Showing 1057–1080 of 1419 results

Shop

විජේවීරගේ නික්මයාම / wijeweerage nikmayama

රු675.00
or 3 X රු225.00 with

ලෝකයට ශ්‍රේෂ්ඨයන් හා දුෂ්ටයන් බිහිකරන්නේ  තත්කාලීන පසුබිමේ  බලපෑම තුළින් වන්නාසේම රෝහණ විජේවීර නම් විප්ලවවාදියා නොහොත් කැරලිකරුවා ද බිහි වූයේ එම යුගයේ සමාජ පරිසරය තුළිනි.

71කැරැල්ල යනු තරුණ පිරිස් සංවිධානගතව පැවති පාලන ක්‍රමයට එරෙහිව මතු වූ ප්‍රථම විරෝධතාවයයි.

පවතින අයහපත් ක්‍රමය වෙනස් කිරීමට හා පොදු ජනතාවට වඩාත් හොඳින් ජීවත් වීමේ ක්‍රමයක් සාදා දීම සඳහා ලොව විවිධ රටවල නිර්මාපකයින්, විප්ලවවාදී සටන්කරුවන් බිහි වී ඇති අන්දම ඉතිහාසය හැදෑරීමේදී අප වටහා ගෙන ඇත. රෝහණ විජේවීර ද ලෙස මේ රටේ සමාජය තුළ පහළ වූ තැනැත්තකු ලෙස සැලකීම වැරදි නැත.

විරාගීත | Wirageetha

රු637.50
or 3 X රු212.50 with

අපිට සමාජයට බයේ ජීවත් වෙන්න අමාරුයි. අපි කරන්න ඕන හැමෝම හැම වෙලේම බලාපොරොත්තු වෙන දේ නෙමෙයි. අපි ඒ වෙලාවට කරන්න ඕනි දේ…එහෙම හිතලා වැඩ කරනවා නම්, සමහරවිට අපිට වරදින්න පුළුවන් තමයි. ඒත් ඒ සමාජය ඉදිරියේදී විතරයි…ලෝකය ඉස්සරහ විතරයි. අපේ හෘද සාක්ෂිය ඉස්සරහා අපි වැරදි නෑ.

අපිට අන්තිමට වටින්නේ අපේ හදවත කියන දේ විතරයි විනෝද්…සමාජය, ලෝකය වෙනස් වෙනවා. හදවත් වෙනස් වෙන්නේ නෑ. අපි හරි බව අපි දන්නවා නම් ඒ ඇති ඇත්තටම. ලෝකයම පස්සේ කාලෙක ඒ ගැන දැනගනියි; අපිව තේරුම් ගනියි. ලෝකය ඒ වෙනුවෙන් කොච්චර පරක්කු වුනත්, අපිට දුක් වෙන්න දෙයක් නෑ. ඒක අපේ පරක්කුවක් නො වෙන නිසා. ලෝකය, සමාජය දුක් වෙයි; අපිව තේරුම් ගන්න මේ තරම් කල් ගියා නේද කියලා.

විවාහ නීති අත්පොත | Vivaha Nithi Athpotha

රු170.00
or 3 X රු56.67 with

විවාහය , දික්කසාදය ,නඩත්තුව, ගෘහස්ථ හිංසනය, දරුකමට හදා වඩා ගැනීම සම්බන්ධ නවතම නීති රීති ඇතුළත් කර ඇත.

මෙය පොදු ජනතාවගේ විවාහ නීති අත්පොතයි. මේ කෘතිය වරක් හෝ දෙවරක් සම්පූර්ණයෙන් කියවා ඔබ වෙත සුරැකිව තබා ගන්න. කෙදිනක හෝ මේ කෘතිය ඔබ වෙත වැදගත් වනු ඇත.

විශිෂ්ට පියවර | Wishishta Piyawara

රු510.00
or 3 X රු170.00 with

හැකියාව සහ දක්ෂතාවය ජීවිතය අරුත් කරන සුවිශේෂ නිසැඟියාවක් එහෙමත් නැත්නම් ටැලන්ට් එකක් බවට පත් කර ගැනීමට ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රිඩකයන්, නළු නිළියන්, ව්‍යවසායකයන් ඇතුළු විශිෂ්ට චරිත භාවිතා කළ පුහුණු ක්‍රමවේද සරලව සහ සාරාංශව අන්තර්ගත කෘතියකි.

ප්‍රධාන සංකල්ප කිහිපයක්.

