Showing 1033–1056 of 1432 results

Shop

ලක්ෂි | Lakshi

රු1,020.00
or 3 X රු340.00 with

මේ පිපෙන අලුත් සේපාලිකා මල් වගේම

පරවුණ සේපාලිකාවන් සාක්ෂි දරයි මගේ මේ ආදරය….
සමහර සේපාලිකා මල් කියනවා මට ඇහෙනවා ලක්ෂි මඳ හිනාවක් මවමින් මෙන්න මෙහෙම,

” ඔයාගේ ආදරේ එයාට මේ අපි වගේ කියලා ” මහා රෑ පිපිලා මහා පාන්දරම කඩා හැලෙනවා වගේලු
මං මතක් කරා ලක්ෂි කඩා හැලෙන සේපාලිකා මල් කඩා හැලුණු පළියට පර වුණේ නැ කියා…
හරියට මගේ ආදරේ වගේ ඔයා ළඟ ප්‍රතික්ෂේප වීම් කොතරම් වුණත් ඒ ආදරේ කඩා හැලුනත් පර වී නෑ…

මං ඔයාට අසීමාන්තිකව ආදරෙයි ආදරියේ…

-වරුන් –

ලයිලැක් | Lailac | Lilac

රු480.00
or 3 X රු160.00 with

මගේ හදවතේ කුටීර හතරම එකවර ආදරෙන් පිරුණම

මට පුළුවන් දෙපාරක් ආදරය කරන්න.
“ඒ කියන්නේ ඔයාට එකවර දෙන්නෙකුට
ආදරය කරන්න පුළුවන් ද?”
“නෑ මට එක්කෙනෙකුට දෙපාරක් ආදරය කරන්න පුළුවන්.”
“ඒ කොහොමද?”
“ඒ එයා හොඳම කෙනා වෙලා ඉන්නකොට වගේම
එයා නරකම කෙනා වෙලා ඉන්නකොට.”
https://youtu.be/BzDOzNDkyTM

ලස්සන වසිලිස්සා | Lassana Wasilissa – M.D ගුණසේන

රු1,260.00
or 3 X රු420.00 with

රුසියානු සුරංගනා කතා හෙවත් skazki එරට ජනප්‍රවාදයේ ඉසුරුමත් අංගයකි. එහි සංස්කෘතිය හා ඉතිහාසය තුළ සුරංගනා කතා ගැඹුරින් මුල් බැස තිබේ. මෙම කතා ගොඩනැගී තිබෙන්නේ බොහෝ විට අද්භූත සිදුවීම්, වීර චාරිකා සහ මිත්‍යා සත්ත්වයින් සමඟ සිදුවන හමුවීම් වටා ය.. නපුරට එරෙහිව යහපත ජයග්‍රහණය කිරීම, නිර්භීතකම, කපටිකම සහ කරුණාවේ සහ ත්‍යාගශීලීත්වයේ වැදගත්කම වැනි පොදු තේමා මත ලියැවී ඇත. ‘ලස්සන වසිලිස්සා‘ යනු මෙවැනි අපූරු රුසියානු සුරංගනා කතා රැසක එකතුවකි. මෙහි සිංහලය පරිවර්තනය සිදු කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්‍රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.

ලැවෙන්ඩ්‍රා | Lavendra

රු900.00
or 3 X රු300.00 with

ඔයා දන්නවාද?

අපේ රටේ මිනිස්සු හරිම ආඩම්බරෙන් කතා කරන ගොඩක් ප්‍රෞඪ ඉතිහාසයක් වගේම හරිම සෞම්‍ය දේශගුණයක් තියෙන ලංකාවේ හදවත වගේ නගරයක් තියෙනවා!

මහනුවර ද?

ඔව්… මහනුවරට ටිකක් කලින් කඳු වලින් වට වෙච්ච මීදුමෙනුයි, කොළම කොළ පාට ගස්වැල් වලිනුයි පිරිණු පුංචි ගමක් නියෙනවා…

ඉතින්!

මම මේ ලෝකයේ දැකපු ලස්සනම ගෑනු ළමයා එහේ ඉන්නවා… එන්න.

