Showing 985–1008 of 1415 results

Shop

යුධ හමුදාපති ජාතියට දුන් පොරොන්දුව | Yuda Hamudawa Jathiyata Dun Poronduwa

රු2,880.00
or 3 X රු960.00 with

වසර 34 ක ඊළාම් ත්‍රස්තවාදය මාතෘ භූමියට විශාල විනාශයක් ගෙන ආ ශාපයක් විය. මිලේච්ඡ ක්‍රියාදාමයක් වු ඉහත ත්‍රස්තවාදය දශක තුනකට වැඩි කාලයක් මවුබිම වෙළාගෙන සියලුම පුරවැසියන්ට ජාති ආගම් භේදයකින් තොරව භීතිය හා විනාශය ගෙනාවේය. රට දෙකඩ කිරීමේ අරමුණින් ආරම්භ වූ මෙම දේශද්‍රෝහී වැඩ පිළිවෙළට විරුද්ධව නැගී සිටීම සඳහා විශාල කැප කිරීම් කිරීමට අපේ රටේ ආදරණීය ජනතාවට සිදු විය. මේ අතරින් රණවිරුවන් කළ කැප කිරීම් කියා නිම කළ නොහැකි අතර ඔවුන්ට සමස්ත ජාතියම ණය ගැතිය. ඉහත මිලේච්ඡ ත්‍රස්තවාදීන් කිසිවෙකුටත් සමාව නොදුන් අතර පුජ්‍ය පක්ෂය, රාජ්‍ය නායකුයින්, කුඩා දරුවන්, ගැබිනි මව්වරුන් වයෝවෘද්ධ වැඩිහිටියන් ඇතුළු සමස්ත ජනතාවම මොවුන්ගේ විනාශකාරී ක්‍රියාවලට ගොදුරු විය. මෙම ව්‍යසනයෙන් මවුබිම මුදවා ගැනීම SF ගේ ඒකායන අරමුණ වූ අතර මවු බිමේ ජීවත් වන ජනතාවට ආරක්ෂා සහිතව, සාමයෙන් හා සතුටින් ජිවත් විය හැකි රටක් බිහිවනවා දැකීමට ඔහු ප්‍රාර්ථනා කළේය. පරම්පරා දෙකක් මෙම භීෂණයේ ගොදුරු බවට පත්වූ අතර මතු දරු පරපුරට අභිමානයෙන් හා ආරක්ෂාකාරීව ජීවත් විය හැකි රටක් හිමිවනවා දැකීම SF ගේ නිහතමානි පැතුමයි.

යෝගී | Yogi

රු621.00
or 3 X රු207.00 with

යෝගීවරයෙකුගේ ප්‍රථම ස්වයං ලිඛිත චරිතාපදානය වන Autobiography of a Yogi කෘතිය මේ වන විට විදේශීය භාෂා ගණනාවකට පරිවර්තනය කරනු ලැබ තිබේ. තුලනාත්මකව ආගම්, දර්ශනය, සාහිත්‍යය, සමාජ විද්‍යාව, ජීව විද්‍යාව, මනෝ විද්‍යාව ආදී විෂයයන්ට අදාළව ලොව පුරා විශ්ව විද්‍යාල රැසකම පාඨ ග්‍රන්තයක් වශයෙන් මෙය භාවිතා වෙයි.
යෝගීවරුන් පිළිබඳ ව යෝගීවරයෙකු විසින් ම ලියන ලද මෙම ග්‍රන්ථය වර්තමාන හින්දු යෝගීවරුන්ගේ ජීවිත හා අතීන්ද්‍රීය බල ශක්තීන් සියැසින් දැක අත්දැකීම් ඇතිව ලියා තිබීම නිසා මෙය කාලීන මෙන් ම කාලය ඉක්මවා ගිය අකාලික වටිනාකමකින් ද යුක්ත වෙයි.
මෙම ග්‍රන්ථයේ “පූජනීය” බවට ප්‍රධාන හේතුවක් විය හැක්කේ, වර්තමාන ලෝකයේ ජීවමාන ව වෙසෙන මහාවතාර ක්‍රියා බාබාජී යෝගී උතුමාණන්ගේ රූපය සහ එතුමා පිළිබඳ විස්තර වාර්තාව එහි ඇතුළත් වීම ය.

