Showing 889–912 of 1415 results
Shop
මකියාවෙලි කුමාරයා | Makiyaweli Kumaraya

නිකොලොයි ඩී බර්-නොර් – ඩෝ මකියාවෙලි විසින් රචිත THE PRINCE (කුමාරයා) නම් කෘතිය ඉතාලියේ දේශපාලන කරළියෙහි පමණක් නොව ලෝක දේශපාලන ක්සේත්‍රයෙහි ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් ග්‍රන්ථයකි. නිකොලොයි මකියාවෙලි කුමාරයා ලියූ කාලයේ ඉතාලියෙහි පැවැති දේශපාලන පරිසරය සහමුලින් වෙනස් කිරීම අරමුණු කොට ගෙන ඔහු ඒ කාර්යයෙහි නියුක්ත වී ඇතැයි මැදහත් සිතින් “කුමාරයා දේශපානලන විචාරකයෝ ප්‍රකාශ කරති. ඉතාලිය ආක්‍රමණය කළ ” ම්ලේච්ඡයන්ගෙන්” රට ආරක්ෂා කර ගැනීම සඳහා මෙඩිසි පවුල පෙළැඹවීම මකියාවෙලීගේ සමීපතම අරමුණ වී ඇතැයිද වී විචාරකයෝ
කියති.
එහෙත් ඊට හාත්පසින්ම වෙනස් දෘෂ්ටි කෝණයකින් “කුමාරයා දෙස බැල විචාරකයෝ එය නිර්දය විවේචනයට ලක් කළහ. දෝෂාරෝපණයට භාජනය කළහ. ඊට දිගට හරහට පහර දෙන්නට පටන් ගතත්හ. තම අරමුණ ඉටු කර ගැනීම සඳහා කෙනකු අනුගමනය කරන ක්‍රියා මාර්ගය වනා සදාචාරය එහිලා වැදගත් සාධකයක් නොවේ යැයි මකියාවෙලී “කුමාරයා” මඟින් එළි දක්වා ඇති මතය එකී විවේචන වලටත් දෝෂාරෝපණ වලටත් පදනම් වූවාට සැකයක් නැත. මකියාවෙලීගේ “කුමාරයා” දුෂ්ට පාලකයනට පමණක් ගැළපෙන නරුම සිද්ධාන්ත සංග්‍රහයකැයි ඒ විවේචකයෝ කීහ.
එසේ වුවද ” කුමාරයා ” ප්‍රකාශයට පත් වුණු දහ සය වැනි සිය වසේ මුල් භාගයේ පටන්ම ඒ පිළිබඳ විවාදාත්මක කරුණු සාකච්ජාවට භාජන වූ බවද විචාරකයෝ ප්‍රකාශ කරති. එපමණක් නොව සමකාලීන සමාජ චින්තනය පිළිබඳ ශාස්ත්‍රීය ග්‍රන්ථයක් බවට මෙන්ම වෙනත් ශ්‍රේෂ්ට කෘති වලටත් දේශපාලන න්‍යායකට හා පුනරුද සංස්කෘතියටත් සාධකයක් බවටද * කුමාරයා ” පත් විය යන්න තවත් විචාරකයන්ගේ මතයයි.
එසේ පක්ෂ හා විපක්‍ෂ විවිධ මතිමතාන්තර වලට පාදක වූ “කුමාරයා” කෘතියෙහි අන්තර්ගත දෘෂ්ටිය අදත් ලෝක දේශපාලන කරළියෙන් බැහැර නොවී පවත්නේ එහි යම් සදාතනික වටිනාකමක් ඇති නිසා ම බව නිසැකය.
මක්සිම් ගෝර්කි මගේ සරසවි | Mage Sarasavi