 

හැකියාව ලාබ භාණ්ඩයක්

එපා වෙන්න කලින් නවත්වන්න

කියවන්න එපා. ප්‍රතිඵලය පෙන්වන්න

මෘදු වතුර ගලා යන්නේ රළු ගල් මතින්

කුමාරයෙක් නොවී ග්ලැඩියේටර් කෙනෙක් වෙන්න

විශ්ව ආකර්ෂනණ නීතීය / Key to living the law of attraction

රු1,080.00
or 3 X රු360.00 with

එක් පුද්ගලයෙකුට මුදල් ඉතිරි කිරීමට අවශ්‍ය විය. ඔහු ජීවත් වන්නේ මුදල් ණයට ගැනීමෙනි. ඩොලරයක් ණයට ගෙන. ඉතිරි කිරීමේ ගිණුමකට බැර කරන මෙන් මම ඔහුට උපදෙස් දුනිමි. මුදල් වල වැදගත්කම ඔහුට වැටහුනේ එසේ කළ දිනයේය.

විසල් නුවරක ආදරය | Visal Nuwaraka Aadaraya

රු1,305.00
or 3 X රු435.00 with

පාන්දර හතරයි විස්සයි. මට ගෙදර නැතිව වෙන කොහේ හරි යන්න උවමනා වුණා. හදිසියේම සියොල් නගරය මෙච්චර ලස්සන වුණේ ඇයි? කලින් කිසිම විශේෂයක් නොතිබුණ දේවල් දැන් පුදුම සහ විශේෂ දේවල් විදියට මට පේන්න අරං.
මොකක්ද දැන් ඔයාගෙ හීනේ?
මගේ හීනේ…සල්ලි ගොඩක් හම්බ කරන එක. තව… උදේ ඉර පායන වෙලාවට ඔයා එක්ක මෙහෙම ඇවිදින එක.
ඒත් ඇත්තටම ආදරේ ලස්සනද? මට නම්, ආදරේ කියන්නේ වතාවක් ආදරේ කරන්න ගන්නට පස්සෙ නවත්තගන්න බැරි දෙයක්. ඔයාට ඒකෙන් ගැලවෙන්න පුළුවන් කෙටි මොහොතක් එන්නේ ඒක හිතාගන්න බැරි තරම් භයානක දෙයක් වුණාට පස්සෙයි.

විස්මිත දොස්තර | Wismitha Dhosthara

රු900.00
or 3 X රු300.00 with

බලාපොරොත්තුවක් නොමැති සිතකට බලාපොරොත්තුවක් රැගෙන එමින් ස්නායු ශල්‍යකර්මයන් තුළ අපූරු හැකියාවන් පාන්නකු ලෙස වෛද්‍ය බෙන් කාර්සන් ලොව පුරා ප්‍රකටව සිටී. නගරයක දිළින්දකු ලෙස හැදී වැඩුණු ළමා කාලයේ සිට වයස අවුරුදු තිස් තුනේ දී ජෝන්ස් හොප්කින්ස් වෛයතනයට අයත් ළමා ස්නායූ රෝග අංශයේ අධ්‍යක්ෂවරයා දක්වා පැමිණි අපූරු චාරිකාව, ‘විස්මිත දොස්තර’ තුළින් ඔබ හමුවේ තබයි. අනේක වූ ජීවිත ගණනාවක් මරණයෙන් ගලවා ගත් ශල්‍යාගාරයට ඔබ කැඳවාගෙන යන ඔහු, නොහැකි යැයි සිතෙන යමක් ජයගන්නට වෙර දරන ඕනෑම අයෙකුට පූර්වාදර්ශී චරිතයකි.

“ඔයාලා දෙන්න පුස්තකාලයට ගිහින් පොත් කියවන්න ඕන. හැම සතියකටම අඩුම ගාණේ පොත් දෙකක්වත් කියවන්න ඕන. හැම සතියක් අවසානයේම ඔයාලා කියවපු පොත් ගැන වාර්තාවක් මට දෙන්න ඕන.”