අපි මේ ලෝකයේ උන්නු ලස්සනම ගෑනු ළමයාව සොයාගෙන එහාට යමු.

ලියන කලාව සහ රචනා විධික්‍රම | Liyana kalawa saha Rachana widi krma

රු882.00
or 3 X රු294.00 with

ලියන කලාව සහා රචනා විධික්‍රම යනු විශ්වවිද්‍යාලය ඇතුළු උසස් අධ්‍යාපන ආයතන තුළ කෙරෙන ශාස්ත්‍රීය ලේඛනය පිළිබඳ නිදර්ශනාත්මක අත්පොසතකි. ඉතා දිගු කාලයක සිට පැවති අඩුවක් මේ පොතින් සපිරේ. හුදෙක් නිරවද්‍ය වාක්‍ය රචනයට පමණක් සීමා වී පැවති ශාස්ත්‍රීය ලේඛනය පිළිබඳ කතිකාව ප්‍රවාදාත්මක දැනුම් ගවේෂණය, විචාරාත්මක චින්තනය, ලේඛනය හා සම්බන්ධ ආචාරධර්ම ආදිය කෙරෙහිද යොමු කිරීමට කතුවරයා තැත් කරයි. දශකයකට වැඩි කාලයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි ශාස්ත්‍රීය ලේඛනය උගන්වා ඇති ලියනගේ අමරකීර්ති ඇමරිකාවේ විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ හා කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ මෙම විෂයය සම්බන්ධයෙන් අධ්‍යාපනය හා පුහුණුව ලබා තිබේ. මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා විෂය ක්ෂේත්‍රයෙහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණක් නොව ආචාර්යවරුන්ටද මේ පොත බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.

ලිලැක් | Lilak

රු600.00
or 3 X රු200.00 with

 

38.

බ්ලෂ් පිනක් පාටට ප්‍රිව්රෝස් පිපෙන බිම්වල කැලැ අයිරිෂ්වල පැහැය දුටුවේ කව්ද

රන් පැහැ මීවිත බඳුන්වල ස්කොච් පිරෙන සැදෑවල වැහි දවස්වල බිව් කෝපි ගැන දෙඩුවේ කවුරුද?

55.

මං ප්‍රේමයේ මග වෙනස් කළා උඹ මැරියන් ! ඇල්කොහොල්වලම දියවෙලා

10.

ඇතැම් ගැහැනුන් බෙල්ජියම් චොකලට් මෙති විහා දියවෙන සුළු වූවත් ඉතා ආදරණීය ය ඇතැම් පිරිමින් බ්ලැක් වෙල්වට් විස්කි මෙනි මඳක් සැර වුවත් රොමැන්තික ලෙස උණුසුම්ය

22.

පෙම්වත මම “ඈ” හෙවත් “අයෙෂා” ප්‍රේමයෙහි නොනැසෙන රැජිනයි. ඔබ ගෙලෙහි දම් පැහැයෙන් තැබුවේ අත් පත් කර ගැනීමේ අනුරා ලකුණයි

ලිලැක් හුදු ප්‍රබන්ධයක් නොවේ. ඉන් සියයට අනූවක්, විටෙක වීනස්මය විටෙක මෙඩුසාමය මගේම හදවතයි. එහි හැඟීම්, බැඳීම්, යක්ෂ සිනහවන් සහ නිහඬ වේදනායි. ලිලැක් මගේ දෙවන දරුවායි. ඒ මෙතෙක් මා ලද මිහිරිතම වසන්තය හා ප්‍රීතිමත්ම උපදින ත්‍යාගයයි. ලිලැක් මා ලද හා නොලද ප්‍රේමයයි. සදාකාලික යැයි කිසිවක් මෙලොව නැති මුත් ලිලැක් මගේ සදාකාලික ප්‍රේමයයි.