රජ බිසවකගේ පාපොච්චාරණය | Raja bisawakage Papochcharanaya

රු1,305.00
or 3 X රු435.00 with

පාන් නැත්නම් කේක් කාපල්ලා’ යන ප්‍රකාශය කළැයි සැලකෙන ප්‍රංශයේ මාරි ඇන්ටනෙට් බිසවගේ ඛේදවාචකය රැගත් මෙම කෘතිය මරණය තෙක් ඈ වෙලා ගත් ප්‍රීති ප්‍රමෝදය හා දුක්ඛ දෝමනස්සය ද, නොසඟවා කියා පාන්නකි.

ඇගේ අවිචාර ක්‍රියාවන් අතර ප්‍රමුඛ වූ “ට්‍රියනන් මාලිගය” පාරාදීසයක් කරවනු පිණිස අසීමිත ධනයක් අපතේ යැවූ අයුරු, තිඹිරිගෙයි අමිහිරි අත්දැකීම්, රහස් තැන්හී පෙම්වතා සමඟ වින්දනය කළ ප්‍රේමාශ්වාදය, සතුරන්ගෙන් බේරි උමං මගකින් පලා යාමට ඇය දැරූ දුෂ්කර තැත, ගෙල සිඳළන තෙක් සිරගතව සිටියදී ඈ අත්දුටු දුක් පීඩා යනාදිය කියවන ඔබ සසල වෙයි.

සමාප්තිය කරා එළඹෙද්දී හදවතට තැවුල් දෙන, කොටස් දෙකකින් සමන්විත මෙම කතාන්දරය ඔබ කියවා අවසන් කරනු ඇත්තේ නෙතු කඳුළින් යුතුව බැව් සැක හැර කිව හැකිය.

රත්රන් යතුර හෙවත් බුරතීනොගේ හපන්කම් | Rathran Yathura Hewath Burathinoge Hapankam

රු2,125.00
or 3 X රු708.33 with

මා පුංචි කාලේදී  – බොහොම ඉස්සර කාලෙ මම එක පොතක් කියෙව්වා. ඒ පොතේ නම් “පිනෝකියෝ හෙවත් ලී බෝනික්කාගේ සංචාරය”(ඉතාලි භාෂාවෙන් ලී බෝනික්කාට කියන්නේ බුරතීනො කියල).

මා කුඩා කාලදී මගේ යාළුවන්ට බුරතී නොගෙ හපන්කම් ගැන නොයෙකුත් කතා කිව්වා. මගේ පොත මා අතින් නැති වුණු නිසා ඒ කතා මම නොයෙක් නොයෙක් ලෙස කිව්වා. සමහර දේ පොතෙහි නැති වුණත් මම සිතින් සිතලා කිව්වා.

දැන් ඉතින් අවුරුදු බොහෝ ගණනක් ගෙවුණාට පස්සේ පුංචි ළමයින්ට මගේ පැරණි මිතුරා ගැනත්, එයාගේ හපන්කම් ගැනත් ලියන්ට කල්පනා කළා. මේ පොත මා අතින් ලියැවුණේ ඔය විදිහටයි.

රස කතා | Rasa Katha

රු1,275.00
or 3 X රු425.00 with

රුසියන් ගත්කතුවරුන් ගේ ළමා කතා එකතුවකි.

රස කතා | Rasa Katha

රු1,350.00
or 3 X රු450.00 with

රසකැවිලි වෙළෙන්දා | Rasakawili welenda

රු855.00
or 3 X රු285.00 with

‘A MASTER OF CHEKHOVIAN IRONY NARAYAN’S MALGUDI IS A METAPHOR, NOT OF INDIA, BUT OF THE WORLD’

WASHINGTON POST

ගම්බද දෙමාපියන් යටතේ චාම් ජීවිතයද, භගවත් ගීතාවේ ආභාෂයෙන් ආගමානුකූල හැදියාවද, මහාත්මා ගාන්ධි තුමාගේ ඇසුරෙන් ජාත්‍යාලය ද ඇති කරගන්නා ජගන්, ජාතික ව්‍යාපාරය, උද්ඝෝෂණ, රෝහල හා සිපිරි ගෙය හරහා රස කැවිලි වෙළඳාමකට බැස, සාධාරණව උපයා නගරයේ හොඳ නමක් ඇති කර ගනී.