“ඔයාට කියවන්න පුළුවන් නම්, ඔයාට අවශ්‍ය ඕනෑම දෙයක් ඉගෙන ගන්න පුළුවන්. කියවන්න පුළුවන් මිනිස්සුන්ට මේ ලෝකේ දොරවල් ඇරිලා තියෙන්නේ. මගේ කොල්ලෝ දෙන්නා ජීවිතේ සාර්ථක කරගන්නයි යන්නේ. මොකද එයාලා ඉස්කෝලේ ඉන්න හොඳම පොත් කියවන දෙන්නා වෙන්නයි යන්නේ.“

මුල් කාලේ, මම පුස්තකාලෙට ගිහින් සතුන් සහ සොබාදහම සම්බන්ධ අනෙකුත් මාතෘකා පිළිබඳ ලියවුණු පොත් සෙව්වා. පහේ පන්තියේ විද්‍යාත්මක සොබාදහම සම්බන්ධව දීප්තිමත්ම ශිෂ්‍යයා වුණේ මම.

නොසෑහෙන්න පොත් කියවපු මගේ භාෂාව අවබෝධ කරගැනීමේ හැකියාව සමග වාග් කෝෂයත් ඉබේම වැඩිදියුණු වුණා. ගණිත ගැටලු විසඳීමේ දී වැඩි දවසක් ගතවෙන්න කලින් මම ගණිතයට දක්ෂතම ශිෂ්‍යයා බවට පත් වුණා.

වී.අයි.ලෙනින් – අමරණීය මිනිසෙකුගේ අසිරිමත් ජීවිත කතාව | V.I.Lenin

රු801.00
or 3 X රු267.00 with

මානව සංහතියේ යහ පැවැත්ම උදෙසා ලොව ගමන් මඟ වෙනස් කළ මිනිසුන් පහළ වන්නේ කලාතුරකිනි. න්‍යාය පුස්තකයනට සීමාව තිබූ කොමියුනිස්ට් ධර්මය, සමාජවාදය භාවිතාවක් බවටත් එහි විපුල පලත් ලොවට පසක් කළ පෙරටුගාමියා ලෙස වී. අයි. ලෙනින් ඉතිහාසයට එක් වී හමාර ය. එහෙයින් ලෙනින් අමරණීය චරිතයක් වෙයි. අමරණීය මිනිසුන්ගේ ජීවන ප්‍රවෘත්තිය ද අසිරිමත් එකකි. පුද්ගල ස්වාර්ථය මුළුමණින් ම බැහැර කොට හුදු මානව සමාජීය පීඩිතයින්ගේ අවශ්‍යයතාවය වෙනුවෙන් පමණක් ජීවත් වූ උදාර මිනිසෙකි ව්ලැඩ්මීර් අයිලිච් ලෙනින්. ඔහු ශ්‍රේෂ්ඨ ලෙනින් වන්නේ ද එහෙයිනි.

වීනස් | Veenus

රු1,170.00
or 3 X රු390.00 with

“මම උඹත් එක්ක විවාහ වෙනවා කෙල්ලේ. දවසක අපි අපිව පිළිගන්න දෙවි කෙනෙක් ළඟට ගිහින් සුදු පාට මගුල් ගවුමක් ඇඳලා විවාහ වෙමු. ඊට පස්සේ මේ වගේ ලස්සන පළාතක පුංචි ගෙයක් හදාගෙන ජීවත් වෙමු”

මම සිප ගනිද්දී එයා එක දිගටම කියවන්න ගත්තා. හරියට ඒ සේරම එයා ගොඩක් කාලෙක ඉඳන් හිතාගෙන හිටියා වගේ.

“ඊට පස්සේ”

මම ඇහැව්වා.

“ඊට පස්සේ, අපි දරුවෙක්ව හදාගන්න ගමු”

“මම කළුයි, ඔයා සුදුයි, ඉතින් මොනවගේ දරුවෙක්වද අපි හදාගන්න ගන්නේ?”

“ඔයාගේ පාට… මම කැමතියි උඹේ පාටට, මගේ සමන්තාගේ පාටට”