ලී ක්වාන් යූ | Lee Kuan Yew

රු765.00
or 3 X රු255.00 with

ක්වාන් යු ගේ අන්තර් දෘෂ්ටිය ප්හසුවෙන් අවබෝධ කර ගැනීමට හැකි වන පරිදි අපි ඒවා ඉදිරිපත් කළෙමු. සෑම පිටුවක ම ඇති සෑම වචනයක් ම කියවීමට අගනා වටිනා කමකින් යුත් අදහස් බැව් මේ පොත කියවන පාඨකයාට අවබෝධ කර ගත හැකිය. මෙය කඩිනමින් කියවා අහවර කිරීමට අදහස් කරන පාඨකයෙකු වෙත් නම් ඔහු මුලින් අපේක්ෂා කළාට වඩා වැඩි කාලයක් මේ පොත කියවීම සඳහා මිඩංගු කරන බව අපට සැකයක් නො මැත. ලී ක්වාන් යූ මෙහි ලා හෙළි කර තිබෙන මත හා ප්‍රකාශ පිළිබඳ ව නැවතී යළිත් සිතන්නට ඔහුගේ වචන විසින් පාඨකයා පොළඹවනු ලබන නිසාය. විස්මය දනවන, මනස කලඹන එම වදන් මගින් අනිවාර්යයෙන් ම පාඨකයාගේ බුද්ධිය පුබුදු වන බවද සැබෑවක් වන නිසා ය.

ලී ක්වාන් යු ට සවන් දීමට හා වෙළුම් ගණනාවකින් යුත් ඔහුගේ ලිපි ලේඛන, සම්මුඛ සාකච්ඡා සහ දේශනා කියවීමට හා ශ්‍රවණය කිරීමට ලැබුණු අවස්ථාව බෙහෙවින් ම පරිපූර්ණ නා ඵලදායක විය. එහි ගැඹුර හා රසය විඳ ගැනීමට පාඨක සහෘදයින්ට අවස්ථාව ලබා දීමට අප සමත් වී ඇත්තම්, අපගේ මහන්සිය සහ ප්‍රයත්නය අතිශයින් සාර්ථක බව අපේ විශ්වාසයයි.

ලූනා | Luna

රු1,440.00
or 3 X රු480.00 with

“අපි එහෙමිමම සාලෙ බිම, අළුපාට කාපට් එක උඩ හාන්සි වෙලා, තව සනීපෙට කිස් කරන්න ගන්නා. මං පළවෙනි වතාවට ඇමරිකානු මහ පොළොව මත වැතිරුනේ එහෙමයි. දුශ් අහසක් වගේ මගේ උඩින් හිටියා.”

අවසාන නොකරන දිග හුස්ම එක්ක ඒ රහස් කෙඳිරිය මට ඉන්න බැරි කරනවා.”
එයාව තව තවත් සතුටු කරන්න මට ඕන. ස්වර්ගයේ වළාකුල්වල එයා ගෑවෙන තරමට අහස්ගත කරන්න මට ඕන. එයාගෙ ජීවිතේ හොඳත් නරකත් දෙකේදිම උමතු උපරිමය වෙන්න මට ඕන.”

” වයිල්ඩ් බෙරිවල පැණි ටීශර්ට් එකේ හැලිලා. ලාවට දම් පාට තීන්ත පෙගිලා වෙලා වගේ ඩොට් ඩොට් හැමතැනම. මම දුශ්ට ෆොටෝ එකක් අරන් යැව්වා.

‘ ඉක්මනට එන්න මගෙ බෙරි ගෙඩිය. මට ඔයාව ලෙවකන්න ඕනි’ දුශ් දිව දාපු ඉමෝජියකුත් එව්වා.”

