Showing 73–96 of 1295 results

Shop

Chennai Hadu | චෙන්නයි හාදු

රු480.00
or 3 X රු160.00 with

මේ කාව්‍ය සංග්‍රහය ගැඹුරු ප්‍රතිභා ශක්තියක් සිංහල කවිය වෙත ගෙන එයි. ඒ කවි ශක්තිය තල කිහිපයක ප්‍රකාශයට පත් වේ. සිංහල භාෂාවේ විවිධ ප්‍රස්තරවලට පිවිස, ඒවා තම කවියෙහි ජීවන අවස්ථාව සූවනය කිරීමට හරියට හරියන්නට භාවිතා කිරීමේ සියුම් භාෂා සංවේදීතාව එක් තලයකි. සම්භාව්‍ය සිංහල කාව්‍ය භාෂාවද , තරුණ පරම්පරාව අතර ප්‍රචලිත නාගරික ජන වහර ද කිවිඳිය එක තරම් බුහුටිකම් පා හසුරුවයි.

ලියනගේ අමරකීර්ති

Chérie Chérie – SWEETHEART

රු640.00
or 3 X රු213.33 with

Chérie Chérie SWEETHEART

මම හිටියෙ නිර්වාණය ලබන්න
ඔන්න මෙන්න කියලා
ඒ වගේ සැහැල්ලුවක්
ඒ වගේ තෘප්තියක
ඒ වගේ සතුටක්
මට මීට කලින් දැනිලා තිබුණේ නෑ.
ඒ මොහොතින් ඊළඟ මොහොත වෙනස් වුණේ ඉතා සියුම් විදිහට
මාව දෝරෙ ගලනවා
මම සැනසෙනවා
මම පාවෙනවා
මට දැනෙනවා මා තුළින් මාව උතුරනවා

Chokkar Bali | චෝකර් බාලි

රු1,170.00
or 3 X රු390.00 with

නොබෙල් සම්මානලාභී රබින්ඳුනාත් තාගෝර් ගේ Chokker Bali  ස්ථාපිත පවුල් පරිසරයක හට ගැනෙන අනියම් ප්‍රේම සබඳතාවක් දිග හැරෙන සම්භාවිත නවකතාවකි.

බිහාරිගේ හිතෛෂීවන්ත මිතුරු බව ලබන විනෝදකාමී මහේන්ද්‍රගේත්, ලැජ්ජාශීලී සුරූපිනියක වන ආශාගේ වෛවාහික දිවිය බිනොදිනී නම් වැන්දඹු රූමතියකගේ සම්ප්‍රාප්තියෙන් කැලඹෙයි. විටෙක මිතුරු වන ඔවුහු විටෙක සතුරු වෙති. සුඛ – දුක්ඛ සංවේදනාවන් මැදින්, ඔවුන්ගේ ජීවිතය ගලා යන්නේ මනුෂ්‍යත්වයේ සොඳුරු මෙන්ම අඳුරු තැන්ද ආලෝකවත් කර අපට පෙන්වාලමිනි.

අදින් සියවසකටත් පෙර රචිත මෙම කෘතිය වත්මනටත් වලංගුය. ඒ එහි කියැවෙන්නේ සනාතන මනුෂ්‍යත්වය පිළිබඳවම වන බැවිනි.

Colombo – කලම්බො

රු1,402.50
or 3 X රු467.50 with

අතීතයේ මේ රට ලංකා නම් වුවද, පෘතුගීසීන්ට සෙයිලාවෝ විය. ලන්දේසීන්ට සෙයිලාන් විය. ඉංග්‍රීසීන්ට සිලෝන් විය. ඒ අතර අතීතයේ කොලොන්තොට වූ නගරය පෘතුගීසීන්ට Colombo විය. ලන්දේසීන්ටද Colombo විය. ඉංග්‍රීසීන්ටද Colombo විය. නවසිය හතලිස් අටෙන් පසුවද Colombo කොළඹ වුයේ නැත. Colombo, ‘Colombo’ ම විය.

