Showing 1009–1032 of 1323 results

Shop

සතුටු මන්තර | Sathutu Manthara

රු1,260.00
or 3 X රු420.00 with

සැබවින් මේ විශ්වයේ සයුරංගනා ට තිබෙන ලොකු ම සතුට රෝස බෝනික්කියයි. දියණි එසඳි මැණිකයි. ඇය කේන්ද්‍ර කොට ගත් විට අන් සියල්ල සතුටකට පෙරලා ගන්නට පිළිවන. ට්‍රයිඩැක්ස් මල් පෙත්තක පවා, රෝස පාට පවුඩර් මලක් වන් මිමෝසා රේණුවක පවා, පහළ වෙල ළඟ දං පඳුරු වසා වැවී මල් පිපෙනා මෝනිං ග්ලෝරියා දම් පැහැයක පවා සතුටක් දකින්නට පිළිවන.

සයුරංගනා ගේ මූණේ සිනහවක් නැති වෙලාවක් නැතැයි මල්කාන්ති නිතර ම කියයි. මල්කාන්ති යනු ඉස්සරහා ගෙදර යශෝදර ගේ අම්මා ය. ඒ මන්දහාසය සයුරංගනා ගේ ආරක්ෂිත පළිහයි. සැබෑ මුහුණ ආවරණය කරනා වෙස් මුහුණයි. වචන කෝටි ගණනකින්වත් පැහැදිලි කරන්නට නො තේරෙන ගොරතර වනාන්තරයක බියකරු පාළුවත්, අගාධ අදුරක අනන්ත හිස්කමත් වසා ගෙන සර්ව සම්පූර්ණ පතිණියක සේ ඇය ලෝකයට මූණ දෙන්නේ මේ සිනහව පළන්දා ගෙන යි.

සත්සඳ නොහොත් මාලි අල්මේදාගේ හත්දවස | The Seven Moons of Maali Almeida

රු1,620.00
or 3 X රු540.00 with

‘The Seven Moons Of Maali Almeida කෘතිය විනිශ්චකරුවන්ගේ විශේෂ අගැයුමට ලක්වූයේ එය ගවේෂණය කරන පරාසයත්, අමුතු, හාස්‍යමය ආඛ්‍යාන ක්‍රම වේදයත් නිසාය.’

2022 BOOKER PRIZE

සන්ත්‍රාස සමයක සිර වූ ශ්‍රී ලංකාව පසුබිම් කරගත් සෝපහාස සංග්‍රහයක්.

1990, කොළඹ. යුධ ඡායාරූප වාර්තාකරුවෙකු, සූදු අන්තුවෙකු සහ සැඟවුණු සමලිංගිකයෙකු වන මාලි අල්මේදා මරණයෙන් නැගිටින්නේ මෙලොව නොවන වීසා කාර්යාලයකය. සිය මළ සිරුර බේරෙ වැවේ සැඟව යද්දී එය සිදු කළේ කවුරුන්දැයි ඔහුට සිහිපත් නොවේ. කුලී මැරයන්, මාරක කල්ලි සාමාජිකයන් සහ මරාගෙන මැරෙන බෝම්බකරුවන් අතින් කෝන්තර පිරිමැහෙන කාලයක සැකකරුවන්ගේ ලැයිස්තුව බොහෝ දිගය. සාක්කිකරුවෝ හොල්මන්, අවතාර පමණි.

මරණින් මතුද මාලිට නින්දක් නැත. තමන් ආදරය කළ මිනිසාත්,ගැහැණියත් කෙසේ හෝ සම්බන්ධ කරගෙන, රට හොළවන සාක්ෂි සහිත ඡායාරූප පෙළක් මළවුන්ගේ ලෝකයේ සිට එළි දැක්වීමට ඔහුට ඇත්තේ සත් සඳක් නොහොත් හත් දවසකි.