‘ ගෑනියෙක් සතුටු වෙන්නෙ ආදරේ කරන පිරිමියාගෙ ඇස්වල දිලිසෙන සතුටෙන්. ඒ සතුට වෙනුවෙන් කරන්න තියෙන අමාරුම වැඩේ තමයි ගැහැණියකට වැඩි පුරම සතුට අරන් එන්නෙ. එක විදිහකට පිරිමියාගෙ සතුට වෙනුවෙන් දුක විඳින එකම තමයි ගැහැණියගේ සතුට “

ලොක්කි / Lokki

රු1,260.00
or 3 X රු420.00 with

“අනේ ඇත්තට! උඹ කොයිතරං නම් අපූරු අක්කා කෙනෙක් ද ලොක්කියෝ. දැක මාසයක් කුසේ හොවාගෙන හිටපු අම්මටන් නැති ලීලයක් නොවැ උඹ මේ අහිංසක කොලු නැටියාට තියෙන්නේ. සුදා ගින්දර ඇවිලුණා ම, නිදිමත වුණා ම ගිරිය කඩාගෙන කෑ ගනගන අඬන මේ නොදරුවා නලවන්න පුළුවන් කාස්තරේ පිහිටලා නියෙන්නේ උඹට විතරයි නොවැ. අම්මා දාලා ගියත් උඹ වගේ අක්කා කෙනෙක් ලබන්න තරම් මේ කොලු පැටියා 。කරලා නියෙනවා. සමහරවිට මේ සංකාර ගමනේ කවරදාක නරි උඹ මේ කොලු නැටියා උඹේ තුඩින් ම බිහිකරනු මව් වෙලා ඉන්ටැති ලොක්කියේ. උඹයි මේ කොලු පැටියයි ඉදිකට්ටයි, නූල් බෝලෙයි වගේ ආත්මයක් ආත්මයක් ගානේ ළඟින් ඉන්ටැති. මේ නාකි අපි වල නල්ලට ගිය දාට මේ කොලු නැටියයි, කෙල්ලෝ දෙන්නවයි උඹ උඹේ නේත්තරා දෙක වගේ පරිස්සමට බලා කියා ගන්නවා කියලා මං දන්නවා රන්තර ……..

වක්තෘවරයාණෝ | The Prophet

රු675.00
or 3 X රු225.00 with

පිවිතයේ විවිධ අවස්ථාවන් පිළිබඳව, අප නොසිතන ආකාරයේ තාර්කික අර්ථකථනයන් සැපයූ, ඛලීල් ජිබ්රාන්ගේ “The Prophet’ කෘතියේ ගලායන දාර්ශනික විවරණයන් සිංහල පාඨක සිත් වලට සමීප කරවීම, ආචාර්ය ශාන්ති කුමාර් හෙට්ටිආරච්චි විද්වතාණන්ගේ අරමුණ බව පැහැදිලිය

දේව ධර්ම ශාස්ත්‍රය, සමයාන්තර අධ්‍යයනය පිළිබඳව ශාස්ත්‍රපති හා දර්ශනසූරි උපාධිය ද ලත් පරිවර්තකයා සමාජයීය ප්‍රශ්න සහ භූදේශපාලන ප්‍රවාහයන් හා ගැටලූ පිළිබඳ දීර්ඝ කාලීන අත්දැකීම් ඇත්තෙකි. ගෝලීය, ප්‍රාදේශීය හා දේශීය වපසරයන් හා බද්ධ වූ කාලීන ප්‍රස්තූතයන් සාකච්ඡා කිරීමෙන්, අදහස් හුවමාරුවක් හරහා ඔහු ලැබූ පහරය අති සුවිශේෂය. මේ කරුණු නිසාම දෝ ඔහු පකිස්තානයේ ලාහෝර් හි පිහිටි මින්හාජ් සරසවියේ ලෝකාගම් පිළිබඳ මහාචාර්ය පදවි ලබමින් විවිධ සමාජ කටයුතුවල නිරතුරුව නිරත වන්නෙකි. ඔහු දෙස් – විදෙස් රටවල සම්මන්ත්‍රණ හා වැඩමුළු වලට සම්බන්ධ වීමෙන් ලැබූ ශාස්ත්‍රීය හා විෂය බද්ධ සම්බන්ධතාවන් ද මෙවන් කෘතියක් පර්වර්තනයට යොමු කළා විය හැකිය.