ඇලෙක්සෙයි මැක්සිමොවිච් පෙෂ්කොව් ලෙස උපත ලද, පසුකාලයේ මක්සිම් ගෝර්කි බවට පත් කීර්තිමත් රුසියානු සහ සෝවියට් ලේඛකයා විසින් ලියන ලද ” මගේ සරසවි” යනු ඔහු විසින් ලියන ලද කොටස් තුනකින් යුක්ත ස්වයං චරිතාපදාන නවකතා අතර තුන්වැන්නය. මේ කෘතියෙන් ගෝර්කි වැඩිහිටි වියට එළැඹි මුල් සමය පිළිබඳ අවධානය යොමු කර තිබේ. එම කාලය තුළ ඔහු අධ්‍යාපනය ලබා ගැනීමට සහ ඔහුගේ බුද්ධිමය සහ සාහිත්‍ය අභිලාෂයන් තවදුරටත් ගවේෂණය කිරීමට උත්සාහ කරයි. කිසිදා විධිමත් විශ්වවිද්‍යාලයකට නොගියද, ගෝර්කි සිය ජීවිතයම ඔහුගේ “විශ්ව විද්‍යාලය” ලෙස හඳුන්වයි. දරිද්‍රතාවයට හා පීඩනයට එරෙහි ඔහුගේ අඛණ්ඩ සටන මෙන්ම ඔහුගේ වැඩෙන දේශපාලන විඥානය සහ සමාජ වෙනසක් සඳහා ඇති ආශාව නවකතාවෙන් නිරූපණය කෙරේ. මෙය සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්‍රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.
මක්සිම් ගෝර්කි මිනිසුන් අතර | Minisun Athara

ඇලෙක්සෙයි මැක්සිමොවිච් පෙෂ්කොව් ලෙස උපත ලද, පසුකාලයේ මක්සිම් ගෝර්කි බවට පත් කීර්තිමත් රුසියානු සහ සෝවියට් ලේඛකයා විසින් ලියන ලද ‘මිනිසුන් අතර‘ යනු ඔහු විසින් ලියන ලද කොටස් තුනකින් යුක්ත ස්වයං චරිතාපදාන නවකතා අතර දෙවැන්නය. එය ගෝර්කිගේ නව යොවුන් විය පිළිබඳ විවරණය කරයි. ඔහු තම දුෂ්කර පවුල් පරිසරයෙන් ඉවත්ව ස්වාධීනව ලෝකය ගවේෂණය කරමින් ස්වාධීන වන්නට ගන්නා උත්සාහය මෙයින් පිළිබිඹු වෙයි. ආධුනිකයෙකු, පිඟන් සෝදන්නෙකු සහ කම්කරුවෙකු වැනි දුෂ්කර, අඩු වැටුප් සහිත විවිධ රැකියා කරමින් ජීවිතය ජයගන්නා දරනා උත්සාහය මේ තුළින් දැක ගත හැකිය. 19 වැනි සියවසේ රුසියාවේ පැවති කටුක යථාර්ථය පිළිබඳ මැනවින් නිරූපණය වී තිබේ. ගෝර්කි සාහිත්‍යයට යොමු වන්නට පටන් ගන්නේ මේ සමයේදීය. මෙය සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්‍රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.
මක්සිම් ගෝර්කි ළමා විය | Lama Wiya

ඇලෙක්සෙයි මැක්සිමොවිච් පෙෂ්කොව් ලෙස උපත ලද, පසුකාලයේ මක්සිම් ගෝර්කි බවට පත් කීර්තිමත් රුසියානු සහ සෝවියට් ලේඛකයා විසින් ලියන ලද “ළමා විිය” (My Childhood) යනු ස්වයං චරිතාපදාන නවකතාවක් වන අතර එය කතුවරයාගේ මුල් අවදිය පිළිබඳ සැලකිය යුතු මට්ටමේ අවබෝධයක් ලබා දෙයි. ඔහුගේ දිළිඳු පවුල් ජීවිතයේ දුෂ්කරතා සහ අරගල, ඔහුගේ ළමා වියේ කටුක තත්ත්වයන් සහ ඒවා ජය ගැනීමට ඔහු ගත් උත්සාහයන් මේ කෘතිය තුළින් මැනවින් පිළිබිඹු කොට තිබේ. මෙහි සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්‍රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.
මගේ ආදර අවනඩුව | Mage aadara awanaduwa