ජාත්‍යන්තර සම්මානලාභී Chinaman සමග ප්‍රමුඛ ශ්‍රී ලාංකික නිර්මාණකරුවෙකු ලෙස පිළිගැනීමට ලක් වූ ශෙහාන් කරුණාතිලක නැවත එන්නේ දශකයකට පසුවය. ඒ අපහසුකාරී ඇත්තක්, මූසල මුඛරිකමක දැවටූ දෙදරා යන කෘතියක් කැටුවයි.

මුල් පිටපත Chats with The Dead නමින් එළිදැක්විණ.

සද දෙකඩ සඳ

රු1,487.50
or 3 X රු495.83 with

මුහම්මද් තුමාගේ චරිතාපදානය “සද දෙකඩ සඳ”
උත්තර භාරතයේ උපත ලද ලෝකයේ ඉස්ලාම් දහම පිළිබද ලොව ඉහලින්ම පිළිගත් විද්වතෙක් වන ෂෙයික් සෆියුර් රහ්මාන් අතින් ලියවුනු පොත් සිය ගණනක් අතුරින් ඉතා ප්‍රසිද්ධ වූ පොතකි (“When The Moon Split”). එය උර්දු භාෂාවෙන් ලියන ලද වක්තෘවර මුහම්මද් නබි නායක තුමාගේ ජිවිත කතාව අලලා ලියවුනු පොතක්. එම මුල් පොතේ ඉංග්‍රීසි පරිවර්තනයෙන් නැවත සිංහලට පරිවර්තනය කලේ සමන් පුෂ්ප ලියනගේ විසිනි.
ආගම පිළිබද වඩා හොද අද්යනයක් ලබා ගැනීමට මෙම පොත ඔබට මහෝපකාරී වේ.

සන්තෝෂ තාරකා එළි | Santhosha Tharaka Eli

රු640.00
or 3 X රු213.33 with

හදවත සිය වරක් බිඳී ගොස් තිබියදී පවා තව වරක් ආදරය විශ්වාස කිරීමට තරම් නිර්භීත වන සියලු මිනිසුන්ට…

දෛවය දහස් වරක් අකාරුණික වී තිබියදී පවා නොකඩවා අනෙකා කෙරෙහි කාරුණිකව පවතින, විශාල හදවත් හිමි සියලු මිනිසුන්ට…

 

ගොඩක් අය කියනවා ” තමන්ට ඉන්නෙ තමන් විතරයි, ඔයාව බේරගන්න කවුරුවත් එන්නෙ නෑ ” වගේ කතා.

ඒත්… මට නම් ඒක ඇත්තක් නෙවෙයි. මගෙ ජීවිතේ නම් ගොඩක් දෙනෙක් මාව බේරගෙන තියෙනවා. සමහරවිට ඔවුන් එහෙම කරපු බවක් ඔවුන් දන්නෙවත් නෑ.

නන්නාඳුනන්නෙක්ගෙ සිනහවක් නිසා, පාරෙ ඉන්න වීදි බව්වෙක් තෙත හොම්බකින් දැම්ම තට්ටුවක් නිසා, කවුරු හරි ලිව්ව සටහනක කොටසක් නිසා මම බේරුණ අවස්ථා තියෙනවා.

මම අහපු ගීතයක තිබුණ වචන නිසා, මම ගැන අවධානෙන් හිටිය යාළුවෙක් නිසා මම බේරුණ අවස්ථා තියෙනවා.

අපි නොදන්නවා වුණත් හැම දවසකම අපි හැමෝම, අපි එකිනෙකාව අන්ධකාරයෙන් බේර ගනිමින් තමයි ඉන්නෙ. ඒක වෙන්නෙ පිටට නොපෙනෙන තරම් ඉතා කුඩා ආකාර වලින්.

 

සන්ධ්‍යාරාග | Sandyaraga

රු877.50
or 3 X රු292.50 with

” මොන වැරැද්ද කොරල ආවත් පිරිමින් නාවල ගෙට ගන්න ඇහැකි දුවේ, හැබැයි කෙල්ලෙක්ට, ගෑණියෙක්ට වරදක් උනොත් ආය ඒ වැරැද්ද හදනව බොරු ”

“මයි හිතේ මං මක්ක කොරත් හිතුවත් ලෝකෙ බලාපොරොත්තු වෙන්නෙ තමංගෙ කසාද පුරුසයගෙ මොන වරද තිබ්බත් ඒ හැමදේම ඉවසාන කොරන ඔලුව නවං ඉන්න ගෑණුන්ව.

