර්ථකත්වය අපේකෂා කරන වැඩිහිටියන්ට ද එක සේ ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් බව ද කිව යුතුය

මනුසත් උයන / Manusath Uyana

රු720.00
or 3 X රු240.00 with

නිරුවත් වානරයා ලියමින් මිනිසා වෙත නිර්දය බැල්මක් හෙලු මොරිස් මනුසත් උයන තුලින් මිනිස් සමාජය විද්‍යාත්මක විමසුමකට ලක් කරයි. මනුසත් උයන ඔබේ සිත පුළුල් නිමි වළලු කරා ගෙන යන ඔබේ බුද්ධිය කිති කවන විචක්ෂණ කෘතියකි.

මනුසත්වග | Manusathwaga

රු1,870.00
or 3 X රු623.33 with

අතිවිශිෂ්ටය…බ්‍රෙග්මාන් අපගේ ඉතිහාසය යොදාගනිමින් මිනිස් ස්වභාවය පිළිබද අවබෝධය නව මානයකට කැඳවාලයි. Humankind අපගේ සංවාදය වෙනත් අතකට හරවා දීප්තිමත් අනාගතයකට මඟ හෙළි පෙහෙළි කරයි. අපට එය අන් කවරදාටත් වඩා අවශ්‍යව තිබේ. සුසාන් කේන්, කර්තෘ Quiet

මාතෘකාව මග හැරිය නොහැක්කකි, විරෝධතාවන් මුළුමනින්ම පාහේ පිසදාලයි, ආකර්ෂණීය කතාන්දර කීමේ හැකියාවකි. මෙය අතිවිශිෂ්ට පොතකි.

ටිම් හාෆෝර්ඩ්, කර්තෘ The Undercover Economist

බ්‍රෙග්මාන් සර්ව අශුභවාදය අතිවිශිෂ්ට ලෙස පෙන්වාදෙන පරිද්දෙන් එහෙත් අප විසින් තෝරා ගත්තකි. නොතකා හැරිය නොහැකි කෘතිය වඩා යහපත් හෙටක් පිළිබඳ හැකියාවේ විවරය පුළුල් කරයි.

ඩේවිඩ් වොලස් වෙල්ස් , කර්තෘ The Uninhabitable Earth

මන්දගාමියා / Slow man / Mandagamiya

රු990.00
or 3 X රු330.00 with

ජේ. එම්. කොඑටිසි 1940 වර්ෂයේදී දකුණු අප්‍රිකාවේ උපත ලද්දේය. ඔහු ලියූ පොත්වලින් බොහොමයකට සම්මාන හිමි විය. ං සුප්‍රසිද්ධ දකුණු අප්‍රිකානු සාහිත්‍ය සම්මානය, CNA සාහිත්‍ය සම්මානය, ජෙෆ්රි ෆේබර් අනුස්මරණ සම්මානය, ර ප්‍රික්ස් එට්‍රෑන්ගර් ෆෙමිනා සම්මානය, ජේම්ස් ටේට් බ්ලැක් අනුස්මරණ සම්මානය, 。 අයිරිස් ටයිම්ස් ජාත්‍යන්තර සම්මානය, ං බුකර් සම්මානය දෙවරක්ද, නොබෙල් සාහිත්‍ය සම්මානය ඔහුගේ කෘති වලට ලැබී ඇත. මෙම කෘතියද කොඑට්සිගේ විශිෂ්ට කෘති අතරට ගැනේ.

මන්දෝදරී | Mandodari

රු1,485.00
or 3 X රු495.00 with

ඒ සමඟ ඇයට ඇති වූ කේන්තිය කෙතරම්ද යත් ඇය මිට මොළවා ඔහුට පහර දුන්නාය. ගැනු පළිගන්න හැටි ඔයා තාම දන්නෙ නැ.. ඇය එසේ කීවේ ඔහු ඇස් පියා ඒ වේදනාව විඳින අතරය.

ඉන්පසුව යළිත් ඔහුගේ පපුව මතම හිස හොවා මෙසේද කීවාය. ඒ පළිගන්න මිනිස්සුන්ගේ පපුව උඩම තමා ගෑනු ඔලුව තියාගන්නත් කැමති.!”

මම ඔස්ටින් | Mama Austin

රු2,025.00
or 3 X රු675.00 with

සමකාලීන ශ්‍රී ලාංකේය ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථාන කිහිපයක දී, සංකීර්ණ භූමිකාවල නිරත වූ ඔස්ටින් ප්‍රනාන්දු, සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වූ 2001-2003 සමයේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරය හා 2017-2018 සමයේ ජනාධිපති ලේකම් ධූරය දරමින් රාජ්‍ය සේවයේ නියැළුණේ ය. ඒ හැරෙන්නට, රාජ්‍ය සේවයේ උසස් වගකීම් රැසක් දරා ඇති ඔහු, පෞද්ගලික හා අන්තර්ජාතික ආයතනික කාර්යභාර වල නියැළීම හේතුවෙන් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ඇතැම් මත භේදාත්මක සිදුවීම් වල ජීවමාන සක්ෂිකරුවකු බවට ද පත් වේ.