මිනිස් සිතුවිලි, දත්ත – තොරතුරු සහ පෙනෙන දේටත් වඩා ඔබ්බට ගිය චින්තනයක් හා විනිවිද යන යථාර්ථයක් කිවිඳු බල් පිබ්රාන්ගේ පැහැදිලි කිරීම් තුළ දකින හෙට්ටිආරච්චියන්, ශ්‍රී ලාංකික පාඨකයන් තුළ ද එම විඳීම – හැඟීම ජනනය කරවීමට දැරූ උත්සහයක් සේ ‘වක්තෘවරයාණෝ’ හැඳින්විය හැකිය නූතන පරපුරට තම් මග – දැක්ම හා විචක්ෂණය ගුරු කිරීමට මෙම කෘතිය අත්වැලක් වේවා. ‘The Prophet’ පරිවර්තනය අප සාහිත්‍යය රසඥතාව ප්‍රගුණ කිරීමට ද රුකුලක් වේවා.

බර්නි දසනායක සම්මානිත ලේඛිකා අම්පිටිය, මහනුවර

වන ගුල්මයෙන් පලා පැහැයත් සරදාකාසයෙන් දිලිසුමත් | Wana gulmayen Pala pahayath

රු405.00
or 3 X රු135.00 with

ආදරේ කියන්නෙ
පුංචි ඉත්තෑවෙකුට

බීට් අලයක් හප හප

ස්ට්‍රොබෙර් රසයි කියනවට,
විකාර මල් කොළ එලාගෙන
කටු පිට පටලවනවට
එයා ඉඹින්නෙම සිනිඳුවට
මතුපිටින් රළුවට පෙනුණට

ආදරේ කියන්නෙ ඔයාට
තේරුණාද ඉත්තෑවට

චතුරි දමයන්ති
රොෂෙල් ෆර්නැන්ඩු

වනපෙතක සැඟවුණු අන්දරය | Wanapethaka sagawunu andaraya

රු1,190.00
or 3 X රු396.67 with

‘පීටර් වොල්ලේබන්, ජීව විද්‍යාඥයන් බොහෝ කලක සිට දැන සිටි ‘ තුරුලතාවන් ද සමාජශීලී ජිවින්’ යන කරුණ විචිත්‍රවත් ලෙසින් මතු කරමින් පාඨකයාව මනරම් ලොවකට කැඳවාලයි.

-New York Times

තුරුලතාවෝ අප මෙන්ම හුස්ම ගනිති. එකිනෙකා සමග සන්නිවේදනය කරති. හැඟීම් ප්‍රකාශ කරති. වැඩිමහල්ලන්, ළමා ළපටින් හා රෝගීන් රැකබලා ගනිති. එයමෙන්ම සීමාකාරී සම්පත් උදෙසා සටන් වදිති. විෂ නිපදවති. සමීපතමයන් සමඟින් සමගි සන්ධානයෙන් ගොඩනගා ගනිති. මේ සියල්ල හිතලුවක් හෝ විද්‍යා ප්‍රබන්ධයක කොටසක් නොවන්නේ ය. විද්‍යාත්මක පර්යේෂණයෙන් හා දිගුකාලීන නිරීක්ෂණයන්ගෙන් සනාථ වූ මේ දේවල් සත්‍යයදැයි දැනගනු රිසි නම් ඔබ පිටර් වොල්ලේබන් හට සවන්දිය යුතු ය. වර්තාපතක සැඟවුණු අන්දරය කියවිය යුතු ය.

වසඟ | Wasanga

රු1,080.00
or 3 X රු360.00 with

රාත්‍රිය පිනිබර විය. ගහ කොළ, රෑ බෝ වී

නැගෙනහිරින් පෑයූ සඳ එළියේ

ගොළු අවතාර පරිද්දෙන්

පිදුරු මඩුව වට කොට එස වී තිබිණි.

හෝහපුටු වදය තිබුණ ද

නැදුන්ගේ බර නින්ද නොබිඳිණි…

 

ඉරිමා උදේ යාන්තමින් දුඹුරුවන් ආලෝකය

අඳුර තුනී කරන්නට පටන් ගනිත් ම

නැදුන් අවදි වූයේ ය.

කොබෙයියකුගේ ස්වරයට අනතුරුව

කුකුළන් එකා දෙන්නා හඬලනු ඇසිණි.