“කිසිම වෙලාවක කසාදෙ ඇතුළෙ ඩෙංගතුකං හොයන්නෙ තනන්නෙ නැති ගෑණුන්ව.”

* පවුල ඇතුළෙ වෙන පුරස්න එළියට අරං ගොහින් එළියෙන් එව්වට උත්තර හොයන්න කරන්නෙ නැති ගෑණුන්ව.”

” ඒත් එහෙම ගෑණියෙක් වෙලා ලෝකෙන් කොච්චර හොඳ අහගත්තත් ඵලක් තියේද තමංගෙ කසාද පුරුසයට තමන් ගැන වගක් නැතුව? “

සබරගමුව දුම්රිය | The Sabaragamuwa Railway

රු1,020.00
or 3 X රු340.00 with

රසික වික්‍රමනායක, පැල්මඩුල්ල ගන්කන්ද මැදි විදුහලේ කීර්තිමත් ආදි සිසුවෙකි. මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයෙන් විද්‍යාවේදී උපාධියත්, එහිම පශ්චාත් උපාධියත් හැදෑරූ ඔහු, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයෙන් වව්‍යාපාර පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධියක්ද හදාරා ඇත. වාස්තු විද්‍යාඥයෙකු වශයෙන් මෙරට සැලසුම් නිර්මාණ ආයතන වලත්, ඉදි කිරීම් විශේෂඥයෙකු ලෙස එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) දෙස් විදෙස් කාර්යාලයන්හිත් සේවය කළ හෙතෙම, වෛද්‍ය හේතූන් මත 2020 වසරේදී සේවයෙන් විශ්‍රාම ගත්තේය.
රසික වික්‍රමනායක විසින් 2021 වසරේදී ඉංග්‍රීසි බසින් ලියා පළ කරන ලද, ලංකාවේ පටු ආමාන දුම්රිය (Narrow Gauge Railways of Ceylon) පොත එම විෂය සම්බන්ධව ලිය වී ඇති ප්‍රථම සහ එකම පරිපූර්ණ පර්යේෂණාත්මක ග්‍රන්ථය ලෙස සැලකේ. සිංහල නිර්මාණාත්මක ලිවීම කෙරෙහිද උනන්දුවක් පළ කරන ඔහු, මොනර කුටුම්බය කෙටිකතා සංග්‍රහය 2022 වසරේදී පළ කළේය. සබරගමුව දුම්රිය, සිංහල බසින් ලිය වෙන ඔහුගේ පළමු වැනි දුම්රිය ආශ්‍රිත පර්යේෂණාත්මක ග්‍රන්ථයයි.

සමස්තයෙන් ඩින්ගිත්තක් | Samasthayen Dingiththak

රු2,025.00
or 3 X රු675.00 with

පරම්පරා කිහිපයක් පුරා දිවයන කතාවකි. විවිධ චරිත බොහොමයක් එකිනෙකා අතර ගැටෙන ආකාරය ඔවුන් පරම්පරාවන් දකින ආකාරය සම්බන්ධ අපූර්ව කතාවකින් සමන්විතය.

මාර්ටින් ඩීන් තම සිර මැදිරියේ සිට කියන කතාව තුළ ගැබ් වන්නේ, අසාමාන්‍ය පියෙකු, අසාමාන්‍ය යුගයක් සහ අසාමානය ආදරයක් පිළිබඳ වෘත්තාන්තයකි. සම්මතය ප්‍රශ්න කිරීම සහ ලෝකය දෙස වෙනස් ආකාරයකින් බැලීම තුළින් නූතන සමාජය තුළ පුද්ගලයෙකු මුහුණ දෙන අනේක අභියෝග සහ අර්බුද ඒ තුළින් මනාව චිත්‍රණය කෙරේ.