D Diana

රු1,260.00
or 3 X රු420.00 with

එය ගිම්හානයේ තවත් එක සරු සැඳෑවකි. ලොව සුන්දරතම නගරය ශනිදා රැයේ සුපුරුදු උත්සවශ්‍රීයෙන් වෙළීයමින් තිබුණි. නගර වැසියෝ මෙන්ම සංචාරකයින්ද ග්‍රීෂ්ම නිවාඩුව නිම කරන්නට පෙර ගතව යන ඒ අවසන් රැය විනෝදයෙන් ගෙවා දමන්නට සූදානම් වෙමින් සිටියහ.
මේ නගරයේ එක් සුඛෝපභෝගී හෝටල් කාමරයක ලොවම ආදරය කළ රූමත් කුමරියක් රැය ගෙවී පහන් වනතුරු හෝරා ගනිමින් සිටියාය. තමන්ගේ සිතේ ඇති, ක්‍රියාවට නංවන්නට සිහින මවන සැලැස්ම සාර්ථක වන්නේ නම් අදහාගත නොහැකි වෙනස්කමකට ජීවිතය හසුවන බව දැන සිටියද ජීවත් වන්නට තමන්ට ඉතිරිව ඇත්තේ තවත් පැය කීපයක් පමණක් බව ඇය නොදැන සිටියාය.
එය තවත් එක් රිය අනතුරක් පමණක් නොවේ. එය මිනීමැරුමකි. ඇයව මරා දමන්නට සැකසුණු සංකීර්ණ කුමන්ත්‍රණයකි. ඇයව මරා දැමූ ඔවුහු. ඉතිහාසයේ මෙතෙක් හෙළි නොවුණු සංකීර්ණතම අධිරහසකට පදනම දැමූහ.
මේ කියැවෙන්නේ ඩයනා කුමරියගේ මරණයේ කතාවයි.

𝓓 / D

රු2,250.00
or 3 X රු750.00 with

එය ගිම්හානයේ තවත් එක සරු සැඳෑවකි. ලොව සුන්දරතම නගරය ශනිදා රැයේ සුපුරුදු උත්සවශ්‍රීයෙන් වෙළීයමින් තිබුණි. නගර වැසියෝ මෙන්ම සංචාරකයින්ද ග්‍රීෂ්ම නිවාඩුව නිම කරන්නට පෙර ගතව යන ඒ අවසන් රැය විනෝදයෙන් ගෙවා දමන්නට සූදානම් වෙමින් සිටියහ.
මේ නගරයේ එක් සුඛෝපභෝගී හෝටල් කාමරයක ලොවම ආදරය කළ රූමත් කුමරියක් රැය ගෙවී පහන් වනතුරු හෝරා ගනිමින් සිටියාය. තමන්ගේ සිතේ ඇති, ක්‍රියාවට නංවන්නට සිහින මවන සැලැස්ම සාර්ථක වන්නේ නම් අදහාගත නොහැකි වෙනස්කමකට ජීවිතය හසුවන බව දැන සිටියද ජීවත් වන්නට තමන්ට ඉතිරිව ඇත්තේ තවත් පැය කීපයක් පමණක් බව ඇය නොදැන සිටියාය.
එය තවත් එක් රිය අනතුරක් පමණක් නොවේ. එය මිනීමැරුමකි. ඇයව මරා දමන්නට සැකසුණු සංකීර්ණ කුමන්ත්‍රණයකි. ඇයව මරා දැමූ ඔවුහු. ඉතිහාසයේ මෙතෙක් හෙළි නොවුණු සංකීර්ණතම අධිරහසකට පදනම දැමූහ.
මේ කියැවෙන්නේ ඩයනා කුමරියගේ මරණයේ කතාවයි

Daily Inspiration / සාර්තකත්වයේ මං සලකුණු / Sarthakathwaye man salakunu

රු720.00
or 3 X රු240.00 with

ජීවිතය යනු නියමාකාරයෙන්, විචිත්‍ර අන්දමින් එකට වියන ලද තිරයකි. අප ආශා කරන දේවල් අපට හැමවිටම ලැබෙන්නේ නැත. එනමුත් අපේ අවශ්‍යතා හැමවිටම ලැබෙනු ඇත. අප වඩාත් උනන්දු වන දේවල් අපට හැම විටම ලැබෙනු ඇත. එය ජීවිතයට බෙහෙවින් වැදගත් පාඩම්වලින් එකක් වෙයි.

Demala Abhiyogaya | දෙමළ අභියෝගය

රු400.00
or 3 X රු133.33 with

දෙමළ අභියෝගය’ (ප්‍රභාකරන්ගේ අවසානයෙන් පෙර හා පසු) නමින් පළවන මේ පොත පැරණි පොතේ සංස්කරණයක් නොව අලුත් පොතකි. ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ අන්තර් සම්බන්ධය ලේ හැලෙන ලොකු ගැටුමක් බවට පත්වීම කෙරෙහි බලපා තිබෙන හේතු සියුම් හා ගැඹුරිනුත් නවමු ආකාරයකිනුත් මෙහිදී සලකා බලා ඇතැ’යි කිව හැකිය. මීට පෙර මෙම විෂය ගැන කරුණු හදාරා ඇති අයගේ අවධානයට ලක්වී නැති වැදගත් කරුණු ද ඊට ඇතුළත්ය. අර්බුදයේ ප්‍රධාන පාර්ශ්වයන් දෙකේම හැසිරිම් විවේචනාත්මකව සලකා බලා තිබේ.