 

දෑස් විවර කරත් ම

සුදු පිරුවටයක් පරිද්දෙන් හාත්පස

මීදුම ගලා ඇති අයුරු ඔහු දුටුවේ ය.

වකගැසී ගත් ගමන් පොඩ්ඩී සිටියේ නිදමිනි.

සීත ද, කයෙහි පිබිදුණු ස්වභාවය ද

ඔහු ඈ උණුසුම් සිරුර වෙත ළං කෙරිණි.

වසරේ CEO | Wasare CEO

රු1,275.00
or 3 X රු425.00 with

“ලොකු වැටුපක් ගන්නම නෙමෙයි. හොඳ තනතුරක් ගන්නම නෙමෙයි. හොඳ පුටුවක ඉඳ ගන්නමත් නෙමෙයි. ඔබ දවසක, මේ වෘත්තීය යුද්ධය දිනලා තමන්ව වගේම තව බොහෝ ජීවිත ගොඩදාපු ‘වසරේ විධායකයෙක්’ විය යුත්තේ “මම ඒකට සුදුසුයි” කියලා ඔබේ ඇතුළෙන් ඇහෙන හඬට සාධාරණයක් කරන්න. මේ ජීවන අරගලය ඇතුළේ නිකන්ම නිකන් ආයතනික සේවකයෙක් නොවී ඔබ CEO කෙනෙක්ම විය යුතුව ඇත්තේ ඔබ ගත්තු බය හිතෙන තීරණවලට, ඇද වැටුණු දවස්වලට ඉහළම මිලක් සහිත වටිනාකමක් දෙන්න.

ඉතින් ඔබ විධායක ඉණිමග නැගලා අනාගත CEO කෙනෙක් වෙන්න හිතුවත්, බිස්නස් එකක් කරලා CEO කෙනෙක් වෙන්න හිතුවත්, මේ කෘතිය තියෙන්නේ ඔබට බොස් කෙනෙක් වෙන්න යන ඒ ගමන යන්න අවශ්‍ය උපාය මාර්ග ඉගෙන ගන්න.ඒ ගමනට Road Map එක ඇඳගන්න.ඒ ගමන යන්න ඔබව සන්නද්ධ කරගන්න”

වහන්කඩ / wahankada

රු990.00
or 3 X රු330.00 with

වහලෙකුගේ ඉරණම / Wahalekuge Iranama

රු1,080.00
or 3 X රු360.00 with

වහලකුගේ ඉරණම” නමැති මේ අනුවේදනීය සත්‍ය කථාන්තරය ඇමෙරිකා එක්සත් ජනපදයෙහි නිදහස් පුරවැසියකු වූ සොලමන් නෝතප් නම් කළු ජාතික තරුණයකු පිළිබඳව වේ.
වර්ෂ 1841 දී ඔහු රවටා පැහැරගෙන ගොස් වහල්කමට විකුණන ලදුව. පුරා අවුරුදු 12 ක් ඇදහිය නොහැකි තරම් දරුණු කෲර අමානුෂික වධ හිංසා විඳ, විස්මයජනක ලෙස හමු වූ සත්පුරුෂයකුගේ පිහිටෙන් ආපසු නිදහස ලබාගනියි.
17 වන සියවසේ සිට අප්‍රිකාව ආක්‍රමණය කළ ප්‍රචණ්ඩ දුර්දාන්තකෲර යුරෝපීයයන් විසින් නිරායුධ අප්‍රිකානුවෝ සම කළු වීම සහ අහිංසක බව නිසාම වහල්කමට ගන්නා ලදහ. මේ ඉතාම අසාධාරණ කෲර අධම වහල්කම පිළිබඳ සැබෑම අව්‍යාජ බිහිසුණු තත්ත්වය හෙළි කරන මෙම කෘතිය ඇසුරින් 2013 දී චිත්‍රපටියක් නිෂ්පාදනය කරන ලදී. ජාත්‍යන්තර සම්මාන රාශියක් දිනාගත් එයද මේ පොත මෙන්ම අතිශයින් ජනප්‍රිය විය.