වීර චූඩාමණි | Weera Chuudamani

රු1,445.00
or 3 X රු481.67 with

මා මුලින් ම ගාමිණී ජයසේකරයන් හඳුනාගත්තේ 1978 අගෝස්තු මස දිනයකදීය. ඒ, මාගේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දෙවැනි පත්වීම වූ මාතර දිස්ත්‍රික්කයේ, හක්මණ ප්‍රාදේශීය උප දිසාපති ලෙස රාජකාරි භාර ගැනීමට මාගේ උපන් ගම වූ මාතරට පැමිණි වකවානුවේදීය. ආරම්භයේ දී ම නවක උප දිසාපතිවරයෙකු ලෙස මාතර දිසාපති කාර්යාලයේ තිබූ රැස්වීමකට සහභාගී වූ අවස්ථාවක එවකට කඹුරුපිටිය ප්‍රාදේශීය උප දිසාපති ලෙස කටයුතු කළ ගාමිණී ජයසේකරයන් මගෙන් විමසුයේ ඔහේ රාහුලෙන් ගියේ මොන කාලයේද? * කියාය. එතැන් පටන් ගාමිණ මගේ ඉතා කුලුපග මිතුරෙකු විය. මා හක්මණ සේවා ස්ථානයෙන් බැහැරව සිටි සෑම අවස්ථාවකදීම වැඩබලන හක්මණ ප්‍රාදේශීය උප දිසාපති වූයේ ද ගාමිණීය. ඒ සියල්ලටම වඩා ප්‍රාදේශීය පරිපාලනයේ නවකයෙකු වූ මත ගාමිණී ඉතා ළෙන්ගතු, දයාබර ගුරුවරයෙකු ද විය. කිසිම නීති පොතක, කාර්ය සංග්‍රහයක, අත් පොතක හෝ චක්‍ර ලේඛයක නොවූ දෑ අත්දැකීමෙන් දැන උගත්, සෑම අතින්ම ජ්‍යෙෂ්ඨයකු වූ ගාමිණි මට මඟ පෙන්වූයේ වැඩි මහල් සහෝදරයෙකු නම් බාල සහෝදරයාට මඟ පෙන්වන්නෙකු සේ යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.

‘වීර චූඩාමණි ‘ යනු ජනාධිපති සම්මානය ලැබූ එකම රාජ්‍ය නිලධාරියා වන මා හිත මිත්‍ර ගාමිණී ගැන ලියැවුණු ‘වීර චූඩාමණි චරිතාපදනය’, මෙවැනි පතපොත කියවීමට රුචියක් දක්වන, එමෙන්ම සෑම රාජ්‍ය නිලධාරියෙකු ම නිස්කලංකව කිය විය යුතු අගනා රාජ්‍ය පරිපාලන ග්‍රන්ථයකි. මෙය රාජ්‍ය නිලධාරියෙකු මහජනතාවට සේවය කිරීමේ දී ලබන අත්දැකීම්, ගැටලු වලට මුහුණ දෙන ප්‍රායෝගික ආකාරය අපට හොඳින් උගන්වන අත් පොතකි.

වීසාචකයෝ | Visachakayo

රු877.50
or 3 X රු292.50 with

වීසාචකයෝ සම්පූර්ණ සත්‍ය කතාවක ඇදහිය නොහැකි සිද්ධි ප්‍රබන්ධමය උපක්‍රම මඟින් සාර්ථක ලෙස ජය ගැනීමකි. මෙය 60 දශකයේ සිට වර්තමානය දක්වා ආර්ථික සුභ සිද්ධිය සොයාගෙන යන ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත වල හරස් කඩකි. ශ්‍රී ලංකාව මුහුණ දෙන බරපතළම ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලය විශාල මානව දයාවකින් හා මව් සෙනෙහසකින් විදහා පෑමකි.

වීසේකාරි | Visekari

රු1,350.00
or 3 X රු450.00 with

වෙරළබඩ නගරයේ කුඩා නිවහන | Weralabada nagaraye kuda niwahana

රු722.50
or 3 X රු240.83 with

Charlotte Years නමින් ඔබ අතට පත් වන්නේ ලොව පුරා අතිශයින් ජනාදරයට ලක් වූ Little House on the Prairie රූපවාහිනී නාට්‍ය මාලාවට පාදක වුණු Little House පොත් පෙළ ලියූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණියගේ කතාවයි. මෙය, කොටස් හතරකින් ලියැවුණු එම කතා මාලාවේ පළමු වැන්නයි.

19 වැනි සියවසේ මුල් භාගයේ, ලෝරාගේ අත්තම්මා වූ චාලට් ටකර් සහ ඇගේ පවුල වෙරළබඩ නගරයක් අසල පිහිටි කුඩා නිවහනක ජීවත් වෙමින් පිවිතයේ අභියෝග වලට මුහුණ දෙන අන්දමත්, ඔවුන්ගේ සංස්කෘතිය සහ සමාජ සම්බන්ධතා මෙන්ම ඉතිහාසයත් මේ කෘතියෙන් දිග හැරේ. චාම් නිවෙසක, ඔවුන් ගෙවන ඉතා ප්‍රීතිමත්, සුන්දර සැනසිලිදායක ජීවිතය පිළිබඳ කතාව යොවුන් මෙන් ම වැඩිහිටි පාඨකයන්ට ද එක සේ රස විඳිය හැකිය.