මුල් වාක්‍යයේ සිටම පාඨකයා ඇද බැඳ ගනිමින්, දීර්ඝ කතාවක් රසවත් ආකාරයෙන් පැවසීම මෙහි ඇති තවත් විශේෂතවයකි.

 

සමාන්තර විශ්වයක අපි තවම පෙම් කරනවා ඇති| Samanthara wishwayaka api thawama pem karanawa athi

රු480.00
or 3 X රු160.00 with

දුවෙක්ට මේ ලෝකෙ වෙන්නෝන නරකම දේ
මොකද්ද කියලා මං හැමවෙලාවෙම හිතුවා
රෙඩියෝ චැනල්වල පත්තරාතර
ඒවාට නිදසුන් ටොන් ගණන් තිබ්බා

කර්ණ ⁣කඨෝර අත්වලට තනිව මැදිවීම
නපුරු රුදු පිරිමි ඇස්වලට රැයක නතුවීම
ඒවායේ පුනා පුනා හැමදාම කිව්වා

කෙල්ලෙකුට වෙන්නෝන නරකම දේ – ඒක
කාලයක් මං එහෙම හිතුවා

අත්දැකීම් නම් ගංඟාවෙ රළ අතර වැදෙමින්
ජීවිතේ පාරුව තව දුරක් ඇදුනා

ලඟින් සිටි පෙම්වතා නොකියාම පිටුපෑම
ප්‍රාණසම ස්වාමියා ජීවිතේ මඟින් හැරයාම
කෙල්ලෙක්ට වෙන්නෝන නරකම දේ වෙන්නැති
මං එහෙමත් සමහරදාක හිතුවා

ජීවිතේ හුඟක් දේවල්වලට පස්සෙත්
යුවතියක් මගේ දිවියට ආවා

තාත්තා හිටියනම් අද මෙහෙම වෙන්නෑ
දිනක් අඬනතර ඈ – මට කිව්වා
ඒ වචන පහේ ටොන්ගණන් බර
ඒ මොහොතෙ පවා මට දැනුනා

චිත්‍රපටියක නිමාවට කලින් වීරයාගේ නික්මීම
චිත්‍රපටියේ අවසානයට කොයිතරම් තදින් බලපානවද
අන්තිමේ දරුණු ලෙස මට හිතුනා

දුවෙක්ට මේ ලෝකෙ වෙන්නෝන නරකම දේ
මොකද්ද කියන එකට උත්තරය
හිතවතුනි, අවසානෙ මට ලැබුනා.!!

|තරිඳු අවිශ්ක ලියනගේ

සංවිචාරණිය සමාජයක් Sanvicharaneeya Samajayak | A deliberative Society

රු2,082.50
or 3 X රු694.17 with
හුදු බලය අත්පත් කර ගැනීම අරමුණු කරගත් පැරණි පන්නයේ දේශපාලනය වෙනුවට යුක්තිය අත්පත් කර ගැනීම අරමුණු කරගත් නව දේශපාලනයක් බිහි කිරීම සහ ආත්මාර්ථකාමය හා ස්වාමිත්වකාමය වෙනුවට සහයෝගිතාව හා තිරසාරත්වය පදනම් කරගත් සහරක්ෂනිය ආර්ථික එලබුමක් හදුන්වාදීමේ අවශ්යතාව මේ කෘතියෙන් අවධාරණය කරයි.
බලය අත්පත් කරගැනීමට විකල්ප වූ “යුක්තිය ඉටු කර ගැනීමේ” සංවිචාරණිය දේශපාලන ක්රියාකාරිත්වයක් සහ නාස්තිකාරී රේඛිය ආර්ථිකය වෙනුවට පුනර්ජනනීය චක්රීය ආර්ථිකයක් ගොඩ නැගිය හැකි ආකාරය පිළිබද මුඛ්ය අදහස් පද්දතියක් ඉස්මතු කර ගැනීමට දායක වීම මේ කෘතියේ අරමුනයි.