Denna Depaththe – දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ

රු1,402.50
or 3 X රු467.50 with

රයිටෙක් වෙච්ච සල්ලිකාර රාගව්, නාහෙට නාහන මොළකාර අපතයෙක් වූ ගෝපාල් අතරට මැදිවන සොඳුරු මුවැත්තියක වන ආරති නිම්හිම් නැති ආදරයේ දෙකෙලවරටම රැගෙන යන තුන් ඈඳතු ප්‍රේමයේ ආස්වාදජනක කතාන්දරය.

Deva Thapaya | දේව තාපය

රු722.50
or 3 X රු240.83 with
ඉංගිරිසියෙන් සිංහලයට නැගුණු උත්කෘෂ්ට සාහිත්ය කෘතීන් විරල වූ 1950 ගණන් වලදී සිංහලයට පරිවර්තනය වූ පොතකි.
ක්රි. ව. 80 දශකයෙහිදී පමණ පැවති රෝම ග්රීක සභ්යත්ව යුගයෙහිදී විසුවියස් ගිනි කඳු පිපුරුමෙන් විනාශයට පත් වූ ඉතාලියෙහි පොම්පෙයි නගරය පසුබිම් කොටගත් ප්රේම වෘත්තාන්තයක් දේවතාපයට පසුබිම් වෙයි. මුල් කෘතියේ ලේඛකයාගේ විශිෂ්ටත්වයත් පරිවර්තකයාගේ සිංහල, ඉංගිරිසි භාෂා චතුරතාවත් එක්ව ගෙන නිමැවුණු අපූර්ව නිර්මාණයක් ලෙස දේවතාපය හැඳින්විය හැකිය.

Dhanawath Piya Dilindu Piya – ධනවත් පියා දිළිඳු පියා | Rich Dad Poor Dad

රු810.00
or 3 X රු270.00 with

Robert T Kiyosaki Sharon, L Lechter විසින් රචිත Rich Dad, poor Dad ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය

Dhawala viyagraya|ධවල ව්‍යාඝ්‍රයා

රු1,057.50
or 3 X රු352.50 with

Aravind Adiga

The White Tiger

අරවින්ද් අඩිගා ගේ White Tiger කෘතිය සිංහලට පරිවර්තනය වීම වැදගත් සිද්ධියකි. වික්‍රම් සෙත් සහ ආර්. කේ. නාරායන් වැනි සම්ප්‍රදායික ඉන්දියානු කතුවරුන් දුටු සමාජ ජීවිතයට වඩා වෙනස් සමාජ අත්දැකීමක් අරවින්ද් අඩිගා පාඨකයා වෙත ගෙන ඒ.

ඉන්දියාව ගැන සඳහන් කරන CNN වැනි ජාත්‍යන්තර නාලිකාවන් එය හඳුන්වා දෙන්නේ ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය බවය. එය දිලිසෙන ඉන්දියාවක්’ කරන බවට ඉන්දීය පාලක පංතිය ඡන්ද කාලයට පොරොන්දු දේ. නමුත් සමාජ යථාර්ථය ඊට වඩා වෙනස්ය. දිලිසෙන ඉන්දියාවේ ඡන්ද මංකොල්ලකෑම සෑම මැතිවරණයකදීම සිදු වීම සාමාන්‍ය සිද්ධියකි. සමාජයේ සෑම අංශයක්ම ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවන්ගෙන් ගහන ය.

ඉඩම්වල අයිතිය ඉඩම් හිමියන් අත තවමත් පවතී. ජනගහනයෙන් වැඩිදෙනා හිඟන තත්යෙන් ජීවත් වෙති. නමුත් ඉන්දීය සුපිරි පංතිය රාජ්‍ය දේපල කොල්ල කමින්, අල්ලස් මාර්ගයෙන්, ගෙවිය යුතු බදු පැහැරහරිමින් සුවසේ ජීවත් වන්නේ ඔවුන්ගේ තරු පහේ හෝටල්වල ය. විශාල වශයෙන් ගොඩනැගිලි ඉදිව් ජාත්‍යන්තර කොම්පැනි දිල්ලිය බැංගලෝරය වැනි ප්‍රදේශවලට පැමිණේ. මෙම ඉන්දියාවේ වෙසෙන එක් දුප්පත් පුද්ගලයෙක් තම ජීවිතය සාර්ථක

කරගෙන පෝසත් වන්නේ කෙසේදැයි අඩිගා පෙන්වන්නේ උපහාසය හා

උත්ප්‍රාසය පදනම් වූ විචිත්‍ර කතාවකිනි. අරවින්ද අගාගේ White Tiger නම්

කෘතියේ අන්තර්ගතය මෙබඳු වීම ඔබ ලබන උත්කෘෂ්ටවත් අත්දැකීමකි.