සැප්තැම්බර් 27 නිකුත් වේ.
මල්සර දුන්නෙහි හී දෙකකින් සාදන ලද ඔරලෝසු කටුවලින් සමන්විත ප්‍රාකාර හෝරා යන්ත්‍රය සිත් නෙත් සිත් නෙත් සිත් නෙත් හඩ දෙමින් කාලය අතීතයෙන් අනාගතයට අදියි. දෙදුනු රේඛාවන්ගෙන් නිර්මිත සාක්ෂි කුඩු මත මිතුරු සියොත්හු රොද බැඳ සිටිති. එනමුදු අවාසනාව පියපත් අතර රඳවාගෙන සපැමිණි ඔවුන් මෙතැන ගොළුය. පැමිණිලි කුඩුව රෝස මලෙන් ගැවසී ගොස් ය. එහි ඇත්තේ අරුමැසි රූප ඡායාවකි. මා වික්ෂිප්තව සිටගෙන සිටින මේ විත්ති කූඩුව නිමවා ඇත්තේ දහස්වරක් ශෝකය වැයූ වීණාවක තත්වලිනි. මා මුව ද ගොළුව ඇත පෙනෙන්නතෙක් මානයෙහි දිය පොදක් නැත එවැන්නක් කිසිවකුගෙන් නො ඉල්වමි, මක්නිසාදයත් අමපැන් ඉල්ලා හළාහල විෂ ලත් අතීත ජීවිතයක් මට තිබේ. මේ පූර්විකාව තවත් දීර්ඝ කො කරමි කිසිදා නොදුටු නාදුන ඔබ දැන් විනිසුරු අසුනට යා යුතුය. එක් ඉල්ලීමක් පමණක් කරමි. මා නිදොස් කොට නිදහස් නොකරන්න එසේ කළ ද සදාකාලික හෘද සිපිරිගෙයක මා සිර වෙමි මෙතැන් සිට මේ ප්‍රේමණිය උසාවිය ඔබට බාරය.
මේ මගේ ආදර අවනඩුව !
මගේ කතාව ඉන්ද්‍ර නූයි | Mage kathawa Indra Nooyi

මගේ ජීවිතය විසින් එක සේ ප්‍රබලව ඉල්ලා සිටිනු ලබන වටිනා සම්පත් දෙකක් තිබෙනවා. එනම්, මගේ පවුල සහ මගේ රැකියාවයි. ඉන්දියාවේ මදුරාසියේ මධ්‍යම පාන්තික හින්දු පවුලක උපත ලබා විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ද වරම් ලද මට අමෙරිකා එක්සත් ජනපදයේ දී පශ්චාත් උපාධි සහිතව සුදුසුකම් සම්පූර්ණ කිරීමට අවස්ථාව ලැබුණා. අවංකව අනලස්ව කටයුතු කිරීම මා ලද ජන්ම ගුණයක්. ජීවයෙන් සහ ශුභවාදයෙන් සපිරි පෙප්සිකො ආයතනය තුළට පිය නැගූ එම සුබ මොහොතේ මගේ මුළු හදමඬල ප්‍රමෝදයෙන් පිරී ගියා. එය මගේ ජයබිම බව මට දැනුණේ නිරායාසයෙන්.
මා ජීවිතයේ සාක්ෂාත් කළ සියල්ල මල් වට්ටියක තබා මට පුදදෙනු ලැබූ පූජාවක් නම් නොවෙයි. ඒ වනාහි මා බොහෝ බුද්ධිමත්ව, ඉවසිලිවන්තව, කැපවීමෙන් කටයුතු කිරීමෙන් සොයා සපයා ගත් දැයි. එය කඳුළ සුසුම මැදින් අනන්ත බැමි කඩා ගෙන ඉදිරියට පැමිණීමට ශක්තිය ධෛර්යය වඩාගත් සාමාන්‍ය ගැහැනියක ලද ජයග්‍රහණයයි. ඒ සඳහා මට අත හිත දුන් සියලු දෙනාටම මගේ ආදර ගෞරවය සදා හිමියි.
MY LIFE IN FULL by INDRA NOOYI
මගේ කතාව ඉන්ද්‍ර නූයී
පෙප්සිකෝ හිටපු සභාපති සහ ප්‍රධාන විධායක
පරිවර්තනය ස්වර්ණකාන්ති රාජපක්‍ෂ
මගේ කුලුදුල් පෙම්වතිය – Mage Kuludul Pemwathiya