සිදාදියේ කොලීජියක අධ්‍යාපනය එපාවී ඇමරිකාවේ මනෝලෝකී විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබා හරක් මසටත් පුරුදුව සුදු කෙල්ලකද සමඟ ගෙදර එන මාලි ඉන්ද්‍රජාලික කථා කර්මාන්ත ශාලාවක් අරඹන්නට සැලැසුම් ඇඳ සිරගෙදරට යයි.

තම සුපුරුදු උපහාස රසය ලියන හැම වගන්තියකටම හිමින් සීරුවේ කවන නාරායන්,මේ පිය – පුතු දෙදෙනාගේ කතාව, පැරණි පන්නයේ ගෙයක්, මුද්‍රණාලයක්, පාසලක්, කඩවීදියක්, රස කැවිලි සාප්පුවක් සහ නටබුන් කෝවිලක් හරහා ප්‍රධාන චරිත කීපයක් ඇතුළු අනු චරිත ගණනාවක් යොදමින් ඉදිරිපත් කරන මේ සක්චරිතමය ඉංග්‍රීසි ප්‍රබන්ධය, තම සුපුරුදු සරල සුගම ශෛලියෙන් සිරිල් චන්ද්‍ර සේකර ගුණවර්ධන සිංහලයට පෙරලා ඉදිරිපත් කරන්නේ පාඨක සිත් ඒ වෙත ආදරණීයව බැඳ තබා ගනිමිනි.

රාග රිද්ම / Raga Ridma

රු315.00
or 3 X රු105.00 with

මේ කෙටිකතා එකතුවේ එක් ලේඛකයෙකු හැරුණුකොට සෙසු සියලු ලේඛකයන් සිංහල පාඨකයා අතරට එන්නේ පළමු වරටයි. ඒ අතරින් ගබ්රියෙල් ගාර්සියා මාර්කේස් සහ මිලාන් කුන්දේරා පසු කලෙක සිංහල පාඨකයන් වෙත වඩාත් සමීප වූහ.
ආදරය, භීතිකාව, ජාතිවාදය සහ ජාත්‍යාලය වැනි විවිධ මිනිස් පරාසයන් මේ කෙටිකතා එකතුව තුළ ස්පර්ශ කෙරේ.
මේ ඔස්සේ සිංහල පාඨකයාට තිළිණ කෙරෙන්නේ, අප ජීවත් වන සමාජයේ මතු වන විවිධ ප්‍රශ්න තුළින් විවිධ කතුවරුන්ගේ දෘෂ්ටිය ඔස්සේ විදාරණය කෙරෙන ජීවන අත්දැකීම්
රාශියකි.

රාජ්‍ය දේපල මංකොල්ල සහ ජාත්‍යන්තර කළු සලිලි ජාවාරම | Rajya Depala Mankollalla Saha Jathyanthara Kalu Salli Jawarama

රු1,350.00
or 3 X රු450.00 with

රාජ්‍ය දේපල මංකොල්ල සහ ජාත්‍යන්තර කළු සලිලි ජාවාරම” නමින් මෙම කෘතිය එළිදකින්නේ රාජ්‍ය දේපල මංකොල්ල කෑමේ ප්‍රතිඵලයක් ලෙස අපේ මව්බිම ” ශ්‍රී ලංකාව අන්ත අසරණභාවයට ඇද දමා ඇති මොහොතක ය.

මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ රටවල් කීපයකම පාලකයන් එම රටවල බිහි වූ සුදු කරපටි හැදි අපරාධකරුවන් සමඟ එකතු වී සිදුකළ මහා පරිමාණ මංකොල්ලයන් හා ඒවා කළු සල්ලි ලෙස සඟවා ගැනීම පිළිබඳ විස්මය ජනක අනාවරණයන්ගෙනි.

ශ්‍රී ලංකාව තුළ පසුගිය කාලය තුළ ඊට සමාන ලෙසම සිදුකළ ජාතික දේපොළ මංකොල්ල සහ කළු සල්ලි ජාවාරම් පිළිබඳ හෙළිදරව් ” පච ” ලෙස අවඥාවට ලක්කිරීමට ඇතැමුන් උත්සාහ කරන්නේත් එසේම ඇතැමුන් එම ප්‍රකාශ පිළිගන්නේත් මෙම ජාවාරම් සාමාන්‍ය ජනතාවගේ අත්දැකීම් පරාසයට බොහෝ ඒ පිටින් ක්‍රියාත්මක වන ඒවා වන බැවිනි.