වේදනාව මත වැහි බිඳු | RAINDROPS ON THE PAIN

රු722.50
or 3 X රු240.83 with

හෘදයේ ගැඹුරුතම තැන් ඉඳුල් කෙරූ ඔබ ගැන වූ සියලු රෝමාන්තික මිථ්‍යාවන් තවමත් තදින් සිපගනිමි, ඉඳහිට මෙවුල්දම් බිඳිමි.

වොල්ගා සිට ගංගා තෙක් | Volga sita ganga thek

රු1,487.50
or 3 X රු495.83 with

මේ. ක්‍රි.පූ. 6000 දී පමණ වොල්ගා නදී ඉවුරෙන් පිටත් ව ගංගා නදී ඉවුර වෙත සංක්‍රමණය වූ ජනයාගේ ගමන 1942 දක්වා නිරීක්ෂණය කිරීමට ගත් නිර්මාණාත්මක උත්සාහයකි. එම වසර 8000 තුළ ඉන්දු-යුරෝපීය සංස්කෘතියේ සහ දේශපාලනයේ විකාසනය ගැන. පරම්පරා 360ක් ආවරණය වන ලෙසින් කතා 20කින් කියන්නට, සියවස් ගණනාවක් පුරා දිවෙන කතාන්දර ද, ඓතිහාසිකව දන්නා මෙන් ම නිර්මාණය කොටගත් චරිත ද කතුවරයා විසින් යොදා ගැනෙයි.

ව්‍යවච්චේදකය | Wyawachchedakaya

රු855.00
or 3 X රු285.00 with

Federico Adahasi ගේ The anatomist පොතේ සිංහල පරිවර්තනය යි. දහසය වැනි සියවසේ ඉතාලියේ විසූ වඩාත් සුප්රකට ශල්ය වෛද්ය මැතියෝ කලම්බු, මිථ්යා දෘෂ්ටිය නමැති චෝදනාව යටතේ දඟගෙට වැටෙයි. ඔහු කළ වරද වුණේ, ඔහු විසින් ගැහැනියගේ සිරුරේ නව මානයක් සොයා ගැනීමයි. එය ‘ක්ලිටෝසය’ හෙවත් ‘භගමණිය’ නම් විය.
ඉතිහාසය, ලිංගිකත්වය සහ ආගම සමග සරදම මෙහි නොමඳව මුසුව තිබේ.

ශාපලත් පැපිරසය | A Lost Papyrus

රු1,487.50
or 3 X රු495.83 with

ජීවිතයේ එක් වරක්වත් හැම කෙනෙකුට ම හමු වෙනවා හතරමං හන්දියක්… ඔබ, මිස්ටර් වයිල්ඩර්, දැන් ඔබට ඒ මොහොත උදා වි තිබෙනවා. ඔබේ පුද්ගලික තීරණය.

ඇබොට් පැකෝමාස්

“කරුණා කර මා මෝඩයකු කර සතුටු වීම නවත්වා, ඇත්තටම ඒ ලිපිය ලියූ අයගේ අනන්‍යතාවය මට පවසන්න.

මාර්ක් වයිල්ඩර්

නගින්න, මිස්ටර් වයිල්ඩර්. මා ඔබව රැගෙන යන්නම් ඔබ දිවියේ වටිනාම හමු වීමට. ඔබ අන්තිමේදී හොයාගන්න යනවා ඔබ කවුදැයි කියා.

ඇටායා

කාටර්ගේ පුත්‍රයාත් ඔහු වගේම හිතුවක්කාරයි. ඔබේ ආරක්ෂකයා, පැකෝමාස්. ඔබට අවවාද කළේ නැති ද ප්‍රවේශම් වන්නැයි කියා? ඔබ විනෝදයට සොයා යන්නෙක්. මමයි වෘත්තිකයා. මමයි ප්‍රොෆෙසර්”.

පිවිතයේ අබිරහස් අපෙන් ඉවත් වීම දිගටම සිදුවෙනවා. සෙවනැළි සෙලවෙනවා. ඒත් ඒ සහමුලින්ම නැතිවෙන්නේ නැහැ.”

හොවාඩ් කාටර්