සළාවැටුම් | Salawatum

රු680.00
or 3 X රු226.67 with

රහසේම පිටත් විය යුතු ගමන් ඇත

මගෙත් එක්ක. මම විතරක්ම

දන්නා මුහුණු හමු නොවෙන

කවුරුවත්ම මා නොදන්න

කඳුකරයට හරි තැනිතලාවට හරි

ඈතම ඈත හුදෙකලා ඉසව්වකට

කුරුලු හඬක් අසන්න

කැළෑ මලක් නෙළන්න

හුළං පොදක් වැදෙන්න

පොද වැස්සක තෙමෙන්න…

ජීවිතයෙන් එක දවසක්

ජිවත් වෙන බව දැනෙන්න

මං ආසයි මගෙත් එක්ක

එක පාරටම අතුරු දහන් වෙන්න…

සාමණේර නමකගේ මතක සටහන් / Samanera namakage mathaka satahan

රු405.00
or 3 X රු135.00 with

1973 පෙබරවාරි අට වන දින දිවුලපිටිය,කුඩගම්මන ශ්‍රී සුදස්සන චේතියාරාමයේහි දී පැවිදි ව, කො 2 ,හුණුපිටිය ශ්‍රී ජිනරතන මාවතේ, ගංගාරාමස්ත ශ්‍රී ජිනරතන භික්ෂූ අභ්‍යාස විද්‍යාලයෙන් පුහුණුව ලද කුඩගම්පිත සීලරතන, උතු ඇමෙරිකාවේ මද්‍ය ප්‍රදේශයෙහි මිචිගන් විල බඩ,මිල්චෝති නගරය වාසය සඳහා තෝරා ගන්නේ 2004 වසරේ සිටය

සාරි ඇඳපු පිරිමි | Saree andapu pirimi

රු630.00
or 3 X රු210.00 with

මා ගෙවන මේ විචිත්‍ර ජීවිතය අහසින් කඩා වැටුණු එක්ක් නෙවෙයි. මේ ආනන්දනීය තත්වයට එසවෙන්නට මා විඳි දුක්ඛ දෝමනස්සයන් ලියන්නට මාගලයක් තිබුණත් මදි. පුංචි කාලේ අපෝ දික් විඳලා තියෙනවා. මැතිණියගේ ආණ්ඩුව කාලේ පාන් පෝලිම්වල ළඟින් කොට මට එකොළහයි. ගමේ පන්සලට ගියේ නම්පොත, සකස්කඩ බුද්ධගජ්ජේ වනපොත් කරන්ඩ. ඒ වුණාට ටික කලක් ගත වෙන කොටයි තේරුණේ මම මෛථුන්‍ය විනය කර්මයක පැටලී ඇති වග. එතකොට මට දහතුනයි. ඒ චීවරධාරියාට හැට හතරයි.

ඔය හිතන හැත්තෑ ගණන වල ඒක අකරතැබ්බයක්,, අපචාරයක් ළමා අයිතිවාසිකම් උල්ලංඝණයක් කියලා මං දැනං හිටියේ නෑ. එහෙම දැනුම් තේරුම් තියෙන අය අපේ ගමේ හිටියෙත් නැහැ. අහල ගං හතක හිටියද කියලන් සැකයි. මං දැනං හිටිය එකම සත්‍ය ඒක රහසක් කියලා විතරයි. කෙළ හොල්ලලා තිබ්බොත් නහයෙන් කටිං ලේ දාලා පපුව හත් කඩකට පැලිලා එවෙලේම පොළොව පළාගෙන නිරයට යන දිට්ඨ ධම්ම වේදනීය පාපකර්මයක් කියලා විතරයි.

අවුරුදු දහතුනක පොඩි කොල්ලෙක් කොහොද එහෙම තීරණාත්මත රහසක් රකින්නේ. පවුලේ කවුරු හරි දැනගත්තා නං සහසුද්දෙන්ම වැරදිකාරයා වෙන්නේ මම. ඒ කාලේ එහෙම තමයි.දැන් කියලා වැඩි වෙනසක් ඇත්තෙත් නැහැනේ. ඉතිං මං අපේ වත්ත පහළින් ගලාගිය මහවැලි ගඟේ ගල්පර අතරේ. ගේ ඉස්සරහ ශාන්ත ජෝන් පල්ලියේ අල්තාරය පිටිපස්සේ, රේල් පාරට එපිටින් වහලවෙල කැරකෝප්පුවේ රූස්ස ගස් අතරේ තනිවී මගේ කතාව මටම කියා ගත්තා.