ඒ අනුව මෙම කෘතිය අපේ අත්දැකීම් සීමාවට එපිටින් අපේ රටේ ක්‍රියාත්මක වන දේපල මංකොල්ල සහ කළු සල්ලි ජාවාරම් නිවැරැදිව හඳුනා ගැනීමට අප ඉදිරියේ තබන අන්වීක්ෂයකි.

රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන | Rathriya matha rathu kurullek lagagena

රු382.50
or 3 X රු127.50 with

එම කවි අතර ඇති කාව්‍යාලංකාරික හා යෙදුම් පමණක් වුවත් දීපචෙල්වන්ගේ කවියෙහි පමණක් නොව මහු ඇතුළු දෙමළ ජනයා අත්විඳී ජීවිතයෙහි තතු ඒ වචනවල ගබඩා කර අපට ඉදිරිපත් කරයි. පුස්තකාලයකින් අවසන් වන වීදියේ සන්ලයිට් කොළ පිරි තිබිණි’, ” රන් මිලට ගත් පෑන සාමාන්‍ය සිංහල කවියකින් හමු නොවන යෙදුම් වේ. තුවක්කුකාරයන්, ඝාතකයින් දවාලද රාත්‍රියද අරක්ගත් පරිසරයක පොත්පතට, අකුරුවලට, කඩදාසි හා පෑන්වලට අතුරුදහත්වන්නට නොදී අල්ලා සිටින ජනතාවක් හා තරුණ පිරිසක් ගැන කවි කීපයක්ම මෙහි එයි. හිංසනයේ අශිෂ්ටත්වය අබිමුව ප්‍රබුද්ධත්වය අත්නොහැර අල්ලාගෙන සිටීමේ නැඹුරුවක් ඉන් පෙනේ. ඒ දුෂ්කර කොන්දේසි යටතේ මේ කවි ලියවීමම ඒ නිසා පුදුමයෙක් නොවේ.

මේ කවි අතර එන ඇතැම් කාව්‍යමය යෙදුම් දීපචෙල්වන්ට පමණක් නොව මෙහි විස්තර වන ජීවිතය ගෙවූ දෙමළ ජනයාගේ ජීවිතයට ආවේණික වූ සෙයක් පෙනේ. ඒ යෙදුම් දකුණේදී හමුවන්නට තිබෙන ඉඩ ඉතා අඩුයි.

මුවා වේගයෙන් දුවයි.
මුවා ලෙස වෙස් මාරුකරගත්තවුන්
මුවාට ආශ කළෝ ඇවිදිමින් සිටිති

ඒ මන්දැයි සොයන දකුණේ අපට අප ගැනම සාමූහික ආත්ම පරීක්ෂාවක් කරන්නට සිතන තැනට හෘදය කම්පනයක් ඇති වුවහොත් ඒ අගනා කාව්‍යයමය ඵලාප්තියකි. නොයෙක් බල ස්තර හා දෘෂ්ටිවාදී ස්තර විනිවිද ගොස් එවැනි ආත්ම ප‍රීක්ෂාවක් කරන තැනට රටක් මෙහෙය වීම යනු කවියකට තනිව කළ හැකි වැඩක් නොවේ. එහෙත් කවියටත් එහිදී භූමිකාවක් තිබේ.

මෙහි එක කවිවල යෙදුම් පමණක් නොව ඇතැම් කවිවල සමස්තයම අද්වීතීය වේ. නිදර්ශනයක් ලෙස “අම්මාගේ නිවාස සැලැස්ම” නම් කවිය ගන්න. එය පුදුමාකාර කවියකි. ඉතා දුෂ්කර කොන්දේසි යටතේ. මවකගේ මාතෘ ශක්තිය පමණක් නොව ස්ත්‍රී ශක්තියද ඒ කවියට හසු වන්නේ අනුවේදනීය ලෙසය.