මගේ නම රතු | Mage nama Rathu

ඉස්තාන්බුල් නගරය යි. වර්ෂයෙන් 1591 වැන්නයි. සීතලෙන් මිදුණු සිසිරයේ දින නවයකි. විවිධාකාර කථකයන් ගේ ආත්ම භාෂණ වැලකි. කතාවට ඇරඹුමක් දෙන්නේ ඝාතනය කර ළිඳක් පල්ලේ ” හෙළා තිබෙත මළමිනියකි. ‘මගේ වදන්වලින් හැකිනම් මා අල්ලාගන්නැයි කතාව කිමට එක්වන ඝාතකයා, පාඨකයාට අභියෝග කරයි. ලේ විලක් මැද මියයමින් සිටින සිත්තර ඇදුරෙක්ද, එක් අසිපත් පහරකින් කඳින් සිඳී බිම පතිත ඔළුගෙඩියක් ද පාඨකයා අමතා කතා කරති. ඊර්ෂ්‍යාව, වෛරය, සහෝදරත්වය හා පාවාදිම ද ආලය, රාගය, විරහව හා අංගවිකල ව යළි හමුවන අහිමි වූ ප්‍රේමය ද, පමුක් මායාවී ලෙස සලකා එක කලාලයකට වියයි. සිත්තරකරණය ඒ පශ්චාත් නූතන කලාලය මත විසුල විස්මිත වර්ණ රටා විසිතුරකි. ඔහු ගේ අග්‍ර කෘති මැද මහඟු රත්මිණක් සේ දිලෙන “මගේ නම රතු” ඔස්සේ නොබෙල් සාහිත්‍ය සම්මාන ලාහී ඔර්හාන් පමුක් මෙලෙසින් සිංහලයෙන් කියවන පාඨකයා හමුවට එන්නේ පළමු වතාවට ය.
මගේ පුංචි මාතාහාරි | Mage Punchi Mata Hari
රු200.00
ස්වයං පීඩාකාමී,
මනෝ ආලෝලනයක, බුද්ධි කලම්බන රතියක
සරාගී භෂ්මාවශේෂ හා ප්‍රභාවශීලී ලාලාසාවක රන්සුණු එකලස්කරණයක්
පුංචි මාතාහාරියක ගේ දෙපාමුල තැබෙන කැලෑ මල් කලඹක්
කවි නිමිති දෙකක් කාව්‍ය පසුබිම් දෙකක් කාව්‍ය නායිකාවන් දෙදෙනෙක්.
එකම කවියෙක්. වසර දහඅටක පරතරයක්.
එකම කාව්‍යාත්මයක්.
පරමෝත්කෘෂ්ඨ ගැහැණියක
සොයා ගිය
ජීවන සැරිසරුවක් කවියන් කුකවියන් කරන ගැහැණියක ලඟ ඉසිඹුවක්.
මගේ පෙම්වතුන් එකොළහ | Mage Pemwathun ekolaha