ඔහු සිය දීර්ඝකාලීන අත්දැකීම් දෙස මැදහත් සිතින් කළ අවලෝකනයකි. ‘මම, ඔස්ටින්’ කෘතිය. ලාංකේය දේශපාලන හා පරිපාලන ක්ෂේත්‍ර පිළිබඳව ජන මාධ්‍යයෙහි හෝ අන් තැනක ලේඛනගත නොවූ සත්‍යය සහ සංකීර්ණතා වටහා ගැනීමට මේ කෘතිය කවුළුවක් විවර කර දෙයි. ඒ තුළින් පාඨකයාට රාජ්‍ය තන්ත්‍රය හා රාජ්‍ය තාන්ත්‍රිකයන් ගැන මෙන් ම දේශපාලනය සහ සමාජය තුළ ගැබ් වී ඇති මිනිස් ස්වභාවයේ විශිෂ්ටත්වය ද, දුර්වලත්වය ද, සංකීර්ණත්වය ද දැකිය හැකි ය. ‘මම, ඔස්ටින්’ කෘතිය ස්වයං චරිතාපදානයක් මෙන් ම කාලෝචිත සමාජ කතිකාවතකි.

මම මලීකා | Mama Malika

රු765.00
or 3 X රු255.00 with

මට මගේ නම කියලා කතා කරන්න! මම කැත නැහැ. මං මෝඩ නැහැ. මම මලිකා මැඩිසන්… ඔව් මං කළුයි තමයි. හොඳටම කළුයි… ඉතින්, ඒක නිසා ඔයා මට කැමති නැත්නම්, ඒකට මට කරන්න දෙයක් නෑ… මොකද, මේ තමයි මගෙ හමේ පාට!” මම හයියෙන් කෑගහනවා.

චාර්ලීස් ජෝන්ස්, ඔයා තමන් ගැන මොන විදිහට හිතාගෙන හිටියත්, ඔයා මට වඩා දහ ගුණයක් නරකයි. මම නම් කවදාවත් ම තව කෙනෙකුට බල කරන්නෙ නෑ, පන්ති කාමරයක් ගිනි නියන්න කියලා… මං කවදාවත් මට වඩා දුර්වල ළමයින්ට වද දෙන්නෙ නෑ, ඒ වගේම, තව කෙනෙකුගෙ හිත තුවාල කරන්න පුළුවන් විදිහේ පහන්, දුෂ්ඨ වචන කියන්නෙත් නෑ.

මම ලෙඩෙක් මට ලෙඩක් නොහොත් තහනම් පොත | Mama ledek mata ledak

රු855.00
or 3 X රු285.00 with

මම ලෙඩෙක් මට ලෙඩක්

ආලෝකය වේවා! එවිට ආලෝකය විය – මහා බලධාරි

ආධිපත්‍යයක් විඳීමේ ආතල් එක – සිද්ධි ෆිල්ඩ් න්‍යාය –

දුටුගැමුණුගේ තාත්තා එළාර වෙන්න බැරිද? –

කලිසමේ වූ ගියාට එව්වරම ගඳ නෑ –

අපි මේ ඉන්නෙ ජීවත් වෙමින් නෙමෙයි මැරෙමින් –

පැවැත්මෙහි ද්විත්ව ස්වරූපයක් ඇත –

චිත්‍රපටයක් වාචිකව බැලීම – ශේක්ස්පියර් මිනීමරුවෙක් නම් –

දේවාලයක් කියන්නේ කඩයක්ම තමයි –

ජීවිතය කියන්නේ ක්ෂුද්‍ර ක්ෂණයක් විතරයි

මල් පිපෙන හිරොෂිමා | Mal Pipena Hiroshima

රු467.50
or 3 X රු155.83 with

අපිට මේ ලොවේ තියෙන සියුම් ඉසියුම් දේවල් දකින්න විඳින්න ඕනෑ තරම් ක්‍රම තියෙනවා. ඒ අතරින් මා හිතන විදියට සොඳුරු දෙය තමයි කවියෙකුගේ හෘදයාංගම ඇස් බැල්ම කියන්නේ. හොඳ කවියක් නිතරම අපි නොදකිනා තෙවෙනි මානයකට අපව ගෙන ගොස් අපගේ ආත්මයේ මෙතුවක් අපට අසුනොවී ඇති තැන් අවදි කිරීමට සමත් වෙනවා. ඩිෂාන් චතුරංග කියන්නේ කවිය තුළින් අපව එවැනි තැනකට ඔසවා තැබිය හැකි තුරුණු කවියෙක් බව ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහයෙන්ම ඔප්පු කර තිබෙනවා. ඔහුට කවි ඇසුරේ දුර ගමනක් ඇති බවට මග සලකුණු මෙම කෘතියෙන් මම අත්වින්දෙමි. කවිය අවියක් කොට සමාජය අවදි කිරීමට ඔහුට අවශ්‍ය ශක්තිය ලැබේවා කියා සහෘදයකු ලෙස මම ඉත සිතින් පතමි.