රාවණා මෙහෙයුම 1 | Ravana Meheuma 1

රු765.00
or 3 X රු255.00 with

පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලද වෛද්‍ය සුසිත රුවන්, උසස් අධ්‍යාපනය ලද්දේ කොළඹ රාජකීය විදුහලෙනි.අනතුරුව කොළඹ වෛද්‍ය පිඨයට ඇතුළත්ව 2010 වර්සයේදි බටහිර වෛද්‍යවරයෙකු ලෙස සමත් විය.ජයවර්ධනපුර රෝහලේ සීමා වාසික වෛද්‍යවරයෙකු වශයෙන් වෘත්තිය ජීවිතය ඇරඹු වෛද්‍ය තුසිත රුවන් ලියු පළමුවන නවකතා නිර්මාණය වෙනත් දිශානතියක විහිදී ඔහුගේ නිර්මාණ කුසලතාව පෙන්නුම් කරයි. මෙය හුදෙක් ප්‍රබන්ධ කෘතියක් නොව, සත්‍ය තෛිහාසික හා පුරාවිද්‍යාත්මක කරුණු සාධක මත පදනම් වු නිර්මාණාත්මක සාධනය කිරිමකි.සත්‍ය සෑම විටම ප්‍රබන්ධයට වඩා රසවත් වනු නොවනුමානය. හෙළදිව පුරාතන අභිමානය වර්තමාන සිංහල ජනතාව තුළට කාවද්දනු පිණිස,ඉතිහාසයේ වැළලි ගිය සටහන් හාරා අවුස්සමින් කළ ගවේශණවල ප්‍රතිඵලයක් ලෙස මෙම පොත බිහි විය.

රාවණා මෙහෙයුම 2 | Ravana Meheuma 2

රු945.00
or 3 X රු315.00 with

බැලු බැලු අත කිසිම මනුස්සයෙකු, සිය කිමිදුම් සගයෙකු තියා මාළුවෙකුවත් පෙනෙන්නට නොමැති අඳුරු නීල වර්ණ සමුදුරු අගාධයේ තමන් තනි වූ බව පෙනෙන්නට තිබුයෙන් ඇය දැඩිසේ කම්පනයට පත් විය.

සන්නිවේදකය හරහා උදව් ඉල්ලා කෑ ගැසීමට ඈ හඬ නැඟුව ද මුවින් හඬක් පිට වුයේ නැත. අත පය සීතල වනු ඇයට හැඟුණි. ගතම සෙලවිය නොහැකි සේ ගල් වී ඇත. ත්‍රාසයෙන් අසරණව, අන්ධකාර සමුදුරු අගාධයෙහි තනි වී කරකියා ගත හැකි දෙයක් නොමැතිව, ඉහළ සාගර තලය දෙස ඇය හිස් බැල්මක් යොමු කළාය.

රිදී | Ridee

රු585.00
or 3 X රු195.00 with

සම්ප්‍රදාය රුදු උවදුරකිය  තුංගා

සම්මත මතය නොබියව කරමින  භංගා

එදා මෙදා බස කවි බසකට  නංගා
කවි කළ කොඩී අති නූතන කිවි  භෘංගා

• කරුණාරත්න අමරසිංහ

රිදෙනවා නම් කියන්න | Ridenawa nam kiyanna

රු425.00
or 3 X රු141.67 with

තියුණු කටු ඇත
තවම තැන තැන
රිදෙනවා නම් කියන්න

බිඳුණු හිත මත
ඇවිද යන විට
සීරුවට අඩි තියන්න

රුසියානු විප්ලවයේ ඉතිහාසය 1 වෙළුම | Rusiyanu viplawaye Ithihasaya Volume 1

රු630.00
or 3 X රු210.00 with

තුසයිදිදෙස්, දාන්නේ, මකියාවෙල්ලි, හයින, මාක්ස්, හර්සන් සහ අනෙකුත් චින්තකයන් සහ කිවියන් මෙන් ම ට්‍රොට්ස්කි ද ලේඛකයකු ලෙස සිය පූර්ණ විශිෂ්ටත්වය අත් කර ගත්තේ පිටුවහලේ සිටිය දී ය: ප්‍රින්කිපෝහි ගත කළ වසර කීපය තුළ දී ය: ඔක්තෝබර් විප්ලවයේ නායකයකු ලෙස මෙන් එහි ඉතිහාසඥයා ලෙස ද අනාගතය ඔහු ව සිහිපත් කරනු ඇත. 1917 සිද්ධීන් පිළිබඳ ව ඒ සා ශ්‍රේෂ්ඨ වූ සහ විශිෂ්ට වූ විස්තරයක් අන් කිසිදු බොල්ෂෙවික් නායකයෙක් නිපැයූවේ නැත. නිපැයීමේ හැකියාවක් අන් කිසිදු නායකයකුට තිබුණේ ද නැත…