මට ඉතිරිය සම්පුර්ණ කරන්න නොදී ඔහු මා සිප ගත්තේය.
එය බලහත්කාරකමත්, පිරිමිකමේ දඩබ්බර බවත් මුසුවූ සිප ගැනීමකි. මෘදු බවත්, දැඩි බවත් මුසු වූ සිපගැනීමකි. ආධිපත්‍යයත්, යටත් වීමත් මිශ්‍ර වූ සිපගැනීමකි. අනුමැතියත්, ප්‍රතික්ෂේපයත් හිමි වූ සිප ගැනීමකි. මාගේ මුහුණ දෙපසින් පිහිටුවා තිබූ ඔහුගේ ශක්තිමත් දෑත් යම්කිසි පාලනයක රළු බවකුත්, ආරක්ෂාවක හැගීමකුත් ගෙන ආවේය. ඔහුගේ හොඳින් වැඩුණු ශරීරය ඉදිරියේ මා පරඬැලක් මෙන් දියවී යනු මට දැණුනි. ඔහුගේ දැස්වලින් නිකුත් වූ සල්ලාල දීප්තිය ප්‍රථමයෙන් වැඩිවන ආකාරයත්, ඔහුගේ දෙතොල්වල තෙරපුම ක්‍රමයෙන් තීව්‍ර වන ආකාරයත් මට දැණුනි. මුලින් ඇති වූ මාගේ ප්‍රතික්ෂේපය පසුව අනුමැතියක් බවට පත්වන ආකාරය අත්විදමින් සිටි මම, එකී අනුමැතිය බලෙන් ඉවත් කරගෙන වහා පසකට වුණෙමි.
ඉන්පසු ඔහුට වේගවත් කම්බුල් පහරක්…
” තමුසෙට ලැජ්ජ නැද්ද?” මම කෝපයෙන් පැවසුවෙමි. ඒ පවසනා ගමන්ම මා කෝප ගත්තේ ඇයිදැයි සිතාගත නොහැකිව නන්නත්තාර වූවෙමි.
මචපුචාරේ අවාරේ | Machapuchare aware

ජීවිතයේ ඇත්තේ අපමණක් සැරිසැරුම් පමණ ය. සීමා මායිම් ඇතිව හෝ නැතිව ලෝක ගෝලය පුරා භෞතිකව සැරීම ය.
සීමා මායිම් කිසිවක් නැතිව සිත් අබතුරින් සැරීම ය. ඒ අතර කාලය නම් මායාමය සත්තාව අප වටා ද, අප වසා ද, අප තුළ ද, අප අරමුණුකොට ද සරන්නේ ය. ඉදින් අපි සියල්ලෝ දැන හෝ නොදැන මහා සැරිසරක සරන්නෝ වෙමු.
කොහොමත් සරන එකේ, නොදැනුවත්ව නොව දැනගෙනම සැරුවාම වඩා හොඳ නොවේද? එසේ නම්, අනුන්ගේ සැරිසැරුම් කියවීමේත්, තමන්ගේ ම සැරිසැරුම් ලියා තැබීමේත් අරුත එයම වන්නට බැරිද?
මතක ශක්තිය වඩන විශිෂ්ටතම උපක්‍රම හා පරීක්ෂණ / Mathaka shakthiya wadana wishishtathama upakrama ha parikshana / The Best Memory Methods And Tests