– ඉලක්ෂ ජයවර්ධන

මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ | Masa nimakala hadawathak wikineemata thibe

රු600.00
or 3 X රු200.00 with

දැන්වීමයි !

ප්‍රේමයෙන් අත් හැරුණු පසු බෝ පළුදු වුණු හදවතක්

ස්නේහයේ කටු ඇනී ලේ ගැලු සිදුරු වුණු හදවතක්

අවැසි නම් විමසන්න ඉරුණු තැන් නොපෙනෙන්න

මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ

මගදි හමු වූ වෙදැදුරෙක් මෙය පිළිසකර කර තිබේ…

මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ

මහ පිරිත | Maha Piritha

රු4,050.00
or 3 X රු1,350.00 with

පිරිත් පේ කිරීම

සතර කමටහන්

සෙත් පිරිත්

දොරකඩ අස්න

අනුශාසනාදිය සහිත උප ග්‍රන්ථයෙන් යුක්ත යි

මහ සිහිනයක මිහිරි කරදර | Maha Sihinayaka Mihiri Karadara

රු585.00
or 3 X රු195.00 with

වචන මාධූර්යයට සපුරා වසඟ නොවන අර්ථ පෞරුෂයකින් හෙබි ලියනගේ අමරකීර්තිගේ කවි මග මේ මොහොතේ සිංහල කවියේ ‘ප්‍රධාන ධාරාව’ යයි සම්මත කවි මගට නිශ්චිතවම වෙනස් ඉසව්වක විහිද යන්නකි. තේමාත්මක මානයේ සහ සංරචන විධිය යන දෙකෙහිම ඒ වෙනස කැපී පෙනෙයි. කවියට උචිත යැයි ‘ප්‍රධාන ධාරාව’ තුළ සම්මත තේමා සහ සංරචන විධි යන දෙකම අනුගමනය නොකරන කවි ඔහුගේ කවි අතර සුලබය. තමන්ගේම තානයකට තමන්ගේම වේගයකින් ගලා යන දොළ පහරක් සේ ඔහුගේ කවිය දශක දෙකකට අධික කාලයක් තිස්සේ නිහඬව පාඩුවේ ගලා යනු දැකිය හැක්කේ කවිය සම්බන්ධයෙන් වන සීමිත නිර්වචන අමතක කොට ඒ දෙස විමසිල්ලෙන් බලා සිටින තවත් කවි සිතකට පමණි. ‘එකමත් එක පිටරටක’, ‘හමුවෙද අපේ වෙණ තත’, ‘හෙවණැල්ල වී පවතිමි’ සහ ‘මහ සිහිනයක මිහිරි කරදර’ යන ග්‍රන්ථ නාමවල පවා ඒ අනන්‍ය ගමන නිරූපණය වෙයි.
ඉහත අනන්‍යතා ලකුණද ඔහුගේ කවියට විෂය වන තේමා විහිදෙන පුළුල් පරාසයද, එකවර සටහන් කිරීම සඳහා මේ කාව්‍ය ඛණ්ඩ පමණක් වුව සෑහෙයි:
‘එක කඳුළකට විතර ඉස්සර
උනිද ඔබ කෙතෙක් ලස්සන’ (එකමත් එක පිටරටක)

‘ආදි මිනිසා කවර දෙස වුව ඊය හැදුවෙද
ඒත් සමගම වෙණ තනා ඇත
මිතුර කෝ ඒ අපේ වෙණ තත
ඊ වැකුණ හද සනසවන තත
අපට හමුවෙද යළිත් ඒ තත’ (හමු වෙද අපේ වෙණ තත)

කුමුද පිපෙනා තැනක පිපුම්කාරක කවුද
පුෂ්පකාරක කවුද කුමුද ඔබ දන්නවද (මහ සිහිනයක් මිහිරි කරදර)

අමරකීර්ති හෝ එවැනි වෙනත් කවියෙකුගේ කවි මග ගැන තබන සටහනකදී අවධාරණය කළ යුත්තක් වන්නේ කලා ශානරවල සීමා මායිම් නිර්ණය පිළිබඳ අනවශ්‍ය ලෙස අනම්‍ය වීමද, ශානරයක් තුළ මතු විය හැකි විවිධත්වය සමතලා කොට බැහැර කිරීමට ඉක්මන් වීමද යන දෙකරුණම අදාළ කලාංගයේ ප්‍රගමනයට දැඩි සේ බාධා පමුණුවන බවය.

-ප්‍රභාත් ජයසිංහ.