සාර්ගේ සෙවනැල්ල වැලැඩිමීර් පුටින් | Vladimir Putin

රු1,260.00
or 3 X රු420.00 with

තදබල ලෙස රෝගීව සිටින පියා බලන්නට පුටින් ගියවිට ඔහු තම එකම පුතු දැක සතුටට පත් වූයේය. මේ වනවිට ඔහු මරණාසන්නව සිටින බව පුටින් වටහා ගත්තේය. එහෙත් ඔහුගේ පැමිණීම පිළිබඳව පියා සතුටු වන බව ඔහුගේ දෑස් දෙස බැලූ විට පුටින්ට වටහා ගන්නට හැකි විය.

ඔහු පුටින් දෙස බැලුවේය. ඔහු ඉතා සෙමින් කතා කළේය. මේ වනවිට පුටින් රටේ විශේෂ තනතුරක සිටින බව පියා දැන සිටියේය. අනාගතයේදී ඔහු තවත් ඉදිරියට ගමන් කරන බව පුටින්ගේ පියා වටහාගෙන සිටියේය.

“මගේ පුතා සාර් වගේ” යයි ඔහු පැවසුවේය. වැඩි දිනක් ගත වන්නට පළමු පියා මිය ගියේය. පියාගේ මරණය ඔහුට තද බල ශෝකයක් ඇති කළේය. දැන් ඔහුට සෙවනැල්ලක් ලෙසින් සිටි පියාද, මවද අහිමි වී ඇත. ඔහුගේ සිතට දැනුණු ශෝකය අති මහත්ය. ඔහු එය තනිව විද දරා ගත්තේය.

සාර්ථකත්වය අත්දැකීමට නම් / Your Right to Be Rich

රු720.00
or 3 X රු240.00 with

යමක් ආරම්භ කරන විට ඉදිරියේ පවත්නා සියල්ලක්ම දක්නට නොහැකි බව තේරුම් ගත යුතුය. අර්ධ කවාකාර මාවතක රිය පදවන්නෙකුට ඒ මාවතේ පෙනෙන්නේ ඉතා සුළු කොටසක් පමණි. ඒ නිසා ඔහු රිය පැදවීම නතර කරන්නේද….? ගමන අත් නොහැර රීය පදවන විට අවශ්‍ය ප්‍රමාණයට ඉදිරිය පෙනේ.

සැබැවින්ම ලෝකය මායාවක් ද?| Book of Nothing

රු1,190.00
or 3 X රු396.67 with

සත්‍යය සොයාගත නොහැකියි.
එය සිදුවන්නේ අනෙක් අතටයි.
සියලුම සෙවීම් නතර කළ පසු සත්‍යය ඔබේ දොරට තට්ටු කරනු ඇත.
සොයන්නා තවදුරටත් නොසිටින විට සත්‍යය ඔබ කරා එයි. සියලුම ආශාවන් නතර වූ විට, කොතැනකටවත් යාම සඳහා පෙළඹවීමක් ඔබට නොමැති වන බැවින් එක් වරටම ඔබ දැනගන්නේ ඔබව ප්‍රභාමත් වූ බවයි. ඒ විගසම ඔබ දැන ගන්නේ ඔබ සොයමින් සිටි පන්සල නම් ඔබම වන බවයි.

එවිට ඔබට පසක් වන්නේ බුදුන්, යේසුන්, ක්‍රිෂ්ණා යනු ඔබම වන බවයි.

දර්ශනයක් ඔබ කරා නොපැමිණෙන අතර ඔබ යනු සියල්ලෙහිම ප්‍රභවය බවයි.