මතක ශක්තිය අපේ ජීවිතයේ සාර්ථකත්වයේ පදනමය. නමුත් එය ඉබේ වර්ධනය නොවන්නකි. එය විවිධ ප්‍රයෝග හා උපක්‍රම භාවිතයෙන් වර්ධනය කළ යුත්තකි. මනද යම් යම් දේ මතකයේ රඳවා ගැනීමට අපට විවිධ ප්‍රයෝග භාවිතා කළ හැකිය. නමුත් ඒවා අපේ මතකයට හුරුවන්නේ අභ්‍යාසයේ යෙදෙන තරමටය. මෙම ග්‍රන්ථයට මතක ශක්තිය වර්ධනය කර ගැනීමට අවශ්‍ය විවිධ පරීක්ෂණ විශාල ප්‍රමාණයක් ඇතුළත් වේ. ඒ සියල්ල කිහිප වරක්ම අභ්‍යාසයේ යෙදීමෙන් ඔබට කදිම ප්‍රතිලාභ ලැබිය හැකිය. එමෙන්ම මෙය අධ්‍යාපනය ලබන්නට සේම ජීවිතයේ සාර්ථකත්වය අපේකෂා කරන වැඩිහිටියන්ට ද එක සේ ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් බව ද කිව යුතුය
මනුසත් උයන / Manusath Uyana

නිරුවත් වානරයා ලියමින් මිනිසා වෙත නිර්දය බැල්මක් හෙලු මොරිස් මනුසත් උයන තුලින් මිනිස් සමාජය විද්‍යාත්මක විමසුමකට ලක් කරයි. මනුසත් උයන ඔබේ සිත පුළුල් නිමි වළලු කරා ගෙන යන ඔබේ බුද්ධිය කිති කවන විචක්ෂණ කෘතියකි.
මනුසත්වග | Manusathwaga

අතිවිශිෂ්ටය…බ්‍රෙග්මාන් අපගේ ඉතිහාසය යොදාගනිමින් මිනිස් ස්වභාවය පිළිබද අවබෝධය නව මානයකට කැඳවාලයි. Humankind අපගේ සංවාදය වෙනත් අතකට හරවා දීප්තිමත් අනාගතයකට මඟ හෙළි පෙහෙළි කරයි. අපට එය අන් කවරදාටත් වඩා අවශ්‍යව තිබේ. සුසාන් කේන්, කර්තෘ Quiet
මාතෘකාව මග හැරිය නොහැක්කකි, විරෝධතාවන් මුළුමනින්ම පාහේ පිසදාලයි, ආකර්ෂණීය කතාන්දර කීමේ හැකියාවකි. මෙය අතිවිශිෂ්ට පොතකි.
ටිම් හාෆෝර්ඩ්, කර්තෘ The Undercover Economist
බ්‍රෙග්මාන් සර්ව අශුභවාදය අතිවිශිෂ්ට ලෙස පෙන්වාදෙන පරිද්දෙන් එහෙත් අප විසින් තෝරා ගත්තකි. නොතකා හැරිය නොහැකි කෘතිය වඩා යහපත් හෙටක් පිළිබඳ හැකියාවේ විවරය පුළුල් කරයි.
ඩේවිඩ් වොලස් වෙල්ස් , කර්තෘ The Uninhabitable Earth
මන්දගාමියා / Slow man / Mandagamiya

ජේ. එම්. කොඑටිසි 1940 වර්ෂයේදී දකුණු අප්‍රිකාවේ උපත ලද්දේය. ඔහු ලියූ පොත්වලින් බොහොමයකට සම්මාන හිමි විය. ං සුප්‍රසිද්ධ දකුණු අප්‍රිකානු සාහිත්‍ය සම්මානය, CNA සාහිත්‍ය සම්මානය, ජෙෆ්රි ෆේබර් අනුස්මරණ සම්මානය, ර ප්‍රික්ස් එට්‍රෑන්ගර් ෆෙමිනා සම්මානය, ජේම්ස් ටේට් බ්ලැක් අනුස්මරණ සම්මානය, 。 අයිරිස් ටයිම්ස් ජාත්‍යන්තර සම්මානය, ං බුකර් සම්මානය දෙවරක්ද, නොබෙල් සාහිත්‍ය සම්මානය ඔහුගේ කෘති වලට ලැබී ඇත. මෙම කෘතියද කොඑට්සිගේ විශිෂ්ට කෘති අතරට ගැනේ.
මන්දෝදරී | Mandodari