ට්‍රොට්ස්කිගේ ඉතිහාසය ප්‍රකාශයට පත් වූ විට සහ ඉන්පසු වසර ගණනාවක් යන තුරා ම බොල්ෂෙවික් විරෝධී පක්ෂවල නායකයන් වූ මිලියුකෙව්, කෙරෙන්ස්කි, ත්සෙරතෙලි, වර්නොව්, ඩෑන්, ඇබ්‍රමොවිච් සහ තවත් බොහෝ අය තවමත් වෙමින් සිටියහ: විදේශ ගත වූවන් ලෙස ක්‍රියාශීලී ව සිටියහ. එහෙත් ඔවුනතරින් කිසිවෙක් ඔහු ඉදිරිපත් කළ කරුණුවල එක ම වැදගත් වරදක් හෝ හෙළිදරව් නො කළේ ය. අඩ වශයෙන් මිලියුකොව් හැරුණ විට, ඔවුනතරින් කිසිවෙක් විකල්ප විස්තරයක් ඉදිරිපත් කිරීමට ප්‍රයන්න දැරුවේ ද නැත. (ඉතිහාසය යන නමට ගැලපෙන කිසිවක් තවත් සෝවියට් සංගමයෙන් ද මේ තාක් නිපයා නොමැති හෙයින්) ඔක්තෝබරයෙන් පස් වැනි දශකයේදීත් ට්‍රොට්ස්කිගේ කෘතිය විප්ලවය පිළිබඳ එක ම පූර්ණ පරිමාණ ඉතිහාසය ව පවතින්නේ ය.තුසයිදිදෙස්, දාන්නේ, මකියාවෙල්ලි, හයින, මාක්ස්, හර්සන් සහ අනෙකුත් චින්තකයන් සහ කිවියන් මෙන් ම ට්‍රොට්ස්කි ද ලේඛකයකු ලෙස සිය පූර්ණ විශිෂ්ටත්වය අත් කර ගත්තේ පිටුවහලේ සිටිය දී ය: ප්‍රින්කිපෝහි ගත කළ වසර කීපය තුළ දී ය: ඔක්තෝබර් විප්ලවයේ නායකයකු ලෙස මෙන් එහි ඉතිහාසඥයා ලෙස ද අනාගතය ඔහු ව සිහිපත් කරනු ඇත. 1917 සිද්ධීන් පිළිබඳ ව ඒ සා ශ්‍රේෂ්ඨ වූ සහ විශිෂ්ට වූ විස්තරයක් අන් කිසිදු බොල්ෂෙවික් නායකයෙක් නිපැයූවේ නැත. නිපැයීමේ හැකියාවක් අන් කිසිදු නායකයකුට තිබුණේ ද නැත…

ට්‍රොට්ස්කිගේ ඉතිහාසය ප්‍රකාශයට පත් වූ විට සහ ඉන්පසු වසර ගණනාවක් යන තුරා ම බොල්ෂෙවික් විරෝධී පක්ෂවල නායකයන් වූ මිලියුකෙව්, කෙරෙන්ස්කි, ත්සෙරතෙලි, වර්නොව්, ඩෑන්, ඇබ්‍රමොවිච් සහ තවත් බොහෝ අය තවමත් වෙමින් සිටියහ: විදේශ ගත වූවන් ලෙස ක්‍රියාශීලී ව සිටියහ. එහෙත් ඔවුනතරින් කිසිවෙක් ඔහු ඉදිරිපත් කළ කරුණුවල එක ම වැදගත් වරදක් හෝ හෙළිදරව් නො කළේ ය. අඩ වශයෙන් මිලියුකොව් හැරුණ විට, ඔවුනතරින් කිසිවෙක් විකල්ප විස්තරයක් ඉදිරිපත් කිරීමට ප්‍රයන්න දැරුවේ ද නැත. (ඉතිහාසය යන නමට ගැලපෙන කිසිවක් තවත් සෝවියට් සංගමයෙන් ද මේ තාක් නිපයා නොමැති හෙයින්) ඔක්තෝබරයෙන් පස් වැනි දශකයේදීත් ට්‍රොට්ස්කිගේ කෘතිය විප්ලවය පිළිබඳ එක ම පූර්ණ පරිමාණ ඉතිහාසය ව පවතින්නේ ය.