යථාර්ථය වන්නේ ඔබයි

සැබෑ මිනිසෙකුගේ කතාවක් | Saba Minisekuge Kathawak

රු810.00
or 3 X රු270.00 with

විශ්ව සාහිත්‍ය තුළ රුසියානු සාහිත්‍යයට හිමිව ඇත්තේ අද්විතීය ස්ථානයකි. විශේෂයෙන්ම රුසියානු සාහිත්‍ය ශ්‍රී ලාංකිකයන් අතර මහත් ජනප්‍රියතාවක් ඉසීලීමට සමත් වූ සාහිත්‍ය කලාවක් වේ.

දශක ගණනාවක් පුරා රුසියානු සාහිත්‍යයට ආදරය හා ගෞරව කරන ශ්‍රී ලාංකික ජනතාවට රුසියානු හා සෝවියට් සාහිත්‍ය කෘති සිංහල සහ දෙමළ භාෂාවන්ට පරිවර්තනය කිරීම හරහා ඒවා දිගුකාලයක් පුරා අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබුණි. මෙම පරිවර්තනය මොස්කව්හිදී, දේශීය පරිවර්තකයින්ගේ සහයෝගයෙන් සිදුකරන ලදී. මෙම දැවැන්ත සාහිත්‍ය සංස්කෘතික ව්‍යාපෘතිය වර්තමාන කාලයේදී මන්දගාමී වී තිබුණ ද කොළඹ රුසියානු මන්දිරයේ රුසියානු සාහිත්‍ය කවය’ මගින් එය නැවත පණගැන්වීමට ගත් උත්සාහය මගින් රුසියානු සාහිත්‍ය සඳහා කැපවූ ශ්‍රී ලාංකික රසිකයන් අතර නැවත උනන්දුවක් උද්දීපනය කිරීමට සමත්ව ඇත.

රුසියානු සාහිත්‍ය කවය මොස්කව්හි මුද්‍රණය කර ඇති සාහිත්‍ය කෘති, සිංහලයට පරිවර්තනය කර නැවත ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරමින් සිටී. මෙම කෘතිවල ගුණාත්මකබව ඉහළ නංවා සාධාරණ මිලකට විශාල පාඨක පිරිසකට ඒවා ලබා දීම ඔවුන්ගේ අරමුණයි. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ අධ්‍යාපන, විද්‍යාත්මක සහ සංස්කෘතික සහයෝගීතා අංශය හරහා කොළඹ රුසියානු මන්දිරයේ සහය ඇති, මෙම ව්‍යාපෘතිය ඉතා උතුම් කාර්යයක් වන අතර එය සාර්ථක කර ගැනීමට මාගේ සියලු උපකාර ලබා දීමට කැමැත්ත පළකර සිටිමි.

මොස්කව්හි මුල්වරට ප්‍රකාශයට පත් කර ඇති සැබෑ මිනිසෙකුගේ කතාවක් නැවත මුද්‍රණයට පත් කිරීම භාරගෙන ඇති ඇම්.ඩී.ගුණසේන සහ (පුද්ගලික) සමාගමට මාගේ කෘතඥතාව පළකර සිටිමි. රුසියානු සාහිත්‍ය හා සංස්කෘතිය ගැන උනන්දුවක් දක්වන සියලුම දෙනාට රුසියානු භාෂාව ඉගෙන ගන්නා ලෙස මම ඉල්ලා සිටිමි. එවිට ඔවුන්ට මූලාශ්‍ර කෘති කියවා අධ්‍යයනය කර ඒවා ඔවුන්ගේ මව් භාෂාව වන සිංහල සහ දෙමළ භාෂාවට පරිවර්තනය කිරීමේ හැකියාවද වර්ධනය කර ගැනීමට හැකි වේ. ඉදිරියේදී නවතම සාහිත්‍ය කෘති රැසක් මෙම ව්‍යාපෘතිය යටතේ බිහිවනු ඇත. මේ වෙනුවෙන් අපගේ හෘදයංගම ශුභාශිංසන පිරිනමන්නේ ඉතාමත් සතුටිනි.