ඒ සමඟ ඇයට ඇති වූ කේන්තිය කෙතරම්ද යත් ඇය මිට මොළවා ඔහුට පහර දුන්නාය. ගැනු පළිගන්න හැටි ඔයා තාම දන්නෙ නැ.. ඇය එසේ කීවේ ඔහු ඇස් පියා ඒ වේදනාව විඳින අතරය.
ඉන්පසුව යළිත් ඔහුගේ පපුව මතම හිස හොවා මෙසේද කීවාය. ඒ පළිගන්න මිනිස්සුන්ගේ පපුව උඩම තමා ගෑනු ඔලුව තියාගන්නත් කැමති.!”
මම ඔස්ටින් | Mama Austin

සමකාලීන ශ්‍රී ලාංකේය ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථාන කිහිපයක දී, සංකීර්ණ භූමිකාවල නිරත වූ ඔස්ටින් ප්‍රනාන්දු, සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වූ 2001-2003 සමයේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරය හා 2017-2018 සමයේ ජනාධිපති ලේකම් ධූරය දරමින් රාජ්‍ය සේවයේ නියැළුණේ ය. ඒ හැරෙන්නට, රාජ්‍ය සේවයේ උසස් වගකීම් රැසක් දරා ඇති ඔහු, පෞද්ගලික හා අන්තර්ජාතික ආයතනික කාර්යභාර වල නියැළීම හේතුවෙන් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ඇතැම් මත භේදාත්මක සිදුවීම් වල ජීවමාන සක්ෂිකරුවකු බවට ද පත් වේ.
ඔහු සිය දීර්ඝකාලීන අත්දැකීම් දෙස මැදහත් සිතින් කළ අවලෝකනයකි. ‘මම, ඔස්ටින්’ කෘතිය. ලාංකේය දේශපාලන හා පරිපාලන ක්ෂේත්‍ර පිළිබඳව ජන මාධ්‍යයෙහි හෝ අන් තැනක ලේඛනගත නොවූ සත්‍යය සහ සංකීර්ණතා වටහා ගැනීමට මේ කෘතිය කවුළුවක් විවර කර දෙයි. ඒ තුළින් පාඨකයාට රාජ්‍ය තන්ත්‍රය හා රාජ්‍ය තාන්ත්‍රිකයන් ගැන මෙන් ම දේශපාලනය සහ සමාජය තුළ ගැබ් වී ඇති මිනිස් ස්වභාවයේ විශිෂ්ටත්වය ද, දුර්වලත්වය ද, සංකීර්ණත්වය ද දැකිය හැකි ය. ‘මම, ඔස්ටින්’ කෘතිය ස්වයං චරිතාපදානයක් මෙන් ම කාලෝචිත සමාජ කතිකාවතකි.
මම මලීකා | Mama Malika

මට මගේ නම කියලා කතා කරන්න! මම කැත නැහැ. මං මෝඩ නැහැ. මම මලිකා මැඩිසන්… ඔව් මං කළුයි තමයි. හොඳටම කළුයි… ඉතින්, ඒක නිසා ඔයා මට කැමති නැත්නම්, ඒකට මට කරන්න දෙයක් නෑ… මොකද, මේ තමයි මගෙ හමේ පාට!” මම හයියෙන් කෑගහනවා.
චාර්ලීස් ජෝන්ස්, ඔයා තමන් ගැන මොන විදිහට හිතාගෙන හිටියත්, ඔයා මට වඩා දහ ගුණයක් නරකයි. මම නම් කවදාවත් ම තව කෙනෙකුට බල කරන්නෙ නෑ, පන්ති කාමරයක් ගිනි නියන්න කියලා… මං කවදාවත් මට වඩා දුර්වල ළමයින්ට වද දෙන්නෙ නෑ, ඒ වගේම, තව කෙනෙකුගෙ හිත තුවාල කරන්න පුළුවන් විදිහේ පහන්, දුෂ්ඨ වචන කියන්නෙත් නෑ.